රාවණ තරු සිරි අසිරිය
රැය ගෙවී ගිය පසු ක්‍ෂිතිජයෙහි රන්වන් ඉරක්, රේඛාවක් දුටු අපේ පැරැන්නන් ඊට "ඉරා" යෑයි නම් කළහ. පළාගෙන, - ඉරාගෙන එන අදහස එහි වේ. පසුව එහි "ඉ" ලොප්ව "රා" යන්න හිරු සඳහා නම් විණි.
රා හෝනායෙන් හෝරා නම, රා සැර් (හිරු රශ්මිය) දළ දී එන්. රා මණ්‌ඩිහි සිට් එන්. (සූර්ය මඬලෙහි සිට එන්න) ආදිය විමසන්න.
මෙසේම වරෙක නැගෙමින් වරෙක බැස යමින්, පූර්ණත්වයට පත්වෙමින්, අතුරුදන්ව යන අපූර්ව වස්‌තුවකි. එය දුටු මිනිස් හදවත තුළ ඇතිවූයේ කුකුසකි. සැකයකි. එය "සැන්දෑ" යනුවෙන් නම් කළහ. අද හඳ බවට පත්ව ඇත්තේ ඒ "සැන්දෑ" වයි.
මේ ඉර හඳ සහ පෘථිවිය තුළ දක්‌නට ලැබෙන විශ්මය, අසිරිමත් බව ගැඹුරින් විමසූ ඔහු අතින් "හෙළ උමා ජ්‍යෙdaතිෂය" නිපදවිණි ඒ කෙළ අසුරයෝය. අසුරු සැණෙකින් ප්‍රශ්න විසඳීමේ හැකියාවක් ඇති බැවින්ද, අසිරි මැවීමේ ශක්‌තියෙන් යුතුවූ බැවින්ද ඔහු "අසුර" නම් වේ. ඒ සිව් හෙළයේ එක් කොටසකි.
පුලස්‌ති මහා සෘෂි
මේ කතාව "පුලතිසි" ගැනය. "පුලතිසි" යනු මහා සෘෂිවරයෙකි අසුරයෙකි, රකුසෙකි. පාලනය කරන අරුතින් "රතු" පදය වේ. පුලත් නම් නුවර එනම් පුලත් නාරුවෙහි විසූ ඔහු රාවණ රජුගේ මුත්තණුවන්ය. අද පොළොන්නරුව බවට පෙරැළී තිබෙන්නේ ඒ පුලත්නාරුවයි. එහි "නාරු" නම් නුවරයි. බින්තැන්න මහියංගනය වූ අයුරු විමසන්න.
පුලස්‌ති මහා සෘෂිහුගේ කාල වකවානුව නිශ්චය කිරීමට පැහැදිලි සාධක නොමැති වුවත් පැවතෙන ශාස්‌ත්‍රීය තොරතුරු අනුව පුලස්‌ති මහා සෘෂීන් විසින් සකස් කරන ලද "රාවණ කේන්ද්‍රය" අප සතුය. ඒ අනුව කලියුග වර්ෂයට වර්ෂ අටදාහකට එපිටින්. රාවණ උපත සිදුව තිබේ. එනම් දැනට වසර දහතුන් දහසකට එපිටිනි රාවණට, කුම්භ කර්ණ, වෛශ්‍රවණ සහෝදරයෝ දෙදෙනෙකි. සහෝදරියකි. මෙසේ පුලස්‌ති මහා සෘෂීහු රාවණාගේ මුත්තණුවන් නම් පුලස්‌ති මහා සෘෂිහුගේ කාලය ඉන් පෙර විය යුතුය. ඒ ද්වාපර යුගයෙහිය. අද අප වෙසෙනුයේ කලි යුගයෙහිය. ද්වාපර යුගයේ ආයුෂය මහත්ය. මේ සියලු තොරතුරු විමර්ශණය පිණිසය. අපට ලැබී තිබෙන ගුප්තමය තොරතුරු අනුව පුලස්‌ති මහා සෘෂිහුගේ කාලය මෙයට වසර පණස් හත් දහසකට එපිටය.
