-->

Wednesday, July 6, 2011

හෙළ අසුර රාජවංශය - 3

0

ආරම්භය නිර්ණය කල නොහැකි හෙළ ඉතිහාසය


විජයාගමනයෙන් පසුව සිංහල ජාතියත්, ලංකාව ශිෂ්ඨාචාර වීම
ත් ආරම්භ වුණා කියලා මහා වංශය හා අනෙකුත් වංශ කතා පැවසූවද, බෞද්ධ බලපෑම් වලින් තොරව ස්වාධීනව ලියැවුණ රාජාවලියේ තියෙන්නෙ මහා සම්මත මනු රජතුමාගෙන් රාජා වංශය ආරම්භ වූණා කියලයි. නමුත් රාජාවලියේ තියෙන මනු රජුගේ රාජ්‍ය සමයේ භූගෝලිය ලක්ෂණ අනුව මනු රජුගේ පෙළපත ආරම්භ වුණ රට උතුරු ඉන්දියාව කියලා නිගමනය කරන්න පුළුවන්.

1840 දී ඇරඹුණ මහා වංශය ඉංග්‍රීසියට පර්වර්තනය කරමින් ලංකා ඉතිහාසය හැදැරීමට පටන්ගෙන තිබෙනවා. ඒ වන විට ඉංග්‍රීසීන් විසින් ඉන්දියාවේ ඉතිහාසය ආරම්භ කරන ලද්දේ බුද්ධ කාලීන ඉන්දියාවට ආසන්න මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ඉන්දියානු ආක්‍රමණ සමයේ සිට පමණයි. ඒ වන විට ඉන්දියාවේ තිබුණ වෛදික යුගය, බ්‍රහමණ යුගය හා උපනි
ෂද් යුගයද, මහා භාරතය හා රාමායණය යන යුගයන්ද සාහිත්‍යමය මිත්‍යාවන් ලෙස නොසලකා හැරලා තියෙනවා.

1890දී පමණ බ්‍රිතාන්‍ය ජාතික මැක්ස් මූලර් නැමති මානව විද්‍යා
ඥයා විසින් ආර්ය සංකල්පය ඉදිරිපත් කිරීමෙන් පසුව වෛදික යුගයට ඓතිහාසික බවක් දුන්නාට, ගව පට්ටි, එළු පට්ටි දක්කාගෙන එඩේරුන් වයඹ දිග ඉන්දියාවට පැමිණි විට, පංජාබ් තැනිතලාවවේදි මහා දාර්ශනිකයන් වී ත්‍රිවේදය , උපනිෂ්ද වැනි නිර්මාණය කලේ කෙසේදැයි මෙම සිවිල් සේවයට පැමිණි ඉතිහාසඥයන්ට හැකි වෙලා නම් නැහැ.

1929 දී පමණ මෝටිමර් වීලර් නැමැති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යෙය් පුරාවිද්‍යාඥයා විසින් කරන ලද කැනීම් වලින් මොහොන්දෝජාරෝ-හරප්පා ශිෂ්ඨාචාරය මතුවීමත් සමගම වෛදික යුගයෙන්ද ඔබ්බට ඉන්දියානු ඉතිහාසය තිබුණ බවද 1944දී ජාපනයට හෙලු පර
මාණුක බොම්බ ප්‍රහාරයෙන් පසුව ජාපනයේ විනාශය සිදුවූ ආකාරයම ක්‍රි.පු 4වන සියවසේදී ලියැවුණ මහාභාරතය කෘතියේ සුර-අසුර යුද්ධයේදී සටහන් වී තිබීමත් නිසාද අතීතයේ තිබූ න්‍යෂ්ඨික යුගයක් දක්වා ඉන්දියානු ඉතිහාසය ගෙනයාමමද ඉංග්‍රිසින් විසින් කරන තියෙනවා. නැවතත් 2003 දී පමණ කැම්බේ බොක්කෙ තිබී ගිලීගිය වසර 10000ක් පමණ පැරණී ජනස්ථාන් නගරය සොයාගැනීමත් සමගම ඉන්දියානු ඉතිහාසය මේ වන විට ක්‍රි.පු. 8000ක් පමණ ඒ කියන්නෙ වසර 10000ක පමණ ඉතිහාසයක දක්වා දිවෙනවා.

