රාවණාගේ ලේ
නෑයන් ජීවත් වන ගම්මානයට ගියෙමු.
පූජ්‍ය විමලරත්න
හිමි සමඟ වරිග
පූර්ණිකාව පිළිබද කෙරුණු
සාකච්ඡාවක් ඇසුරෙන්
පළමු ලිපිය
රවිශෛලාෂ
නීලගිරි වංශයේ මහානාම රජුගෙන් පසු පරම්පරාව. ජයේන්ද්‍ර රක්ඛ සෙන්පතිතුමා, ඔහුගේ දියණිය සිරිමේඝා
රත්නපාලී කුමරිය, ජයෙන්ද්‍ර රක්ඛ
සෙන්පතිගේ වැඩිමහල් පුතු නබා ධම්ම, දෙවැනි දියණිය වන උත්තරාපාලි කුමරිය පැවිදි වූහ.
සිරිමේඝා
රත්නපාලි සහ මහානාම රජුගේ පුත් ස්වර්ණ සුබෝධි කුමාරයා, මෙහෙසිය පද්මපාලි, ඔහුගේ පුත් මාලිම්භ කුමාරයා, මාලිම්භ කුමාරයාගේ
පුතා සංජීව කුමාරයා, ඔහුගේ පුත්
විප්‍රල්ලම්භ කුමාරයා (රංකොත් බණ්ඩාර), ඔහුගේ පුත් පියමුල් බණ්ඩාර කුමාරයා (හිටි අප්පු ගමයා ලෙස
වෙස්වළා), ඔහුගේ පුත්
සිරිනාථ බණ්ඩාර (කළුහාමි), ඔහුගේ පුත්
චන්ද්‍රගිරි බණ්ඩාර කුමාරයා (රංහාමි), ඔහුගේ පුත් සත්බෝ බණ්ඩාර (සුබෝධ හිමි), දියණිය පියුමලී පාලි
කුමරිය (රාජාධිරාජ රාජසිංහ රජුගෙන් රාජකරුණා නම් ගෞරව නාමය ලත් වීර කාන්තාවකි),
ඇගේ පුත් සුජාත
කුමාරයා, ඔහුගේ පුත්
සංජය බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත්
මානා බණ්ඩාර හෙවත් රාජකරුණා මුදියන්සේ (සෝල්බරි ආණ්ඩුවේ මහජන සෞඛ්‍ය නිලධාරී),
ඔහුගේ පුතුන් තිදෙනා
කිරි බණ්ඩා, හීං බණ්ඩා,
ටිකිරි බණ්ඩා ඔවුන්ගේ
දරුවන්.
මෙම පුතුන්
තිදෙනාගෙන් කිරි බණ්ඩාගේ දරුවන් වන කපුරු බණ්ඩා, කළු බණ්ඩා, ඩිංගිරි මැණිකා, තිලකරත්න බණ්ඩාර (පූජ්‍ය ..........
විමලරත්න හිමි, සෝමාවතී
(මියගිය), විමලාවතී,
හීන් බණ්ඩා අදටත් අතීත
රාවණ රජුගේ රාජ්‍ය ප්‍රදේශයේ වැවකට මායිම් වූ කන්දක් පාමුල කෘෂිකාර්මික ජීවනෝපාය
කරගෙනම නිහඬවම දිවි ගෙවමින් සිටියි. වරිග පූර්ණිකා පුස්තකය රාවණා පරපුර පිළිබඳ
සාක්‍ෂි එසේ සපයයි. එසේ සාක්‍ෂි සපයන වරිග පූර්ණිකාව, වරිගයක තොරතුරු ලියූ පුස්තකය වන බැවින් ඒ නම
පටබැඳී තිබේ. එය සැබැවින්ම වරිගයේ අනන්‍යතාවයි.
