-->

Tuesday, July 13, 2010

රාවණා යනු කවුද?

0

ශ්‍රී ලංකාව ආර්යයන් ජනාවාසකරණය වීමට පෙර අප රටේ ජනයා ජීවත් වූ බවට සාධක නොමැතිද? නැත. ඕනෑවටත් වඩා මෙරට ජනයා ජීවත් වූ බවට සාධක පුරාවිද්‍යාත්මක මෙන්ම සාහිත්‍යමය සාධකයන්ගෙන්ද සනාථ කර ගත හැකිය. ඉබ්බන් කටුව මෙ
න්ම පොම්පරිප්පු වැනි ස්‌ථානවලින් අප රටේ මැටි කර්මාන්ත තාක්‍ෂණය තිබූ බවට සාධක හමු නොවන්නේද? ලෙණගල, යටහලෙණ, පාහියන්ගල, බටදොඹලෙණ, දකුණේ මිනිහා ගල්කන්ද ආදී ස්‌ථානවල ගල්ලෙන් ආශ්‍රිතව හමුවන පුරාවිද්‍යා සාධක මෙරට ප්‍රාග් ඓතිහාසික ජනයා ජීවත් වූ බවට සාධක සපයයි. මහා වංසය , රාජාවලිය වැනි කෘතීන්හි සඳහන් වන කුවේණි කතා පුවත ද මෙරට ආර්යයන් පැමිණීමට පෙර ජනයා ජීවත් වූ බවට සාධක සපයයි.

බුදුන් සත් සතිය ගත කරන අවධියේදී තපස්‌සු භල්ලු
ක වෙළෙඳ දෙබෑයන් බුදුන්ට විළඳ හා මී පිඬු දන්දී ලබාගත් කේශධාතු මිටක්‌ රැගෙන මෙරටට පැමිණ ගිරිහඬු සෑය ඉදිකරන ලද බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. නමුත් අද අපට මේ ගිරිහඬසෑය හමුවන්නේ නැත. රමණීය ප්‍රදේශයක ඉදිව ඇති තිරිභය වටදාගෙය ආශ්‍රිතව නටබුන් මේ පැරැණි ගිරිහඩු සෑය ඉදිව තිබෙන්නට ඇතැයි සිතිය හැකි ප්‍රදේශයයි මතයක්‌ ඇත.

බෞද්ධ සාහිත්‍යයට අයත් වන වලාහස්‌ස ජාතකය,
ඉන්දීය සංස්‌කෘත ග්‍රන්ථයක්‌ වන දිව්‍යාවදානය, හියුන්සාං හිමියන්ගේ භ්‍රමණ වෘත්තාන්තය, පාහියන් හිමියගේ සීsයෑකි වාර්තාව අප රට තුළ ප්‍රාග් ඓතිහාසික ජනාවාස තිබූ බවට සාධක සපයන සාහිත්‍ය මූලාශ්‍රයන්ය. ඉන්දියාවේ රචිත රාමායනය මෙන්ම මහා භාරතය ද අප රට පිළිබඳ තොරතුරු ලබා දෙන මූලාශ්‍රයන්ය. අප රට පිළිබඳ ඈත අතීතයේදී රචනා වූ මේවා බහුතරයක්‌ විදේශ මූලාශ්‍රයන්ය. මේ අතීතයේ පොතපතය. වර්තමානයේදී ලෝකය පිළිබඳ විවිධ රටවල උගතුන් පර්යේෂණ කොට තිබේ.

ඇමරිකාවේ නාසා ආයතනය රාම සේතුව පිළිබඳ පර්යේෂණ කර ඇති අතර ඔවුන් පවසන්නේ ලංකාව හා ඉන්දියාව අතර පැරැණි පාලමක්‌ තිබූ බවය. මෙතෙක්‌ හඳුනාගෙන ඇති මිනිසා විසින් තනන ලද පුරාණතම පාලම් මාර්ගය බව නාසා ආයතනයේ විශ්වාසයයි. මෙය අනාගතයේදී වෙනස්‌ වීමට ඉඩ තිබුණත් දැනට පිළිගන්නා සත්‍යය එයයි
. එසේ නම් ඉතිහාසය තුළ එවන් දස්‌කම් නොතිබෙන්නට නොහැකිද? මෙවන් තර්කයක්‌ මතු කරන්නේ නම් මෙරට ආර්යයන්ට පෙර ශිෂ්ටාචාරයක්‌ නොතිබෙන්නට ඇත්ද?

