-->

Saturday, October 26, 2013

හෙළවංශය හයවන වැඩසටහන

0

 
හෙළවංශය හයවන වැඩසටහන





දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ හයවන වැඩසටහන

"Helawanshaya" "හෙළවංශය"
ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....




Tuesday, October 22, 2013

හෙළවංශය පස්වන වැඩසටහන

0

හෙළවංශය පස්වන වැඩසටහන




දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ පස්වන වැඩසටහන

"Helawanshaya" "හෙළවංශය"
ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....





Monday, October 14, 2013

හෙළවංශය සිව්වන වැඩසටහන

0

හෙළවංශය සිව්වන වැඩසටහන



දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ සිව්වන වැඩසටහන

"Helawanshaya" "හෙළවංශය"
ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි...



 
 


Tuesday, October 8, 2013

රාවණා පරපුරේ මධ්‍යස්ථානයක් වූ ගිරුවා පත්තුව.

0

රාවණා පරපුරේ මධ්‍යස්ථානයක් වූ ගිරුවා පත්තුව


දක්ෂිණ ලංකාවේ සුප්‍රකට ප්‍රදේශයක් වූ ගිරුවා පත්තුවේ සමාජ තත්වය විමසා බලන විට පෙනී යන්නේ එම පෙදෙස රාවණා යුගයේ සිට පොදු ජන ආකර්ශණය ලැබූ සරු බිමක්ව පැවැති බවකි. රාවණ මහ රජතුමාගෙන් පසු හෙළ දිව අග රජු බවට පත් දෙවැනි රාවණා රජතුමා ගිරුවා පත්තුවේ දෙවොලකට ගොස් දෙවියන් පිදූ බවත්, දැන් එම ස්ථානය ගැටබරු දෙවොල ලෙස හඳුන්වන බවත් “රාවණ කතා“ පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වේ. ඒ අනුව විමසා බලන විට රුහුණේ ගැටබරු දේවාලය රාවණා යුගය දක්වා ඉපැරණි අතීතයක් ඇති පුද බිමක් ලෙස සැළකිය යුතුය. රුහුණු ප්‍රදේශයේ හෙළ යක් පරපුරට අයත්, පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන රැසකි. “රම්බා විහාරය“ ද මෙම පුරාවිද්‍යාත්මක අගයක් ඇති ස්ථාන අතර සුවිශේෂත්වයක් ගත් පුදබිමකි.

ලක් දිව යුධ කරදර පැවැති එක් සමයකදී ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කළ ස්ථානයක් ලෙස හඳුන්වනු ලබන රම්බා විහාරය රාවණ රජ සමයේ විසූ “රම් දෙව්දුව“ සිහිවීම පිණිස ගොඩනැන්වූ දෙවොලක් ලෙස රාවණ කතා ග්‍රන්ථයේ එක් තැනක සඳහන් වේ. මේ අනුව විමසා බලන විට මෙම ප්‍රදේශය යක්ෂ,දේව,නාග,ගන්දබ්බ ගෝත්‍රික ජනයා සහජීවනයෙන් ජීවත් වූ පින් බිමකි.

මෙම ප්‍රදේශයේ ගෝත්‍රික ආරවුල් කිසිවක් පිළිබඳ අප රටේ සම්භාව්‍ය වංශ කතා වල පැහැදිලිවම සටහනක් නොමැත.මෙම ඓතිහාසික රම්බා විහාරයට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිසි අවධානයක් ලැබී නැති බව කිව යුතුය. රාවණා කතා පුස්කොළ ග්‍රන්ථයට අනුව එදා ගිරුවා පත්තුව සුවිසල් පෙදෙසකි. ලක් දිව තිබෙන්නාවූ අනෙක් “පත්තු“ ප්‍රදේශ වලට වඩා ගිරුවා පත්තු ප්‍රදේශය විශාලය. මෙම පත්තුවේ කොඩියේ ලාංඡනය ලෙස එදා භාවිතා කර ඇත්තේ කොළ පැහැති ගිරවකුගේ රුවකි. එබැවින් මෙම පෙදෙස එදා හඳුන්වා ඇත්තේ “ගිරවා පත්තුව“ ලෙසය. හම්බන්තොට සිට බිංතැන්න දක්වා විහිදී තිබුණු මෙම භූමිය, අද කැඩී බිඳී වෙනස් වී ඇත.

ගිරවාපත්තුවට අදාල ගිරවා කොඩිය අද බිංතැන්නට හිමිව ඇති අතර හම්බන්තොට,මුල්කිරිගල ප්‍රදේශයේ වෙනත් ප්‍රාදේශීය ධජයක් භාවිතා වේ.


එදා රාවණා රජ දවසේ ගිරුවා පත්තුවට අයත් ප්‍රදේශ හම්බන්තොට, බිංතැන්න,මුල්ගිරිගල, තංගල්ල, කිරම, වීරකැටිය, බුද්ධියගම ආදී පෙදෙස් රැසක් වූ අතර බෙලිඅත්ත ප්‍රදේශයෙන් එක් කොටසක් ද වූ බැව් පුරාණ පුස්කොළ ග්‍රන්ථ අනුව පෙනී යන සත්‍යයකි. පාන බොක්ක ග්‍රාමය සහ මඩුවන්වෙල ග්‍රාමය ද එදා ගිරුවා පත්තුවට අයත් ව තිබුණි. මෙම ප්‍රදේශයේ ගල් කුළු රැසක් ඇති බැවින් එය ගිරුවා පත්තුව යනුවෙන් හැඳින් වූ බැව් ඇතැමෙක් කියති.

දකුණු පළාතේ ඉතා සුප්‍රසිද්ධ ග්‍රාමයක් වූ විතාරන්දෙණිය ද අයත් වන්නේ මෙම ඓතිහාසික ගිරුවා පත්තුවටමය. යුරෝපීය ජාතික සිවිල් නිලධාරියෙකු වූ ලෙනාඩ් වුල්ෆ් මහතා ද මෙම ප්‍රදේශයේ සේවය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස “බැද්දේ ගම“ කෘතිය ජාතියට තිළිණ කර ඇත. ගිරුවා පත්තුවේ මීගහ ජදුර ග්‍රාමය රාවණ පා පහස ලද ග්‍රාමයක් ලෙස ඔහු හඳුන්වා ඇති අතර එහි ජනතාව රාවණ රජතුමාට මහත් ආදරයක් මෙන් ම ගෞරවයක් ද දක්වන බැව් ලෙනාඩ් වුල්ෆ් සඳහන් කර ඇත.

අම්බලන්තොට සිට සැතපුම් හයක් පමණ දුරකින් පිහිටා ඇති කරඹගල ලෙන ඈත අතීතයේ දී හේට් නැමැති යක්ෂ ගෝත්‍රික ප්‍රභූවරයාගේ වාස භවනය වූ බැව් රාවණ කතාවේ සඳහන්ය. වීර කැටිය, වීර රකුසා ජීවත් වූ පෙදෙස බැව් ද එහි සඳහන් වේ. වීර රකුස් ප්‍රභූවරයාගේ මාළිගය පිහිටා තිබුනේ කොණ්ඩගල ය. චින්තාමණී මොහොට්ටි දොන් ක්‍රිස්ටීන් ද සිල්වා නැමැති ප්‍රභූවරයාගේ වලව්ව පිහිටා තිබුණේ, වීර රකුස් මාළිගය පැවැති භූමියේ යැයි මේ ලියුම් කරු සමඟ විජේසිංහ බෙලිගල්ල (1965 මාර්තු 10 දින ටයිම්ස් මන්දිරය, කොළඹ 10) මහතා පවසා ඇත.

ශ්‍රී නම්මුණි නැමැති යක්ෂ ගෝත්‍රික බ්‍රාහ්මණයා එදා පදිංචිව සිටියේ කටුවන ප්‍රදේශයේ ආශ්‍රමයකය. (පුරාණ පුස්කොළ පොත් අනුව) “රදනි ආර“ ග්‍රාමය ද පුරාණ යක්ෂ ගෝත්‍රික බ්‍රාහ්මණ ග්‍රාමයකි. ශ්‍රී වල්ලි මුණි සහ අසුර මුණි බ්‍රාහ්මණ ගුරුවරු එහි ජීවත් වූ බැව් කිව යුතුය.(ගුරු ශතකය. 32 පිටුව)

කන්ද උඩරට යක්ෂ ගෝත්‍රික ප්‍රභූ පවුල් සමඟ ආවාහ විවාහ සබඳතා ගොඩ නගා ගෙන දිවි ගෙවූ මෙම යක්ෂ ගෝත්‍රික හෙළයෝ භීම මණ්ඩලයේ හෙළයන් සමඟද පැවැත් වූහ.

