-->
Showing posts with label සීගිරිය. Show all posts
Showing posts with label සීගිරිය. Show all posts

Friday, March 21, 2014

හෙළ වංශය විසිතුන්වන වැඩසටහන

0


හෙළ වංශය විසිතුන්වන වැඩසටහන




දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ විසිතුන්වන වැඩසටහන
"Helawanshaya" "හෙළවංශය"

ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....





හෙළ වංශය විසිදෙවන වැඩසටහන

0


හෙළ වංශය විසිදෙවන වැඩසටහන




දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ විසිදෙවන වැඩසටහන
"Helawanshaya" "හෙළවංශය"

ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....





හෙළ වංශය විසිඑක්වන වැඩසටහන

0


හෙළ වංශය විසිඑක්වන වැඩසටහන




දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ විසිඑක්වන වැඩසටහන
"Helawanshaya" "හෙළවංශය"

ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....








Wednesday, March 12, 2014

හෙළ වංශය විසිවන වැඩසටහන

0


හෙළ වංශය විසිවන වැඩසටහන



දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ විසිවන වැඩසටහන
"Helawanshaya" "හෙළවංශය"

ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....






Tuesday, October 8, 2013

සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය

5


සීගිරිය - සිංහ පාදය
 
මෙය කියවන ඔබ තම ජීවිතයේ එක වරක් හෝ මාතලේ දිස්තික්කයේ පිහිටි වර්තමාන “සීගිරිය” නමින් හදුන්වන, ලෝක උරුමයක් ලෙස මෙන්ම, ලෝකයේ අටවැනි පුදුමය ලෙසින් හදුන්වන ඒ විශ්මිත නිර්මාණය වෙත එලබ, එය නිරීක්ෂණය කර ඇති බවට කිසිදු සැකයක් නැත.අපගේ මෙම කතාවට පෙර යටත් විජිත සමයේ සිට ඇරඹෙන අපගේ පුරාවිද්‍යාව නම් විෂය ධාරාව “සිගිරිය” දකින සැටි මදක් විමසා බලමු.

මෙම ස්ථානය මුලින්ම ගවේෂණය වන්නේ වසර 1890 දී බ්‍රිතාන්‍ය රජයේ අදායම් බදු නිලධාරියෙකු ලෙස ලංකාවේ සේවය කරන H.C.P. Bell නම් විදේශිකයා අතින්ය. වර්ථමාන ස්රිලන්කීය පුරාවිද්‍යාවේ පියාලෙස සලකන ඔහු , එකල එවන් වූ විෂයක් අද්‍යනය කල කෙනෙකු නොව, සරලව කිවහොත් treasure hunter කෙනෙක් ය. ඔහු අපගේ ඉතිහාසය ගැන උනන්දුවක් දැක්වුයේ, අප ගැන තිබු කරුනාව නිසා නොව එම ස්ථාන වල ඇති ඉතාවටිනා වස්තු කොල්ලකෑමටය. මේ සදහා ඔවුහු තම ජීවිතය පරදුවට තබමින් දිවා රැ වෙහෙසෙමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගතකල බව සත්‍යය. එවකට ලැබුණු, සාක්කුවක දමාගෙන යන තරමේ වටිනා වස්තු, කිසිම වර්තාවක් නොමැතිව සුද්දගේම සාක්කුවෙන් එංගලන්තයට ගියේය. ඊට විශාල වස්තු රාජ්‍යය අනුග්‍රහය ලබමින් නැව් මගින් රැගෙන ගියේය. අපගේ පරණ පිනකට අවුකන, සමාධි වැනි පිළිම නැවක දාගෙන රැගෙනයාමට බැරි තරමේ විශාල නිර්මාණ විය. නැතිනම් මේවන විට ඒවා අනෙකුත් කුඩා නිර්මාණ මෙන්ම විදේශ කවුතුකාගර වලට ගොස් මුදල් ගෙවා ප්‍රවේශ පත්ර ලබාගනිමින් නැරබීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත් අපගේ වංසකතා වල කසුප් නම් රජකෙනෙකු තම පියාවන ධාතුසේන රජු මරා සිංහ ද්වාරයක් (සිංහ කටක් හෝ සිංහයන් සිටින පිවිසුමක්) සහිත ශිඛර පෙදෙසක සැගවී සිටි බවක් ලියා තිබු බව H.C.P. Bell අසා තිබුනේය. ඉතා දුෂ්කරව ගමනකින් පසුව සීගිරියේ ඉහත රුපයේ ඇති, පාද දෙකක් මැදින් ඇති පිවිසුම් ස්ථානය ට ලගාවූ බෙල් ඇතුළු පිරිස එය දැක මදකට හෝ තුෂ්නිම්භූත වූ බවනම් නොඅනුමානය.

එකල අද මෙන් ක්‍රමවත් අද්‍යාපන ක්‍රමයක් නොපැවතුනේය. අද නම් පහ වසර දරුවෙකු ශිෂ්ශත්ව විභාගය ට පින්සිදුවන්නට හෝ සිංහයා ට කකුල් සතරක් ඇති බවත් එම හැම කකුලකම ඇඟිලි සතරක් බිම වදින බවත් මහපට ඇගිල්ල මදක් ඉහලින් පිහිටන බවත් හොදින් දන්නේය.

අපගේ ඉතිහාස කතා නායකයා වන අසරණ H.C.P. Bell මහතා සිතා සිටියේ සිංහයාට ඇගිලි 3 ක් තිබු බවය. එබැවින් මෙය සිංහ ද්වාරය ලෙසත් මෙම ස්ථානය lions rock (සිහගිරිය) ලෙසත් ප්‍රකාශ කර සිටියේය. පහත ඇති රූපය හොදින් නිරීක්ෂණය කරන්න. එහි ඔබට පෙනෙන්නේ සිංහ පාදයක් ද ?
මෙහි පාදයේ ඇගිලි ඉදිරියට විසිරී තිබේ, එලෙසම නියපොතු ඇගිල්ලේ තරමටම මහත්ය. සිංහයන් ගේ නියපොතු එලෙස මහත් නැත, එය ඇඟිලි අතර සැගවී පිහිටන්නේය. එලෙසම ඇගිලි අතර පරතරය ලොම් ඇති නිසා එකවර දැකගත නොහැකිය. ඔබ දොරටුව ඉදිරිපිට සිටගත් විට ඔබගේ වම් අත දෙසින් පෙනෙන පාදය මෙම රුපයේ ඇත . එහි වම් පස විලුඹට ආසන්නයේ තවත් නියපොත්තක් දක්නට ලැබේ. රුපයේ වම්පසින් සිංහ පාදය කියා බෝඩ් එකක් ද දමා ඇත්තේ කවුරුන් රවටන්නද ? මදක් සිතන්න. මෙහි ඇත්තේ පක්ෂියෙකු ගේ පාදයක් නොවේද ?

බෙල් මහතා අකුරු කියවූ අපගේ පුරාවිද්‍යාව, ඔහුගේ ගෝල පරපුරද එලෙසින්ම දකින්නේය. ඉන් එහා ලොවක් ගැන සිතීමට ඔවුනට ද උවමනාවක් නොමැත. දැන් අපේ ඉතිහාසය ගැන මහා හඩින් රුපවාහිනී කතා පවත්වන සමහර පණ්ඩිතයන් තම හෙළුව වසා ගැනීමට මෙය සිංහ පාදයක් බවටම තර්ක කරනු ඇති අතර මා ඉතිහාසය විකුර්ති කරන දේශද්‍රෝහියකුද ලෙස හංවඩු ගසනු ඇත. මා මේ ගැන විමසු අවස්ථාවේ සමහරෙකු පවසන්නේ එකල ත්රිසින්හලයක් තිබුන නිසා මෙය සිංහයෙකු වුවත් ඇඟිලි තුනක් ඇති බවය. එකල අපේ කලාකරුවා සිංහයා මේ ආකාරයෙන් දුටුබවය.

මෙම පාද අසලම ගල ඇතුලින් ගමන්කළ හැකි උමගක් තිබුන බවත් බෙල් මහතා එහිවූ වටිනා වස්තු නැවක දමා රැගෙන ගියබවත්, එම අවස්තාවේම උමන් මග සිමෙන්ති දමා වැසූ බවත් පසුකල එහි සිටි සේවකයෙකු පවසා ඇත. කෙසේ වෙතත් අපගේ පුරා වස්තු රැගත් බොහෝ නැව් ලංකාව අසලම මුහුදේ ගිලී ගියේය. රන්මුතු දුව ච්ත්රපිටිය ගොඩනගන්නේ ඒවා ගොඩගැනීමට දරු උත්සාහයක ආවරණයක් ලෙස ය . මක් නිසාද යත් එහි සම්බන්ද අය මින්පෙර චිත්‍රපට කර්මාන්තයේ නියැලී නොසිටි අය නිසාය.
එසේනම් මෙම පර්වතයේ නියම ඉතිහාසය කුමක් ද ?

රාවන පුරණය ටත් පෙරසිටම ගුරුලා තම සංකේතය ලෙස යොදාගත් දිවුනු ශිෂ්ටාචරයක් හෙළ පොලවේ විසු බවට සාදක හමුවේ. මොවුහු කුරුළු හොට සහිත හිස්වැසුම් පැලදී අතර අහසින් පැමිණුන එවන් මිනිසුන් කොටසක් ගැන ලොවපුරා විවිද සාදක ඇත . සමහරුන් මොවුන්ව අර්ථකථනය කරන්නේ දෙවියන් ලෙසය . අද සීගිරිය එකල එවන් මිනිසුන් ගොඩනැගු රාජධානියක් ය .
ගොවුතම බුදුන් දවස (වසර 2600 කට පෙර) බුදුන් හා සමාන රුවින් හෙබි කාශ්‍යප මහා රහතන් වහන්සේ කලක් වාසයය කල කුක්කුට සමපාද පර්වතය මෙයය. කුක්කුට යනු කුකුළා, ගුරුලා හෝ ඒ හා සමාන මනාක්කල්පිත පක්ෂියෙකු හැදින්වූ නාමයය.

ක්‍රිස්තු වර්ෂ 400 දී පමණ පැමිණෙන පාහියන් භික්ෂුව පවසන්නේ මෙම ස්ථානයේ ” කාශ්‍යප තෙරුන් “ගේ සිරුර තවමත් පවතින බවය. එහි නම “ගුරුපාද” ලෙස පැහැදිලිව සදහන් කර ඇත. අද අප දන්නා සීගිරිය හා සම්බන්ද කාශ්‍යප යන නම, කසුප් රජු නොව කාශ්‍යප තෙරුන් ගේ නාමයය .

කසුප් රජු සිටියේ මෙහි බවට කිසිදු සෙල් ලිපියක් හමු නොවේ. අනිත් අතට වංසකතාවල සිතියමක් දක්වා නැත . නියම සිංහ ද්වාරයක් යාපහුවෙන් හමුවේ.
වඩාත් ම පුදුම සහගත කරුණ වන්නේ සීගිරියෙන් හමුවන සෙල්ලිපියක “බ්‍රහ්මදත්ත ගේ ගුහාව” ලෙස සදහන් වීමය.

දැන් මෙම කතාවට බ්ර්හ්මදත්ත රජු සම්බන්දවෙන්නේ කෙසේදැයි ඔබට ප්‍රශ්නයක් මතුවනු ඇත. එම කතාව පැවසීමට තවත් කතාවක් කියන්නට සිදුවේ.

බෝවුද්ධ ඉතිසහසයේ සිටි සියලුම චරිත, සියලුම බුදුවරු ඉපදී ජීවත් වී ඇත්තේ මේ හෙළබිම තුලය.

ක්‍රිස්තු වර්ෂ 400 දී පැමිණෙන පාහියන් මුලින්ම බොද්ධ සිද්දස්ථාන වැඳ පුදාගන්නේ ජන්බුද්වීපය නම් වූ මෙම හෙලබිමේ මද්යම , දකුණු සහ නැගෙනහිර දිසාවන් වලය , මක් නිසාදයත් බුදුන් ගේ ලලාට ධාතුව දන්ත ධාතුව පාහියන් වැඳ පුදගන්න නිසාය. බටහිර සමාජය පාහියන් වාර්තාව පරිවර්තනය කලේ ජන්බුද්වීපය යන නමට ඉන්දියාව යන වචනය දමාය. එබැවින් සියල්ලක් ම කණපිට පෙරලුනි. Alexander Cunningham යනු වත්මන් ඉන්දීය පුරාවිද්‍යාවේ පියාය, ඔහු බ්‍රිතාන්‍ය හමුදාවේ ඉන්ජිනේරුවරයෙකි. ඔහුත් කලේ අපේ බෙල් මහතාගේ ක්‍රියාවමය. ප්‍රථමයෙන් ගයාව නම් හින්දු කෝවිලක් හදුනාගෙන එය බුද්ධ ගයාව කළේය , ඉන්පසු පාහියන් වාර්තාව බලා ඒ අනිත් ස්ථාන සමාන ශබ්දයෙන් එන (උදා පාටලිපුත්ත = patna) මුළු ඉන්දියන් ඉතිහාසය මෙන්ම ලාංකීය ඉතිහාසයද විකුති කළේය. තම හිතු පමණින්. ස්ථාන සොයාගත් නිසා ඔහුට නයිට් පදවියක් ද ලැබුණි. කෙසේ වෙතත් ඔහු ලුම්බිණිය සොයා නොගතේය. මේකාලය තුල ජර්මන් ජාතික Anton A. Fuhrer නම් දේවගැති තුමා , ව්‍යාජ සෙල්ලිපියක් කොටා අද නේපාලයේ rumandai නම් ස්ථානය ලුම්බිණිය බව ප්‍රකාශකර තවත් නයිට් පදවියක් ලබාගත්තේය.

වඩාත් ම සිනහ යන කරුණ වන්නේ, පාහියෙන් ගේ වාර්තා Cunningham අමු අමුවේම බොරු කියමින් තමන්ගේ හිතුමතයට විකුර්ති කිරීමය. බුදුන් තුසිත ලොව සිට ඉනිමගකින් බැසි ස්ථානය සංකස්ස ලෙස හදුන්වන පාහියන් ලියන්නේ, එහි අශෝක රජු ඉදිකර පැති සතරක් ඇති , එම පැති සතරේම බුදුරුව ඇති එහි උඩ සිංහයෙක් සිටිනා කණුවක් ඇති බවය . අද Cunningham පෙන්වන ඉන්දියාවේ සංකස්සයේ කනුව රවුම්ය , එහි උඩ සිටින්නේ අලියෙක්ය . එවිට Cunningham පවසන්නේ මෙය පාහියන්ට වැරදී අලියා සිංහයා ලෙස ලියා ඇති බවය.

පාහියන් ලියන්නේ බුදුන් බුදුවූ බෝගස සිට යොදුන් 3ක් දකුණින් “ගුරුපාද” පිහිටන බවය. අද ලංකාවේ බුදුන් බුදුවූ ස්ථනය ලෙස හදුනාගන්නේ හබරන හිරිවඩුන්න නම් ස්ථානයය , එහි බෝගස ,වජ්රාසනය ,මුච්ලින්ද නටබුන්, රුවන්ගෙය, සක්මන් මලුව, සහ නේරංජන ගඟ අදත් තිබේ.

සුද්දන් ඉන්දියාවේ ස්ථාන බලා යොදුන සැතපුම් 32 ක් බව පවසයි. මක් නිසාදයත් ඔවුන්ගේ සිතියමට අනුව එවන් නගර ලග පිහිටා නැති බැවින් ය . “යොදුන” යනු යෝදයෙකු දුන්නකින් විදිනා දුරය.

පාහියන් පවසන අන්දමට “ගුරුපාද” නම් ස්ථානය සීගිරියම බව තහවුරු වේ .

සිංහ පාදය සහ කුරුළු පාදය වෙනස නොහදුනන , අපේ පණ්ඩිතයන් බුදුන් මෙහි සිටි බව කවදාවත් පිලි නොගනී.

පාහියන් අන්තිමට එන රට සිංහලය ලෙස හදුන්වයි , එය අනුරාධපුර රාජධානියය. මෙහි පැටලුමක් ඇත්තේ ඔහු එන්නේ ජලමාර්ගයකින් නිසාය. ඔහු පවසන සිංහලය දිගින් ( උතුරු-දකුණු ) යොදුන් 30 කි ,පළලින් 50 කි. මෙ කතාකරන්නේ මුළු ලංකාව නොව න බව ඕනෙම කෙනෙකුට වැටහෙනු ඇත.

පාහියන් ලියු ජන්බුධ්වීපයේ ස්ථාන බොහොමයක් මේ වනවිට අප අද්‍යනය කර ලක් පොලවේ සොයාගෙන ඇත. සියලුම දුරවල් ද සමාන වන අතර වෙහෙර විහාර එම ආකාරයෙන්ම ඇත. නුදුරු කාලයේදී ලෝක ඉතිහාසය උඩුයටිකුරු කරමින් සාක්ෂි සහිතව ඒවා පෙන්වා දෙනු ඇත.



උපුටා ගැනීමකි....
Prasad Kumara
නියාමක – තරු ගුවන්විදුලි සේවය
http://tharu.net/

Monday, September 23, 2013

සීගිරිය පිළිබඳ කතා කෙරෙනු History Channel හි වැඩසටහන

0

සීගිරිය පිළිබඳ කතා කෙරෙනු History Channel හි  වැඩසටහන.

ලෝකය පුරා ප්‍රචලිත Ancient Aliens වැඩසටහන් මාලාවේ පස්වෙනි අදියරයේ දී සීගිරිය ගැනද සදහන් කරන ලදී. එහි වීඩියෝ දර්ශනය පහතින් දක්වා ඇත.




Tuesday, December 13, 2011

සීගිරියේ සඟවා දැමූ අභිරහස්

0


සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක්.

කෑම කාලා කට්ටිය එලියට ආපු වෙලේ මෙයාලා ඔය සීයා එක්ක කතාවට වැටිලා. එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සිගිරිය ගැන හොයන්න කියලා. ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නේ.

''මහත්තයල දන්නවද, මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවේ. මට මෙහෙම උනේ මට මහ විශාල පවකට සම්මාදන් වෙන්න උනු නිසා''

මෙහෙම කිව්වම කට්ටිය අන්දුන්කුන්දුන්...

"මොකද්ද සීයේ උනේ...?"

මහත්තයලට කියන්න, මම H.C.P. Bell මහත්තයගෙ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම වලට අත් උදව් දීපු සේවකයෙක්. ඒ කාලේ හිටපු
අයගෙන් දැන් මම විතරයි ඉතුරු.
(H.C.P. Bell කියන්නේ ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ලංකාවේ පුරාවස්තු බොහොමයක් හොර රහසේම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ගෙනගිය බවට මොහුට චෝදනා එල්ල වෙනවා)

ඉතින් ඒ කතාව සීයා ඒ පාර කිව්වලු.

අපි සීගිරියේ කැණීම කර කර ගල මුදුනටම ගියා. ගල මුදුනේ නොයෙක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බුනා. එතන කට්ටිය කැණීම කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙලක්. මේ පඩිපෙළ සිගිරිය ගල මුදුනේ ඉඳං ගල පාමුල වෙනකන්ම යනවා ගල ඇතුලෙන්. ඒ ගැන හාන්කවිසියක් පිටට පේන්නේ නෑ. පඩිපෙලේ තැනින් තැන ගිමන් නිවන්න කාමර තියනවා. ඒ කාමර වල තිබිල අපිට බොහොම වටිනා පුරාවස්තු හුගක් හම්බුනා. බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එලියට ගෙනාවා. පස්සෙ අපිට කිව්වා ඒ පඩිපෙලේ ගල මුදුනේ දොරකඩ කොන්ක්‍රීට් දාලා සම්පුර්ණයෙන් වහන්න කියල.. අපිට පුදුම හිතුනා, ඒත් අපි කිව් විදියට කරා.

එදායින් පස්සෙ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් උනේ නෑ. සමහරු ලෙඩ උනා. සතා සීපාවා ගහල මැරුණා. ගහක් ගලක් වගේ හිටපු මම දවසක් උදේ නැගිට්ටේ මෙහෙම අන්ධ වෙලා.

මෙහෙම කියපු ඒ සීයා අඬන්න ගත්තලු.

මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාලම තීරණය කරන්න.

හැබැයි ඇත්තටම කියනවනම්. සිගිරිය ඉහලට රජ කෙනෙකු, අද අපි යන්න වගේ දාඩිය පෙරාගෙන ගිනිකුට අව්වේ අර වගේ පටු පඩිපෙලක් දිගේ ගියා කියලනම් හිතන්න බෑ. රජුට ඉක්මනින් පහසුවෙන් සහ රජ කෙනෙක් විදියට යන්න විශේෂිත ගමන් මාර්ගයක් තිබිය යුතුමයි.

