-->

Monday, December 30, 2013

හෙළ වංශය දහහතරවෙන වැඩසටහන

0

හෙළ වංශය දහහතරවෙන වැඩසටහන




දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ දහහතරවෙන වැඩසටහන

"Helawanshaya" "හෙළවංශය"
ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....








හෙළවංශය දහතුන්වන වැඩසටහන

0

හෙළවංශය දහතුන්වන වැඩසටහන 

 


දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ දහතුන්වන වැඩසටහන

"Helawanshaya" "හෙළවංශය"
ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....







Thursday, December 19, 2013

හෙළවංශය දොලොස්වන වැඩසටහන

0
හෙළවංශය දොලොස්වන වැඩසටහන





දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ දොලොස්වන වැඩසටහන

"Helawanshaya" "හෙළවංශය"
ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....










හෙළවංශය එකලොස්වන වැඩසටහන

0

හෙළවංශය එකලොස්වන වැඩසටහන





දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ එකලොස්වන වැඩසටහන
"Helawanshaya" "හෙළවංශය"
ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....






බුදුරදුන් වම් ශ්‍රී පාදය පිහිටුවූ මක්කම පිහිටියේ ලංකා වෙරළේද?

1



බුදුරදුන් වම් ශ්‍රී පාදය පිහිටුවූ මක්කම පිහිටියේ ලංකා වෙරළේද?


පූජ්‍ය විමලරත්න හිමි සමඟ වරිග පූර්ණිකාව පිළිබද කෙරුණු සාකච්ඡාවක් ඇසුරෙන්

සිව්වන ලිපිය


මේ වරිගයාගේ ඉතිහාසය මැනැවින් කියාපාන වරිග පූර්ණිකා ග්‍රන්ථයේ සාරාංශගත විස්තරයකි. මෙම වරිග පූර්ණිකා ග්‍රන්ථය රචනා කළ ආකාරය වරිග පූර්ණිකාවේ මෙසේ දක්වා ඇත.


වරිග පූර්ණිකාව ඇතුළත් පංච රක්ඛාවලී ග්‍රන්ථය රචනා කිරීමේදී කුටිර අරණේ අඩ මසක්ද, කන්තිර කද්දිර අරණේ සිවු මසක්ද, රකුන්ගිර අට මසක්ද වැඩ වාසය කළෙමි.


ඒ පංචරක්ඛාවලි කතුවරයාණන් වූ ශ්‍රී  බෝධිවංශාභය හිමිපාණන් තබා ඇති සටහනයි. මෙම පංච රක්ඛාවලිය රචනා කිරීමේදී තමන් වහන්සේ විසින් ගුරුකොට ගන්නා ලද්දේ රාවණා යුගයේ සිට සුරක්‍ෂිත කළ පුස්කොළ හා ගොස්සර ග්‍රන්ථ සමූහය බව පවසන උන්වහන්සේ, පංච රක්ඛාවලියට ඇතුළත් ග්‍රන්ථ පහ මෙසේ දක්වයි. වරිග පූර්ණිකාව, විභූෂ පූර්ණිකාව, සලසාන පූර්ණිකාව, සුන්දල පූර්ණිකාව, මන්දාල පූර්ණිකාව.


පංච රක්ඛාවලී ග්‍රන්ථය රචනා කරන්නට යෙදුණු යක්‍ෂ ගෝත්‍රික ඍෂිවරුන් රචනා කළ පුස්තක විශාල සංඛ්‍යාවක් මානෑවේ මුණමුර පුස්තක ලෙන් විහාරයේ සඟවා තබා තිබිණි. එසමයෙහි මෙම ප්‍රදේශය පාලනය කරනු ලැබුවේ මහානාම රජු විසිනි. මහානාම රජුට විරුද්ධව එසමයෙහි උර්දුලන් නීලවේලදු නම් ද්‍රවිඩ සෙන්පතියා ගැසූ කැරැල්ලෙන් පසු, එම සෙන්පතියා මුණමුර පුස්තක ලෙනට ගිනි තබා ඇත. මුණමුර පුස්තක ලෙන ගිනිදැල්වලින් වැසෙන විට එය තුළට කඩා පැන්න මානාපවි තබාධම්ම හිමියන් නොදැවී තිබූ ග්‍රන්ථ රැසක් බේරාගෙන තිබිණි. මේ ඒ ග්‍රන්ථ නාමාවලයයි.


කවිලාශපාලි පැදිය, රවිශෛලාෂ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්ඛාන සැරය, සිළිඹියාපාන, විෂකුම්භන පැදිය, නීලගිරි සන්තය, කාලම් අග්නිසන්දය, රක්ඛාන ගර්ජය, මුණමුර කෞරවය, කවිලාශ අග්නිය, කුම්භණී මුරාග්‍රථය, රකුන් අනාඥාවලිය, මුරාතන්ත්‍රය, ගෞර නිගාතය, ගෝරාභිග්‍රය, රක්ඛ විජලතාව, රිරි කොළය, ගිරිඛණ්ඩජල පැදිය, සුන්දල පුරාණය, සලම්භි අග්නිය, වෙසමුණි ධරණිවතය, සුබෝධි පුරාණය, ගොරාපාසලම, විසිකාග්‍රවරණය, තෝරතිගාතය, රක්ඛසුලාධිය, කුකුරමාන පැදිය, උත්තාචක්‍ර සැදිය, අසුර අත්විසය, කෝසල්ල කේඨුව, විෂකම්හණ ද්වතන්ත්‍රය, මවුරි වතය, දද්දල සෙලිය, ඔරුමාලපටිදය, රක්ඛ ඉලෝනිලෝව, සිරි මේඝාවතය, කවිලාශවන්ඨය, රක්ඛ විදාසනය.