සිතුල්පව්ව අද බෞද්ධ පූජනීය ස්ථානයකි.නමුත් එය රාවණා යුගයේ සූර්ය වන්දනාව කළ ස්ථානයකි. දක්ෂිණ ලංකාවේ යක්ෂ ගෝත්‍රික හෙළයන් වර්ශයකට වරක් සරත් සමයේ පුන් පෝ දිනක සිතුල් පව්වට ඒකරාශී වූ අතර, සූර්ය දෙවියන්ට පුද පූජා පවත්වා භාවනායෝගීව හැසිරෙණ බැව් රාවණා කතා ග්‍රන්ථයේ මා කියවා ඇත. සිතුල්පව්ව බෞද්ධ ආයතනයක් වූයේ දෙවැනී පෑතිස් යුගයේ සිටය. පුරාණ තලගුරු වෙහෙර රාවණ යුගයට අයත් අධ්‍යාපන මධ්‍යස්ථානයක් බැව් පුරාණ මූලාශ්‍ර අනුව කිව හැක. මෙම ස්ථාන සියල්ලක්ම වත්මන් ගිරුවා පත්තුවට අයත් නොවන නමුත් පුරාණ කාලයේ ගිරවාපත්තුවට අයත් ප්‍රදේශ වෙයි.

අද ගිරවා කොඩිය මෙම පෙදෙසින් ඈත් වී ඇති නමුත් එදා රුහුණේ විශාල පෙදෙසක් ගිරවා ප්‍රදේශයට අයත් වී තිබිණි. මාල ගිරවෙකුට එක් දිනයක් තුළ දී පියාසර කළ හැකි දුර ප්‍රමාණය ගිරවා ප්‍රදේශයට ඇතුලත් බැව් රාවණා කතා පුස්ථකයේ සඳහන් වේ.

ලක්දිව විවිධ පෙදෙස් පත්තු වශයෙන් කොටස් කිරීම ආරම්භ කරන ලද්දේ නුදුරු අතීතයේ සිටී සංහල රජවරු විසිනි. මෙම බෙදීම නිසා ගිරවා ප්‍රදේශයේ ඇතැම් කොටස් කැඩී ගිය අතර එය පත්තුවක් බවට පත් විය. පසු කලෙක එය ගිරවා පත්තුව නොව ගිරුවාය විය.එය ගල් කුළු සඳහා නොවූ නාමයක් වන අතර ගිරවා සඳහා යෙදූ නාමයක් බැව් රාවණා කතා ග්‍රන්ථය අනුව කිව යුතුය.

මෙම ගිරුවාය හෙළ යක්ෂ ගෝත්‍රික ප්‍රභූන්ගේ මධ්‍යස්ථානයක් බවත්, හෙළ දිව ආරක්ෂා කළ ජන නායකයින් ඈත අතීතයේ ද මෙම පුණය භූමියේ සිටි බවත්, ඈත අතීතය විමසා බලන විට පෙනී යන සත්‍යයකි.

ක්‍රිෂාන් වීරසිංහ.

(ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් පුවත්පතකට ලබා දුන් ලිපියක් අනුව සකස්කරන ලදි)



උපුටා ගැනීම - http://helasuraorg.blogspot.com/2013/07/blog-post.html

 

රාවණවත

0

රාවණවත



ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් රචිත රාවණවත - රාවණ පිළිබඳ බොහෝ කරුණු රාශියක් මෙම රාවණාවත නමැති මෙම කෘතිය මගින් හෙළිකරයි.ඓතිහාසික වැදගත් සංසිද්ධීන් අතර ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස රවණා ගේ පැමිණීම සදහන් කළ හැකිය.


 

‘සීතා’ සුව කරන්න රාවණා ඉන්දියාවෙන් ගෙන්වා ගත් ගරුඬගල

0


‘සීතා’ සුව කරන්න රාවණා ඉන්දියාවෙන් ගෙන්වා ගත් ගරුඬගල

රාවණා රජු පිළිබඳව විවිධ වූ කථා ඈත ගම්වල ජනතාව අතර තවමත් ඇත්තේ ය. මේ ඇතැම් පුරාවෘත්ත එම ගම්වල යම් යම් ස්ථාන හා බැඳී පවතී. මේ කියන්නට යන කතාව ද එසේම ය. මෙහි කොතරම් දුරට සත්‍යතාවක් ඇද්ද යන්න අපි නොදනිමු. එහෙත් මේ ස්ථානයේ ඇති අරුම පුදුම බවත්, සුන්දරත්වයත්, නිසාම මෙතැන ආරක්ෂා කරගත යුතුය යන්න පිළිබඳව වගකිවයුත්තන්ට කියන්නටත්, දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත සිත මේ කෙරෙහි යොමු කරවීමේ අරමුණ ඇතිව අපි මෙය ඔබට කියන්නෙමු.

මේ අතීත කතාවයි, ඒ කතාව අපට කීවේ පණ්ඩිතයාකුඹුර ගමේ ධර්මසේන,

“රාවණා රජ්ජුරුවෝ සීතා කුමරිය පැහැරගෙන ඇවිත් ලංකාවේ තැනින් තැන සඟවා තබාගෙන ඉඳලා තියෙනවා. රාවණා රජු සොරා ගෙන ආ සීතා කුමරිය සොයන්නට ලංකාවට ආවේ ‘හනුමාන්’ නම් වානර රජු. ඔහු දවසක් සීතා කුමරිය සොයමින් යන අතරේ රාවණා රජු ඔහු දුටුවා. ඒ වනවිට සීතා කුමරිය හිටියේ දියපහරක් අද්දර. රාවණා රජු කල්පනා කළා හනුමාන් සීතා දුටුවොත් ඔහුට ඇය දෙන්නට සිදුවන බව. ඒ නිසා ඔහු කපටි කමක් කරන්නට සිතා සීතා රෙදිකඩකින් වසා දැමුවා.

 


ඉන්පසුව රාවණා රජු හනුමාන්ට කිව්වලු සීතා කුමරියට බෝවන කුෂ්ට රෝගයක් තියෙනවා. ඒ රෝගය සුවකිරීමට නම් දඹදිව ඇති ගරුඬ පාෂාණයෙන් කෑල්ලක් ගෙනැල්ලා දෙන්න කියලා. හනුමාන් එසැනින් ම ඉන්දියාවට ගිහින් තිබෙනවා. නමුත් ඔහු ගරුඩ පාෂාණය ගෙනෙන විට සීතා හෝ රාවණා රජු එහි දකින්නට ඉඳලා නැහැ. හනුමාන් ගරුඬ පාෂාණය ඒ දියපහර අද්දරම දමලා ගිහින් තියෙනවා.

ඔය අතර රාවණා රජු ඊට ඈතින් පෙනෙන කඳු උඩ තිබෙන ගල්ලෙන් පංචයේ (ගල්ලෙන් පහක) සීතා කුමරිය සඟවා තබා තිබෙනවා. අදටත් මේ ගමේ අය අතර තිබෙන විශ්වාසයක් තමයි සුව නොවන කුෂ්ට රෝගයක් තිබුණොත් ඊට ප්‍රතිකාරයක් ලෙස ගරුඩ ගල් කෑල්ලක් දෙහි ඇඹුලෙන් උරච්චි කර ගෑවහම රෝගය සුවවෙනවා කියන එක.

මේ කතාව බොහෝ පැරැණිය. එහෙත් අතීතයේ සිට පැවත එන ගරුඩ පාෂාණය සහිත දියපාර නම් තවමත් නිරුපදුිතව අපට දැකගැනීමට හැකි ය.

කොහේද මේ ගරුඩ පාෂාණය හෙවත් ගරුඬගල තිබෙන්නේ? ඔබේ හිතට කුතුහලයක් ගෙනෙනු ඇත.

නුවරඑළියේ සිට රාගලට ගිය අපි රාගලින් මන්ත්‍රිතැන්න හරහා වැටී ඇති මාවතේ ගමන් කළෙමු. කැරට්, බීට්, අල, ගෝවා ආදී වගාබිම් මැදින් ද තේවතු, මැදින් ද යන ගමන බෙහෙවින් සොඳුරුය, මධ්‍යහනයේ වුව ද සීතලෙන් ආරක්ෂා වීමට උඩු කබා හැඳගනිමින් එළවළු පාත්තිවල යුහුසුළුව වැඩ කරන ගැහැනුන් පිරිමින් ගේ දසුන අපූරු ය. අපි රාගල සිට කිලෝමීටර් තුනක් පමණ ගියෙමු.

