-->

Friday, May 11, 2018

රාවණ නාදයේ සිට විශ්ව සංගීතය කරා

0

රාවණ නාදයේ සිට විශ්ව සංගීතය කරා

දිනේෂ් දකුණු ඉන්දියාවේ දැවැන්ත සංගිතවේදියෙකු වන A.R. රහමන්ගේ පළමු ශ්‍රී ලාංකික ශිෂ්‍යා වෙමින් ඔහු යටතේ සංගිතය හදාරා අවසානයේ රහමන්ගේ සංගිත ඇකඩමියේ රහමන්ගේ නිර්මාණවලට දායක වෙමින් ජාත්‍යන්ත සංගීත භාවිතය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගෙන ඇත. ඔහුගේ ඉන්දීය නිර්මාණ දායකත්වය අතර මනිරත්නම්ගේ "රාවන්" චිත්‍රපටය සඳහාද වාදකයෙකු ලෙසත් A.R. රහමන් යටතේ තවත් ඉන්දීය චිත්‍රපට ගනනාවකටත්, වාදනයෙන් දායක වි ඇත. දිනේෂ් කේමදාසයන් සමග ඔහුගේ වාද්‍ය වෘන්දයන්හි ඔපෙරා සහ සංධ්වනි වාදකයෙකු ලෙස දායක වෙමින් සිය සංගිතමය ඥාණය පුළුල් කර ගැනිම හේතුවෙන් ඔහුගේ විශ්ව සංගිතය සොයා යාමේ ගමන ඉක්මන් කළා විය හැකිය.

දිනේෂ් සුබසිංහ නම් වූ මෙම තරුණ සංගීතවේදියා සිය පළමු සංගිත නිර්මාණාත්මක අත්දැකිම ලෙස එළිදක්වන්නේ "රාවණ නාද" නම් වූ ගී අනුවාදන 16 ක් ඇතුළත් සංගත තැටිය යි. ඔහු මේ සඳහා භාවිතා කරනු ලබන්නේ ඉතා අපූර්වතම සංගිත භාණ්ඩයකි. එපමණක් නො ව එම සංගිත භාණ්ඩයේ නිර්මාණාත්මක හිමිකරුවා ද ඔහු ය. එය ඉතාමත් ඓතිහාසික නිර්මාණයක් වූ "රාවණ හත්ත" ( Rawana Hatta ) නම් වේ. එම සංගිත භාණ්ඩය දිනේෂ්ගේ ම නිර්මාණයකි.

"රාවණ හත්ත" ( Rawana Hatta ) නම් වූ සංගිත භාණ්ඩය ඉතාමත් දිගු ප්‍රාග් ඓතිහාසික වටිනා කමක් ඇති, අපට ‍ඓතිහාසිකව උරුම වූ සංගිත භාණ්ඩයකි. එය නිර්මාණය වූ යුගය පිලිබදව සළකන විට එය වයලීනය බිහිවීමට පෙර වසර 2500 ක් 3000 ක් පමණ අතිතයේ ලියැවුණ "රාමායණය" පුරා වෘත්තයේ ඔබ අසා ඇති ශ්‍රී ලාංකික රාවණා රජු විසින් භාවිතා කරන ලදැයි සැළකෙන රාවනා රජු විසින්ම නිර්මාණය කර ගත් සංගිත භාණ්ඩය එයයි. "රාවණ හත්ත" ( Rawana Hatta ) පිළිබඳව ඓතිහාසික තොරතුරු පළමු වරට සඳහන් වන්නේ "රාමායණය" කෘතියෙහිය.

Rawan Nada
කේමදාසයන් සමග රාවණ හත්ත වාදනය කරමින්
අලුවකින් (Bow) වාදනය වන තත් සහිත සංගිත භාණ්ඩයක් වූ නූතන " වයලීනය" නිපදවීමට පෙර වසර 4000 ක් හෝ 5000 කට පෙර රාවණා රජු විසින් නිර්මාණය කරන ලද්දකි. ඒ අනුව රාවණා රජු විසින් "දඬුමොණරය" නිපද වූවා පමණක් නොව "රාවනා හත්ත ( Rawana Hatta ) " නම් වූ සංගිත භාණ්ඩයද නිර්මාණයකර වාදනය කල බව ඉතිහාසය සාක්ෂි දරයි.