පංච රක්ඛාවලිය රචනා කළ බෝධිවංශ හිමිගේ බුද්ධ කාලයේ සිට පැවැත එන යක්‍ෂ ගෝත්‍රික භික්‍ෂු පරපුරක් ගැනද සටහන් තබා ඇත. බුදුන් වහන්සේගේ ලංකා ගමනේදී යක්‍ෂ ගෝත්‍රිකයන්ට දෙසූ බණ අසා මාර්ගඵල අවබෝධ කරගත් විභීෂභද්‍ර යක්‍ෂ සෙන්පතිතුමා ප්‍රථම යක්‍ෂ ගෝත්‍රික භික්‍ෂුව ලෙස එහි සඳහන්ව තිබේ. මේ සෙන්පති පැවිදිවි බිහිකළ යක්‍ෂ ගෝත්‍රික භික්‍ෂු ප්‍රාග් මහින්ද යුගයේ ශ්‍රී  ලංකාවේ බුදු දහම පැවැතුණ බවට තොරතුරු අල්ප වශයෙන් සඳහන්ව ඇත. මේ විභීෂභද්‍ර හිමිගේ ශිෂ්‍ය පරපුර නොහොත් යක්‍ෂ ගෝත්‍රික ප්‍රථම භික්‍ෂු පරපුරයි.


විභීෂභද්‍ර හිමි, උලපාතල හිමි, මකුභාණ හිමි, කිත්හිරණ හිමි, සසදික හිමි, ප්‍රපථ හිමි, දිස්සි හිමි, රක්සික හිමි, කෞෂාලා හිමි, කුගාර හිමි, අක්විසල හිමි.


වරිග පූර්ණිකාවේ වේශෛලාෂ වංසයේ වංස කතාව ආරම්භ වනුයේ කවිලාශපාලි දේවියගෙනි. ඇය එකල ගිරිදේශයේ ගිරිබද්‍ර සෙන්පතිගේ බිසව වූවාය. කවිලාශපාලි බුදුන් වහන්සේ පිළිබඳ අසා ගත්තේ එකල යක්‍ෂ ගෝත්‍රිකයන් සමඟ දැඩි වෙළෙඳ සබඳතා පැවැත්වූ පුණ්ණ වෙළෙන්දාගෙනි. බුදුන් සරණ ගොස් සිටි ඉන්දියානු සංචාරක පුණ්ණ වෙළෙන්දා උගෙන සිටි බුදු ගුණ භාවනාව කවිලාශපාලි දේවියට ඉගැන්වීය. උගෙනගත් එම භාවනාව නීලගිරි කන්ද අබියස පොකුණ අසබඩ සිට ඇය ප්‍රගුණ කළාය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය සෝවාන් භාවයට පත්වූවාය. ඉක්බිති ඇය පුණ්ණ වෙළෙන්දා හරහා බුදුන් වහන්සේට හෙළ දිවයිනට වඩින ලෙස ආරාධනා කළාය. එම ආරාධනාව පිළිගත් බුදුන් වහන්සේ, බුදුවීමෙන් සත්වැනි වස ලංකාවට වැඩම කළහ. ඒ ලලාට දේශයේ මුහුදු වෙරළටයි. උන්වහන්සේ එහි ධුමක කද්දරිය අසලදී යක්‍ෂ ගෝත්‍රිකයන්ට ධර්මය දේශනා කළහ.


මේ ධුමක කද්දිරය යනු කළාමයයි. මෙය විශාල ගඟක් වශයෙන් ගැලූ අවස්ථාද තිබී ඇත. ධුමක කද්දිරයේ වම් ඉවුර වූයේ ගිරි දේශයයි. බුද්ධ කාලයේ ලලාට දේශය දක්වා වූ ප්‍රදේශය ගිරි දේශයට අයත්ව තිබිණි. ලලාට දේශය වූයේ පුත්තලම් - හලාවත දක්වා වන මුහුදුබඩ ප්‍රදේශයයි. බුදුන් වහන්සේ එකල ලංකාව හැඳින් වූ මිණිමිනි දේශයට ශ්‍රී  පාදය තබන විට උන්වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් ශ්‍රී  පාදය වැල්ලේ එරිණි. එම ස්ථානය එදා හැඳින්වූයේ මක්කම යන නමිනි.


බුදු රජාණන්ගේ මෙම වැඩම කිරීම පිළිබඳ සඳහන් කරන වරිග පූර්ණිකා ඡේදයේ සිංහල අරුත මෙසේ දැක්විය හැකිය.


ලලාට දේශයට වැඩම කළ උන්වහන්සේ මුහුදු වෙරළේදී පළමුකොට ශ්‍රී  පාදය තැබූ විට එම ස්ථානයේ උන්වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් ස්වර්ණමය ශ්‍රී  පාදයක් මතුවී එයින් රශ්මි කදම්බය නිකුත් කරන්නට වූයෙන් එම දර්ශනය දුටු යක්‍ෂ ගෝත්‍රිකයෝ මහත් භක්තියෙන් උන්වහන්සේගේ ශ්‍රී  පාදය වන්දනා කළහ. ශ්‍රී  පාද පද්ම සලකුණ පිහිටි එම ශුද්ධ භූමිය එදා යක්‍ෂ භාෂාවෙන් හඳුන්වනු ලැබුවේ මක්කාමම යන නමිනි.

