-->

Sunday, November 13, 2011

රාවණ ඉතිහාසය මකා දැමීමේ කුමන්ත්‍රණයක්‌ද?

1
රාවණ ඉතිහාසය මකා දැමීමේ කුමන්ත්‍රණයක්‌ද?
ජලිත අමරසිංහ 

 
කුල සාධකයේ අසිපතින් හෙළ ඉතිහාසයේ ගෙල සිදීම මැයෙන් 2011. ජූනි 08 බදාදා අතිරේකයට විඡේපාල වීරවර්ධනයන් විසින් ඉදිරිපත් කර ඇති ලිපිය සහ 2011.09.07 ඉදිරිපත් කර ඇති ලිපි මගින් ද්වේශ සහගතව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් විවේචනය කිරිම සඳහා ඉදිරිපත් කරන ලද ලිපියක්‌ බව ප්‍රථම කොටම අවධාරණය කරනු කැමැත්තෙමු. 2011.04.27 දින ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා රචිත ලිපියක්‌ නොවන කුල සාධකය සහ ඉතිහාසය විකෘතිය නම් ලිපිය හපුතලේ එස්‌. එම්. ඩී. සෙනෙවිරත්න මහතා ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා හා පවත්වන ලද සාකච්ඡාවක්‌ ඇසුරෙන් පලකරන ලද ලිපියක්‌ මිස ලේඛණ ශෛලියෙන් ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ ලිපියක්‌ නොවන බව ලිපිය ආරම්භ වැකියෙන්ම අවබෝධ කර ගත යුතුය.

ශ්‍රී ලාංකීය ජන සමාජය පුරා අදටත් පවතින ඉපැරණි කුල දුරාවලිය පිළිබද ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා සමග සාකච්ඡාවක්‌ ඇසුරින් සැකසූ මෙම ලිපිය බදාදා අතිරේකයට යොමුකරන ලද්දේ හපුතලේ එස්‌. එම්. ඩී. සෙනෙවිරත්න මහතා විසිනි. (උපුටා දිවයින 2011.04.27 )


විජයපාල වීරවර්ධන 2011 ජූනි මස 08 දින ලිපියෙන් පහත සදහන් ලෙස රාවණ යුගය ප්‍රතික්‍ෂේප කර ඇත.


රාවණ රජ කාලයත් , සිව් හෙළ ජන සමාජයත් යන දෙකම තවමත් පවතිනනේ සංකල්ප ලෝකයේ පමණයි. සිවු හෙළ යන වචනය පවා අප රටේ භාවිතයට ආවේ පසුගිය සියවස මුල් භාගයේ බිහිවූ හෙළ හවුල නිසයි. (විජේපාල වීරවර්ධන )


ලංකාවේ රාවණ ඉතිහාසය ප්‍රතික්‍ෂේප කිරිම සදහා වීරවර්ධනයන් ලේඛකයෙකු සේ හෙළ හවුලේ විද්වතුන් ගණනාවක්‌ ප්‍රතික්‍ෂේප කරවිමට හා ඔවුනගේ පර්යේෂණ ප්‍රතික්‍ෂේප කරවිමට ඉහත වැකිය උපයෝගී කොට ඇත. මේ අනුව භාෂා සාහිත්‍යය විශාරදයන් හා ප්‍රවීණයන් ලෙස සමස්‌ත රට වැසියාම පිළිගත් කුමාරතුංග මුණිදාස, අරිසෙන් අහුබුදු , සූරීන් ඉදිරිපත් කළ සාධක දත්ත ප්‍රතික්‍ෂේප කිරීමට සිදුවනු ඇත. 2011.09.07 දින ලිපියෙන්ද ෂඩ්භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ද රචිත ග්‍රන්ථ ප්‍රතික්‍ෂේප කරවන විඡේපාල වීරවර්ධනයන් ලංකාවේ සුප්‍රකට විවේචකයෙකු ලෙස පෙනී සිටිමට දරණ උත්සාහය පමණක්‌ ඔහුගේ අර්ථ සූන්‍ය ලිපි මගින් පිළිබිඹු වේ.


