යහන්ගල,බැලුම්ගල,ලකෙගල තමා රාවණාගේ ප්‍රධාන බලකොටු තුන
ගල පාමුල දිය සීරා තෝතැන්නකි. මධ්‍යයේ සිට රූරා එන ජලයගල පාමුලදී කුඩා දිය කඳුරු බවට හැරේ. අසීරු කාර්යය වුණේ ලකේගල වටා ගමන් කිරීම යැයි පැවසුවහොත් එය වඩා නිවැරැදිය. සොබාදහමේ තවත් අපූරු නිර්මාණයක් පාමුල අඟුටුමිට්ටන් බවට පත්ව අපි බලා සිටියෙමු.
"ලකේගල තියෙන්නේ බලන්න බලන්න වෙනස්වන කළු ගලක්. ගල දිහා දැන් බලල අඩි දහයක් ඉස්සරහට ගිහින් ආයේ පාරක් බැලුවොත් තිබ්බ හැඩේ නෙවෙයි තියෙන්නේ. එතකොට ලකේගල ආයේ වෙනස් වෙලා. දැන් අපිට පේන මේ ත්‍රිකෝණාකාර හැඩේ නෙවෙයි ගලේ ඇත්ත පිහිටීම. ඇත්ත පිහිටීම බලන්න අපි ගල උඩට නඟින්න ඕනෑ. ඒකට උත්සාහ කරමු. මේ වගේ ස්වාභාවික මායාවක් තමයි ඒ යුගයේදී යුද්ධ උපක්‍රම වුණේ. වටේම තියෙන්නේ මිනිසුන්ට පය ගහන්න බැරි වනාන්තරය. ස්වාභාවික දිය කඳුරු. එක පාරටම මතු වෙලා ආයේ නොපෙනී යන ලොකු ජල පාරවල්. ඒවගේ දේවල් වට කරගෙන දෘශ්‍ය සීමාවේදී සම්පූර්ණයෙන් හැඩේ වෙනස් වෙන කළුගලක්. මේවා ගළපා ගත්තම අපිට සරල විදියට තේරුම් ගන්න පුළුවන් කරුණු ඉතිහාසයේ මුඛ පරම්පරාව එක්ක සැසඳෙනවා. ඒ කියන්නේ රාවණා උත්තමයා ලකේගල එයාගේ වා-රිය පොළක් නැත්නම් ස්වාභාවික බලකොටුවක් විදියට පාවිච්චි කරල තියෙනවා. යහන්ගල, බැලුම්ගල, ලකේගල මේ පර්වත 3 තමයි රාවණාගේ ප්‍රධාන ක¼දවුරු තුන. බැලුම්ගලේ ඉඳලා බලද්දි ලකේගලේ නියම හැඩය දුරට වුණත් හැඳිනිය හැකියි. යහන්ගල පසුකාලීනව වැදගත් වුණා කියන එකයි මම හිතන්නේ. දැන් අපි සීගිරිය උදාහරණයකට ගනිමු. ඉතිහාසයේ එක් කාලවකවානුවක සීගිරිය රාවණා රජතුමාගේ බලකොටුවක් කියලා තියෙනවානේ. ඒ තර්කත් එක්ක ගත්තොත් පසු කාලීනව සීගිරිය ඇත්තම සිංහල රාජධානියක අග නගරය වුණා. එහෙම වුණේ ස්වාභාවික පරිසරය පරද්දවලා සීගිරි ගල අයහන්ගල,බැලුම්ගල,ලකෙගල තමා රාවණාගේ ප්‍රධාන බලකොටු තුන
වට ජනාවාස හදාගන්න ඒ මිනිසුන්ට හැකි වුණ නිසා. ඒත් අදටත් ලකේගල අවට ස්වාභාවික පරිසරය ජය ගන්න මිනිසුන්ට පුළුවන් වෙලා තියෙනවද? අඩුම ගාණේ තාක්ෂණය මේ තරම් දියුණු වුණාට රේඩියෝ දුරකතන සංඥාවන් පවා රිවස්ටන් කඳු පන්තියෙන් පහළට ගේන්න බැරි වෙලා තියෙනවා. අපි කොච්චර දියුණුයි කිව්වත් ඇත්තටම එදා මේ හරියේ තිබුණ දියුණු
ශිෂ්ටාචාරය ගාවටවත් අපි ඇවිත් නැහැ" පරිසරයෙන් ම¾ඩිනා ලද දැනුමැති හේරත් බණ්ඩා එලෙස පවසා සිටියේ ලකේගල පෙනෙන සීමාවට පැමිණි පසුවය.