මේ ගැන පරීක්ෂණ කරපු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සුසිර උඩලමත්ත මහතානම් කියන්නෙ, ඒ කාලේ රජුට ඉහලට ගමන් කිරීමට විශේෂ සෝපානයක් තිබුන කියලා. මේක හඳුන්වන්නේ කර්කටක යන්ත්‍රය කියලා. මොකද මේක කකුළුවෙක් වගේ හැඩයක් සහ යාන්ත්‍රණයක් තියෙන නිසා. සිගිරිය ගලේ එක අන්තයක කෙලින්ම සිරස්ව ඉහලට යන සහ තිරස්ව යන ඉනිමගක් වැනි කුඩා track පද්ධතියක් ගලේම කොටලා තියෙනවා දැකගන්න පුළුවන්. මේක තියෙන්නෙ කර්කටක යන්ත්‍රයේ දැති රෝද වලට ගමන් කරන්න කියල තමයි කියන්නේ.

සිගිරිය ජල උද්‍යානය ගත්තත් ඒක සුවිශේෂයි. එහි ප්‍රධාන දොරටු හදල තියෙන්නෙ කෙලින්ම ඉහළට ඔසවන විදියට. මේ සඳහා යොදාගත්තු විශාල ගල් උලුවහු අදත් දැකගන්න පිළිවන්. මේ විශාල ලී ද්වාර එසවීමට යොදාගෙන තියෙන්නෙ අලි ඇතුන්.

ඒ වගේම සිගිරිය ජල උද්‍යානය ගත්තත්, ඒක හදල තියෙන්නේ ඒකට ඇතුල් වෙන කෙනෙක්ව එක්වරම මුලා වෙන විදියට. හොඳින් නිරීක්ෂණය කරොත් පේනවා ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා යනකොට එක හරියකදී එකපාරටම සිගිරිය ගල නොපෙනී යන බව. ඒ විදියටයි ඒ ගමන් මාර්ගය හදල තියෙන්නේ. ඒ වගේම සිගිරිය ජල උද්‍යානයේ තියෙන වතුරමල් අදටත් වැඩ කරනවා. ඒත් වතුර එන්නෙ බොහොම අඩුවෙන්. මේකට හේතුව තමයි සිගිරිය වැවේ ජල මට්ටම ඉතාමත් අඩු වීම.

අතීතයේදී සිගිරිය වතුරමල් සහ ජල උද්‍යානයට ඉහළින් තමයි සිගිරිය වැවේ ජල මට්ටම පිහිටලා තියෙන්නේ. ඒකෙන් ඒ කාලේ සීගිරියට සතුරන්ගෙන් ආරක්ෂාවත් ලැබුණා. මේ නිසා ඉතා විශාල ජල පීඩනයක් යටතේ මේ වතුර මල් බොහොම උජාරුවෙන් ඉහළට වතුර විදින්න ඇති. ඒත් පසුකාලීනව සිගිරිය අවට ප්‍රදේශය සංචාරක කලාපයක් විදියට සංවර්ධනය කරන්න ගත්තම සිගිරිය වැව ගොඩ වුණා. Sigiriya Village වගේ සුපිරි හෝටල් අද තියෙන්නෙ සිගිරිය වැව තිබුන හරියේ. අද සිගිරිය වැව දිය හිඳුනු නිකං නමට වැවක්. සීගිරිය ගල මුදුනට වතුර ගෙනගිය ආකාරයද අභිරහසක්. මේ සඳහා ජල පොම්ප කිරීමේ තාක්ෂණයක් යොදාගෙන තියෙන බවයි සමහරු කියන්නේ. ඒත් වර්තමානයේ පරීක්ෂකයන්ගේ මතය වෙලා තියෙන්නේ මේ සඳහා ඊට වඩා බොහොම සරල ක්‍රමයක් භාවිතා කර ඇති බවයි. එනම් සංසක්ති බල.


විද්‍යාව කරපු අය දන්නවා සංසක්ති බල කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ එකම වර්ගයේ අංශු අතර ඇති වන ආකර්ෂණ බල (මට මතක විදියට වැන්ඩවාල් බල)


ඒ අය කියන විදියට සිගිරිය ගල මුදුනේ නිර්මාණය කර තිබෙන ජල පොකුණු වලට නිරන්තරයෙන් වැහි වලාකුළු ආකර්ෂණය වෙනවා. හේතුව සිගිරිය මුදුනේ තියෙන පොකුණු වල ජලයේ ජල අංශු සහ වැහි වලාකුළු වල ජල අංශු එකිනෙක ආකර්ෂණය වීම. මේ සංසිද්ධිය වෙනත් උස් කඳු මුදුන් සහ උස ගල් පර්වත මුදුනේ ඇති ජලය රැස්වෙන ස්ථාන වල දැකගන්න පුළුවන්. එමගින් ලැබෙන වර්ෂාවෙන් නිරන්තරයෙන් සිගිරිය ගල මුදුන ජලයෙන් ස්වයංපෝෂිත වෙනවා.

මෙවැනි ක්‍රමයක් මේ සඳහා යොදාගැනීමට තවත් හේතුවක් තියෙනවා. එනම් හදිසියෙවත් සතුරු හමුදාවක් සිගිරිය ආක්‍රමණය කරා කියල හිතමු. සීගිරියට ජලය ගෙනියන්නේ විශාල පොම්පයකින් නම් හතුරන්ට මේ පොම්පය විනාශ කරල හරි පහල තියෙන ජල මුලාශ්‍ර වලට වස මිශ්‍ර කරල හරි ගල මුදුනේ ඉන්න පිරිසව අසරණ කරන්න පුළුවන්. ඒත් මම මුලින් විස්තර කරපු සංසක්ති බල ක්‍රමය නිසා ගල මුදුනේ ඇති වගාවන් හෝ ඔවුන්ගේ පානිය ජල අවශ්‍යතා එතැනින්ම සුරක්ෂිතයි. ස්වයන්පොෂිතයි.

සිගිරිය ගැන කතා කරන්න පුළුවන් දේවල් එමටයි. එහෙනම් ඔයාලත් දන්න දේවල් බෙදාගන්න.

                     http://lowethna.com/?q=node/112

 

Friday, September 30, 2011

සීගිරිය රාවණ රජුගේ ග්‍රහලෝකාගාරයද?

0

සීගිරිය රාවණ රජුගේ ග්‍රහලෝකාගාරයද?
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

ශ්‍රී ලංකාවේ සංස්‌කෘතික උරුමයන් අතර මුදුන් මල්කඩ ලෙස සැලකෙන සීගිරිය හා එහි යටගියාව පිළිබඳ දේශීය මෙන් ම විදේශීය උගතුන් ගේ අවධානය යොමුවී තිබෙන්නේ පර්යේෂකයන්ට සතුටු වීමට හැකි අන්දමකට නොවන බැව් පළමුව කිව යුතුය. බොහෝ විද්වතුන්, දේශීය හා විදේශීය විද්වතුන්, කලාකරුවන්, කවීන් හා ලේඛකයන් මෙන්ම පත්‍ර කලාවේදීන් සිය අවධානය බෙහෙවින් යොමු කර තිබෙන්නේ සීගිරි චිත්‍ර කලාවට මිස එහි කළු ගල්වලින් යටවී ඇති ශ්‍රේෂ්ඨ ඉතිහාසයට නොවන බැව් සඳහන් කළ යුතුය.

කෙසේ වුවද කාලයාගේ ඇවෑමෙන් වැනසීමට ඉඩ තිබුණ මේ සංස්‌කෘතික නිධානයට නව එළියක්‌ ලැබුණේ බ්‍රිතාන්‍ය පාලන සමයේ බැව් ප්‍රකාශ කළ යුතුව ඇත. සොයා ගත් සත්‍ය දත්තයන් ගෙන් නව නිගමනයකට බැසීමට අපොහොසත් වූ ඇතැම් පුරාවිද්‍යාඥයන් හා ගවේෂකයන් සීගිරියේ අතීතය, යටගියාව සෙවීමට වඩා සිය අවධානය සීගිරි චිත්‍රවලට හා එහි සුන්දර දිය කඩිති ආදියට පමණක්‌ සීමා කළේ කුමක්‌ නිසා දැයි කිව නොහැකිය.

සීගිරිය ප්‍රදේශයේ ඉපැරණි තල්කොටේ ග්‍රාමයේ ජනතාව අතර පරපුරෙන් පරපුරට ඇවිත් දැන් සම්පූර්ණයෙන්ම නැතිවී යන පුරාණ ජනකවි හා ජනශ්‍රැතිවලින්ද ඇතැම් මුද්‍රිත පුස්‌කොළ සටහන්වලින් ද මේ රාජධානියේ ඓතිහාසික ශ්‍රී විභූතිය අවබෝධ කරගත හැකි බැව් විශ්වාස කළ හැකිය. ගල මතුපිට ඇති ඉතිහාසයට වඩා අගනා ඉතිහාසයක්‌ මේ පර්වතය යට ඇති බැව් ඉන්දියාවේ ලාල් ශ්‍රී නිවාස්‌ (1983.05.08 Weekend Sun) මට පැවසුවේ දැනට වසර 15 කට පමණ පෙරය. එය කෙතරම් බුද්ධිමත් ප්‍රකාශයක්‌ද යනු මට දැන් අවබෝධ වී ඇත.

සීගිරිය වැනි උදාරතර ස්‌ථානයක්‌ පිළිබඳ පර්යේෂණයක්‌ කරන විට එය උඩින් පල්ලෙන් කර ඇඟ බේරා ගැනීම පර්යේෂකයන් ගේ යුතුකම නොවේ. සමකාලීන පොත්පත්, සෙල්ලිපි, ජනකවි, ජනශ්‍රැති ආදිය පමණක්‌ නොව කාල නිර්ණය කිරීමේ විද්‍යාත්මක යන්ත්‍ර සූත්‍ර, පරිගණක ආදියෙන්ද ඊට තදාසන්න පෙදෙස්‌වල ඒ යුගයේ පැවැති සංස්‌කෘතික සාරධර්මවලින් ද ලැබෙන ආලෝකය අනුව පර්යේෂකයා ගමන් කළොත් පමණි අංග සම්පූර්ණ පර්යේෂණයක්‌ කළ හැකි වන්නේ.

එවැනි පර්යේෂණයකදී පර්යේෂකයාගේ ඇසට ලක්‌වන වැලිකැටයක්‌ වුවද නොසලකා නොහැරීම බුද්ධිමත් පර්යේෂකයන්ගේ යුතුකම බැව් අමුතුවෙන් පැහැදිලි කිරීම අනවශ්‍ය කරුණකි. මේ ඓතිහාසික සීගිරිය පිළිබඳ පර්යේෂණය කිරීම භාරධූර එමෙන්ම කර්කශක දුක්‌ගැහැට වලට මුහුණපාමින් වෙහෙසිය යුතු දුෂ්කර ක්‍රියාවකි.

අංග සම්පූර්ණ සේවයක්‌ ජනතාවට ලබාදිය හැක්‌කේ එවැනි දුෂ්කර ක්‍රියාවකට සිය කැමැත්තෙන් සම්බන්ධ වන විද්වතුන්ට මිස විදේශීය ධන ආයෝජන අනුව පර්යේෂණ ව්‍යාපෘති කරන කොන්ත්‍රාත්කරුවන්ට නොවේ.

සීගිරි කුරුටු ගී ක්‍රි.ව. 08 වන හා 09 වන 10 වන සියවස්‌වලට අයත් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීහු නිගමනය කරති. මේ සියවස්‌ තුන තුළ සීගිරි පව්වට මුළුදුන් කවීන්ට ඔවුන්ගේ සිත්තුළ පහළ වූ කවි චින්තාවන් කාව්‍ය චිත්‍රයකට නැගීමට ඉවහල් වූ එකල පැවැති භාෂාවන්, අත්දැකීම් පෝෂණයට ඉවහල් වූ සමාජ සාරධර්ම හා ජන ජීවිතයේ වගතුගත් විමසා බැලීම සීගිරි කුරුටු ගී රස වින්දනයට උපකාරයකි. (සීගිරි ගී සිරි, වි.ජ.මු. ලොකු බණ්‌ඩාර, පිටු XIX)

සීගිරි කුරුටු ගීය බිහි වුණේ ක්‍රි.ව. 08, 09 හා 10 වැනි සියවස්‌වල බැව් මේ ප්‍රකාශයෙන් තහවුරු වේ. නමුත් මේ ඓතිහාසික සීගිරි බළකොටුව බිහිවූවේ ඊට අවුරුදු දහස්‌ ගණනකට පෙර සිට බැව් ඉපැරණි මූලාශ්‍ර අනුව කිව හැකිය.

මහා භාරතයේ උතුරු දිසාවේ පදිංචි වීමට පෙර කුවේර වාසය කළේ ලංකාද්වීපයේය. සුළු මවු ගේ පුත්‍ර වූ රාවණා විසින් කුවේර ගේ පුෂ්පික රථයත් රාජධානියත් උදුරාගෙන ලංකාවෙන් නෙරපන ලද්දේය. (සංස්‌ක්‍ෂිප්ත රාමායණය, පිටු 200)

ලෝකයේ ප්‍රථම ගුවන් යානය හිමිකරුවා වූ කුවේර ජීවත් වූ ස්‌ථානය වර්තමාන සීගිරිය බව ඓතිහාසික ජනකවි හා ජනශ්‍රැතිවල සඳහන් වී ඇත. මහා කප්පින වික්‍රමසිංහ අදිකාරම්තුමා විසින් රචිත රාවණ කතා පුස්‌කොළ ග්‍රන්ථය අප රටේ විවිධ රහසිගත තොරතුරු හෙළි පෙහෙළි කරන මූලාශ්‍රයක්‌ ලෙස සැලකිය හැකිය.

සීගිරිය අයත් වන්නේ ලිත ඓතිහාසික යුගයට නොව මෙගලිතික සංස්‌කෘතිය පැවැති ප්‍රාග් ඓතිහාසික යුගයට බැව් ඒ පිළිබඳ ගැඹුරු පර්යේෂණයක යෙදෙන විට මැනවින් පැහැදිලි වන සත්‍යයකි
ස්‌තූපය පිළිගැනීමකට බල පෑ ස්‌තූපයට ඥතිත්වයක්‌ දැක්‌වූ පුද පූජා විධි ව්‍යවහාරයක්‌ බුදු සමය පැමිණෙන විටත්, ලංකාවේ අවුරුදු සිය ගණනක්‌ ක්‍රියාත්මක වෙමින් පැවැතුණි. 
ඒ පූජා ව්‍යවහාරය මළවුන් පිදීමේ ප්‍රාථමික අභිචාර විධි පද්ධතියකට අවශ්‍ය විය. ඒ අභිචාර විධි පද්ධතිය ගොඩ නැගුණේ ලංකාව ජනාවාස කිරීමට හා නාගරීකරණයට ප්‍රථම පියවර තැබූ මහා ශිලා හෙවත් මෙගලිතක සංස්‌කෘතිය තුළය. ඉබ්බන්කටුව හා පොම්පරිප්පු ආදී ස්‌ථාන රාශියක සිදුකළ පුරාවිද්‍යා ගවේෂණ මගින් අද වන විට මේ සංස්‌කෘතිය පිළිබඳ සාධක රැසක්‌ සොයා ගෙන ඇත. (සම්භාෂා පිටු අංක 310)

මේ ඓතිහාසික සීගිරිය ඇතුළත් වන්නේද මහා ශිලා සංස්‌කෘතියට හෙවත් මෙගලිතික (Megalithic Culture) සංස්‌කෘතියට බැව් පැවසිය හැකිය.

මේ ස්‌ථානය සිහිගිරි මිස සිහගිරි යනු නොවූ බවත් සිහිගිරි සතිගිරි යන්නෙන් බිඳුණු බවත් මෙතැන සතිගිරි යනු භාවනානුයෝගය පිළිගත් භික්‍ෂූන්ට වාසස්‌ථානය වූ පර්වතය යන අරුතින් සිහිගිරි වූ බවට නව මතයක්‌ ඉදිරිපත් කිරීමට තමා කැමති බැව් ප්‍රවීණ විද්වතෙක්‌ වූ ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ ප්‍රකාශ කරයි. (සිංහලයන් ගේ මූලාරම්භය පිටු 56-57)

මහාචාර්ය අභය ආරියසිංහ ගේ මතය අනුව "අලහබාද් ප්‍රශසති ලිපියෙහි සමුද්‍රගුප්ත රජතුමා, සෛංහලකාන, යන ජන කොටසක්‌ ගැන සඳහන් කොට ඇති බවත් මේ ජනයා සිංහල රටේ වැස්‌සන් බවත් ටොලමි මේ සෛංහලකාන නැතහොත් සිහලක වචනයෙන් "සලිකේ" නාමය මෙරටට යෙදූ බවත් මේ නිරුක්‌තිය සිහලක සිහිලක වී නැවත සිරිලක වූ බවත් මෙය සිහගිරි - සිහිගිරි - සීගිරි වූ නිරුක්‌තිය අනුව යෙදී ඇති බවත් පෙන්වා දී ඇත. (දිවයින 1989.10.29)

අවුරුදු දහස්‌ ගණනක්‌ කිසියම් රටකට ගමකට හෝ නගරයකට එකම නමක්‌ පවතින්නේ නැති බැව් ඓතිහාසික මූලාශ්‍ර අනුව කිව යුතුය. ලංකාවට මෙන්ම සීගිරියටද විවිධ යුගවල විවිධ නම් පාවිච්චි කර ඇත. නමුත් වැදගත් ඓතිහාසික ප්‍රශ්නයක්‌ පිළිබඳ සාධාරණ නිගමනයකට එළඹීමට ලිත සාක්‍ෂි කිහිපයක්‌ පමණක්‌ කිසිවිට ප්‍රමාණවත් නොවේ.

ලංකාවේ අති පුරාණ ලිත මූලාශ්‍රය වූ මහාවංශයත්, දීපවංශය, පූජාවලිය, රාජාවලී සහ නිකාය සංග්‍රහයත් සීගිරිය පිළිබඳ සටහන් කර තිබෙන්නේ ඉතා අල්ප වශයෙනි. මහාවංශයේ කර්තෘ මහානාම හිමියන් ගේ බෑනා කෙනෙක්‌ වූ ධාතුසේන රජතුමා (ක්‍රි.ව. 459-477) ගෙන් සිහසුන උදුරා ගත් කස්‌සප (ක්‍රි.ව. 477-495) රජු පිළිබඳ දැඩි පිළිකුලක්‌ මිස ප්‍රසාදයක්‌ මහානාම හිමියන් තුළ නොතිබුණ නිසාම ඒ පීතෘ ඝාතකයා පිළිබඳ හෝ ඔහුගේ මාළිගය පිළිබඳ වැඩි විස්‌තරයක්‌ දීමට මහාවංශ කතුවරයා මැළි වූවාට සැක නැත.

රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විනී විතාරණ ඒ පිළිබඳ මෙසේ අදහස්‌ දක්‌වයි. "වත්මන්හි අන්තර්ජාතික කීර්තියට පත් ලාංකික ස්‌ථාන අතුරෙන් මුල් තැනක්‌ ගන්නේ සීගිරිය වෙතැයි සිතමි. ඓතිහාසික ස්‌ථාන අතරින් නම් එයම බව නිසැකය. එහෙත් මහාවංශයේ එය සඳහන් වන්නේ ගාථා හතක පමණි. පාපී නර පාලක කාශ්‍යප වියපත්ව ඒ පර්වතය මත අලංකාර පුරවරයක්‌, තවත් ආලකමන්දාවක්‌ ඉදිකොට කුවේර විලාසයෙන් එහි ජීවත් වුණු බවත් ඒ සමීපයෙහි විහාරයක්‌ පිහිටුවා එය ධම්මරුචි නිකායික භික්‍ෂූන් වහන්සේ වෙත පූජා කළ බවත් මොග්ගල්ලාන රජු සිහගිරි මත පිහිටි දාල්හ හා දාඨා කොණ්‌ඩඤaඤ යන දෙවි හාරයක්‌ උන්වහන්සේලා වෙතම පූජා කළ බවත් තවත් සියවසකට පමණ පසු ඒ සමීපයෙහි දී සංඝතිස්‌ස රජුගේද පුත් කුමරාගේද තවත් හය වසරකට පසු අනුප්‍රාප්තික තෙවන මොග්ගල්ලාන රජුගේ ද හිස ගසා ලන ලද බවත් එයින් කියෑවේ. (සිළුමිණ, 1994.04.17)

ඒ ස්‌ථානයේ සති භාවනාවේ යෙදුණ භික්‍ෂූන්ට වාසස්‌ථානය වූ පර්වතය යන අරුතින් සිහිගිරි වූ බවට ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ ඉදිරිපත් කළ අදහසට මහාවංශයෙන් එළියක්‌ ලැබෙන බැව් මේ අනුව පෙනී යයි. (රාජ වර්ෂ විමර්ශ, පිටුව 58)

සීගිරිය පිළිබඳ වත්මන් ලොවට දැන ගැනීමට අවස්‌ථාව ලැබුණේ මේජර් ජොනතන් ෆොaබ්ස්‌ගෙනි. 1831-1833 කාලයේ සීගිරිය පෙදෙසට ගොස්‌ සමීක්‍ෂණයක්‌ කළ මේජර් ෆොaබ්ස්‌ Eleven Years of Ceylon නමින් පළ කළ සිය ග්‍රන්ථයේ විශේෂයෙන් සඳහන් කර ඇත. සීගිරි කඳු මුදුනට නගින්නේ නැතිව සීගිරිය පිළිබඳ ලියාපළ කළ ෆොaබ්ස්‌ට සීගිරිය සොයා ගැනීමේ ගෞරවය හිමිවිය යුතුය.