ඉන්දියාවේ තත්වය මෙහෙම සිදුවෙද්දි ලංකා ඉතිහාසය පමණක් ආරම්භවෙලා තියෙන්නෙ විජයාගමනයෙන් පසුව. එහි වකවානුව වනුයේ බුද්ධ පරිණිර්වාණ සමයයි. රජාවලියට අනුව නම් බුද්ධ පරිණිර්වාණයෙන් සතියකට පසුවයි. ලංකාවේ දේශිය ඉ
තිහාසඥයන්(?) ඉතා දැඩිලෙස මහාවංශ ස්ථාවරයේ හා කොඩ්රිංටන් මතයේ ඇලී සිටීම නිසාම එහි කිසුදු වෙනසක් නොමැත. එබැවින් 1912 දී කොඩරිංටන් මතය තාම ලංකා ඉතිහාසයයි. එය වසර 2550කට ඔබ්බෙන් ගමන් කර නැත.


නාසා ආයතනය පවසන පරිදි ලංකාවේ තලෛයි මන්නාරම හා ඉන්දියාවේ රාමේෂ්වරම් අතර පිහිටා ඇති දෙරට යාවන ආදම්ගේ පාලම අවුරුදු ලක්ෂ ගණනක් පැරණීය. මෙය ස්වභාවික පිහිටීමක් නොව මිනිසාගේ නිර්මාණයක් බවද නාසා ආයතනය පවසයි. රාමායණයට අනුව මෙම පාලම සාදන ලද්දෙ හනුමාන් විසිනි. ඒ රාමගේ හමුදාවට ලංකාවට පැමිණීමටය. නමුත් රාම රාවණ යුද්ධය වසර ලක්ෂ ගණනක් පැරණී නැත. එසේ වුවද තේත්‍රා යුගයේදීද රාවණ රජු සිටි බව රාමායණය පවසයි. තේත්‍රා යුගය යනු අවුරුදු ලක්ෂ ගණනකි. මේ එලැඹ ඇත්තේ තේත්‍රා යුගය නිමා වී කලි යුගයයි. ඒ කාල නිර්ණය අනුව බලන විට ලංකාවට වසර ලක්ෂගණනක් පැරණී ඉතිහාසයක් ඇති බව කියන්න පුළුවන්.

මානව විද්‍යාඥයන්ගේ ගණන් බැලීමට අනුව හෝමෝ සෙපියන්ස් නැමති කල්පිත වානරයන් හෝ හෝමෝ ඉරෙක්ටස් නැමති නුතන මානවයාත් බිහි වී තාම අවුරුදු ලක්ෂ ගණනක් ගිහින් නම් නැහැ. මෙම කාල නිර්ණය තර්ක හෝ කල්පිත මත ගොඩනැගීම ඇරෙන්න ඒවා සනාථ කරන්න ඓතිහාසික සාක්ෂි හෝ එම මත ඓතිහාසික සාක්ෂි මත ගොඩනැගිලා නැහැ. එමෙන්ම මධ්‍යම හා උතුරු යුරෝපිය අයිස් තට්ටු දිය වී තවම වසර 12500කට වඩා ගත වී නැත. ජලය ඇති වීම ජලයෙන් ජීවය බිහිවීම යනාදිය වසර 12500ක් තුල සිදුවෙලා ඇති බව මානව විද්‍යාඥයන්ගේ මතයයි.

