-->

Friday, December 23, 2011

ශනි මාරුව පියවි ඇසින්

0

ශනි මාරුව පියවි ඇසින්

නාත්තන්ඩිය පී.ඩී. පෙරේරා

අපායෙත් ස්‌වර්ගයෙත් යතුර ඇත්තේ සෙනසුරු අතේ යෑයි කියමනක්‌ ඇත. එවන් ද්විත්ව චරිතයක්‌ රඟපාන ශනි ග්‍රහයා නොවැම්බර් 15 වැනිදා උදේ 9.26 ට සිකුරු හිමි තුලා රාශියට පැමිණ උච්චවීම බොහෝ දෙනාගේ ප්‍රීතියට කරුණක්‌ව ඇති බව පෙනීගොස්‌ ඇත. ශනි තුලාවට පැමිණීමෙන් පංච මහා පුරිෂයෝග වලින් එකක්‌ වන "සස" යෝගය උදාකිරීමට සමත්වේ. බටහිර දිසාවට දිග් බලය පතුරන ශනි මකර කුම්භ රාශි දෙකටම අධිපතිත්වයක්‌ දරයි. තුලා රාශියේ උච්ච වන අතර මේෂ රාශියේදී නීච බවට පත්වේ. තුලා ලග්න හිමියන්ට ශනි ලග්නයේ උච්ච වීම රජ තත්ත්වයක්‌ හිමිකරන අතර ධනු ලග්න හිමියන්ට පස්‌ වැන්නේ මේෂ රාශියේ නීච වීමත් ඒ හා සමාන බලයක්‌ ගොඩ නැගෙනු ඇත. ශනි මුල්ව ඒරාෂ්ඨක ලෙසත් යෙදෙන අතර අන් ග්‍රහයන්ට වඩා සෙනසුරුගේ ක්‍රියාකාරිත්වය එක එල්ලේ ශුභය අශුභය කීමට ඉක්‌මන් වීම ජ්‍යෙdතිෂයේ අනාගතය වීමට කරුණක්‌ ජ්‍යෙdතිෂ වේදීන් සිහියට ගත යුතුය. 

ශනි ගැන කතා රැසක්‌ ගෙතී ඇති අතර විශේෂිත රසකතාව වන්නේ රාවණගේ පුතා උපදින අවස්‌ථාවේ සියලු ග්‍රහයන්ට එකොළොස්‌වන රාශියට පැමිණ සිටින ලෙස රාවණගෙන් ආරාධනයක්‌ වීලු. ඒ වූ පරිදිම සියලු ග්‍රහයන් 11 වැන්නේ සිටියත් රාවණගේ පුත් උපත සිදුවන මොහොතේ සෙනසුරු ග්‍රහයා දොළොස්‌ වැන්නට තම වම්පය දැම්ම නිසා රාවණගේ කඩු පහරට ලක්‌ව වම් කකුලත් සොට්‌ටි වුණාලු. මේ විනෝද කතාවෙන් වුණත් ඔබ තේරුම් ගත යුත්තේ ශනි ශුභ ප්‍රතිඵල දිය යුතුම තැනදී වුවත් අශුභ පලත් දීමට දක්‌වන උනන්දුවේ තරමයි. දුකෙන් පිරුනු ලෝකයේ දුක පරම සත්‍ය බව ඔබට මට හැම විටම වැටහෙද්දී සියල්ල වෙනස්‌වන ලෝකයේ සෙනසුරු දැකුම්කළු සළු පිළි පළ¹ සැන් පවුඩර් දමා කලඑළියට ආවත් සෙනසුරුගේ සැබෑ ගතිය ලෝකයේ පවතින පරම සත්‍යයට පිටු නොපෑම බව ශනිගේ තුලා රාශි ගමන සිදුවන මොහොතේ සිහියට ගෙන කටයුතු කළොත් ශනිට පහන් දල්වා තමනුත් රැවටී ශනිත් රවටනවාට වඩා කාලෝචිත වන බව සැමට සහිපත් කරමි.

දැලි පිහියෙන් කිරි කනවා මෙන් ප්‍රවේශමෙන් පලාඵල කථනයට පිවිසිය යුතු ශනි මාරුව ඔබට බලපාන අයුරු පසුගිය නැකත මගින් පැවැසූ පරිදිම දැන් ඔබට බලපාන අයුරු ගලපාගත හැකිය.


උපුටා ගැනීම - http://www.divaina.com/2011/10/28/naka01.html

No Response to "ශනි මාරුව පියවි ඇසින්"

Post a Comment

අදහස් සහ උදහස්