ඒ. වයි. ඇඩම්ස්‌ හා ඡේ.බේලි නමැති ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනා පළමු වරට සීගිරිය තරණය කළ අතර පෙරදිග භාෂා විශාරදයෙක්‌ වූ ටී. ඩබ්ලිව්. රීස්‌. ඩේවිස්‌ මහතා සීගිරි චිත්‍ර ප්‍රථම වරට දුටු විදේශිකයා ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරයි. (පරණවිතාන The lllustrated News 1945 අප්‍රේල් 03)

සීගිරියේ ඇති අලංකාර චිත්‍රවලින් කුල්මත් වන නරඹන්නන් එහි අතීතය හාරා අවුස්‌සා බැලීමට වඩා ඒ චිත්‍ර හා ඒ අසල ඇති කුරුටු ගී කියවා රස විඳීමට පෙළඹීම පුදුමයට කරුණක්‌ නොවේ.

පුරාවිද්‍යාඥයන්, සරසවි ඇඳුරන්, කවීන් මෙන්ම ලේඛකයන් පමණක්‌ නොව ඇතැම් පර්යේෂකයන් පවා සීගිරි විත්‍ර හා කුරුටු ගී පසුපස හඹා යන බැවින් ගල් අතර සැඟවී ඇති මේ ස්‌ථානයේ තේජාන්විත අතීතය නිවැරැදි ලෙස අවබෝධ කර ගැනීමට බාධාවක්‌ වී ඇත.

කුවේර ගේ වාසභවනය හා රජකම කොල්ලකා ගත් රාවණ රජු මේ සීගිරිය ද ඔහු ගේ එක්‌ මාළිගාවක්‌ ලෙස පාච්චි කළ බවට අපමණ මූලාශ්‍ර ඇත.

රාවණ ගේ ලංකාපුරය තිබූ ස්‌ථාන හඳුනා ගැනීමේදී ප්‍රධාන වශයෙන් පෙදෙස්‌ තුනක්‌ ගැන අවධානය යොමු කිරීමට සිදුවේ. ඉන් පළමු වැන්න සීගිරි පර්වතය වන අතර කුවේරගේ ආලකමන්දාව වශයෙන් එය හැඳින්වීම සහ රාවණ, කුවේර ගේ රජකම පැහැර ගැනීමේ කථාව මේ වෘතාන්තයට නව එළියක්‌ ගෙන දෙයි. (හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌ එම්. එච්. සිරිසෝම සිළුමිණ, 1991.06.16)

සීගිරිය ඓතිහාසික ලංකාපුර රාජධානියේ ම එක්‌ කොටසක්‌ බැව් ලග්ගල ප්‍රදේශය පිළිබඳ පුළුල් පර්යේෂණයක යෙදෙන විට මැනවින් පෙනී යන කරුණකි. ආදිවාසී යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන බලකොටුව මෙය වූවාට සැක නැත. කතරගම වැඩිහිටි කන්ද, නුවරඑළියේ පිදුරුතලාගල, මහකුඩුගල සහ කිකිළියමාන වැනි ස්‌ථාන යක්‍ෂ ගෝත්‍රික ආදිවාසීන් ගේ මධ්‍යස්‌ථාන ලෙස පැවැති බවට අපමණ මූලාශ්‍ර ඇත. "ලතා ගෘහාණි චිත්‍රණි - චිත්‍ර ශාලා ගෘහනිච" යනුවෙන් "රාමායණම්" (චොකම්හ විද්‍යාවන් ගේ නාගර අක්‌ෂර) ග්‍රන්ථය අනුව රාවණ යුගයේ සීගිරියේ අගනා චිත්‍ර ඇති බැව් මැනවින් සනාථ වේ. (ශ්‍රී.ල.රා. රාජධානිය, පිටු 180)

"සීගිරිය අවට ආදි මානව ජනාවාස පිළිබඳ සාක්‍ෂි සීගිරි පර්වතයට නැගෙනහිර පැත්තේ අලිගල නම් ස්‌ථානයේ කරන ලද කැණීම්වලින් තහවුරු වී ඇත. ඒ අනුව වර්ෂ පන්දහසකට එහා කාලයක සිට ඓතිහාසික යුගය දක්‌වා මානව සබඳතා මේ සීගිරිය ආශ්‍රිතව පවතින බැව් පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අනුව පැහැදිලි වන බැව් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල පවසයි. (සිළුමිණ, 1994.04.17)

ආචාර්ය ශිරාන් දැරණියගල ගේ මේ මතයෙන් ද තහවුරු වන්නේ සීගිරිය මෙගලිතික සංස්‌කෘතියට හෙවත් මහා ශිලා යුගයට අයත් බවයි.

කලක්‌ බෞද්ධ භික්‍ෂුවක්‌ ලෙස සිට පසුව හින්දු පූජකවරයෙක්‌ වූ ජර්මන් ජාතික ස්‌වාමි ගෞරී බාලාගේ අදහස්‌ අනුව 'It was a centre for the initation of Buddhists in the Mahayana Tradition and that Paintings represent the goddess Tara of the Mahayana Buddhist Pantheon who is also the consort of Bodhisathva Avalokteswara" (Sri Lanka Today-Raja de Silva pp-12)

කෙසේ හෝ බොහෝ විද්වතුන් කථා කළේ මේ දැවැන්ත ස්‌ථානය පිළිබඳ නොව එහි වූ චිත්‍ර හා කවි පිළිබඳවය. දැවැන්ත බලකොටුවක්‌ තුළට ගොස්‌ එහි තත්ත්වය පිළිබඳව පරීක්‍ෂා කිරීම වෙනුවට එහි විසිතුරු චිත්‍ර හා ළගන්නා සුළු රසවත් ගී රස විඳීම පමණකි බොහෝ විට සිදුවී තිබෙන්නේ.

භූත විද්‍යාව අනුව ඓතිහාසික සිද්ධීන් පිළිබඳ ගවේෂණය කරන මහනුවර හේ. මාකස්‌ ප්‍රනාන්දු ගේ පර්යේෂණ අනුව පෙනී යන්නේද සීගිරියේ විසූ ආදි පුරුෂයන් රාවණ හා කුවේර බැව්ය. (Weekend Sun 1994-April 01)

රාම - රාවණ මහා සංග්‍රාමයෙන් පසු විනාශයට පත් ලංකාපුර රාජධානියට අයත් වූ සීගිරි බලකොටුව අංග සම්පූර්ණ ලෙස ප්‍රතිසංස්‌කරණය කරනු ලැබුවේ කස්‌සප (ක්‍රි.ව.477-495) රජු විසින් බැව් පැවසීම සාධාරණය. එයට තවත් හේතුවක්‌ තිබුණි. එනම්, කාශ්‍යප රජුගේ මෑණියන් යක්‍ෂ ගෝත්‍රික කුමරියක්‌ වීම නිසා ඔහුට මවු පස උරුමයක්‌ සීගිරියට තිබීමය. (රාවණ කතා පුස්‌කොළ ග්‍රන්ථය)

මේ සීගිරි නිර්මාණ ශිල්පය දැනට වසර 5000 කට වඩා පැරණි මොහන්දොජාරොහරප්පා සංස්‌කෘතියට සම කළ හැකි බැව් හේ මාකස්‌ ප්‍රනාන්දු ගේ අදහසයි. (Weekend Su 1994.04.01)

නිල්ගල වලව්වේ සිසී කුමාරිහාමි මහත්මිය 1940 දී තල්කොටේ ගමට පැමිණි අවස්‌ථාවක එහි විසූ පුංචිරා නම් ගැමියෙක්‌ විසින් කී තේරවිලි කවි කිහිපයක්‌ ඇයගේ අත්පොතක සටහන් කර තිබුණි. එයින් කවි දෙකක්‌ The Cultural Heritage of Jing Rawana (21 වැනි පිටුවේ) ඇතුළත්ය.

ප්‍රශ්නය

සීගිරි ගලේ විල සැදුවේ කවුරුන්දෝ

සීගිරි ගලේ රූ ඇන්දේ කවුරුන්දෝ

සීගිරි රුවෙන් දිස්‌වන්නේ කවුරුන්දෝ

මෙතුන් පදේ විසඳන්නේ කවුරුන්දෝ

පිළිතුර

සීගිරි ගලේ රාවණ දෙවි විල සැදුවා

සීගිරි ගලේ විස්‌කම් සිත්තම් කෙරුවා

සීගිරි රුවෙන් මන්දෝදරී දිස්‌වෙනවා

මෙතුන් පදේ මම නිසි ලෙස විසඳනවා

මේ ජනකවි "රාවණ කතා" පුස්‌කොළ ග්‍රන්ථයේද සඳහන් වී ඇති බැව් කිව යුතුය.

තල්කොටේ ගමෙන් දැනට වර්ෂ 65 කට පෙර සොයාගෙන තිබුණ ජනකවිවලින් පුරාවිද්‍යාඥයන්ට මෙතෙක්‌ සොයා ගත නොහැකිවූ ආලෝක ධාරාවක්‌ මුළු මහත් සීගිරි පර්වතයටම වැටෙන බැව් අමුතුවෙන් කිව යුතු නැත.

මේ සීගිරිය ප්‍රදේශයේ ආදි කාලයේ යක්‍ෂ ග්‍රෝතිකයන් විසූ බැව් ප්‍රකට ඉතිහාසඥයෙක්‌ වූ ඒ. සී. ලෝරි පවසයි.

The Native Traditions tell of the occupation of Sigiriya by the Aboriginayakkha Another Local Tradition Connect the rock with King Devanampiyathissa who reigned about 266 BC. They say that the King found on the rock a Golden Bamboo which had three trunks called "Yako - Ykahkti- Kusuma Yakhthi and Yakuna Yahkti. In the first trunk there were golden figures of women in the Second golden flowers and in the third Golden Figures of Gods. The King said let this rock be always remembered by me. Hence. the name of the Centra; Province of Ceylon pp.791)

ඒ. සී. ලෝරි ගේ මේ අදහසින් පෙනෙන්නේ සීගිරි චිත්‍රවලින් දිස්‌වන්නේ ලංකාවේ ආදිවාසී යක්‍ෂ ගෝත්‍රික කාන්තාවන් බවට ඉඟියකි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌ රාජා ද සිල්වා මේ කාන්තා රුව තාරා දේවිය ගේ යෑයි ඉදිරිපත් කරන මතය ඛණ්‌ඩනය වීමත් තල්කොටේ ජනකවිවලින් ඉදිරිපත් කරන සීගිරි රුවින් මන්දොaදරී දිස්‌වෙනවා" යෑයි පවසන මතය සනාථ වීමත්ය.

මන්දොaරී (Thinwaist) යනු සිහින් ඉඟටිය ඇත්තී යන අරුත දෙන කාන්තා නාමයකි. ඇතැමෙක්‌ මෙය මන්ඩෝදරී (කළයක්‌ වැනි බඩක්‌ ඇත්තිය කැයි) වරදවා තේරුම් ගෙන ඇත. (මහාචාර්ය විමල විජයසූරිය)

මන්දොaරී රැජින ලංකේශ්වර රාවණයන් ගේ බිරිඳ වූ අතර රාවණ ගේ ඇවෑමෙන් රාවණ සොයුරු විභීෂණ ගේ බිරිඳ වූවාය. මන්දොaදරිය ගේ පියා මය දානවය. ඔහු ශ්‍රේෂ්ඨ ගණයේ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. සීගිරි බලකොටු සංකීර්ණයේ නිර්මාණ ශිල්පියා මය දානවයෝ යෑයි කිව හැකි ජනශ්‍රැතියක්‌ ගලහිටියාගම ගම්වැසියෙක්‌ වූ පුංචි බණ්‌ඩා ඉදිරිපත් කරයි. වෙසමුණි රඡ්ජුරුවන්ට ඕනෑ වුණා ලෝකෙන් ම ලස්‌සන මාළිගාවක්‌ හදාගන්ඩ. මය යක්‍ෂයා, ඒ කාලේ හොඳ ම වඩුරාළ ඒ වෙසමුණි රඡ්ජුරුවෝ මය යක්‍ෂයාට කතා කරල කිව්වලු ලෝකෙන් ලස්‌සන ම මාළිගාව හදා දෙන්න කියලා. ලස්‌සන විතරක්‌ නොවේ. සවි ශක්‌තියත් හොඳට තිබෙන්න ඕනෑ. භූමි කම්පාවකට, ගංවතුරට හෝ කිසිම උවදුරකට විනාශ නොවෙන විදිහට එය හදන්න ඕන කියලා තියෙනවා. ඒ කාලේ සීගිරි ගල තිබුණේ ගල් ගොඩක්‌ වැනි ගල් කන්දක· මේ ගල් කන්ද පෙන්නල මය යකා වෙසමුණි රඡ්ජුරුවන් ගෙන් ඇසුවේ "මෙතන හොඳ ද?" කියලා. වෙසමුණි රඡ්ජුරුවොත් එතැනට කැමති වුණාලු."

මය යක්‍ෂයා ඔහු ගේ සහචර පිරිස එකතු කර ගෙන අර ගල් කන්දෙ සමහර ගල් ඉවත් කරලා ලොකු කළුගල ලස්‌සනට හැඩවැඩ දාල කපලා ඒ ගල මාළිගාවක්‌ බවට පත්කළා. නිකම් මාළිගාවක්‌ නොවේ.· තට්‌ටු මාළිගාවක්‌· වෙසමුණි රඡ්ජුරුවන්ට ගුවන් යානයක්‌ තිබිල තියෙනවා· ඒක නවතලා තියෙන්නේ මාළිගාවේ වහලේ·

සීගිරිය, ඉනාමළුව, තල්කොටේ, ගලහිටියාගම ආදී ගම්වල පැරැන්නන් අතර මුඛ පරම්පරාගතව පැවැති මේ ජනශ්‍රැතියෙන් සීගිරියේ අතීත ඉතිහාසයට ගෙන දෙන්නේ සුවිසල් ආලෝක ධාරාවකි. සීගිරියේ හා එයට තදාසන්න සියලුම ගම් නියම්ගම්වල පදිංචි වී සිටියේ ආදිවාසී යක්‍ෂ ගෝත්‍රිකයන්ය. වැද්ද ගේ හේන, වැද්දි ගෙ වත්ත, වැදි යාය ආදී නම් තිබෙන ඉඩම් කඩම් මේ ප්‍රදේශයේ බහුලය. වැදි නාමයෙන් වත්මන් ජනතාව හඳුන්වන්නේ ආදිවාසී (Aborigines) යක්‍ෂ ග්‍රෝත්‍රිකයන් මිස වෙනත් පිරිසක්‌ නොවේ.

වෙසමුණි රඡ්ජුරුවෝ ලෙසින් පුංචි බණ්‌ඩා සඳහන් කළේ විශ්‍රවස්‌මුණි හෙවත් වෛශ්‍රවණ නමැති යක්‍ෂ රාජායා ය. පණ්‌ඩුකාභය රජතුමා (ක්‍රි.පූ. 367-437) වෛශ්‍රවණ යක්‍ෂයා සඳහා නුවර පශ්චිම දොරටුව අසල නුග ගස කැප කළේය. (පැරණි ලංකාවේ ආගම් හා පුද පූජා පිටු 102)

මේ විශ්‍රවස්‌මුණි, රාවණ මහ රජු ගේද කුවේර ගේද පියාවන අතර මහරිසි පුලස්‌ති ගේ පුත්‍රයාය. එමෙන්ම බෞද්ධ සාහිත්‍යයේ සඳහන් සතර වරම් දෙවිවරුන් ගෙන් එක්‌ දෙවියෙක්‌ වූ වෙසමුණිය.

නාග, යක්‍ෂ, දේව හා රාක්‍ෂ නම්වලින් හැඳින්වූවද මොවුන් මනුෂ්‍යයන් මිස වෙනත් අමනුෂ්‍ය වර්ගයක්‌ නොවන බැව් ඉඳුරාම කිව හැකිය.

විශ්‍රවස්‌මුණි ගෙන් පසු ඔහු ගේ දෙටු පුත් කුවේරට මේ මාළිගය හා ඔහු ගේ ගුවන් රිය පුෂ්පිකයානය අයිති වූ නමුත් තරුණ වියට පත් රාවණයෝ ලංකාපුර රාජධානිය ඇතුළු චංචල නිශ්චල සම්පත් සියල්ල උදුරාගත් බැව් රාමායණය කියයි.

"කාශ්‍යප රාජ්‍යෙdaදයට වසර 500 කට පූර්වයෙහි දී ස්‌වකීය රාජ්‍යයේ කාසි 1600 ක්‌ ආගමික මධ්‍යස්‌ථානයක්‌, තොටමුණක්‌ වෙළඳ නගරයක්‌ හෝ නොවන සීගිරියට පැමිණ රන් කාසි විසුරුවා ගිය ධනවත් රෝම පුරවැසියෝ එහි පැමිණ ඇත්තේ ගිරග්ග සමඡ්ජ වැනි උළෙලකට බැව් මහාචාර්ය විනී විතාරණ අදහස්‌ කරයි. (සිළුමිණ 1994 අප්‍රේල් 17)
Sihigiriya remembrance rock (The Gazetteer )මේ අනුව පළමුවෙන්ම පෙනී යන සත්‍යය නම් කාශ්‍යප (ක්‍රි.ව. 704-711) රජුටත් වර්ෂ 500 කට පමණ පෙර මේ ස්‌ථානය ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණ ස්‌ථානයක්‌ බැව් සත්‍ය මූලාශ්‍ර අනුව පෙනී යන බවයි.

ගිරග්ග සමඡ්ජ යනු පැරණි ඉන්දියාවේ උළෙළකි. ගලක්‌ හීතර සමඡ්සමඡ්ජ නම් නැටුම් හෝ ගලක්‌ හී තරණ පියවියෙන් ගිරග්ග නම් (දම්පියා අටුවා ගැටපදය 36 පිටු)

7-8 හා 9 වැනි සියවස්‌වල ලංකාවේ නොයෙක්‌ දෙසින් ජනයා සීගිරියට ආහ. සීගිරි ගල මුදුනට ජනයා එකතු වීමේ පරමාර්ථය නම් සීගිරි රූප බැලීමට පමණක්‌ නොව "ගිරග්ග සමඡ්ජ" වැනි උත්සවවලටද සහභාගි වීම බැව් මාර්ටින් වික්‍රමසිංහ අදහස්‌ කරයි. (Sigirigraffiti Vol pp CCXV)

සීගිරියට රෝම ධනපතියන් පැමිණේ ගිරග්ග සමඡ්ජයට ද එසේත් නැතිනම් ඒ ස්‌ථානයේ පදිංචි වී සිටි ප්‍රභූවරුන්ගේ මැණික්‌ මිලදී ගැනීමට දැයි ප්‍රශ්නයක්‌ පැන නැගෙනු ඇත.

විශ්‍රවස්‌මුණි (වෙසමුණි) කුවේර ආදීන් මුළු මහත් ලෝකයේම ධනපතීන් ලෙස බැබළුණේ ලංකාපුර රාජධානියේ (ලග්ගල) තිබුණ අසීමිත වටිනාකමක්‌ ඇති අගනා මැණික්‌ නිසා බැව් කිව හැකිය. ලංකාපුර රාජධානිය සමඟ සම්බන්ධකම් පැවැති හලාවත මුතු රාජධානිය අයත් වූවේද යක්‍ෂ ගෝත්‍රිකයන්ටය. කුවේණි රැජින තම්මැන්නාවේ තාවකාලික පදිංචි වූවේද සිරිස වස්‌තු පුරය මෙන්ම හලාවත මුතු රාජධානිය ද ඔවුන්ට උරුම වූ ස්‌ථාන බැවිනි.

