-->

Saturday, December 26, 2009

වෙස්‌තට්‌ටුව රාවණ ඔටුන්නේ නිරූපණයක්‌ ද?

0

වෙස්‌තට්‌ටුව රාවණ ඔටුන්නේ නිරූපණයක්‌ ද?

කොහොඹා කංකාරිය නම් වූ ශාන්ති කර්මයක්‌ ලංකාවේ පවතින බව බොහෝ දෙනකු දන්නා කරුණකි. එම ශාන්ති කර්මයෙහි යෙදෙන නැට්‌ටුවාගේ ඇඳුමේ කොටසක්‌ වන වෙස්‌ තට්‌ටුව, රාවණ රජුගේ ඔටුන්නේ නිරූපණයක්‌ බව සිතන්නට කරුණු ඇත.

කොහොඹා කංකාරිය පිළිබඳව එම කංකාරියෙහි යෙදෙන්නකුගෙන් විමසුවහොත් ඔහු සැකෙවින් කියන්නේ පඬුවස්‌ දෙව් රජුට දිවි දෝෂය නම් වූ රෝගය වැළඳී එය සුව කළ නොහැකි තැන, මලය රජු ගෙන්වා ලක්‌දිව ආරම්භක කෙහොඹා කංකාරි ශාන්තිකර්මය සිදුකර එම රජු සුවපත් කරන ලද බවය. තවද කංකාරිය නිම වීමෙන් පසුව මලය රජු තම ඔටුන්න ගලවා, එකී කංකාරියට සහාය වූ නැට්‌ටුවාට එය ප්‍රදානය කර ආපසු යන්නට ගිය බව ය.

කොහොඹා කංකාරියෙහි නියුතු නැට්‌ටුවාගේ ඇඳුම ද ඔහුගේ නැ
ටුම් ද ඇතුළු මුළු කොහොඹා කංකාරියම ඉතා සිත්ගන්නා සුළුය. එම කංකාරියේ ආරම්භය සහ ඒ පිළිබඳ අතීත තොරතුරු පසු කාලයේ ඊට සහභාගි වූවන් වෙත පැමිණියේ මුඛ පරම්පරාගතවය. මෙසේ පැමිණීමේදී එම තොරතුරු බොහෝ දුරට විකෘති වී තිබිණි. භාරතයෙන් පැමිණි ආර්යයන් මෙහි බලයට පත්ව, භාරතීය දෙවි දේවතාවන් අතිශයෝක්‌තීන් ඇතුළු භාරතීය සියලු දේ අගය කරමින් වියතුන්ව සිටි යුගයක, එකී ආර්යයන්ගේ සිත් මෙම කොහොඹා කංකාරිය කෙරෙහි යොමුවිය. ඔවුහු නූගත් නැට්‌ටුවන්ගෙන් දැනගෙන තිබුණා වූද, ඒ වන විටත් විකෘති වී තිබුණා වූද. තොරතුරු තවත් විකෘති කර කොහොඹා කංකාරියේ ඉතිහාසය ගොඩනැඟුහ.

මලය රජු යනු තම මුතුන් මිත්තන්ගේ ජන්ම භූමිය වූ භාරතයේ රජ කෙනෙකු ලෙස ලියූ ඔවුහු ශක්‍ර, ඊශ්වර වැනි වූ භාරතීය දෙවිවරුන්ගේ උත්සාහයක ප්‍රතිඵලයක්‌ ලෙස එකී රජු මෙරටට ගෙන්වා ගන්නා ලද බව ද ලියූහ. තවද භාරතය ජන්ම භූමිය කොටගත් පඬුවස්‌දෙව් රජු වෙනුවෙන් ලක්‌දිව මුල්ම කොහොඹා කංකාරිය පැවැත්වෙද්දී ගායනයට ද යොදා ගන්නා ලදී. නමුත් සත්‍ය වශයෙන් සිදු වී ඇත්තේ මෙරට දේශීය යක්‍ෂ ගෝත්‍රිකයන් මහ කන්නයේ අස්‌වැන්න ලබා ගැනීමෙන් පසුව, කරන ඉටුදෙවියන් පිදීමේ උත්සවයක්‌ ලෙසද ඔවුන්ගේ ලෙඩ රෝග සුව කරන ශාන්ති කර්මයක්‌ ලෙස ද ඈත අතීතයේදී ඇරඹී පවත්වා ගෙන එන ලද කොහොඹා කංකාරිය භාරතයෙන් පැමිණි ආර්ය වංශික පඬුවස්‌දෙව් රජු වෙනුවෙන් ද යොදා ගැනීමය. එය කොහොඹා කංකාරියේ කැපී පෙනෙන අවස්‌ථාවක්‌ පමණි.

සත්‍ය සිදුවීම මෙහි මතු දක්‌වන පරිදි විය හැක. රාම කුමරු ප්‍රධාන ආර්යයන්ට යක්‍ෂ ගෝත්‍රික රාවණ රජුගේ සොයුරු විභීෂණ උපකාර කළේය. එම උපකාරයෙන් ආර්යයෝ රාවණ රජු මරා, ඔහු වෙනුවට විභීෂණ පත් කර ආපසු ගියහ. එහෙත් යක්‍ෂ ගෝත්‍රිකයෝ රාවණගේ ලංකාපුරය පිහිටියා වූද. තම ගෝත්‍රයේ අය වැඩි දෙනකු සිටින්නා වූද, ලංකාවේ මධ්‍ය ප්‍රදේශයේ වසන්නට, ජාතිෙද්‍ර`හී විභීෂණට ඉඩ නොදුන්හ. ඔවුහු දුරින් හෝ රාවණ රජුට සම්බන්ධකම් ඇත්තා වූද, රාවණ නිපුණව සිටි ශාස්‌ත්‍රයන්හි එපමණටම නැතත් බොහෝ දුරට නිපුණත්වයක්‌ ඇත්තා වූද. කෙනකු තම රජු ලෙස පත්කර ගත්හ. රාවණ රජුගේ ඔටුන්න පිළියෙල වී තිබුණේ ඔහුගේ යටත් දේශයන් සියල්ලෙහි ඔටුණු සංකේතවත් වන අයුරිනි. රාවණගේ අඩුව සම්පූර්ණ කිරීමට පත්කර ගනු ලැබූ මෙම අලුත් රජුගේ ඔටුන්න ද ඒ අයුරින්ම පිළියෙල විණි. විජයගෙන් ඇරඹි ලංකාවේ ආර්ය පාලනය පඬුවස්‌දෙව් යුගය කරා පැමිණ තිබියදී මෙම ඔටුන්න දරමින් සිටි මලය රටේ හෙවත් ලංකාවේ මධ්‍ය ප්‍රදේශයේ යක්‍ෂ ගෝත්‍රික රජු ද ආර්ය පාලනයට අවනත නොවූයේ, සැඟවී විසීය. එම රජු ද අනෙක්‌ කරුණුවලින් මෙන්ම ඥාති සම්බන්ධයෙන් හා ශාස්‌ත්‍ර නිපුණත්වයෙන් ද සුදුසුකම් ලබා රජකමට පත්ව සිටියෙකි.

රෝගී වූ පඬුවස්‌ දෙව් රජු. තම වර්ගයාටත්, තම නිජබිම වූ භාරතයටත් ආවේණික සියලු වෙද හෙදකම් සහ පුද පූජාවලින් පළක්‌ නොවී මරණාසන්න විය. දිවුරුම් කඩකිරීමේ විපාක වශයෙන් ම රෝගී වී විජය රජතුමා ජීවිතක්‍ෂයට පත් වූ බවත්, එම රජු දැරූ තනතුර සහ දිව්රීමේදී සඳහන් කරන ලද කඩුව දැරීමට පත්වීම නිසා, දිවිරීමේ විපාකය පඬුවස්‌දෙව් රජතුමා කරා ද පැමිණ ඇති බවත්, සමහර විට මෙය යක්‍ෂ ගෝත්‍රිකයන් විසින් කරන ලද හදි හූනියම් වැනි දෙයක ප්‍රතිඵලයක්‌ ද විය හැකි බවත්, කුමක්‌ වුවත් රෝගය සුවකර රජතුමා මරණයෙන් බේරා ගැනීමේ හැකියාව ඇත්තේ යක්‍ෂ ගෝතිකයන්ට පමණක්‌ බවත්, සියල්ලෝම විශේෂයෙන් ආර්ය පාලනයට අවනත යක්‍ෂ ගෝත්‍රිකයෝ කියා සිටියහ.

තවද මෙවැනි රෝග සුව කිරීමේ ශාස්‌ත්‍රය තමන්ද තරමක්‌ දුරට දන්නා නමුත්, මෙම ශාස්‌ත්‍රයෙහි කෙළ පැමිණියාවූද, රාවණ පෙළපතට ඥති සම්බන්ධතා ඇත්තා වූද, මලය ප්‍රදේශයේ රජතුමා මේ සඳහා යොදවා ගැනීම වඩා සුදුසු බවත්, එසේද වුවත් පඬුවස්‌දෙව් රජුට බියෙන් සැඟවී සිටින නිසා ඔහු ගෙන්වා ගැනීම අපහසු බවත් ඔවුහු කීය. එබැවින් යක්‍ෂ ගෝත්‍රිකයකුව යොදවා උපක්‍රමයක්‌ මගින් මලය රජු ගෙන්වා ගන්නා ලදී. "බිය වන්නට කරුණක්‌ නැත. ඔබ ගෙන්වා ගත්තේ, ඔබේ ශාස්‌ත්‍රයෙන් මගේ අභය සලසා ගන්නටය. ඔබ එය ඉටු කරන්නේ නම් ඔබේ අභය ගැන ද මම සහතික වෙමි." යි පඬුවස්‌ දෙව් රජු මලය රජුට ප්‍රකාශ කළේය. මෙම වචන යක්‍ෂ ගෝත්‍රික රජ පෙළපතකට සම්බන්ධ අයකු නිසා කොයි මොහොතේ හෝ තමා සොයාගෙන මරා දමනු ඇතැයි බියෙන් මෙතෙක්‌ සැඟවී ජීවත් වූ මලය රජුගේ අමන්දානන්දයට හේතු විය. පඬුවස්‌දෙව් රජුගෙන් මෙම වචන ප්‍රකාශ වූයේ අසාධ්‍ය තත්ත්වයකට පත්ව මරණයේ දොරටුව අභියස සිටි ඔහු රාජ්‍යයට වඩා සිය ජීවිතය අගේ කොට සැලකූ හෙයිනි. මලය රජු විසින් සිය ශාස්‌ත්‍රය මගින් පඬුවස්‌ දෙව් රජු වහා සුවපත් කරන ලදී. එසේ කළ ඔහු මින් මතු තමන්ගෙන් පඬුවස්‌ දෙව් රාජ්‍යයට තර්ජනයක්‌ නොමැති බැව් පෙන්නුම් කිරීම සඳහා තමන් සතු ඔටුන්න එම රජු ඉදිරියේදීම තමන් හා පඬුවස්‌ දෙව් රජු හමුවීමේ සිද්ධියේ සම්බන්ධීකරණ සේවය සැලසූ තම ගෝත්‍රිකයාට ප්‍රදානය කොට ආපසු යන්නට ගියේය.

මලය රජුගේ ඔටුන්න රාවණ රජුගේ ඔටුන්න අනුව සාදන ලද්දක්‌ බැව් ද යක්‌දෙස්‌සන් හෙවත් උඩරට නැටුම නමින් හැඳින්වෙන නැටුමෙහි නියුතු නැට්‌ටුවන්ගේ වෙස්‌ තට්‌ටු ඒ අනුව සාදාගෙන ඇති බැව් ද දැන් පැහැදිලිය. දශ දේශයක රජු වශයෙන් සිටි රාවණගේ ඔටුන්නේ ඇති තුඩු සහිත පෙති දහයකින් එම දශ දේශය සංකේතවත් කරන්නට ඇත. මෙම ඔටුන්න යක්‌දෙස්‌සන් අතට පත් වී කාලයක්‌ ගිය පසුව, ඒ අනුව වෙස්‌ තට්‌ටු සෑදීමේදී, විශේෂයෙන් ශිඛා බන්දනය නම් කොටසෙහි වෙනස්‌කම් සිදු කරන ලදී. තුඩු සහිත පෙති දහය (10) වැනි ඉරට්‌ටේ ගණනකින් යුක්‌ත වනවාට වඩා එකොළහ (11) වැනි ඔත්තේ ගණනකින් යුක්‌ත වීමෙන් වෙස්‌ තට්‌ටුවේ අලංකාරයක්‌ ඇති වේ යෑයි කල්පනා කරන ලදී. ඔත්තේ ගණනකින් යුතුව සෑදීමේදී එක පෙත්තක්‌ හරි මැදට සිටින සේ පිළියෙළ කළ හැකි බැවැනි. මෙසේ මුලින් පැවැති පෙති දහය එකොළහ බවටද, එකොළහ දහතුන බවටද, දහතුන පහළොව බවටද පත් කර ගෙන ඇත්තේය. සමහර විට රාවණගේ ඔටුන්නෙන්, යටත් දේශයන් නවයක ඔටුණු සංකේතවත් කරනු ලැබ තිබී, ඒ අනුව නැට්‌ටුවාගේ වෙස්‌ තට්‌ටුව මුලින්ම පිළියෙල වුණා වන්නටත් බැරි නැත. කෙසේ හෝ පෙති පහළොවකින්, දහතුනකින් පමණක්‌ නොව එකොළහකින් ද යුතු ශිඛා බන්ධනය සහිත වෙස්‌ තට්‌ටු අද දක්‌නට ඇත්තේය. මලය රජු විසින් ප්‍රදානය කරන ලද්දේ ඔටුන්නෙන් අර්ධයකියි කෙනෙකු කියන්නට පුළුවන. එය සත්‍ය නම් එම අර්ධයේ පෙති පහක්‌ තිබෙන්නට ඇත. එම පහ එකවරකට දෙක බැගින් වැඩිවීමෙන් වර්තමාන සංඛ්‍යාවට පත් වුණා විය හැකිය..

මලය රජු නමින් සඳහන් කර ඇති රජු අයත් රාවණ පෙළපතේ පාලන මධ්‍යස්‌ථානය වූයේ ලංකාපුරය හෙවත් වර්තමාන සීගිරිය යෑයි සිතමි. සමහර සීගිරි චිත්‍රයකින් නිරූපිත රජ බිසොවකගේ හිස්‌ පළඳනාව යක්‌දෙස්‌සාගේ වෙස්‌ තට්‌ටුවට, විශේෂයෙන් එහි පාහින්පත නමින් හැඳින්වෙන කොටසට - නෑකම් දක්‌වන බව ද මෙහිදී සඳහන් කිරීමට කැමැත්තෙමි.

වෙස්‌ තට්‌ටුවේ (ශිඛා බන්ධනයෙහි) ආරමභක පෙති ගණන ද එය පැමිණි දේශය ද ඇතුළත් විස්‌තර සැකයෙන් යුතුව සඳහන් කරන ලද නමුත්, සැකයෙන් තොරව සඳහන් කළ හැකි කරුණක්‌ ඇත්තේය. එනම් එයින් නිරූපිත ඔටුන්න ලද මුල් යක්‌දෙස්‌සා මෙන්ම, එම ඔටුන්න මුලින් දරා සිටි මලය රජු ද යක්‍ෂ ගෝත්‍රයේ රුධිරය ඇත්තකු බවයි.

අයි. ගුණරත්න පොල්ගහවෙල

උපුටා ගැනීම - http://www.divaina.com/2009/09/16/feature04.html


Sunday, December 13, 2009

රාවණා නමින් අලුතින් සොහොනක් සෑදිය හැකිද?

0
පද්මා එදිරිසිංහ

සර කීපකට පෙර භාරතයේ පිටම්පූර්හි වෛශාලයේ සති තුනක් පමණ ගත කළෙමි. මේ බුදුන් දවස රෝග බියෙන් ඇළලී ගිය විශාලා මහ නුවර නොවේ. නව දිල්ලියට ආසන්න කුඩා නරගයකි. එහි වැඩි වශයෙන් නිවැසියන් වූයේ සරසවි ඇදුරු පවුල් ය. මට ආගන්තුක සත්කාර සැපයූ නිවසේ අයද එවැන්නන් ය. නමින් භාතියා ය. කලින් ලාහෝර්හි පදිංචි ව සිටි වැඩිමහල් යුවල භාරතය අධිරාජ්‍යවාදි බැමි වලින් නිදහස් වීම සමඟ ඇතිවූ රට දෙකඩ වීමේ සංසිද්ධිය නිසා එහි සිට පලා ආ අය ය.