ආර්යයන්ගේ ප්‍රධාන සාහිත්‍යයක්‌ ලෙස රාමායනය හා මහා භාරතය
හඳුන්වාදීමට පුළුවන. රාමායනය රචනා කර ඇත්තේ ක්‍රි. පූ. 04-02 අතර කාලයේ ජීවත් වූවා යෑයි සැලකෙන වාල්මිකීය. නමුත් රාමායනය අවසන් වරට සකස්‌ වී ඇත්තේ ක්‍රි. ව. 5 සියවසේ ගුප්ත යුගයේදීය. ඒ දක්‌වා රාමායණයට විවිධ කතා එකතු වූ බව පෙනේ. රාමායනය තුළ විස්‌තර වන්නේ එක්‌ කතාවක්‌ පමණක්‌ නොවේ. එහි කතාන්තර කීපයක්‌ විස්‌තර කරයි. අයෝද්‍යා නමින් හැඳින් වූ උතුරු ඉන්දීය අගනුවරක්‌ තුළ සිදු වූ රාජකීය කුමන්ත්‍රණයක්‌ පිළිබඳ මෙහි විස්‌තර ඇත. කෝසල රාජ්‍ය පිළිබඳව ද රාමායනයේ විස්‌තර ඇත. සීතා කුමරිය රාවණා රජු විසින් පැහැරගෙන යැම පිළිබඳව ද මෙහි විස්‌තර ඇතුළත්ය. මේ ප්‍රධාන කතා පුවත් දෙකේ එකතුවක්‌ ලෙස රාමායණය හඳුන්වා දීමට පුළුවන. අයෝධ්‍යාව මෙන්ම කෝසලය ද ඉන්දියාවේ ප්‍රදේශ නිසා රාමායණයේ ඇත්තේ ආර්යයන්ගේ ඉන්දියාවේ පිටත තොරතුරු නොවේ.


මහාභාරතය රචනා කර ඇත්තේ වේද ව්‍යාස නමැති පඬිවරයෙකි. මේ කෘතියද ක්‍රි. පූ. 4 සියවසේදී පමණ රචනා වීම ආරම්භ වන්නට ඇතැයි සිංහ හා බැනර්ජි ඉතිහාසකරුවන් ඉන්දීය ඉතිහාසය ෂ කාණ්‌ඩයේ සඳහන් කරයි. රාමායනය මෙන්ම මහා භා
රතයද අවසන් වරට සකස්‌ වී ඇත්තේ ක්‍රි. ව. 5 සියවස්‌ පමණ ගුප්ත යුගයේදීය. මහා භාරතයේ ප්‍රධාන කතාව කුරු හා පාණ්‌ඩව වංශිකයන් තුරු ක්‍ෂේත්‍රය නමැති බිමට අරගල කිරීමයි. ඉන්දීය ඉතිහාසඥයන් බහුතරයක්‌ දෙනා රාමායණයේ එන කතා සාරය සත්‍ය විය හැකි යෑයි විශ්වාස කරයි. එසේ නම් රාමායණය දකුණු ඉන්දියාවේ ආර්ය ජනපද පිහිටුවීම පිළිබඳ තොරතුරු නොවන්නේද? එසේ නම් රාමායණයේ එන තොරතුරු පෙරදිග පඬියන් මෙන්ම අපරදිග පඬියන් ද දැන් පිළිගන්නා සත්‍ය නොවන්නේද?

මේ කෘති දෙකේම එන චරිත විෂ්ණුගේ අවතාරයන් ලෙසද සලකණු ලැබේ. රාමායණයේ එන රාම මෙන්ම මහා භාරතයේ එන ශ්‍රී ක්‍රිෂ්ණාද විෂ්ණුගේ දස අවතාරයන් අතරට වැටේ.