“මෙතැනින් එහා නම් යන්න බැහැ. පේනවනේ පාරේ හැටි”

අපට මඟ පෙන්වන්නට ගිය මන්ත්‍රීතැන්නේ මේනක ධර්මප්‍රිය හා ධර්මදාස මැසිවිලි නඟති.

එතැන් සිට කිලෝමීටර් එක හමාරක් පමණ අප ගියේ ත්‍රිරෝද රියකිනි.

“මේ ගමේ කෙනෙක්ට ලෙඩක්, හැදුණොත් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි රෝහලකට රැගෙන යන එක. පාර අබලන් නිසා යන්න අමාරුයි. ත්‍රිරෝද රථ වල යට ගල්වල වදිනවා. ඒත් අමාරු ලෙඩෙක් ගෙනියන කොට පුළුවන් තරම් ඉක්මනට රෝහලට යන්නයි බලන්නේ.”

අසීරු මඟේ ත්‍රිරෝද රථය ධාවනය කරමින් සඳරුවන් පවසයි. අපි ඔහු හා කිලෝමීටර් එකහමාරක් පමණ ඔබ්බට ගියෙමු.




ගරුඬ පාෂාණය නැරඹිමට පැමිණි අය එයට හානිකරන අයුරු


එතැන් සිට අපි ගරුඩගල සොයා පා ගමනින් ගමන ඇරැඹුවෙමු. දුර්ලභ ඖෂධ වර්ග මෙන් ම වටිනා දැව ශාඛයන්ගෙන් හෙවණ වූ මඟ ඇත්තේ නිසොල්මන් බවකි. පරිසරය බෙහෙවින් නිහඬ ය. පාළු ය. පල්ලම් බසිමින් ගිය අපි එක්තැනකදී මඟ නතර වුනෙමු. එතැන බෙහෙවින් ලිස්සන සුළු ය. රූස්ස ගසක අත්තක එල්ලී පහළට බසින්නට අපි උත්සාහ දැරුවෙමු. වේලාව සවස තුනහමාරට හතරට පමණ ඇත. එහෙත් ඒ අවට පරිසරය බෙහෙවින් අන්ධකාරය. ඈතින් හඹා වැටෙන දියඇල්ලේ හඬත් රැහැයියන්ගේ හඬත් පරිසරයේ ඇති නිසලතාව බිඳ දමයි. බිඳී යන ඒ නිසලතාව මැදින් ඇසෙන්නේ ගලකින් ගලකට ගසන හඬකි.

තෙතබරිත පාරේ ගිය අපි ගරුඩ පාෂාණය සහිත දියපහරට ළංවුණෙමු. ගමනේ දුෂ්කරතාව එතැනින් නිමා විය. නෙතට හසුවූයේ අපූරු පාෂාණ තලාවක සොඳුරු බවකි. එහෙත් එහි සුන්දරත්වය බිඳිමින් සිතට ආවේ සියුම් කනගාටුවකි.

“ඕක තමයි වෙලා තියෙන දේ. මේක බලන්න යන එන අය ගල කඩාගෙන යනවා. කාලෙකට කලින් හාමුදුරුවෝ කෙනෙකුත් මෙතන මහා පරිමාණයෙන් ගල කැඩුවා. ඒත් කවුරුවත් ඒ ගැන අවධානයක් යොමු කළේ නැහැ. පත්තරවල මේ ගරුඩගල ගැන ගියාට පස්සේ ක්‍රමයෙන් මෙතැනට එන පිරිස වැඩිවෙලා තියෙනවා.”

මන්ත්‍රීතැන්න ගමේ මේනක පවසන්නේ කනගාටුවෙනි. ගරුඩ පාෂාණය ඔවුන්ගේ ගමට ආඩම්බරයකි. ශ්‍රී ලංකාවේ හැරුණ විට මෙවැනි නිල් ගරුඩ පාෂාණයක් දැකිය හැක්කේ ඉන්දියාවේදී පමණක් බව ඔවුන්ගේ මතයයි.

අප එහි යනවිට ද දේශීය සංචාරක දෙපිරිසක් ම එහි පැමිණ සිටියහ. ගරුඩ පාෂාණය තෙමාගෙන වැටෙන දියපහර බෙහෙවින් සීතලය. එමෙන් ම පරිසරය ද සිහිලැල්ය. අපේ ගමේ පවුල් එකසිය විස්සක් විතර ජීවත් වෙනවා. රාගල ඉඳලා ගරුඬ ගල ගාවට කිලෝමීටර් දහයක් විතර එන්න ඕන. මන්ත්‍රීතැන්න ගම පහුකරලා ආවට පස්සේ පණ්ඩිතයාකුඹුර ගමට තමයි මේ නිල්ගරුඬ ගල අයිතිය තිබෙන්නේ. මෙතැනට එන්න තවත් පාරවල් දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ වලපනේ, රුපහා පාර හරහා.

අනෙක් පාර තියෙන්නේ උඩුපුස්සැල්ලෑව හරහා. කොහොම වුණත් එතැනට යන්න ළඟම පාර තමයි රාගල මන්ත්‍රීතැන්න හරහා පාර. මේ දියපාර පටන් ගන්නේ පණ්ඩිතයා කුඹුර ඉහළ කොටසින්. දියපහර ගලාගෙන යන්නේ රූපහා ඔය හරහා මහවැලි ගඟට. මේ පාෂාණයේ විවිධ පාට වර්ග තිබෙනවා. අපිට පැහැදිලිවම දකින්න පුළුවන් පාට වර්ග කිහිපයක් ම තිබෙනවා. කිරිපාට, සුදුපාට, තදකොළ පාට, කළු පාට හා රෝස පාට ඒ අතර වෙනවා. මේක ගැන තවමත් හරියට සොයා බැලීම් කෙරිලා නැහැ. නමුත් මේ කලාපය රක්ෂිත කලාපයක්. මේවගේ දුර්ලභ ගනයේ පාෂාණයක් අපේ ගම ආශ්‍රිතව තිබෙන එක අපිට ලොකු ආඩම්බරයක්. නුවරඑළියට බොහෝ සංචාරකයෝ එනවා. ඒ එන අයට මෙතැන බලන්න එන්න පුළුවන්. ඒත් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි හරිහමන් මාර්ගයක් නැතිකම.”

පණ්ඩිතයාකුඹුර ගමේ ආරියපාල පවසන්නේය.

ගම්මුන්ට ඇති ලොකුම අඩුපාඩුව ගමට හරිහමන් පාරක් නොමැතිකම ය. එහෙත් ගරුඬ පාෂාණය බැලීමට කැමැත්තෝ ඒ දුෂ්කර ගමන කෙසේ හෝ පැමිණෙති. එසේ පැමිණි කෙනෙකි. එස්.එම්. නයනා.

“මම දැන් පදිංචිවෙලා ඉන්නේ නුවර. අපේ අම්මගෙ ගම කරඳගොල්ල. මම පුංචි කාලේ මෙතැනට ඇවිත් තියෙනවා. එතකොට මගෙ වයස අවුරුදු නවයයි. දැන් මගෙ වයස අවුරුදු තිස් අටයි. ඉස්සර මෙතැනට එන්න හරිම අමාරුයි. අඩිපාරක් විතරයි තිබුණේ. අපි පොඩි කාලේ එනකොටත් එක එක්කෙනා මේක කඩාගෙන යනවා. ඒ කාලේ මීට වඩා ගරුඬ ගල තිබුණා. මම නව වතාවක් විතර මෙතැනට ඇවිත් තියෙනවා. මගෙ දුවට අවුරුදු නවයයි. මේ පාර මගෙ දුවත් ආවා. මේ පරිසරය හරිම සිහිලැල් මං මෙතැනට හරිම ආසයි. ඒ හින්දමයි ගමන අමාරු වුණත් ගමට ආවහම මෙතැනට ගොඩවෙලා යන්නේ.”

ගරුඬගල බලන්නට යන කවුරුත් පාහේ නිතර දෙවේලේ එහි යාමට කැමැති ය. විශේෂයෙන් ම ප්‍රදේශයේ කොලු කුරුට්ටන් නිතර එහි ගැවසෙති. ඔවුහු තම ගමේ සම්පත රැක ගැනීමට මෙන් ගරුඬගල බැලීමට යන අයගේ පසුපසම යති. මේ නිසා සීතල ජලයේ වුව ද දවසට දෙවරක් තුන් වරක් පැන නෑමට ඔවුහු මැලි නොවෙති. අපත් සමඟ මඟ පෙන්වන්නට ගිය අසංක, උෂින්, ඉසුරු තිදෙනා ද එසේ ම ය.

