-->

Tuesday, July 20, 2010

හෙල බසෙන් ලෝකයට

0

ඇනකොන්ඩා කියන ලෝකයේ ලොකුම උරගයාගේ නම ලෝකයට ගිහින් තිබෙන්නේ හෙනකඳයා යන සිංහල වචනයෙන් කියනවනේ. හෙනකඳයා කියන්නෙ ලංකාවේ ජීවත්වන කුඩා සර්පයෙකුටලු. මන් මේ කියන්න යන්නේ ඒ පිළිබදව නොව හෙලදිවෙන් ලෝකයේ රටවලට ගියා යැයි සැලකෙන වචන කිහිපයකි.

සිංහල භාෂාව පාලි, සංස්කෘත, දෙමළ, ඉංග්‍රීසි… ආදී වූ භාෂා කිහිපයකින් සෑදුන බවට මතයක් ඉංග්‍රීසි පඬිවරුන් හා ඇතැම් භික්‍ෂූන්වහන්සේලා විසින් පිළිගෙන රටට ඉදිරිපත් කර තිබුනි. 1924 දී කුමාරතුංග මුනිදාස පඬිවරයා විසින් වර්තමාන සිංහල භාෂාවට පාදක වී ඇත්තේ හෙල බසෙන් බව සාක්‍ෂි සහිතව ඔප්පුකරන ලදී. මෙහි හෙල බස යනු සිංහල භාෂාවේ මුල් භාෂාව මිස දෙකම එකක් නෙවන බව සැලකිය යුතුය. නමුත් ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් ඊට ඉඩක් නොලැබුන අතර හෙල හවුල ලෙස සංවිධානයක් කුමාරතුංග මුනිදාසයන් ආරම්බ කලහ. සිංහලයාගේ මහාස්‍යයට ලක්වුන එම සංවිධානය, ඇතිවූ බාදා නිසාම 1955 වන විටදී පිරිහී ගියේය. පිරිහුන හෙල හවුල වෙල්ලාල ජයමහ සූරීන් හා අරිසෙන් අහුබුදු සූරීන් ඉදිරියට ගෙන ගියහ.

ලෝකයේ මිනිසුන් ව්‍යාප්ත වීම පිළිබදව මත කිහිපයකි. එය හෙල දිවයිනෙන් ව්‍යාප්ත වූ බවට ප‍්‍රබල මතයකි. හෙල දිව යනූ වර්තමානයේ ලංකාවම නොව එය මූලස්ථානයක් වූ ඔස්ට්‍රේලියාව තරම් විශාල වන්නට ඇතැයි සැලකෙන, ඉන්දියාව හා යාවුන බිමකි. හෙල හා දඹය යන්න කන්දට සමාන පදයන්ය. තැනින් තැන නැගුන කඳු වැඩිමනක් ඇත්තේ ලංකාවේය. හෙල දිව හා දඹදිව යන සමාන පද භාවිත කර ඇත්තේ එකම රටකට බව ඔප්පුවේ. මහාචාර්‍ය ඬේවිඞ් ෆෝලි විසින්ද මෙලෙස තවත් රටවල්, ගංඟා, නගර වල නම් හෙල බසින් අභාශය ලද බවට සාක්‍ෂි ඉදිරිපත් කරන ලදී.

හෙල හවුලේ පණ්ඩිතයන් හා විදේශ ඉතිහාසඥයන් විසින් මෙසේ ඉදිරිපත් කර ඇති වචන කිහිපයක් මෙසේය. මේවායේ අර්ථය, සන්ධි විසන්දි, අක්‍ෂරවින්‍යාස වල නොගැලපීම් තිබීමටපුළුවන. නමුත් ඒවා ශබ්ද කරන ආකාරය අනුව තරමක් සිතා බලන්න.