ලලීන්දා සන්නස්‌ගම මහතා සඳහන් කරන්නේ රාමා
යණය වාල්මිකිගේ ආර්යයන්ගේ මුල් බිම පිළිබඳ ප්‍රපංචයක්‌ බවයි. නමුත් මට හැඟෙන්නේ නම් රාමායණය මෙන්ම මහා භාරතය ද පැරැණි ඉන්දියාවට අදාළ සිදුවීම් පෙළ ගස්‌වන මූලාශ්‍රයන් බවයි. අයෝධ්‍යාව, හස්‌තිනාපුරය, ඉන්ද්‍රප්‍රස්‌තය, කුරු ක්‍ෂේත්‍රය, මෙන්ම ලංකා රාජ්‍යයද පෙරදිග තිබූ දෙය අප පෙරදිග සංස්‌කෘතිය, දැනුම, බුද්ධිය පිළිගැනීමට අකැමැති ඇයිද යන්න ගැටලුවකි. ඉතිහාසකරුවන් බොහෝ ප්‍රමාණයක්‌ තම වාර්තාකරණයට ඇතුළත් කර ඇත්තේ ඔවුන් ඇසූදේය. දුටු දේ ඉතාමත් අල්පය. ඔබ ගෙනා තර්කය සාධාරණ නම් රාමායණය පමණක්‌ නොව ලංකාවේ මහා වංශයද පිළිගැනීම තරමක්‌ අපහසුය. ලංකාවේ දුටුගැමුණු පිළිබඳ මහානාම හිමි තොරතුරු වාර්තා කරන්නේ ඔහු මරණයට පත්ව වසර 700 ක්‌ පමණ කාලයක්‌ ගිය විටය. එවිට බොහෝ දේ වෙනස්‌ විය හැකිය.

නමුත් අප ඒ සත්‍ය පිළිගනී. එහෙත් රාමායණයේ සඳහන් වන්
නා වූ රාවණාගේ ලංකාපුරය පිළිගැනීමට අප මැළි වන්නේ ඇයි. එයට හේතුව ඓතිහාසික සාධක නොමැති නිසාද? නිකලෝ මකියාවෙලි, රචනා කරන කුමාරයා ග්‍රන්ථයේ කියෑවෙන මත්ස්‍ය න්‍යාය ඉන්දියාවේ ක්‍රියාත්මක වූයේ ක්‍රි. පූ. 06 වන සියවසේදීය. එසේ නම් අප යුරෝපීයන්ට පෙර දේශපාලන වශයෙන් ශක්‌තිමක්‌ නොවූවෝද? කුමාරයා ග්‍රන්ථය කෞටිල්‍යයේ අර්ථ ශාස්‌ත්‍රයේ පිටපතක්‌ විය හැකි බවටද ඉතිහාසඥයන් සැක පහළ කරයි. එය සත්‍යනම් යුරෝපයට දේශපාලන න්‍යාය ලබාදුන්නේද පෙරදිගිනි. සුද්දා වැද්දා වී කැලෑ ගතව සිටිsයදී අප සීගිරිය වැනි ලොව පුදුම කරන නිර්මාණයන් ඉදිකළහ. නමුත් අප එය අගය කරන්නේද? බුදු දහම, ජෛනදහම, හින්දු ආගම, කොන්පියුසස්‌ දහම මෙන්ම කතෝලික දහමද බිහි වන්නේ ආසියාකරය තුළය.

ඉන්දු නිම්න මෙන්ම හොවැංහෝ ශිෂ්ටාචාරය ද පෙරදිග සභ්‍ය
ත්වයන්ය. මේසපෝතේමියාව ආසියාවට නෑකම් කියන සභ්‍යත්වයන්ය. ආසියාව යුරෝපය අභිබවමින් ඉස්‌මතු වූයේ අදින් වසර දහස්‌ ගණනකට පෙර පටන්ය. නමුත් යුරෝපීයන් ආසියාතිකයන්ගේ තිබූ දුර්වලතාවන් ප්‍රයෝජනයට ගෙන ඔවුන් යටපත් කොට ඔවුන්ගේ සභ්‍යත්වය විනාශ කොට තම ලක්‍ෂණයන් පෙරදිග තුළ ස්‌ථාපිsත කළහ. වෙඩි බෙහෙත් භාවිතය, වීදුරු භාවිතය, කඩදාසි භාවිතය මෙන්ම මාලිමාව උපකරණ ද ලෝකයට දායාද වූයේ ආසියාතිකයන්ගෙන්ය. මෙවන් විශිෂ්ට දායාදයන් ලොවට දායාද කළ ආසියාවතුළ අප රටේ බිහි වූ චරිතයක්‌ වන්නේ රාවණා රජුය.