මේ අනුව මානව විද්‍යාඥයන්ගේ මතය හා භූ විද්‍යාඥයන්ගේ මතය අසට පොළොව මෙන් දුරින් පිහිටිමක් දකින්නත් පුළුවන්. ඒ වුනත් දෙපාර්ශවයටම තම මත තහවුරු කිරීමට ඉදිරිපත් කරන තරකාවලීන් ඇත. ඒ වුණත් නාසා ආයතනය ආදම් ගේ පාලම හෙවත් රාමාගේ පාලම මෙයට අවුරුදු ලක්ෂගණනකට පෙර සෑදූ නිර්මාණයක් බවට ප්‍රබල සාක්ෂී ඉදිරිපත් කිරීමත් කැපී පෙනෙන දෙයක්.

අතීතයේ තිබුණ ලංකාව අද තියෙන ලංකාව නොවන බව අපිට පැහැදිලිව සිතාගන්න පුළුවන්. ඇතම් විට එය ඔස්ට්‍රේලියාව හෝ ඊටත් වඩා වැඩි විශාලත්වයකින් යුක්ත වී තියෙන්නට ඇත. මැදගස්කරය( ඉංග්‍රිසි උච්චාරණය මැඩගස්කර්) මැද දෙරණ (සංස්කෘත මධ්‍යධරණී) ආදී හෙළ නම් ඒ භූමියට ලැබීමට හේතු තවම සොයාගෙන නැත. මාලදිවයින්ද ලක් දිවයින්ද( ලක්දිව් අයිලනඩ්ස්) එම නම් වලට අනුව ඒවාත් ලංකා භූමියට අයතිව තිබූ පසුව ගිලී ගිය උස්කදු මුදුන් ලෙස හිතන්නත් පුළුවන්. ඒ වගේම මාලදිවයින් භාෂාව සිරිත් විරිත්ද ලංකාවේ සිරිත් විරිත් සා සිංහල බසට සමාන කමක් දැක්වීමත් මෙතනදී අපට සැලකිල්ලට ගන්න පුළුවන්. මේ අනුව මාලදිවයින, මැඩගස්කරය ආදිය අයත්ව තිබූ විශාල භුමි ප්‍රෙද්ශයක් හෙළදිවයිනට අයත්ව තිබුණායැයි සිතන්න පුළුවන්. ඉතා විශාල හෙළ දේශයක් ගැන ඇසූ ඇලෙක්සැන්ඩර් රජු එය කුඩා ලංකාව යැයි විශ්වාස කල නොහැකි බව ඇලෙක්සැන්ඩර් රජුගේ යුධ වර්තා වලින් කියැවෙනවා.

දෙවරක් හෝ තුන්වරක් ලංකාව මුහුදේ ගිලී ගිය බවට සාධක ඇත. මෙය සමහර විට සුනාමී ආකාරයේ උදම් රළ මගින් හෝ ස්වාභාවික භූ කම්පනයකින් මෙය සිදුවන්නට ඇත. රාවණ රජුගෙන් පසු තේත්‍රා යුගයේ වරක්ද, කලි යුගයේදී දෙවරක් ගිළුන බවට සාක්ෂි ඇත. එමෙන්ම ශ්‍රි පාදය අද දින මල යමහලක් වුවද අතීතයේදී එය පුපුරා ලාවා ගලා ගිය බවට සාක්ෂි ඇත. නිරිත දෙසට නොහොත් පහත් තැනි තලාවට ගලා ආ ලවා වලට බාධා ඇති වූ තැන් හීදි ගලන දිශාවට විරුද්ධ දෙපාර්ශවයට ගලා ගොස් හෙල් වැටි ඇතිවිය.නිරිත දිග තැනි තලාවේ එකිනෙකටත් වෙරලටත් සමාන්තරව ඇති හෙල්වැටි ලෙස අද මේවා හදුනාගත හැක. ගිං ගඟ මෙම හෙල් වැටි අතර හිර වීම නිසා අමුතුම ආකරයේ ජල වහන රටාවක් ගිං ගගට ඇත.මහවැලි ගංගාවද තනි ගංගකට වඩා ගංගා පද්ධතියකි. විටන් විට වන භූමියේ උස්පාත් වීම් මෙයට හේතු වී ඇත. මෙම වෙනස් වීම් මගින් පෙන්වන්නෙ භූමියේ ඇති පෞරාණික බවයි. මහවැලි ගඟ ආරම්භයේදී බටහිරට ගලා ගොස් දෙවනුව ඊසාන දිසාවට ගලා යන අතර තෙවනුව නැ‍‍ගෙනහිරට ගලාගොස් නැවතත් ඊසාන දෙසට ගලා යයි.