මක්කම ශ්‍රී  පාද ලාංඡනයක් තිබූ බව ගැමියන් අතර අදද භාවිත වන මෙම කව හොඳම නිදසුනකි.


මක්කම වැඩ සිට තිබූ වම් පා    දෙක

එක්කම මිණි මේකල දවසින්     දැක

සක් දෙවිඳුට උපමා කළ අණ     සක

නික්මෙති සිවු ජලකඳ ගිරි     අරණෙක     


මෙයට අමතරව ධාතු විස්තරයේ එක් කාව්‍යයකින් සමනල ගිරි මුදුනේ ඇත්තේ වම් සිරිපතුල බවත්, දකුණු සිරි පතුල ඇත්තේ මක්කම වැල්ලේ බවත් මෙසේ සඳහන් වේ.


වැටුණි තලිය තලි තුනකට     එල්ලේයා

ඉසුණු බුදු රැසින් මහ මෙර    එල්ලේයා

ලකුණු බලාලා මහ මෙර    පල්ලේයා

දකුණු සිරිපතුල මක්කම    වැල්ලේයා


තවද තොවිල් කවියක් වන කොහොඹ යක්කම හෙවත් විජේරාජ් කතාවේ ප්‍රාරම්භයේ එන කාව්‍යයකින්ද සිරිපතුල පිහිටි මක්කම ලක්දිව පිහිටි ස්ථානයක් බව කියැවෙයි.


මොක් හිමි    පදක්කම

ලක් සඳු පියස    මක්කම

සිවු මුරු වැඩක්    කම

සරණ වැඳලා කියමි    යක්කම


මෙයට අමතරව සක්දෙවි උපත නම් ශාස්ත්‍ර ප්‍රකරණයෙහිද ඒ බව කියැවෙයි.

සත්පුර ඔබ දෙවියන් දැක මුනිඳුන් අණ සිරස    දරයි

මක්කම සිරි පතුල තබා දෙව්රම් වෙහෙරට    වැඩියයි

මේ සිරිපතුල පිහිටි මක්කම පිහිටියේ අන් කිසි තැනක නොව ලංකාවේ මුහුදුබඩ ස්ථානයක බව නිශ්චය කරන්නට අවශ්‍ය අපමණ සාධක අප හමුවේ ඇත.


දෙවුන්දර සිට යාපා පටුන දක්වා සන්දේශයක් රැගෙන යන ලෙසින් ලියන ලද කෝකිල සන්දේශයේත් මුහුදු බඩ ස්ථාන රැසක නම් ඇතුළත්ය. මුන්නේශ්වරම්, වෙල්ලාවල, තම්මැන්නා අඩවිය, පුත්තලම පොන්පරිප්පුව, මුව‍ෙදාරගම මුසලිය, මොරවල, මන්නාරම, ඇත්තල, මක්කම එම ස්ථානයි. තම්මැන්නා අඩවිය පුත්තලමට පළමුවෙන් පිහිටා තිබේ. මෙකී ස්ථානවල නාමවල යම් අපිළිවෙළක් දක්නට ලැබුණත්, මක්කම ස්ථානය පිහිටා තිබුණේ පුත්තලමට ආසන්න ප්‍රදේශයක බව කිව හැකියි.


ඇත්තල නම් ස්ථානය පුත්තලමට නුදුරු කල්පිටියේ පිහිටියකි. ඇත්තල, මක්කම අසලම පිහිටි තැනකි.

මුල්ම අවධියේ යක්ෂ ගෝත්‍රිකයන් බුදුන් වහන්සේ වන්දනා කිරීම සඳහා භාවිත කළේ ලාංඡන දෙකකි. ඉන් එකක් වූයේ ශ්‍රී  පාද ලාංඡනයයි. අනෙක වූයේ බුදුන් වහන්සේට වැඩවිසීම සඳහා නිම කරන ලද ගල් ආසනයයි.


බුදුරජාණන් වහන්සේ විසින් යක්‍ෂ ගෝත්‍රිකයන්ට දේශනා කරන ලද සූත්‍ර කිහිපයක් වරිග පූර්ණිකාව ග්‍රන්ථයේ දැක්වේ. එය සිංහල භාෂාවෙන් මෙසේය.


රකුන් කයියෝ රකුන් පතිහු වඩිති.රකුන් කයියෝ සම්භාර ධර්ම පත රක්කහු වියෝ ඊමග මෙසේ වම්හ බුරුතුලු සිහි නුවණ කොටැරක්ඛ වරිගයෙහිම.

විෂකුම්භණ සුතුර දෙසා පියේ මැ

උත්‍රාවත්‍ර දැහැන් සුතුර ලෙසා පියේ මැ

බ්‍රහ්ම දැහැන් සුතුර දෙසා පියේ මැ

පතිනි ප්‍රමෝද්‍යා සුතුර දෙසා පියේ මැ

බිම්බා අරහත් මාතා සුතුර දෙසා පියේ මැ

සදෙස් දැහැන් සුතුර දෙසා පියේ මැ

තවද වරිග පූර්ණිකා මෙසේ දක්වයි.