ලොව පැවති ප්‍රථම ජෝතිෂ - ආයුර්වේද සංගායනය එකී පුලස්‌ති මහා සෘෂීහුගේ කාලය තුළ සිදුව ඇති බවත් අප මහ සෘෂීහු ඊට සරිලන මහ මැදුරක් එනම් "සීගිරිය" සකසන ලද බවක් ධන්වන්තරී මහා සෘෂීහුද ඊට ආරාධනය කළ බවක් සම්භාවනීය පත පොතෙහි ඇතුළත්ය.
කාශ්‍යප විසින් කරන ලද්දේ සීගිරිය ප්‍රතිසංස්‌කරණයක් පමණි.
පුලස්‌ති මහා සෘෂින් විසින් සතරවන වේද ග්‍රන්ථය සකස් කරන ලද බව නොදැනදොa ජෝතිෂය ඇතුළු ශාස්‌ත්‍ර ක්‍රම අපේ නොවේයෑයි - ඒවා ඉන්දියාවෙන් මෙහි ආවෝයෑයි ප්‍රකාශ කරන්නේ කලු සුද්දන්ය. පර ගැතියන්ය. පුලතිසි මහා සෘෂීන් මේ ලක්‌දිවෙහි වාසය කළ බව විශ්වාස කරන්නේ නම් ජෝතිෂය ඇතුලු සියලු ශිල්ප ශාස්‌ත්‍ර ක්‍රම මේ දිවයිනෙහි ම ජනිත වූ බව පිළිගැනීමට ඔවුනට සිදුවේ. ඒ ඒවා වේදාංග වන බැවිනි. වේදය එනම් සතරවන අථර්වන් වේදය පුලතිසි මහා සෘෂිහුගේ නිපැයුමක් බව මුළු ලොවම පිළිගන්නා බැවිනි.
පුලතිසි මහා සෘෂීහු හිරණජ කෂිපු මහා සෘෂි පරපුරෙහි වූවෙකි. හිරණප කෂිපු නම් ලොව ප්‍රථම සෘෂිහුය. හේ සිංහලයෙකි. "හිරණප කෂිපු වක්‍ෂසස්‌ථල විධාරණාය" වශයෙන් ලෝ ප්‍රකට මන්ත්‍ර රත්නයම ඊට සාCෂ්‍ය වෙයි. නොයෙකුත් සම්භාවනීය ඡ්‍යොතිෂය ග්‍රන්ථද ඊට සාCෂ්‍ය වෙයි. ඒ කෘතයුගාරම්භයෙන් වර්ෂ පන්ලක්‍ෂ හැත්තැහයදාහකට පසුවය. ඡ්‍යොතිෂයයෙහි ආරම්භයක් නැතැයි මුසා දොඩන්නන් හට මෙම තොරතුරු ඵලදායී වනු ඇත. පුලස්‌ති මහා සෘෂීහු කළ මේ දිවයින රාජශ්‍රීයෙන් බැබැළෙන්නට ඇත. ස්‌වයංපෝෂිත, සෞභාග්‍යමත් රටක් වූවාට සැකයක් නැත. කෙසේ වුවත් මේ අසිරිමත් රට මෙන්ම අසිරිමත් දො සතරදá තාරකා ශාස්‌ත්‍රයද රාවණ කළ විනාශ වන බව පුලතිසි මහ ඉසි නොදැන සිටියා නොවේ.
