-->

Tuesday, March 13, 2012

රාවණ රජු ඉතිහාසයෙන් පිටමං කිරීම

1
රාවණ රජු ඉතිහාසයෙන් පිටමං කිරීම



දැනුම යනු මිනිසාගේ එක් නිර්මාණයකි.ඉතිහාසයද මේ යටතට එයි.එය සොබා දහමේ නිර්මාණයක් නොවේ.එබැවින් එක් අයෙකු හෝ එක් ගුරු කුලයක් විසින් නිර්මාණය කරන ඉතිහාසය තවත් අයෙකු හෝ තවත් ගුරු කුලයක් විසින් නිර්මාණය කරන ඉතිහාසයට වඩා වෙනස්ය.මෙසේ මතභේදයක් ඇති වූ විට වැඩි දෙනා පිළිගන්නා වූ හෝ දැනුමේ ආධිපත්‍ය හිමි මතය අවසාන ලෙස පිළිගැනේ.ග්‍රාමීය මට්ටමේ දැනුම ඇත්තා සේ පිළිගැනී තිබුණේ තම ශිෂ්‍යයන් නොහොත් ගෝල පිරිසක්ද සහිතව සිටි 'දැනමිතිරාළය' ගමෙහි සිටි 'රාළලා'පස්දෙනා අතර ඔහුද එක් අයෙකි.නමුත් 1847 දී එවක අග්‍ර විනිස්චයකාර සර් ඇන්තනී ඔලිපන්ට් විසින් ගැසට් නිවේදනයක මාර්ගයෙන් දැනමිතිරාළගේ හා භික්ෂුවගේ අධ්‍යපනය ලබාදීමේ ක්‍රියාවලිය නීතියෙන් තහනම් කරන ලදී.භික්ෂුවට බෞද්ධ අධ්‍යාපනය පමණක් සාමණේර භික්ෂූන්ට ලබාදීමට අවසර තිබිණි.නීතිය වඩා හොඳට ක්‍රියාත්මක කිරීම සඳහා 1849 අවට කළකදී දැනමිතිරාළ අවමානයට ලක්කරන 'මහදැන මුත්තා කතා පන්තියද' මිෂනාරින් විසින් සමිපාදය කර පාසල් වල උගන්වන ලද අතර පුවත්පත්,සඟරා මගින්ද ප්‍රචාරය කරන ලදී.

'ගුරු ගෙදර' නමින් හදුන්වන ලද දැනමිතිරාළගේ නිවසටද මිෂනාරීහු ස්ථාන මාරුවක් ලබාදුන්හ.එතැන් සිට අලුතින් ගුරු ගෙදර බවට පත්වුණේ පල්ලියේ 'කතිසේරුතැනැගේ' නිවසයි.මිෂනාරී පාසලේ ප්‍රධානාචාර්යවරයා ඔහු වීම ඊට හේතුවයි.කතිසේරුතැනට ඉන්පසු 'ගුරුන්නාන්සේ' යනුවෙන් ආමන්ත්‍රණය කිරීමටද මිෂනාරීහු පුරුදු කළහ.දැනුම ලබාදීම සම්පූර්ණයෙන්ම පාසල් පන්ති කාමරයට සීමාවුණි.මහදැනමුත්තා හා ගෝල පිරිස නමැති රසවත් විහිළුවක් පමණක් සමාජයට ශේෂ විය.දැනුමේ උල්පත මෙසේ වසා දැමීම නිසා දැනුම සිඳී ගියේය. 1954 දී සර් අයිවර් ජෙනිංස් විසින් ලියා එංගලන්තයේ පලකරන ලද අලුත ස්වාධීනත්වය ලැබූ රටවල ජාතිකත්වය (Nationalism in Newly Independent States) නමැති කෘතියෙහි මේ බව පැහැදිලිව සඳහන් වී තිබේ.ජෙනිංස්ගේ උද්දාම වාක්‍යයක්ද එහි ඇත.ලංකාව වෙනස් කිරීමේ ක්‍රියාවලිය තුළ බ්‍රිතාන්‍යයන් විසින් මෙරට'නව ශිෂ්ඨාචාරයක් හා නව බුද්ධාගමක්' ඇතිකළ බවට ප්‍රකාශ කරන ප්‍රීති වාක්‍යය එම උද්දාමයයි.ඊට නමක්ද පට බැඳීමට ඔහු සමත් වී ඇත.'ගාලු පාරේ ශිෂ්ඨාචාරය හා ගාලු පාරේ බුද්ධාගම' යනු මෙම පටබැඳි නම් දෙක වේ.(Galle Road Civilization and Galle Road Buddhism)අපගේ ලක්ෂණ සියල්ල අප විසින්ම ප්‍රතික්ෂේප කරන ලද වත්මන් සිංහල ශිෂ්ඨාචාරය හා භක්තිය පදනම් කරගත් වත්මන් බුද්ධ ශාසනය දෙස බලන විට ජෙනිංස් නිවැරදි බව පෙනේ.

