-->

Friday, November 11, 2011

කොග්ගල දේවගිරි විහාරය

2
කොග්ගල දේවගිරි විහාරය

ඉතා පැරැණි ඉරුගල් දෙවොල, හිරුගල් දෙවොල, දේවාලයේ ගොඩ පන්සල නැතහොත් දේවගිරි විහාරය සාධු රසයෙන් සපිරි දෙලොව වැඩ පිණිස සුසැදි හාස්කම් සහිත පින් බිමකි.

දේවගිරි විහාරයේ විහාරාධිපති හිමියන් ශාසනයට සමාජයට නිමල අමිල සේවාවක නිරතවන හිමිනමකි. උන්වහන්සේ කොග්ගල විමලකිත්ති හිමියෝය.
දකුණු සිරිලක සමන රජ කෙනෙකු පාලනය කළ අතර එතුමා දේවගිරි විහාරය ආශ්‍රය කරගෙන රජකම් කළ බව සඳහන්ය. මේ බව කොග්ගල සෙල් ලිපි තුනකම සඳහන් වේ. කොග්ගල පුවතෙහි ද යට ගිය වංශයෙහිද මේ බව සඳහන්ය.

දේවගිරි විහාරස්ථානය සමග ජීවත් වූ ජනතාව සතුරු හමුදාවක් පරාජය කළ බවත්, විජාතිකයනට විරුද්ධව කැරලි මෙහෙයවුයේද කොග්ගල බව සඳහන් වේ.

රාම රාවනා රජ යුගයේදී රාවනා රජු ප්‍රසාද ලබාදුන් බව කියැවෙන සුන්දර කොග්ගල ගම්මානය හිරිගල් දේවාලයෙහි ආශිර්වාද මධ්‍යයේ ඔවුහු ජීවත් වූ බවද පැරණි කොග්ගල සෙල් ලිපිවල දැක ගත හැකි බව කොග්ගල විමලකිත්ති හිමියෝ පවසති.

සව් සද්දම්වාදය ද හෙළයේ මහා ගත් උපන් කොග්ගල ගම්මානය ලක්මිණි පහන මුල්ම පුවත්පත දිය සැවුල් අස්න ද, අමධ්‍යාෂ මණ්ඩපය මුලින්ම ආරම්භ කළ සුන්දර ගම්මානය උපත ලද පී.ඒ. ද සිල්වා උපන් ගමද වීම විශේෂත්වයකි. මේ සියල්ලටම දේවගිරි විහාරය සහයෝගය දක්වා ඇත.
වෙද හෙදකමටද ශාන්තිකර්මයනටද කොග්ගල ප්‍රසිද්ධ වූයේ දේවගිරි විහාරය ආශ්‍රයේ බව විහාරාධිපති කොග්ගල විමලකිත්ති හිමියෝ පවසති.

අපවත් වී වදාල කොග්ගල දේවගිරි විහාරස්ථානයෙහි විහාරිධිපති නායක හිමියන් වූ කොග්ගල පඤ්ඤාරන්සි නායක හිමියන් ප්‍රමුඛ නූතන හුරුපුරුදු හිමිවරු ධර්මධර විනයධර භික්‍ෂූන්ගෙන් සමන්විතය. ශාස්ත්‍රයද පෝෂණය කළ කොග්ගල දේවගිරි විහාරය බැතිමතුන්ට රමණීය ස්ථානයකි.

කලා රසයද සාහිත්‍ය මුසුවද පරිසර මිහිරියාවද ඇති දේවගිරි විහාරස්ථානය මහා බලසම්පන්න විහාරයකි. සමන් දෙවියාගේ රැකවරණයද ගම්බාර දෙවියාගේ රැකවරණය ආශිර්වාදය මෙම පුදබිමට නිරතුරුවම ලැබෙන බව කියති. මෙම ඓතිහාසික රමණීය සාධූ රසයෙන් සුසැදි කොග්ගල දේවගිරි විහාරය රැක ගනිමින් මතු පරපුරට ද දායාද කිරීම කළ යුතුව තිබේ.


බුද්ධ මන්දිරයේ සැතපෙන පිළිම වහන්සේ

ඈතින් දිස්වන විහාරය

පොල්රුප්පා මැදින් පෙනෙන දසුන

විහාරයට පිවිසෙන මකර තොරණ සහිත දසුනක්


2 Response to කොග්ගල දේවගිරි විහාරය

November 12, 2011 at 3:50 PM

කොමෙන්ට්ස් බලන්න එපා දිගටම ලියන්න. මාර වටින බ්ලොග් එකක්. මම හැම පෝස්ට් එකම බලනවා..

November 13, 2011 at 10:18 AM

ස්තූතියි දැක්වූ සහයෝගයට

Post a Comment

අදහස් සහ උදහස්