මහා වංශය පමණක්‌ ඉතිහාස ගවේෂණයේ මූල ග්‍රන්ථයක්‌ ලෙස නූතන ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් භාවිතා නොකරන අතර , ලංකා ඉතිහාසය අදවන විට මහාචාර්ය රාජ් සෝමදේව , ශිරාන් දැරණියගල යන නූතන පුරා විද්‍යාඥයන් මහා වංශයෙන් ඔබ්බට ගිය කාල වකවානු පුරා විද්‍යා සාධක ගණනාවක්‌ පර්යේෂණාත්මකව සොයාගෙන අවසානය. විජයාගමනයට ප්‍රථම ලංකාවේ දියුණු ශිෂ්ඪාචාරයක්‌ පැවැති බව මේ වනවිට සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ටම ඔප්පු සිද්ධ කොට අවසානය.


රාවණ ඉතිහාසය සදහන් මූලාශ්‍ර ඇතත් ඒවා ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ගැති ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් සුඵ පිරිසක්‌ රාවණ යුගය ඉවත් කිරීමට හිතා මතා කටයුතු කර ඇති බව අපගේ පර්යේෂණ තුළින් තහවුරු වි ඇත. උදාහරණ ලෙස පහත ග්‍රන්ථ අනාගත ඉතිහාසඥයන්ගේ අවධානයට ලක්‌විය යුතුය.


හතර කෝරලේ විත්ති ආරම්භයේ මෙසේ සදහන්වේ.


ශකල ශ්‍රීන් සමෘද්ධි සම්පන්න වූ මේ ලංකාද්විපයෙහි රුහුණු, මායා , පිහිටි යන තුන් රටක්‌ ඇත්තේය. රාම රජ්ජුරුවෝ යුද්ධ කොට රාවණා නසා ජයගෙන මේ තුන්රට විභීෂණ දෙවියන්ටත් සමන් දෙවියන්ටත් භාර දුන්නේය. (පත් ඉරු අංක 37 බලංගොඩ බාන්ස්‌ රත්වත්තේගේ පුස්‌කොල පොත් එකතුවේ ශ්‍රී ලංකාද්විපයේ කඩයම්පොත ප්‍රමාණය අගල් 17 2.1 )


කඩයිම් කවි(


විභීෂණ සමන් විෂ්ණු මේ ලකට

රජකල දවස සිරිලක බෙදුනේ තුනට

රුහැණ ද පිහිටි මායා රට තුනක්‌ කොට

මේ ලකට ත්‍රී සිංහල නම් වේ එදා සිට


දැනට හමුවී ඇති ලක්‌දිව පැරණිතම පුස්‌කොල ග්‍රන්ථය සත්කොරලේ බලියාග ග්‍රන්ථය වන අතර , එහි ඉහත වැකිය රාවණ රජුට බලි ඇදුරන් පවා දක්‌වා අති කෙනෙහිලිකම් මනාව පිළිබිඹු කරයි.


රාවණ මෙන් සොද තොවිල් උගත්තු

බෝවන සදහන් ගුණසිය පත්තු

රෝග දුකින් පෙලෙනා බලවත්තු

මේ ඇදුරන් ග්‍රහ පුදට නොගත්තු


(පත්ඉරු අංක 02)


දෑසින් ගිනිපුල් විහිදෙන ආන්දන්

මුඛය අරේ ජල ගිනිවැල ආන්දන්

චතුර දැහැත් ඉනවට දිලි ආන්දන්

නීල ගිරික රාවණ එන ආන්දන්


(පත්ඉරු අංක 23)


ලොව පැරණිතම භාෂා ගණයෙලා සැලකෙන හෙළ බස (හෙවත් යක්‌ෂ භාෂාව) අදවන විට තහවුරු කරගෙන ඇති අතර , ඒ පිළිබදව රාජකීය පණ්‌ඩිත මානෑවේ විමලරතන හිමි යක්‌ෂ ගෝත්‍රීකයන්ගේ අප්‍රකට තෙරතුරු ග්‍රන්ථයෙන් මනාලෙස හෙළිදරවු කර ඇත. හෙළ අටුවා ආශ්‍රයෙන් පාලි ග්‍රන්ථ රචනා වූ අතර , හෙළ ත්‍රිපිඨකය පසුකාලීන පාලි ත්‍රිපිඨකය රචනයට මූලාශ්‍ර වූවාසේ යක්‌ෂ භාෂාවේ ඇද වැටුමෙන් පසු සංස්‌කෘත භාෂාව ලොව අද්විතීය භාෂාවක්‌ බවට පරිවර්තනවය විය. සංස්‌කෘත භාෂාවෙන් රාවණ රජුගේ කේන්aද්‍ර සටහන පවා නොනැසි අද දක්‌වාම පවතී


1 ශ්ලෝකය (


ත්‍රි සඩසි්‍ර විජිතේ නීචඥෂට

ශෙෂාතිතුඩෙග ගුරුවා සරේච

යුග සථර්තෙ චාපර නඡතාණදං

ලංකේශ රාවණ තතං ජාතං සමාංශෙ


ඉහත සංස්‌කෘත ශ්ලෝකය පැහැදිලි කර ගැනීමට විජයපාල වීරවර්ධන මහතාට යම් දැනුමත් සංස්‌කෘත භාෂාව පිළිබදව ඇත්නම් කිසිවිටකත් රාවණ යුගය සංකල්ප ලෝකයක පමණක්‌ පවතී යන ප්‍රකාශය නොකරනු ඇත.