විපත්තීන් හමුවේ සැඟවී සිට දැන් කළඑළි බසින මානෑවේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ 'වරිග පූර්ණිකාව'වැනි ග්‍රන්ථ නිසා දැනමිතිරාළලා විසින් සමාජයට එදා ලබාදුන් කට වචනයෙන් පවත්වාගෙන ගිය දැනුම් සම්භාරය ගැන අවබෝධයක් ලබා ගත හැක.වසර තිහ හතලිහකට පෙර අතුරුදන් වූ තොවිලයද මෙසේ 'ගුරුන්නාන්සේලා' විසින් (යකැදුරන්) අවසන් ලෙද පවත්වාගෙන ගිය දැනුම වෙයි.සංචාරකයන් පිනවිය හැකි'ගරා යකුම' පමණක් ඉන් අද 'ගාලු පාරේ' ශේෂ වී ඇත. කීරති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදී පාලි මහා වංශයේ 40 වැනි පරිච්ඡේදයක් තිබී ඇත.බ්‍රිතාන්‍ය පාලන සමයේ එය අතුරුදන් වී තිබේ.එම අතුරුදන් වූ 40 වැනි පරිච්ඡේදයෙහි සීගිරිය ගැන හා රාවණා රජු ගැන සඳහන් වූ බවට තොරතුරු වර්ථමානයේ 'අන්තර් ජාලයට' ඇතුළු වී ටික දවසක් තිබී ඇත.එසේ නම් එම 40 පරිච්ඡේදය සහිත පාලි මහා වංශය බටහිර රටක තිබෙන බවට කිසිම සැකයක් නැත. අදින් වසර සීයයකට පෙර එනම් 1912 දී එච්.ඩබ්ලිව්.කොඩ්රිංටන් නමැති බ්‍රිතාන්‍ය පාලනයේ සිවිල් සේවකයා විසින් ලියන ලද සංක්ෂිප්ත ලංකා ඉතිහාසය (Concised History of Ceylon) නමැති කෘතියේ අද දින අපගේ ඉතිහාසයේ මූල බීජයයි.කොඩ්රිංටන් පරණවිතාන ගුරුකුලය මගින් මෙය තවදුරටත් වර්ධනය කරන ලදී.රාජකීය ආසියාතික සංගමය (Royal Asiatic Society) නමැති බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සංස්කෘතික සංවිධානය වනාහී මෙය පෝෂණය කරන ලද කිරි මව මෙන්ම මුර භටයාද විය.නමුත් 17.07.2010 දින රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවට බරපතළ වැරදීමක් සිදුවිය.එනම් මහාචාර්යවරුන් පිරිසක් කැඳවාගෙන දේශන කිහිපයක් කිරීම මගින් රාවණා රජු හුදු මානසික සංකල්පයක් පමණක් බව පෙන්වාලීමට උත්සහ ගැනීමය.'රාවණා මිථ්‍යාව' නමැති තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය පවත්වා රාවණ නාමයද වළලා දැමීමට ගත් උත්සහායෙන් පසු මුළු රට පිබිදී රාවණ රජු පිළිබඳ මහත් ආන්දෝලනයක් ඉන්පසු ඇති විය.