ලංකාධිශ රාවණ
රාවණයනු විශ්‍රවස් ගේ පුතණුවන් වේ. විශ්‍රවස් පුලතිසිහුගේ පුතණුය. ශ්‍රී ලංකාධිශ රාවණ ගැන දත් නොදත් කතා බොහොමය. ඔහුට හිස් දහයක් තිබුණේ යෑයි කියමින් විසුළු රුවක් මැවීමටද උත්සය ගෙන තිබේ. හිස් දහයෙන් අර්ථවත් වන බොහෝ දේ ඇත. ඔහු රාජ්‍යයන් දහයක් පාලනය කළ බවය. දස විධ ශක්‌තීන්ගෙන් පතළ බවය.
රාවණට පුතකු සහ දියණියකි. ඒ මේඝනාද සහ සීතාවය. රාවණයන් පුලතිසි මග යමින් අතිශය ධාර්මික දිවි පෙවතක් ගත කරමින් ශාස්‌ත්‍රයෙහිද කෙළ පැමිණියෙකි. ඔහු පුත් මේඝ නාදයන්ද එසේමය. රාම-රාවණ හටනෙහිදී අහසෙයි සිට විදුලි සැර එවීමට තරම් ඔහු දක්‍ෂ විය. ඒ සඳහා ඔහු භාවිත කළේ හෙළ උමා ඡ්‍යොතිෂයයෙහි එන ඉන්දු ගුරුළුව යන ශාස්‌ත්‍රයයි. එය භාවිත කළ නිසා ඉන් ජයගත් නිසා ඉන්ද්‍රජිත් නමින්ද ඔහුව හඳුන්වනු ලැබේ. එහෙත් "ඉන්ද්‍ර" නම් දේවතා පරාජය කොට ජය ගත් හෙයින් "ඉන්දුජිත්" යන නමින් ඔහු හැඳින්වීම සාධාරණය.
රාවණ අධිරාජයා විසින් ලියා ඇති ග්‍රන්ථ සමූහයෙකි. ඔහු ඒවා ලීවේ පෑනෙන්ද, ගල් වලදැයි ඇසීමට කෙනෙකු මෝඩ නොවේ යෑයි සිතමි. "අප්විද්‍යාව" නම් ගතෙකි. ඒ ජලය පිළිබඳව ලියා තිබෙන්නෙකි. මෙරු තන්ත්‍රය ග්‍රන්ථය යන්ත්‍ර-මන්ත්‍ර-ඖෂධ-අධිමානසික විද්‍යාව එනම් කුණ්‌ඩලිනි ශක්‌තිය අවධි කරගන්නා ක්‍රම ගැන පිළිබඳව ලියෑවුනෙකි. "සිව ගුරුලුව" යන ගත ජ්‍යෙතිෂයෙහි රහස් හෙළිකරන්නෙකි. එය රාවණ විසින් සකසන ලද බව එහිම කියෑවෙයි "හෝරාවග" හෙවත් හෝරාව පිළිබඳ "සප්ත කණ" සිය ප්‍රියාව වන මඤෙදරියට රාවණ විසින් හෙළිකළ රහස් සමූහයකි. මේ ජ්‍යෙතිෂය යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව පිළිබඳවය. වෙදකම සම්බන්ධයෙන් රාවණ කළ ග්‍රන්ථ රාසියෙකි. රස රත්නය, අකී ප්‍රකාශය, ඒ අතර ප්‍රධානය. එසේම උමා ගුරුලුව, වාස්‌තුවග, වාග්නි භූ ජලෞනභඃ ආදී දුලීම දැනුම් සම්භාරයක් දැනටත් මුඛ පරපුරෙන් පරපුරට පැමිණ තිබේ. එතෙරින් පැමිණෙන දැනුම සමග ගත් කළ මේ මහා මේරුව මෙන්ය. මේ රාවණගේ ග්‍රන්ථ පිළිබඳවය.