විජයාගමනයෙන් පසුව සඳහන් ඉතිහාසය සහ ඊට පෙර ඉතිහාසය අතර ඇත්තේ විශාල පරස්පරයකි. උදාහරණයක් ලෙස දියුණු ශිෂ්ටාචාරයක් විජයගේ පැමිණීමට පෙර වූයේ නම් එම ශිෂ්ටාචාරය ප්‍රාථමික අවශ්‍යතාවන් ලෙස ගල් ගුහා, ලෙන් පදනම් කරගත්තේ මන්ද යන ප්‍රශ්නය පැන නඟී. එය සාධාරණ ප්‍රශ්නයකි. ගුවන් යානා සහ එයටත් වඩා දියුණු තාක්ෂණයකට හිමිකම් කියන මිනිසුන් පිරිසක් ගුහා සහ ලෙන් සිය මූලික අවශ්‍යතාව ඉටු කරගැනීමේලා භාවිත කරතැයි උපකල්පනය කිරීම වුව කළ නොහැක්කකි. පුරාවිද්‍යා සාක්ෂි අනුව වුව විජයගෙන් පෙර ඉතිහාසය පාදා ගැනීමට තාමත් හැකි වී නැත. නමුත් ඒ නිසා මුඛ පරම්පරාගත කතා පුවත් බැහැර කළ හැකි නොවේ. එයටත් වඩා ශෝකජනක පුවත වන්නේ හෙළ ඉතිහාසය පාදා ගැනීමට ඉංගී්‍රසි ජාතිකයන්ගේ පුරාවිද්‍යාව ඉගෙන ගත් පුරාවිද්‍යාඥයන් උත්සාහ නොගැනීමය.
අප කපු කෙටූ ගලේ සිට ගෙනා වී කුමන කාලවකවානුවකට අයත් දැයි යන්න නොවිමසා සිටින්නේ ඒ සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදුවන නිසා යැයි බලධාරීහු පවසා සිටියහ.
උදාහරණයක් ලෙස පෙර සඳහන් කළ පරිදි සීගිරිය ගත හැකිය. සීගිරිය ලෝක පුදුමයන් අතරට පත් වූයේ දැනට දශක කිහිපයකට පෙරය. ඒ නමුත් බැබිලෝනියාවේ එල්ලෙන උයන් එකල සිට ලෝක පුදුමයකි. නමුත් බැබිලෝනියානු ශිෂ්ටාචාරය ඇරැඹියේ අහසින් යන සිංහ මිනිසුන්ගෙන් යැයි එරට පුරාවිද්‍යාව සාක්ෂි ඇතිව ඔප්පු කර ඇත. සිංහ කොඩියේ එන ලෙස කඩුව අතින් ගෙන තුන් පයින් නැඟී සිටින සිංහයා සහිත ලාංඡනය බැබිලෝනියානුවන්ගේද දක්නට ඇත. පසු කාලීනව බැබිලෝනියානුවකු සොයාගත් ලාංඡනයක් වූයේ පියාපත් දෙකක් සහ සිංහ ශරීරයක් සහ මුහුණක් ඇති සත්ත්වයකුගේ රුවකි. ඒ රුවේ පියාපත් දෙක ගුවන් ගමන් ගැන සහ සිංහ ශරීරය පිටතින් පැමිණි අයගෙන් සිදුවූ සේවය පිළිබඳ ඇගැයීමක් යැයි සැලැකේ.
විජයට පෙර ඉතිහාසය පිළිබඳ තවත් සාක්ෂි ඇත්තේය. මාදුරුඔය අමුණේ සොරොව්ව, වෙස්සගිරියේ ඇති ඉබපච ට්චබඥ ලේඛනය, 1818 දී රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ අණ පරිදි පුපුරවා හරින ලද කුඹුක්කන් ඔයේ අමුණ. ලාහුගල හැඩඔයේ ඇති ගල් අමුණ. මේවා බොහෝ සෙයින් සමාන වන්නේ 'ඉන්කා' සහ 'මායා' ශිෂ්ටාචාරවල ගල් අමුණු සහ පාලම් සමඟය. ඊට පරිබාහිරව කතරගම මහසෙන් දේවාලයේ ගල් කණු, මල්වතු ඔයේ ගල් පාලමද එකල පැවැති ශිෂ්ටාචාරයන් අතික්‍රමණය කළ නිපැයුම් ලෙස හඳුන්වා දිය හැක්කේය. මෙම න්‍යායික දැනුම ප්‍රායෝගිකත්වය තුළින් අත්දැකීම සඳහා ලියුම්කරු වෙස්සගිරිය සහ හැඩඔයේ ඇති ගල් අමුණ සොයා ගිය බවද පැවැසිය යුත්තකි.