අද දින තව තවත් වර්ධනය වෙමින් යන්නේ මෙම උරුමය පිළිබඳ හැඟීමයි. 19 වැනි හා 20 සියවස මුල් අර්ධය තුළ සමස්ත ලෝකයේම බල කේන්ද්‍රය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විය.එබැවින් 1800 සිට 1990 දක්වාම ලෝක ඉතිහාසය වුණේ බ්‍රිතාන්‍යය විසින් සකසා දුන් ඉතිහාසයයි.1950න් පසු ලෝක බල කෙන්ද්‍රය එක්සත් ජනපදයයි.ඒ සඳහා ඔවුන්ගේ යාන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ සංවිධානය නොහොත් 'ලෝක ආණ්ඩුවයි' 1990න් පසු බ්‍රිතාන්‍යයන් ගොඩ නංවා තිබූ අප්‍රිකාවේ මුල් මානවයා බිහිවීම හා බයිබල් දේශයන් ඇසුරින් සුමේරියන් ශිෂ්ඨාචාරය ලොව පැරණිම ශිෂ්ඨාචාරය වීමද,ඉන්දියාව හා ලංකාව ජනාවාස වීම දක්වා මැක්ස්මුලර්ගේ 'ආර්ය න්‍යායද'බිඳවැටී ගියේය.ඒ වෙනුවට අලුත් ඉතිහාසයක් තවම ගොඩනැගී නැත.තව දශක දෙකකදී පමණ ලොව ද්‍රව්‍ය පදාර්ථ අවසන් වී ඉලෙක්ට්‍රෝනික යුගය අවසන් වන විට සූර්ය ශක්තිය තුළින් පමණක් අවශ්‍යතා නිපදවා ගැනීමට මිනිසාට සිදුවන්නේය.එය කළ හැකි දැයි බටහිර විද්‍යාඥයෙක් අසනු ඇත.ශක්ති විද්‍යාව දන්නා වූද ලංකාවේ පාරම්පරිකව පැවතගෙන අවුත් අදත් ශේෂ වී සිටින්නා වූද අතලොස්සක් යක්ෂ ගොත්‍රිකයන්ට එය හැකිවනු ඇතැයි මා කීවොත් බොහෝදෙනා සිනාසෙනු ඇත.අද එසේ සිනාසුනද තව දශක කීපයකින් එය එසේ වන්නට පුළුවන.

රා+වණ යනු හිරුගෙන් වැඩගත් හිරුගේ කණ්ඩායම යන අර්ථය දෙයි.(සූර්ය වංශය) වංශ කතාවලින් හිමාලය පාමුල නේපාලයේ උපන් (අද දින පිළිගත් පරිදි ) බුදුන් වහන්සේ සූර්ය වංශයට සදහන් කළද එය භූගෝල විද්‍යාවට අනූව සදොස්ය.හිරුගෙන් වැඩගෙන ඇත්තේ ලංකාවේ,ඊජිප්තුවේ හා මෙසපොතේමියාවේ පමණි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යමය ලෝක සංස්කෘතිය හැඩ ගැසෙන්නට වුණේ 19 සියවස ආරම්භයේ පටන්ය.ලෝක ඉතිහාසය සඳහා ඔවුන්ට ආලෝකය සපයා දුන්නේ බයිබලයෙනි.මැද පෙරදිග බයිබල් දේශයන් එක්කෝ බ්‍රිතාන්‍ය පෙරදිග වෙළඳ සමාගමේ අනුහස යටත හෝ නැතිනම් සෘජුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටත පැවතුණි.මෙනිසා කැනීම් කරමින් පුරා වස්තූන් මතු කරගනිමින් ඔවුන් රිසි පරිදි හා ඔවුන්ට වැටහුණ පරිදි ඒවාට අර්ථ නිරූපනයන් දුන්හ.ප්‍රංශ පුරාවිද්‍යාඥයන්ද බහුල ලෙස එම කාර්යයට සහාය වූ බැවින් එකී පුරාවස්තු පිරුණේ එංගලන්ත හා ප්‍රංශ කෞතුකාගාරවලය.1808දී ක්ලෝඩියස් රිච් බැග්ඩෑඩ්හි බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමේ නියෝජිතයා (Resident) ලෙස පළමුවරය ගවේෂණ කටයුතු ඇරඹීය.බැබිලන් හා නිනර්වේ නගර ඊට වැදගත්ය. පර්ශියාවේ රෙසිඩන්ට් වූ සර් හෙන්රි රොලින්සන් එහි ගවේෂණ ඇරඹීය.සුමේරියානු කුඤ්ඤකාර අක්ෂර මුලින්ම කියවුයේද ඔහුය.