ගමේ අය කවුරුත් එක හඬින් කරන්නේ එකම ඉල්ලීමකි. හැත්තෑ හැවිරිදි ආර්.එම්. ධර්මසේනගේ ද ඉල්ලීම ඒක ය.

“මම පුංචි කාලේ ඉඳලම ඔතැනට යනවා. පුංචි කාලේ අපි යද්දී අඩි පාරක් තිබුණේ. මේ ගරුඬ පාෂාණය ආරක්ෂා කරගන්න; ඒක තමයි වැදගත් ම දේ. අපේ ගමට ඒක ආඩම්බරයක්.

සවස පහ හය වන විට පරිසරය අන්ධකාරයට හැරෙයි. ඈත නම නොදන්නා කඳු පේලි මීදුමින් වැසී ගොස් ය. කාලයක් තිස්සේ කැලයෙන් වැසී තිබූ පණ්ඩිතයාකුඹුර ගම හා ඒ අවට ගම්මාන හඳුනාගෙන තිබූ නිල් ගරුඬ ගල ක්‍රමයෙන් ජනාකීර්ණ වන්නට පටන් ගෙන ඇත. හෙට අනිද්දා වනවිට එහි යන එන පිරිස වැඩිවේවි. ඉදින් කරන්නට එක ඉල්ලීමක් ඇත. මේ දුර්ලභ පාෂාණය හා ඒ ආශ්‍රිත දියපහර බොහෝ වටින්නේ ය. එය සුරැකීම එහි යන එන හැමගේ ම වගකීමයි.

*විශේෂ ස්තුතිය රාගල මේනක ධර්මප්‍රිය කුරුවිට නිහාල් වික්‍රමරත්න හා රත්නපුර කමල් ගුණරත්න සොයුරන්ට


ඉසවි ඡායාරූප විමල් කරුණාතිලක 


උපුටා ගැනීම - http://www.silumina.lk/2012/03/18/_art.asp?fn=as1203183

 

සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය

5


සීගිරිය - සිංහ පාදය
 
මෙය කියවන ඔබ තම ජීවිතයේ එක වරක් හෝ මාතලේ දිස්තික්කයේ පිහිටි වර්තමාන “සීගිරිය” නමින් හදුන්වන, ලෝක උරුමයක් ලෙස මෙන්ම, ලෝකයේ අටවැනි පුදුමය ලෙසින් හදුන්වන ඒ විශ්මිත නිර්මාණය වෙත එලබ, එය නිරීක්ෂණය කර ඇති බවට කිසිදු සැකයක් නැත.අපගේ මෙම කතාවට පෙර යටත් විජිත සමයේ සිට ඇරඹෙන අපගේ පුරාවිද්‍යාව නම් විෂය ධාරාව “සිගිරිය” දකින සැටි මදක් විමසා බලමු.

මෙම ස්ථානය මුලින්ම ගවේෂණය වන්නේ වසර 1890 දී බ්‍රිතාන්‍ය රජයේ අදායම් බදු නිලධාරියෙකු ලෙස ලංකාවේ සේවය කරන H.C.P. Bell නම් විදේශිකයා අතින්ය. වර්ථමාන ස්රිලන්කීය පුරාවිද්‍යාවේ පියාලෙස සලකන ඔහු , එකල එවන් වූ විෂයක් අද්‍යනය කල කෙනෙකු නොව, සරලව කිවහොත් treasure hunter කෙනෙක් ය. ඔහු අපගේ ඉතිහාසය ගැන උනන්දුවක් දැක්වුයේ, අප ගැන තිබු කරුනාව නිසා නොව එම ස්ථාන වල ඇති ඉතාවටිනා වස්තු කොල්ලකෑමටය. මේ සදහා ඔවුහු තම ජීවිතය පරදුවට තබමින් දිවා රැ වෙහෙසෙමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගතකල බව සත්‍යය. එවකට ලැබුණු, සාක්කුවක දමාගෙන යන තරමේ වටිනා වස්තු, කිසිම වර්තාවක් නොමැතිව සුද්දගේම සාක්කුවෙන් එංගලන්තයට ගියේය. ඊට විශාල වස්තු රාජ්‍යය අනුග්‍රහය ලබමින් නැව් මගින් රැගෙන ගියේය. අපගේ පරණ පිනකට අවුකන, සමාධි වැනි පිළිම නැවක දාගෙන රැගෙනයාමට බැරි තරමේ විශාල නිර්මාණ විය. නැතිනම් මේවන විට ඒවා අනෙකුත් කුඩා නිර්මාණ මෙන්ම විදේශ කවුතුකාගර වලට ගොස් මුදල් ගෙවා ප්‍රවේශ පත්ර ලබාගනිමින් නැරබීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත් අපගේ වංසකතා වල කසුප් නම් රජකෙනෙකු තම පියාවන ධාතුසේන රජු මරා සිංහ ද්වාරයක් (සිංහ කටක් හෝ සිංහයන් සිටින පිවිසුමක්) සහිත ශිඛර පෙදෙසක සැගවී සිටි බවක් ලියා තිබු බව H.C.P. Bell අසා තිබුනේය. ඉතා දුෂ්කරව ගමනකින් පසුව සීගිරියේ ඉහත රුපයේ ඇති, පාද දෙකක් මැදින් ඇති පිවිසුම් ස්ථානය ට ලගාවූ බෙල් ඇතුළු පිරිස එය දැක මදකට හෝ තුෂ්නිම්භූත වූ බවනම් නොඅනුමානය.

එකල අද මෙන් ක්‍රමවත් අද්‍යාපන ක්‍රමයක් නොපැවතුනේය. අද නම් පහ වසර දරුවෙකු ශිෂ්ශත්ව විභාගය ට පින්සිදුවන්නට හෝ සිංහයා ට කකුල් සතරක් ඇති බවත් එම හැම කකුලකම ඇඟිලි සතරක් බිම වදින බවත් මහපට ඇගිල්ල මදක් ඉහලින් පිහිටන බවත් හොදින් දන්නේය.

අපගේ ඉතිහාස කතා නායකයා වන අසරණ H.C.P. Bell මහතා සිතා සිටියේ සිංහයාට ඇගිලි 3 ක් තිබු බවය. එබැවින් මෙය සිංහ ද්වාරය ලෙසත් මෙම ස්ථානය lions rock (සිහගිරිය) ලෙසත් ප්‍රකාශ කර සිටියේය. පහත ඇති රූපය හොදින් නිරීක්ෂණය කරන්න. එහි ඔබට පෙනෙන්නේ සිංහ පාදයක් ද ?
මෙහි පාදයේ ඇගිලි ඉදිරියට විසිරී තිබේ, එලෙසම නියපොතු ඇගිල්ලේ තරමටම මහත්ය. සිංහයන් ගේ නියපොතු එලෙස මහත් නැත, එය ඇඟිලි අතර සැගවී පිහිටන්නේය. එලෙසම ඇගිලි අතර පරතරය ලොම් ඇති නිසා එකවර දැකගත නොහැකිය. ඔබ දොරටුව ඉදිරිපිට සිටගත් විට ඔබගේ වම් අත දෙසින් පෙනෙන පාදය මෙම රුපයේ ඇත . එහි වම් පස විලුඹට ආසන්නයේ තවත් නියපොත්තක් දක්නට ලැබේ. රුපයේ වම්පසින් සිංහ පාදය කියා බෝඩ් එකක් ද දමා ඇත්තේ කවුරුන් රවටන්නද ? මදක් සිතන්න. මෙහි ඇත්තේ පක්ෂියෙකු ගේ පාදයක් නොවේද ?

බෙල් මහතා අකුරු කියවූ අපගේ පුරාවිද්‍යාව, ඔහුගේ ගෝල පරපුරද එලෙසින්ම දකින්නේය. ඉන් එහා ලොවක් ගැන සිතීමට ඔවුනට ද උවමනාවක් නොමැත. දැන් අපේ ඉතිහාසය ගැන මහා හඩින් රුපවාහිනී කතා පවත්වන සමහර පණ්ඩිතයන් තම හෙළුව වසා ගැනීමට මෙය සිංහ පාදයක් බවටම තර්ක කරනු ඇති අතර මා ඉතිහාසය විකුර්ති කරන දේශද්‍රෝහියකුද ලෙස හංවඩු ගසනු ඇත. මා මේ ගැන විමසු අවස්ථාවේ සමහරෙකු පවසන්නේ එකල ත්රිසින්හලයක් තිබුන නිසා මෙය සිංහයෙකු වුවත් ඇඟිලි තුනක් ඇති බවය. එකල අපේ කලාකරුවා සිංහයා මේ ආකාරයෙන් දුටුබවය.