එවිට තරමක කුඩා රැකියාවක යෙදී සිටි භාතියා මහතා අද විශ්‍රාම සුවයෙන් පසු වන්නේ නව දිල්ලි විශ්ව විද්‍යාලයේ උපකුලපති පදවියට ආයුබෝවන් කියා ය. ඔහුගේ දියණියෝ දෙදෙනෙකු ම අද එහි ඇදුරු මඩුල්ලේ සේවය කරති. මාතෘකාවට අදාළ නොවුවද මේ කරුණ ද සඳහන් කරමි.

මේ නිවසේ චන්ද්‍රිකා කුමාරණතුංග නම් පුටුවක් ඇත. එය ඇය එහි ආ විටක වාඩි වූ පුටුවලු. පැම්න්ස් ඔෆ් ඉන්ඩියා (ඉන්දියාවේ දුර්භික්ෂ) යන පොත සොයා ඇය එහි ආවේලු. ඒ කිසියම් පර්යේෂණයකට ය. මේ පොතේ කර්තෘ, භාතියා මහතා ද නැද්ද යන්න මට අමතක ය
. එක් සැන්දෑවක ඔවුහු මට කිසියම් උළෙලකට ආරාධනා කළහ. ඒ රාවණා උළෙලයි. රාවණා! මම ඔහු ගැන ආඩම්බරයෙන් ඇළලී ගියෙමි. ඔහු සමරන උළෙලකට යාම වාසනාවක් කොට සැලැකීමි. ඔහු මගේ රට වැසියෙකි. එහෙත් ඔවුන්ගේ මේ වදන් වලින් මම පුදුමයට පත්වීමි.

”අපි ඔහු පුලුස්සන්ටයි යන්නේ. වාර්ෂික ව අපි ඔහු පුලුස්සනවා”

ඇත්තට ම ඔහු පුලුස්සනු මම බලා සිටියෙමි. ඒ කනස්සල්ලෙන් ය. මගේ රටේ ඔහු වීරයෙකි. ලොව ප්‍රථම ගුවන් යානය සෑදුවේ ඔහු ය.

ඔහුගේ සමය ඉතා සෞභාග්‍යමත් යුගයක් වශයෙන් සැලැකේ. හෙළ ජාතියේ ආරම්භකයා විජය නොව රාවණායයි කියන්නෝ ද වෙති.

මේ මතයට දැඩි විරෝධය දක්වන්නෝ ද වෙති. එහෙත් ඔහු පිලිස්
සීමේ උත්සව නම් මෙහි නැත.

දඬුමොනරයේ ආකෘතියක්

උතුරු ඉන්දියාවේ මේ දැඩි රාවණා විරෝධයට හේතු කවරේද? ඒ ඉන්දියාව ආක්‍රමණය කිරීම අන් සතු ගැහැණියක බලෙන් පැහැර ගෙන අවුත් මේ දිවයිනේ කලක් තම බිරිය වශයෙන් බලහත්කාරයෙන් තබා ගැනීම ආදී නොකටයුතු නිසාලු.

එහෙත් අද මේ තත්ත්වයේ වෙනසක් පෙනේ. ඇතැම් විට එය රාවණා කෙරෙහි ඉන්දියාවේ උතුර හා දකුණ දක්වන ආකල්ප වල වෙනසින් ජනිත වූවක් විය හැකි ය.

අපේ සංචාරක ආයතන අද ඉන්දීය සංචාරකයින් මෙරටට ඇද ගැනීමේ ප්‍රධාන ඇම වශයෙන් යෙදීමට වෑයම් කරන්නේ රාවණා පුරාණයයි.

රාවණා ජීවත් වූ තැන්, ඔහු ආ ගිය තැන්, ඔහු මිය ගිය තැන්, රාවණාගේ සොහොන මෙසේ මේ තැන් ප්‍රධාන ආකර්ෂණ බවට පත් වී ඇත.

රාවණා සොහොනක් මෙහි තිබේ ද? මා නම් මෙවැන්නක් ගැන අසා නැත. මේ නිසා රාවණා විදේශීය සංචාරකයින්ට විකුණා ගෙන කෑමට යන අය රාවණා සොහොනක් අමුතුවෙන් නිර්මාණය කළ යුතු ය. මෙය යටකී පුටුව මෙන් සත්‍ය සිහිවටනයක් නොවේ. එකිනෙකාගේ වීරයින් සුවිශේෂ වේ.

තවද විරාභිමානය ඉන්දියාවේ දැඩි ව විද්‍යමාන ය. පූජකත්වයට පත්වන ඇතැම් ජන නායකයින් යන එන පාර වල ඔවුන්ගේ පයට පෑගෙන දූවිලි පවා නිවෙස් වලට ගෙන ගොස් වන්දන මාන කරන බව මා අසා ඇත. බුදු දහමේ තාර්කික ඥානයෙන් ආර්ද්‍ර වූ මනසක් ඇති අපේ ගැමියෝ පවා කිසි දිනක මෙවැනි චර්යා වල නොයෙදෙති.

එහෙත් වීරාභිමානය පුදුම තැන් වල හිස ඔසවයි. මා විශ්ව විද්‍යාලයේ සිටි කාලයේ එහි ඉතා රූමත් ශිෂ්‍යාවක් විය. වයඹ දිග ලංකාවෙන් එහි පැමිණි ඇය පසු ව විදේශගත විය.

ඇය ආපසු ආවේ ඇය ඇඳ ගෙන ගිය උඩරට ඔසරියෙන් සැරසී නොවේ. ලිබියානු නායක ගඩාෆි මෙන් විවිධ සාටක පොරවා ගෙන ය. කටුනායක අංගනයට බට ඈ පුවත්පත් වලට පුදුම නිවේදනයක් නිකුත් කළා ය. ඒ ඈ කුමරියක බව ද රාවණා රජුගෙන් පැවැතෙන බවත් ය.

අද ඇය ජීවිතයෙන් සමුගෙන ඇත. ඇය පැවැතෙන රජ පරම්පරාව ඇයට බරක් වන්නට ඇත. එවැනි බරකින් මුක්ත වන මම තව ම ජීවන ගමන ඔස්සේ යමි. අරුම පුදුම දේ දකිමි. අසමි.

භාතියා නිවස අසල නිවසේ ආලින්දයේ එල්ලා තිබූ පින්තූරයද එවැන්නකි. එය අපේ බුදුන් වහන්සේගේ යැයි මම සිතුවෙමි. එය දකින සෑම විට ම ශ්‍රද්ධාවෙන් ඇළලී ගියෙමි. ගෞතම බුදුන් සෙසු බුදු වරු මෙන් භාරතීය පුතකු වුවද එම රටට දැන් ඔවුන් එක්තරා අමුත්තෙකි. ඒ එහි ප්‍රධාන ආගම හින්දු ආගම වීම ය.

මේ නිසා මේ බුද්ධ පින්තූරයේ දර්ශනය මට අමුතු විය. වරෙක මම එහි ගොඩ වැදී ඒ පවුලේ අය බෞද්ධ දැයි විපරම් කළෙමි. නැත යන්න පිළිතුර විය. එල්ලා ඇත්තේ බුද්ධ පින්තූරයක් නොවන බවත් එය ඔවුන් අදහන මහ වීර නම් ශාස්තෘන්ගේ පින්තූරයක් බවත් ඔවුහු කීය. මේ ශාස්තෘ ගැන විස්තර ද ඔව්හු මට කීහ. පියා ශුද්ධෝදන රජු ය. මව මහාමායා ය. බිරිය යශෝධරා නම් වේ.

පංච ශීලය රැකීම ඔවුන්ගේ උතුම් ම ආගමික මෙහෙවර යි. මගේ සිත තවත් අවුල් වීමට පෙර මම ඒ නිවසෙන් මෑත් වූයෙමි. ඔවුන් වන්දනා මාන කරන්නේ බුදුන්ට නොවේ. සෑම අතින් ම බුදුන්ට සමාන වූ වෙනත් ශාස්තෘවරයකුට ය.

සෑම තැන අවුල් ය. රාවණා මිථ්‍යා චරිතයක් බව කියන්නෝ වෙති. ඔහු සැබෑ ඓතිහාසික චරිතයක් බව කියන්නෝ ද වෙති.

සත්‍යය කුමක් ද? පංචශීලය පාදක ශීලය වූ අපේ රටේ සංචාරකයින් ආකර්ෂණය කිරීමට ප්‍රසිද්ධියේ අමුතු තැන් නිර්මාණය කිරීම ද විශාල පාපයකි. විදේශිකයන් රවටන නොමනා චාටුවකි. රාවණාගේ සොහොනක් අමුතුවෙන් නිර්මාණය කළ යුතු ය.

ඔහු උපන් තැන අමුතුවෙන් නිර්මාණය කළ යුතු ය. ඔහු ආගිය තැන් අමුතුවෙන් නිර්මාණය කළ යුතු ය. මේ සඳහා බොරු මල්ලක් ම සංචාරකයින් පිනවීමට අප ලිහා ඇද බෑ යුතු ය. එය අප කළ යුතු ද? පංචශීලය රකින රටක් වශයෙන් මේ රට නම් දරා ඇත. මේ අතර සුප්‍රකට රාමායන කතාවට සම්බන්ධ රට ලංකාව නොවන බවටද මතයකි.

මේ ලිපිය රාවණා රජුට විරුද්ධ ව ලියූවක් නොවේ. ඔහු ආදරණීය චරිතයකි. අපකීර්තියක් මෙන් ම ඊට සමබර ව ඔහු විශාල කීර්තියක් ද අප රටට ගෙන දී ඇත. අපේ සාහිත්‍යයද කලා ශිල්පද ජනප්‍රවාද සංකල්පනය ද (සරසවි සිසුවියන්ගේ සංකල්පනය ඇතුළු) ඔහු ශතවර්ෂ ගණනාවක් තිස්සේ දැඩි පෝෂණයකට ලක් කර ඇත.

එහෙත් ඔහු ඇත්තට ම මේ මිහිපිට ඇවිද්දේ දැයි යන්න තහවුරු කිරීමට කාලය පැමිණ ඇත. විජයාවතරණයට ශත වර්ෂ කිහිපයකට පමණ පෙර මෙහි ඉතා දියුණු ශිෂ්ටාචාරයක් පැවැති බවට පුරාවිද්‍යාඥයන් දැන් සාධක සොයා ගෙන ඇත. මේ රාවණා යුගය ද? එවැනි පර්යේෂණ මඟින් කරුණු තහවුරු වන තුරු ඉවසීම හා අමු අමුවෙන් රාවණා දිවියට ස්මාරක තැනීම අතර වඩා හොඳ ක්‍රියා මාර්ගය කවරක් වේද?