දිනේෂ් එතරම් ඈත අතිතයක ශ්‍රී ලාංකික උරුමය හාරා අවුස්සමින් ප්‍රාග් ඉතිහාසයේ වැළලී ගිය අපට උරුම වූ ඒ සංගිත භාණ්ඩය නැවත නිර්මාණය කරමින් වාදනය කර පෙන්වීය. මෙහි හැඩය 16 වන සියවසේ ඉතාලියේ නිපද වූ "වයලිනයටත්" එහි නාදය උතුරු ඉන්දියානු "සාරංගි" සහ "එස්රාජ්" සංගිත භාණ්ඩවලින් නිකුත් වන නාදයට ආසන්න නාදයකි.

වසර 4000 - 5000 කට පෙර ලංකාවේ විසු රාවණා රජු විසින් වාදනය කළා යැයි සැළකෙන "රාවනා හත්ත ( Rawana Hatta ) " පිළිබඳව දිනේෂ් එහි මූලාශ්‍ර ඔස්සේ අක් මුල් සොයා යමින් නැවත ඒ ඓතිහාසික උරුමය රටට දායාද කළේය. එපමණක් නොව එය වාදනය කරමින් නිර්මාණය කල "රාවණ නාද " සංගත තැටිය ද එළි දැක්වීය.

ඒ අපූර්ව වූ "රාවනා හත්ත ( Rawana Hatta ) " වාදය කරමින් ගීත අනුවාදන අතරින් දිනේෂ් විසින් නීලා වික්‍රමසිංහ ගැයූ මතු දැක්නෙ ගීයේ ගි අනුවාදන අසන්න මේ මේ අපූර්ව සංගිත භාණ්ඩයේ මිහිර ඒ තරමට රසයෙන් පිරී ඇත.


උපුටා ගැනීම: http://aswanna.blogspot.com/2012/04/blog-post_19.html

Wednesday, May 2, 2018

ස්වභාවික කොරල් වැටියක්ද? රාමායනයේ කියවෙන හනුමාන් තැනූ පාලමද?

1

ස්වභාවික කොරල් වැටියක්ද? රාමායනයේ කියවෙන හනුමාන් තැනූ පාලමද?


හෙළ යුගය
පෝක් සමුද්‍රසන්ධිය
1800 ගණන්වල බ්‍රිතාන්‍ය පාලකයින්ගේ කාලයේ සිටම පෝක් සමුද්‍රසන්ධියේ ඉන්දියාව හා ලංකාව වෙන්කෙරෙන සමුද්‍ර තීරය නාවික ගමනාගමනයට සුදුසු වන ලෙස ගැඹුරු කිරීමේ විවිධ සැළසුම් තිබුණා. විවිධ හේතූන් නිසා අතපසු වෙමින් තිබුණු මේ ව්‍යාපෘතිය, 2005 වසරේදී වර්තමාන ඉන්දියානු රජය මගින් "සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය" ලෙස නැවත දියත්කලා.

මේ නවතම ව්‍යාපෘති සැළසුමට අනුව ලංකාව හා ඉන්දියාව අතර තලෙයිමන්නාරම හා ඉන්දියාවේ ධනුස්කොඩි අතරින් රාමසේතු නමින් ඉන්දියානු පුරාවෘත්තවල සඳහන්වන ප්‍රදේශය හරහා නාවික ගමන්මාර්ගය තැනීමට යෝජනා වුනා.
හෙළ යුගය
http://en.wikipedia.org/wiki/Sethusamudram_Shipping_Canal_Project

සේතුසමුද්‍රම් ව්‍යාපෘතියට ඉන්දීය හින්දු භක්තිකයින්ගේ දැඩි විරෝධය

ව්‍යාපෘතියේ මුහුදු මාර්ගය ප්‍රසිද්ධ වීමත් සමග ඉන්දියාවේ භාරතීය ජනතා පක්ශය, විශ්ව හින්දු පාරිශාද්, ශිව් සේනා වැනි දේශපාලන පක්ශවල මූලිකත්වයෙන් හින්දු භක්තික ජනතාව දැඩි විරෝධයක් එල්ල කරා.

ඔවුන්ගේ තර්කය වූයේ මෙම මුහුදු මාර්ගය සඳහා වන කැනීම් වලින් හින්දූන් පූජනීයත්වයේලා සලකන රාමායනයේ සඳහන්වන රාමාගේ පාලම විනාශවී යන බවත්, ඒ නිසා මෙම ව්‍යාපෘතිය වහාම නවතා දැමිය යුතු බවත්ය.

