-->

Thursday, August 6, 2009

රාමායනය

0

ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ බලය හා ශක්‌තියට ප්‍රතිවිරුද්ධ බලවේග අතීතයේ සිට මේ දක්‌වාම ක්‍රියාත්මක වී පවතී. අභිචාරවත් නිට්‌ටෑවන් නම් සත්ත්ව විශේෂය ප්‍රමුඛ කර වානරයන් වෙනුවෙන් යම් යම් ඉදිකිරීම් කරමින් මෙරට රාම වාදයක්‌ ව්‍යාප්ත කිරීමේ අදහසින් අතීතයේ සිට වර්තමානය දක්‌වා යක්‌ෂ සංහාරයට උත්සාහ දැරූ විදේශික බලවේග රැසකි. පණ්‌ඩුකාභය, ගාමිණි අභය, විජයබාහු, පරාක්‍රමබාහු, වලගම්බා වැනි ප්‍රබල මහාකාල යක්‌ පරපුරේ හෙළ නරදෙටුවන් හනුමා බලවේගය ඒ ඒ යුගවලදී ලක්‌ පොළොවෙන් තුරන් කළ අතර කිසි කලෙකත් වානර ගෝත්‍රයෙන් පැවත එන ආක්‍රමණිකයන්ට මෙරට විජයග්‍රහණයක්‌ අත් නොවීය.

ඔවුන් සුළු කලකට පමණක්‌ මෙරට ආක්‍රමණය කළ ද රාමායනයේම සඳහන් ආකාරයට ඉරුගල් බණ්‌ඩාර හෙවත් රාවණ පුත් මේඝනාද පරපුර ඔවුන් සමූල ඝාතනය කළහ. ඉන්දියානු වීර කාව්‍යයක්‌ වූ වාල්මිකී නම් කතුවරයකු විසින් රචනා කරන ලද රාමායනය රාම ලක්‍ෂමණ හනුමාන් ප්‍රමුඛ වානර හමුදාව ලැබූ පරාජය වසාගැනීමට කළ වෑයමකි. එහි කර්තෘ විටෙක රාවන චරිතය ශ්‍රේෂ්ඨයකු කර විටෙක දුෂ්ටයකු බව ඇඟවීමට උත්සාහ කළ අන්දම රාමායනය තුළින්ම පැහැදිලියි. නමුත් රාමායනයට හා මහාවංශයට වඩා පැරැණි යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර වන කාලම් අග්නිසන්දය, මූණමුරකෞරවය, වෙශමුණි දරණිවත, ගෝරාපාසලම, රක්‌ඛානි ගර්ජය, කුම්භණී මූලාශ්‍රථය, අසුර අත්විසය හා පංචරක්‌ඛාවලිය යන පුස්‌කොල පොත් ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ පුත්‍ර මේඝ නාද (ඉරුගල් බණ්‌ඩාර) සමස්‌ත ඉන්දියානු ආක්‍රමණිකයන් පරාජයට පත් කළ බව තහවුරු කරයි.

තම සොයුරු විභීෂණයන් හා ඇතිවූ අභ්‍යන්තරික යක්‌ෂ නාග යුද්ධය හා බිහිසුණු ස්‌වභාවික විපත් රාවණ යුගය මහා සාගරයට යටකර දැමීමට හේතු විය. මෙම දේශපාලන අර්බුදය ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීම දක්‌වා ලංකාවේ පැවැති අතර බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙරට කඳුකර ප්‍රදේශ (ගිරිප) යක්‌ෂ ජනයාට පවරා සෙසු ප්‍රදේශ නාග ජනයාට පවරා දී ඇත. මේ නිසා ලංකාවේ සමස්‌ත ජනසමාජයම බුදුන් වහන්සේගේ නාමයට ලංකා රාජ්‍ය පූජා කර ඇත. ඒ බව “යකා බුදු වදනට පමණක්‌ අවනත” බව පැවසෙන ගැමි කියමනෙන් පිළිබිඹු වේ. බුදුන්ගේ ලංකාගමනය පවා සැකයට භාජන කිරීමට පුරාවිද්‍යාඥ බෙල් ප්‍රමුඛ ගෝල පිරිස බලවත් උත්සාහයක යෙදී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.

නොනැසී පවතින රාවණ ඉතිහාසය කිසි කලෙකත් විනාශ කළ නොහැක. රාවණ නාමය ලංකා ඉතිහාසයේ මැකිය නොහැකි ලෙස ලියෑවී පවතී. ඉදිරියේදී මායා, ඉංකා මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර ගැනත් වර්තමාන සෝවියට්‌ සමූහාණ්‌ඩුවට අයත් කල්මිකියාවේ පිහිටි රාබ්ක්‌නැ ජලාශය හා සුමේරියානු ඉතිහාසයත් පිළිබඳ සත්‍ය කරුණු මතුවීමත් සමග රාවණා නාමය තව දුරටත් සඟවා තබනු නොහැකි වේ.

උපුටා ගැනීම - http://ravanalankapura.wordpress.com/sri-ravana-ancestry/

No Response to "රාමායනය"

Post a Comment

අදහස් සහ උදහස්