උපුටා ගැනීම - http://www.silumina.lk/punkalasa/20091122/_art.asp?fn=ar09112210

Thursday, December 10, 2009

සීගිරි චිත‍්‍ර සිංහලයන්ගේ නිර්මාණයි

0
මහාචාර්ය සිරි ගුනසිංහ
මහාචාර්ය සිරි ගුනසිංහ ඉංගිරිසියෙන් ලියූ’Sigiriya Kassapa’s Homage to beauty’ නම් වූ ශාස්තී‍්‍රය ග‍්‍රන්ථය පසුගියදා එළිදුටුවේය. සීගිරිය ගැනත් කාශ්‍යප රජු ගැනත් සීගිරි චිත‍්‍ර ගැනත් මහාචාර්ය ගුනසිංහ දක්වන අලුත් මත කීපයක් ම මේ ග‍්‍රන්ථයට ඇතුළත් ය. පහත දැක්වෙන්නේ ඒ හා සම්බන්ධයෙන් මහාචාර්යවරයා සමඟ කැරුණු සංලාපයකි.
සීගිරිය බලකොටුවක් නොවෙයි කියන එක ඔබ දක්වන අලුත් අදහසක්?
ඔව්. මේක බලකොටුවක් නෙමෙයි. මේක කාශ්‍යප රජ්ජුරුවන්ගේ නිවාඩු නිකේතනයක් ලෙස හිතන්න පුළුවන්. අනික කාශ්‍යප රජ්ජුරුවෝ සීගිරියේ ඉඳන් රජ කළේ නැහැ. සීගිරිය කියන්නේ මනුස්සයකුට දවස් තුන් සිය හැටපහම ජීවත්වෙලා ඉන්න පුළුවන් තැනක් නෙමෙයි. කාශ්‍යප රජ කළේ අනුරාධපුරයේ. අනුරාධපුරේ තමයි අපේ ජාතික සංකේත සියල්ල තිබෙන්නේ. සීගිරිය කියන්නේ කාශ්‍යප රජ්ජුරුවෝ නිවාඩුවක් ගතකරන්න, විනෝදයක් ගන්න හදාගත්තු තැනක්.
සීගිරියත් සමඟ කුවේර සංකල්පය බද්ධ කරගන්න මහාචාර්ය සෙනරත් පරණවිතානයන් උත්සාහයක් දරා තිබෙනවා. එය කුවේරයාගේ ආලකමන්දාවේ පිහිටි කෛලාස කූඨය බව ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.
රජවරුන් දේවත්වයෙන් සලකන සම්ප‍්‍රදායයක් අපේ රටේ තිබුණේ නැහැ. ඔය පර්වතරාජ, චක‍්‍රවර්ති කියන සංකල්පත් ඒ වගේ. ඒ නිසා ඕවා විශ්වාස කරන්න බැහැ. කොටින්ම ඕවා මිත්‍යාවන්.
සීගිරිය උන්මාද චිත‍්‍රා සඟවා තැබූ එක්ටැම් ගේ බවට අලුත් මතයක් කලකට ඉහත වටද්දර ඤාණිස්සර හිමියන් පළකර තිබුණා. (රිවිරැස 1989 ජනවාරි 29)
එහෙම අදහසක් මම මීට කලින් අහලා නැහැ. ඒක ඉතිං එක්ටැම් ගෙයක් වෙන්න බැහැනේ. ඒකට ඕනෑම කෙනකුට නඟින්න පඩිපෙළවල් හදලා තියෙනවා. ඒක විවෘත තැනක්. කාටත් ඇතුළුවෙන්න පුළුවන් තැනක්. ඔය වගෙ මත ඕනතරම් තියෙනවා. සීගිරිය නෙමෙයි මේක ‘සිහගිරි’ වෙන්න ඕනෑ කියලත් කියනවනේ. ඒක රාජා ද සිල්වාගේ අදහසක්. ඒ කියන්නේ රජු සිහි කිරීමට හදපු තැනක් කියන එක. එහෙත් සීගිරියේ පැහැදිලිවම සිංහ රූප තියෙනවා. ඒ නිසා ඒක ‘සීගිරිය’ වීම ගැන මතභේදයක තිබිය යුතු නැහැ.
සීගිරිය කාශ්‍යප රජුගේ ග‍්‍රහලෝකාගාරය බවටත් මත පළවී තියෙනවා. ආතර් සී. ක්ලාක් ලියූ ‘ෆවුන්ටන් ඔෆ් පැරඩයිස්’ (පාරාදීසයේ උල්පත්) නම් වූ විද්‍යා ප‍්‍රබන්ධයේද සීගිරිය ගැන කියැවෙනවා.
ඒකත් එක්තරා මතයක්. ආතර් සී. ක්ලාක් විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයෙක්. ඔහු තමන්ගේ විෂයයට අනුව එබඳු අදහසක් දරනවා වෙන්න පුළුවන්. ඕවා නිකම් කතා කර කර ඉන්න නම් හොඳ මාතෘකා. හැබැයි ඓතිහාසික වශයෙන් නම් කිසිම වැදගත්කමක් නැහැ.
කාශ්‍යප රජ්ජුරුවෝ පීතෘ ඝාතකයෙක් නොවෙයි කියලත් ඔබ කියා තිබෙනවා.
ඔහු පීතෘ ඝාතකයෙක් කියලා මම හිතන්නේ නැහැ. ධාතුසේන රජු මැරීමේ චෝදනාව මා එල්ල කරන්නේ මිගාරටයි. මොකද ඔහුට රජු මරා දමන්න හේතුවක් තිබුණා. ඒ රජු ඔහුගේ මව මැරූ නිසයි. ඒ පලිය තමයි ඔහු ගත්තේ.
සීගිරි චිත‍්‍ර ගැන ඔබේ අලුත් ආකල්පයක් එහෙම තිබෙනවද?
මේ චිත‍්‍ර මාලිගාව සරසන්න, යන එන මාර්ගය ලස්සන කරන්න ඇඳපු නිකම් ගැහැනු රූප. ඉන් එහාට දෙයක් නැහැ.
සීගිරි චිත‍්‍ර ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන ප‍්‍රමුඛ විද්වතුන් එකිනෙකට පරස්පර වූ විවිධ මත පළකරලා තිබෙනවා. ඔබ කියන්නේ ඒවා වැරැදියි කියලද?
මම කියන්නේ මේකයි. මේවා හිතින් මවාගත්තු කල්පිත. මේ චිත‍්‍රවලින් නිරූපණය වන්නේ මේඝලතා හා විජ්ජුලතා යැයි මහාචාර්ය පරණවිතාන කියලා තියෙනවා. ඒ අදහස කල්පිතයක්. කල්පිත මතවල හොඳ දේවලුත් තියෙනවා. නරක දේවලුත් තියෙනවා. මේක නම් ගන්නම ගන්න දෙයක් නැති කල්පිතයක්. පරණවිතාන කරන්නේ (ඔහු විතරක් නෙමෙයි මේක හුඟදෙනෙක් කරන දෙයක්) කිසියම් නිගමනයකට බැහැලා ඒක තහවුරු කරන්න සාධක හොයාගෙන යන එකයි. හරිනම් මුලින්ම කරන්න ඕනෑ සාධක හොයලා ඒ ඇසුරෙන් කිසියම් නිගමනයකට බහින එක.
පරණවිතාන තරම් මේ රටේ පුරාවිද්‍යාවට සේවය කරපු කෙනෙක් තවත් නැහැ. අපි ඒකට ගරු කරන්න ඕනෑ. එහෙත් ඔහුගේ මත දිහා වුණත් අභියෝගාත්මකව බැලිය යුතුයි කියන එකයි මගේ අදහස. මෙතෙක් එහෙම අභියෝගයක් කරලා නැහැ කවුරුත්. ඔහු කියවපු ශිලාලේඛන ගැන වුණත් සීගිරි කුරුටු ගී ගැන වුණත් එහෙමයි. ඒවායින් සියයට අනූවක් ඇත්ත. ඉතිරි සියයට දහය සැක කටයුතුයි. ඒ සියයට දහය ගැන අලුත් කියැවීමක් කවුරුහරි කරන්න ඕනැ.
සීගිරි චිත‍්‍රවලින් නිරූපණය වන්නේ දිව්‍ය අප්සරාවන්ය කියන ආනන්ද කුමාරස්වාමිගේ මතය තමයි අපේ රටේ බෙහෙවින්ම ජනප‍්‍රිය මතය.
ඒකත් මම පිළිගන්නේ නැහැ. අපේ රටේ තියෙන එක් වරදක් තමයි කවුරුහරි යමක් කිව්වොත් ඒ ගැන වැඩිදුරටත් හොයන්නෙ බලන්නේ නැතිව ඒ මතයේම එල්බගෙන ඉන්නවා. පොළොන්නරුවේ පොත් ගුල් විහාරයේ තියෙන පිළිමය මහා පරාක‍්‍රමබාහු රජු නිරූපණය වන්නක්ය කියලා කවුරුහරි කිව්වා.
ඊට පස්සේ අනික් ඔක්කෝම පිළිගත්තේ ඒ මතය. මොනව කිව්වත් මිනිස්සු ඒ අදහස වෙනස් කරන්නේ නැහැ.
ඇයි ඒක පරාක‍්‍රමබාහු රජ්ජුරුවන්ගේ ප‍්‍රතිමාව නෙමෙයිද?
නැහැ. ඒ සෘෂිවරයකුගේ පිළිරුවක්. ඒක එක්කෝ අගස්ති සෘෂිවරයාගේ. එහෙමත් නැත්නම් පුලස්ති සෘෂිවරයාගේ. පොත්ගුල් විහාරය පවා හින්දු භක්තිකයන්ගේ මධ්‍යස්ථානයක්ව තිබූ බව පෙනී යනවා. ඒ කොටස විතරක් බෞද්ධ නොවෙයි.
සීගිරිය සොයාගත්තු එච්.සී.පී.බෙල් සීගිරි චිත‍්‍රවලින් සීගිරියට උතුරු දෙසින් පිහිටා ඇති පිදුරංගල විහාරයේ වන්දනාවට යන බිසෝවරුන් හා පරිවාරිකාවන් නිරූපණය වන බව ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අදහස තවදුරටත් වර්ධනය කරන ඊ.බී.හැවල් කියා තිබෙන්නේ ඔවුන් තව්තිසා දෙව්ලොව පිහිටි විහාරයක් වඳින්න යන බිසෝවරුන්ය යන්නයි. ඒ වගේම ආචාර්ය නන්දදේව විජේසේකරගේ මතය තමයි ඔවුන් රජුගේ වියෝවෙන් තැවෙන බිසෝවරුන්ය කියන එක?
ගැහැනු රූපයක් තිබූ පමණින් ඒක අහවල් රජ්ජුරුවන්ගේ බිසවය කියලා කොහොමද කියන්නේ?
හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජා ද සිල්වාගෙත් මහාචාර්ය අභය ආර්යසිංහගේත් මත ඊට වඩා හුඟාක් වෙනස්.
රාජා ද සිල්වා කියන්නේ ඔවුන් අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ බිසව වන තාරා දෙවඟන බවයි. ඔවුන් කාශ්‍යප රජ්ජුරුවන්ගේ දූකුමාරිකාවන් වූ බෝධි සහ උප්පලවණ්ණා බව මහාචාර්ය ආර්යසිංහගේ මතයයි.
ඒවත් මම අර කලින් කියාපු විදියේ කල්පිත මත.
ජනශ‍්‍රැතිවල දැක්වෙන ආකාරයට නම් එයින් නිරූපණය වන්නේ රාවණා රජුගේ බිසව වන මන්දෝදරී. පහත එන්නේ ඒ හා සම්බන්ධ තේරවිලි ජනකවියක්.
සීගිරි ගලේ රාවණ දෙවි විල සැදුවා
සීගිරි ගලේ විස්කම් සිත්තම් කෙරුවා
සීගිරු රුවෙන් මන්දෝදරි සිහිවෙනවා
මෙතුන් පදේ මම නිසි ලෙස විසඳනවා
මම නම් ඔය කතාවවත්, කවියවත් අහලා නැහැ. ජනශ‍්‍රැතිවල වැදගත් සමාජ ඓතිහාසික වටිනාකමක් තිබෙනවා. ඒක මම නොපිළිගන්නවා නෙමෙයි. එහෙත් ඔය වගෙ අදහසක් පිළිගන්න අමාරුයි.
ඒ අතර මේ ඔක්කොටම වඩා වෙනස් මතයක් මාර්ටින් වික‍්‍රමසිංහ දරනවා. ඔහු කියන්නේ ඔවුන් දියකෙළින අන්තºපුරයේ බිසෝවරුන් බවයි.
ඒක දියකෙළින දර්ශනයක් නෙමෙයිනේ. අනික වික‍්‍රමසිංහට ඔය ගැන දැනුමක් නැහැ. තමන්ගෙ ඔළුවට ආපු අදහසක් තමයි ඔහු කියලා තියෙන්නේ. වික‍්‍රමසිංහ මේ විෂය ගැන දැනුමක් තියෙන කෙනෙක් නොවන නිසා ඒක විශේෂඥයකුගේ අදහසක් හැටියට ගණන් ගන්න බැහැ.
සීගිරිය නිර්මාණය කිරීමේ කාල නිර්ණය නිවැරැදි යැයි ඔබ හිතනවාද?
සීගිරි චිත‍්‍ර අයිති වෙන්නේ කාශ්‍යප යුගයට තමයි. එහෙත් ඔහු රජවුණායින් පස්සේ සීගිරිය නිර්මාණය කළායි කියලා හිතන එක නිවැරැදි නැහැ. ඔහුට රජකම් කරන්නයි, යුද්ධ කරන්නයි සීගිරිය හදන්නයි මේ ඔක්කොම එකට කරන්න වෙලාවක් නැහැ. ඔහු යුව රජ කෙනෙක් විදියට දක්ෂිණ දේශය පාලනය කරන කාලේ ටික ටික ඕක හදාගෙන එන්න ඇති.
සීගිරි චිත‍්‍ර අතරත් මධ්‍යම ඉන්දියාවේ අජන්තා ලෙන් චිත‍්‍ර අතරත් සමානතා විද්වතුන් දකිනවා නේද?
ඔය මතය මුලින්ම පළ කළේ එච්.සී.පී.බෙල්. මම නම් ඒක පිළිගන්නේ නැහැ. මම අජන්තා චිත‍්‍ර දැකලා තියෙනවා. රසායන ශාස්ත‍්‍රයට අනුව ගත්තත් අජන්තා චිත‍්‍රවල රසායනික ලක්ෂණ සීගිරි චිත‍්‍රවල නැහැ. ඔතැන වෙලා තියෙන්නේ මේකයි.
බෙල් වගෙ අය සීගිරි චිත‍්‍ර දැක්කට ලංකාව පුරාම තැන් තැන්වල තිබුණු වෙනත් චිත‍්‍ර දැකලා තිබුණේ නැහැ. ඔවුන් ගොනාගොල්ල, ඉසුරුමුණිය, කරඹගල වගෙ තැන්වල චිත‍්‍ර දැකලා තිබුණේ නැහැ. දැක්කත් ගණන් ගත්තේ නැහැ. ඒවා බොහෝදුරට සීගිරි චිත‍්‍රවලට සමානයි. ඒවා නොදැක සීගිරි චිත‍්‍ර විතරක් දැක්කම ඔවුන්ට එහි අමුත්තක් පෙනුණා. ඔවුන් ඊට කලින් දැකලා තිබුණේ අජන්තා චිත‍්‍ර විතරයි. ඉතිං ඒවායේ සමානකමක් දැක්කා.
ආනන්ද කුමාරස්වාමි නම් සෘජුවම කියලා තියෙන්නේ සීගිරි චිත‍්‍ර ඉන්දීය ශිල්පීන් විසින් අඳිනු ලැබූ බවයි.
ඒක මම විශ්වාස කරන්නෙ නැහැ. සීගිරි චිත‍්‍ර සිංහලයන්ගේ නිර්මාණයක්. අපේ රටේ අඛණ්ඩ චිත‍්‍ර සම්ප‍්‍රදායයක් තිබුණා. මේ රටේ එක වරදක් තමයි සිංහලයන් යමක් නිර්මාණය කළයි කියලා පිළිගන්න බයයි.
විජය රජ්ජුරුවෝ ඉන්දියාවෙන් ආවා තමයි, මිහිඳු හාමුදුරුවෝ ඉන්දියාවෙන් ආවා තමයි බුද්ධාගමත් ඉන්දියාවෙන් ආව තමයි. ඒත් හැම දෙයක්ම ඉන්දියාවෙන් ආවයි කියලා කියන එක නම් අතිශයෝක්තියක්. සීගිරි චිත‍්‍ර ඇඳපු සිත්තරාම එහෙමත් නැත්නම් ඒ පරම්පරාවම තමයි ඉසුරුමුණියේ චිත‍්‍ර ඇන්දෙත්. ඒවායේ යම් යම් සමානකම් තිබෙනවා.
සීගිරි චිත‍්‍ර අතරත් මධ්‍යම ආසියාවේ විශේෂයෙන් පර්සියාවේ චිත‍්‍ර අතරත් යම් යම් සමානකම් තිබෙන බව බෙනිල් ප‍්‍රියන්තගේ අලුත් මතයක්. ඒ මතය වඩාත් තහවුරු වෙන්නේ මහාචාර්ය සිරාන් දැරණියගලගේ එක්තරා ප‍්‍රකාශයකින්. ඔහු කියා ඇත්තේ සීගිරි චිත‍්‍ර ඇඳීමට භාවිත කළ ඇතැම් වර්ණ (නිල්පාට) ඇෆ්ගනිස්ථානයෙන් ගෙන එන ලද බවයි. අජන්තා චිත‍්‍ර පවා පර්සියානුවන් ගේ නිර්මාණ බව පර්සි බ‍්‍රවුන්ගේ අදහස වී තිබෙනවා.
ඔය ගැන බෙනිල් ප‍්‍රියන්ත මාත් එක්ක කතා කර තියෙනවා. ඒත් සමානකම් තිබූ පමණින්ම එහෙම කියන්න බැහැ.
සීගිරි චිත‍්‍ර ඇඳීම සඳහා යොදාගෙන ඇති ශිල්ප ක‍්‍රමය මොකක්ද? විහාර බිතු සිතුවම් කලාවේ ෆෙ‍්‍රස්කෝ (FRESCO)හා ටෙම්පරා (Tempera)යනාදි වශයෙන් රීතින් දෙකක් තිබෙනවනේ.
මේක ටෙම්පරා. ඒ කියන්නේ වියළි බදාමයක් මත ඇඳපු චිත‍්‍ර විදියට ගන්න පුළුවන්.
හිඳගල විහාරයේ බිතුසිතුවම් සීගිරි චිත‍්‍රවල වර්ණ හා ශිල්ප ක‍්‍රමය අනුව නිමවන ලද බව මහාචාර්ය පරණවිතාන කියලා තිබෙනවා. ඔබ මේ චිත‍්‍රවල සමානකමක් දැකලා තිබෙනවද?
මම නම් එහෙම සමානකමක් දැකලා නෑ. පොළොන්නරු යුගයේ වෙනකොටම එතෙක් තිබුණු චිත‍්‍ර සම්ප‍්‍රදායය වෙනස් වෙලා.
සීගිරියට ආසන්න ලෙන්වලත් (විශේෂයෙන් නයි පෙන ගුහාවේ, දැරණියගල ගුහාවේ) චිත‍්‍ර තිබෙනවා. එසේම මේ මෑත (2004 දී) සීගිරියෙන්ම (කැටපත් පවුරේ පිටත බිත්තියේ) තවත් චිත‍්‍ර සටහන් හමුවී තිබෙනවා. මුලින්ම දක්වපු ලෙන් චිත‍්‍ර අතිශය සුවිශේෂත්වයකින් හා විචිත‍්‍රත්වයකින් පරිපූර්ණයි කියා මහාචාර්ය සේනක බණ්ඩාරනායක කියා තිබෙනවා.
සීගිරි ගලේම චිත‍්‍ර 500ක් විතර තිබුණයි කියලා කියනවනේ. ඉතිං ඒ චිත‍්‍රවල යම් යම් රූපසටහන් ඉරිකෑලී වරින් වර මතුවෙන්න පුළුවන්. නයි පෙන ගුහාවෙත් චිත‍්‍ර තිබෙනවා. ඒත් ඒවායේ සමානකම් නම් මම ඒතරම්ම දැක්කේ නැහැ. සමාන වුණත් නැතත් ඒකේ ප‍්‍රශ්නයක් නැහැ. ඒවායින් අලුත් අදහසක් මතුකරගන්න බැහැ.
උපුටා ගැනීම - http://www.silumina.lk/punkalasa/20080601/_art.asp?fn=ar0806011

Sunday, December 6, 2009

විජයාගමනය මිථ්‍යාවක්‌ද?

0



අප රටේ පාසල්වල සහ විශ්වවිද්‍යාලයන්හි උගන්වන ඉතිහාසයේ කරුණු රැසක්‌ ගැන නැවත විමසා බලා තීරණයකට එළඹීම අවශ්‍ය බවට ආචාර්ය සූරිය ගුණසේකර මහතා යෝජනාවක්‌ ඉදිරිපත් කර ඇත.