හලාවත මුන්නේශ්වරම් මහා ශිව දේවාලය රාවණ රජු ගේ පමණක්‌ නොව ඔහුගේ පරපුරේ සූර්යය භක්‌තිකයන් ගේද මධ්‍යස්‌ථානයකි. 
Our Past Kings Figure in very many episodes connected with Munneswaram for history cantrace back only to the time of Ravana (Sri Lanaka to day pp. 18)

මේ අනුව විමසා බලන විට ඌවේ ලග්ගල සහ සබරගමුවේ මැණික, හලාවත මුතු ආදී වස්‌තුවෙන් පොහොසත් යක්‍ෂ ගෝත්‍රික ප්‍රභූවරයෙක්‌ ක්‍රි.ව. 20 - 21 යුගයේ පමණ නිකුත් වූ කාසි විය හැකිය.

දේවානම්පියතිස්‌ස රජතුමා ද සීගිරියේ සිටි බැව් ඒ. සී. ලෝරි කියයි. (The Gazatter of Cantral Province..........)

ඒ අනුව විමසා බලන විට මේ ස්‌ථානය මුරුණ්‌ඩ වංශික රජ දරුවන්ද පාවිච්චි කළ ජය භූමියක්‌ ලෙස විශ්වාස කළ හැකිය. පණ්‌ඩුකාභය රජතුමාට ද යක්‍ෂ ගෝත්‍රික සම්බන්ධතාව තිබුණ බැවින් විශ්‍රවස්‌මුණි ගේ මාලිගය පසු කලෙක මුරුණ්‌ඩ ශිව (The Greeks & Mauriyas) ගේ පුත්‍ර දේවානම්පියතිස්‌ස රජු සිය පරිහරණයට ගන්නා විය හැකිය.

සංඝතිස්‌ස රජු සහ සිය පුත්‍රයා සීගිරියේ දී සතුරන්ට අසු වී මැරුම් කෑ පුවත "මහාවංශයේ" 44 වැනි පරිච්ඡේදයේ සඳහන් වේ. පරාක්‍රමබාහු (1164-97) රජතුමා ද සීගිරිය අලුත්වැඩියා කර ඇත. (The Gazetteer of the Central Province pp.792)

ගිරග්ග සමඡ්ජ වැනි උලෙළක්‌ ලංකාවේ පැවැත්වූ බවට සෑහෙන තරම් මූලාශ්‍ර මෙතෙක්‌ හමුවී නැතැයි කිව හැකිය. එසේ වුවද පණ්‌ඩුකාභය රජ යුගයේ කාමෝත්සව පැවැති බැව් මහාවංශය (මහාවංශය X 64-65 පිටු) කියයි.

බෞද්ධාගම හෙළිදිවට පැමිණීමට පෙර ලංකාවේ දුරාචාර, පුද පූජා පැවැත්වූ බැව් හියුං සාං ප්‍රකාශ කර ඇත. (Buddhist Records of the Westen World pp 206)

කෙසේ වුවද සීගිරිය ආරම්භයේ සිට රජවරු ප්‍රභූවරු ජීවත් වූ මාලිගයක්‌ ලෙස හැදින්වීමට සාධාරණය.

මහා දාඨික, මහා නාග රජු (ක්‍රි.ව. 06-18) දවස ගිරිභාණ්‌ඩ පූජා නම් උත්සවයක්‌ පවත්වා ඇති බවත් එයට හේතුව මිහින්තලේ චෛත්‍යයේ වැඩකටයුතු සාර්ථක ලෙස අවසන් වීම යෑයි මහාවංශය - රසවාහිනී, විසූධි මාර්ග ග්‍රන්ථවල සඳහන් වේ.

ගිරිභාණ්‌ඩ පූජාව ඒ යුගයේ පැවැති සුවිසල් පුණ්‍ය කර්මයක්‌ බවට අපමණ මූලාශ්‍ර බෞද්ධ සාහිත්‍යයේ ගිරිභාණ්‌ඩ පූජාය - නම් ෙච්තිය ගිරිය ආදි කොට සියලු සිංහල ද්වීපයෙන් යොදුනක්‌ තැන් දක්‌වා සමුද්‍රයෙන් පැවැත්වූ මහා ප්‍රදීප පූජාවයි (විසුද්ධි මාර්ග සන්නස - 12 සෘද්ධි විධි නිද්දේශ)

මේ අනුව තව තවත් විමසා බලන විට සීගිරියට රන්කාසි පිදුවේ "ගිරිභාණ්‌ඩ පූජාවක්‌" සඳහා ඒ යුගයේ විසූ සිංහල රජ කෙනෙක්‌ විසින් විය හැකිය. විදේශ රටවල් සමඟ දිගු කලක්‌ වෙළෙඳ ගනුදෙනු කළ ශ්‍රී ලංකාවේ ධනවතුන් හා ප්‍රභූවරුන් සතුව තිබුණ රන්කාසි මේ මහා පූජාව පිණිස ඒ පූජාව පැවැත්වූ මධ්‍යස්‌ථානයෙහි විසුරුවා හැරීමට ඉඩ ඇත.

මේ රන්කාසි පොළොව මතුපිට විසුරුවා තිබීමෙන් මෙය පූජාවක්‌ සඳහා විසුරුවා දැමූ පූජා භාණ්‌ඩ විය හැකි බවත්, රාජ අනුග්‍රහයෙන් පැවැත්වූ පූජාවක භාණ්‌ඩ සොරුන්ට ගෙන යැමට නොහැකිවූ නිසා ඒවා කාලයේ වැලි තලාවට යට වී පසුව එම ස්‌ථානය පිළිසකර කරන කැණීම්වල දී හමුවූ බවත් සිතීමට බොහෝ ඉඩකඩ ඇත.

ගිරග්ග සම-ජ වැනි උත්සවයකට රෝම ජාතිකයන් පැමිණ මේ රන්කාසි විසුරුවා දායි නම් ඒ රන්කාසි එවේලෙහිම කවුරුත් අසුලාගනු නිසැකය.

ලංකාවේ ආදිවාසි යක්‍ෂ ගෝත්‍රික පාලනය කන්ද උඩරට පමණක්‌ නොව දෙවුන්දර තුඩුවේ සිට වත්මන් පේදුරුතුඩුව දක්‌වා පැතිර තිබුණ බව රාමායණයෙන් කියෑවේ.

කන්ද උඩරට නුවරඑළියේ පිදුරුතලාගල සහ කිකිළියමාන කඳුවල රාවණ ගේ රහස්‌ මාළිගා ගිරිකුළුවලින් වටවී සැඟවී ඇති බැව් ජනශ්‍රැති මගින් කියෑවේ.

මාතලේ හරහා උමං ගංගා මාර්ගයක්‌ ඇති බැව් භූ විද්‍යාඥයන්ගේ මතයකි. ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවරු එදා උමං ගංගාවක්‌ ලෙස සිතාගත්තේ රාවණ යුගයේ ජල මාර්ගයක්‌ විය හැකි යෑයි දොස්‌තර ශ්‍රී වාත්සව මහතා මා සමඟ ප්‍රකාශ කර ඇත. (1982.05.03) සාකච්ඡාව - නුවරඑළිය)

එපමණක්‌ නොව සීගිරි පර්වතය යටින් ලග්ගල දක්‌වා උමං මාර්ගයක්‌ ඇති බැව් තවත් මතයකි. (පෙරියසාමි වයියාපුර - බදුල්ල සාකච්ඡාව 80.02.14)

ගල්කඳු හා වනාන්තර පිළිබඳ ප්‍රායෝගික දැනුමක්‌ තිබුණ වයියාපුරි ගේ අදහස නිවැරැදි බැව් පසුගිය දිනෙක ලග්ගල දී මට හමුවූ කිහිප දෙනකු ගේම අදහස්‌වලින් තහවුරු වේ.

ලග්ගල බොහෝ දෙනෙක්‌ද අදහස්‌ කරන්නේ සීගිරියේ සිට ලකේගලට උමං මාර්ගයක්‌ ඇති බවය. රාවණ යුගයේ දී උමං මාර්ග ඉතා ජනප්‍රිය ගමනාගමන පද්ධතියක්‌ වී තිබුණ බැව් සිතිය හැකිය.

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ වැලිමඩ ඌව පරණගම ස්‌ත්‍රීපුර කන්දට හක්‌ගල (නුවරඑළියේ) කන්දේ සිට උමං මාර්ගයක්‌ ඇති බැව් ඒ ප්‍රදේශවාසීන්ගේ විශ්වාස යයි (Cultural Heritage at King Ravana pp12)

මේ අනුව සීගිරියේ සිට ලක්‌ගලටත් ලක්‌ගල සිට බිම්තැන්නේ සිරිසවසකු පුරයටත් උමං මාර්ග පද්ධතියක්‌ තිබුණ බවට සැක නැත.

සීගිරිය ගොඩනගා ඇත්තේ ද මේ උමං මාර්ග කිහිපයක්‌ එක්‌වන සන්ධිස්‌ථානයක්‌ මතුපිට යෑයි ශ්‍රී වාත්සව අදහස්‌ කරයි.

වෘත්තියෙන් වෛද්‍යවරයෙක්‌ වූ ශ්‍රී වාත්සව මහතා ඉන්දියානු ජාතිකයෙකි. ඉන්දියාවේ හිමාලයේ ද ලංකාවේ විවිධ පළාත්වලද රාවණ රජු සහ ඔහු ගේ පා පහස ලත් ස්‌ථාන පිළිබඳ ගවේෂණයක යෙදුණ ඔහුට රාවණ රජතුමා ගේ විවිධ චර්යාවන් පිළිබඳ අවබෝධයක්‌ ඇත්තෙකි.

"සීගිරිය" තල්කොටේ අසල පදිංචිකරුවෙක්‌ වූ පුංචි බණ්‌ඩාගේ සාක්‍ෂියෙන් ද තහවුරු වුණේ දොස්‌තර ශ්‍රී වාත්සව ගේ මතය ම බැව් කිව යුතුය.

මාතලේ දිසා ඇමැති ධුරය දැරූ දඹුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩබ්. ආර්. එම්. ඒකනායක මහතාද සීගිරියට දැඩි ඇල්මක්‌ තිබුණ දේශපාලනඥයෙකි.

සීගිරිය බළකොටුවේ ජීවත් වූ ආදි පුරුෂයා රාවණා රජු විය හැකි බැව් තමා විශ්වාස කරන බවත්, ඒ ගැන මුඛ පරම්පරා කථාවක්‌ ඉහළ තල්කොටේ ටිකිරි බණ්‌ඩා නමැත්තෙක්‌ දැනට වසර 15 කට පමණ පෙර කියා ඇති බවත් දිසා ඇමැති ඒකනායක මහතා කීවේය. (1981 ජුනි මස සාකච්ඡාව)

සීගිරියේ විසූ කස්‌සප (477-495) රජතුමා තරුණ කාලයේ මාග බ්‍රාහ්මණයා ගෙන් ජ්‍යෙතිෂය හැදැරූ බවත්, එයට පූර්ණ අනුග්‍රහය ධාතුසේන රජතුමාගෙන් ලැබුණ බවත් එහි ප්‍රතිඵලයක්‌ ලෙස සීගිරිය ග්‍රහලෝක පරීක්‍ෂණ කටයුතු කරන විද්‍යාගාරයක්‌ ලෙස පැවැති බවත් ප්‍රවීණ ජ්‍යෙdaතිෂ ශාස්‌ත්‍රඥයෙක්‌ වූ ආචාර්ය කිංස්‌ලි ගුණතිලක කියයි.

ධාතුසේන රජතුමා ගේ අන්ත(පුරය ද සීගිරියේ පැවැති බැව් ආචාර්ය ගුණතිලක ගේ මතයයි. 

Prince Kassapa Studied Astrology thoroughly with the help of king Dhatusena's Court astrologer Brahmin Rishi Kevala Maga. One of his texts in ola leaf on astrology still remain in the British Museum. Kassapa knew that according to his stars he should become king before his brother Mugalan. So he suddenly arranged a coup d' etat and became the king of Sri Lanka in 497 A. D.

His Astrologer friend Brahmin Kewala Muga instructed king Kassapa to conver Sigiriya in to a planetorium. Sigiriya was rebuilt under the guidance of Brahmin Maga (The Island 3. 11.1982)

සීගිරි පර්වතය වටා කැටපත් පවුරක්‌ (Mirror Wall) තිබුණ බැව් පුරාවිද්‍යාඥයන් කියන බැව් ගුණතිලක සඳහන් කරයි. ඒ කැටපත් පවුර අංශක 80% වෘත්තයකට තිබුණ අතර, නැකැත් පිළියෙල කිරීම වැනි ජ්‍යෙdතිර් විද්‍යා පර්යේෂණ කටයුතුවලට එය ප්‍රයෝජනවත් වී යෑයි ද ආචාර්ය ගුණතිලක ගේ මතය වී ඇත. සීගිරි ප්‍රදේශයේ වූ 'නයි පෙණ ගුහාව' පරුමක නගුලිය ලෙන යනුවෙන් සඳහන් වී තිබෙන්නේ සීතා දේවිය විසූ ගුහාව එය නිසා බවත් නගුලිය යනු සීතාවන්ට (නඟුලෙන් උපන් ලිය) යෙදූ නමක්‌ බවත් ශ්‍රී. ල. රා. රාජධානිය (පිටු 171) කියයි.

මාක්‌ස්‌ ප්‍රනාන්දු ගේ අදහස සීගිරිය රාවණ විසින් ගොඩනංවා ඇති බවකි. නමුත් ලග්ගල, ඉනාමළුව, තල්කොටේ, ගලහිටියාගම ආදී තදාසන්න පෙදෙස්‌වල ජනශ්‍රැති අනුව පෙනී යන එක ම සත්‍යය නම් වෙසමුණි (විශ්‍රවස්‌මුණි) රජ අණ ලෙස මය දානව විසින් මේ ශෛලමය මාලිගය ගොඩනඟා ඇති බවයි.

මෙවැනි අතිශ්‍රේෂ්ඨ ගණයේ නිර්මාණයක්‌ කළ මය දානව කවුද යනු විමසා බැලිය යුත්තකි. 'මහා භාරත කාව්‍යයේ දැක්‌වෙන ඛාණ්‌ඩව වනය දැවීමේ දී සිය දිවි ගලවා ගැනීමට ආධාර දීම ගැන කෘතඥ වූ 'මය' තෙමේ පාණ්‌ඩවයන් ගේ නායක යුඬිශ්ඨිර නරේන්ද්‍රයාට විසිතුරු ශාලාවක්‌ නිම කර දුන්නේ ය. මය වනාහි ලංකේශ්වර රාවණ ගේ මයිලණුවෝ ය. 'දුන්දාහී' සහ 'මායාවී' නම් රාක්‍ෂ වීරයින් ගේ පියාණෝ ය. දක්‍ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. 'මයමතය' නම් ගෘහ නිර්මාණ ශාස්‌ත්‍රීය ග්‍රන්ථය කරන ලද්දේ මය දානවයා විසින් යෑයි කියනු ලැබේ. 'සූර්යා සිද්ධාන්තය' ද මය ගේ එක්‌ ග්‍රන්ථයකි. මය ගේ දියණිය වූ මන්දොaදරී සමඟ රාවණ රජු විවාහ වූ දිනයේ රාවණට සිය බලසම්පන්න ත්‍රිශූලය දායාද වශයෙන් ප්‍රදානය කළේය. (සංක්‍ෂිප්ත රාමායණය, පිටු.190).

වත්මන් ගැමියන් මය යක්‍ෂයා යනුවෙන් හඳුන්වන්නේ මය දානව බවට සැක නැත. වෛශ්‍රවණ හෙවත් විශ්‍රවස්‌මුණි ගේ නාමය ඔහු ගේ පුත්‍ර කුවේරට ද පාවිච්චි කළ බැව් මූලාශ්‍රවලින් පෙනේ. 'අනුරාධපුර යුගයේ දී වෛශ්‍රවණ නම් යක්‍ෂයා පුදන ලදී. ඔහු කුවේරයා ලෙස සාහිත්‍ය ග්‍රන්ථවල එයි. (පැරණි ලංකාවේ ආගම් හා පුද පූජා, පිටු 97).

ලංකාවේ යක්‍ෂයන් උසස්‌ සභ්‍යත්වයක්‌ ඇති, නගරවල විසූ, කපු පිළි ආදී රෙදි විවීම කළ, විදේශික ප්‍රජාවට අකමැති, වෙළෙන්දන් මරා දැමූ වර්ගයකැයි මහාචාර්ය ගුණපාල මලලසේකර ගේ 'The Pali Literature of Ceylon" ග්‍රන්ථය කියයි.

සීගිරිය අවට පැවති සංස්‌කෘතිය මේ අනුව අනුමාන ව සිතා ගත හැකි ය. මේ ස්‌ථානය මාතලේ දුම්රිය පොළට සැතපුම් 35 ක්‌ ඈතින් පිහිටා ඇති අතර, එය අඩි 600 ක්‌ උසැති ගිරිකුළක්‌ බවත් අක්‌කර 3 1/2 ක පෙදෙසක මේ සීගිරිය සංකීර්ණය පැතිර ඇති බවත් ලිත සාක්‍ෂි අනුව කිව හැකි ය. (Tutor - Vol. 01. Wool. P.P. 35)

අක්‌කර 300 ක භූමි ප්‍රමාණයක්‌ එදා සීsගිරියට අයත් ව තිබිණැයි ඒ. සී. ලෝරි කියයි The Gazetteer of Central Province pp.791).

මෙගලිතික සංස්‌කෘතියට අයත් යක්‍ෂ ගෝත්‍රිකයින් කළුගල් නිර්මාණ කටයුතුවලට දක්‍ෂයන් වූ බැව් දැඩිමුණ්‌ඩ පුවතේ කවිවලින් සනාථ වේ.

මෙලෙස කපා ගල යකුන් ලවා යේ
එලෙස සෙනඟ රැස්‌ කළ එකලා යේ
යසස මෙලක්‌ දිව පතළ කළා යේ
සතොස වඩන සුර විමන කළා යේ

(පරණවිතාන සමර දෙසුම්, පිටු 25)

මේ අනුව විමසා බැලීමේ දී මෙගලිතික සංස්‌කෘතිය තුළ ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රික නිර්මාණ ශිල්පීන් අතින් සීගිරිය බිහි වීම පුදුමයට කරුණක්‌ නො වේ.

සීගිරියේ කැටපත් පවුරේ වත්මන් ගී ලියා තිබෙන්නේ ඊට පෙර එහි ලියා ඇති ගී සය වෙනත් සටහන් මතූ පිට බැව් කිව යුතු ය (Weekend Sun - H. Marcus Fernando 1/4/1984). එසේ නම් එම ගීවලින් සීගිරිය පිළිබඳ සත්‍යය හෙළිවිය හැකි ව තිබුණි.


මෙගලිතික යුගයේ මේ ප්‍රදේශය ඉතා දියුණු ජනාවාසයක්‌ බැව් පර්යේෂණවලින් පෙනී ඇත. ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාරය මගින් සීගිරියේ සිට සැතපුම් 02 ක්‌ වයඹ දිගින් පිහිටි නාගල වැව ග්‍රාම නිලධාරී වසමේ කුඩා නිකකටුව වැව ප්‍රතිසංස්‌කරණ කටයුතුවල දී ඒ වැවේ පස්‌ කපන විට වැව පතුලේ තිබී පුරාණ කඩු 12 ක්‌ හා හෙල්ලයක්‌ හමු වුණි. මේ අනුව සොයා බලන විට සීගිරිය අවට සැතපුම් ගණනක්‌ ඈතට විහිදී ගිය පැරණි ශිෂ්ටාචාරයක්‌ තිබූ බවට සාක්‍ෂි එමට ඇති බැව් ශ්‍රී ලංකා සාගිනි නිවීමේ ව්‍යාපාරයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඩන්ස්‌ටන් ප්‍රනාන්දු කියයි (සිළුමිණ, 1994.04.24).

ජ්‍යෙdතිර් විද්‍යා පර්යේෂකයෙක්‌ වූ ආචාර්ය කිංස්‌ලි ගුණතිලක තරයේ ම ප්‍රකාශ කරන්නේ මේ ස්‌ථානය කාශ්‍යප රජු ගේ ග්‍රහලෝකාගාරය ලෙසයි.

'Megalithic Satrological Computer of England which was built about 2000 years ago to check the movements of the stars. It is now an accepted theory of Archaeologists who have strained this, similar structures are seen in the Mexico Caracol observatory chichen itza in the Maya Culture Buildings.There are many similar ruins in India too' (The Island 3-11-19852).