19 සියවස මැද වන විට සුමේරියානු හා බැබිලෝනියානු ශිෂ්ඨාචාරයන් ගැන දැනුම පහළ විය.මෙම අදහස නිශේධ වුණේ 1998 දීය.ඒ එම වසරේ අප්‍රේල් මස කළ කැණීම් තුළින් මතුවු මැටි පුවරු නිසාය.ගුවන් යානාවලින් ආ සිංහ මිනිසුන් උපදෙස් දුන් පරිදි බැබිලෝනියා ශිෂ්ඨාචාරය ගොඩ නැංවු අයුරු 'ඉතිහාස චැනලය' (History channel)නමැති ඇමෙරිකන් රූපවාහිනිය විසින් 1998 මැයි මසදී විකාශනය කෙරුණි.කඩුව අතින් ගත් සිංහයා ලාංඡනය මෙම සිංහ මිනිසුන්ගේ බවද,බැබිලෝනියාවේ පුදුම හතෙන් එකක් වන 'එල්ලෙන උයන් වතු' එම සිංහ මිනිසුන්ගේ රටේ ඇති 'සිංහගිරි' මුදුනේ (සීගිරි) කෘතිම ලෙස සෑදු උද්‍යාන බවද එම මැටි පුවරු වල සඳහන් වුණී.බැබිලෝනියානු ලාංඡනය වන්නේද පියාපත් දෙකක් ,සිංහ ශරීරයක් හි මිනිස් මූණක් ඇති අමුතු සත්වයාය. මේ අතර ඩේවිඩ් ලිවිංස්ටන්,සර් සිසිල් රොඩ්ස් යනාදීන් අප්‍රිකා අඳුරු මහද්වීපය සොයාගෙන ගවේෂණය කරන්නට වූහ.කැණීම්වලින් මානව පොසීල ස්ථින 30 ක් පමණ සොයා ගැනිණ.ඒ අනුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා විසින් තීරණය කළේ මානවයාගේ මුල් ස්ථානය අප්‍රිකාව බවය.හිතුවක්කාර කම් නිසා පියා විසින් අප්‍රිකාණු ගවේෂණ නැවක පටවා අප්‍රිකාවට යවන ලද චාල්ස් ඩාවින් එහිදි ස්වයං-මෝහනයට පත්විය.මිනිසා වඳුරාගෙන් පැවතෙන බවට න්‍යායයක්ද සහිතව පරිණාමවාදය නව මුහුණුවරකින් ඉදිර්පත් කිරීම ඩාවින් කළේය.මෙය ඉතා ඉක්මණින් ජනප්‍රිය විය. 19 සියවස අන්තිමට බලපෑ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඉතිහාස මතවාදය වුණේ මැක්ස්මුලර්ගේ ආර්ය න්‍යායයි.

මෙයද ඉතා කෙටි කලකදී ජනප්‍රිය විය.මේ තුළ ඇති රහසක්ද ඇත.නිකොලායි නෙටොවිච් නමැති රුසියානු පුවත්පත් කළාවේදියා විසින් ලියු 'ක්‍රිස්තුස් වහන්සේගේ සැඟවුණු ජීවිතය' නමැති ග්‍රන්ථය 1894දී කළඑළි දැක්වූ විට ඊට වතිකානු විරෝධය එල්ල විය.එම පොතට අවශ්‍ය තොරතුරු ලබාගත් කාශ්මීර හා ලඩාක් ආරාමවලට තමාද ගොස් තොරතුරු සොයා බැලු බවත්,නොටොවිච් ලියු දේ වැරදි බවත් කියමින් මැක්ස්මුලර් ඇමරිකන් හා එංගලන්ත පුවත්පත් සඟරාවලට ලිපි ලිවීය.එම නිසා මැක්ස්මුලර් මහා උගතකු ලෙස සියළු ක්‍රිස්තියානි සභාවන් විසින් උලුප්පා දක්වන ලදී.ආර්ය මතය වැදගත් වුනේ ඒ නිසාය. මේ සියළු මතයන් ඇතුළු වූ පුළුල් ලෝක ඉතිහාසයක් බ්‍රිතාන්‍යයන් විසින් ගොඩ නංවන ලදී.ඒ තුළ ලංකාවට ඇති ඉඩකඩ සීමිතය.ආර්යයන් ඉන්දියාවට ඇතුළු වී මුළු හින්දුස්ථානය තුළ පැතිරී සොළොස් මහා ජනපද ඇතිවූ පසු බුදුන්ද පහළ වී උන්වහන්සේ පිරිනිවන් පානා දින සිදුවූ විජයාගමනයෙන් ලංකාව ජනාවාස විය.එබැවින් ඉන් පෙර සිටි රාවණා රජෙකු හෝ හෙළ ශිෂ්ඨාචාරයක් ගැන කතා කිරීමට අවසර නැත.ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයකි.යටත් විජිතය එංගලන්ත අධිකාරී බලය පිළිගත යුතුය.රාවණා මිථ්‍යාවක් වුණේ එසේය.