(1) බුදුන් පිරිනිවි ක්‍රි. පූ. 543 දී ලංකාවට ගොඩබට විජය හා හත්සියයක්‌ පිරිසගෙන් සිංහල ජාතිය ඇරඹුණු බව සහ

(2) කුවේණි කුමරිය විජයට දාව ලද දරුවන් දෙදෙනාගෙන් පුලින්දයන් පැවත එන බව

යනු එම කාරණාවෝ වෙති. ඒ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ "මේ සිංහලයන්ගේ දේශයයි" යන හිසින් 2009 මැයි මස 20 දින දිවයින බදාදා අතිරේකයට ලියන ලද ලිපිය මගිනි. ලිපියේ මාතෘකාව ගැන සලකා බලන විට එයින් ප්‍රකාශිත අදහස පිළිබඳ කිසිදු විවාදයක්‌ පැන නොනගින නමුත්, ලිපියේ අන්තර්ගතය තුළ ලංකා රාජ්‍යයේ සිංහලයන්ගේ වාසය කිරීම විජයාගමනයට පෙර පටන් සිදුවූ බවත්, ඒ නිසා විජයගෙන් සිංහලයන් ඇතිවීම ප්‍රතික්‍ෂේප වන බවත් පවසා තිබීම නිසා දීපවංශය හා මහාවංසය අභියෝගයට ලක්‌ වන බැවින් ඒ පිළිබඳව විමසා බැලීමේ අවශ්‍යතාවක්‌ පැන නගී.

මීට වසර දෙකකට පමණ පෙර සූරිය ගුණසේකර මහතා තම "ලංකා ඉතිහාසයේ හෙළ යුගය" ග්‍රන්ථයේ 113 පිටුවේ විජයාගමනය හා සිංහල ජාතිය පිළිබඳ කර ඇත්තේ පහත සඳහන් ප්‍රකාශයකි.

"හෙළ යන හෙළ වචනයේ සංස්‌කෘත පරිවර්තනය සිංහල වේ. මේ අනුව සිංහල යනු සංස්‌කෘත වචනයකි. සිංහල යනු සිව්+හෙළ යන වචන දෙක සන්ධිවී සෑදුණු බව තවත් අය පවසති. එය තරමක මුළාවකි. ඊට හේතුව නම් හෙළ යුගයේ දී පවා ඔවුන් යක්‌, රකුස්‌, නා, දේව යන ප්‍රධාන කොටස්‌ 4 කින් යුක්‌ත වීමය. නමුත් විජයාගමනයට පෙර සිංහල යනුවෙන් භාවිතයක්‌ නොවීය."

එදා එසේ කී ගුණසේකර මහතා වසර දෙකකට පසුව දැන් පවසන්නේ ඊට ප්‍රතිවිරුද්ධ අදහසකි. එනම් විජයගෙන් සිංහලයන් ඇතිවීම ප්‍රතික්‍ෂේප වන බවය. යම් කාරණයක්‌ පිළිබඳ නව පර්යේෂණ මගින් අලුතින් සාක්‍ෂි සොයා ගත් විට විද්වතුන්ගේ මුල් අදහස්‌ වෙනස්‌වීම බලාපොරොත්තු විය හැකි දෙයකි. නමුත් සිංහල ජාතියේ ආරම්භය පිළිබඳ කලින් ප්‍රකාශ කළ දෙයට ඉඳුරාම පටහැනි අලුත් නිගමනයකට එළඹීමට තරම් ප්‍රමාණවත් සාක්‍ෂි එතුමාට ලැබී තිබේද යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වේ.

සූරිය ගුණසේකර මහතාගේ ලිපියෙන් පෙනෙන පරිදි එතුමා තුළ මෙම නව අදහස පහළවී ඇත්තේ කාරණා දෙකක්‌ නිසාය. පළමුවැන්න, ලෝක බැංකුවේ සභාපති මැක්‌නමාරා මහතා විසින් කරන ලදැයි කියන ප්‍රකාශයකි. අනෙක එතුමාට මෑතකදී "මහාභාරත" මහා කාව්‍යයේ මුල්ම ඉංගී්‍රසි පරිවර්තනයක්‌ කියන්නට ලැබී එහි කීප පළක "සිංහල" යන වචනය යෙදී තිබෙනු දකින්නට ලැබීමය.

මුල් කාරණය ගැන සඳහන් කරන ගුණසේකර මහතා "මනුෂ්‍යයන් මුල් වරට මෙරට පදිංචි වී වසර 383 ක්‌ ගතවූ පසු දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහ සෑය කළ බව අනුරාධපුර දිසාපති විසින් කී විට ලෝක බැංකුවේ සභාපති මැක්‌නමාරා පැවසුවේ අඩුම තරමින් වසර 1000 ක්‌ හෝ ගත නොවී එවැනි කාර්යයක්‌ කළ නොහැකි බව" යෑයි සඳහන් කර ඇත. "මනුෂ්‍යයන් මුල් වරට මෙරට පදිංචි වී" යන පාඨයෙන් අදහස්‌ වන්නේ පිටතින් පැමිණි පිරිසක්‌ මුලින්ම මෙහි පදිංචිවීම බව අප විසින් තේරුම් ගත යුතුව ඇත. ලංකා පොළොවෙන්ම ජනනය වූ මනුෂ්‍ය පිරිසකට "පදිංචිවීම" පිළිබඳ ප්‍රශ්නයක්‌ පැන නොනගින හෙයිනි. ඒ අනුව දිසාපතිවරයා අදහස්‌ කර ඇත්තේ විජයාගමනය විය හැකිය. මැක්‌නමාරා මහතාගේ ප්‍රකාශයෙන් අදහස්‌ කර ඇත්තේ එවැනි පිරිසකට වසර 1000 ක්‌ පමණ ගත වන තුරු රුවන්වැලිසෑ කර්මාන්තය වැනි කාර්යයක්‌ නිම කිරීමට නොහැකි බවද? නැතහොත් වසර 383 කට පසුව එවැන්නක්‌ කිරීම විශ්මයජනක බව වක්‍රොක්‌තියෙන් ප්‍රකාශ කළ බව දැයි හරිහැටි නොදනිමු. සූරිය ගුණසේකර මහතා තේරුම් ගෙන ඇත්තේ පළමුවැන්න බව පෙනේ.

කෙසේ වෙතත් මැක්‌නමාරා මහතාගේ දේශනය දිසාපතිවරයාගේ කතාවට පසුව යෙදෙන්නට ඇති නිසා එම ප්‍රකාශයට පිළිතුරක්‌ දීමට දිසාපතිවරයාට අවස්‌ථාව නොලැබෙන්නට ඇත. එසේ ලැබුණා නම් දිසාපතිවරයා විසින් කිවයුතුව තිබුණේ වර්ෂ 1492 දී කොළොම්බස්‌ විසින් මුල් වරට සොයා දැනගැනීමෙන් පසු 1565 දී මුල්ම ස්‌පාඤ්ඤ ජනපදයත් 1733 දී අවසන් ඉංගී්‍රසි හමුදා ජනපදයත් පිහිටුවා 1776 දී නිදහස්‌ රාජ්‍යයක්‌ බවට පත්වූ අමෙරිකාවට වසර 165 ක්‌ තරම් කෙටි කාලයකදී ජපානයට පරමාණු බෝම්බ හෙළා ලෝක සංග්‍රාමයෙන් බ්‍රිතාන්‍යයට ජය ලබා දීමට තරම් ප්‍රබල රාජ්‍යයක්‌ වීමට හැකි වූයේ නම් ලක්‌දිව ආර්ය ජනපද පිහිටුවූ සිංහල සංක්‍රමණිකයන්ට වසර 383 කට පසුව රුවන්වැලි සෑය ඉදිකිරීමට නොහැකි වන්නේ කුමක්‌ නිසා ද යන්නය.

විජයාගමනයට පෙර සිටම ලංකාවේ සිංහලයන් සිටි බව ඔප්පු කිරීම සඳහා ගුණසේකර මහතා සාක්‌ෂි වශයෙන් ඊළඟට ඉදිරිපත් කර ඇත්තේ රාමායනය සහ මහාභාරතය යන භාරතීය මහා කාව්‍ය දෙකෙහි ලංකාව හා සිංහලයන් පිළිබඳ කර ඇති යම් යම් සටහන්ය. ඒ පිළිබඳ ගුණසේකර මහතා මෙසේ සඳහන් කරයි.

"භාරතයේ සම්භාවනීය මහා කාව්‍යයන් දෙක වන මහා භාරතය හා රාමායණය යන කෘතීන් දෙකෙහිම ලංකාව ගැන සඳහන් වේ. රාමායණයෙහි ලංකාපුරයේ රාවණ රජු ගැන ද මහා භාරතයේ ලංකා රාජ්‍යයේ සිංහලයන් ගැන ද සඳහන්ය."

ගුණසේකර මහතා එසේ සඳහන් කර ඇතත් එම මහා කාව්‍ය කියවා ඇති අතීත සහ නූතන වෙනත් කිසිදු පඬිවරයකු විසින් එම ග්‍රන්ථයන්හි සඳහන් තොරතුරු අප රටේ ඉතිහාසය නිශ්චය කිරීම සඳහා සාක්‍ෂි වශයෙන් සලකා නැත. විශේෂයෙන්ම සිංහල ජාතියේ ඉතිහාසය පිළිබඳ මුලාශ්‍රය ග්‍රන්ථයක්‌ ලෙස රාමායණයේ කිසිදු වටිනාකමක්‌ නොමැත්තේ එහි සිංහලයන් පිළිබඳ කිසිවක්‌ සඳහන් නොවන නිසාය.

විජයාගමනයට පෙරත් ලංකාවේ සිංහලයන් විසූ බව සූරිය ගුණසේකර මහතා පවසන්නේ රාමායණය සහ මහාභාරතය යන ග්‍රන්ථ දෙකම ක්‍රි. පූ. 6-9 සියවස්‌ අතර ලියෑවී ඇතැයි යන නිගමනයෙහි පිහිටාගෙනය. මෙම ග්‍රන්ථ දෙක ලියන ලද කාල වකවානුවක්‌ ගැන ඒවායේ සඳහන්ව නැති නිසා සූරිය ගුණසේකර මහතා එම නිගමනයට එළඹ ඇත්තේ කෙසේ දැයි පැහැදිලි කළේ නම් පාඨකයාට ඒ පිළිබඳ අදහසක්‌ ඇතිකර ගත හැකිවනු ඇත. මෙම ග්‍රන්ථ දෙක පිළිබඳ සඳහන් කරන විද්වතුන් බහුතරයක්‌ විසින් එම නාමයන් පෙළගස්‌වනු ලැබ ඇත්තේ රාමායණ, මහා භාරත යන අනුපිළිවෙළ අනුවය. ඒ රාමායණයට පසුව මහා භාරතය ලියෑවී ඇතැයි යන අදහසිනි. සූරිය ගුණසේකර මහතා එම නාමයන් පෙළගස්‌වා ඇත්තේ මහාභාරතය, රාමායණය යන අනුපිළිවෙළ අනුවය. එතුමා සිතන්නේ මහාභාරතය රාමායණයට වඩා බොහෝ පැරණි ග්‍රන්ථයක්‌ බවය.

රාමායණය ලියවී ඇති කාලවකවානුව ගැන පෙර අපර දෙදිග පඬුවන්ගේ අදහස්‌ මෙන්ම සංස්‌කෘත සාහිත්‍යය, ශිලාලේඛන, ශිව, ජෛන, බෞද්ධ මූලාශ්‍ර ආදිය ද ඇසුරු කරමින් දීර්ඝ විග්‍රහයක යෙදෙන අප රටේ විශිෂ්ට සංස්‌කෘත පඩිවරයකු වන ආනන්ද ගුරුගේ මහතා ,ඔයෑ Sදජසැඑහ දෙ එයෑ Raප්හ්බ්, නමැති තම ග්‍රන්ථයේ 41 පිටුවේ දක්‌වා ඇති නිගමනයන් හි සිංහල අදහස මෙසේය.

(1) රාමායණයට පාදක වූ කතා පුවත යටත් පිරිසෙයින් ක්‍රි. පූ. 400 ට පෙර පැවති අතර එහි පූර්ව රචනය ක්‍රි. පූ. 300 පමණේදී බිහිවන්නට ඇත.

(2) එම මහා කාව්‍යයේ තුන්වන හා සිවුවැනි වර්ධනීය අවස්‌ථාව ක්‍රි. පු. 300 හා ක්‍රි. ව. 100 අතර කාලයට අයත් වේ.

(3) එහි උත්තර කාණ්‌ඩය ක්‍රි. ව. 1 වන සියවසේ මැද භාගයේදී පැවැතී ඇත.

(4) වාල්මීකිට අදාළ නව ශ්ලෝක බන්ධනය ක්‍රි. ව. 2 වන ශතවර්ෂයේදී බිහි විය. ඒ අනුව රාමායණයේ ඇතුළත් සමාජ තොරතුරු ක්‍රි. පූ. 4 වන හා ක්‍රි. ව. 2 වන සියවස්‌ අතර කාලයට අයත් වේ.

ජී. එස්‌. බී. සේනානායක මහතා විසින් පරිවර්තිත ඒ. බැරිඩේල්කීත්ගේ "සංස්‌කෘත සාහිත්‍ය ඉතිහාසය" ග්‍රන්ථයේ (ඇම්. ඩී. ගුණසේන) 59 පිටුවේ රාමායනය ගැන මෙසේ සඳහන් වේ.

"ක්‍රි. පූ. 400-200 අතරතුර කාලයේ වෙසෙන්නට ඇතැයි සැලකෙන වාල්මීකි සහ ඔහුගේ සහායකයෝ පැහැදිලිවම මේ රාජකීය මහා කාව්‍යයේ නිත්‍යානුකූල පෞරාණිකයෝ වෙති."

ඉහත සඳහන් කරන ලද ආනන්ද ගුරුගේ මහතාගේ ග්‍රන්ථයේම 50 වන පිටුවේ දක්‌වා ඇති විස්‌තරයෙන් මහා භාරතය රාමායණයට පසුව ලියන ලද්දක්‌ බව පැහැදිලි කර ඇත.

"එය (මහාභාරතය) ඉතා විශාල කෘතියක්‌ වන අතර වැඩී වර්ධනය වීමේදී පුළුල් කාල පරාසයක්‌ ආවරණය වී ඇත. මහා භාරතය පිළිබඳ දැන සිටි බවත් රාමායණයෙන් අනාවරණය නොවන අතර මහා භාරතයේ අග කොටසේදී රාමායණ කතා පුවතේ සාරාංශය පමණක්‌ නොව රාමායන ග්‍රන්ථය ගැන හා එහි කතුවර වාල්මීකි ගැන ද සඳහන් කර තිබේ. මහාභාරතයේ රාමායණයට පූර්ව තොරතුරු මෙන්ම රාමායණයෙන් පසු කාලයේ තොරතුරු ද සඳහන් වෙයි. එහෙත් වැඩි වශයෙන්ම තොරතුරු ඇතුළත් වන්නේ රාමායණය රචනා කරන ලදැයි සැලකෙන ක්‍රි. පූ. 400 සිට ක්‍රි. ව. 200 දක්‌වා කාල පරාසය තුළය."

මෙම කරුණු අනුව රාමායණය හා මහා භාරතය යන කෘතීන් දෙකම රචනාවී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාලයකදී බව කිව හැකිය. ඒ වන විට විජයාගමනය සිදුවී තිබිණි. එසේ නම් රාමායණයේ සිංහලයන් ගැන සඳහන් නොවන්නේ කුමක්‌ නිසැදැයි කෙනකුට ප්‍රශ්නයක්‌ නැගීමට පුළුවන. එම ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක්‌ ඇත. රාමායණයේ සඳහන් "ලංකා පුරය" යනු අපගේ ලංකා දිවයින නොවේය යනු එම පිළිතුරය. එම ලංකා පුරය කල්පිත නගරයකි. එහි රාවණ රජු සහ ඔහුගේ රාක්‌ෂය ජනයා වාසය කළ බව රාමායණය. දක්‌වයි. විවිධ ජාතීන් විසින් අපේ දිවයින හඳුන්වා තිබුණේ තම්බපණ්‌ණි, තැප්‍රොබේන්, ස්‌වර්ණදීප, සෙරන්ඩිබ්, රත්නදීප, සීහලක, සිංහලද්වීප, සිහිලක, සලිකේ යනාදී නම්වලිනි. රාවණගේ ලංකාපුරය දක්‌ෂිණ භාරතයේ මුහුදෙන් එතෙර පිහිටි බව රාමායණයේ සඳහන්වීම නිසා එම පුවත සත්‍ය කතාවක්‌ ලෙස විශ්වාස කළ ජනයා එම මුහුදෙන් එතෙර පිහිටි "ලංකාපුරය" යනු අපගේ දිවයින ලෙස සිතන්නට පෙළඹීම නිසා ඊට "ලංකා" නාමය ද තහවුරු විය. මෙය කොලොම්බස්‌ විසින් කැතරි දිවයින් බටහිර ඉන්දියා දූපත් ලෙස වරදවා නම් කිරීම හා සමකළ හැකි සිද්ධියකි. කොලොම්බස්‌ගේ එම වැරදීම නිසා අදත් එම දූපත් වාසීහු බටහිර ඉන්දියානු කොදෙව්වන් නොහොත් රතු ඉන්දියානුවන් ලෙස හැඳින්වෙති.