ආචාර්ය ගුණතිලක සීගිරිය පිළිබඳ ඉදිරිපත් කළ ග්‍රහලෝකාගාර සංකල්පය ද තරමක්‌ දුරට හෝ පිළිගත හැක්‌කේ රාවණ ගේ පියාණන් වූ විශ්‍රවස්‌මුණි පමණක්‌ නොව රාවණ ගේ සීයා වූ පුලස්‌ති මහ සෘෂිවරයා සහ රාවණ ද දක්‍ෂ ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රඥවරු බැවිනි.

ලකේගල මුදුනේ සිට පුලස්‌ති සෘෂිවරයා තාරකා විද්‍යා කටයුතු පර්යේෂණ පැවැත්වූ පරිදි පුලස්‌ති පුත්‍ර විශ්‍රවස්‌මුණි (වෙසමුණි) සහ විශ්‍රවස්‌ පුත්‍ර රාවණයෝ ද ජ්‍යෙdතිෂ විද්‍යා පර්යේෂණ කළ බැව් ලොව පිළිගත් සත්‍යයකි. යක්‍ෂ ගෝත්‍රික සම්බන්ධයක්‌ සිය මවු පසින් ලත් කාශ්‍යපයෝ ද පසු කලෙක මාග බ්‍රාහ්මණයා ගේ උපදෙස්‌ පිට ජ්‍යෙdaතිෂය හදාරන්න ඇතැයි සිතිය හැකිය.

සීගිරිය, ලකේගල ආදී උභය ස්‌ථානයන් යක්‍ෂගෝත්‍රික ආදිවාසී විද්වතුන් ගේ මාලිගා මෙන් ම විද්‍යා නිකේතන වූවාට සැක නැත.

පසු කලෙක හෙළදිවට පැමිණි ආර්යයන් යක්‍ෂ ගෝත්‍රිකයින් ගේ වැඳුම් පිදුම් අනුගමනය කර ඇති බැව් යුතු ය. මේ ආර්ය සිංහලයින් මෙන් ම ඉන්දු ආර්ය ජනකොටස්‌ ද මහාකාල සහ මහාකාලි වන්දනාවේ යෙදෙන්නේ එබැවිනි. මේ පිළිබඳ ව ඇස්‌. ඩී. ද ලැනරෝල් මෙසේ අදහස්‌ දක්‌වයි.

'The Aryans tagged on the rituals performed in the worship of Yakkha deity known as Mahakala the supreme Yakkha deity must have originated from a natural sight seen on the top of a rocky mound'.

'The worship of Mahakali the Yakkhini the spouse of Mahakala is still full of savage rites performed by the ancient Yakkhas' (Orignis of Sinhala Culture, PP 30-31).

මේ මහා කාලි මෙන් ම මහා කාල වන්දනාව ඉන්දියාවේ ද පැතිර ඇති අතර මහා කාල සහ මහා කාලි රාවණ ගේ හමුදාවේ සිටි ප්‍රබල සෙන්පතියන් බැව් ඇතැමෙක්‌ විශ්වාස කරති.

මේ සීගිරිය 'චිත්‍රකුට' නමින් ද හඳුන්වා ඇත. එයට හේතුව එය අලංකාර චිත්‍රවලින් පිරි කලාගාරයක්‌ වූ නිසා යෑයි සිතිය හැකිය. (Week end Sun). චිත්‍රරාජ නමැති යක්‍ෂ සේනාධිපතියා ද මේ චිත්‍ර කූටයේ ජීවත් වූ බවට මූලාශ්‍ර ඇත. පණ්‌ඩුකාභය රජතුමා දේවත්වයෙන් පුදන ලද්දේ මේ සෙන්පතියා යෑයි අනුමාන ය.

මේ සීගිරිය හෙවත් චිත්‍රකූටය තදාසන්න ගම්වල ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රිකයන් වල් අලි, කොටි, වලස්‌, නයි, පොළොං ආදී වන සතුන් සමඟ සහජීවනයෙන් හා සාමදානයෙන් සිටි බවත් ඒ යක්‍ෂ ගෝත්‍රිකයින් වන සතුන් හීලෑ කර ගැනීමට බලගතු මන්ත්‍ර පාවිච්චි කළ බවත් දිඹුලාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‌ යෑයි පැවසූ රාවණා ගේ කෙන්දා නමැත්තෙක්‌ අප සමඟ කීවේ ය. (1980.01.05 සාකච්ඡාව).

වත්මන් වැදි ජනයා ලෙස සැලකෙන අපේ ආදිවාසීන් ගේ මන්ත්‍ර හා විවිධ යාතුකර්ම සඳහා ව්‍යවහාර වන්නේ ඉපැරණි යක්‍ෂ ගෝත්‍රික සිංහල බවත් ඒ මන්ත්‍ර හා යාතු කර්ම විධි පෙරදා ලෙස පැවැත්වීමට තබා මන්ත්‍රයක්‌ නිවැරදි ලෙස උච්චාරණය කිරීමට වත් වත්මන් තරුණයින්ට නො හැකි බවත් කෙන්දා ගේ අදහසයි.

තව ද, ලංකාවේ සතර වරම් දෙවියන් ලෙස සැලකෙන විරුඪ - විරූපාක්‍ෂ, ධෘතරාෂ්ඨ හා වෛශ්‍රවණ ආදින් යක්‍ෂ, දේව, නාග ගෝත්‍රික නායකයින් බැව් පිළිගත හැකි සත්‍යයකි. ඒ සතරවරම් දෙවියන් ගෙන් වෛශ්‍රවණ යනුවෙන් හඳුන්වන්නේ කුවේර, රාවණ, විභීෂණ, කුම්භකර්ණ ආදී රාක්‍ෂ වීරයින් ගේ පියාණන් වූ විශ්‍රවස්‌මුණි රජතුමා ය.
 
නිගමනය

සීගිරිය නිර්මාතෘවරයා මය දානව නමැති ශ්‍රේෂ්ඨ නිර්මාණ ශිල්පියා බවත් එහි ආදි පුරුෂයා විශ්‍රවස්‌මුණි රජතුමා බවත් මේ දත්ත සමූහයෙන් මැනවින් පැහැදිලි වනු ඇත. විශ්‍රවස්‌මුණි ගෙන් කුවේරටත් කුවේරගෙන් රාවණටත් රාවණ ගෙන් පසු විභීෂණටත් සීගිරියේ උරුමය ලැබුණ නමුත් සිය සොයුරාට සතුරුකම් කළ විභීෂණ ව පිළිගැනීමට කන්ද උඩරට යක්‍ෂ ගෝත්‍රිකයින් නොමැති වීම නිසා කැලණි පුරය දක්‌වා මන්දොaදරී ද සමඟ පසුබැසීමට විභීෂණට සිදු වුණි.

එයින් පසු රාවණ පරපුරේ යක්‍ෂ ගෝත්‍රික ප්‍රභූවරු අතින් අත මාරු වෙමින් පැවැති මේ ඓතිහාසික බළකොටු මැදුරට නව එළියක්‌ ලැබුණේ පණ්‌ඩුකාභය රජතුමා හෙළදිව පාලනයට පත්වීමෙන් පසු වය. පණ්‌ඩුකාභ්‍ය පුත් 'මුරුණ්‌ඩශිව' (මුට ශිව) රජතුමා ද ඔහු ගේ පුත් දේවානම්පියතිස්‌ස (ක්‍රි.පූ. 307-267) රජතුමා ද මේ ස්‌ථානයට සම්බන්ධ වූවේ ඔවුන් ගේ පාරම්පරික උරුමයකට බැව් විශ්වාස කළ හැකි ය. විවිධ රජවරුන් විසින් වරින් වර සීගිරිය ප්‍රතිසංස්‌කරණය කර ඇත. කාශ්‍යප රජතුමා ද එයින් එක්‌ කෙනෙක්‌ පමණි. යක්‍ෂයින් ගේ රාජධානිය වූ ලංකාපුරය මනඃකල්පිත නගරයක්‌ නො වේ. ඒ ස්‌ථානය මධ්‍යම පළාතේ මාතලේ දිස්‌ත්‍රික්‌කය තුළ දැනුදු හඳුනාගෙන ඇති බැව් ස්‌පෙන්සර් හාඩි ප්‍රකාශ කර ඇත (ශ්‍රී.ල.රා.රා., පිටු. 135).

රාවණ ගේ නාමය සීගිරියෙන් ඈත් කළ හැකි ද? මෙය ඉතිහාසය හා පුරාවිද්‍යාව එකට එතුන ප්‍රශ්නයකි. සීගිරියේ ඈත අතීතය කළුගල් පතුරු හා කාලයේ වැලි තට්‌ටු අතරින් ඉතා සූක්‍ෂම ලෙස සොයා බලන විට නුදුරු අනාගතයේ යම් දිනෙක සීගිරි ගල පතුලින් සැතපුම් සිය ගණනක්‌ දිග උමං මාර්ගයක්‌ හමුවූවත් පුදුම විය නො හැකි බැව් විශ්වාස කළ හැකි ය. එමෙන්ම එහි අඩි දහස්‌ ගණනක්‌ යටින් පොළොව කුහරය තුළ ගරා වැටුණ නගරයක නටබුන් හමු වූවත් එය ගැන පුදුම නො විය යුත්තේ ශ්‍රී ලංකාවේ මෙගලිතික යුගය අදට වඩා දියුණු යුගයක්‌ බැව් ප්‍රත්‍යක්‍ෂ වී ඇති බැවිනි.

උපුටා ගැන්ම - http://www.divaina.com/2011/09/28/badada04.html


Thursday, August 25, 2011

රන්දිව පත්තරේ ලිපි

0
රන්දිව පත්තරේ ලිපි

Tuesday, July 26, 2011

සීගිරිය ගැන නව සොයා ගැනීමක්

1

    මේ ලංකාදීප පත්‍රයෙන් පළවුණ ලිපියක්.2011.07.22


මේ ලිපියත් පොඩ්ඩක් බලන්න.... (උපුටා ගැනීම Elakiri.com)

සීගිරියෙ සැඟවිලා තියෙන අපේ මිනිස්සු නොදන්න බ්‍රිතාන්‍ය දන්න වටිනා විස්තර තවදුරටත් අපෙන් සැඟවීම එක අරමුණක් කියලත් කියන්න පුළුවන්. ගොඩක් අය කියන්නෙ ගල මුදුනෙ කාශ්‍යප මාලිගය තිබ්බ කියලනෙ. හොදට හිතල බලන්න සිංහකට ගාවින් අපි සීගිරිය උඩට නඟින හැටි. තේරුමක් නැති ගඩොල් බැම්ම ගැන හිතුණෙ නැද්ද? H. C. P. බෙල් තමා බදාම දාලා ඇතුලට යන තැන වහලා ඔය ගඩොල් ආවරණය හැදුව කියන්නෙ................




Saturday, December 18, 2010

රකුසු මුගලන්

0
මහාචාර්ය නලින් ද සිල්වා

කාශ්‍යප රජු ද බෞද්ධයකු වූ බව පැහැදිලි ය. ඒ වන විට ඇතැම් යක්‍ෂ ගෝත්‍රිකයන් බෞද්ධයන් වන්නට ඇත. හැරත් කාශ්‍යප රජු ධාතුසේන රජු ගේ ද පුතු විය. එබැවින් ඔහු බෞද්ධ වීම කිසිසේත් පුදුමයක්‌ නො වේ. කාශ්‍යප රජු පමණක්‌ නො ව එතුමා ගේ දියණියන් දෙදෙනා ද බෞද්ධ වූ බව මහාවංශයෙන් ද පැහැදිලි වෙයි. එහෙත් සිංහල රාජ්‍යය පැහැර ගැනීම පිළිබඳව සිංහල භික්‍ෂුන් වහන්සේ ද ඇතුළු සිංහල බෞද්ධයන් කාශ්‍යප රජුට කිසි ම සමාවක්‌ නො දෙන්නට ඇත.

අප දැනට කලකට පෙර පැවසූ පරිදි කාශ්‍යප රජු යක්‍ෂ සම්ප්‍රදාය අනුව සිහිගිරිය කරවා ඇත. එහි උයන් ද පර්සියන් සම්ප්‍රදාය අනුව පවත්වාගෙන ගොස්‌ ඇති බව නව කැණීම්වලින් පැහැදිලි වෙයි. බොහෝ කරුණු විමසා බැලූ කල පැහැදිලි වන්නේ සිහිගිරිය යක්‍ෂ සංස්‌කෘතිය සිහි කිරීම සඳහා කරවන ලද්දක්‌ බව ය. සිංහලයන් විසින් අමතක කරනු ලැබ තිබූ යක්‍ෂ සංස්‌කෘතිය හා සම්ප්‍රදාය නැවත සිහි කිරීම සඳහා ඉතා අනර්ඝව උයන් චිත්‍ර සහිතව සිහිගිරිය කරවා ඇති බව පෙනී යයි.

ඒ කිසිසේත් ම බියෙන් විසූ පුද්ගලයකු ගේ නිර්මාණයක්‌ විය නොහැකි ය. එහෙත් මුගලන් කුමරු ආපසු එන බව කාශ්‍යප රජු නො දැන සිටියා නො වේ. එසේ වූවත් රටේ ප්‍රමාණවත් බලයක්‌ යක්‍ෂ ගෝත්‍රිකයන් අත් කරගෙන තිබූ බැවින් කාශ්‍යප රජුට බිය වීමට කරුණු නො වී ය. රජුට සෙනෙවියන් දාහක්‌ සිටි බව මහාවංශයෙහි ම කියෑවෙන කරුණුවලින් සනාථ වෙයි. සෙනෙවියන් දහසක්‌ යටතේ සෙබළුන් විශාල සංඛ්‍යාවක්‌ සිටි බව ඉතා පැහැදිලි ය.

අවුරුදු දහ අටකට පසු රටට පැමිණි මුගලන් කුමරු සිංහලයන් විසින් හරසරින් පිළිගනු ලැබූ බවට සැකයක්‌ නැත. භික්‍ෂුන් වහන්සේලා ඒ කුමරුට ආශිර්වාද කළ බව ද පැහැදිලි ය. කාශ්‍යප රජු මුගලන්ට එරෙහි ව යුද්ධයට ගියේ ය. එය සිංහල ජාතිකයන් හා යක්‍ෂ ගෝත්‍රිකයන් අතර ඇති වූ අවසන් ප්‍රධාන සටන යෑයි අපි කියමු. ඉන් පෙර එවැනි සටනක්‌ ඇති වූයේ මහසෙන් රජු දවස බව ද කිව හැකි ය. ඇතැම් විට එළාර ගැමුණු සටන ද සිංහලයන් හා බොහෝ යක්‍ෂ ගෝත්‍රිකයන් අතර සිදු වූ සටනක්‌ විය හැකි ය. එළාර රජු පර්සියාවෙන් පැමිණෙන්නට ඇත්තේත් යක්‍ෂ ගෝත්‍රිකයන් සමඟ තිබූ සම්බන්ධකම් උඩ යෑයි සිතිය හැකි ය.

එසේ පැමිණි එළාර රජුට යක්‍ෂ ගෝත්‍රිකයන් බොහෝ පිරිසක්‌ ආධාර කර ඇති බව මහාවංශ කතාවලින් පැහැදිලි වෙයි. එළාර රජුට අනුරාධපුරය එතරම් අපහසුවක්‌ නැති ව යටත් කර ගැනීමට හැකි වීමේ රහස ද ඒ ආධාරය බව පැහැදිලි වෙයි. එසේ සිංහලයන් හා සිංහලයන් වීමට විරුද්ධ වූ යක්‍ෂ ගෝත්‍රිකයන් අතර විටින් විට පැවැති ප්‍රධාන සටන් අවසන් වී ඇත්තේ කාශ්‍යප මුගලන් යුද්ධයෙන් පසුව බව වංශකතාවෙන් ම පැහැදිලි වෙයි.

මුගලන් කුමරු ආපසු පැමිණීමෙන් පසුව ඇති වූ යුද්ධයෙන් කාශ්‍යප රජු පැරැදී ඇත්තේ එතුමා ගේ සේනාව එතුමා වැරැදියට වටහා ගැනීම නිසා මිස මුගලන් කුමරු ගේ හෝ ඔහු ගේ සේනාවේ හෝ දක්‍ෂතාවක්‌ නිසා නො වන බව පැහැදිලි ය. වංශකතාවලට අනුව රජතුමා හමුදාව ගමන් කළ මගෙහි වූ බාධකයක්‌ මඟහැරීමට හැරුණු අවස්‌ථාවෙහි එතුමා පළා යන්නේ යෑයි විශ්වාස කළ සේනාව එතුමා අතහැර ගොස්‌ ඇත. මුගලන් කුමරු ලද අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගෙන කාශ්‍යප රජතුමා මරා දමා රාජ්‍යත්වයට පත් වී ඇත.

මුගලන් කුමරු රජ වීමෙන් පසු මෙරට භීෂණ සමයක්‌ උදා වී ඇත. රජතුමා කාශ්‍යප රජු ගේ සෙනෙවියන් දාහක්‌ මරා දැමූ බව මහාවංශයෙහි සඳහන් වෙයි. මේ සෙනෙවියන් සියල්ල ම නො වේ නම් අති විශාල බහුතරයක්‌ යක්‍ෂ ගෝත්‍රිකයන් වූ බවට සැකයක්‌ තිබිය නොහැකි ය. එයට අමතරව මුගලන් රජු තමාට විරුද්ධ වූ වැසියන් ද ඝාතනය කර ඇත. මේ අය විශාල වශයෙන් ගත හොත් සිංහල ජාතියට ඇතුළු නො වූ යක්‍ෂ ගෝත්‍රිකයන් වන්නට ඇතැයි සිතිය හැකි ය. මුගලන් රජු කෙතරම් භීෂණයක්‌ ඇති කළේ ද කිව හොත් ඔහුට රකුස්‌ මුගලන් යනුවෙන් නමක්‌ ද පටබැඳී ඇත.

රකුස්‌ යන නම පටබැඳීම ගැන ද වචනයක්‌ සඳහන් කළ යුතු ය. රාක්‍ෂසයෝ ද අර්ධ වෛදිකයන් මෙරටට පැමිණීමට පෙර මෙහි වාසය කළ ජනවර්ගයක්‌ වූ හ. එමෙන් ම ආර්යයන් දඹදිවට පැමිණීමට පෙර එහි රාක්‍ෂසයන් සිටි බව පැහැදිලි ය. රාවණ රජු කොහේ වාසය කළ ද රාක්‍ෂස ගෝත්‍රයට අයත් විය. අතැමුනට අනුව රාක්‍ෂස වර්ගය යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ ආරක්‍ෂක භටයන් ගෙන් සමන්විත විය. වෙනත් වචනවලින් කිව හොත් රාක්‍ෂසයෝ යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ ආරක්‍ෂකයෝ වූ හ. කෙසේ වෙතත් රාක්‍ෂසයන් යුද්ධ දක්‍ෂයන් වී ඇති බව පැහැදිලි ය. ඔවුන් ගෙන් දඹදිවට පැමිණි ආර්යයන්ට හිරිහැර සිදු වී ඇති බව ද පැහැදිලි ය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස රාක්‍ෂකයන් සියලු දෙනා ම මහා භයානක පිරිසක්‌ ලෙස, භීෂකයන් ලෙස, ආර්යයන් විසින් හඳුනාගනු ලැබ ඇත.

රාක්‍ෂස යන නාමය එලෙස භීෂණය සමඟ පර්යාය වී හඳුනා ගැනෙන්නට ඇත. රකුසා යන්න භීෂකයා යන අදහස ගෙන දෙන පදයක්‌ ලෙස දඹදිව භාවිත වී ඇති බව පැහැදිලි ය. ලංකාවට පැමිණි අර්ධ වෛදිකයනට ද රකුසා යන පදය එලෙස භීෂක සමඟ පර්යාය වී ඇති බව පැහැදිලි ය. අද පවා අප රාක්‍ෂස යන වචනය යොදා ගන්නේ භයානක යන අදහස ගෙන දෙන ආකාරයට ය. එහෙත් රාක්‍ෂස යන්නෙහි නෛසර්ගික ව ආරක්‍ෂකයා යන අර්ථය මිස භීෂක යන අර්ථය නොමැත. අප මෙවැනි යෙදුම් දැන් වත් නතර කළ යුතු ය.