ලංකාවේ සීතාවක රාජසිංහ රජු හැර (රාසිංහ කේන්ද්‍රය (මාහිංගමුව රජ මහා විහාරයේ පවතී ) සටහනක්‌ අත්නම් එය ලංකේශ්වර ශ්‍රී රාවණ රජුගේ කේන්aද්‍ර සටහන පමණි. එබැවින් ඇතැම් ලේඛකයන් රාවණා යුගය ප්‍රතික්‍ෂේප කිරීමට උත්සාහ දැරීම ජාතියේ අවාසනාවකි.


යල්පැන ගිය බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා මතවාද හා ඉතිහාස කර තබාගත් විජයපාල වීරවර්ධනයන්ට පුරාවිද්‍යාව පිළිබද තරමක හෝ දැනුමත් ඇත්නම් පහත යුග පිළිබදව අධ්‍යයනක යෙදෙන ලෙස ඉල්ලා සිටිමි.


නූතන ඉතිහාසඥයන්ගේ සොයා ගැනීම් පිළිබදවත් ජාත්‍යන්තර පුරාවිද්‍යාවේ සොයා ගැනීම් පිළිබඳවත් දේශප්‍රිය නානායක්‌කාර මහතා දිවයින බදාදා අතිරේකයෙන් මනා ලෙස ඉදිරිපත් කර ඇති හෙයින් ඒ පිළිබදව වැඩියමක්‌ ලිවීමට අදහස්‌ නොකරමි.


නිsදහසින් පසු මෙරට ඉතිහාස ගවේෂකයන්ට අති මහත් සේවයක්‌ කළ ගණනාත් ඔබේසේකරයන් විනාශ වෙසින් පැවැති මෙරට පුරාණ පුස්‌තක පරිවර්තනය කළ සමාජ මානව විද්‍යාත්මක පර්යේෂකයෙකි. ජනවාර්ගික අධ්‍යයනය පිළිබදව ජාත්‍යාන්තර කේන්ද්‍රය හා ඒකාබද්ධව එතුමා මෙරට කඩයිම් ග්‍රන්ථ ජාතික කෞතුකාගාර සහ ජාතික ලේඛණාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව පුස්‌කොල ග්‍රන්ථ පරිවර්තයේ යෙදීඇත. ඒ යටතේ කොළඹ කෞතුකාගාරයේ ඇති ඒ/ආර්/18 වන්නිරාජාවලි පුස්‌කොල පිටපතේ ක්‍ෂුද්‍ර ඡායාරූප පිටපත එළිදක්‌වාඇති ග්‍රන්ථයේ 37 පිටුව මෙසේ සදහන් වේ.


එදා මූද කැළණියට හත් ගවුවක්‌ පමණය. එකලට අරක්‌ගත් දෙවියෝ කලකිරී මුහුද ගලන්නට වන්සේක. ද්වාපර යුගයේදී රාවණගේ අධර්මයෙන් රාවණ කොට්‌ටයත්, මාළිගා විස්‌සත් , විදි හාර ලක්‍ෂයත් මූදට ගිලී ගියේය. මන්නාරමෙන් එපිට තූත්තුකුඩියට අතරේ රාවණගේ නුවරය.


මේ අනුව විඡේපාලයන්ට අනුව රාවණ යුගය සංකල්ප ලෝකයේ වූවාට පුරාවිද්‍යාඥයන්ට රාවණ යුගය මනකල්පිත නොවේ.


මුහුදේ ගිලා බැසි අට ලංකා හෙවත් ලෙමූරියා දිවයින අද නූතන පුරාවිද්‍යාඥයන්ගේ නවීනතම පර්යේෂණයේ මූල බීජ බව රහසක්‌ නොවේ. ඇමෙරිකානු ගුවන් හමුදාව රොවන් හෙවත් රාවණ නමින් රහස්‌ ඔත්තුසේවා ගුවන් යානා නිෂ්පාදනයේ යෙදෙද්දී යල් පැනගිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ගැත්තන්ට රාවණ මනංකල්පිතය.