ශ්‍රී  ලංකාවේ (හෙළදිව) මුලින්ම පිහිටියේ මෙහෙණි සස්නයි. කවිලාශපාලී රහත් මෙහෙණියගෙන් ආරම්භ වන මේ මෙහෙණි සස්න දීර්ඝ කාලයක් පැවැති බවට සාධක තිබේ. කවිලාශපාලී රහත් මෙහෙණිය, ගිහි කාලයේදී ලැබූ දියණිය වන මහාපාලි (කුවේණිය) කුමරිය බුදු රදුන් පිරිනිවන් පෑ දින උන්වහන්සේ සිහිවීම සඳහා නීලගිරියේ දල්වන ලද පහන නිවා දමා පැවිදි දිවියට පත්වූවාය. තම මෑණියන් වැඩසිටි ස්ථානයට වැඩම කළ මහාපාලිය, එම ස්ථානයේ මෙහෙණි ආරණ්‍යයක් පිහිටුවා ගත්තාය. අදත් මෙම ස්ථානය මහාපාලි මෙහෙණවර නමින් හඳුන්වනු ලබයි. මහාපාලිය (කුවේණිය) පැවිදිවීමට පෙර වෙසමුණි ධරණි සේනාසනයේ කාලයක් බ්‍රහ්මචාරීව වැඩ සිටියාය. ඇය විජය නම් පරදෙස්සා සමඟ විවාහ ගිවිස ගැනීම කළා යන්න සාවද්‍ය මතයකි. මේ එතැනින් ඇරැඹුණු පළමු මෙහෙණිසස්නයි.


රකුන් කෙනෙහිනාදි කවිලාශපාලි මෙහෙරුක මාතාන පෙවෙසි

සෝර ගානිති තදල් යැ කෙළෙමි කිරාණ

අරාධ කවිලාශ පාලි සෝරභි ආඩිසවිමැ

අරාධ සුවිසල් පාලි (මහාපාලි) සෝරති  ආඩිසවි මැ

අරාධ කමරාහුවා පාලි සෝරගී ආඩිසවි මැ

අරාධ සොලිස්ගාලි සෝරගී ආඩිසවී මැ

අරාධ කෞෂධිපාලි සෝරගී ආඩිසවි මැ

අරාධ සුධාපාලි සෝරගි ආඩිසවි මැ


තවද බුදුරජාණන් වහන්සේ රිටිගල දී යකුන් දමනය සඳහා යමා මහ පෙළහර පැවැත් වූ විට එයින් දමනය වූ යක්‍ෂ සෙන්පතිවරු බුදුන්ගෙන් බණ අසා රහත් ඵලයට පත්විය.


මෙයින් පසුව ලක්දිව භික්‍ෂු ශාසනය ආරම්භ විය. මුලින්ම පැවිදි බවට පත්වූයේ විභීෂභද්‍ර නම් සෙන්පතියාය. මෙසේ බුදුන් ඉදිරියේ පැවිදි බවට පත්වූ යක්‍ෂ ගෝත්‍රික භික්‍ෂු පිරිස වරිගපූර්ණිකාව මෙසේ දක්වයි.

රක්ඛානුවර රක්ඛ විෂකුම්භාණු සෝරත කිවිසිතේ කරාපි ඊවග තියාපතලුකි.



අරුණඩේල් විජේරත්න


උපුටා ගැනීම - http://mawbima.lk/55-14498-news-detail.html





වෛද්‍ය විද්‍යාව සොයා ගත්තේ යක්‍ෂ ගෝත්‍රික සෘෂිවරුන්

0



වෛද්‍ය විද්‍යාව සොයා ගත්තේ යක්‍ෂ ගෝත්‍රික සෘෂිවරුන්


පූජ්‍ය විමලරත්න හිමි සමඟ වරිග පූර්ණිකාව පිළිබද කෙරුණු සාකච්ඡාවක් ඇසුරෙන්

තෙවන ලිපිය


ශ්‍රී ලාංකික යක්ෂ ගෝත්‍රික සිරිත් අතර ගෝත්‍රික ධර්ම දහයක් සඳහන් වේ. ඒ මෙම ආකාරයටය.


01. මකිත - ශක්තිය

02. සීහාර - උත්සාහය

03. කිත්බි - අපරාජිත බව

04. ත්‍රතෝග - දූරදර්ශී බව

05. රිසිල - සංවර බව

06. ද්‍රෂධ - ඥානය

07. ලලත - එඩිතර බව

08. සැවොල - සුදුස්සාට ගරු කිරීම

09. ගිරිත - සිත දියුණු කිරීම, සමෘද්ධිමත් බව

10. තත්ප - ඍජුව ක්‍රියා කිරීම.


මෙම ගෝත්‍රික ආචාර ධර්ම දහය හඳුන්වන නමක් තිබේ. වරිග පූර්ණිකාවට අනුව එය සලසද මුහුර ලෙසින් හැඳින්වේ. මෙම යක්ෂ භාෂාවේ ඇති කෘතියක් වනුයේ කලම් අග්නි සන්ගුය කෘතියයි. එහි යක්ෂ නාමය අර්ථ ගැන්වූ කවියක් තිබේ. එය මෙසේයි,


බිල මීර

සසඳස් මුහුරකා

සෙක්‍ර

මන්ඨකා පී.හී.ග.

මෙහි සිංහල තේරුම මෙයාකාර වේ.