මෙම පාද අසලම ගල ඇතුලින් ගමන්කළ හැකි උමගක් තිබුන බවත් බෙල් මහතා එහිවූ වටිනා වස්තු නැවක දමා රැගෙන ගියබවත්, එම අවස්තාවේම උමන් මග සිමෙන්ති දමා වැසූ බවත් පසුකල එහි සිටි සේවකයෙකු පවසා ඇත. කෙසේ වෙතත් අපගේ පුරා වස්තු රැගත් බොහෝ නැව් ලංකාව අසලම මුහුදේ ගිලී ගියේය. රන්මුතු දුව ච්ත්රපිටිය ගොඩනගන්නේ ඒවා ගොඩගැනීමට දරු උත්සාහයක ආවරණයක් ලෙස ය . මක් නිසාද යත් එහි සම්බන්ද අය මින්පෙර චිත්‍රපට කර්මාන්තයේ නියැලී නොසිටි අය නිසාය.
එසේනම් මෙම පර්වතයේ නියම ඉතිහාසය කුමක් ද ?

රාවන පුරණය ටත් පෙරසිටම ගුරුලා තම සංකේතය ලෙස යොදාගත් දිවුනු ශිෂ්ටාචරයක් හෙළ පොලවේ විසු බවට සාදක හමුවේ. මොවුහු කුරුළු හොට සහිත හිස්වැසුම් පැලදී අතර අහසින් පැමිණුන එවන් මිනිසුන් කොටසක් ගැන ලොවපුරා විවිද සාදක ඇත . සමහරුන් මොවුන්ව අර්ථකථනය කරන්නේ දෙවියන් ලෙසය . අද සීගිරිය එකල එවන් මිනිසුන් ගොඩනැගු රාජධානියක් ය .
ගොවුතම බුදුන් දවස (වසර 2600 කට පෙර) බුදුන් හා සමාන රුවින් හෙබි කාශ්‍යප මහා රහතන් වහන්සේ කලක් වාසයය කල කුක්කුට සමපාද පර්වතය මෙයය. කුක්කුට යනු කුකුළා, ගුරුලා හෝ ඒ හා සමාන මනාක්කල්පිත පක්ෂියෙකු හැදින්වූ නාමයය.

ක්‍රිස්තු වර්ෂ 400 දී පමණ පැමිණෙන පාහියන් භික්ෂුව පවසන්නේ මෙම ස්ථානයේ ” කාශ්‍යප තෙරුන් “ගේ සිරුර තවමත් පවතින බවය. එහි නම “ගුරුපාද” ලෙස පැහැදිලිව සදහන් කර ඇත. අද අප දන්නා සීගිරිය හා සම්බන්ද කාශ්‍යප යන නම, කසුප් රජු නොව කාශ්‍යප තෙරුන් ගේ නාමයය .

කසුප් රජු සිටියේ මෙහි බවට කිසිදු සෙල් ලිපියක් හමු නොවේ. අනිත් අතට වංසකතාවල සිතියමක් දක්වා නැත . නියම සිංහ ද්වාරයක් යාපහුවෙන් හමුවේ.
වඩාත් ම පුදුම සහගත කරුණ වන්නේ සීගිරියෙන් හමුවන සෙල්ලිපියක “බ්‍රහ්මදත්ත ගේ ගුහාව” ලෙස සදහන් වීමය.

දැන් මෙම කතාවට බ්ර්හ්මදත්ත රජු සම්බන්දවෙන්නේ කෙසේදැයි ඔබට ප්‍රශ්නයක් මතුවනු ඇත. එම කතාව පැවසීමට තවත් කතාවක් කියන්නට සිදුවේ.

බෝවුද්ධ ඉතිසහසයේ සිටි සියලුම චරිත, සියලුම බුදුවරු ඉපදී ජීවත් වී ඇත්තේ මේ හෙළබිම තුලය.

ක්‍රිස්තු වර්ෂ 400 දී පැමිණෙන පාහියන් මුලින්ම බොද්ධ සිද්දස්ථාන වැඳ පුදාගන්නේ ජන්බුද්වීපය නම් වූ මෙම හෙලබිමේ මද්යම , දකුණු සහ නැගෙනහිර දිසාවන් වලය , මක් නිසාදයත් බුදුන් ගේ ලලාට ධාතුව දන්ත ධාතුව පාහියන් වැඳ පුදගන්න නිසාය. බටහිර සමාජය පාහියන් වාර්තාව පරිවර්තනය කලේ ජන්බුද්වීපය යන නමට ඉන්දියාව යන වචනය දමාය. එබැවින් සියල්ලක් ම කණපිට පෙරලුනි. Alexander Cunningham යනු වත්මන් ඉන්දීය පුරාවිද්‍යාවේ පියාය, ඔහු බ්‍රිතාන්‍ය හමුදාවේ ඉන්ජිනේරුවරයෙකි. ඔහුත් කලේ අපේ බෙල් මහතාගේ ක්‍රියාවමය. ප්‍රථමයෙන් ගයාව නම් හින්දු කෝවිලක් හදුනාගෙන එය බුද්ධ ගයාව කළේය , ඉන්පසු පාහියන් වාර්තාව බලා ඒ අනිත් ස්ථාන සමාන ශබ්දයෙන් එන (උදා පාටලිපුත්ත = patna) මුළු ඉන්දියන් ඉතිහාසය මෙන්ම ලාංකීය ඉතිහාසයද විකුති කළේය. තම හිතු පමණින්. ස්ථාන සොයාගත් නිසා ඔහුට නයිට් පදවියක් ද ලැබුණි. කෙසේ වෙතත් ඔහු ලුම්බිණිය සොයා නොගතේය. මේකාලය තුල ජර්මන් ජාතික Anton A. Fuhrer නම් දේවගැති තුමා , ව්‍යාජ සෙල්ලිපියක් කොටා අද නේපාලයේ rumandai නම් ස්ථානය ලුම්බිණිය බව ප්‍රකාශකර තවත් නයිට් පදවියක් ලබාගත්තේය.

වඩාත් ම සිනහ යන කරුණ වන්නේ, පාහියෙන් ගේ වාර්තා Cunningham අමු අමුවේම බොරු කියමින් තමන්ගේ හිතුමතයට විකුර්ති කිරීමය. බුදුන් තුසිත ලොව සිට ඉනිමගකින් බැසි ස්ථානය සංකස්ස ලෙස හදුන්වන පාහියන් ලියන්නේ, එහි අශෝක රජු ඉදිකර පැති සතරක් ඇති , එම පැති සතරේම බුදුරුව ඇති එහි උඩ සිංහයෙක් සිටිනා කණුවක් ඇති බවය . අද Cunningham පෙන්වන ඉන්දියාවේ සංකස්සයේ කනුව රවුම්ය , එහි උඩ සිටින්නේ අලියෙක්ය . එවිට Cunningham පවසන්නේ මෙය පාහියන්ට වැරදී අලියා සිංහයා ලෙස ලියා ඇති බවය.

පාහියන් ලියන්නේ බුදුන් බුදුවූ බෝගස සිට යොදුන් 3ක් දකුණින් “ගුරුපාද” පිහිටන බවය. අද ලංකාවේ බුදුන් බුදුවූ ස්ථනය ලෙස හදුනාගන්නේ හබරන හිරිවඩුන්න නම් ස්ථානයය , එහි බෝගස ,වජ්රාසනය ,මුච්ලින්ද නටබුන්, රුවන්ගෙය, සක්මන් මලුව, සහ නේරංජන ගඟ අදත් තිබේ.

සුද්දන් ඉන්දියාවේ ස්ථාන බලා යොදුන සැතපුම් 32 ක් බව පවසයි. මක් නිසාදයත් ඔවුන්ගේ සිතියමට අනුව එවන් නගර ලග පිහිටා නැති බැවින් ය . “යොදුන” යනු යෝදයෙකු දුන්නකින් විදිනා දුරය.

පාහියන් පවසන අන්දමට “ගුරුපාද” නම් ස්ථානය සීගිරියම බව තහවුරු වේ .

සිංහ පාදය සහ කුරුළු පාදය වෙනස නොහදුනන , අපේ පණ්ඩිතයන් බුදුන් මෙහි සිටි බව කවදාවත් පිලි නොගනී.

පාහියන් අන්තිමට එන රට සිංහලය ලෙස හදුන්වයි , එය අනුරාධපුර රාජධානියය. මෙහි පැටලුමක් ඇත්තේ ඔහු එන්නේ ජලමාර්ගයකින් නිසාය. ඔහු පවසන සිංහලය දිගින් ( උතුරු-දකුණු ) යොදුන් 30 කි ,පළලින් 50 කි. මෙ කතාකරන්නේ මුළු ලංකාව නොව න බව ඕනෙම කෙනෙකුට වැටහෙනු ඇත.