නාසා ඡායාරූප පෙන්වන රාමාගේ පාලම?

 හෙළ යුගය
හෙළ යුගය
නාසා ඡායාරූප පෙන්වන රාමාගේ පාලම
සේතුසමුද්‍රම් ව්‍යාපෘතියට හින්දූන්ගේ විරෝධය දැඩිවෙද්දි, නාසා ආයතනය මගින් විවිධ අභ්‍යවකාශ ගමන්වලදී ලබාගෙන මහජනතාවට විවෘත (public domain) වෙබ් අඩවවල ගබඩා කොට තිබූ ඡායාරූප ගණනාවක් අන්තර්ජාලය පුරා හුවමාරු වන්නට වුනා. මෙම ඡායාරූප මගින් රාමාගේ පාලම මිත්‍යාවක් නොව, අභ්‍යවකාශයේ සිට පැහැදිලිව පෙනෙන ගොඩනැගීමක් ලෙස තහවුරු වන බව බව හින්දූන් ප්‍රකාශ කරන්නට වූ අතර භාරතිය ජනතා පක්ශය මෙම ඡායාරූපද සාක්ශි ලෙස සටහන් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකලේ සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නතර කරන නියෝගයක් පනවන ලෙස ඉල්ලා සිටිමින්

ඉන්දීය භූවිද්‍යාත්මක සමීක්ශණ ආයතනයේ ස්ථාවරය

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ සාක්ශි දුන් ඉන්දීය භූවිද්‍යා සමීක්ශණ ආයතනයේ (Indian Geological Survey - IGS) විද්‍යාඥයින් පවසා සිටියේ ගිලී ගිය පෞරාණික පාලමක් මෙන් අභ්‍යවකාශ ඡායාරූපවල පෙනෙන මෙම භූවිෂමතාවය මිනිස් නිර්මාණයක් නොව කොරල් පර හා වැලිකඳු දාමයක් බවයි. මෙහි පෞරාණික ගොඩනැගීම් කිසිවක් දකින්නට නොලැබෙන බව ප්‍රකාශකල ඔවුන් ඒ අනුව රාමසේතු ලෙස හින්දු පුරාණයේ සඳහන්වන්නේ මිත්‍යාවක් මිස සැබෑ ගොඩනැගීමක් නොවන බව තම ස්ථාවරය ලෙස ප්‍රකාශකලා.

වාල්මිකීගේ රාමායනයට අනුව රාමසේතු හෙවත් රාමර් පාලම්



සීතා බේරාගැනීමට ලංකාව බලා යන රාම, ලක්ශ්මන හා හනුමාන්හට ධනුස්කොඩියේදී මුහුදින් එතර වන්නේ කෙසේදැයි යන ගැටළුව ඇතිවුනා. රාම කෙරෙහි අතිශය භක්තියෙන් සිටි හනුමාන්, සිය වානර හමුදාව සමග එක්ව රාමගේ නම ලියැවූ විශාල ගල් එකමත එක තබා රාමට හා හමුදාවට මුහුදින් එතරවී රාවනා රජුගේ රාජධානියට ඇතුලුවීමට පාලමක් තනාදුන් බව වාල්මිකී සිය පුරාවෘත්තයේ සඳහන් කරනවා. මෙයට රාමගේ පාලම හෙවත් රාම සේතු (සංස්කෘත භාෂාවෙන් සේතු=පාලම ) ලෙස හැඳින්වූ බව රාමායනයේ සඳහන්.

මේ ප්‍රදේශ පුරාණයේ සිට රාමාගේ නමින් ප්‍රසිද්ධව ඇත්තේ රාමා රාවන යුද්ධය සැබැවින්ම සිදුවූ නිසාද?

මෙම ප්‍රදේශය රාම කුමරා හා ඔහුගේ පාලම ආශ්‍රයෙන් නම්කොට තිබුණු බව පැරණි සිතියම් හා ගවේෂකයින්ගේ වාර්තාවල දැක්වෙනවා.

පර්සියානු දේෂගවේශකයෙකු වූ ඉබන් කොර්දාද්බේ, කි.ව 850දී ලියූ ග්‍රන්ථයක මෙම ප්‍රදේශය "සෙත් භන්දායි - මුහුදු පාලම" ලෙස හඳුන්වා තිබෙනවා.