රාමායණයේ සඳහන් "ලංකාපුරය" අපගේ දිවයින නොවන්නාසේම එහි සඳහන් වන රාවණ, කුම්භකර්ණ, විභීෂණ ආදීහු ද අප රටට සම්බන්ධයක්‌ ඇති චරිත නොවෙති. රාමායණය ලියෑවී ඇත්තේ කතාන්තර දෙකක්‌ එකතු කිරීමෙනි. එකක්‌ බෞද්ධ දශරථ ජාතකයයි. එහි සඳහන් වන පරිදි රාමකුමරු සීතා සහ ලක්‌ෂමන් සමග වනවාසයට ගිය අවස්‌ථාවේදී සීතාව රකුසකු විසින් පැහැරගෙන යැමේ පුවත අනෙක්‌ කතාවය. ඊට පසුබිම් වන්නේ දක්‌ෂිණ භාරතයේ (වත්මන් ඩකෑන් ප්‍රදේශය) රාක්‌ෂස නමින් එවක හඳුන්වන ලද වනචාරී ජනයා වාසය කළ ප්‍රදේශයයි. ආර්ය ව්‍යාප්තිය දක්‍ෂිණ භාරතීය ප්‍රදේශ කරා යොමු වුණු වකවානුවේදී එහි පුරෝගාමීන් වූයේ සෘෂිවරුන් නමින් හැඳින්වුණු පූජක පන්තියයි. මෙම පූජකයන්ගේ ආශ්‍රමවල යාගහෝම පූජාවලට රාක්‍ෂසයන්ගෙන් නිතර බාධා හිරිහැර පැමිණුන බව සකු සාහිත්‍යයේ සඳහන් වේ. සීතා පැහැරගෙන යැමේ සිද්ධියෙන් නිරූපණය වන්නේ ද මෙම ගැටුමය. එම පැහැරගෙන යැමේ සිද්ධියට යොදාගෙන ඇති රාවණ වනාහි සංස්‌කෘත පුරාණ ග්‍රන්ථයන්හි සඳහන් පෞලස්‌ත්‍ය රාක්‌ෂස ගෝත්‍රයට අයත් චරිතයකි. පෞලස්‌ත්‍ය Rෂිවරයාගෙන් පැවත එන මෙම ගෝත්‍රය පිළිබඳ ඉතිහාසය වායුපුරාණය (70-29(56) බ්‍රහ්මාණ්‌ඩ පුරාණය (සසස-ඊල 34-62) ලිංගපුරාණය (1, 63, 55-66) කුර්ම පුරාණය පද්මපුරාණය යන ග්‍රන්ථවල ද මහාභාරතයේ (1(66(2751) ද සඳහන් වේ.

එම තොරතුරු අනුව "මනුගෙන් ආරම්භ වන වෛශාලී පරපුරට අයත් තෘණබින්දුගේ දුහිතෘ "ඉල්විලා" කුමරිය පෞලස්‌ත්‍ය හට පාවා දෙනු ලැබිණ. එම දෙදෙනාට උපන් පුත්‍රයා "වෛශ්‍රවස්‌ ඉල්විලා" නම් වූ අතර ඔහු නර්මදා නදී තීරය සිය වාසභූමිය කර ගත්තේය. වෛශ්‍රවස්‌ හට භාර්යාවන් සිවුදෙනකු වූ අතර ඔවුන් අතරින් බ්‍රහස්‌පතීගේ දියණිය වූ "දේව වර්ණනිය" කුස උපන් පුත්‍රයා කුවේර වෛශ්‍රවණ නම් විය. ඔහුට දරුවෝ සිවුදෙනෙක්‌ වූහ. "නලකූබර, රාවණ, කුම්භකර්න, විභීෂණ යන පිරිමි දරුවන් සහ "ශුර්පනඛා" යනු දුවණියයි. සීතා පැහැරගෙන යැමේ කතා පුවතට මෙම චරිත සම්බන්ධ කරගෙන ඇත. ඉහත සඳහන් "කුවේර" සියලු යක්‌ෂයන්ගේත්, පෞලස්‌ත්‍ය සියලු රාක්‌ෂයන්ගේත් රජුන් ලෙස පුරාණ සාහිත්‍යයේ සඳහන් වේ. ඒ නිසා රාක්‌ෂසයෝ "පෞලස්‌ත්‍ය රාක්‌ෂස" නමින් හැඳින්වෙති. පෞලස්‌ත්‍ය රාක්‌ෂසයන් හිමාල අඩවිය වාසභූමි කරගත් බවට සටහන් රාමායණයේ හා මහාභාරතයේ ඇත. යක්‌ෂයින්ගේ නායකයා වන කුවේරගේ "ලංකා පුරය" පිළිබඳව ප්‍රථමයෙන් සඳහන් වන්නේ රාමායණයේය. එබැවින් "ලංකාපුර" පිළිබඳ සංකල්පය රාමායණය විසින් ගොඩනගන ලද්දක්‌ බව පෙනේ. මෙම කරුණු අනුව අප රටේ සිංහල ජාතිය පිළිබඳ කෙරෙන විමර්ශනයකදී රාමායණයේ සඳහන් රාවණදී චරිත ලංකාවාසීන් ලෙස සැලකිය නොහැකිය.

විජයාගමනයට පෙර සිටම ලංකාවේ සිංහලයන් වාසය කළ බවට සූරිය ගුණසේකර මහතා ඉදිරිපත් කරන අනෙක්‌ සාක්‌ෂිය මහා භාරතයේ ඇතැම් තැන්වල "සිංහල" නාමය සඳහන් වීමය. රාමායණයට පසුව මහා භාරතය රචනා කර ඇති බවත්, එම ග්‍රන්ථ දෙකම බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාලයකට අයත් වන බවත් ඉහත සඳහන් කළෙමි. ඒ අනුව මහා භාරතයේ සිංහලයන් ගැන සඳහන්ව තිබීමේ විශේෂත්වයක්‌ නැත.

සූරිය ගුණසේකර මහතා විසින් මහා භාරත කාව්‍යයේ සිංහලයන් ගැන සඳහන් වන පාඨ උපුටාගෙන ඇත්තේ 1883-1896 තුළ පළමු වරට එම කාව්‍යය ඉංගී්‍රසි බසට නගන ලද පරිවර්තන කෘතියෙන් බව සිය ලිපියේ සඳහන් කර ඇත. එහෙත් එම පාඨ ඉංගී්‍රසි බසින් සිංහලට පරිවර්තනය කළේ කවුරුන් විසින් දැයි සඳහන් කර නැත. සකු බසින් ඉංගී්‍රසියටත්, ඉංගී්‍රසියෙන් සිංහලටත් පරිවර්තනය කිරීමේ දී මුල් සකු කාව්‍යයේ අදහස්‌ වල නිරවද්‍යතාවය කෙතෙක්‌ දුරට ආරක්‍ෂාවී තිබේද යන්න ගැන සෑහීමට පත්විය නොහැකිය.

අංක 1 වශයෙන් උපුටා දක්‌වා ඇති පාඨයේ විශ්වාමිත්‍ර රජුගේ යුද හමුදාව මගින් වශිෂ්ඨ සෘෂිවරයාගේ පිරිසට පහරදී මරා දැමුණු විට වශිෂ්ඨගේ "කාමෙ�නුව" නමැති එළදෙන විසින් නැවත ලොවට මිනිසුන් වර්ග බිහි කිරීම පිළිබඳ වෘත්තාන්තයේ "විශ්වාමිත්‍ර" රජ කෙනකු ලෙස සඳහන් කර ඇතත් ඔහු රජකෙනකු නොව Rෂිවරයෙකි. විශ්වාමිත්‍ර සහ වශිෂ්ට යන දෙදෙනාම සෘග් වේදයේ මණ්‌ඩල 10 න් දෙවන මණ්‌ඩලයේ සිට හත්වන මණ්‌ඩලය දක්‌වා ග්‍රන්ථ රචනා කළ සෘෂි කුල හයෙන් දෙදෙනෙකි. මෙම එළදෙනගේ වල්ගයෙන් පල්ලව හමුදාව ද උදරයෙන් ද්‍රවිඩ හා ශක හමුදාව ද ගර්භාෂයෙන් යවන හමුදාවක්‌ ද ගොම වලින් සවර හමුදාවක්‌ ද බිහිකරන ලද අතර මුඛයෙන් පූන්ද්‍ර, කිරාක, යවන හා සිංහලයන් ද නොදියුණු ගෝත්‍රයන් වන කසා, වීවුක, පුලින්ද, චීන, හුන, කෝරළ හා විවිධාකාර තවත් ම්ලේච්ඡයන් ද මවන ලද බව සඳහන් වේ. මහා භාරත යුද්ධය හා සම්බන්ධයක්‌ නොමැති මෙම පුවත රාමායණයේද සඳහන් වේ. නමුත් එහි සඳහන් වන්නේ එම එළදෙනගෙන් කාම්භෝජ, පහ්ලව, ශක, තුසර, කිරාත, යවන සහ ම්ලේච්ඡ යන ජාතීන් බිහිවූ බවය. මෙයින් පැහැදිලි වන්නේ මුල් පුරාවෘත්තයේ සඳහන් ජාතීන් සංඛ්‍යාවට මහා භාරත කතුවරුන් විසින් තවත් ජාතීන් එකතු කර කාම්බෝජ, පහ්ලව, කුසර යන පැරණි ජනවර්ගයන් ඉවත් කර ඇති බවය.

අපගේ වංසකතා අනුව සිංහල ජාතිය බිහිවූයේ සිංහයකු හා රජකුමරියක අතර ඇතිවූ සංවාසයෙනි. මේ පිළිබඳ සූරිය ගුණසේකර මහතා "ලංකා ඉතිහාසයේ හෙළ යුගය" ග්‍රන්ථයේ 18 පිටුවේ සඳහන් කර ඇත්තේ තිරිසන් සතකුට දාව මිනිස්‌ දුවක්‌ දරුවන් නොලබන බවත්, එබැවින් සිංහබාහු සහ සිංහ සීවලී මිත්‍යාවක්‌ බවත්ය. එහෙත් එළදෙනකගේ මුඛයෙන් සිංහලයන් උපන් බවට මහා භාරතයේ සඳහන් පුවත විශ්වාස කරන සූරිය ගුණසේකර මහතා එය සාධාරණීකරණය කර ඇත්තේ "එළදෙන යනු භූමියේ සංකේතය" බව ප්‍රකාශ කරමිනි. හින්දු සම්ප්‍රදාය අනුව එළදෙන භූමියේ සංකේතය බවට විශ්වාස කරන එතුමාට "සිංහයා" යනු සූර්ය සංකේතය බවටත් "සුසීමා" යනු චන්ද්‍ර සංකේතය බවටත් සැලකෙන ආර්ය මතය පිළිගැනීමට නොහැකිවීම ගැන අප තුළ ඇත්තේ මවිතයකි.

සූරිය ගුණසේකර මහතාගේ දෙවන උපුටනයෙහි දක්‌වා ඇත්තේ යුධීෂ්ථිර රජුගේ "රාජසූයා" යාගයට පැමිණි රජවරුන්ගේ නාමලේඛනයයි. මෙහිදී පූජ්‍යෙdතිශයෙහි භාගදත්ත රජු, වෘහද්වාල රජු, පූන්දායන්ගේ වාසුදේව රජු, කුන්තිභෝද රජු, ගෞරවාහන රජු, විරත රජු ආදී වශයෙන් ඇතැම් ජාතීන්ගේ රජවරුන්ගේ නම් දක්‌වා ඇති නමුත් වංග, කාලිංග, ආන්ද්‍රක, ද්‍රවිඩ, සිංහල හා කාශ්මීර ඇතුළු ඇතැම් ජාතීන්ගේ රජවරුන්ගේ නම් සඳහන් කර නැත. හේතුව කුමක්‌ද? සත්‍ය වශයෙන් මෙය හුදු අතිශයෝක්‌තියයි. මෙහි සඳහන් ඇතැම් ජන වර්ග සතුන් මරා බිලිපූජා කරන යාග කර්ම විශ්වාස නොකළ බැවින් මෙම යාගයට ඔවුන් සහභාගි වන්නට නැත. මහා භාරත කතුවරුන් එම රජවරුන්ගේ නම් දැන නොසිටින්නටද ඇත. සිංහල රජුගේ නම ද සඳහන් නොවන්නේ ඒ නිසා විය හැකිය.

තුන්වන උපුටා ගැනීමේ සඳහන් වන තෑගි භෝග රැගෙන ආ රජවරුන්ගේ නම් ද සඳහන් නොවේ. සිංහලයන්ගේ රජු මුහුදේ සෑදුණු ඉතා වටිනා මැණික්‌ ද මුතු ගොඩවල් ද හස්‌ති ආවරණ සිය ගණනක්‌ ද රැගෙන ආ බව සඳහන් නමුත් රජුගේ නම සඳහන්ව නැත.

හතරවන උපුටා ගැනීමේ "වංග, අංග පූන්ද්‍ර, ඖද්‍ර, චෝල, ද්‍රවිඩ, අන්ධක, සිංහල ඇතුළු සමුද්‍රතීරය අසල හා දූපත්වල ද එමෙන්ම දේශසීමා අසල රාජ්‍යවල සියලුම පාලකයන් ගැන ද සඳහන් කර නැවත ලංකාවේ නොයෙක්‌ ස්‌වදේශික කොටස්‌ නායකයන් ද ම්ලේච්ඡ වනචාරීන් ද යනුවෙන් සඳහන්ව ඇත. සිංහලයන් ගැන සඳහන් කරද්දී ලංකාව ගැන නොකියා වෙනත් තැනක ලංකවේ ස්‌වදේශික කොටස්‌ යනුවෙන් අදහස්‌ කර ඇත්තේ කවුරුන් ගැනද? යනු ප්‍රශ්නයකි. සිංහලයන් ගැන සඳහන්ව තිබූ කිසිදු ස්‌ථානයක ලංකාව ගැන සඳහන්ව නොතිබීමත්, ලංකාව ගැන සඳහන් වූ එකම ස්‌ථානයේ සිංහලයන් ගැන "නොපවසා" "ස්‌වදේශික කොටස්‌" යනුවෙන් ජාතියක්‌, වර්ගයක්‌ නොමැති පිරිසක්‌ ගැන සඳහන් කළේ කුමක්‌ නිසාද යනු සිතා බැලිය යුතු කරුණකි. අපට වැටහෙන ආකාරයට මහා භාරත කතුවරුන් දැනසිටි ලංකාව වූයේ රාමායණයේ සඳහන් රාවණගේ ලංකාවය. එය පිහිටි ස්‌ථානය ඔවුන් නිසැකව දැන සිටින්නට නැත. ඒ නිසා ලංකාවේ ස්‌වදේශික කොටස්‌ හා ම්ලේච්ඡයන් ලෙස තමන් හරිහැටි නොදන්නා පිරිසක්‌ ගැන සඳහන් කළා විය හැකිය. එසේම භාරතයේ විසූ ජන වර්ග ගණනාවක්‌ම (යවන, තුසර, හූත ආදී) විදේශිකයන්ව සිටියදී භාරතයේ විසූ ස්‌වදේශිකයන් ගැන කිසිදු සඳහනක්‌ නොකොට පිටස්‌තර රටක්‌ වූ ලංකාවේ ස්‌වදේශිකයන් ගැන වෙසෙසා හැඳින්වීමට තරම් පණ්‌ඩිතකමක්‌ මහා භාරත කතුවරුන් තුළ තිබිණැයි විශ්වාස කළ නොහැකි හෙයින් අපේ පැරකුම්බා සිරිතේ කවි විකෘති කර දැක්‌වූයේ මෙයද සූරිය ගුණසේකර මහතා විසින්ම කරන ලද විකෘති අර්ථදැක්‌වීමකැයි ද සැක කළ හැකිය. මෙම පසුබිම යටතේ විජයාගමනය මිත්‍යාවක්‌ ලෙස සැලකීමට මහාභාරතයෙන් ගෙනහැර දැක්‌වූ සාක්‍ෂි කිසිදු ආකාරයකින් අදාළ වන්නේ නැත.