කෙසේ වුවත් මුගලන් රජුට රකුස්‌ නම පටබැඳී ඇත්තේ ඔහු මෙරට එකල භීෂණයක්‌ දියත් කළ හේතුවෙනි. මේ භීෂණය යක්‍ෂ ගෝත්‍රිකයන්ට එරෙහි ව දියත් කළ එකක්‌ විය. එහෙත් ඕනෑ ම භීෂණයක්‌ මෙන් ම පසු කාලයක දී භීෂණය අනෙක්‌ ජනවර්ගවලට ද එරෙහි ව ක්‍රියාත්මක වන්නට ඇත. රකුස්‌ යන නම මුගලන් රජුට පටබැඳෙන්නට ඇත්තේ භීෂණය සිංහලයන්ට ද එරෙහි ව ක්‍රියාත්මක වීමට පටන් ගැනීමෙන් පසු ව විය යුතු ය. කෙසේ වෙතත් යම් අවස්‌ථාවක භික්‍ෂුන් වහන්සේ මැදිහත් වී මුගලන් රජු ගේ ක්‍රියා කලාපය වෙනස්‌ කෙරී ඇත.

පසුව මුගලන් රජු වෙහෙර විහාර කරවා භික්‍ෂුන් වහන්සේ කමා කරගත් බව මහාවංශයෙන් පැහැදිලි වෙයි. එතුමා සීගිරි ගල මුදුනෙහි ද විහාරයක්‌ කරවී යෑයි මහාවංශයෙහි සඳහන් වෙයි. ඇතැම් වත්මන් උගතුන්ට සීගිරිය මුල සිට ම බෞද්ධ විහාරයක්‌ ලෙස හඳුනාගැනීමට තුඩු දී ඇත්තේ මේ විහාරය විය හැකි ය. මුගලන් රජු ගෙන් පසුව ද සිංහල රජවරු සිගිරියෙහි බෞද්ධ සිද්ධස්‌ථාන ඉදි කරන්නට ඇත. සිහිගිරිය යක්‍ෂ ආධිපත්‍යයෙන් මුදා ගැනීම එහි එක්‌ අරමුණක්‌ වන්නට ඇත.

ඇතැම් විට සිහිගිරියෙහි සිංහ හස්‌ත (සිංහ කට) නිර්මාණය කරන්නට ඇත්තේ ද යක්‍ෂ ආධිපත්‍යයෙන් කැඩීමට විය හැකි ය. ඒ කිනම් කාලයක නිර්මාණය කෙරිණි ද යන්න පැහැදිලි නැත. එසේත් නැත හොත් ඒ කාශ්‍යප කුමරු රජ වීමට පෙර සිට ම තිබි එකක්‌ විය හැකි ය. කාශ්‍යප කුමරු තම අභිමානය සඳහා සිංහ කටින් ඇතුළු වීමට තීරණය කළා විය හැකි ය. මේ සියල්ල ගැන විධිමත් ගවේෂණයක්‌ අවශ්‍ය වෙයි. එහෙත් සුසමාදර්ශය වෙනස්‌ නො කර කෙරෙන ගවේෂණයක්‌ ඵල දැරීමට බොහෝ කල් ගත වනු ඇත.

මුගලන් රජු මෙරට ඉතිහාසයෙහි සඳහන් විය යුත්තේ යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ දේශපාලන බලය නැති කළ තැනැත්තා ලෙස ය. ඔහු යක්‍ෂ ගෝත්‍රික සෙනෙවියන් මරණයට පත් කර වෙනත් ප්‍රධාන යක්‍ෂ ගෝත්‍රිකයන් ද විනාශ කරන්නට ඇත. මුගලන් රජු ගෙන් පසුව යක්‍ෂ ගෝත්‍රිකයන් සිංහලයන්ට එරෙහි ව කළ ප්‍රධාන සටනක්‌ ගැන දැනගන්නට නැත. ඇතැම් යක්‍ෂ ගෝත්‍රිකයන් ඉන් පසුව ද තම අනන්‍යතාව රැකගැනීමට උත්සාහ කර ඇති බව පමණක්‌ පැහැදිලි ය. මෑතක්‌ වන තුරු ම ඇතැම් ප්‍රදේශවල යක්‍ෂ ගෝත්‍රිකයන් තම යක්‍ෂභාවය යම් ප්‍රමාණයකට වුවත් රැකගෙන ඇති නමුත් විසි වැනි සියවසේ අගභාගයේ සිට ඒ අසීරු කාර්යයක්‌ වී ඇත.

අද යක්‍ෂ ගෝත්‍රිකයන්ට තබා සිංහලයන්ට ද තම අනන්‍යතාව රැකගැනීම ප්‍රශ්නයක්‌ වී ඇත. ඒ දේශපාලන ආධිපත්‍යයක්‌ පමණක්‌ නිසා සිදු වන්නක්‌ නො ව සංස්‌කෘතික ආධිපත්‍යයක්‌ ද නිසා කෙරෙන්නකි. මුගලන් රජු ගේ කාලයෙහි සිදු වූයේ සිංහලයන් ගේ දේශපාලන ආධිපත්‍යයට එරෙහි ව අවුරුදු සිය ගණනක්‌ තිස්‌සේ ගොඩනැඟුණු යක්‍ෂ ගෝත්‍රික දේශපාලන අභියෝගයක්‌ පරාජය කිරීම ය. ඕනෑ ම දේශපාලන ආධිපත්‍යයක්‌ සමඟ යම් ප්‍රමාණයක වුව ද සංස්‌කෘතික ආධිපත්‍යයක්‌ බද්ධ වී ඇත. අප රටේ අවුරුදු දහස්‌ ගණනක ඉතිහාසය පමණක්‌ නො ව වෙනත් රටවල ඉතිහාසය ද අධ්‍යයනය කිරීමේ දී ඒ බව පෙනී යයි. එහෙත් සංස්‌කෘතික ආධිපත්‍යය වෙන ම ක්‍රියාත්මක වී ඇත්තේ බටහිරයන් යටතේ ය.

පැරැණි යුගවල සිදු වී ඇත්තේ එක්‌ පිරිසක දේශපාලන ආධිපත්‍යය තවත් පිරිසක්‌ මත ක්‍රියාත්මක කිරීම ය. ඇතැම් විට ඒ පිරිස්‌ දෙක ම එක ම සංස්‌කෘතියකට එක ම ආර්ථික රටාවකට අයත් වූවන් වන්නට ඇත. එවැනි අවස්‌ථාවක හුදු දේශපාලන ආධිපත්‍යයෙහි පමණක්‌ වෙනසක්‌ සිදු වෙයි. එහෙත් ආධිපත්‍යය පිහිටුවන පිරිස වෙනත් සංස්‌කෘතියකට අයත් නම් ඇතැම් විට යම් ප්‍රමාණයක සංස්‌කෘතික ආධිපත්‍යයක්‌ ද ඇති වීම වැළැක්‌විය නොහැකි ය. එහෙත් ඇතැම් විට එහි ප්‍රතිලෝමය ද සිදු වන්නට ඉඩ ඇත. එනම් දේශපාලන ආධිපත්‍යය පිහිටුවූවන් වෙත ආධිපත්‍යයට යට වූවන් ගේ සංස්‌කෘතිය ආරෝපණය වීමක්‌ ද සිදු විය හැකි ය. දේශපාලන ආධිපත්‍යය සමඟ සංස්‌කෘතියෙහි දෙපැත්තට ම ඇති විය හැකි මේ වෙනස්‌කම් සංස්‌කෘතික ආරෝපණ ලෙස හැඳින්විය හැකි ය. ආර්යයන් දඹදිවට පැමිණීමෙන් පසුව දෙපැත්තට ම සංස්‌කෘතික ආරෝපණ සිදු වී ඇත.

එහෙත් බටහිර යටත්විජිතවාදය යනු හුදු දේශපාලන ආධිපත්‍යයක්‌ පිහිටුවීම හා එයට අදාළව සංස්‌කෘතික ආරෝපණ සිදු වීම හෝ සිදු කිරීම හෝ නො වේ. එහි දී දැනුවත්ව සංස්‌කෘතික ආධිපත්‍යයක්‌ ද පිහිටුවෙයි. බටහිර යටත්විජිතවාදය මෙතෙක්‌ ලෝකයේ තිබූ යටත්විජිතවාදවලින් වෙනස්‌ වන්නේ එබැවිනි. බටහිර යටත්විජිතවාදයෙහි එකිනෙකින් අෙන්‍යාන්‍ය වශයෙන් බහිෂ්කාර නො වූ ආර්ථික, දේශපාලනික හා සංස්‌කෘතික සංරචක වෙයි. මුගලන් රජු කෙළේ යක්‍ෂ ගෝත්‍රිකයන් මත දේශපාලන ආධිපත්‍යයක්‌ පිහිටුවීම පමණකි. ඒ සමඟ යම් යම් සංස්‌කෘතික ආරෝපණ දෙපැත්තට ම සිදු වන්නට ඇත. බටහිරයෝ දේශපාලන ආධිපත්‍යය පිහිටුවීමෙන් පමණක්‌ සෑහීමකට පත් නො වූ හ. ඔවුහු සංස්‌කෘතික ආධිපත්‍යයක්‌ ද පිහිටුවූ හ.

උපුටා ගැනුම : http://www.vidusara.com/2010/05/12/feature2.html


Monday, September 13, 2010

සීගිරිය

1

මුලු මහත් ලෝකයා වශී කළ "සීගිරිය" යන නාමය ඇසූ පමණින්ම අපට සිහි වන්නේ "මහා කාශ්‍යප " රජතුමා ය.එහෙත් අනුරාධපුර යුගයටම සීමා නොවන "සීගිරි පර්වතය" සතු ඉතිහාසය ඈත අතීතය තෙක් දිව යනවා. කලෙක එය බලකොටුවක් ලෙසත්, කලෙක එය භික්ෂූන් වහන්සේලාගේ ආරන්‍යක් ලෙසත්,කලෙක එය ලෝක වෙළද මධ්‍යස්ථානය ලෙසත් පැවති බවට සාධක ලැබී තිබෙනවා. ප්‍රාග් ඓතිහාසික මානවයන් පවා එහි විසූ බවට සාක්ෂි ලැබී තිබෙනවා. නමුත් ඈත අතීතයේ (වසර 6000 - 8000 පෙර ) එය "මහා රාවනා රජු"ගේ රාජධානිය ලෙස තිබී ඇති බවට සාධක ලැබී තිබෙනවා.
Picture
ලෝකයේ පැවති පැරණි ශිෂ්ටාචාර අතරින් "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" වැදගත් ශිෂ්ටාචාරයකි.පැරණි පුදුම හතට අයත් "එල්ලෙන උයන" මෙම ශිෂ්ටාචාරයට අයත් එකකි.එය "එල්ලෙන මාළිගාව" ලෙසද හදුන්වයි.අපේ පැරණි මිනිසුන් අතීත තොරතුරු ශිලා ලේඛන වල සටහන් කළා සේ ,මොවුන් ඒවා මැටි පුවරු(Clay Tablets) වල සටහන් කර තැබූහ.
 
එම මැටි පුවරු වල සදහන් වන කරුණු අතර ඔවුන්ට "එල්ලෙන උයන සහ නගර සැලැස්ම ගොඩ නැගීමට උපකාර කළේ ,අහසින් පැමිණි සිoහ මිනිසුන් බවත්,එය ඔවුන්ගේ රටේ "සිහගිරි" නම් ස්ථානයේ සැලසුම අනුව ගොඩ නගා ඇති බවත්" සදහන් වේ.මෙම ප්‍රකාශය 1998දී HISTORY CHANNEL නාලිකාවෙන් ප්‍රසිද්ධ කරන ලදී.

Picture
සිoහ මිනිසුන් ;- සිoහ නමින් සිoහලයන් සහ හෙළයන්ව හදුන්වයි
සිහගිරි ;- සීගිරියට කියන තවත් නමකි
අහසින් පැමිණි ;- දඩුමොණරය (රාවනා රජ දවස අහස් යාත්‍රා )

ඉහතින් සදහන් කළ බැබිලෝනියන් මැටි පුවරු වල සින්හ මිනිසුන් සහ රාවණා රජුගේ දඩුමොණරයට සමාන අහස් යාත්‍රා වල රූපද යොදා ඇත.
Picture
සීගිරිය ඔස්සේ මහා රාවනා රජු පිලිබද ,තවත් ප්‍රබල සාක්ෂි අනාගතයේදී සොයා ගනු ලැබෙනු ඇත.
Picture
එදා 'සිහගිරි' ය.
උපුටා ගැනීම - http://maharavana.weebly.com/sigiriya.html

Monday, April 26, 2010

රාවණා හා කස්සප

0
රාවණා කියන්නෙ කව්ද? ඉතිහාසය තුල රාවණා හට ඉතිරි වී ඇති හිඩැස, ඔහුට සත්‍ය වශයෙන් ම හිස් 10 [ඔලු 10ක්] සහිතව සිටියේද? දඬුමොණරය යනු කුමක්ද? මේ හැම දේම හා කස්සප අතර ඇති සම්බන්ධය කුමක්ද?... ඔය ආදී අති විශාල ගැටලු ගණනාවක් ඉතිහාසය තුල අපට විසඳා ගන්නට බැරිව තිබෙනවා.. සමහරවිට රාවණා යනු අතීත මනු ගති පිළිබඳ අපට ඉතිරි වී ඇති එකම මොඩලය වන්නටත් පුළුවන්.
ඇත්තට ම රාවණා කියන්නේ කව්ද?

මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක [වසර 10,000 කට පෙර] මහාබාලි [වසර 7,500කට පෙර] රාවණා [වසර 5,000- කට පෙර] ආදී වශයෙනුයි. මේ තිදෙනා අතුරින් රාවණා පිළිබඳව පවතින තොරතුරු ඉස්මතුවන්නේ ඉන්දියානු සාහිත්‍යයේ සඳහන් වන රාවණා තුල පවතින තාක්ෂණික හා යුධ බලය නිසාවෙන්මයි. සාහිත්‍යයේ සඳහන් වන පරිදි, රාවණා හට හිස් දහයක් සහ අත් ගණනාවක් පවතිනවා යැය් කීමෙන් පෙනීයන්නේ, ඔහුතුල තිබූ විවිධාකාර දේ කිරීමට තුබූ නිපුණ තාවය වියහැකියි. එනමුදු අවසානයේ දී මේ තරම් දක්ෂතා තිබූ රාවණා රාමා ගේ [ ඔහු පිළිබඳව මම වෙනම තොරතුරු ගෙන එන්නම්] යටතට පත්වනවා... ඉන්දියානු ජනතාව "දීපාවලී" ලෙස සමරන්නේ අර ඉහත කියූ රාවණාව රාම ගේ යටතට ගැනීමයි.
[රාවණා රාම පිලිබඳව පවතින අරුමැසිවාදී සංස්කරණ අතුරින් වාල්මිකී ගේ රාමායනය ග්‍රන්ථය ප්‍රධාන තැනක් ගන්නවා.]

ආචාරිය ලාල් සිරිනිවාස් හා මිරැන්ඩෝ ඔබේසේකර යන මහත්වරුන් පවසන පරිදිරාවණා පිලිබඳ වූ ඉතිහාස හා භූගෝලීය තොරතුරු එක් රැස් කර බලන කල පශ්චාත් ඓතිහාසික පුරාවිදු සංධිස්ථානයක් වන සීගිරිය යනු.., මීට ශත වර්ශ 50 කට ඉහත දී සාදන ලද රාමායනයේ එන රාවණා ගේ පියරජතුමා වූ කුවේරයා විසූ ආලකමන්දාව ද? යන ගැටළුව මතු කරනවා.

ධූරාවලිය

පොළොන්නරුවේ සිටියා යැයි කියන මහාරිශි පුලස්ති ගේ මුනුපුරා වූ කුවේර ගේ පියා වෙසමුණි යනු මහාරිශි පුලස්ති ගේ වැඩිමහලු දරුවා විය. කුවේර යනු වෙසමුණිගේ පළමු විවාහය වූ බ්‍රාහ්මීන් ගේ රූමත් දියණියක වූ ඉල්ලාවිලා දේවිය ගේ දරුවා විය. පසුව වෙසමුණි ගේ දෙවැනි විවාහය ලෙස කේශිණී පත්විය. කේශිණීට වෙසමුණි ට දාව දරුවන් පස් දෙනෙකු ලැබිණි. ඔවුන් රාවණ, විභීශණ, කුම්භකර්ණ, හේම සහ පුෂ්පික නම් විය.
කාලය ගත වෙත්ම කුවේර, තම පියරජතුමා වූ වෙසමුණි ගේ අභාවයෙන් පසුව සාමකාමීව රට පාලනය කලේ ය. මේ අතර කුවේරගේ දෙටුසහෝදරයා වූ රාවණා තම බලවත් කම ඉහළ යත්ම, ලංකා රාජ්‍යය පිළිබඳ ව සිත් පහළ විය. පසුව, රාවණා ලංකා රාජ්‍යයත්, එහි පිහිටි "ආලකමන්දාවත්", කුවේරගේ අහස්යානය වූ "පුෂ්පිකයත්" තමාට අවැසි බව දැන්වීය. මින් ඉතා කෝපයට පත් වූ කුවේර, රාවණාව ඉහත යෝජනාව ද ප්‍රතික්ෂේප කර පලවා හැරීය. එනමුදු ලෙහෙසියෙන් පරාජයට පත් වන්නට තරම් ලාමක නොවූ රාවණා ස්වකීය ඥාතීන් වූ ‍යක්ෂ ගෝත්‍රිකයන්ව කුවේරට විරුද්ධව මෙහෙයවා ලංකා රාජ්‍යය සියතට ගැනීමට සමත් විය.තවද කුවේරගේ ධනය, මාළිගය සහ අද දඬුමොණරය ලෙස හැඳින්වෙන " පුෂ්පිකය" ද සියතට ගන්නට සමත් විය.

සිවු හෙළය

සමහර ප්‍රකෘතිමත් අතීත වාර්තා පවසන පරිදි., සිංහල ජාතියෙහි උපත සිදුවී ඇත්තේ ප්‍රධාන පෙළපත් හතරක් මුල් කරගෙනයි., ඒ යක්ඛ, නාග, දේව සහ ගන්ධබ්බ යන සිවු පෙළපතයි. තවද ඉහත කී සිවු පෙළපත පැවත එන්නේ මහාරිෂි පුලස්තිට ස්ගෝත්‍රීයව යි. එනයින් ගත්කල සිවුහෙළය යනු හිරු දෙවියන්ට වැදුම් පිදුම් කල එකම රටක එක කොඩියක් යටතේ පාලනය වූ රාජ්‍යයක් බව නොරහසක්. තවද., හිරු සඳු සහිත රාවණ කොඩිය ලංකාවේ පැරණිත ම කොඩිය වනවා. දැනට පවතින සිංහ කොඩි සංකල්පය මෙරටට ආවේ මෙයට ශතවර්ශ 25 කට පෙර පැමිණි විජය කුමරුන් සමඟිනුයි.
රාවණා බලයට පැමිණි වහාම, ඉදිකලා යැයි කියන තම මවුපියන් [වෙසමුණි හා කේෂිණී] සිහිකර තැනූ දෙවොල, අතීතයේ මලවුන් වන්දනාව යක්ඛ ගෝත්‍රය තුල තිබූ බවට සලකුණක් ලෙස හඳුනා ගන්නට පිළිවන්.මේ දෙවොල පන්ඩුකාභය රජ දවස බොදු ආගමික ස්ථානයක් බවට පත් කල බවට සැළකෙනවා. පන්ඩුකාභය රජු යනු, යක්ඛ ගෝත්‍රය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වූ රජ කෙනෙක් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙම ස්ථානය අද වන විට “ඉසුරුමුණිය” ලෙස හඳුන්වන බව සඳහන්..