පුදුමය නම් දේශපාලනික වශයෙන් නිදහස ලබාදී තිබියදීද ස්වේච්ඡාවෙන්ම තම වහල් මනස නොවෙනස්ව නඩත්තු කරගෙන යාමට මෙරට උගතුන් යැයි සම්මත පිරිස් දක්වන කැමැත්තය.වහලා කල්යාමේදී සිය 'වහල් බැමි වලට ඇලුම් කරයි' යනු ඒබ්‍රහම් ලින්කන්ගේ අදහස මීට ගැළපෙන ඉතා නිවැරදි පිළිතුරය. පබ්බාජ සූත්‍රයෙහිදී (සුත්ත නිපාතයේ) බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ කාලිංග අගනුවර වන 'තෝසලිය' තමා උපන් බිම බවය.නමුත් බුදුන් වහන්සේට ආචාර්ය උපාධියක් නොමැති නිසා මෙරට උගත් ගිහි පැවිදි සියළු දෙනා බුද්ධ වචනය ප්‍රතික්ෂේප කර ඇත.ඒ වෙනුවට ආචාර්ය උපාධියක් ඇති.පුරා විද්‍යාඥයකු වන 'ඇලෝයි ඇන්ටන් ෆියුහර්' ප්‍රකාශ කළ දේ පිළිගෙන ඇත.එනම් නේපාලයේ ඇති රුම්චන්දි නමින් ෆියුහර් වැරදි ලෙස හදුනාගත් ටැම් ලිපිය ඇති ස්ථානය සිදුහත් කුමරු උපන් ලුම්බිණිය බවට ෆියුහර් මවා පෑ බොරුව පිළි ගැනීමය.එකම හේතුවක් නම් ෆියුහර් ආචාර්ය උපාධියක් සහිත සුද්දෙකු වීමය. එංගලන්ත අධිරාජ්‍ය ආධිපත්‍ය,ලංකාවේ මහා විහාර දැනුම ආධිපත්‍ය හා අත්වැල් බැඳ ගනී.සාම්ප්‍රදායිකව කට වචනයෙන් පවත්වාගෙන ආ ඓතිහාසික තොරතුරු ඉංග්‍රීසින් විසින් ප්‍රතික්ෂේප කළේ මිථ්‍යාව(Myth) ලෙස ඊට පරිභව කරමිනි.මහා වංශය ඇතුළු මහා විහාර වංශ කතා වල ආ සාවද්‍ය තොරතුරු පිළිගැනීමට බ්‍රිතාන්‍යයෝ කැමති වූහ.

එබැවින් රාවණ රජු රාමායණයට සීමා කර එය ඉතිහාස නොවන බව ප්‍රකාශ කළහ.මහා වංශය පූර්ණ ඉතිහාසය ලෙස පිළිගත්හ. ඉංග්‍රීසීන් අනුව ගිය වහල් මනස ඇති අපේ ස්වදේශික පුරාවිද්‍යාඥයන්ට කළු හමක් හා සුදු හදවතක් විය.සෙල්ලිපිවල සඳහන් තණචොඩග (තෘණ බින්දු), විසව (විශ්‍රවස්) ,නහුත සහතික,රවණ කුබිර,ගෝතම ශමණ,සුමන(සමන්),දස බතික නවීණය උපරාජ නාග,පනිත යනාදී නම් විකෘති කර සැඟවූහ.මේ සියළු නම් විජයාවතරණයට පෙර සිටි පුද්ගලයන්ගේය.විජයාගමනයෙන් පසු එකම සෙල්ලිපියක හෝ වැරදීමක් සිදුවී නැත.සෙල්ලිපි පිළිබඳ මහා විශාරදයා වන මහාචාර්ය පරණවිතානට අකුරු වැරදීමට කොහෙත්ම පුලුවන් කමක් නැත. රාවණ රජු ලංකා ඉතිහාසයෙන් පිටමන් කර ලියු ඉතිහාසය ඉන් වසර 100 ට පසු 2012 දී සාවද්‍ය බව එළිදරව් වේ.කොඩ්රිංටන් විසින් එම ඉතිහාස පොත ලියුවේ 1912දීය.නමුත් එම වැරදි ඉතිහාසයට අවුරුදු 100 ක් පැවතීමට නොහැකි විය.එබැවින් ඉතිහාසය නිවැරදි කර ලිවීම උගත් තරුණ පරපුරට පැවරෙන වගකීමකි.හිරන්කසුබ්,ප්‍රාලද,බලි,තාරක,රාවණ,නහුත,පනිත,හැම රජෙකුම එවිට ඉතිහාසයට ඇතුළු කිරීමට සිදුවේ.

1 Response to රාවණ රජු ඉතිහාසයෙන් පිටමං කිරීම

November 30, 2012 at 11:42 AM

meke akuru kiyawanna bane. me artikal ekath ekka font ekath danna

Post a Comment

අදහස් සහ උදහස්