රාවන ශිල්ප ශාස්‌ත්‍ර
රාවණ කළ අයනු දෙකකි. එකක් අඝෝෂය එය - රූපයෙන් පෙන්වා ඇත. ඝෝෂ අයන්න - රූපය වේ. "කරයි" යන පදයෙහි එන "ක" යන්නෙහි "අ" ස්‌වරයක් "අතු" යන්නෙහි "අ" ස්‌වරයත් විමසන්න. මෙසේ රාවණ අක්‍ෂර මාලාවකි. එසේම අරාබියෙන් අපට ඉලක්‌කම් පැමිණියේ යෑයි කියන මහා මොළකරුවන් පුරාණ සිංහල අංකන ක්‍රමය අසා නැතිවාට සැකයක් නැත. එහි සංකේතය එක වෙනුවටය වේ දෙකය. ඉලක්‌කම් යන පදය ඉල්කකම් යන පදයෙන් නිමැවී තිබේ. ඒ හෙළකම් එනම්. සිව් හෙළයන්ගේ ක්‍රියා යන අරුතෙන් වේ. මේ සියල්ලෙහි ගෞරවය දස දෙස පතළ ලංකාධීශ රාවණයන්ට හිමි විය යුතුය.
අහසින් යා මේ ශාස්‌ත්‍රය, ගල මඩකොට ඊපිට අකුරු ලිවීමේ ක්‍රම, (අකුරු කෙටීම නොවේ) රස විද්‍යාව, ආදී බොහෝ ක්‍රම, සහ විධි රාවණ කළ මෙහි කුඹු බවට සාCෂ්‍ය වේ. එහෙත් ඉන් ශේෂව පවත්නා දැනුමවත් රැක ගැනීම සඳහා විශේෂ වූ වැඩපිළිවෙලක් මෙරට තිබේදැයි යන්න ගැටලුවකි.
මෙසේ අනන්ත - අපරිමාන හැකියාවන් සහිත වූ දසදෙස පතළ කීර්තිය ඇති රාවණයන්ගේ ශාස්‌ත්‍රය අප අද රැකගෙන සිටිනුයේ පළමු විජයබාහු රජුට පින්සිදුවන්නටය.
පළමු විජයබාහු
මහා විජයබාහු ගැන අප අසා ඇත්තෙමු. රට එක්‌සේසත් කළ මහා වීරයන් අතරට ඔහු ශ්‍රේෂ්ඨයකු වේ. මහා විජයබාහු පෙර කිරි බණ්‌ඩා නම් විය. ඒ සුරතල් නාමයයි. කිත් බණ්‌ඩාර ඔහුගේ සැබෑ නම විය. නුවර ඉපිද දකුණෙහි සිට සටන් මෙහෙයවා පොළොන්නරුව රාජධානි කොට රට ස්‌වයං පෝෂිත කළ මහා නායකයෙකි ඔහු.
ඔහුගේ වික්‍රමයන් ගැන විස්‌තර ඉතිහාස ග්‍රන්ථවල අවශ්‍ය තරම් වේ. මෙහි කියන්නට උත්සහ ගනුයේ ඔහුද වේදය - ඡ්‍යොතිෂය - ගුප්ත විද්‍යා විෂය ක්‍ෂේත්‍රය ජයගත් කෙනෙකු බවයි. රාවනාගෙන් පසුව එම හෙළ උමා ඡ්‍යොතිෂය - හෙළ යතුරු මතුරු විධි එනම් යන්ත්‍ර මන්ත්‍ර ආදිය මැනැවින් අධ්‍යයනය කොට ඵල නෙලා ඇත්තේ ඔහුය. ඒ රාවණා පරපුරෙහි කෙනෙකු වීමට තරම් ඔහු භාග්‍යමත් වීමය.
උපුටා ගැනීම - http://www.divaina.com/2010/08/01/siya15.html
රාවණ තරු සිරි අසිරිය 02රාවණ තරු සිරි අසිරිය 03
No Response to "රාවණ තරු සිරි අසිරිය 01"
Post a Comment
අදහස් සහ උදහස්