චිත්‍රකූටද? ආලකමන්දාවද? සීගිරියද?
රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ "මායා දන්නාව" නමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු [වෙසමුණි] ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමය එය හැඳින්වූයේ චිත්‍රකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව "විභීශණ" රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාව ට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන්. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු [ක්‍රි.පූ.437-367] හට රජකම ලබාදෙන්නට උපකාර කල අයගෙන් කෙනෙක්, ඒ පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බැවින්.
තවද, රාවණා වතෙහි කියැවෙන ලෙසට,පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්‍රයා වූ කස්සප කුමරු තම වාසභවන ලෙස චිත්‍රකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා ඇය ද ඉන් පැවතෙන්නියක් නිසාවෙන්. කස්සප රජු යනු චිත්තකූටය රාවණා කල අයුරින්ම ප්‍රතිසංස්කෘත කල හා පවත්වාගෙන ගිය එකම රජතුමා ද වෙනවා.චිත්තකූටයේ [පසුව සීගිරියේ] ඇති ලෝපසිඳු බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ සිවුහෙළයත් එහි ඇති නිල්පැහැති කාන්තාරූපයෙන් පෙන්වන්නේ යක්ඛ ගෝත්‍රය බවත් අනෙක් කාන්තා රූ වලින් දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන ගෝත්‍ර වල නියෝජනය බවත්, අලංකෘත මල් වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා වතෙහි සඳහන්.
සෝපානය හා පුෂ්පිකය [දඬුමොණරය]
තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙනවා.සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන්.
පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්. තවද, සීගිරිය වටා එහි රූප පන්සියයක ට අධික ප්‍රමානයක් චිත්‍රණය කරත් ස්වාභාවික හේතූන් මත කාලයත් සමඟ ඒවා මැකීගොස් ඇතිබව කියැවෙනවා. තව ද රාවණා යනු වෙදකමෙහි මෙන්ම කලාවේ ද කෙල පැමිණියෙකු වන නිසා ඔහුට හිස් දහයක් හා අත් විස්සක් ඇතැයි කීමට හේතුවක් කරගත්තා ද වන්නට පුළුවන්.
කුමක් උවත් රාවණා හෝ කස්සප නිසා හෝ චිත්තකූට හා ආලකමන්දාවෙන් හැඳින්වෙන සීගිරිය ලොව පැරණිතම බලකොටු මාලිගාව වීම වලකන්නට නම් බැහැ.

Sunday, April 18, 2010

සිහිගිරියෙන් සිහි වන යක්‍ෂ උරුමය

0
මහාචාර්ය නලින් ද සිල්වා

සුර අසුර යුද්ධය ආදිය පිළිබඳව නැවතත් වෙනත් අයුරකින් කල්පනා කිරීමට කාලය පැමිණ ඇත. ඕනෑ ම ඉතිහාසයක්‌ ලියනු ලබන්නේ ජයග්‍රාහකයන් විසින් යෑ
යි කියනු ලැබෙයි. විවිධ පුරාණ ග්‍රන්ථ ලියනු ලැබ ඇත්තේ වෛදිකයන් විසින් බව පැහැදිලි ය. සුරයන් අසුරයන් පැරැදවූ පුවත් මේ ග්‍රන්ථවල බහුල ය. සුරයන් විසින් පරදවනු ලැබූ අසුරයන් සුර ලොවින් පිට කෙරී ඇත. මෙහි දී සිදු වන්නට ඇත්තේ කුමක්‌ ද යන්න පැහැදිලි කර ගැනීමට ඉරානයේ හෝ ඒ අවට හෝ අවුරුදු තුන් හාර දාහකට පෙර සිදු වූයේ කුමක්‌ ද යන්න නැවතත් අධ්‍යයනය කළ යුතු ය. කවුරුන් වුවත් ඉදිරිපත් වී එසේ කරන තුරු අපට කළ හැක්‌කේ ඒ පිළිබඳ අනුමාන කිරීම පමණ ය.

අසුර යන්න අහුරාමස්‌දා සමඟ සංසන්දනය කෙරෙයි. පුරාණ ග්‍ර
න්ථවල අසුරයන් පහත් ජීවීන් ලෙස සැලකුව ද ඉන් ඉහත ලියන ලද ග්‍රන්ථවල සුරයන් හා අසුරයන් සමානත්වයෙන් සැලකේ යෑයි කියනු ලැබේ. ඉන් පැහැදිලි වන්නේ පුරාණ ග්‍රන්ථ ලියා ඇත්තේ සුරයන් ගේ ජයග්‍රහණයෙන් පසුව බව ය. සුර අසුර යුද්ධයෙන් කියෑවෙන්නේ සුරයන් හා අසුරයන් අතර වූ යුද්ධයකට වඩා සුරයන් තම දෙවියන් ලෙස පිළිගත් ජන කොටසක්‌ හා අසුරයන් තම දෙවියන් ලෙස පිළිගත් ජන කොටසක්‌ අතර වූ යුද්ධයක්‌ යෑයි සැලකිය හැකි ය.


අසුරයන් තාවතිංසයෙන් පහතට ඇද දමනු ලැබුයේ ශක්‍ර දේවේන්ද්‍රයන් විසින් යෑයි කියනු ලැබේ. එයට හේතුව අසුරයන් පමණට වඩා සුරාව පානය කිරීම නිසා යෑයි ද කියනු ලැබෙයි. අසුරයන් යනු යක්‍ෂයන් ගේ දෙවියන් ලෙස ගත හොත් හා සුරයන් යනු ආර්යයන් ගේ (වෛදිකයන් ගේ) දෙවියන් ලෙස ගත හොත් සුර අසුර යුද්ධයෙන් කියෑවෙන්නේ යක්‍ෂයන් ආර්යයන් අතින් පරාජය වී තමන් ආර්යයන් සමඟ එකට ජීවත් වූ ප්‍රදේශයකින් පලවා හරිනු ලැබුම යෑයි සිතිය හැකි ය.

මේ එකට ජිවත් වූ ප්‍රදේශය වත්මන් ඉරානය අවට ප්‍රදේශයක්‌ යෑයි සිතිය හැකි ය. පන්නනු ලැබූ යම් පිරිසක්‌ ඉරානයේ ද, තවත් පිරිසක්‌ දඹදිව හා ලංකාවේ ද ලැගුම් ගත්තේ යෑයි සිතිය හැකි ය. ඉරානයේ දී යක්‍ෂ ගෝත්‍රිකයන් අතින් අහුරාමස්‌දා සංකල්පය මෙන් ම දේව සංකල්ප ද වර්ධනය වන්නට ඇත. යක්‌ හෙවත් යාඥ කළ පිරිසක්‌ වූ යක්‍ෂ ගෝත්‍රිකයන් ගෙන් ඇතැමුන් දෙවියන් සමඟ සම්බන්ධකම් පවත්වන්නට ඇති ඉඩකඩ වැඩි ය. දඹදිව හා ලංකාවේ ද පදිංචි වූ යක්‍ෂ ගෝත්‍රිකයන් ද ඉන්ද්‍ර ආදී දෙවියන් සමඟ දිගින් දිගට ම සම්බන්ධකම් පවත්වාගෙන යන්නට ඇතැයි සිතිය හැකි ය.

පසු කලෙක ඉහත කී ප්‍රදේශයෙන් ආර්යයන් ද දඹදිවට සංක්‍රමණය වී ඇති බව පැහැදිලි ය. මේ වන විට යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ ඉන්ද්‍ර, ආර්යයන් ගේ දේවේන්ද්‍ර හෙවත් ශක්‍ර දේවේන්ද්‍ර බවට පත් වී අවසාන යෑයි සිතිය හැකි ය. අසුර යන වචනයෙහි ඇත්ත, ගුණගරුක භාවය ආදී තේරුම් තිබේ යෑයි කියෑවෙයි. එහෙත් සුරයන් ගේ ජයග්‍රහණයෙන් පසුව අසුර හා යක්‍ෂ යන වචනවලට පහත්, අසත්, විරූපී ආදී තේරුම් දෙන්නට ඇත. යක්‍ෂණියන්, යකින්නියන් පැහැපත් රුවැති කාන්තාවන් යෑයි කියෑවෙන බව අපි සීගිරිය ගැන සාකච්ජා කරද්දී පැවසුවෙමු. කාශ්‍යප රජුට තිබූ යක්‍ෂ සම්බන්ධය (මව ගෙන් උරුම වූ) හේතු කොටගෙන සීගිරි චිත්‍රවලින් මූලිකව දැක්‌වෙන්නේ යක්‍ෂ කාන්තාවන් (කුමරියන්) යෑයි අපට විශ්වාස කළ හැකි යෑයි අපි කීවෙමු.

ඉන්ද්‍ර දෙවියන් ගේ භාර්යාව ඉන්ද්‍රdණි වෙයි. අජන්තා බිතු සිතුවම්වල, විශේෂයෙන් ම එහි 17 වැනි ගුහාවෙහි ඉන්ද්‍ර හා ඉන්ද්‍රdණි ගේ සිතුවම් ඇත. ඒ ගුහාවෙහි ම සිංහල වෙළෙන්දා ගේ කතාව ද චිත්‍රයට නැඟී ඇත. ඉන්ද්‍රට හා ඉන්ද්‍රdණිට ආකාරයේ ඔටුනු නොමැති වුව ද සීගිරි කතුන්ට ද යම් ආකාරයක ශීර්ෂ පළඳනා වෙයි. ඉන් කියෑවෙන්නේ මේ කාන්තාවන් එක්‌කෝ කුමාරිකාවන් නැත්නම් බුමාටු හෝ රුක්‌ හෝ යක්‍ෂ දෙවඟනත් විය හැකි බව ය. අහසේ සිටින්නාක්‌ මෙන් ඇඳ ඇති බැවින් ඔවුන් යක්‍ෂ බුමාටු හෝ රුක්‌ හෝ දෙවඟනන් වීමට ඇති ඉඩකඩ වැඩි ය.

මෙහි දී කිව යුතු වැදගත් කරුණක්‌ වෙයි. බෞද්ධ සාහිත්‍යයෙහි යක්‍ෂ දෙවියන් මුළුමනින් ම අමතක කර නැත. හින්දු සාහිත්‍යයෙහි මෙන් යක්‍ෂ දෙවිවරුන් ගේ තත්ත්වය පහතට දැමීමක්‌ බුදුන් වහන්සේ අතින් සිදු වී නැත. එහෙත් පසු කලෙක වෛදික බලපෑම් හේතුවෙන් මේ දේව ගණයා ගෙන් බොහෝ දෙනකු බුමාටු, රුක්‌ හා වෙනත් එවැනි දෙවියන් ලෙස සැලකෙන්නට ඇතැයි සිතිය හැකි ය. ඒ අතර වෛදිකයන් විසින් ඔවුන් ගේ දේව ගණයට ඇතුළු කරගනු ලැබූ යක්‍ෂ දෙවියෝ ද වෙති. ශක්‍ර දේවේන්ද්‍රයන් පමණක්‌ නො ව පද්මපානී දෙවියන් ද පද්මාවතී හා සරස්‌වතී දෙවඟනෝ ද එසේ වෛදිකයන් විසින් අවශෝෂණය කරනු ලැබ තමන් අතර රඳවා ගැනු ලැබූ දේව ගණයා අතර වෙති.

මෙහි දී සීගිරිය ගැන වචනයක්‌ දෙකක්‌ නො කියා ම බැරි ය. අපේ ප්‍රවාදවල පළ වන්නේ අවසාන වාක්‍ය නො වේ. මේ ප්‍රවාද විටින් විට වර්ධනය වෙයි. අදහස්‌ හා දත්ත ලැබෙන පරිදි ප්‍රවාද වර්ධනය වීම හා වෙනස්‌වීම ප්‍රවාදවල ස්‌වභාවය වෙයි. අප දෙවියන් ගැන අධ්‍යයනය කරන්නට පළමුව සීගිරි කතුන් ගැන සිතුවේ එසේ නිරූපණය වී ඇත්තේ යක්‍ෂ කාන්තාවන් කියා ය. එහෙත් අද අප සීගිරි කතුන් ගැන සිතන්නට පෙලඹෙන්නේ ඔවුන් යක්‍ෂ බුමාටු හෝ රුක්‌ හෝ දෙවඟනන් ලෙස ය.

ගැමුණු රජතුමා රුවන්වැලිසෑය ඉදි කිරීමේ දී ඒ බිමෙහි සිටි රුක්‌ දෙවඟනක්‌ වූ ද එක්‌ ගෝත්‍රයක (යක්‍ෂ වැනි වෙනත් ගෝත්‍රයක - ගාඨ ගෝත්‍රයෙහි) වැඳුම් පිදුම් ලත් රත්නවල්ලී දෙවඟනට ගසින් බැස යන ලෙසට ආරාධනය කළ බවටත් කළගුණ සැලකීමක්‌ ලෙස රත්නවල්ලී දෙවඟන නමින් චෛත්‍යය බැඳීමට එකඟ වූ බවටත් කතා පුවතක්‌ අපේ සාහිත්‍යයෙහි ඇත. රුවන්වැලිය පසුව රුවන්මැලිය හෙවත් ස්‌වර්ණමාලී වුවත් එහි මුල් නම රත්නවල්ලී හෙවත් රුවන්වැලි වෙයි.

එපරිදි ම අද සීගිරියට සිංහගිරිය යෑයි කීව ද එහි මුල් නම සිහිගිරිය වෙයි. ඒ පසුව සීගිරිය ද සිංහගිරිය ද වී ඇත්තේ වෛදික බලපෑම් හේතු කොට ගෙන යෑයි සිතිය හැකි ය. සිහිගිරිය යන්නෙන් මතක්‌ කරන ගිරිය යන තේරුම ගෙන දෙයි. කාශ්‍යප රජුට මතක්‌ කිරීමට හෝ මතක්‌ කර ගැනීමට හෝ අවශ්‍ය වූයේ කුමක්‌ ද? කාශ්‍යප රජු ගේ මව යක්‍ෂ ගෝත්‍රයට අයත් යෑයි කියෑවෙයි. මව ගෙන් ඔහුට උරුම වූ යක්‍ෂ සංස්‌කෘතියක්‌ තිබෙන්නට ඇත. කාශ්‍යප රජුට සිහි කිරීමට අවශ්‍ය වූයේ යක්‍ෂ සංස්‌කෘතිය ද? යක්‍ෂ යටගියාව ද?

අපට සිතෙන්නේ කාශ්‍යප රජු සිහිගිරිය නිර්මාණය කෙළේ යක්‍ෂ සංස්‌කෘතිය සිහිගැන්වීමට කියා ය. ඒ වන විට යක්‍ෂ සංස්‌කෘතිය ක්‍රමයෙන් දුර්වල වනු කාශ්‍යප රජුට හා අනෙක්‌ යක්‍ෂ ප්‍රධානීන්ට පෙනෙන්නට ඇත. ඒ නැති වෙමින් පැවැති යක්‍ෂ සංස්‌කෘතිය එදාටත් පසුවටත් සිහිගන්වනු සඳහා සිහිගිරිය කරවන්නට ඇතැයි ද සීගිරි චිත්‍ර යක්‍ෂ දෙවඟනන් ගේ චිත්‍ර යෑයි ද සිතන්නට ඉඩ ඇත. සීගිරි උද්‍යානයේ සැකැස්‌ම සහ ඉරානයේ (පර්සියාවේ) උයන් සැකැස්‌ම අතර සමානත්වයක්‌ දැකිය හැකි ය. පර්සියාවේ යක්‍ෂ ගෝත්‍රිකයන් වාසය කළ බවට සාක්‍ෂි වෙයි. සිහිගිරිය යක්‍ෂ සංස්‌කෘතිය සිහිගන්වන ස්‌ථානයක්‌ ලෙස අපට දැකිය නොහැකි ද?

මෙහි දී පරණවිතාන මහතා සීගිරි කාශ්‍යප රජු ගැන කියා ඇති මතය අමතක නො කළ යුතු ය. ඒ මහතාට අනුව සීගිරි කාශ්‍යප රජතුමා ජීවත් වී ඇත්තේ කුවේර මෙනි. කුවේර යනු දේවත්වයට පත් යක්‍ෂ ප්‍රධානියෙකි. පරණවිතාන මහතා මෙහි දී යක්‍ෂ සංස්‌කෘතිය අනුව ජීවත් වීමක්‌ ගැන සඳහන් නො කරයි. ඒ මහතා කාශ්‍යප රජු සහ කුවේර ගැන කියන්නේ සංස්‌කෘතික අර්ථයකින් නො වේ. එහෙත් පරණවිතාන මතය අප වෙනත් අයුරකින් වර්ධනය කළ හොත් ඉන් කුවේර ගේ හා කාශ්‍යප රජු ගේ සංස්‌කෘතිය ගැන යමක්‌ කියෑවෙන බව පෙනී යයි.

කාශ්‍යප රජුට අවශ්‍ය වන්නට ඇත්තේ කුවේර මෙන් ජීවත් වනවාට වඩා හැකිතාක්‌ යක්‍ෂ සංස්‌කෘතියෙහි ජීවත් වීමට ය. පරණවිතාන මහතා ඒ බව දැක ඇත්තේ කාශ්‍යප රජු කුවේර මෙන් ජීවත් වී ය යනුවෙනි. සිහිගිරිය යන්න සීගිරිය ලෙස නො ගෙන සිහි කරන ගිරිය ලෙස සැලකී නම් පරණවිතාන මහතාට ද අසන්නට වන ප්‍රශ්නය වනුයේ කුමක්‌ සිහි කිරීමට ද යන්න ය. මෙරට යක්‍ෂ සංස්‌කෘතිය මහසෙන් රජු ගෙන් පසුව ඉතා ම දුර්වල වන්නට ඇතැයි සිතිය හැකි ය. ධාතුසේන රජු ගේ අවධිය වන විට ද යක්‍ෂ සංස්‌කෘතිය යම් පමණකට දුර්වල වී තිබූ බව ද ඒ රජුට දා ව යක්‍ෂ කාන්තාවක ගේ කුසෙන් උපන් කාශ්‍යප රජුට යක්‍ෂ සංස්‌කෘතියට අනුව ජීවත් වීමේ අවශ්‍යතාවක්‌ තිබෙන්නට ඇතැයි ද සිතිය හැකි ය.

අපේ ඉතිහාසය පිළිබඳ කරන අධ්‍යයනයන්හි යක්‍ෂ උරුමය ගැන අප දක්‌වන උනන්දුව කිසිසේත් ම ප්‍රමාණවත් නො වේ. යක්‍ෂ ගෝත්‍රිකයෝ ද්‍රවිඩයෝ නො වූ හ. එහෙත් අපි ඇතැම් විට යක්‍ෂ ගෝත්‍රිකයන්ට ද්‍රවිඩ වර්ගයක්‌ වූ දෙමළ යන්න පටබැඳ ඒ නිසා අවුල් ඇති කරගෙන ඇත්තෙමු. මේ සම්බන්ධ හොඳ ම උදාහරණය එළාර රජු වෙයි. අපි එළාර රජු දෙමළ යෑයි කියමු. එයින් සිදු වී ඇත්තේ ලංකාවේ එළාර යුගයට යන දෙමළ ඉතිහාසයක්‌ ගැන කීමට මහාවංසය යොදා ගැනීම ය. එහෙත් එළාර රජු ජීවත් වී ඇත්තේ යක්‍ෂ සංස්‌කෘතියක ද යන්නත් ඔහු මෙරට ම විසූ යක්‍ෂ රජකු ද යන්නත් සොයා බැලිය යුතු ය.

එළාර රජු ජෛන ආගමිකයකු බවට ද ඇතැම්හු විශ්වාස කරති. ඇතැම් විට එසේ වන්නට ද ඇත. එළාර රජු පිළිබඳව ඇති ප්‍රධාන ම පුවතක්‌ නම් තම යහන් ගැබේ බැඳ තිබී යෑයි කියන ඝණ්‌ඨාර කතාව ය. යහනෙහි බැඳ තිබූ ඝණ්‌ඨාර ගැන උත්තර හෝ දක්‍ෂිණ හෝ භාරතීය සංස්‌කෘතියෙහි අසන්නට නො ලැබේ. එවැනි පුවත් පර්සියානු (ඉරාන) සංස්‌කෘතියෙහි ඇත. යක්‍ෂ ගෝත්‍රිකයන් මේ ප්‍රදේශයෙන් දඹදිවට හා ලංකාවට පැමිණ ඇතැයි කියෑවෙයි.

එළාර රජු එක්‌කෝ පර්සියාවෙන් හෝ අසල ප්‍රදේශයකින් හෝ පැමිණෙන්නට ඇත. නැත්නම් ලංකාවේ ම උපන් යක්‍ෂ කුමාරයකු විය හැකි ය. එළාර රජු සමඟ යුද්ධයට ගිය ගැමුණු කුමරුට මහවැලි ගඟ දිගේ දෙමළ බලකොටු තිස්‌ දෙකක්‌ පරාජය කිරීමට සිදු විණි යෑයි මහාවංශය කියයි. එසේ ගඟ දිගේ බලකොටු තිස්‌ දෙකක්‌ බැඳීමට තරම් දෙමළ බලකායක්‌ ලංකාවට පැමිණියේ කවර දා ද, කා සමඟ ද? මේ කඳවුරු අන් කිසිවකු ගේ නො ව යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ නො විය හැකි ද? එළාර රජු ද මෙරට යක්‍ෂ කුමරකු හෝ පිටින් පැමිණි යක්‍ෂ රජකු නම් හෝ මහවැලිය අවට පදිංචි වී සිටි යක්‍ෂ ගෝත්‍රිකයන් ඔහුට සහාය දීම පුදුමයට කරුණක්‌ විය නොහැකි ය.

