-->

Sunday, November 13, 2011

ලෝක ශිෂ්ඨාචාරය ආරම්භ වන්නේ‍ ශ්‍රී ලංකාවෙන් ද?

0

අප රටට අසල්වැසි ඉන්දියාවෙන් පැමිණි විජයගෙන් සිංහලයන් පැවතගෙන එන බව පවසන ලිඛිත ඉතිහාසය වසර 2500කට වඩා පැරණිය. ඊටත් පෙර රාවණ නම් සක්විති රජු ලක්දිව පාලනය කල බව කියන රාමායණය නම් කතන්දරය තුළ යම් සත්‍යයක් තිබෙන බව දැනට සොයාගෙන ඇති සාක්ෂි සනාථ කරයි. එම රාවණ රජුට දඩුමොණරය නම් ගුවන් යානයක් තිබූ බවද එහි පැවසේ. කෙසේ වෙතත් රාවණා රජු ගැන කථා කරන්නට මම පසුව වෙනත් ලිපියකින් බලාපොරොත්තු වෙමි.



ශ්‍රී ලාංකික අපි විවිධ ආගමික මත යනුව යමින් ලංකාවේ උසම කදු අතරින් දෙවන ස්ථානය ගන්නා සමනළ කන්ද වැද පුදා ගන්නා බව අපි කවුරුත් දන්නා කරුණකි.

බෞද්ධයන් සමනළ කන්ද බුදුරජාණන් වහන්සේගේ සිරි පතුලේ ලංඡනය තැබූ බැවින් ශ්‍රිපාදස්ථානය ලෙස හදුන්වන අතර කිතුනු බැතිමතුන් හා ඉස්ලාම් භක්තියින් බයිබලයට හා කුරාණයේ එන පරණ ගිවිසුමට අනුව ආදම් හා ඒව නැමැත්තන්ගෙන් ලෝකයේ මනුෂ්‍යන් ආරම්භ වූ බවත් ඔවුන් පහළ වූයේ ඇඩම්ස්පීක් (Adam's Peak) හෙවත් සමනළ කන්දට බව පැවසේ.

බෞද්ධ ධර්මයට අනුව ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි ආලෝකය පමණක් විහිදුවන සතුට ආහාරයට ගන්නා සත්වයන්ගෙන් මනුෂ්‍යයන් ඇතුවූ බවයි. නමුත් ඔවුන් පෘර්‍ථවිය තුළ කිනම් ස්ථානයකට පැමිණියේද යන්න සදහන් වන බවක් සොයා ගත නොහැකි විය.
 මීලගට අපි විමසීමක් කර බලමු ලෝකයේ විවිධ ශිෂ්ඨාචාර ඇතිවුනු කාල වකවානු පිළිබදව,

1)  ඇස්ටෙක් - මධ්‍යම මෙක්සිකෝව - 14-16 වන සියවස
2)  ඉන්කා   - පේරු - 13 වන සියවස
3)  මෙසපොටේමියාව - ඉරාකය,ටිග්‍රීස් - 7 වන සියවස
4)  මායා - මධ්‍යම මෙක්සිකෝව  - කි.පූ 900 - 250
5)  චීන ( හොවැංහෝ, චැංජියන්, හීජියෑන්) - චීනය - ක්‍රි.පූ. 1600 - 1100
6)  ඉන්දු වැලි (මොහන්ජොදාරෝ හරප්පා) පකිස්ථාන් - ක්‍රි.පූ 3000 - 1500
7)  සපාටෙක් - කොලොම්බියාව - වසර 2500
8)  නයිල් (නදී/මිසර) - උතුරු අප්‍රිකාව   - ක්‍රි.පූ. 6000 - 4000
9)  මෙසපොතේමියානු - ජෝර්දානය, තුර්කිය   - ක්‍රි.පූ 8000

 ශ්‍රී ලංකාවේ මෙතෙක් කරන ලද කැනීම් හා පර්යේෂණ කිහිපයක් සලකා බලමු.
   1)      පොම්පරිප්පු - මන්නාරම් දිස්ත්‍රික්කය - ක්‍රි.පු. 500
2)      අනුරාධපුරය - අනුරාධපුර දිස්ත්‍රික්කය  - ක්‍රි.පූ. 900
3)      මාන්තෙයි  - මන්නාරම දිස්ත්‍රික්කය - ක්‍රි.පූ. 1800
4)      ‍ෙබලිලෙන, කිතුල්ලෙන - රත්නපුර දිස්ත්‍රික්කය - වසර 2700 - ක්‍රි.පූ 3500
5)     බූන්දල, පල්ලෙමල්ල - පුත්තලම දිස්ත්‍රික්කය - වසර 5000
6)     දොරවක ලෙන - කෑගල්ල දිස්ත්‍රික්කය - ක්‍රි.පූ. 6300
7)     බෙල්ලන්බැදි පැලැස්ස - රත්නපුරය,ඇඹිලිපිටිය -  වසර 4500
8)     අළුලෙන, අත්තනගොඩ - කෑගල්ල දිස්ත්‍රික්කය  - වසර 10500
9)     බටදොඹලෙන, කුරුවිට  - රත්නපුර දිස්ත්‍රික්කය - වසර 28500 - 11500
10)  පාහියන්ලෙන, බුලත්සිංහල - කළුතර දිස්ත්‍රික්කය - වසර 34000
11)  බූන්දල  - හම්බන්තොට දිස්ත්‍රික්කය  - ක්‍රි.පූ 80000
12)  පතිරාජවෙල, අම්බලන්තොට  - හම්බන්තොට දිස්ත්‍රික්කය - ක්‍රි.පූ. 123000