නමුත් ඔහු ඓතිහාසික චරිතයක්‌ බව පෙන්වීමට කිසිම සාධකයක්‌ නැත්තේය. ඒ වෙනුවෙන් අප ඉදිරියේ ඇත්තේ මෙරට ජනයා පරම්පරා ගණනාවක්‌ තිස්‌සේ රැගෙන ආ ජන කතාය. මේවාට බොහෝ දේ එකතු වන්නට ඇත. නමුත් මේවායේ හරය තුළ යම් හෝ වැදගත්කමක්‌ ඇත. ආර්යන් තම වේද සාහිත්‍යය රචනා කළේ අවුරුදු දහස්‌ ගණනක්‌ තිස්‌සේ මුඛ පරම්පරාගතව රැකගෙන ඒමෙන් අනතුරුව ක්‍රි. ව. 5 සියවසේදී පමණය. එය එසේ නම් රාවණා
චරිතය හා සම්බන්ධ ප්‍රවාදයන් ද වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ රැකගෙන ආ ඒවා විය යුතුය. ආර්ය සාහිත්‍ය රචනාවී ඇති නිසා නිවැරැදි නම් රචනා නොවූ රාවණා චරිතයද ඓතිහාසික විය යුතුය.

සන්නස්‌ගම මහතා දක්‌වන ආකාරයට මෙරට හෙළ /අසුර ජනතාවක්‌ ජීවත් වී නැත. එමෙන්ම යක්‍ෂ, නාග, දේව රාක්‌ෂ යන ජන වර්ගයන් මෙරට ජීවත් වූ බවට මෙර
ට ශිලා ලේඛන සාධක නැත. එය සත්‍යයකි. නමුත් පාහියන් හිමි මෙරට ජනයා ජනාවාස කිරීමට හෝ අප රටේ ජීවත් වූයේ යක්‍ෂයන් හා මකරුන් බව වාර්තා කරයි. මහා වංසයට අනුව කුවේණියගේ කතාවට පෙර මෙරට යක්‍ෂයන් ජීවත්වූ බවට බුදුන් මහියංගනයට වැඩම කිරීමේ කතාව පෙන්වා දියහැක. උන් වහන්සේ මහියංගනයට වැඩම කළේ යක්‍ෂයන් දමනය කිරීමටය. නමුත් මේ සිදුවීම් දෙකම සනාථ කිරීමට සාධක නැත. දිව්‍යම දානය නම් කෘතියේ මෙන්ම වලාහස්‌ස ජාතකයේද මෙරට රාක්‍ෂයින් ජීවත් වූ බවට තොරතුරු ඉදිරිපත් කරයි. දිව්‍යාදානය, වලාහස්‌ස ජාතකය මෙන්ම චීන වාර්තාකරුවන්ද අප රට හඳුන්වා ඇත්තේ මැණික්‌ දිවයින හෙවත් රත්නදීප නමිනි. මේ සාහිත්‍ය පොත පතට අමතරව මහා වංශයේ ද මෙරට යක්‍ෂ, නාග, දේව ජන කොටස්‌ ජීවත් වූ බවට සාධක පෙන්වයි.