පාහියන් ලියු ජන්බුධ්වීපයේ ස්ථාන බොහොමයක් මේ වනවිට අප අද්‍යනය කර ලක් පොලවේ සොයාගෙන ඇත. සියලුම දුරවල් ද සමාන වන අතර වෙහෙර විහාර එම ආකාරයෙන්ම ඇත. නුදුරු කාලයේදී ලෝක ඉතිහාසය උඩුයටිකුරු කරමින් සාක්ෂි සහිතව ඒවා පෙන්වා දෙනු ඇත.



උපුටා ගැනීමකි....
Prasad Kumara
නියාමක – තරු ගුවන්විදුලි සේවය
http://tharu.net/

හල්දුම්මුල්ලෙන් හමුවූයේ Easter Island වල වැනි නිර්මාණයක්ද?

0

ඊස්ටර් අයිලන්ඩ් දූපත ලොව පුරා ප්‍රසිද්ධ වූයේ වසර දහස් ගණනකට පෙර නිර්මානය කළ ගුප්ත මිනිස් මුහුණු සහිත ශෛලමය මූර්ති නිසාය. ඒවා කවරෙකු විසින් කවර අරමුණක් සඳහා නිර්මාණය කලාදැයි තවමත් කිසිවෙකුත් නොදනී.

එබැවින් ඒ පිළිබඳව මත රාශියක් තිබේ. ඈත අහස දෙස ඒවායේ මුහුණු හරවා තිබෙන්නේ පිටසක්වල පැමිණෙන පිරිසක් බලාපොරොත්තුවෙන් බවටද මතයක් පවතී.

මේ අතර හල්දුම්මුල්ල කළුපහන නිදන්ගොඩ කන්දේ හුදකලාව පැවති ගලපිටගල පාෂාන සැකැස්මද මීට වසර දහස් ගණනකට පෙර දඩයම් යුගයේ මිනිසුන් විසින් මිනිස් හිසක් සහිත මූර්තියක් නිර්මාණය කිරීමට ගත් උත්සාහයක් බවට නවතම මතයක් ඉදිරිපත්වී තිබේ.

ඒ බව පවසන්නේ හල්දුම්මුල්ල වෑ එළිය හුළුතලාවේ හුණුගල් ගුහාවකින් වසර දහස් ගනනකට පෙර පුරාවස්තු සොයාගත් පුරාවිද්‍යා ගවේශක රාජ් සෝමදේව මහත් ප්‍රමුඛ කණ්ඩායම විසිනි.

ස්වභාවිකව තැන්පත්වී ඇති අඩි 30ක් පමණ උස ගලක් මත රැඳුණු මෙම පර්වතය කුට්ටිය ප්‍රදේශවාසීන් හැඳින්වුටේ ගලපිටගල යන නමිනි. එම මූර්තියේ මුහුණ තිබෙන්නේ උතුරු කඳුකරය දෙස බලාගන සිටින අයුරිනි.

දඩයම් යුගයේ ජීවත් වූ ශ්‍රී ලාංකිකයින් කෘෂිකාර්මික යුගයට ජීවත්වීම පිළිඹුඹු වන සාක්ෂි සහිත ලෙනක් පසුගියදා හල්දුම්මුල්ල, වෑ එළිය ග්‍රාමසේවා වසමේ, වල්මීතලාව ප්‍රදේශයේ පිහිටි හුණුතලාගල ගුහාවේ තිබී සොයාගත් අතර එහි තිබී සොයාගත් පුරාවස්තූන් වසර 4,500- 5,000ක් අතර කාලයේ භාවිතා කළ ඒවාය.

එම ගල්ගුහාවෙන් හමුවූ ස්ත්‍රී උඩුකය අනුව එය යාතුකර්ම සිදුකල ගුහාවක් යැයි විශ්වාස කරන අතර එම ස්ථානයේදී ස්ත්‍රීන්ට දරු උපත් ලබාදීම හා ගැබිනියන් ආරක්ෂාව සඳහා කල යාතු සිදුකරන්නට ඇතැයි ද ඔවුන් විශ්වාස කරයි.

එම ලෙනෙක් හමුවූ හුණු මූර්තියේත් ගලපිටගල පාෂාන සැකැස්මෙත් සමාන ලක්ෂන පෙන්නුම් කරන බවත් පර්වත කුට්ටිය මිනිස් මුහුනක් ලෙසින් හඩ ගැන්වීමට වෑයම් කර ඇති බවත් මහාචාර්යවරයා පවසයි.

"මුහුනේ අංග ඉස්මතුකර දැක්වීම සඳහා ඉතාමත් ඕනෑකමින් කළ වෑයමක් ගැන සිතන්නට පුළුවන්. මෙය ස්වභාවික හේතූන් නිසා යම් වෙනස්වීම් වලට භාජනය වී තිබෙනවා. එහෙත් මුඛය ඉස්මතුකිරීම සඳහා කළ වෑයම ඉතාමත් හොඳින් මූර්තිමත් වෙනවා. එහි තොල් පිළිබඳ සලකුණක් ආරක්ෂා වී තිබනවා.

මෙම මූර්තියේ නලල මධ්‍යයේ යමක් රඳවා තැබීමට උත්සාහ කල බව විශ්වාස කල හැකි කුහරයක් දක්නට ලැබෙනවා. මෙම හිස නිර්මාණය කර තිබෙන්නේ උතුරු කඳුකරය දෙස බලාගන සිටින ලෙසටයි. රටේ ප්‍රධාන ඉතිහාස ධාරවන්ගෙන් පිටත වූ පරාසයකට අයත් මෙවැනි වැදගත් ස්මාරක කෙරෙහි කඩිනම් අවධානය යොමුවිය යුතුයි"

ඇඟිල්ලෙන් මෙම ගල සෙලවිය හැකි මුත් අත ගසා මෙම ගල සෙලවීමට උත්සාහ කලහොත් සෙලවීමට නොහැකි බවද ප්‍රදේශවාසී පවසයි.








හල්දුම්මුල්ල ගුහාවෙන් හමුවූ හුණු මූර්තිය

Easter Island ලෙස හඳුන්වන දූපතේ පිහිටවා ඇති මූර්තියක්


‘ගලපිට ගල’ නමින් හැදින්වෙන වසර දහස් ගණනක් තිස්සේ හල්දුම්මුල්ල කළුපහන,නිදන්ගොඩ කන්දේ හුදෙකලාව පැවති පාෂාණ සැකැස්ම මිනිස් නිර්මාණයක් බව පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.
එය වසර 5000ක් පැරණි මිනිසුන් මිනිස් හිසක් නිර්මාණය කිරීමට දැරූ ප‍්‍රයත්නයක් බවට රාජ් සෝමදේව මහතා හදුන්වා දෙයි.

මහාචාර්යවරයා මේ බව හදුනාගත්තේ ඉකුත් දින මේ සම්බන්ධයෙන් කළ ක්ෂේත‍්‍ර ගවේෂණයකදීය.විශාල ගල් පර්වතයක් මතවූ කුඩා ගල් කීපයක් මත සිරස් අතට පිහිටි ඇති පුදුම සහගත ලෙස නොපෙරළී තිබෙන විශාල ගල් පර්වතය මනුෂ්‍ය මුහුණක් ලෙස හැඩගැන්වීමට අතීතයේ කවර හෝ දිනක මිනිසා විසින් වෑයම් කර ඇති බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.

මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.

‘අප කළ ක්ෂේත‍්‍ර ගවේෂණයේදී මනුෂ්‍ය හැඩරුව ඇති හුදකලාව පිහිටි මෙම ගල නිරීක්ෂණය කළා.ස්භාවිකව ගල් කුට්ටි කීපයක් මත ස්භාවිකවම තැන්පත් වී ඇති අඩි 30ක පමණ උසින් යුත් මෙම පර්වත කුටිය මිනිස් මුහුණක් ලෙස හැඩගැන්වීමට වෑයම් කර තිබෙනවා.මුහුණේ අංග ඉස්මතු කර දැක්වීම සදහා ඉතා ඕනෑකමින් කළ වෑයමක් ගැන හිතන්න පිළිවන්.

මෙය ස්භාවික හේතූන් නිසා යම් යම් වෙනස්කම් වලට භාජනය වී තිබෙනවා.එහෙත් මුඛය ඉස්මතු කිරීම සදහා දක්වන ලද වෑයම තවමත් හොදින් මුර්තිමත් කරනවා.එහි තොල් පිළිබද සලකුණු තවමත් සුරැකී තිබෙනවා.’