මෙවන් උතුම් ගුණාංගයන්ගෙන් යුක්ත වන්නා වූ මෙලොව, පරලොව දෙකෙහිම සියල්ලක් සම්පූර්ණ කරගනී. යගු කෞරාණ මන්ඨක යන නාමයෙන් හඳුන්වනු ලබන යක්ෂ ගෝත්‍රිකයන්ගේ ආදී මුත්තණුවන් වන දශශීර්ෂපති (රාවණා) ගෙන් රවිශෛලාෂ වංශය හා කේවේසස්ථාන පරපුර බිහිවී තිබේ. යක්ෂ ගෝත්‍රික කාන්තාවන්ට පාලි යන නාමය යෙදීම ගෝත්‍රික සම්ප්‍රදායකි. පාලි යන වචනයෙන් සංවර හා නුවණ ඇත්තී යන අරුත ලැබෙයි. ශික්ෂාකාමිත්වය හා ප්‍රඥාව තුළින් ස්ත්‍රීත්වය හැඩගැසිය යුතු බව එම ගෝත්‍රිකයන්ගේ පිළිගැනීමයි. මෙම රාවණා රජු සහ සෘෂිපාලි දේවියට උපන් උපේන්ද්‍රමිණක කුමාරයා පරසතුරු ආක්‍රමණවලදී ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණු තැනැත්තෙකි.


යක්ෂ ගෝත්‍රික පරපුර වෘත්තීයමය වශයෙන් කොටස් තුනකට බෙදා තිබිණි. ඒ මෙම ආකාරයටය.


01. ආඩිපාල මන්ඨක (ගෝත්‍රික නායක පරපුර)

02. අනෝල මන්ඨක (වෙළෙඳ වෘත්තිය)

03. රදිලික (ගොවි හා වෙනත් වෘත්තීන්)


මෙයට අමතරව මෙම වෘත්තීන් හැඳින්වීම සඳහා තවත් නම් තුනක් භාවිත කළ බව වරිග පූර්ණිකාවේ දැක්වේ.

01. දිගජ රක්ඛ

02. භවන්ත රක්ඛ

03. රක්නාත රක්ඛ


ඉහත දැක්වූ රක්නාත රක්ඛ හෙවත් රදිලික රක්ඛ කුලය තවත් අනුකුල හතකට බෙදා තිබිණි. ඒ පහත අයුරිනි.

සුරු, මේට, හුර, කජ, සුල්බි, නියං, ඉරි ලෙසටය. මෙම කුල හතට අයත් වූවන්ගෙන් සමාජයට කළ යුතු මෙහෙයන් වෙන් වෙන් වශයෙන් බෙදා තිබිණ.


නියං කුලය

කසළ ශෝධක, අවමඟුල් මෙහෙකරුවන්, කත්කරුවන්, දෝලා උසුලන්නන්, කරනැවෑමියන්, අරක්කැමියන්, තූර්යවාදකයන්, නර්තනකරුවන්, දඩයම්කරුවන් වැනි සේවාවන් කළ යුතුය.


කප් පූජාව

යුද කටයුතු සඳහා කැපවී සිටිය යුතුය.

මෙම සෑම කුලයකටම අයත්වූවන් ආඩිපාල මන්ඨක වංශයේ ආධිපත්‍යයට යටත්ව සිටිය යුතුව තිබිණ. මෙම සෑම කුලයකට එම කුලවලට වෙන් වෙන් වශයෙන් සිටින සේ ගණ නායකයකුද පත්කර තිබිණ. මේ අතරින් ආඩිපාල වංශයට අයත් නිලයන් විශේෂත්වයක් ගෙන තිබිණි. ඒ, එම නිලයන් රජ, මහා සෙන්පති, සෙන්පති, උරුකාල්, වග තකුල් වැනි ඉහළ තනතුරු දැරීමයි. මෙතුළ අන් කුලයන්ට හිමිව තිබෙනුයේ කුල නායක හෝ කණ්ඩායම් නායක වැනි තනතුරු පමණි.


මේ අතර තවත් විශේෂිත වෙනස්කමක්ද පැතිරී තිබිණ. ඒ ආගමික කටයුතුවල පැවැති වෙනසයි. ආඩිපාලි වංශිකයන් තපෝභූමි ආශ්‍රය කරගනිමින් ධ්‍යාන ක්‍රම පුරුදු ඇතිකර ගෙන තිබිණ. ඒ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා භූතයන්ගේ සමචරයෙන් හටගත් ශක්ති විශේෂයකින් භෞතික දේවල් හටගන්නා බවට වන විස්වාසය මත භෞතිකත්වය ඉක්මවා යන චිත්ත ශක්තියක් ඇතිකර ගැනීමට වෙර දැරීමෙනි. ඒ සඳහා මෙම යක්ෂ කුල ගෝත්‍රිකයන්ට ගෝරාපාසලම දැහැන, කුම්භී මුරාග්‍රථ දැහැන, වඩාජාල දැහැන, යටාවිර දැහැන වැනි ධ්‍යාන ක්‍රම භාවිත කිරීමට සිදුවිණි. නමුත් අනික් කුලවලට අයත් වූවන් බොහෝ දෙනෙක් දේව විශ්වාස සහ බිලි පූජා දී කෙරෙහි නැඹුරු වී තිබිණ.