කා+අපිරි (පිරිනැතිහිස) – අපිරිකා – අප්‍රිකා 1*
නි+ගර (ගෙයක්නැති) – නිග්‍රෝ
පිරි+මිදිය(පූර්ණ මිදීම) – පිරිමිදි – පිරමීඩ
සිංහපුර – සිංගපෝර් (දෙමළ) – සිංගප්පූරුව
නිල්නදිය – නීල් නාහර් (අරාබිබසින්) – නයිල්නදිය (ඉංග්‍රීසිබසින්)
කසුබු – කාශ්‍යප – කාශපියන් – කැසිපියන් (මුහුද) 2*
රමණිය – රාමාණියා – රොමානියා 3*
දැනුබ් ගඟ – ඩිනියුබ් ගඟ 3*
දනව+මාර්ග – ඩෙන්මාර්ක්
අසුර – අස්සූර් 4*
අසුරයන් -ඇසිරියන් 5*
මැද+දෙරණ – මෙඩිටේරියන්
මැද+ගස්+කරය – මැඩගස්කරය
ඇත ඇත – ඇතැන්ස් 6*
පත්තිනි – ඇතීනා – ඇතැන්ස් 6*
හෙලිගො ලෑන්ඞ්, හෙලිගෝ ලෑන්ඞ් බොක්ක 7*
මායා ඉන්කා ශිෂ්ඨාචාරය 8*

1 – නීග්‍රෝ මිනිසුන් සිටි නිසා
2 – හිරණ්‍ය කසුබු ලෙස කි.පූ 26057 දී හෙලදිව රජ කල ප‍්‍රබල රජ කෙනෙකි.
3 – මහාරාවනා රජුගේ බිසව මන්දෝදරී දේවියගේ සොයුරු ‘දැනුබ් කුමරා’ දකුණු යුරෝපයට ගොස් ‘දැනුබ් ගඟ’ ආශ්‍රිතව ‘රමණිය’ යන නගරය පිහිටවන ලදී.
4 – යුප‍්‍රටීස් – ටයිග්‍රීස් ගංඟා ආශ්‍රිත නගරයකි.
5 – යුප‍්‍රටීස් – ටයිග්‍රීස් ගංඟා ආශ්‍රිත වාසය කල ගෝත‍්‍රයක්ය.

6 – අතීතයේ හෙලදිව වැසියන් අසුරයන්විය. සුරා බොන්නන් සුරයන් විය. සුරයන් සමග වෛරයෙන් පසුවූ දේවයානී නොහොත් පත්තිනි දේවිය තම පුතුන් තිදෙනාට ශිල්ප උගන්වා ප‍්‍රහාරක ගුවන්යානා සාදවා ඉන්දියාව, අෆ්ගනිස්ථානය, ඉරානය. තුර්කිය, හරහා ග්‍රීසිය දක්වාද පහර දුන්නහ. අවසානයක් නොපෙනන බැවින් සක‍්‍රයා විසින් ඇත ඇත යන්න ඇතැන්ස් වූබව හින්දුන්ගේ මතයයි. නමුත් රෝමය සෑදුවේ ඇතීනා දෙවගන බව ග්‍රීසිය අතීතය පවසයි. ඇතීනා යන නමත් පත්තිනි යන්නත් ආසන්න වශයෙන් එකම උච්චාරනයක් ලබාදේ.

7 – ඩෙන්මාර්කයට උතුරින් ඇති දූපතක් හා බොක්කකි. හෙලිගෝ යන වචනයක් ඩෙන්මාර්ක බාසාවේ නොමැත.

8 – මායා අසුර නොහොත් විශ්වකර්ම දේවයා විසින් පාතාලයේ මායා අසුර අධ්රාජ්‍ය බිහි කරන ලදී.

මීට අමතරව අම්මාට බොහෝ රටවල අම්මා, මව යන වචන වල උච්චාරන වලට සමාන වචන පරිහරනය කරයි. විමසිල්ලෙන් බැලූව හොත් තවත් වචන ඕනෑ තරම් ඔබට සොයා ගත හැක. අභ්‍යාවකාශයට පිටසක්වල ජීවීන් සෙවීමට යවන ලද ඇතැම් යානා වල සිංහල හඬ පටි යවන ලද බවට දුසුමාන ආරංචි ඇත. අතීතයේ අසුරයන් පිටසක්වලද පාලනය කල බවට දේවකතා වල සදහන් වීම මෙවාට හේතු වන්නට ඇත. හෙල බසෙන් පාලි, සංස්කෘත, බ්‍රහ්මන, දෙමළ, හින්දි… ආදී භාෂා ගණනාවක් බිහිවී ඇත.

උපුටා ගැනීම

No Response to "හෙල බසෙන් ලෝකයට"

Post a Comment

අදහස් සහ උදහස්