ලෝකයේ පැරණි බව විද්‍යාඥයන්ට දැන් අවබෝධ වී අවසානය. ඇµa ආර්. වුල්සින්ගේ ඉතිහාසය යුග වලින් ඔබ්බෙහි වයඹ දිග අප්‍රිකාවේ පුරාවිද්‍යාව නම් ග්‍රන්ථය අනුවද ඩෙක්‌ බැරින්ටන් නම් බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයතනයට අනුව ලෝක ඉතිහාසය යුග ගණනාවකට බෙදී ඇත. අයින්ටින් පඩීවරයාට අනුව භවයේ විෂ්කම්භය ආලෝක වර්ෂ 85,000,000,000,000,000,000,000,000,000,වේ. මේ සිද්ධාන්තය නිවැරදි බව සෙසු විද්‍යාඥයන්ගේද නිගමනය වේ. ඒ අනුව ඵ්වයේ ප්‍රමාණය යුනිවර්ස්‌ ලෙස නූතන තාරකා විද්‍යාඥයන් පවා අවබෝධ කර අවසානය. මීට වර්ෂ 10000 පෙර දඹදිව පවා අජඨාකාශගාමීන් සිටි බවට නොබෝදා උස්‌බකීස්‌ථානයෙන් ගල්ගුහාවක තිබි සොයාගත් අජටාකාශ ගාමීයෙකුගේ රූපයකින් අණාවරණය වි තිබියදී දේශීය ඇතැම් ලේඛකයන් රාවණා යුගය මනංකල්පිත බව පැවසීම මෙරට ඉතිහාසඥයන්ගේ දැනුම පිළිබදව කදිම උදාහරණ සපයයි.


අප්‍රිකා මහද්වීපයත් ඉන්දියන් සාගරයද මඩගස්‌කාව ,ලංකාව , මලයාව (මැලේසියාව) ඕස්‌ටේ්‍රලියාව සම්බන්ධ වූ මූ නමීන් යුත් දියුණු දAවිපය ගිලීගොස්‌ ඉන්දියන් සාගරය ඇති වූ බව වර්තමාන විද්‍යාඥයන්ගේද පිළිගැනීම වී තිබේ.


මහා විද්‍යාඥයන් වන කර්නර් ජෙම්ස්‌ වර්ච්වුඩ් වැනි පඩිවරුන්ට අනුව මූ රාජ්‍යයේ දැනට ශේෂව ඇති මධ්‍ය කොටස ඉන්දියන් සාගරයේ ඇති සිංහල දිවයින ලෙසද සකල විද්‍යාවන්ට ශාස්‌ත්‍ර සූත්‍ර වල මූලස්‌ථානය මේ මූ දිවයින බව පැවසීම ලංකාද්වියට නොවැටහීම ජාතියේ අවාසනාවකි.


සොලමන් රජුගේ අති විශාල දෙවොලට දේවදාර කදන් රැගෙන ගියේ ශ්‍රී ලංකාවෙන් ගිංතොට නොහොත් ගාලු වරායෙන් බව හීබෲ ග්‍රන්ථවල පෙන්වාදේ. මෙවැනි පුරා විද්‍යාත්මක ඉතිහාසාත්මක මතවාදයක්‌ නූතන ලොව තුළ පවතිද්දි පර්යේෂණ කිසිවකටවත් සම්බන්ධ නොවූ ඇතැම් ලේඛකයන් රාවණයන්ට අපහාස කිරීම හා පර්යේෂණ අඩපණ කිරීමේ කූට උපක්‍රමයක යෙදී ඇති බව මෙවැනි ලිපි මගින් තහවුරු වේ. එබැවින් ඉතිහාසය හා පුරා විද්‍යාව විෂයන් දෙකක්‌ වන අතර ,පුරා විද්‍යාඥයන්ට පුරා විද්‍යාත්මකව ඉතිහාසය පැහැදිලිව පෙන්වා දීමට කිසිදා නොහැකි වු ඇත. 


 උපුටා ගැනීම - http://www.divaina.com/2011/10/05/badada02.html

 

1 Response to රාවණ ඉතිහාසය මකා දැමීමේ කුමන්ත්‍රණයක්‌ද?

November 14, 2011 at 8:37 AM

රාවනා යුගය මකා දැමිය නොහැක.

Post a Comment

අදහස් සහ උදහස්