1747 දී ඕලන්ද ජාතික සිතියම්කරුවෙකු විසින් සිය සිතියම්වල මෙම ප්‍රදේශය "රාමන්කොයිල්" ලෙස නම්කොට තිබෙන අතර ඔහු මෙම ප්‍රදේශය එලෙස නම්කරන්නට ඇත්තේ රාමේශ්වරමේ ඇති රාම දෙවිඳුගේ දෙවොලට දෙමළ භාශාවේ හැඳින්වෙන "රාමන් කෝවිල්" යන නාමය අනුසාරයෙන් බව පැවසෙනවා.

1788 ජේ රෙනෙල් නම් නැවියෙකු සැකසූ සිතියමකද මෙම ප්‍රදේශය රාම දෙවොලේ ප්‍රදේශය ලෙස හඳුන්වා තිබෙනවා.

මාකෝ පෝලෝ මෙම ප්‍රදේශය "සේතුභන්දනම්" ලෙස සඳහන්කර ඇති බව පැවසෙන අතර (විකිපීඩියා), රාමායනයේ යම් ස්ථානවල, රාමාගේ පාලම "සේතුභන්දනම්" ලෙස හැඳින්වෙන බව සටහන්වී තිබෙනවා.

රාමාගේ උපත මීට වසර 7000 කට පෙර, එනම් අයිස් යුගය අවසන්වී කෙටිකලකින් සිදුවුනිද?

 

අයිස් යුගය අවසන්වූයේ මීට වසර 10,000 කට පෙරය.

ඉන්දියානු පර්යේෂකයින් දෙපොලක් වන පුශ්කාර් භාත්නාගර් හා ඩී.කේ හාරි ගේ පර්යේෂණවලට අනුව, රාමායනය ලියූ වාල්මිකී රාම කුමරුගේ සමකාලීනයෙකි. රාමකුමරු, සීතා නැවත ලබාගැනීම සඳහා කල සටන වාල්මිකී සියැසින් දකින්නට ඇති බව පවසන මොවුන් මෙයට සාක්ශි සඳහා වාල්මිකී විසින් රාමායනයේ විවිධ පරිච්ඡේදවල විස්තර කොට ඇති එදවස අහසේ තරුසලකුණු හා ග්‍රහ පිහිටීම් පිලිබඳ විස්තර උපයෝගී කරගත් බව පැවසෙනවා.

ඔවුන් මෙම ග්‍රහපිහිටීම් අතීතයේ හා අනාගතයේ අහසේ තාරකා හා ග්‍රපිහිටීම් නිවැරදිව පෙන්වාදෙන පරිගණක වැඩසටහනකට (මෙවැනි පරිගණක මෘදුකාංග ඉතා සුලබයි) ඇතුලත් කොට ඒ අනුව, රාමායනය ලියූ දින වකවානුත්, රාමාගේ උපත සිදුවූ දින වකවානුත් ගණනය කරගත් බව පවසනවා.

 

ඔවුන් මෙම පර්යේශණ වාර්තා සේතු සමුද්‍රම් ව්‍යාපෘතියට විරුද්ධව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකකල නඩුවේ පැමිණිලි කාර පක්ශවල සහයට ඉදිරිපත් කොට තිබෙනවා.


ඔවුන්ගේ ගණනය කිරීම් වලට අනුව රාම කුමරු ඉපදී ඇත්තේ ක්‍රිස්තුපූර්ව 5114, එනම් මීට වසර 7000කට පෙර රාම කුමරු රජකමට පත්වූයේ වයස අවුරුදු 25දීය  රාම, රාවණ රජු හීයකින් විද මරාදමනවිට වයස 39හි පසුවිය
මූලාශ්‍ර : 1 , 2 , 3

 

රාමගේ හමුදාව ලංකාවට ගෙන යන්නට, "වානර වහලුන්ගේ" ශ්‍රමයෙන් නොගැඹුරු මුහුදේ කොරල්පර යාකොට රළු පාරක් තනාගත්තා වන්නට බැරිද?

රාම රාවණ යුද්ධය සිදුවන්නේ (මේ සියල්ල සත්‍යය යැයි උපකල්පණය කලවිට), අයිස් යුගය අවසන්වී වසර 3000 ක් වැනි කෙටි කාලයකින්ය.