අනුරාධපුර යුගයට පළමුව පැවති යුගයකට අයත් මිනී ඇටකටු සහිත මැටි බදුන් පොම්පරිප්පු ප්‍රෙද්ශයෙන්ද, ඉන් පසුව කෑගල්ල, දඹුල්ල හා කළුතර ප්‍රෙද්ශ වලින්ද හමු වීම නිසාද මෙම සෑම තැනකින්ම හමු වූ භාජනවල සමානත්වය නිසාමද විජයාගමනයට පෙර ලංකාවේ ශිෂ්ඨාචාරයක් තිබූ බවට තහවුරු වුවද එය කොපමණ පැරණිදැයි නිර්ණය කිරීමට තවම නොහැකි වී ඇත.
මුණිදාස කුමාරතුංග සූරීන් ඇතුළු හෙල හවුල විසින් අවුරුදු 28000ක් තෙක් කාල නිර්ණය කල රාජ පරපුරක් හෙළයන්ට ඇත. ඒ අනුව මහා සම්මත මනු නැමති ප්‍රථම හෙළ රජු මින් වසර 28000කට පෙර ජීවත් වී ඇත. මනු රජු ඉන්දියාවේ පහල වූ රජෙකු ලෙස සලකන යුරෝපීය විද්වතුන් එය වසර 30000ක අතීතයකට ගෙන යයි. සාහිත්‍යමය කතා පුවත එසේ වුවද භෞතීකමය වශයෙන් එය ගෙනයාමට හැක්කෙ වසර 12500කට පමණ පෙර රජකල හිරණ්‍ය කාශ්‍යප රජු සමයට පමණි.

අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යාමේ තුන්වන අදියරත් සම්පුර්ණ කලා. මේ ලිපි පෙලෙන් අපේ සැබෑ ඉතිහාසය ගැන යම් අවබෝධයක් ගන්න ඇති යැයි සිතනවා. අපි අපේ සොයා යාම තව දුරටත් කරගෙන යමු. ඒ වගේම වීකීපීඩියා වැනි වෙබ් අඩවිවලත් මේවා සනාථ කරන ගොඩක් තොරතුරු තියෙනවා. නමුත් ඒවායේ තියෙන ඉන්දියානු බලපෑම වැඩියි කියලා එවා බලනකොට හිතෙනවා. ඒ නිසා අපි විකිපීඩීයාවත් සැබෑ ලෙස සකස් කරා නම් හොදයි කියලා හිතෙන නිසාම මේ විවෘත ආරධනය අපේ හෙළය ගැන දැනගන්න අපේ මෙම කරුණු පිළිගන්න හෙළයන්ටයි.


උපුටා ගැනීම : http://seuslsla.blogspot.com/2011/05/tsunami-was-swallow-up-sri-lanka-in-3.html


හෙළ අසුර රාජවංශය - 1
හෙළ අසුර රාජවංශය - 2
හෙළ අසුර රාජවංශය - 3
හෙළ අසුර රාජවංශය - 4
හෙළ අසුර රාජවංශය - 5
හෙළ අසුර රාජවංශය - 6


 

No Response to "හෙළ අසුර රාජවංශය - 3"

Post a Comment

අදහස් සහ උදහස්