ඔවුන් යටපත් කොට ආර්යයන් සභ්‍යත්වය පිහිටුවූ විට ඔවුන් මෙරට අඩු වැදගත්කමක්‌ තිබූ ජන කොටසක්‌ වන්නට ඇත. ආර්යයන් ඉන්දු නිම්නය යටපත් කොට
තම සභ්‍යත්වය එහි තහවුරු කළා සේම මෙරටට ආ ආර්යයන් ද ලංකාවේ ක්‍රියාත්මක වූ සභ්‍යත්වය යටපත් නොකරන්නට ඇද්ද? ඉන්දු නිම්න වාසීන් ආර්යයන්ට යටත් වුවද අප ආදි ජනයා ඔවුන්ට යටත් නොවූ බව මාගේ හැඟීමයි. මහාවංසය දක්‌වන ආකාරයට කුවේණියගේ දරු දෙදෙනාගෙන් මෙරට වැද්දන් ආරම්භ වී ඇත. මා සිතන්නේ ආර්යයන්ට යටත් නොවූ මෙරට ජනයා වනගත වීම තුළින් වැදි ජනයා බිහිවන්නට ඇති බවයි.
යන නාම ප්‍රකෘතියන් තුළින් පෙනෙන්නේ අදටත් භාවිතා වන හෙළ නම් අතීතයේ පටන්ම භාවිත වූ බවයි. එසේ නම් සන්නස්‌ගම මහතාණෙනි රාවණාද ඓතිහාසික චරිතක්‌ විය යුතුය.

මේ කතා ගොඩනැඟෙන්නේ නිකම්ම නිකං කරුණු නිසාද මේවා තුළ මොනයම් හෝ සත්‍යතාවක්‌ නැතිද, මහාචාර්ය පරණවිතානයන් හෝ වෙනත් උගතෙක්‌ ප්‍රකාශ කළ පමණින් එය නිවැරැදි ඉතිහාසයයි. අපි පිළිගන්නේ නම් එය අප අපටම කරගන්නා විශාල ගරහා ගැනීමකි.

* කීර්තිමත් විද්‍යාඥයෙක්‌ වූ ආතර් සී. ක්‌ලාක්‌ මහතා මෙරට ඉතිහාසය වසර 2000 වඩා අතීතයකට ගමන් කරන බව පැවසීය.

* රත්නපුර ප්‍රදේශයේ කැණීමකින් මතු වූ වසර 3250 ක්‌ පමණ පැරැණි නිවාසය.

* හෝටන්තැන්නෙන් හමුවී ඇති අදින් වසර 10000 කට වඩා ඉතිහාසයක්‌ ඇති තිරිඟු, බාර්ලි දහයියා පොතු.

* මෙරට අතීතයේ ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රිකයන් පිළිබඳ තොරතුරු කියෑවෙන පංචරක්‌ඛාවලිය මිත්‍යා ග්‍රන්ථයක්‌ද?

* බටහිර ඉන්දීය වෙරළේ කැණීම්වලින් මතු කරගත් අදින් වසර 10000 ක්‌ පමණ පැරැණි අගනුවර කුමක්‌ද?

* නාසා ආයතනය පවා අදටත් පිළිගන්නා රාමසේතුව නිර්මාණය කළේ කවුද?

* වාරියපොල, රාවණාඇල්ල, දොළුකන්ද, රූමස්‌සල, සීතාවක, සීතාඑළිය වැනි වචන හා සම්බන්ධ ජනප්‍රවාද සියල්ලම මිත්‍යාවන්ද?

* දිව්‍යවාදානයට අනුව මෙරටට වෙළෙඳුන් පැමිණීමේදී පියාඹන වලාහක අශ්වයන් මාර්ගයෙන් ආවේ නම් රාවණා රජුගේ යෑයි සැලකෙන දඬු මොණරය මිත්‍යාවක්‌ද?

* රාම රජුට රාවණා රජු පාවාදීමට කටයුතු= කළ විභීෂණ දෙවියන් මිත්‍යාවක්‌ද?

* රාවණා රජු විසින් රචනා කරන ලදැයි කියෑවෙන වෛද්‍ය ග්‍රන්ථයන් මිත්‍යා පොත පතද?

* කළ්‍යාණ නම් පඬිවරයා විසින් රචනා කර ඇති රාජතරංගනියට අනුව එරට ඉතිහාසය ආරම්භ වී ඇත්තේ විභීෂණගෙනි. එහි කියෑවෙන විභීෂණ කවුරුන්ද?

