Monday, November 25, 2013
අපි රාවණ රජතුමාට කියන්නේ බණ්ඩාර දෙයියෝ කියලා
0අපි රාවණ රජතුමාට කියන්නේ බණ්ඩාර දෙයියෝ කියලා
අපි කපුකෙටුගල පාමුලට පැමිණියෙමු. ගල තරණය කර ගුහාව කරා යෑම වඩාත් පහසු කටයුත්තක් නොවේ. ඇදහැලෙනා චුරු චුරු වැස්ස ගල මත පෙඳ පාසි සරුවට වවා නඩත්තු කිරීම එයට හේතුවය.
මම හිතන්නේ ගුහාව රාවණා රජුගේ ආහාර ගබඩාවක් කියල. මොකද අද වුණත් වී ජාති ගොඩක පොතු ගුහාව ඇතුළෙ තියෙනවා. අනික ලකේගලයි - යහන්ගලයි අතරේ තමයි මේ කපුකෙටු ගල තියෙන්නේ. දැන් මේ පළාතේ අපි රාවණා රජතුමාට කියන්නේ බණ්ඩාර දෙයියෝ කියල. ඒ හින්ද ගුහාවට යන්ඩ කලියෙන් බණ්ඩාර දෙයියන්ට කොළ අත්තක් එල්ලමු. එලෙස පැවසූ
මුතු වනයේ යටි රෝපණයෙන් කොළ අත්තක් කඩා ගස් දෙබලක එල්ලා කෙටි මුනු මුනු ගෑමක නිරත වුණේය.
අපට ප්‍රථමව පැමිණි පිරිසක් කපුකෙටු ගල මත ඇති ගුහාව කරා යෑමට උපයෝගී කරගත් වරපට කිහිපයක් කඳු පාමුල සිට ගුහා කට දක්වා ඇදී ගොස් තිබුණද වරපට පාවිච්චියට ගැනීම පිළිබඳ ගැටලු ඇතැයි මුතු පවසා සිටියේය. වරපට වෙනුවට තේඩාව භාවිතයට ගනිමු යැයිද කියූ මුතු කපුකෙටු ගලේ ගල් කුස්තුර සහ කඩතොලු උපකාරී කරගෙන ගුහා කට වෙත ගොස් තේඩාවේ එක කෙළවලක් පහළට හෙළුවේය. දැන් අප කපුකෙටු ගල තරණයේය. ස්ථුල ශරීරයක් ඇති ලියුම්කරුට තේඩාවේ ආධාරයෙන් කපුකෙටු ගල තරණය කිරීම අපහසු දෙයක් වෙතැයි අනාවැකි පළ වුවද එය සැබෑ නොවිණි. කළුගල් කන්දක උස තවදුරටත් මිරිඟුවකි. ඇස් සීමාවට ගල් කන්දක උස තරණය කළ යුතු නොවේ. නියම ප්‍රධාන හේතුව ඇස් මට්ටම සෑම විටකදීම කන්දක උස වසාලන නිසාය. බොහෝ විට සුදු පැහැති පාෂණයක් හෝ කාක ශාකයන් ගල මත වැඩී තිබුණේ නම් උස පිළිබඳ යම් නිවැරැදි මිනුමක් ලබා ගත හැකිය. ගල තරණය කිරීම මැද භාගයේදී අසීරු යැයි යන සිතුවිල්ල මා සිත වෙළා ගත්තද එය තඹයකට මායිම් නොකිරීමට මම ඉටා ගතිමි.
විඳි අපහසුතාව නිමා වූයේ තේඩාව කෙරවල වුණා යැයි උපකල්පනය කළ හැකි ලෙස අතු ඉති රැහැන් අතට අසු වුණාට පසුවයි. සැහැල්ලු සිතින් මම ගුහා කට වෙත පැමිණියෙමි. මට ඉස්සර වූ හේරත් බණ්ඩා, ඔහුගේ බෑනා සහ මුතු මගේ පැමිණීම විරිය ඇති වැඩක් ලෙස සලකා කතා බස් කරන්නට ගත්තේය. ගුහා කට විවෘතව ඇත්තේ මහ වනය දෙසටය. එයට උපමා කළ හැක්කක් නොවේ. මානසික ලෝකයකදී නම් උචිත උපමාව එක්ටැම් ගෙයය.