මුල්ම කාලයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ආගම වී තිබුණේ ආදී මුතුන් මිත්තන් පිදීමයි. සිත දියුණු කරගත් ගෝත්‍රිකයන්ගේ විශ්වාසය වූයේ තමන් මියගිය පසු බ්‍රහ්ම ලෝකයේ උපදින බවය. භාවනා බලයෙන් සමාපත්ති සිත දියුණු කරගත් පිරිසකි යක්ෂ ගෝත්‍රික ඍෂිවරුන්. ඔවුන්ගේ එක් සොයාගැනීමක් වූයේ වෛද්‍ය විද්‍යාවයි. වඩවාලූ චිත්ත ශක්තියෙන් ගහ කොළ සමඟ අදහස් හුවමාරු කරගැන්මෙහි ලා ඔවුන් විශේෂ සමත්කමක් දක්වා තිබිණි. කය සහ මනස නීරෝගීව තබා ගැනීමට උපකාරී වන ඔෟෂධ විශේෂයක් ගැන වරිග පූර්ණිකාවේ එක් පරිච්ඡේදයක සටහන් වී තිබේ. මෙය පැහැදිලි කරනුයේ යක්ෂ ගෝත්‍රිකයන් මනසේ නීරෝගීකම උදෙසා භාවනා ක්‍රම පමණක් නොව ඖෂධ වර්ගද භාවිත කර ඇති බවකි. මෙම ඖෂධ විශේෂය ගැන වරිග පූර්ණිකා පත් ඉරුවල මෙසේ සටහන් වී ඇත.


"රක්ඛ, වේරිය, සෙතහි, කළාවූ, ශිල්ප භද්‍ර පාක නියාවේ පත්ඉරු කරම්හ."

කෙනෙකි මූල _ ධාරණ ශක්තිය දියුණු කිරීමෙහිලා සස්සක නම් ඖෂධ විශේෂය භාවිත කරන්න.

ධාලමූල - හෙමින් කියවා ධාරණ ශක්තිය දියුණු කිරීමෙහිලා පලධාන නම් ඖෂධ විශේෂය භාවිත කරන්න.

සුවාත මූල - තර්කයෙන් ධාරණ ශක්තිය ඇති කිරීමෙහිලා ක්ෂීර වැල් නම් ඖෂධ විශේෂය භාවිත කරන්න.

ලලන්ත මූල - කෙනෙකුගේ උදව්වෙන් ධාරණය කර ගැනීම උදෙසා සුබෝධන නම් ඖෂධ විශේෂය භාවිත කරන්න.


විධාර මූල - ස්ව ශක්තියෙන් පාඩම් අවබෝධ කරගැනීම උදෙසා ඉත්ලිස නම් ඖෂධ විශේෂය භාවිත කරන්න.

ගුප්ත විද්‍යා දත්තයන් වරිග පූර්ණිකා ග්‍රන්ථවල ඇතුළත් කර ඇති බව යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් මෙසේ දක්වා තිබේ. මෙය උපුටා ගැනීම රන් කොකුල බැඳි පුස්තකයේ රවිශෛලාෂ මුත්තා පත් ඉරුව - තිසාල ගෝරාපාසලම් කොටසිනි.


23 - මෙවුර මෝදල සේවුරිකල කක්ෂිරාය සෙද්දර කෙලිපුති සිද්ධි වරිග පූර්ණිකා ඇවටී ඉදේ.

(ඪ) මන්ඨගිරිගික ගෞරිභද්‍රාත සිද්ධි බ්‍රිග්‍රියේ.

(ඪඪ) මන්ඨගිරික ද්වන්ත්‍රාන සිද්ධි බ්‍රිග්‍රියේ.

(ඪඪඪ) මන්ඨගිරික කක්ෂිකාන සිද්ධි බ්‍රිග්‍රියේ.

(ඪම) මන්ඨගිරික කඩදිරිස සිද්ධි බ්‍රිග්‍රියේ.

(ම) මන්ඨගිරික පටාධාර සිද්ධි බ්‍රිග්‍රියේ.

(මඪ) මන්ඨගිරික සිහාර උට්ට සිද්ධි බ්‍රිග්‍රියේ


23 - මෙය සිංහලයට නැඟූ විට අරුත මෙසේයි.


මෙහි වාග් බලය (ගුප්ත විද්‍යා දත්තයන්) වරිග පූර්ණිකාවේ අන්තර්ගතයි.

(ඪ) යක්ෂ ගෝත්‍රික පරීක්ෂණ මඟින් ගෞරිභද්‍රාන නම් අධිමානසික ක්‍රමයෙන් හාස්කම් කළ හැකි බව.

(ඪඪ) යක්ෂ ගෝත්‍රික පරීක්ෂණ මඟින් ද්වන්ත්‍රාන රේඛා ශාස්ත්‍රයෙන් හාස්කම් කළ හැකි බව.

(ඪඪඪ) යක්ෂ ගෝත්‍රිකයන්ගේ පරීක්ෂණ තුළින් කක්ෂිකාන නම් ග්‍රහයන්ගේ කිරණ ශක්තිය උපයෝගී කරගෙන භෞතික හාස්කම් කළ හැකි බව.

(ඪම) යක්ෂ ගෝත්‍රිකයන්ගේ පරීක්ෂණ තුළින් කඩදිරිස නම් අදෘශ්‍යමාන බලවේග ග්‍රහණය කර ගැනීමේ ගුප්ත විද්‍යා ක්‍රම තුළින් භෞතික හාස්කම් කළ හැකි බව.

(ම) යක්ෂ ගෝත්‍රිකයන්ගේ පරීක්ෂණ තුළින් පටාධාර නම් ජල ආශි්‍රත ගුප්ත විද්‍යා ක්‍රම තුළින් භෞතික හාස්කම් කළ හැකි බව.

(මඪ) යක්ෂ ගෝත්‍රිකයන්ගේ සිහාර උට්ට නම් ගිනි භාවිතය මඟින් භෞතික හාස්කම් කළ හැකි බව.