අයිස් යුගයේදී, මුහුදුමට්ටම දැනට වඩා ඉතා පහලින් තිබුණු බව පිලිගත් විද්‍යාත්මක සත්‍යයකි (දැන් මුහුදු මට්ටම ඉහල යමින් තිබෙන්නේ ලෝකය වේගයෙන් උණුසුම් වීම නිසා අයිස් දියවෙමින් යන නිසාය)

ඒ අනුව දැන් නොගැඹුරු මුහුදින් වැසී ඇති මේ භූමි තීරුව එකල්හි මුහුදින් ඉහලට මතුවූ කොරල්පර හා වැලිපර රාශියකින් එකිනෙක යාවී තිබෙන්නට ඇතැයි උපකල්පණය කල හැකිය.

කෙනෙකුට හෝ කුඩා නඩයකට පයින් යන්නට හැකි වුවත් හමුදාවක් හා හමුදාවට අවශ්‍යය සැපයුම්, ඇතුන්, අශ්වයින් සිය ගණනක් ගෙනයන්නට තරම් නොසුදුසු, උදම් රළට යටවන, ඇතැම් තැන්වල එරෙන වැලි ඇති භූමිතීරුවක් යයි උපකල්පණය කිරීම එතරම් වැරදි නොවේ.

එසේනම්, මේ නුසුදුසු භූමි තීරුව හමුදාව ගෙනයාමට සුදුසු ලෙස සකසා ගන්නට ඇතැයි උපකල්පණය කරන්නට පුළුවන. එසේනම් වාල්මිකීගේ රාමායනයේ එන රාමසේතු පාලම එතරම් විශ්වකර්ම ක්‍රියාවක් නොව, හමුදාවක් පහසුවෙන් රැගෙනයාම සඳහා කරන ලද ප්‍රායෝගික ක්‍රියාවක් යැයි සිතන්නට පුලුවන.

සන්සන්දනයක් කරනවානම්;
චීනුන් තැනූ සැතපුම් දහස් ගණනක් දිග චීන මහා ප්‍රාකාරය හා සමකරනවිට, හනුමන්තාගේ හැතැප්ම 18ක පාලම කජ්ජක්දැයි කෙනෙකුට සිතෙන්නට පුලුවන.

 

වාල්මිකි කියන, රාමගේ වානර හමුදාව, රාම විසින් වහල්සේවයේ යොදවාගත් නොදියුණු මනුශ්‍ය කොට්ඨාශයක් වන්නට නොහැකිද?

සුදු ජාතිකයින්, නොදියුණු අප්‍රිකාවට කඩා වැදී ලක්ශ ගණනින් අප වැනිම මිනිසුන් වහල් කමට රැගෙන ගොස් ඔවුන්ගේ ශ්‍රමයෙන් රේල් පාරවල්, පාලම්, බෝක්කු, වරායවල් තනවාගත්තානම්; ඔවුන් තවමත් කලුහම පහත් කොට සලකනවා නම්;

අවුරුදු 7000 කට පෙර රජ කුමරෙකු වූ රාමට, එකල නොදියුණු ගෝත්‍රයක ජනකායක් සිය හමුදාව සඳහා වහල් මෙහෙයට යොදවාගන්නට නොහැකි වුනිද?

බමුණු කුළයේ වාල්මිකීට, මේ අසරණ වහලුන් වානරයින් මෙන් පෙනීම හා එලෙසම ලීවීමද එතරම් පුදුමයට කාරණයක් නොවේ!

 

15 වැනි ශතවර්ශය වනතෙක් රාම පාලම මුහුදින් ඉහල තිබුනාද?

Encyclopedia of Hindu World (1992) නම් ග්‍රන්ථය රාමේශ්වරමේ ඇති රාම දෙවිඳුන් සඳහා වන කෝවිලෙහි වාර්තා උපුටා දක්වමින් සඳහන් කරන්නේ රාම පාලම ලෙස හඳුන්වන මෙම භූමි තීරුව ධනුස්කොඩියේ සිට තලෙයිමන්නාරම දක්වාම පයින් යා හැකි තරමට ජලයෙන් ඉහලට තිබූ බවයි. මෙය ජලයෙන් යටවී ගියේ 1480 දී ප්‍රදේශය හරහා හමාගිය මහා කුණාටුවකින් රළුවූ මුහුදට සේදී ගිය පසුව බව එම ග්‍රන්ථය සඳහන් කරනවා.