අර අෑතින් පේන්නේ යහන්ගල. යහන්ගලේ තමයි රාවණා රජුගේ සොහොන තියෙනවා කියන්නේ. එතැන තියෙන පැතලි ගල් පුවරුවක් යට රාවණා රජු මිහිදන් කළා කියනවා. හැබැයි ඒ සොහොන් ගෙට හොඳට වාතාශ්‍රය ලැබෙන විදියට හදල තියෙනවලු! එහෙම නොවුණොත් සිහි නැති වෙලා ඉන්න රාවණා රජුගේ භෞතික ශරීරයට හානි වෙන්න පුළුවන් කියන අදහස තමයි කන්දක් මුදුනේ ඒ වගේ සොහොනක් හදන්න මුල්වෙලා තියෙන්නේ. යහන්ගලට මෙපිටින් රාවණා රජුගේ දඬු මොනර යන්ත්‍රය බස්සපු පැතලි ගල තියෙනවලු! ලොකු පඩිපෙළි පේළියක් එක්ක.
රාවණා රජුගේ කාලයේ විතරක් නෙවෙයි ගිරි දේව පාලන කාලෙත් විමාන එහෙම නැතිනම් අපි හැමෝම දන්න විදියට දඬු මොනර යන්ත්‍ර තිබිල තියෙනවා. දැන් බලන්න ඔයාල අහල තියෙනවද සුමන සමන් දෙයියෝ ගැන. සුමන සමන් කියන්නේ කඳු මුදුනක වාසභවන හදා ගත්ත (මාලිගය) ශක්‍ර පරම්පරාවේ කෙනෙක්. එයා ගමන් බිමන්වලට පාවිච්චි කෙළේ විමානයක්. එයාගේ විමානය පදවපු කෙනා තමයි මාතලී. එතැන මාතලී කියන්නේ මාතලේ දේව පුත්‍රයා කියන අදහසින්. සාහිත්‍යයේ දී අපට මාතලී දිව්‍ය පුත්‍රයා කියල හම්බ වෙන්නෙත් මෙයාම තමයි. වැදගත්ම කතාව ඒක නෙවෙයි. මේ මාතලී දිව්‍ය පුත්‍රයා පදවපු විමානය අන්තිමට තිබිල තියෙන්නේ බළන්ගොඩ බොල්තුඹේ දේවාලයේ අඳුරු කුටියක. ඒ කාලේ බළන්ගොඩ පාලනය කරපු රත්නපුරේ දිසාපතිවරයාට මේ යානය ගැන දැනගන්න ලැබිල දේවාලයට ඇවිත් අවුරුදු සිය ගණනක් වහල දාල තිබුණ අඳුරු කුටිය විවෘත කරලා. එයාට ඕනෑ වෙලා තිබිල තියෙන්නේ ඒ යානය රත්නපුරයට හරි බළන්ගොඩට හරි අරගෙන යන්න. කොහොම හරි මහ වැසි ඇද වැටිල දිසාපති ආපු අශ්වයාගේ පිටින් එයා වැටිල අලින්ගේ පිටේ තමයි රත්නපුරයට ගිහින් තියෙන්නේ. විමානයට මොකද වුණේ කියන එක දැනගන්න බැරි වෙලා තියෙන්නේ දිසාපතිවරයා සතියක් ඇතුළත මැරුණ හින්ද. සුදු පරිපාලන නිලධාරි ලැයිස්තුවේ ඒ වගේ නිලධාරියෙක් ඉඳල මැරිල ගියා කියලා පවා විස්තර තියෙනවා.
ප්‍රභාත් අත්තනායක
උපුටා ගැනීම - http://www.mawbima.lk/55-33729-news-detail.html
වර්ගකිරීම් :
ජනශ්‍රැතික ප්‍රදේශ,
ජනශ්රැතිය,
රාවණ ඉතිහාසය
Subscribe to:
Post Comments (Atom)
No Response to "අපි රාවණ රජතුමාට කියන්නේ බණ්ඩාර දෙයියෝ කියලා"
Post a Comment
අදහස් සහ උදහස්