ක්‍රි. ව. 2 වන සියවස තරම් ඈත කාලයේ රචනා කර ඇති දිව්‍යාවදාන නමැති සකු මහායාන ග්‍රන්ථයේත්, වලාහස්‌ස ජාතකයේත්

සඳහන් වන පරිදි දඹදිව සිට පැමිණ සිංහල නම් වූ වෙළෙඳ පුත්‍රයකුගේ මූලිකත්වයෙන් රත්නද්වීපයේ සිංහල රාජ්‍යයක්‌ පිහිටු වූ පුවත ද දීපවංස, මහාවංස ආදියේ සඳහන් විජයාගමන පුවත ද අනුව සිංහලයන්ගේ රාජ්‍යය භාරතීය සංක්‍රමණයකින් බිහිවූ බවට ඇති පිළිගැනීම මිථ්‍යාවක්‌ ලෙස බැහැර කළ හැකි නොවේ. භාෂාව හා සංස්‌කෘතිය අතින්ද එය සනාථ කෙරෙන සාධක බහුලය. එසේ වුවත් විජයාවතරණය සිදුවූයේ බුදුන්වහන්සේගේ පරිනිර්වාණ දිනයේදීම ද යන්න ගැන අප තුළ වුවද ඇත්තේ සාධාරණ සැකයකි. ක්‍රි. පූ. 543 හෝ 483 වනතුරුම අපගේ දිවයින පිළිබඳ භාරතීය නාවික වෙළෙඳ ජනයා දැන් නොසිටියේ යෑයි කිසිසේත් විශ්වාස කළ නොහැක්‌කේ අරාබි මුහුදේ යාත්‍රා කරන රුවල් නැව් කුණාටුවලට හසුවී අපගේ වෙරළට පාවී ඒම බුද්ධ පරිනිර්වාණ දිනයට පෙර කාලයේදීත් සිදුවන්නට ඇති නිසාය. ඉන්දියාවේ වයඹදිග වෙරළේ පිහිටි "කල්‍යාණි" වරාය නාමයෙන් අප රටේ ද බටහිර වෙරළේ කල්‍යාණියක්‌ (කැලණිය) බිහිවී තිබීම මීට එක්‌ සාධකයකි. ඉන්දියාවේ කල්‍යාණි වරායේ වෙළෙඳුන් පැමිණ වෙළෙ¹ම් කළ ස්‌ථානයට "කල්‍යාණි" ලෙස නම් තැබීම නිසා අප රටේ කැලණිය වරාය ආරම්භ වන්නට ඇත්තේ අනුරාධපුරයට පෙරදී විය හැකිය. අනුරාධපුරයේ ඇතුළු නුවර කැණීම්වලින් ක්‍රි. පූ. 900 දක්‌වා ඈතට යන බ්‍රාහ්මී අක්‌ෂර සංකේත සහිත වලං කැබලි මෙන්ම ජනාවාස ස්‌ථිර හමුවී ඇතැයි කියනු ලැබේ. ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලින් හමුවන ආකාරයේ සුසාන භූමි ඉබ්බන්කට්‌ටුව ආදී ස්‌ථානවලින් මතුකර ඇති අතර ඒවා ද ක්‍රි. පූ. 9 වන සියවසට කාලනිර්ණය කර ඇත. සිංහලයන් සමගම කාම්බෝජ යවන ආදී ආර්ය ගෝත්‍රවලට අයත් ජනයා ද මෙහි පැමිණ ජනාවාස තනා පදිංචි වූ බවට ශිලා ලේඛන මෙන්ම වෙනත් මූලාශ්‍ර සාක්‍ෂි ද පවතී. විජයාගමනය යනු මේ රටේ රාජ්‍ය පාලනයක්‌ ආරම්භ කිරීමට තරම් ප්‍රබල වූ කේවළ ආර්ය සංක්‍රමණය විය හැකිය. එය බුද්ධ පරිනිර්වාණයට සියවස්‌ කීපයකට පෙරදී වුවද සිදු වී තිබෙන්නට ඇතැයි සිතිය හැක්‌කේ ඉන්දු නිම්නයට ආර්ය සංක්‍රමණය සිදුවූයේ ක්‍රි. පූ. 2000-1500 අතර කාලයේදී යෑයි පිළිගෙන ඇති නිසාය. සිදුහත් කුමරු උපන් වංශය පවා පර්සියානු රජ පෙළපතට සම්බන්ධ බවට තදබල විශ්වාසයක්‌ පවතින හෙයින් වයඹ දිගින් ඇතුළු වූ ආර්යයන් ගංගා නිම්නය දක්‌වා නැගෙනහිරට සංක්‍රමණය වන විට ඔවුන්ගෙන් කොටසක්‌ මුහුදු මාර්ගයෙන් තම්බපණ්‌ණි දිවයිනට ළඟා නොවූයේ යයි සිතිය නොහැකිය.

එසේම විජයගේ සිට දේවානම්පියතිස්‌ස දක්‌වා රාජාවලියේ සැක සහිත තැන් ගණනාවකි. විජයගේ සිට මුටසීව රජු දක්‌වා රජවරුන් 5 දෙනකුගේ කාලය වසර 17 ක අරාජික කාලයක්‌ ද සමග වසර 236 කි. ඉන්පසු රජ වූ දෙවනපෑතිස්‌සගේ සිට සේන ගුත්තික දක්‌වා රජවරුන් 5 දෙනාගේ කාලය වසර 82 කි. ඉන් අනතුරුව රජවූ 5 දෙනාගේ කාලය වසර 36 කි. ඊළඟ පස්‌දෙනාගේ කාලය වසර 46 ක්‌ වූ අතර එම පස්‌දෙනාට පසුව රජවූ රජවරුන් 5 දෙනාගේ කාලය වසර 31 කි. පණ්‌ඩුකාභය වසර 70 ක්‌ ද මුටසීව වසර 60 ක්‌ ද ඔහුගේ දරුවන් හතරදෙනකුට වසර 70 ක්‌ ද ආදී වශයෙන් කාලය ගලපා ඇත්තේ විජයාගමනය බුද්ධ පරිනිර්වාණ දිනයේදී සිදුවූ බව තහවුරු කිරීම සඳහා දැයි සැකයක්‌ ඇතිවේ. රටක්‌ ජනාවාස වන ආකාරය පිළිබඳ නූතන උදාහරණ ලෙස අමරිකා එක්‌සත් ජනපදය හෝ ඕස්‌ටේ්‍රලියාව ගැන සලකා බලන විට ඒවායේ රාජ්‍යත්වය ඇති වූයේ වසර ගණනාවක සංක්‍රමණික ක්‍රියාවලියකට අනතුරුවය. එම කාලය තුළදී ස්‌වදේශික ජනතාවගේ ප්‍රතික්‍රියාවන්ට මුහුණ දීමේ ගැටලුව ද පැනනගී. දිවයිනට මුලින්ම පැමිණි වෙළෙඳුන් ස්‌වදේශිකයන් සමග ගනුදෙනු කළ ආකාරය පිළිබඳ ජනප්‍රවාදය හියුංසාන් වාර්තා කර තිබේ.

"තම වෙළෙඳ බඩු මාර්ගය අසල තබා සැඟවී සිටිති. වෙළෙන්දෝ එම බඩුවලට සාධාරණ මිල (හුවමාරු ද්‍රව්‍ය) එම ස්‌ථානයේ තබා පිටවී යති." මීට බොහෝ පසු කායකදී පවා ආර්යයන්ගේ කම්මල් වලින් ඊතල සාදවා ගැනීම සඳහා පැමිණි වැද්දන්ගේ සන්නිවේදන උපාය ද මීට සමාන බව වාර්තා වී තිබේ. මෙම විදේශීය වෙළෙඳුන්ගේ මුල්ම කුඩා කඳවුරු තොටුපළ ආශ්‍රිතව බිහිවන්නට ඇත. පසු කලෙක පෘතුගීසි, ලන්දේසි ආදීන් විසින් ද යොදා ගන්නා ලද්දේ එම උපක්‍රමය විය. කල්යාමේදී ස්‌වදේශිකයන් අතරින් යම් යම් පුද්ගලයන් මෙම විදේශික පිරිස්‌ හා කුළුපගවන්නට පටන් ගැනීම සන්නිවේදනයේ ඊළඟ පියවර විය. ඔවුන්ගෙන් ස්‌වදේශිකයන් පිළිබඳ තොරතුරු ලබාගැනීමත් තමන්ට අවනත පිරිස්‌ වැඩිකර ගැනීමත් සිදුවිය. ඒ අතර විදේශිකයන්ගේ යම් යම් සංස්‌කෘතික පුරුදුවලට ස්‌වදේශික පිරිස්‌ ද ඇබ්බැහි වෙති. ඊට එරෙහි වන ස්‌වදේශික නායකයන් අතර බලය පිළිබඳ සැකය හා කම්පනය ඇතිවෙයි. ඉන්පසුව ඇතිවන්නේ ගැටුම්කාරී යුගයයි. එහිදී වැඩිදියුණු වූ නව තාක්‍ෂණයෙන් හෙබි විදේශිකයෝ අවසන් ජයග්‍රහණය ලබති. ස්‌වදේශිකයෝ පරාජිතව නව සංස්‌කෘතිය තුළ ගිලීයති. මෙම ක්‍රියාදාමය සිදුවන්නට දීර්ඝ කාලයක්‌ අවශ්‍ය බව ඉතිහාසයෙන් සනාථ වී තිබේ. යුරෝපීයන්ට ඒ සඳහා 1505 සිට 1815 දක්‌වා වසර 310 ක්‌ ගතවිය. විජයාවතරණ කතාවෙන් හා කුවේණි ජනප්‍රවාදයෙන් සංකේතවත් කරන ආර්ය සංක්‍රමණයට ඊට වඩා කාලයක්‌ ගතවන්නට ඇතැයි විශ්වාස කළ හැක්‌කේ එම යුගයේ පැවති තාක්‍ෂණ මට්‌ටම අනුව සලකා බැලීමෙනි.

දීර්ඝ කාලයක්‌ තුළ සිදුවූ මෙම ක්‍රියාවලිය පිළිබඳ වාර්තා ලියා තබන්නට පිරිසක්‌ එවක නොවූ හෙයින් ඉතිහාසය ලියන ලද්දේ රාජ්‍යත්වය ඇතිවී තවත් වසර ගණනාවකට පසුව බුදු දහම තහවුරු වීමෙන් පසුවය. කටින් කට ආ තොරතුරු හා මතකයෙහි තිබුණු යුද්ධ වීරයන් පුරෝගාමීන් පිළිබඳ විස්‌තර පමණක්‌ මුල් යුගයට අදාළව ලියවෙන්නට ඇත. ජයග්‍රාහී වීරයා "විජය" නම් විය පරාජිත පාර්ශ්වය කුවේණි සහ ඇගේ ඥති පිරිසය. මතකයෙහි තිබූ නම් කීපයකින් පාණ්‌ඩ්‍ය වාසුදේව, පාණ්‌ඩ්‍ය අභය, සීව ආදීන්ගෙන් රාජාවලිය ගලපමින් මෙම රාජ්‍යය පිහිටුවීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ආශීර්වාදය හා ආරක්‍ෂාව ලැබුණු බව පෙන්වීම සඳහා විජයාගමනය බුද්ධ පරිනිර්වාණ දිනයේදීම සිදුවූ බවද සඳහන් කරන්නට ඇත. මෙම කරුණු අනුව විජයාගමනය මිථ්‍යාවක්‌ ලෙස සැලකිය හැකි නොවේ.

පුලින්දයන් නමින් ජනවර්ගයක්‌ පුරාණ ඉන්දියාවේ මිස ලංකාවේ වාසය කර ඇති බවට සාධක නැති හෙයින් සූරිය ගුණසේකර මහතා යෝජනා කර ඇති දෙවැනි කාරණය වන කුවේණියගේ දරුවන් දෙදෙනාගෙන් පුලින්දයන් බිහිවූ බවට මහාවංසයේ ඇති සඳහන ප්‍රතික්‍ෂේප වීම අපගේ ඉතිහාසයට බලපාන ප්‍රශ්නයක්‌ නොවන බව ද අවසන් වශයෙන් සඳහන් කරමි.

විජයපාල වීරවර්ධන

උපුටා ගැනීම - http://www.divaina.com/2009/07/15/feature02.html

Wednesday, December 2, 2009

විජය මුහුදු කොල්ලකරුවෙක්‌ද?

0

මහාවංශයට හා (මහාවංශටීකාව) අනුව ඉන්දියානු කාලිංග වංශික විජය යනු, පීතෘ ඝාතක සිංහබාහු නම් ස්‌වකීය සොයුරියම විවාහ කරගත් රජකුගේ පුත්‍රයෙකි. මහාවංශටීකාව අනුව සවෙනි පරිච්ඡේදයට අනුව විජය කවරෙක්‌ද යනු හොඳින් පෙන්වා දෙයි.

විජයෝ විසමාචාරො ආසි තම්පරිසා පිච
සාහසාකි අනෙකාසි දුස්‌සහානි කාරිම සුතේ - 39 ගාථාව

මෙම ගාථාව අනුව විසමාචාරො ආසි යනු - විකෘති අදහස්‌ ඇත්තෝ යන්නයි. තම්පරිසාපිච යනු - ඔහුගේ පිරිස විකෘති අදහස්‌ ඇත්තෝ යන්නයි. සහසාර්කි යනු - ස්‌ත්‍රී දූෂණ, මංපැහැරීම්, ගම පැහැරීම් වැනි සැහැසිකම් කරන්නෝ යන්නයි. මේ අනුව අපගේ මහාවංශය විජය නමැති දාමරික පවිටු අදම පුද්ගලයා පිළිබඳ පැහැදිලි හැඳින්වීමක්‌ කර ඇත. මහාවංශය හා මහාවංශටීකාව මෙරට ඉතිහාසය මනා ලෙස පෙන්වන ඓතිහාසික වටිනාකමක්‌ ඇති ග්‍රන්ථයක්‌ය.




සම්බජ තරේච දුතියං අහෝසි තතියං පන කුද්ධෝ මහාප්නො අහපුත්තං සතෙහිතෙ ඉති. (40 ගාථාව)

"තමත්ථං පටිවේදයි" යනු එවන් සැහැසිකම් හේතුකොටගෙන මහජනයා උද්ඝෝෂණය කරමින් රජුට සැල කළහ. සඤÆපෙන්වානු තොට විසින් මෙවැනි සැහැසිකම් නොකළ යුතු යන්නයි. මේ අනුව පැහැදිලි වන්නේ මහජනයා ප්‍රතික්‍ෂේප කළ සමාජයට පිළිලයක්‌ වූ පිය අවවාද පවා නොසලකා හැරි විජය පාපිෂ්ඨයකු බව නොවේද?

මහාවංශය නොතිබෙන්නට විජයගේ වර්ගය හෝ වංශයේ පැටිකිරිය අපට සොයාගත නොහැකි වනු ඇත. එබැවින් මහාවංශය පුරාවිද්‍යාත්මක මෙන්ම ඓතිහාසික මූලාශ්‍රයක්‌ ලෙස පරිශීලනය ඉතිහාස ගවේෂකයන්ට අත්‍යාවශ්‍ය වේ. විජය පිළිබඳව මහාවංශයට අනුවම ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ලංකාවට පැමිණ දහසය වියේ පසුවූ කුවේණි නම් (මහාපාලි කුමරිය) රවටා විවාහකොට ඇය අනාථභාවයට පත්කොට දරුවන් දෙදෙනෙක්‌ ද සමග මහමඟට ඇද දමා තවද ලංකාද්වීපය පාලනය කළ මහාකාල යක්‌ රජු ත්‍රස්‌තවාදී ගරිල්ලා ප්‍රහාරයකින් සිරිසවත්ථු පුරයේදී මරණයට පත්කොට එම රජුගේම රාජකීය ආභරණ පැළඳගෙන තම්මැන්නාවේ සිට පුත්තලම ආශ්‍රිත ප්‍රදේශ යටත්කොට සිටි (අනුරාධපුර සුළු කොටසක්‌ ඇතුළුව) ප්‍රභාකරන් හා සමානව රාජ්‍ය උරුමයක්‌ නොමැති විකෘති මානසිකත්වයකින් හෙබි ආක්‍රමණිකයෙකි. ඔහු මෙරට ආදි රජු ලෙස හඳුන්වාදී ඔහුගෙන් සිංහලයන් පැවත එනවා යෑයි ලංකා ඉතිහාසය උගන්වනු ලැබුවේ එවැනිම ආක්‍රමණික පිරිසක්‌ වූ පෙරදිග රටවල් මංකොල්ලකෑ විජාතික සුදු ජාතිකයන්ය. නමුත් මෙරට රජු පෙලපත (ඇතැම් රජුන් හැර) අතීත හෙළ ජනයා විජය මෙරට ආදිතම රජු සේ කිසිවිටෙකත් මූලාශ්‍ර ග්‍රන්ථවලින් පෙන්වා දී නොමැත.