මෙම මූර්තියේ නළල මධ්‍යයේ තරමක විශාලත්වයෙන් යුත් කුහරයක් දක්නට ලැබීමෙන් පැහැදිලි වන්නේ එහි යමක් රදවා තබන්නට ඇති බවයි.

මෙම මිනිස් හිස උතුරු කදුකරය දෙස බලාගෙන සිටි ආකාරය නිර්මාණය කර තිබෙනවා.මෑතදී හල්දුම්මුල්ල වෑඑළිය හුණුගලාගල ගුහාවෙන් සොයාගත් වසර 5000ක් පමණ පැරණි බව කිව හැකි ගලින් කළ මිනිස් හිස දැක්වෙන මූර්තිය සහ නිදන්ගොඩ මිනිස් හිස මූර්තිය අතර කිසියම් සමානකමක් දක්නට තිබෙනවා.’යැයිද මහාචාර්යවරයා සදහන් කළේය.

මෙම ස්ථානය සම්බන්ධයෙන් නිදන්ගොඩ ගම්වැසියන් අතර නොයෙකුත් ජනප‍්‍රවාද පවතී.මෙම මතුපිට ගල ඇගිල්ලෙන් සෙලවුවහොත් සෙලවිය හැකි වුවත් අතගා සෙලවීමට ගියහොත් සෙලවීමට නොහැකි බව එක් ජනප‍්‍රවාදයකි.


 උපුටා ගැනීම -http://www.33000.lk/2013/09/Galapitagala-AncientRock.html

හෙළයේ සටන් රහස අංගම්

0

හෙළයේ සටන් රහස අංගම්




අංගම් පොර සටන් කලාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයයි. හෙළයේ ජීවත්වෙච්ච යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ජනවර්ග පොදුවේ අසුරයන් (සුර අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා මෙම සටන් ක‍්‍රමය භාවිත කරන්නට විය. ක‍්‍රමයෙන් වර්ධනය වූ අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක‍්‍රමණයට එරෙහිව යොදාගන්නට ඇත.

අප සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස රාවණ යුගය හඳුනාගත හැකිය. රාවණ රජු නිල ශාස්ත‍්‍රය පිළිබඳ විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කරනු ලැබ ඇති වෛද්‍ය ග‍්‍රන්ථ තුළින්ද පැහැදිලි වෙයි. රාවණ සහ අංගම් ශාස්ත‍්‍රය අතර සම්බන්ධය කෙතරම් ප‍්‍රබලද කියතොත් අදටත් අංගම් ශිල්පීන් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සඳහා මල්පැලක් සකස් කොට රාවණ ස්තෝත‍්‍ර කියා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි. මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක‍්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන් කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂා කරන්නට උපරිමයෙන් දායක විය.

අංගම් යනුවෙන් හඳුන්වන්නේ ශරීරයයි. පොර කියන්නේ සටනයි. නිරායුධව (හිස්) සිරුරෙන් කරනු ලබන සටන අංගම්පොර යනුවෙන් හඳුන්වයි. ආයුධ සහිතව කරනු ලබන සටන ඉලංගම් ලෙස හඳුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප‍්‍රවීණයකු වීම සඳහා මෙම කොටස් දෙකට අමතරව මායා අංගම් ලෙස හැඳින්වෙන ගුප්ත කොටසද ඉගෙනගත යුතු අතර සම්පූර්ණ අංගම් සටන් කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයකුට තම ජීවිතකාලය මදිය. එසේ වන්නේ මෙම ශිල්පයේ ඇති තියුණු බව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත‍්‍රය පිළිබඳ දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන් ක‍්‍රමවලදී එතරම් සාර්ථක ලෙස භාවිත වන්නේ නැත. සිංහල සටන් ක‍්‍රමය අනුව නිලවලට පහරදෙන ක‍්‍රම රැසක් දැකගත හැකිය.

අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක්, ඉවසීමක් ප‍්‍රගුණ කළ අය වෙති. එය ඔහුට ලැබෙන්නේ බුදු දහම අතින්ය. අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය. ඔහු තම ශක්තිය විදහාපෑම සඳහා විවිධ අභ්‍යාසවල නිරතවෙයි. හිසෙන් පොල් පැලීම, පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම, ඇත් දළයක් පොලොවේ වළලා තනි අතින් ඇද ගැලවීම, පොලූ අට කැඞීම, කුළු හරක් මෙල්ල කිරීම, විශාල ගල්, ගස් කඳන් ඈතට විසි කිරීම, පොල් ගසට පයින් ගසා පොල් කැඞීම, පුවක් ගෙඩිය ඇඟිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම, මිනිසුන් දහ පහළොස් දෙනා සමග තනිව සටන් කිරීම, ඇස්, අතපය බැඳගෙන සටන් කිරීම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපෑමට කරනු ලබයි.


යටත්විජිත තහනමට ලක්වීම
මේ අයුරින් සිංහලයාගේ සටන් කලාව අධිරාජ්‍යවාදීන් බියගැන්වූ නිසාම අංගම් සටන්කරුවන් විනාශකරන්නට විවිධ උපක‍්‍රම යොදා ඇත. 1818 දී ගැසට් නිවේදනයක් මගින් අංගම් සටන් ලංකාව පුරාම තහනම් කිරීමට බි‍්‍රතාන්‍යයන් පියවර ගත්තේය. එ නිසාම ක‍්‍රමයෙන් අංගම් පුහුණුව සිංහලයා වෙතින් ඈත් වන්නට විය. අංගම් සටන් මගින් ඈත්වන්නට අකමැති වූ සිංහලයන් වනගතව එය ආරක්ෂාකරගත් අතර මෙනිසා අදටත් එය සුරක්ෂිතව පවතී. සටන් පරපුරේ මුතුන් මිත්තන් තම මහත්තාආරච්චි පරම්පරා නාමය සමග ඇති සම්පූර්ණ නම අගට ”පෙරේරා” යනුවෙන් යොදා ගැනීමට සිදුවිය.


මර්දනය
ඉංග‍්‍රීසියෙන් රේඛා ක‍්‍රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සඳහන් වේ. ”අවුරුද්දක් පමණ කාලය තුළ පැවති මේ කැරැුල්ලෙන් සිදුවූ අලාභ හානි මෙ පමණය කිව නොහැක. සිංහලයෝ 10000 කට වැඩි ගණනක් මිය ගියහ. මියගිය ඉන්ගිරිසි භටයන්ගේ නියමිත ගණනක් ඇති බවක් නොපෙනෙන නමුත් ලෙඩවී මඩකළපුවට ගෙනගිය 173 දෙනකුගෙන් 114 දෙනකුම මියගිය බව සඳහන් වේ. ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් භටයෝ කැරැුල්ලට සම්බන්ධ වූහ.”

සැබෑ සටන් ශිල්පීන් තවදුරටත් ඉතිරිව සිටින්නේද යන්න ඕනෑම අයකුට නැගෙන ප‍්‍රශ්නයකි. අවුරුදු 300 කට ආසන්න කාලයක් පූර්ණ තහනමකට ලක්ව තිබූ මෙම ශිල්පය තහනම් යුගයේදී නීති විරෝධී ලෙස යටත්විජිත පාලනය විසින් තැන තැන මරා දැමූ සටන් ශිල්පීන්ගේ ඉතිහාසය ඇසූ වත්මන් සමාජය එවැනි තීරණයකට එළැඹීම පුදුමසහගත නොවේ. එසේ වුවද අදටත් නොනැසී මෙම ශාස්ත‍්‍රය පවත්වාගෙන පැමිණි පරම්පරාවන් රාශියක් ලංකාවේ සිටින බවට ලිඛිත හා ලිඛිත නොවන සාක්ෂි දක්නට ලැබේ. ඉතාමත්ම අප‍්‍රසිද්ධව මෙම කලාව පවත්වාගෙන එනු ලබන ශිල්පීය පරම්පරා බොහෝ විට අදටත් නර්තන සම්ප‍්‍රදා හා බද්ධව මෙය පවත්වාගෙන යයි. කෙසේ වෙතත් මේ වන විට ප‍්‍රසිද්ධියේ කරළියට පැමිණ ශාස්ත‍්‍රයේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින කොරතොට අංගම්පොර සටන්කරුවන් මෙහිදී අමතක කළ නොහැකිය.