උපුටා ගැනුම : http://www.vidusara.com/2010/03/10/feature2.html

Thursday, December 10, 2009

සීගිරි චිත‍්‍ර සිංහලයන්ගේ නිර්මාණයි

0
මහාචාර්ය සිරි ගුනසිංහ
මහාචාර්ය සිරි ගුනසිංහ ඉංගිරිසියෙන් ලියූ’Sigiriya Kassapa’s Homage to beauty’ නම් වූ ශාස්තී‍්‍රය ග‍්‍රන්ථය පසුගියදා එළිදුටුවේය. සීගිරිය ගැනත් කාශ්‍යප රජු ගැනත් සීගිරි චිත‍්‍ර ගැනත් මහාචාර්ය ගුනසිංහ දක්වන අලුත් මත කීපයක් ම මේ ග‍්‍රන්ථයට ඇතුළත් ය. පහත දැක්වෙන්නේ ඒ හා සම්බන්ධයෙන් මහාචාර්යවරයා සමඟ කැරුණු සංලාපයකි.
සීගිරිය බලකොටුවක් නොවෙයි කියන එක ඔබ දක්වන අලුත් අදහසක්?
ඔව්. මේක බලකොටුවක් නෙමෙයි. මේක කාශ්‍යප රජ්ජුරුවන්ගේ නිවාඩු නිකේතනයක් ලෙස හිතන්න පුළුවන්. අනික කාශ්‍යප රජ්ජුරුවෝ සීගිරියේ ඉඳන් රජ කළේ නැහැ. සීගිරිය කියන්නේ මනුස්සයකුට දවස් තුන් සිය හැටපහම ජීවත්වෙලා ඉන්න පුළුවන් තැනක් නෙමෙයි. කාශ්‍යප රජ කළේ අනුරාධපුරයේ. අනුරාධපුරේ තමයි අපේ ජාතික සංකේත සියල්ල තිබෙන්නේ. සීගිරිය කියන්නේ කාශ්‍යප රජ්ජුරුවෝ නිවාඩුවක් ගතකරන්න, විනෝදයක් ගන්න හදාගත්තු තැනක්.
සීගිරියත් සමඟ කුවේර සංකල්පය බද්ධ කරගන්න මහාචාර්ය සෙනරත් පරණවිතානයන් උත්සාහයක් දරා තිබෙනවා. එය කුවේරයාගේ ආලකමන්දාවේ පිහිටි කෛලාස කූඨය බව ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.
රජවරුන් දේවත්වයෙන් සලකන සම්ප‍්‍රදායයක් අපේ රටේ තිබුණේ නැහැ. ඔය පර්වතරාජ, චක‍්‍රවර්ති කියන සංකල්පත් ඒ වගේ. ඒ නිසා ඕවා විශ්වාස කරන්න බැහැ. කොටින්ම ඕවා මිත්‍යාවන්.
සීගිරිය උන්මාද චිත‍්‍රා සඟවා තැබූ එක්ටැම් ගේ බවට අලුත් මතයක් කලකට ඉහත වටද්දර ඤාණිස්සර හිමියන් පළකර තිබුණා. (රිවිරැස 1989 ජනවාරි 29)
එහෙම අදහසක් මම මීට කලින් අහලා නැහැ. ඒක ඉතිං එක්ටැම් ගෙයක් වෙන්න බැහැනේ. ඒකට ඕනෑම කෙනකුට නඟින්න පඩිපෙළවල් හදලා තියෙනවා. ඒක විවෘත තැනක්. කාටත් ඇතුළුවෙන්න පුළුවන් තැනක්. ඔය වගෙ මත ඕනතරම් තියෙනවා. සීගිරිය නෙමෙයි මේක ‘සිහගිරි’ වෙන්න ඕනෑ කියලත් කියනවනේ. ඒක රාජා ද සිල්වාගේ අදහසක්. ඒ කියන්නේ රජු සිහි කිරීමට හදපු තැනක් කියන එක. එහෙත් සීගිරියේ පැහැදිලිවම සිංහ රූප තියෙනවා. ඒ නිසා ඒක ‘සීගිරිය’ වීම ගැන මතභේදයක තිබිය යුතු නැහැ.
සීගිරිය කාශ්‍යප රජුගේ ග‍්‍රහලෝකාගාරය බවටත් මත පළවී තියෙනවා. ආතර් සී. ක්ලාක් ලියූ ‘ෆවුන්ටන් ඔෆ් පැරඩයිස්’ (පාරාදීසයේ උල්පත්) නම් වූ විද්‍යා ප‍්‍රබන්ධයේද සීගිරිය ගැන කියැවෙනවා.
ඒකත් එක්තරා මතයක්. ආතර් සී. ක්ලාක් විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයෙක්. ඔහු තමන්ගේ විෂයයට අනුව එබඳු අදහසක් දරනවා වෙන්න පුළුවන්. ඕවා නිකම් කතා කර කර ඉන්න නම් හොඳ මාතෘකා. හැබැයි ඓතිහාසික වශයෙන් නම් කිසිම වැදගත්කමක් නැහැ.
කාශ්‍යප රජ්ජුරුවෝ පීතෘ ඝාතකයෙක් නොවෙයි කියලත් ඔබ කියා තිබෙනවා.
ඔහු පීතෘ ඝාතකයෙක් කියලා මම හිතන්නේ නැහැ. ධාතුසේන රජු මැරීමේ චෝදනාව මා එල්ල කරන්නේ මිගාරටයි. මොකද ඔහුට රජු මරා දමන්න හේතුවක් තිබුණා. ඒ රජු ඔහුගේ මව මැරූ නිසයි. ඒ පලිය තමයි ඔහු ගත්තේ.
සීගිරි චිත‍්‍ර ගැන ඔබේ අලුත් ආකල්පයක් එහෙම තිබෙනවද?
මේ චිත‍්‍ර මාලිගාව සරසන්න, යන එන මාර්ගය ලස්සන කරන්න ඇඳපු නිකම් ගැහැනු රූප. ඉන් එහාට දෙයක් නැහැ.
සීගිරි චිත‍්‍ර ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන ප‍්‍රමුඛ විද්වතුන් එකිනෙකට පරස්පර වූ විවිධ මත පළකරලා තිබෙනවා. ඔබ කියන්නේ ඒවා වැරැදියි කියලද?
මම කියන්නේ මේකයි. මේවා හිතින් මවාගත්තු කල්පිත. මේ චිත‍්‍රවලින් නිරූපණය වන්නේ මේඝලතා හා විජ්ජුලතා යැයි මහාචාර්ය පරණවිතාන කියලා තියෙනවා. ඒ අදහස කල්පිතයක්. කල්පිත මතවල හොඳ දේවලුත් තියෙනවා. නරක දේවලුත් තියෙනවා. මේක නම් ගන්නම ගන්න දෙයක් නැති කල්පිතයක්. පරණවිතාන කරන්නේ (ඔහු විතරක් නෙමෙයි මේක හුඟදෙනෙක් කරන දෙයක්) කිසියම් නිගමනයකට බැහැලා ඒක තහවුරු කරන්න සාධක හොයාගෙන යන එකයි. හරිනම් මුලින්ම කරන්න ඕනෑ සාධක හොයලා ඒ ඇසුරෙන් කිසියම් නිගමනයකට බහින එක.
පරණවිතාන තරම් මේ රටේ පුරාවිද්‍යාවට සේවය කරපු කෙනෙක් තවත් නැහැ. අපි ඒකට ගරු කරන්න ඕනෑ. එහෙත් ඔහුගේ මත දිහා වුණත් අභියෝගාත්මකව බැලිය යුතුයි කියන එකයි මගේ අදහස. මෙතෙක් එහෙම අභියෝගයක් කරලා නැහැ කවුරුත්. ඔහු කියවපු ශිලාලේඛන ගැන වුණත් සීගිරි කුරුටු ගී ගැන වුණත් එහෙමයි. ඒවායින් සියයට අනූවක් ඇත්ත. ඉතිරි සියයට දහය සැක කටයුතුයි. ඒ සියයට දහය ගැන අලුත් කියැවීමක් කවුරුහරි කරන්න ඕනැ.
සීගිරි චිත‍්‍රවලින් නිරූපණය වන්නේ දිව්‍ය අප්සරාවන්ය කියන ආනන්ද කුමාරස්වාමිගේ මතය තමයි අපේ රටේ බෙහෙවින්ම ජනප‍්‍රිය මතය.
ඒකත් මම පිළිගන්නේ නැහැ. අපේ රටේ තියෙන එක් වරදක් තමයි කවුරුහරි යමක් කිව්වොත් ඒ ගැන වැඩිදුරටත් හොයන්නෙ බලන්නේ නැතිව ඒ මතයේම එල්බගෙන ඉන්නවා. පොළොන්නරුවේ පොත් ගුල් විහාරයේ තියෙන පිළිමය මහා පරාක‍්‍රමබාහු රජු නිරූපණය වන්නක්ය කියලා කවුරුහරි කිව්වා.
ඊට පස්සේ අනික් ඔක්කෝම පිළිගත්තේ ඒ මතය. මොනව කිව්වත් මිනිස්සු ඒ අදහස වෙනස් කරන්නේ නැහැ.
ඇයි ඒක පරාක‍්‍රමබාහු රජ්ජුරුවන්ගේ ප‍්‍රතිමාව නෙමෙයිද?
නැහැ. ඒ සෘෂිවරයකුගේ පිළිරුවක්. ඒක එක්කෝ අගස්ති සෘෂිවරයාගේ. එහෙමත් නැත්නම් පුලස්ති සෘෂිවරයාගේ. පොත්ගුල් විහාරය පවා හින්දු භක්තිකයන්ගේ මධ්‍යස්ථානයක්ව තිබූ බව පෙනී යනවා. ඒ කොටස විතරක් බෞද්ධ නොවෙයි.
සීගිරිය සොයාගත්තු එච්.සී.පී.බෙල් සීගිරි චිත‍්‍රවලින් සීගිරියට උතුරු දෙසින් පිහිටා ඇති පිදුරංගල විහාරයේ වන්දනාවට යන බිසෝවරුන් හා පරිවාරිකාවන් නිරූපණය වන බව ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අදහස තවදුරටත් වර්ධනය කරන ඊ.බී.හැවල් කියා තිබෙන්නේ ඔවුන් තව්තිසා දෙව්ලොව පිහිටි විහාරයක් වඳින්න යන බිසෝවරුන්ය යන්නයි. ඒ වගේම ආචාර්ය නන්දදේව විජේසේකරගේ මතය තමයි ඔවුන් රජුගේ වියෝවෙන් තැවෙන බිසෝවරුන්ය කියන එක?
ගැහැනු රූපයක් තිබූ පමණින් ඒක අහවල් රජ්ජුරුවන්ගේ බිසවය කියලා කොහොමද කියන්නේ?
හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජා ද සිල්වාගෙත් මහාචාර්ය අභය ආර්යසිංහගේත් මත ඊට වඩා හුඟාක් වෙනස්.
රාජා ද සිල්වා කියන්නේ ඔවුන් අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ බිසව වන තාරා දෙවඟන බවයි. ඔවුන් කාශ්‍යප රජ්ජුරුවන්ගේ දූකුමාරිකාවන් වූ බෝධි සහ උප්පලවණ්ණා බව මහාචාර්ය ආර්යසිංහගේ මතයයි.
ඒවත් මම අර කලින් කියාපු විදියේ කල්පිත මත.
ජනශ‍්‍රැතිවල දැක්වෙන ආකාරයට නම් එයින් නිරූපණය වන්නේ රාවණා රජුගේ බිසව වන මන්දෝදරී. පහත එන්නේ ඒ හා සම්බන්ධ තේරවිලි ජනකවියක්.
සීගිරි ගලේ රාවණ දෙවි විල සැදුවා
සීගිරි ගලේ විස්කම් සිත්තම් කෙරුවා
සීගිරු රුවෙන් මන්දෝදරි සිහිවෙනවා
මෙතුන් පදේ මම නිසි ලෙස විසඳනවා
මම නම් ඔය කතාවවත්, කවියවත් අහලා නැහැ. ජනශ‍්‍රැතිවල වැදගත් සමාජ ඓතිහාසික වටිනාකමක් තිබෙනවා. ඒක මම නොපිළිගන්නවා නෙමෙයි. එහෙත් ඔය වගෙ අදහසක් පිළිගන්න අමාරුයි.
ඒ අතර මේ ඔක්කොටම වඩා වෙනස් මතයක් මාර්ටින් වික‍්‍රමසිංහ දරනවා. ඔහු කියන්නේ ඔවුන් දියකෙළින අන්තºපුරයේ බිසෝවරුන් බවයි.
ඒක දියකෙළින දර්ශනයක් නෙමෙයිනේ. අනික වික‍්‍රමසිංහට ඔය ගැන දැනුමක් නැහැ. තමන්ගෙ ඔළුවට ආපු අදහසක් තමයි ඔහු කියලා තියෙන්නේ. වික‍්‍රමසිංහ මේ විෂය ගැන දැනුමක් තියෙන කෙනෙක් නොවන නිසා ඒක විශේෂඥයකුගේ අදහසක් හැටියට ගණන් ගන්න බැහැ.
සීගිරිය නිර්මාණය කිරීමේ කාල නිර්ණය නිවැරැදි යැයි ඔබ හිතනවාද?
සීගිරි චිත‍්‍ර අයිති වෙන්නේ කාශ්‍යප යුගයට තමයි. එහෙත් ඔහු රජවුණායින් පස්සේ සීගිරිය නිර්මාණය කළායි කියලා හිතන එක නිවැරැදි නැහැ. ඔහුට රජකම් කරන්නයි, යුද්ධ කරන්නයි සීගිරිය හදන්නයි මේ ඔක්කොම එකට කරන්න වෙලාවක් නැහැ. ඔහු යුව රජ කෙනෙක් විදියට දක්ෂිණ දේශය පාලනය කරන කාලේ ටික ටික ඕක හදාගෙන එන්න ඇති.
සීගිරි චිත‍්‍ර අතරත් මධ්‍යම ඉන්දියාවේ අජන්තා ලෙන් චිත‍්‍ර අතරත් සමානතා විද්වතුන් දකිනවා නේද?
ඔය මතය මුලින්ම පළ කළේ එච්.සී.පී.බෙල්. මම නම් ඒක පිළිගන්නේ නැහැ. මම අජන්තා චිත‍්‍ර දැකලා තියෙනවා. රසායන ශාස්ත‍්‍රයට අනුව ගත්තත් අජන්තා චිත‍්‍රවල රසායනික ලක්ෂණ සීගිරි චිත‍්‍රවල නැහැ. ඔතැන වෙලා තියෙන්නේ මේකයි.
බෙල් වගෙ අය සීගිරි චිත‍්‍ර දැක්කට ලංකාව පුරාම තැන් තැන්වල තිබුණු වෙනත් චිත‍්‍ර දැකලා තිබුණේ නැහැ. ඔවුන් ගොනාගොල්ල, ඉසුරුමුණිය, කරඹගල වගෙ තැන්වල චිත‍්‍ර දැකලා තිබුණේ නැහැ. දැක්කත් ගණන් ගත්තේ නැහැ. ඒවා බොහෝදුරට සීගිරි චිත‍්‍රවලට සමානයි. ඒවා නොදැක සීගිරි චිත‍්‍ර විතරක් දැක්කම ඔවුන්ට එහි අමුත්තක් පෙනුණා. ඔවුන් ඊට කලින් දැකලා තිබුණේ අජන්තා චිත‍්‍ර විතරයි. ඉතිං ඒවායේ සමානකමක් දැක්කා.
ආනන්ද කුමාරස්වාමි නම් සෘජුවම කියලා තියෙන්නේ සීගිරි චිත‍්‍ර ඉන්දීය ශිල්පීන් විසින් අඳිනු ලැබූ බවයි.
ඒක මම විශ්වාස කරන්නෙ නැහැ. සීගිරි චිත‍්‍ර සිංහලයන්ගේ නිර්මාණයක්. අපේ රටේ අඛණ්ඩ චිත‍්‍ර සම්ප‍්‍රදායයක් තිබුණා. මේ රටේ එක වරදක් තමයි සිංහලයන් යමක් නිර්මාණය කළයි කියලා පිළිගන්න බයයි.
විජය රජ්ජුරුවෝ ඉන්දියාවෙන් ආවා තමයි, මිහිඳු හාමුදුරුවෝ ඉන්දියාවෙන් ආවා තමයි බුද්ධාගමත් ඉන්දියාවෙන් ආව තමයි. ඒත් හැම දෙයක්ම ඉන්දියාවෙන් ආවයි කියලා කියන එක නම් අතිශයෝක්තියක්. සීගිරි චිත‍්‍ර ඇඳපු සිත්තරාම එහෙමත් නැත්නම් ඒ පරම්පරාවම තමයි ඉසුරුමුණියේ චිත‍්‍ර ඇන්දෙත්. ඒවායේ යම් යම් සමානකම් තිබෙනවා.
සීගිරි චිත‍්‍ර අතරත් මධ්‍යම ආසියාවේ විශේෂයෙන් පර්සියාවේ චිත‍්‍ර අතරත් යම් යම් සමානකම් තිබෙන බව බෙනිල් ප‍්‍රියන්තගේ අලුත් මතයක්. ඒ මතය වඩාත් තහවුරු වෙන්නේ මහාචාර්ය සිරාන් දැරණියගලගේ එක්තරා ප‍්‍රකාශයකින්. ඔහු කියා ඇත්තේ සීගිරි චිත‍්‍ර ඇඳීමට භාවිත කළ ඇතැම් වර්ණ (නිල්පාට) ඇෆ්ගනිස්ථානයෙන් ගෙන එන ලද බවයි. අජන්තා චිත‍්‍ර පවා පර්සියානුවන් ගේ නිර්මාණ බව පර්සි බ‍්‍රවුන්ගේ අදහස වී තිබෙනවා.
ඔය ගැන බෙනිල් ප‍්‍රියන්ත මාත් එක්ක කතා කර තියෙනවා. ඒත් සමානකම් තිබූ පමණින්ම එහෙම කියන්න බැහැ.
සීගිරි චිත‍්‍ර ඇඳීම සඳහා යොදාගෙන ඇති ශිල්ප ක‍්‍රමය මොකක්ද? විහාර බිතු සිතුවම් කලාවේ ෆෙ‍්‍රස්කෝ (FRESCO)හා ටෙම්පරා (Tempera)යනාදි වශයෙන් රීතින් දෙකක් තිබෙනවනේ.
මේක ටෙම්පරා. ඒ කියන්නේ වියළි බදාමයක් මත ඇඳපු චිත‍්‍ර විදියට ගන්න පුළුවන්.
හිඳගල විහාරයේ බිතුසිතුවම් සීගිරි චිත‍්‍රවල වර්ණ හා ශිල්ප ක‍්‍රමය අනුව නිමවන ලද බව මහාචාර්ය පරණවිතාන කියලා තිබෙනවා. ඔබ මේ චිත‍්‍රවල සමානකමක් දැකලා තිබෙනවද?
මම නම් එහෙම සමානකමක් දැකලා නෑ. පොළොන්නරු යුගයේ වෙනකොටම එතෙක් තිබුණු චිත‍්‍ර සම්ප‍්‍රදායය වෙනස් වෙලා.
සීගිරියට ආසන්න ලෙන්වලත් (විශේෂයෙන් නයි පෙන ගුහාවේ, දැරණියගල ගුහාවේ) චිත‍්‍ර තිබෙනවා. එසේම මේ මෑත (2004 දී) සීගිරියෙන්ම (කැටපත් පවුරේ පිටත බිත්තියේ) තවත් චිත‍්‍ර සටහන් හමුවී තිබෙනවා. මුලින්ම දක්වපු ලෙන් චිත‍්‍ර අතිශය සුවිශේෂත්වයකින් හා විචිත‍්‍රත්වයකින් පරිපූර්ණයි කියා මහාචාර්ය සේනක බණ්ඩාරනායක කියා තිබෙනවා.
සීගිරි ගලේම චිත‍්‍ර 500ක් විතර තිබුණයි කියලා කියනවනේ. ඉතිං ඒ චිත‍්‍රවල යම් යම් රූපසටහන් ඉරිකෑලී වරින් වර මතුවෙන්න පුළුවන්. නයි පෙන ගුහාවෙත් චිත‍්‍ර තිබෙනවා. ඒත් ඒවායේ සමානකම් නම් මම ඒතරම්ම දැක්කේ නැහැ. සමාන වුණත් නැතත් ඒකේ ප‍්‍රශ්නයක් නැහැ. ඒවායින් අලුත් අදහසක් මතුකරගන්න බැහැ.
උපුටා ගැනීම - http://www.silumina.lk/punkalasa/20080601/_art.asp?fn=ar0806011