රොජො ච වරරොජො ච තථා කල්‍යාණකාදුවෙ

උපොසථො ච මන්ධාතා වරකොපවරා දුවේ

මෙම ගාථාවේ තේරුම වනුයේ මහාසම්මත රජුට අනතුරුව ඔහු පුත් රෝජ, රොජගේ පුත් වරරෝජ ආදී රජ පෙලපත මෙරට රජ කළ බවය. එබැවින් වංසතථපපකාසිනී ටීකාවේ 11 පරිච්ඡේදයේ පහත ගාථාව

මහා සම්මතරාස්‌ස වංසජෝ හි මහාමුනි

කල්ලාදිස්‌මිං හි රාජායි මහාසම්මතනාමකෝ

බුදුන් වහන්සේ මහා සම්මත වංශයෙන් උපන් බව සඳහන් කරයි. මහා සම්මත රජුගේ වංශය මහාසම්මත වංශයයි.

වංසතථපපකාසිනියට අනුවම අපට පෙන්වා දිය හැක්‌කේ විජය වැනි ආක්‍රමණිකයකු මෙරට ප්‍රථම රජු ලෙස කිසිවිටෙකත් ඉතිහාසය පිළිගැනීමට ලක්‌ නොවී ඇති බවයි. ඉපැරණි රාවණා පෙළපතට අයත් පුස්‌කොළ ග්‍රන්ථ පරිශීලනයේදී විජය පෙළපතේ පැටිකිරිය හෙළිවේ. යක්‍ෂ ගෝත්‍රයේ ඇදවැටීම සඳහන් රක්‌ඛ ඉලෝතිලෝව පුරාණ පුස්‌තකය අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි. ඔහු සහ අනුගාමිකයෝ ඉන්දියානු සාගරයේ වෙළෙඳ නැව් මංකොල්ලකෑමේ යෙදී ඇති අතර, මහාකාල හෙවත් කාලබද්‍ර හෙවත් සතිස්‌කාල රජ විජය ලක්‌දිවට පැමිණෙන විට මෙරට අනුරාධපුර ප්‍රදේශයේ රජුවේ.

උහුදාරක ප්‍රවේණියෙන සතිස්‌කාල රජත බලපතිවී

(උපුටා ගැනීම - පරිගපූර්ණිකාව පුස්‌කොළ ග්‍රන්ථය)

ඉපැරණි රක්‌ඛ ඉලෝවිලෝව පුස්‌කොළ ග්‍රන්ථයකට අනුව ලංකාවේ අනුරාධපුරයේ රජු කාලභද්‍ර වන අතර ලංකාවේ වෙළෙඳ නැව් මංකොල්ලකෑ විජය ඇතුළු ආක්‍රමණිකයන් කුවේණිය හෙවත් මහාපාලි නම් තරුණ රණකාමී සෙම්පතිනියක්‌ යොදවා විජය ඇතුළු 700 ක්‌ අත්අඩංගුවට ගනු ලබයි. බුද්ධ පරිනිර්වානය සිදුවී තිබුණ මේ යුගයේ මොවුන් එළිමහන් සිරකඳවුරක රඳවා තැබූ අතර, විජය සහ කුවේණි (මහාපාලි) හමුවූ පොකුණ අදත් මානෑකන්දේ පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට ලක්‌නොවී විනාශ වෙමින් පවතී. මේ පොකුණ දැනට හඳුනා නැති රිටිගල පොකුණට වඩා විශාලත්වයෙන් වැඩිය. මෙම පොකුණ පිහිටි භූමිය රාවණා යුගයෙන් පසු නීලගිරිය ලෙස වරිගපූරණිකාවේ සඳහන්වේ. නිලගිරිදේශය (මානෑව කඳුවැටිය) උපුටා ගැනීම යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු - ත්‍රිපිඨවේදී මානෑවේ විමලරතන හිමි,

කුවේණිය රවටාගත් විජය සිරිසවස්‌ථපුරයේදී කුවේණියගේ ද සහයෙන් කලාභද්‍රද මැරූ බව මහාවංශය තහවුරු කරයි. යම් යම් තොරතුරු එකඟවිය නොහැකි වුවත් විජයගෙන් සිදුවූ ආක්‍රමණයේදී යක්‍ෂ වංශයට බරපතල හානි සිදුවී ඇති බවට අපගේ පර්යේෂණ තුළින් තහවුරු වී ඇත. එබැවින් විජය යනු ලංකාවේ පාලනයට කිසිදු උරුමයක්‌ නොමැති පරදෙස්‌ ආක්‍රමණිකයෝ බව නොපැළිගැනීම ජාතියේ අවාසනාවකි. විජය පැමිණීමට ප්‍රථම මෙරට ම්ලේච්ඡ, වනචාරී, ගෝත්‍රික ජනයා විසූ බවට ප්‍රචාරය කරන ලද්දේ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ගේ මතවාද හිස්‌ මුදුනින් පිළිගත් ඇතැම් වංශ කථාකරුවන්ය. නමුත් විජය පැමිණීමට ප්‍රථම මෙරට උද්‍යාන, ප්‍රාසාද (දැවැන්ත මාළිගා), අක්‌ෂරක්‍රම, යානා තාක්‍ෂණ සහ චාරිත්‍ර වාරිත්‍ර, හෙළ සංස්‌කෘතිකාංග පැවැති බවට අප්‍රමාණ සාක්‍ෂි ඇත. රාවණ යුගයේ මහමෙවුනා උයන, මහාමේඝ වන උයන ලෙස හඳුන්වා ඇති අතර, එයට හේතුව වන්නේ රාවණාගේ දෙටුපුත් මේඝ නාද (උපේන්ද්‍රමිණික ලෙස රක්‌ඛ විජලකාව පුස්‌කොළ ග්‍රන්ථයක සඳහන් වේ.) මොහු උත්පත්තිය ලැබුවේ මෙම අලංකාර උද්‍යානයේය. එබැවින් මෙය මේඝ වනය නම් විය. මෙහි පිහිටා තිබූ කාල ප්‍රාසාදය විජය පැමිණෙන විට මෙරට පාලකයකු වූ මහාකාල යක්‌ රජුගේ මාළිගාව පිහිටියේ ද මෙම භූමියේය. එA බව මහාවංශයේ කාල ප්‍රාසාදයක්‌ ගැන හා මේඝ වනයක්‌ ගැන ලියවී ඇති ගාථාවන්ගෙන්ම පැහැදිලිවේ.

තවද මහින්දාගමනය සිදුවන විට ශ්‍රී ලංකාවේ ගොඩනැඟිලි පැවැති බවට පැහැදිලි සාධක මහාවංශයෙන්ම පෙන්වා දිය හැක.

තං නන්දනා දක්ණේය නයං ථෙරං රථෙසහෝ

ඹහාමේඝවනුයHdනං පාචිනද්වාරකං නයි

තත්ථ රාජඝරේ රම්මේ මඤ්චපීඨානි සාධුකං

(උපුටා ගැනීම - මහාවංශය 15 පරි. 11 ගාථාව)

මහාමේඝ වනය හා මෙම රාජ ගෘහය පිළිබඳ ලිත සාධක මහාවංශයේම තිබීම ඉතිමහාසගවේශකයන්ට දේවානම් පියතිස්‌ස රජ යුගයේ ගොඩනැඟිsලි තිබූ බවට හා මේඝ වනය ලෙස හැඳින්වීම පිළිබඳ පැහැදිලි සාධකයකි.

මිහිඳු මහරහතන් වහන්සේට වාසස්‌ථානයක්‌ ලෙස මුලින්ම ලබාදී ඇත්තේ ද මෙම රමණීය රාජගෘහය වීම ආශ්චර්ය ජනකය. මහාවංශය 15 පරි. 11, 13 ගාථාවන් අධ්‍යයනයෙන් මෙම තොරතුරු ලබාගත හැක.)

එබැවින් මිහිඳු මා හිමියන් මෙරටට පැමිණෙද්දී ද ගොඩනැඟිලි නොපැවතියේ යෑයි පුහු තර්ක මතු කිරීමට විජය පරපුරට නොහැකි වනු ඇත. මෙරට ආක්‍රමණික වූ විජය විසින් ඝාතනය කළ මහාකාල (කාලභද්‍ර රජු) පසුකාලීනව කාල ප්‍රාසාදය පිහිටි වර්තමාන ජයශ්‍රීමහා බෝධි වහන්සේ ද පිහිටා ඇති මෙම භූමියේ කළු බණ්‌ඩාර දේවතාවා ලෙස වන්දනා මානයට ලක්‌වීම මොනතරම් ආශ්චර්යජනකද? එබැවින් ඉරුගල් බණ්‌ඩාර (රවි ශෛලාස පරපුර) කාලභද්‍ර යක්‌ රජු මරණින් පසු නෑයකුන් පිදීමේ සම්ප්‍රදාය අනුව යක්‍ෂ ගෝත්‍රිකයන් විසින් ජයශ්‍රීමහා බෝධි ආරක්‍ෂක දේවතාවා ලෙස ගෞරවාදරයට පත්කර ඇත. නමුත් අවාසනාවකට කළු බණ්‌ඩාර දේවතාවා එළාර රජු යෑයි පවසමින් ඉතිහාසය නොදත් ලිපිකරුවන් විසින් සමාජයට හඳුන්වාදීම කෙතරම් අවාසනාවක්‌ද?

ජාතිය පාවාදීමක යෙදුණු ලාබාල වියේ පසුවූ කුවේණිය හෙවත් මහාපාලිය අවසානයේ අත්කරගත් ඉරණම ද යකුන් දෙස්‌ තැබූ යක්‌දෙස්‌සාගල පුවතින් තහවුරුවේ. වර්තමාන කුරුණෑගල, විල්බාව ග්‍රාමයේ විලබාව රජමහා විහාරයේ පත්තිනි දේවාලය පිහිටා ඇති ගල්කුළු අසලදී කුවේණියගේ දිව කපා එක්‌ අතුල් පහරින් මරණයට පත් කළ ප්‍රතාපවත් යක්‌ පරපුරේ නරපතීහු විජයගේ දරුවන් පවා ජාතියට වැද්ද නොගත්හ. ජීවහත්ථ, දිසාලා ලෙස හඳුන්වන විජයට හා කුවේණියට දාව ඉපදුණු දරුවන් සමාජයට වැද්ද නොගත් යක්‍ෂ වංශය ඔවුන් සබරගිරි දේශයට පලවා හැරියහ. ඉන් පුලින්දයන් හෙවත් වැදි ජනයා ඇතිවූ අතර, විජාතික ලේ උරුම වැදි ජනයාගෙන් සිංහලයන් පැවත එනවා යෑයි පුහුතර්ක ඉදිරිපත් කරන්නන්ට ද බටහිර ඉතිහාසය මත ඉදිරිපත් කරන්නට ද දිය හැකි පිළිතුර වන්නේ නොදියුණු වැද්දන්ගෙන් හෙළ ජාතිය නොපැවතුණු බවය. නමුත් වැදි ජනයා ඔවුන්ගේ මුතුන්මිත්තන් රන් ආභරණ පැළඳි, ප්‍රාසාදයන්හි ජීවත්වූ දියුණු ජාතියක්‌ බව පෙන්වා දෙයි. එයට හේතුව වනුයේ කුවේණිය පාර්ශ්වයෙන් ජීවහත්ත, දිසාලාට ලැබුණු යක්‍ෂ ලේ උරුමය නිසාය. ඔවුන් මුතුන් මිත්තන් පිදීම (මළවුන් පිදීම) නෑ යකුන් පිදීම, බුදු දහම වැළඳ ගැනීම, යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් ලැබුණු ආභාෂය තුළින් අද දක්‌වාම කරගෙන යනු ලබයි.

බටහිර ඉතිහාසකරුවන් මෙරට හෙළ ජන සමාජය වැද්දන්ගෙන් හා විජයගෙන් පැවත එනවා යෑයි මෙරට අධ්‍යාපන ක්‍රමය තුළට එAත්තු ගන්වා ඇත. නමුත් ශ්‍රී රාවණා පරපුර කිසිවිටෙකත් මෙවැනි ඉතිහාසයකට පැවැත්මක්‌ ලබා නොදෙනු ඇත. මුනිදාස කුමාරතුංගයන්, අරිසෙන් අහුබුදු සූරීන් ඉදිරිපත් කළ මත අනාගතයේ මොහොන්දේජාරෝ හරප්පා, සුමේරියානු, මෙක්‌සිකෝ, මායා ශිෂ්ටාචාර ඉතිහාසය මතුවීමත් වැළලී ගිය ශ්‍රී රාවණ ඉතිහාසය හා හෙළ යුගය මතුවීම ද කිසිවෙකුටත් නොවැළැක්‌විය නොහැක.

ජලිත අමරසිංහ

උපුටා ගැනීම - http://www.divaina.com/2009/11/18/feature02.html

Thursday, November 26, 2009

හත්වන සියවස ඔපවත් කළ හර්ෂවර්ධන හා හියුංසෑන්

0


හත්වන සියවස ඔපවත් කළ හර්ෂවර්ධන හා හියුංසෑන්

හර්ෂවර්ධන යනු ක්‍රි. වර්ෂ හත්වැනි සියවසේදී ඉන්දියාවේ විශාල භූමි භාගයක්‌ පාලනය කළ ඉන්දීය ඉතිහාසයේ බිහි වූ අවසන් බෞද්ධ අධිරාජයා ය. හියුංසෑන් ද ක්‍රි. වර්ෂ හත්වෙනි සියවසේ දී දිවි ගෙවූ මානව ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම දේශාටකයන් අතරත් කැපී පෙනෙන චීන ජාතික බෞද්ධ භික්‌ෂුවකි.

ඉන්දීය ඉතිහාසයේ හින්දු පුනර්ජීවන යුගය ලෙසින් සැලකෙන ගුප්ත රාජවංශයේ අවසන් පුරුකක්‌ වූ බාලාදිත්‍යයගෙන් පසුව ගුප්ත රාජවංශයේ බිඳ වැටීම සිදු විය. ඉන්දීය භූමියේ දකුණු කොටසේ පුලකේෂින් අධිරාජයා "චාලුක්‍ය අධිරාජ්‍යය" පිහිටුවනුයේ ද එම පසුබිම තුළය.

වර්තමානයේ ප්‍රකට කර්මාන්ත පුරයක්‌ වන කෝන්පුරය ආසන්නයේ පිහිටා තිබෙන කුඩා නගරයක්‌ වන කනෞඡ් ක්‍රි. වර්ෂ හයවැනි හත්වැනි සියවස්‌ කාලවලදී සුවිශාල රාජධානියක්‌ වශයෙන් කනෞඡ් ක්‍රි. වර්ෂ හයවැනි හත්වැනි සියවස්‌ කාලවලදී සුවිශාල රාජධානියක්‌ වශයෙන් කනෞඡ් පුරය කීර්තියක්‌ ඉසිලුවේය. එය වඩාත්ම ප්‍රකට වූයේ කීර්තිමත් කවීන්, විශිෂ්ට චිත්‍ර ශිල්පීන්, සුවිශේෂ දර්ශනවාදීන්ගෙන් එම රාජධානිය සමලංකෘතවීම කරණ කොටගෙනය. ඒ වන විට කෝන්පුරය නිර්මාණය වී නොතිබුණි. "කනෞඡ්" යනුවෙන් වර්තමානයෙහි හැඳින්වූවත්, අතීතයේ එය හැඳින්වූවේ "කන්‍යාකබිජ" හෙවත් කුදු කන්‍යාව යන අර්ථයෙනි. පුරාවෘත්තයේ නැතහොත් ජන සම්මත කතාවේ එන ආකාරයට කෝපාවිෂ්ට වූ කිසියම් සෘෂිවරයෙක්‌ මහ රජෙකුගේ දූ කුමරියන් සිය දෙනකුට ශාප කොට මෙම ස්‌ථානයේ දී "කුදු" බවට පත් කොට ඇත. ඉන්පසු මෙම කුදු කුමරියන් විසූ පුරය "කන්‍යා කුබිජ" බවට පත්ව තිබේ.