* හනුමන්තා විසින් ගිනි තබන ලද ලංකාපුරය ලංකාවද නැතිනම් වෙනත් රටක්‌ ද?

* රාවණගේ තවමත් නොනැඟිට්‌ට සොහොයුරු කුම්භකර්ණ යනු කවරෙක්‌ද, ලංකාවේ ගිනිකොණ දිගින් ගලා බසින කුඹුක්‌කන් නදිය කුම්භකර්ණ වෙනුවෙන් නම් කරන ලද්දක්‌ද?

* සීගිරිය හා රාවණා රජු අතර සම්බන්ධයක්‌ නැතිද? විද්‍යාව අනුව සීගිරියේ ජීවත් වූ ආදිම පුද්aගලයන් රාවණා හා කුවේර බව පිළිගන්නේ නැත්ද?

* රාම - රාවණා යුද්ධයේදී සීගිරිය විනාශයට පත් වූ පසු නැවත එය කාශ්‍යප ගොඩනැඟූ බවට ඇති මතය වැරැදිද?

සීගිරි ගලේ රාවණ දෙවි විල සැදුවා

සීගිරි ගලේ විස්‌කම් සිත්තම් කෙරුවා

සීගිරි රුවෙන් මන්දෝදරි දිස්‌වෙනවා

මෙතුන් පදේ මම නිසි ලෙස විසඳනවා

* ඉහත කවියේ කියෑවෙන මන්දෝදරි බිසව හා රාවණා රජු කවුරුන්ද?

* සීගිරිය ප්‍රදේශයේ ඈත අතීතයේ පටන්ම යක්‍ෂ ගෝත්‍රිකයන් වාසය කළ බවට ඒ. සී. ලෝරි මහතා කරන ප්‍රකාශය වැරැදිද?

* කුවේරගේ වාස භවනය කොල්ල කාගත් රාවණා රජු සීගිරිය තම එක්‌ මධ්‍යස්‌ථානයක්‌ ලෙස භාවිත කිරීම වැරදිද?

* සීගිරිය අවට කරන ලද කැණීම්වලින් සීගිරිය අදින් වසර 5000 කට එහා ඉතිහාසයකට හිමිකම් කියන බව ආචාර්ය ශිරාන් දැරණියගල මහතා කරන ප්‍රකාශ බොරුද?

* ලග්ගල හා ඒ අවට සිදු කර ඇති පර්යේෂණ, ජනකතා ආදියේ කියෑවෙන රාවණා හා සම්බන්ධ කතා පුවත් මිත්‍යාවන්ද, ලග්ගල රාවණා රජුගේ තාරකා මධ්‍යස්‌ථානයක්‌ව පැවැති බවට පිළිගන්නා මතය බොරුවක්‌ද?

* අදටත් සංගීතය තුළ භාවිතා වන රාවණා රාගය, රාවණා වීණාව මොනවාද?

* ඉන්දියානුවන් අදටත් හනුමාන් දේවත්යේලා නගන්නේ ඇයි?

මහාචාර්ය පරණවිතාන මහතා ප්‍රකාශ කර ඇති ආකාරයට රාවණා රජු මිත්‍යාවකි. සන්නස්‌ගම මහතා උත්සාහ දරා ඇත්තේ ද එය එසේ වන බව පැවසීමටය. එසේ නම් ඉහත සඳහන් කරුණු හා ඔබ එකඟ වන්නේ ද? පුද්ගලයකු පැවසූ පරිද්දෙන් එය ඉතිහාසය වන්නේ නැත. සීගිරි චිත්‍ර, සඳකඩ පහණ, මිනිසා හා අශ්ව හිස සම්බන්ධයෙන් විවිධ මත ඇත්තේ ඒ නිසාය. නමුත් ඒ සෑම මතයක්‌ බැහැර කිරීම සාධාරණ නැත. රාවණා රජු සම්බන්ධයෙන් ද කිව යුත්තේ එයමය.


සුජීව දිසානායක

උපුටා ගැනීම -
http://www.divaina.com/2010/09/15/badada02.html

No Response to "රාවණා යනු කවුද?"

Post a Comment

අදහස් සහ උදහස්