යක්ෂ ගෝත්‍රිකයන්ට තිබුණේ ඔවුන්ටම ආවේණික භාෂාවකි. භාෂාවකින් කළ හැකි මෙහෙවර මෙන්ම දස්කම්, විස්කම් ගැනද ඔවුහු මැනැවින් දැන සිටියහ. යක්ෂ ගෝත්‍රික භාෂාව දුෂ්කර වනුයේ එය බොහෝ සංකීර්ණ වන බැවිනි. සංකීර්ණ වූ මෙම භාෂාවෙන් යක්ෂ ගෝත්‍රිකයෝ මනා ලෙස වැඩ ගත්හ. ඒ තුළ ඔවුන්හු යක්ෂ ගෝත්‍රික භාෂාවේ උපත සහ ගෝඩිය පුස්තකවල රචනා කරනු ලැබුවේ මතු ප්‍රයෝජනය සඳහාමය. ඒ තුළ ඔවුහු යක්ෂ ගෝත්‍රික භාෂාවේ උපත සිදුවූ ආකාරය ගැන මෙසේ දක්වා තිබිණ.


'යක්ෂ ගෝත්‍රික භාෂාවේ සන්තාඥ භාෂාවේ අක්ෂර'


පුප්ඵුශීය වායුධාරාව නිසා ස්වරාලය තුළ ඇතිවන ස්වර කම්පනයෙන් නිපදවනු ලබන නාද රටා සියුම්ව වර්ගීකරණය කොට සංකේත මඟින් ඉදිරිපත් කිරීම තුළින් යක්ෂ ගෝත්‍රික රවිශෛලාෂ භාෂාවේ අක්ෂරයන්ගේ උපත සිදුවී ඇතැයි නිගමනය කළ හැකිය. ඒ අනුව හඳුන්වාදුන් නාද රටා දහයක් ඇත. ඒවා ජාතිස සිලම්බි නමින් හැඳින්විය හැකිය. බට නළාවක් පිඹ විවිධ නාද රටා උත්පාදනය කළ හැකිවාක් මෙන්ම, පුප්ඵුෂීය වායු ධාරාව මඟින් ස්වරාලය තුළද විවිධ නාද රටා නිපද විය හැකිය. ජාතිස, සිලම්බි, සංකේත මඟින් පෙන්වාදෙන්නේ එබඳු නාද රටායි. මෙම ජාතික සිලම්බි නාද රටා දහයක් ඇත.


යක්ෂ ගෝත්‍රිකයන් තුළ තිබුණේ ඔවුන්ටම ආවේණික දර්ශනයකි. එම දර්ශනය සොබාදහම තුළ ජීවත්වීමෙන් ලබාගත්තකි. එය ඔවුන් පහත ආකාරයට හඳුන්වා තිබිණ.


"සොබා දහම පදනම් කරගත් සිත දියුණු කිරීමේ යෝගී ක්‍රමය."

ඒ පිළිබඳ පූජ්‍ය විමලරතන හිමි මෙසේ කියා සිටියි.


"මෙම යෝගී ක්‍රමය තුළින් ආත්ම විමුක්තිය ලැබෙනවා කියලා ඔවුන් විශ්වාස කළා. ඒ වගේම විශ්වයේ සොබාදහම තුළින් ලැබෙන අර්ථකාමී හා අනර්ථකාමී නියමයන් හඳුනාගෙන, විශ්ව භෞතිකත්වය චිත්ත සමාධිය තුළින් ජය ගැනීමේ දර්ශනය ඔවුන් හඳුනා ගෙන සිටියා. මේ දේවල්වලට ඔවුන් භාවනා ක්‍රම කිහිපයක් අනුගමනය කෙරුවා. ඒ සියල්ල අද පිළිගන්නේ ඉතා උසස් මනෝවිද්‍යා යෝගී ක්‍රම විදියට.

යක්ෂ ගෝත්‍රිකයන් ඇදහූ විශ්වාස අතරේ ආදී මුතුන් ඇදහීම, සිත් දියුණු කිරීම, ජොතිෂ්‍ය න්‍යායන් අනුගමනය කර භෞතිකත්වය පාලනය කිරීම තුළින් ඇතිකරගත් විශ්වාසය උඩ දර්ශන කිහිපයක් ගොඩනැඟුනා.


* ශාක්‍රකජා (භූත විද්‍යා දර්ශන)

* සුධාරි ඉහි (යෝගී ක්‍රම)

* සෙල්ලිජ මාශ (ජේ‍යාතිෂ්‍ය ක්‍රම)


මේ හැදෑරීම්වලින් යක්ෂ ගෝත්‍රිකයන්ගේ බුද්ධිය උසස් මට්ටමකට පත්වුණා. ඉතා පුළුල් අවබෝධයක් ලබාගත්තා. මේ සියල්ලටම මූලික පදනම වැටුණේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ සොබා දහම් විද්‍යා දර්ශනයෙන්. මේ දර්ශනයට ඔවුන් එකතු කළා පාරම්පරික ආවේණිකභාවය. මේ එකතුවෙන් ලැබූ ශක්තිය යක්ෂ ගෝත්‍රිකයන්ට ගෙනත් දුන්නා මනා රූපාලංකාරයක්. ඒකට කියනවා හොඳ උස, මහත කියලා. ඊළඟට කාය ශක්තියක් ලබා දුන්නා. ඒකට කියනවා ජව සම්පන්න, හැඩි දැඩි කියලා. තව ලබාදුන්නා චිත්ත සමාධිය. ඒකට කියන්නේ දියුණු සිත නැත්නම් බුද්ධි බලය කියලා. මේ සියල්ල යක්ෂ ගෝත්‍රික පරම්පරාවට ජන්ම සම්පතක්.