ඉහත දත්ත අතරින්‍‍
 
රත්නපුරයෙන් ආදි වාසී සතුන් හමුවීම හිපෝ, සිංහයා, රයිනෝසිරස් වැනි සතුන්ගේ ඇ‍ටකටු හමුවීම - සත්ව පරිණාමය  - ක්‍රි.පූ. 800000 

පාහියන්ගල, පතිරාජවෙල, මාන්කුලම්  වලින් සොයගත් ගල් ආයුධ, ඇඹරුම් ගල් වලට අනුව ගල් ආයුධ තාක්ෂණය හා පැරණිම මානවයා වාසය කල කාලය වසර 125000 - 500000 අතර වේ.

පාහියන් ගල් ලෙනෙන් හමුවූ අගුරු, අළු පරීක්ෂණයෙන් ගින්දර ලබාගත් තාක්ෂණය ශ්‍රී ලාංකිකයන් ක්‍රි.පූ. 37000 දී භාවිතා කල බව
 එම‍ ලෙනෙන්ම හමුවූ හාල්, කුරහන්, ලුණු - ප්‍රධාන ආහාරය වන බත් සැපයූ ගොවියා බිහිවන්නට ඇති බව හා හේන් ගොවිතැන බිහිවීම හා ආහාර සදහා රසකාරක භාවිතය අරඹන්නට ඇති බවට සාක්ෂි හමුවීම. - ක්‍රි.පූ. 30500

බටදොඹලෙන පරීක්ෂාවේදී ලංකාවේ වෙළදාම් කෙරුණු බවට සාක්ෂි හමුවීම - ක්‍රි.පූ. 28500

බටදොඹලෙන පරීක්ෂාවේදී ජ්‍යාමිතික උපකරණ භාවිත කෙරුණු බවට සාක්ෂි හමුවීම - ක්‍රි.පූ. 28500

පල්ලෙමල්ලදි මහසෝනාග් මළ සිරුර ඇතුළු ආදී වාසී 15 දෙනෙකුගේ මළ සිරුරු හමුවීම, කන්දෙ යකා සදහා කිරි කොරහ ශාන්ති කර්මහ සිදුකර ඇති බවට මෙහි සාධක තිබේ. - ක්‍රි.පූ. 6000

ඉබ්බන්කටුව වැව, දඹුල්ල - ජල හා වැව් තාක්ෂණය - ක්‍රි.පූ. 4000

අලකොළ වැව, ඉඹුල්පේ, කොත්මලේ, සමනල වැව - වානේ යකඩ නිෂ්පාදනය කළ ස්ථාන ලෙස හදුනාගැනීම - ක්‍රි.පූ. 900 - 10000

ආචාර්ය ශිරාන් දැරණියගල මහතා සොයාගත් අනුරාධපුර වලං කටුවල අක්ෂර සටහන් හා දියුණු ශිෂ්ඨාචාරයක ලක්ෂණ සහිත නගරයක කොටස් හමුවීම හමුවීම - ක්‍රි.පූ. 600 - 500

ඉහත කරුණු විශ්ලේෂණය කර නිගමනයකට එළඹීම ඔබට භාරයි....

ආශ්‍රය කරගත්තේ,
(හෙලන්කා සිව්හෙල වංශය - ශාස්ත්‍රපති ධනේෂ් කොඩිප්පිලිආරච්චි - පරි.2  පිටු 25-30)

(අනුරාධපුරයෙන් පැරණි නගරයක් හමුවේ - http://dreezone.blogspot.com/2010/01/blog-post.html)
(බලංගොඩ මානවයා - විකිපීඩියා )

 උපුටා ගැනීම - http://www.pradeepagaraya.com/articles.php?artid=1

No Response to "ලෝක ශිෂ්ඨාචාරය ආරම්භ වන්නේ‍ ශ්‍රී ලංකාවෙන් ද?"

Post a Comment

අදහස් සහ උදහස්