කොරතොට අංගම්පොර සම්ප‍්‍රදාය
අදින් වසර 33000කට පමණ පෙර ලක්දෙරණේ ඉපිද සුරාසුර යුද්ධය ජයග‍්‍රහණයට මුල්වූ කතරගම මහසෙන් නම් සෙන්පතියාගෙන් පැවත එන්නේ යැයි සැලකෙන කොරතොට අංගම්කරුවෝ මෑත ඉතිහාසයේ දී මුල්ලේරියා සටනට මූලිකත්වය දී ගම්වර තානාන්තර ලත් ගෞරවාන්විත සම්ප‍්‍රදායකි. අදටත් ඔවුන් ඔවුන්ගේ සම්ප‍්‍රදාය රැුකගෙන නොනැසී පවත්වාගෙන යයි.

අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර ”එතුණු කඩුව” නම් වූ ආයුධ විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32 කින් යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඹ සඳහා, දෑතට දෙකක් භාවිත කරයි. මෙම ආයුධ භාවිතයට ඉතාම ඉහළ පුහුණුවක් අවැසිය. මන්ද ප‍්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් විය හැකි බැවිනි. එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප‍්‍රවීන සටන් ශිල්පීන් භාවිත කරයි.

තවද අංගම් කලාව හා බැඳුනු තවත් ආයුධ අතර හෙළ කඩුවටද විශේෂ තැනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පලිහ යනු කඩුව හා එක්ව භාවිත කරන තවත් ආයුධයකි.

ශ්‍රී ලාංකීය ජාතික උරුමයක් බඳු මෙම අංගම්පොර සටන් කලාව නැවත මෙරට ජනප‍්‍රිය කරවීමට, මුල් ගුරු පරම්පරාවල වර්තමාන සාමාජිකයන් දැඩි වෙහෙසක් ගනී. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ඔවුන්ට කෘතඥ පූර්වකව ස්තුතිවන්ත විය යුතුය. තරුණ අංගම්පොර සටන් ශිල්පියකු වශයෙන් සිය උරුමය අනාගත පරපුරට දායාද කිරීම උදෙසා දැඩි කැපවීමකින් හා උත්සහයකින් තම චාරිත‍්‍ර වාරිත‍්‍ර ඇවතුම් පැවතුම් සියල්ල කැටි කොට ගනිමින් අජන්ත මහන්තාරච්චි මහතා කරන කැපවීම හෙට දිනයේ අපට ආවේණික වූ අංගම් ශිල්පයේ රැුක ගැනීම වෙනුවෙන් උදාර මෙහෙවරක් වනු ඇත.

ඔහු රචිත හෙළයේ සටන් රහස අංගම් කෘතිය සුවහසක් පාඨක ජනයා අංගම් සටන් කලාව සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබනු ඇතැයි අපි විශ්වාස කරමු.



පැතුම් පැස්කුවල්

උපුටා ගැනීම - http://www.lankadeepa.lk/index.php/articles/166910



 

හෙළවංශය තෙවන වැඩසටහන

1

හෙළවංශය තෙවන වැඩසටහන


දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ තෙවන වැඩසටහන

"Helawanshaya" "හෙළවංශය"
ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි...










Thursday, October 3, 2013

ඩෙල්ෆ් දූපතෙන් හමුවූ සෙල්ලිපියෙන් ආදි සිංහලයන් උතුරේ සිටි බව හෙළිවෙනවා

0

ඩෙල්ෆ් දූපතෙන් හමුවූ සෙල්ලිපියෙන් ආදි සිංහලයන් උතුරේ සිටි බව හෙළිවෙනවා 


කොග්ගල - සිරි ගාර්දියගේ


උතුරුකරයේ ඩෙල්ෆ් දූපතෙහි පිහිටි පැරැණිම ඓතිහාසික සලපතළ මළුවෙහි තිබී ගෙවී ගිය දෙදහස් දහය වසරේ ප්‍රථම වරට හඳුනාගත් සෙල්ලිපියක අන්තර්ගතය හෙළි කළ රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා කථිකාචාර්ය චන්දිම අඹන්වල මහතා ක්‍රිස්තු පූර්ව යුගයේදී පවා ආදි සිංහලයන් උතුරුකරයේ සිටි බවට මේ හුනු ගල් සෙල්ලිපියෙන් අනාවරණය වන්නේ යැයි පවසයි.


දෙදහස් දහය වසරේ යුද්ධයෙන් පසු උතුරේ සංචාරයක යෙදුණු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පාලිත වීරසිංහ, මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ හා කොටස් වෙළෙඳපොළ
කළමනාකාරවරයකු වන තුසිත මීගස්කුඹුර යන පිරිස ප්‍රථමවරට මේ විහාරයේ සලපතළ මළුවට අල්ලා තිබූ හුනුගල්වල ලියන ලද සෙල්ලිපි තුන හඳුනා ගනු ලැබ ඇත. පසුගියදා මුහුදු පුරාවිද්‍යා ඒකකය උතුරේ කළ ගවේෂණයක්ද නැවත මේ සෙල්ලිපි දැකබලා එය පින්තූරයට ගෙන ආචාර්ය අඹන්වල මහතාට ඉදිරිපත් කිරීමෙන් පසු එකී සෙල්ලිපිවල අන්තර්ගතය ඔහු විසින් දැඩි වෙහෙසක් ගෙන පරිවර්තනය කර ඇත.

මේ සම්බන්ධයෙන් 'මව්බිම' විමසුමකට පිළිතුරු දුන් අඹන්වල මහතා පින්තූරවලින් පෙනෙන පරිදි සෙල්ලිපි ලෙස පිළිගත හැකි ලිපි තුනක් පෙනෙන්නට ඇතැයි කීය.

මෙයින් එකක් දමිළ භාෂාවෙන් කොටා ඇති අතර එහි එන අකුරු දෙස බලන කල එය දහහතර, පහළොව (14-15) සියවස්වලට අයත් එකක් බවත් තව එකක අන්තිම අකුරු දෙක (අ.ල) වශයෙන් හැඳින්විය හැකි බවත් කීය.
අනෙක් සෙල්ලිපිය ඉතා වැදගත් ඓතිහාසික එකක් බවත් එහි ඇති අකුරු දෙකක් හඳුනාගත් බවත් පවසන අඹන්වල මහතා එය (ය-හ) වශයෙන් හඳුනාගත හැකි බවද කියයි.

මේ අකුරු පැරැණිම බ්‍රාහ්මී අක්ෂර බවත් බොහෝවිට එය ක්‍රි.පූර්ව හෝ පළමු වැනි සියවසෙහි ලියූවක් බවත් කීය.
පැරැණි අභිලේඛන සලකා බලන කල මෙවැනිම ලිපියක් (අකුරු) ඇති සෙල්ලිපියක් මල්ලිආර හා කදුරුගොඩදී හමුවී ඇති බවත් එය වසභ රජු සමයේ බවත් කියයි.

පරණවිතානයන් පවා අර්ථ දක්වා ඇති පරිදි මේ අකුරු දෙකෙන් සංඥාභාවයක් (ය) හා අයිතියක් (ගේ) යන්න අර්ථ දක්වන (හ) අකුර බවත් පෙන්නා දෙයි.
මෙහි බොහෝ කොටස් මැකී හෝ විනාශ වී ගොස් ඇති බව පවසන ඒ මහතා එහෙත් ඉතා හොඳින් හඳුනාගත හැකි කුඩා සෙල්ලිපිය අනුව එය ක්‍රි. වර්ෂ පළමු සියවසට අයත් පැරැණිම බ්‍රාහ්මී අක්ෂරවලින් කොටා ඇති බවත් ඉතා පැහැදිලි යැයිද කීය.

අපේ රටේ වෙනත් තැන්වලින් දැනට සොයාගෙන ඇති සෙල්ලිපි හා සසඳන විට මේ සෙල්ලිපි තුනෙන් දෙකක් 14-15 සියවස්වලට අයත් (දමිළ) බවත් කුඩා සෙල්ලිපිය
පළමු සියවසට අයත් ඉතා පැරැණි සිංහල අක්ෂරවලින් එය කොටා ඇති බවත් කීය.
තමන් ළඟදීම මේ ලිපි තුන නැරැඹීමට යන බව අවධාරණය කළ අඹන්වල මහතා එයට පසුව මෙයට වඩා කරුණු අනාවරණය කිරීමට හැකි වෙතැයිද කීය. 

උපුටා ගැනීම - http://www.mawbima.lk/34-37354-news-detail.html 

 

Wednesday, October 2, 2013

මහා රාවන උපහාර පූජාව

0

මහා රාවන උපහාර පූජාව
දෙව්රම් මහා විහාරය, පන්නිපිටිය. 2013-09-29