පාරම්පරික
ඉතිහාසයක තොරතුරු වර්තමානය තෙක් සඟවා සුරක්‍ෂිත කරනු ලැබූ වරිග පූර්ණිකා පුස්තකය
වනපොත් කළ අයකු ගැනද සඳහනක් තිබේ. ඒ වරිග පූර්ණිකා ග්‍රන්ථය රචනා කළ බෝධිවංශ
හිමිගේ මුනුපුරකු වූ රාජකරුණා කිරි බණ්ඩා තේවාචාර්යතුමායි. මොහු ළඟ වීර සන්නසක්
සුරක්‍ෂිතව තබාගෙන තිබිණ. එය හැඳින්වූයේ රාජාධිරාජසිංහ වීර සන්නස යන නමිනි.
වර්තමානයේ එම්. වීර සන්නස රාජ්‍ය ලේඛනාගාරයේ සුරක්‍ෂිතව තැන්පත් කර තිබේ. ඒ කිරි
බණ්ඩාගේ පරිත්‍යාගයක් මතය.
රාජකරුණා කිරි
බණ්ඩා හැඳින්වූ තවත් නාමයක් තිබිණ. එය වූයේ එකසිය අටේ වෙද මුත්තා යන්නයි. එය
තහවුරු කරනුයේ ඔහු අවුරුදු එකසිය අටක් ජීවත් වූ බවය.
එකසිය අටේ වෙද
මුත්තාට කනිටු පුත්‍රයෙක් විය. ඒ රාජකරුණා වන්නිහාමි වෙදැදුරායි. ඔහුගේ බිරිය වූයේ
ඩිංගිරි අම්මා දෙමටමලියි. ඩිංගිරි අම්මා, කිරිබණ්ඩා තේවාචාර්යතුමාගේ සොයුරියක් වූවාය.
වත්මනට එනතෙක් පරම්පරාවක් සුරක්‍ෂිත කළ වරිග පූර්ණිකා ග්‍රන්ථය ආරක්‍ෂිතව පැවැතුණේ
මෙම යුවළ බාරයේය.
වරිග
පූර්ණිකාව ඇතුළත්ව රචනා කළ තවත් ග්‍රන්ථ හතරක් වෙයි. ඒ විභූෂ පූර්ණිකාව, සලසාන පූර්ණිකාව,
සුන්දල පූර්ණිකාව සහ
මන්දාල පූර්ණිකාව යන්නයි. මෙම ග්‍රන්ථ සහ ඇතුළත් වූ තනි ග්‍රන්ථයට කියන වෙනත්
නමක්ද තිබේ. එම නම වනුයේ පංචරක්ඛාවලිය යන නමයි. පංචරක්ඛාවලියේ කර්තෘ ලෙස සඳහන්ව
ඇත්තේ බෝධිවංශාභය හිමියන්ගේ නමයි.
පංචරක්ඛාවලියට
ඇතුළත් වරිග පූර්ණිකා ග්‍රන්ථය කියාදෙනුයේ පරපුරක ඉතිහාසය පමණක්ම නොවේ. එය යක්‍ෂ
ගෝත්‍රික පරම්පරාවේ, එනම් රාවණා
පෙළපතෙහි විෂය
නිර්දේශයයි. එහි දැක්වෙන මෙම විෂයයීය මාතෘකා දෙස බැලීමෙන්ම පමණක් එහි ගැඹුර හා
විස්තර ගැන සිතා ගැනීමට පිළිවන. මේ එහි පරිච්ඡේද බෙදා වෙන්කර මෙසේ දක්වාලයි.
* යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ
මූලාශ්‍ර ග්‍රන්ථ,
* කේවේසස්ථ වංශය
හා රවිශෛලාෂ වංශය
* යක්‍ෂ ගෝත්‍රික
නීති ක්‍රමය
* යක්‍ෂ ගෝත්‍රික
සිරිත් විරිත්
* යක්‍ෂ ගෝත්‍රික
බෞද්ධ ග්‍රන්ථ (සූත්‍ර පිටකය)
* යකෂ ගෝත්‍රික
අක්‍ෂර ක්‍රමය
(සන්තාඥා
අක්ෂර)
* යක්‍ෂ ගෝත්‍රික
භාෂා විශේෂතා
* යක්‍ෂ ගෝත්‍රික
පද්‍ය සාහිත්‍ය (රක්ඛ මහිලා සංදේශය)
* පද අරුත්
මේ සියල්ලටම
මූලික වන මූලිකාංගයන් ඉතා විස්මිතය. වර්තමානයට අනුව එය එතරම් විස්මිත නොවුවත් ඉතා
දීර්ඝ වූ ඉතිහාසයක ආරම්භක ගෝත්‍රිකයන් ලෙස ඔවුන් සලකන විට එය සැබෑවටම විස්මිතය. ඒ
ඔවුනගේ භාෂාව, එහි අක්ෂර
වින්‍යාසය, උපමා උපමේය සහ
භාෂාවේ සෑම වැදගත් අංගයක්ම වෙන් වෙන්ම විමසා බලන විටය. ඒ අතරින් වඩාත් වැදගත්
වනුයේ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ හෝඩියයි.
අතීත අක්ෂරවලින්
ලියැවුණු හෝඩි පොත සිංහල අරුතින් කියවා, අතීත පරම්පරාවේ ලේ නෑකම සහිත රාජකීයත්වයත්,
ශ්‍රේෂ්ඨ ඉතිහාසයගත
අභිමානයත්, ප්‍රෞඪත්වයත්,
සියලු කලා ශිල්ප
උරුමයත්, කෘෂිකර්මයත්
යන සියලු අංග හිසින් දරාගෙන හද්දා පිටිසර, නොඉඳුල් ගැමි පෙදෙසක ජීවත් වෙයි. එසේ ජීවත්වන
ඔවුනට මනරම් උදාන පාඨයක් ඇත. ඔවුන් එය නිතරම මුමුණමින් සිටියි.
අපි රාජකීය ලේ
ඇති සාමාන්‍ය මිනිසුන්. මේ තමයි රාවණා ලේ නෑයා අපිට දුන්නු රාජකීය තෑග්ග.
ගම. පන්සල.
වැව. දාගැබ.
ඒ තමයි අපේ
ජීවිතය.
ඒ ජීවිතය තුළ
ඔවුන් වැස්සට තෙමෙමින් සිටියි. අව්වට වියළෙමින් සිටියි. දෙගොඩ තළා ගැලූවිටද
සිනහවෙයි. පොළොව ඉරිතළා ගිය විටද සිනහසෙයි.
මේ ගම විශාලය.
එය එපමණටම විශාල වනුයේ තවත් ගම් කිහිපයක් පිරිවරා සිටින බැවිනි. එම ගම් හතරම අසුකර
ගනිමින් ජාතික කෘෂිකර්මයේ වාරි පද්ධතිය අභිමානයෙන් ගලා බසී. ඒ යෝධ ඇළයි. එම යෝධ
ඇළට ශක්තියක් වෙමින් පෝෂක ගංගාවන් තුනක් ප්‍රදේශය පෝෂණය කරමින් ගලා බසී. මේ සියලු
පෝෂක හිතුවක්කාර විදියට ඇද ගනිමින් මෙගම් පියස වෙනුවෙන් සුසැඳි වැව් තුනක් ගබඩා
කරගෙන සිටියි.
මෙගම තවමත්
නොඉඳුල් කාන්තාවකි. කන්‍යාවකි. එය කිලිටි විය යුත්තේ පරම, පිවිතුරු චින්තනයකිනි.
එබැවින් මෙම ගම තවදුරටත් වනගහනයේ සැඟවී තිබිය යුතුය. එබැවින් තවදුරටත් ගම සඟවා
ගනිමින් රාවණ අතීතයේ සිට වර්තමාන රාවණ ලේ නෑයා දක්වා විස්තර පමණක් සාක්ෂි සහිතව
ඉදිරිපත් කිරීම ඉතාමත් සුදුසු බැව් පමණක් හැඟෙමින් තිබේ.
අරුණඩේල්
විජේරත්න
උපුටා ගැනීම - http://mawbima.lk/55-11673-news-detail.html
No Response to "රාවණාගේ ලේ නෑයන් ජීවත් වන ගම්මානයට ගියෙමු."
Post a Comment
අදහස් සහ උදහස්