අප පැරැණි රණමුරේගම දිසාවට විරුද්ධ අතින් ලකේගල තරණය කර යා යුතු යැයි කීවේ මඟපෙන්වන්නා වූ මුතූය. එය වඩාත් භයානක යැයි පවසා සිටි හේරත් බණ්ඩා මීමුරේ මිනිසුන් පැමිණ පිරිත් කියන්නට ලකේගලට නඟිනා මාර්ගය උපයෝගී කර ගනිමු යැයි පවසා සිටියේ හේරත් බණ්ඩාය. තරුණ මදයෙන් පරිපූර්ණ මුතූට වඩා අත්දැකීම් ඇති හේරත් බණ්ඩාට ඉඩදිය යුතු යැයි සිතූ මම ඔහුට පෙරමුණ ගන්න යැයි පවසා සිටියෙමි. එය මුතූගේ සිත් නොගත්තක් විය. ලකේගල අවට කිසිදු කුඩා පර්වතයක් නැත්තේය. එහි සමාන කළ හැක්කේ අතුපතර විහිදී ගිය විශාල රුක් සෙවණක් යට වෙනත් විශාල ශාක නොමැති තත්ත්වයකටය. ලකේගලින් කඩා වැටුණු ගල් එක් කොනක පමණක් විසිර තිබීම මේ අනුව සත්‍යයක් විය හැකි යැයි උපකල්පනය කළෙමි. ලකේගල කරා ආසන්න වත්ම අවදානමෙන් ම¾ඩිනා ලද සහේතුක බියක් හිත පත්ලේ පැලපැදියම් වී ඇතැයි සිතුණ වාරද අනන්තය.
ගල තරණය සඳහා අවශ්‍ය වෙතැයි සිතිය හැකි උපකරණ අතරින් අප අත ඇත්තේ කපුකෙටූ ගල තරණයේ ලා සහාය දුන් තේඩාව පමණි. චුරු, චුරු වැස්සද කඩින් කඩ කඩා හැලේ. වේලාව දහවල් එකට ආසන්නය. පරිසරය පැය කටුව පරාජය කර පැය ගණනක් ගෙවී ගොස් බව සිතේ. "පළමුවැනිපාර ඔහොම තමයි. යං පුතා" හේරත් බණ්ඩා දිරි ලබා දුන්නේ සැබෑ වැඩිහිටියකු ලෙසය. "වැස්සට යට වුණොත් අපි පරාදයි. මොකද ඕක නතරවෙන වැස්සක් නෙවෙයි. ඉක්මනට කන්ද නඟිමු. හැබැයි හරියට තෙමෙන්න වෙන්නේ ලකේගල උඩදි." එලෙස පැවැසූ මුතූ හේරත් බණ්ඩාගේ ස්ථානය පැහැරගත්තේ තේඩාවද ඔහු සතුකර ගනිමිනි. වැස්ස නිසා කැමරාව ක්‍රියාකරවිය නොහැකිය. ක්‍රියා කළ නොහැකි කැමරාව වැස්සෙන් ආරක්ෂා කර ගැනීමද කළ නොහැක්කකි. කළ යුතු දේ රැගෙන ආ උපකරණ සුරක්ෂිත කර ලකේගල තැබීම බව කී හේරත් බණ්ඩා හැකිනම් කැමැතිනම් අමුඩ කෙටියකින් සැරැසී සැහැල්ලු වන්න යැයිද උපදෙස් ලබා දුන්නේය.
ලබන සතියේ ලකේගලේ සිට අවට බලමු
ප්‍රභාත් අත්තනායක
උපුටා ගැනීම - http://www.mawbima.lk/55-37154-news-detail.html
No Response to "යහන්ගල,බැලුම්ගල,ලකෙගල තමා රාවණාගේ ප්‍රධාන බලකොටු තුන"
Post a Comment
අදහස් සහ උදහස්