-->

Wednesday, July 13, 2011

අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමුද 1

1

අපේ ඉතිහාසය ගැන මොනවාද දන්නෙ...?
කවුද ශ්‍රි ලංකාවේ පළවෙනි රජතුමා කියලා අපි කාගෙන් හරි ඇහුවොත් අපට ලැබෙන උත්තරය තමයි විජය රජතුමා කියලා. ඒ මහාවංශයේ තියෙන විදියනේ.
ඒ වුනාට ඇත්තටම මහා වංශය හරිද...?

මහා වංශය කියන්නෙ ලංකා ඉතිහාසය සටහන් වෙලා තියෙන ග්‍රන්ථයක්. ඒක ලියවිලා තියෙන්නෙ විජය කුමාරයා ලංකාවට ඇවිල්ලා, ලංකාවේ රාජ්‍යත්වයටත් පත්වෙලා, එතුමාගෙන් පස්සෙ පඬුවස්දෙවු රජතුමාත්, එයාගේ මූණුපුරා පණ්ඩුකාභය රජතුමාගෙනුත් පස්සේ. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට බුදුදහම ගෙනාවටත් පස්සෙ.
ඒ නිසා මහාවංශ කතුවරයාට අනුව විජය රජතුමා ලංකාවේ පළවෙනි රජතුමා කියලා කියන කතාව මම නම් පිළිගන්නෙ නැහැ.

මහා වංශයේ සඳහන් නොවුනාට මහාවංශ කතුවරයාට වසර සිය ගණනකට කලින් භාරතයේ ලියැවුණ කෘතින් වල ලංකාවේ සිටි රජවරුන් ගැන සඳහන් වී තිබෙනවා. හොඳම උදාහරණය තමයි වාල්මිකි විසින් රචිත රමායනයට අනුව රාම ලංකාව ආක්‍රමණය කරන විට රාවණ රජු ලංකාවේ රජ කලා කියන එක. රාවණ රජු ලංකාවේ හිටියෙ නැහැ, එය කල්පිතයක් පමණි කියලා කාටවත් නොකියන්න තරම් හේතු සාධක රාවණ රජු ගැන තියෙනවා. ලංකාවේ හිටපු කිසිම රජ කෙනෙක් හා නොබැඳුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදි ලංකාවේ තියෙනවා.

ආයුර්වේදයට සම්බන්ද කෘති රැසක කතෘවරයා රාවණ රජු බව ඉන්දියානු ආයුර්වේදය පවසනවා.
ඉතින් රාවණ රජුටත් කලින් ලංකාවේ රජවරු ඉන්න ඇතිනේ....
කැමතිද ඒ ඉතිහාසය සොයා යන්න. එසේ නම් අපි සොයා යමු ලංකාවේ සබෑ ඉතිහාසය...

උපුටා ගැනීම - http://seuslsla.blogspot.com/2011/01/blog-post.html








1 Response to අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමුද 1

August 11, 2011 at 9:20 AM

ගොඩාක් සතුටුයි මගේ ලිපි පෙල මෙහෙම නැවතත් පල කිරීම ගැන.
කැමතිනම් මගේ ගවේෂණයට එක් වන්න
ඔබට ජය
dazunj4me@gmail.com
Admin & Editor of the seuslsla.blogspot.com

Post a Comment

අදහස් සහ උදහස්