යක්ෂ ගෝත්‍රිකයන් ජීවත් වුණේ වනය, කුඩා වන ළැහැබ, දිය ඇලි, ගංගා, පොකුණු කඳු ශිඛර, ඔෟෂධ වැනි ස්වාභාවික තත්ත්වයන් ජීවිතයට ළංකර ගනිමින්.


අහසේ පියාසර කරන කුරුල්ලාත්, ජලයේ පිහිනන මාළුවාත්, පොළොවේ දුවන අශ්වයාත් දෙස බැලීමෙන් හැදෑරීමෙන් අතීත යක්ෂ ගෝත්‍රිකයන් විසින් සොයාගනු ලැබුවේ නව තාක්ෂණ ශිල්පයක්."

ඕනෑම භාෂාවක අතීතය තුළ සැඟවී ඇත්තේ එම භාෂාව භාවිත කරන වරිගයාගේ වර්තමානය දක්වා වන වරිග පූර්ණිකාවයි. එය මැනැවින් විමසා බැලීම යනු, එම පරපුරේ ඉතිහාසය මතුකරලීමයි. වර්තමානයේ රාවණා පරපුරේ වත්මන් ලේ නෑයන්ගෙන් අරඹා රාවණාගේ පෙර පරම්පරාවේ ආරම්භකයා වූ සයිබාරු ඍෂිවරයා තෙක් වන මේ විමසා බැලීම සිදුකරලීම සඳහා ඉතිහාසය රචනා කළ ඍෂිවරුන් දෙදෙනකුට මේ හෙළයන් ණයගැතිය.


එම හෙළයන් දෙදෙනා වනුයේ, කෝමර බන්ධන ඍෂිවරයා සහ මූණමුර මන්ඨක ඍෂිවරයා යන දෙදෙනායි. මෙහිලා ඉතා වැදගත් වන කාරණය වනුයේ, රාවණාගේ කේවේසස්ථ පරපුර සතුව තිබූ මෝදවිධාර අක්ෂර ක්‍රමයත්, රවිශෛලාෂ පරපුරේ සත්තාඥ අක්ෂර ක්‍රමයත් බිහිකර වර්තමානය දක්වා සුරක්ෂිත කරලීම සඳහා ලේඛනගත කිරීම කළ නිසාය.


ඉදිරි ලිපියක සාකච්ඡා කිරීමට අදහස් කරන ශ්‍රී රත්නපාලි දේවිය යක්ෂ ගෝත්‍රික පරපුර දුෂ්කර අවස්ථාවලට පත්වූ විටත්, සතුරු ආක්‍රමණයන්ට හසුවූ විටත් රැකගැනීම සඳහා ඉදිරිපත් වූ නිර්භීත යක්ෂ ගෝත්‍රික වීර කාන්තාවකි. රත්නපාලියට වරිග පුස්තකය තුළ වෙනම පරිච්ඡේදයක් වෙන්වී ඇත.


වර්තමානයේ ජීවත්වන රාවණා පරම්පරාව තම පරපුර රැකගැනීම වෙනුවෙන් අදටත් මහත් ගෞරවයක් දක්වයි. ඇස් සිසාරා පෙනෙන මායිමේ පෙනෙන සරුසාර ගොවි බිමත්, ගොවි බිම කෙළවර පිහිටි වැවත්, වැව කෙළවර පිහිටි කන්දත්, ගලත් අද අතීත විභූතිය විහිදමින් ගම මැද පිහිටි පෞරාණික පන්සලෙන් හමන සිල් සුවඳින් නැහැවෙමින් තිබේ. මෙගම වර්තමාන පරපුරේ අදටත් ජීවත්වන පැරැන්නන් තම වරිගය රැකගත් රත්නපාලි දේවිය දේවත්වයෙන් පුදමින් සිටියි. අතීතයේ සිට අද දක්වා කටවහරින් රත්නපාලි දේවිය පුදන මනරම් ජන කවියෙන් එය මැනැවින් වටහාගත හැකිය.


උනා වරල රත් ඉර සඳ දැරුව ලියේ

රන්මිණි පයෝදර තඹරා පැලැඳි ලියේ

උත්‍රාචක්‍ර වට මිණි හත දිලෙන ලියේ

කන්දේ වෙහෙර කළ සිරි රත්න පාලියේ


සිරි රත්නපාලි දේවිය දේවත්වයෙන් පුදනු ලැබූ තවත් ජනකොටසකි මහීෂ මාළ වැදි රජුගේ වැදි පරපුර. ඔවුන් සිරි රත්නපාල දේවිය හැඳින්වූයේ නිල්මල් බිසව් යන නමිනි. වැදි පුරපුර ද දේවත්වයෙන් පුදනු ලබන රත්නපාලි දේවිය වෙනුවෙන් නිර්මාණය කළ මෙම වැදි කවියෙන්ද ඇය කෙරේ වත්මන් පරපුර තුළ ජනිතවන්නේ ගෞරවාදර භක්තියකි.


ඔබත් මොබත් චොර බොර වැවාණෝ

අඬා දිය බචිති මා වැලි ගඟාණෝ

දිය නොබිඳෙයි ඔබ සොරබොර වැවාණෝ

නිල්මල් බිසව් දිය කෙළිනා වැවාණෝ



අරුණඩේල් විජේරත්න

උපුටා ගැනීම - http://mawbima.lk/55-13486-news-detail.html

පළමුලිපිය
දෙවන ලිපිය
සිව්වන ලිපිය






..