-->

Wednesday, July 14, 2010

කූරගල

0
ලක්දිව රත්නපුර, බලංගොඩ ප්‍රදේශයේ පිහිටි කූරගල කියන්නෙ ලක්වැසි බෞද්ධයන්ට ඉතාමත් වැදගත් තැනක්. ඉතිහාසයේ විවිධ අවස්ථාවන් වලදී කූරගල ගැන අහන්න ලැබෙනවා. විටෙක එය රාවන රජ්ජුරුවන්ගේ ඉන්ද්‍රගිරි පර්වතය ලෙස හැඳින්වෙනවා. වළගම්බා රජ සමයේ රාජ්‍ය පැහැරගත් ආක්‍රමණිකයන්ට විරුද්ධව වළගම්බා රජු කලක් කූරගලදී සේනා රැස් කළේලු. වසර දහස් ගණනක් ඈත අතීතයේ අසුර නායකයන් විසූ අසුර රාජධානියක් කූරගල විය. එමෙන්ම ගෞතම බුදුන් වැඩි දිවාගුහාවද මෙම කූරගල යැයි ඇතැමෙක් පවසති. එහෙත් වර්තමානයේ මෙම පුදබිම මුස්ලිම් ලබ්ධිකයන් විසින් ආක්‍රමණය කර ඇති අයුරු ඉතාම කණගාටුදයකය. (අද වන විට එය නිදහස් කර ගැනීමට කටයුතු කර ඇත.)

ජන ප්‍රවාදයේ එන පරිදි රාවනා රජු හට කදු ශිඛරයන්හි ගොඩනගන ලද ගිරි රාජ්‍යය 7 ක් තිබුනේ යැයි විශ්වාසයක් පවතී. එම රාජ්‍ය අතරම වර්ථමාන කූරගල ද අයත් ව පැවති බව කියවේ. එය නමින් “ඉන්ද්‍රාගිරි රාජ්‍ය” ලෙසින් ප්‍රචලිතය

රාවනා රජු ඉන්දියාවේ සීතා කුමාරිය පැහැරගෙන ඒමත් ඇය සොයාගෙන රාමකුමරු ලක්ෂ්මන් හා හනුමන්තා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බවත් වාල්මිකීගේ රාමායනයේ එන අපූරු කතා වස්තුවකි. මෙම රාම රාවනා යුද්ධයේදී රාවනාගේ අධර්මිෂ්ඨ කුරිරු පාලනය නොරිස්සූ ඔහුගේ මලනුවන් වූ විශීෂන රාමට උදව් කළ බව රාමායනයේ එයි. රාම විසින් රාවනා පරාජය කොට සීතාත් සමඟ යිලි ඉන්දිය‍ාවට යන විට වර්ථමාන කූරගල හෙවත් එවකට ඉන්ද්‍රාගිරි රාජ්‍යය තමන්ට ලබාදුන් උපකාරයන්ට කෘත ගුණ සැලකීමක් වශයෙන් විභීෂනට ප්‍රදානය කළ බවත් සඳහන් වේ. දිවයිනේ දසත විසිරී ඇති ගල්ලෙන් පිහිටි භූමි හා සම්බන්ධව වලගම්බා රජුගේ නාමය ප්‍රචලිතය. කූරගල කන්දේද වලගම්බා රජු සැග වි සිට සේනා සංවිධානය කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

මේ කෙසේ වෙතත් කූරගල ඈත අතීතයෙට උරුම කම් කියන බව නම් සක්සුදක් සේ විශ්වාසය. මෙම ඓතිහාසික වැදගත්කම හේතුවෙන් කූරගල වර්ථමානයේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසින් ප්‍රකාශයට පත්කර ඇත. මෙම ස්ථානයට කූරගල යන නාමය පටබැදීමද කුහර සිහිත උමං ගුහාව ‍ෙහ්තු වී ඇත. මෙහි අදුරු ගල් ගුහාව ‍ෙකළවර බාහිරට විවර වන කුහරයකි. මෙම කුහරය හේතුවෙන් මෙම ස්ථානයට “කුහරගල” ලෙසින් ගැමියන් අතර ව්‍යවහරිකව පැවත ඇත. මෙම නාමය පසුව කූරගල වූවේ යයිද විශ්වාස කරති. මෙම කූරගල පිහිටි භූමියේ නටඹුන් වි ගිය අඩි 10 ක් පමණ උසින් යුත් ගඩොලින් නිමවා ඇති චෛත්‍ය මෙන්ම එම ස්ථානයට වයඹ දෙසින් පිහිටි ගිරි හිසක් මතදී නටඹුන් වූ ‍ෙඑතිහාසික නස්ඨාව‍ශේෂ දැකබලාගත හැකිය.


උපුටා ගැනීම
http://sinhalaravaya.com
http://www.ecopalace.lk/artical/kuragala/kuragalass.html
https://dutugemunu.wordpress.com

No Response to "කූරගල"

Post a Comment

අදහස් සහ උදහස්