එහෙත් වර්තමානයේ දී එම නගරයට කෙටියෙන් "කනෞඡ්" යෑයි වැහැරීමට පෙළඹී තිබේ. කනෞඡ් හී මහ රජු හා හන් ආක්‍රමණිකයන් අතර පැවැති සටනේ දී ජයග්‍රහණ පෙනි පෙනී තිබියදී මහ රජු මරණයට පත්වීම නිසා යුද්ධයෙන් පරාජයට පත්ව ඇත.

එසේ මහරජු මරණයට පත්කළ හන්වරු රාජදේවිය වූ රාජ

ශ්‍රී සිරකාරියක කළහ. එවිට රාජ ශ්‍රී ගේ සහෝදර රාජවර්ධන ඇයව නිදහස්‌ කර ගැනීම උදෙසා හන්වරුන් සමග සටන් වැදුණි. එම සටනේදී හන්වරුන් අතින් රාජවර්ධන රජුත් මරණයට පත්විය. ඉන්පසුව රාජවර්ධනගේ බාල සොහොයුරු හර්ෂවර්ධනයන් සිය වැඩිමහලු සොයුරිය වූ රාජ ශ්‍රී සොයා පිටත් වී හන්වරුන් ගෙන් මිදී වනගතව අපා දුක්‌ විඳිමින් සිටි සොයුරිය සොයා ගැනීමට සමත් විනි.

මේ ආකාරයට සිය සොහොයුරිය සොයා ගැනීමෙන් පසුව, සිය පරපුරේ අභිමානය ගොඩ නැගීම උදෙසා සතුරු බලවේගවලට එරෙහිව සටන ඇරැඹීමටත් හර්ෂවර්ධන කුමරු පෙළඹුණි. ඒ අනුව ඉතාමත් කෙටි කාලයක්‌ තුළදී සමස්‌ත උතුරු ඉන්දියාව ම යටත් කර ගැනීමට හර්ෂවර්ධන සමත්වීම සුවිශේෂ සිද්ධියකි. උපතින්ම බෞද්ධයකු වූ හර්ෂවර්ධන රජු, ගුප්ත පාලන සමයේ බිඳ දමා තිබූ බෞද්ධ සිද්ධස්‌ථාන නැවත පිළිසකර කරමින් බුදුදහමට පුනර්ජීවනයක්‌ ලබාදීමට දැඩි උත්සාහයක නිරත විණි.

දකුණෙන් වින්ධ්‍යා කඳුවැටිය දක්‌වා සිය රාජධානිය පුළුල් කළ හර්ෂයන්ට දකුණේ පුලකේශින් ගේ චාලුක්‍ය රාජධානිය ජය ගැනීමට නොහැකි විය. කනෞඡ් පුරය හර්ෂවර්ධනයන්ගේ රාජධානිය බවට පත්විය. කවියකු මෙන්ම නාට්‍ය රචකයකු ද වූ හර්ෂවර්ධනයන් සිය රාජධානිය කවීන්ගෙන් හා චිත්‍ර ශිල්පීන්ගෙන් බැබලවීමට කටයුතු කළේය. ඔහුගේ බෞද්ධකමත්, ඉහත කී කවීන් හා චිත්‍ර ශිල්පීන්ට නිසි තැනදී කටයුතු කිරීමත් මත කනෞඡ් පුරය ලෝක ප්‍රකට විය.

බමුණන් ගිල ගනිමින් තිබූ බුදු දහම නැවත ඔසොවා තැබීමට පියවර ගත් හර්ෂවර්ධනයන් ගේ සමයේ දීම තවත් ඓතිහාසික සිද්ධියක්‌ සිදු විණි. කීර්තිමත් දේශාටකයකු වූ චීන ජාතික බෞද්ධයකු ද වූ හියුංසෑන් ඉන්දියාවට පැමිණීම එම සුවිශේෂ සිද්ධිය යි.

හියුංසෑන් ගේ චාරිකා වෘත්තාන්තවල ඉන්දියාව පිළිබඳවත් ඉන්දියාවට පැමිණෙද්දී පසුකර පැමිණි මධ්‍යම ආසියානු රටවල් ගැනත් දීර්ඝ විස්‌තර ඇතුළත්ව තිබේ. භක්‌තිමත් බෞද්ධයකු වූ හියුංසෑන්ගේ අරමුණ වූයේ බෞද්ධ සිද්ධස්‌ථාන වැඳ පුදා ගැනීම හා හැකි තරම් බෞද්ධ පොත් පත් එකතු කර ගැනීමය. ගෝබී කාන්තාරය ඔස්‌සේ පා ගමනකින් පැමිණි හියුංසෑන් තුමා ටාෂ්ඛාන්, සමරඛාන්, බාල්ක්‌, ඛෝටාන් හා යාඛාන් ආදී නගරවලටත් ලංකාවටත් පැමිණියේය. ඔහුගේ දේශාටන වාර්තාව වූ කලී තමා සංචාරය කළ රට රාජධානියන්හිදී දක්‌නට ලැබුණ දේ පිළිබඳ විශ්මයජනක වූත්, චමත්කාර ජනකවූත් තොරතුරු සමුච්චයකි. බුදුරජාණන් වහන්සේ හා බෝධිසත්ව වරුන් පිළිබඳව ඔහු අසා ඇති සෘද්ධි ප්‍රාතිහාර්යමය පුරාවෘත්ත හියුංසෑන් විස්‌තර කර ඇත්තේ විශිෂ්ට අන්දමිනි.

වසර ගණනාවක්‌ ඉන්දියාවේ ගතකළ මොහු වැඩි කාලයක්‌ වාසය කළේ පාඨලී පුත්‍ර නගරය ආසන්නව පිහිටි නාලන්දා විශ්වවිද්‍යාලයෙහිය. මහා සංඝාරාමයකින් හා මහා සරසවියකින් සමලංකෘත වූ නාලන්දා විශ්වවිද්‍යාලයෙහි එසමයේ අභ්‍යන්තර ශිෂ්‍යයන් වශයෙන් ගිහි පැවිදි දසදහසක්‌ දෙනා ශාස්‌ත්‍රොaද්ග්‍රහණය කළහ. බ්‍රාහ්මණයන්ගේ ඥන ක්‌ෂේත්‍රය හැටියට ප්‍රකට වූ බරණැස හා තරගයට මෙන් බෞද්ධ ශාස්‌ත්‍රාලෝකය විහිද වූයේ මේ නාලන්දා සරසවිය යි.

හියුංසෑන් ඉන්දියාවට පැමිණියේ ක්‍රි.වර්ෂ 629 දීය. චීනයේ සිට මෙම චාරිකාව අරඹන විට ඔහුගේ වයස අවුරුදු 26 කි. ඔහු පිළිබඳව චීන වාර්තාවල සඳහන් වන ආකාරය මෙසේය.

"ඔහුගේ වර්ණය පැහැපත් ය. දෙනෙත් දීප්තිමත් ය. බැල්ම රළු වුවද මහේශාක්‍ය ය. ඔහුගේ සෑම අංග ලක්‍ෂණයක්‌ ම සුන්දර විය. දීප්තිමත් විය. පෘථිවියේ ඇති මහා සමුද්‍රය ලෙසින් ඔහුගේ පෙනුම ප්‍රතාපවත් විය. ජල මධ්‍යයෙන් මතුවී හිස ඔසවා සිටින නෙළුම් මලක්‌ මෙන් හෙතෙම පිරිසිදු විය. පැහැපත් විය."

එවක චීන අධිරාජයාගේ තහනම පවා නොතකමින් මෙම වීරයා ස්‌වකීය අභීත චාරිකාව ඇරැඹුවේ භික්‌ෂුන් වහන්සේ කෙනෙකුගේ කසාය චීවරයෙන් පමණක්‌ සැරසී, හුදකලාවමය. ජීවිත තර්ජනය නොතකා ගෝබි මරු කතර තරණය කළ හෙතෙම කාන්තාරය මධ්‍යයේ පිහිටි ටර්ෆාන් නමැති රාජධානියේ මඳ කලක්‌ ගතකර තිබේ. කාන්තාරය මැද පිහිටි මේ රාජධානිය සංස්‌කෘතිය පිළිබඳ අරුම පුදුම ක්‌ෂේම භූමියක්‌ විය. වර්තමානයේ මළ භූමියක්‌ බවට පත්ව ඇති මෙම භූමිය හියුංසෑන් පැමිණෙන විට විශිෂ්ට සංස්‌කෘතියකින් පණ ගැසී තිබූ අයුරු ඔහුගේ දේශාටන වාර්තා මගින් අනාවරණය වී ඇත.

ටර්ෆාන් රාජධානියෙන් නික්‌මී හියුංසෑන් ඊළඟට පැමිණියේ මධ්‍යම ආසියාවේ "ක්‍රච" නගරය වෙතය. අති දක්‌ෂ සංගීතඥයන් නිසාත්, රූමත් පුරඟනන් නිසාත් එම පුරවරය ප්‍රසිද්ධියට පත්ව තිබිණි. එහි සංස්‌කෘතියත්, වෙළෙඳ කටයුතුත් අයිරානයෙන් උරුම වූ ඒවා විය. එහි භාවිතා වූ භාෂාව සංස්‌කෘත, ලතින්, පුරාණ පර්සියානු භාෂාව හා සෙල්ටික්‌ භාෂාවලට නෑකම් කියන්නක්‌ විය. එය වූ කලී විශ්මයජනක සංයෝජනයකි.

මේ ආකාරයට දේශයෙන් දේශය පසුකොට තුර්කියට පැමිණි හියුංසෑන්ට මධ්‍යම ආසියාවේ විශාල කොටසක්‌ යටත් කොට ගෙන සිටි මහාඛාන් අධිරාජයා නමැති ඉතා බලවත් බෞද්ධ රජෙකු දැක ගැනීමට ලැබී තිබේ. ඉන් අනතුරුව සමර්ඛාන්, බල්ක්‌ පසුකොට කාබුල් නිම්නය ඔස්‌ස්‌ කාශ්මීරය හරහා ඉන්දියාවට පැමිණීමට හියුංසෑන් සමත් ව තිබේ.

මේ කාලයේ චීනය පාලනය කළේ ටෑං රාජවංශය යි. සී - ඇන් - ෂු නගරය අග නගරය කොටගෙන බැබලුණු චීන අධිරාජ්‍යය ශාස්‌ත්‍රයේ හා කලාවේ මධ්‍යස්‌ථානය විය. එසමයේ ලෝක සභ්‍යත්වයේ මුදුන් මල්කඩ බවට පත්වී සිටියේද චීනයයි. හියුංසෑන් පැමිණියේ මෙතරම් උසස්‌ සභ්‍යත්වයක්‌ උරුම කරගත් භූමියක සිටය. ඔහු සංචාරය කළ සෑම රාජධානියක්‌ ම සිය මව්බිම හා සස¹ වාර්තා සටහන් තැබීමට හෙතෙම පෙළඹීමත් කැපී පෙනෙන කාරණයකි. ඉන්දියාවේ තත්ත්වය පිළිබඳව ඔහු බැසගත් නිගමන අගනා බව අමුවෙන් කිව යුතු නොවේ. ඉන්දියානු ජනතාවත්, පරිපාලන ක්‍රම පිළිබඳවත් ඔහු බෙහෙවින් වර්ණනා කර ඇත්තේ මෙසේය.

"ඉන්දියානු ජනතාව සැහැල්ලු සිතුම් පැතුම් ඇති වුවද සෘජු හා ගරු කටයුතු අය බව කිව යුතුය. මුදල් කටයුතුවලදී ඔවුන්ගේ කිසිම කපටිකමක්‌ නැත. යුක්‌ති ධර්මය හෙවත් අධිකරණ කටයුතුවලදී ඔව්හු ඉතා ඉවසිලිවන්ත ය. චරිතයෙන් ඔව්හු කපටි කෛරාටික හෝ මිත්‍රෙද්‍රdaහී නොවෙති. දිව්රුම් හා ප්‍රතිඥ ඉටු කිරීමේ දී අතිශයින් විශ්වාසවන්ත ය. රාජ්‍ය පරිපාලනයෙහිදී අකුටිල වූ මේ ජනතාව සාමාන්‍ය හැසිරීමෙහි දී මහාත්ම ගති හා සුන්දර ගුණ ප්‍රදර්ශනය කරති. අපරාධකාරයන් හා කැරැළිකරුවන් ගැන කිව යුත්තේ ඔවුන් ගණනින් ඉතා සුළු බවයි. කරදර ඇති වෙතත් ඇති වන්නේ අතරින් පතරය."

"රාජ්‍ය පරිපාලනය කාරුණික ප්‍රතිපත්ති මත පිහිටා ඇති බැවින් විධායක යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම ඉතා පහසුය. ජනතාවගේ බලයෙන් වහල් මෙහෙවරක්‌ ගැනීමක්‌ නැත. අයබදු සාධාරණය. පුද්ගලයන් වශයෙන් ඔවුන් රජයට කළ යුතු මෙහෙය මධ්‍යස්‌ථය. ලෞකික වශයෙන් ඔව්හු සාමයෙන් හා සමාදානයෙන් පසුවෙති. ජීවිකාව සඳහා ගොවිතැන් කරති. රජයේ ඉඩම් වගා කරන ගොවියෝ අස්‌වැන්නෙන් හයෙන් එකක්‌ අය බදු වශයෙන් ගෙවති. වෙළෙඳ ජනයා එති. යති. වෙළෙ¹මෙහි යෙදෙති."

හියුංසෑන් ඉන්දියාව තරණය කළ සමයේ එහි අධ්‍යාපනය ක්‍රමවත්ව සංවිධානය වී තිබුණි. එම අධ්‍යාපන ක්‍රමයට අනුව හෝඩි පොත ඉගෙනගත් දරුවා හෝ දැරිය වයස හතේ දී පංචවිධ ශාස්‌ත්‍ර ඉගෙනීම අරැඹිය යුතු විය. මේ කාලයේ ඉන්දියාවේ ශාස්‌ත්‍ර යනුවෙන් භාවිතා වනුයේ පිරිසිදු වශයෙන්ම ආගමික විෂයයන් ය. එහෙත් අතීතයේ දී ශාස්‌ත්‍ර යන්නෙන් අදහස්‌ වූයේ ඥන වර්ධනයට ඉවහල් වූ විවිධ ශාස්‌ත්‍රයි. එසමයේ උගන්වන ලද පංච ශාස්‌ත්‍ර මේවාය.

i ව්‍යාකරණය

ii විද්‍යා හා කලා ශිල්ප

iii වෛද්‍ය ශාස්‌ත්‍රය

iv තර්ක ශාස්‌ත්‍රය

v දර්ශනවාදය

මේ ශාස්‌ත්‍ර ඉගැන්වීම් විශ්වවිද්‍යාල මගින් කෙරුණු අතර සාමාන්‍ය වශයෙන් වයස (30) තිහ වන විට මේ පංචවිධ ශාස්‌ත්‍රය පිළිබඳ සම්පූර්ණ අධ්‍යාපනය අවසන් වෙයි. ජනතාව අතුරින් බොහෝ දෙනෙක්‌ මේ තත්ත්වය දක්‌වා උගත්හයි සිතිය නොහැකිය. එසේ වුවත් අධ්‍යාපනය භාරව සිටියේ භික්‌ෂුන් වහන්සේ බැවිනුත්, උන්වහන්සේ සුලබව විසූ බැවිනුත් මූලික අධ්‍යාපනය රට මුළුල්ලේ ම පැතිරී පැවැති බව අවිවාදිතය.

ප්‍රයාගතිර්ථයේ පැවැති "කුම්භමේලා" නම් මහා උත්සවය පිළිබඳ චමත්කාරජනක විස්‌තරයක්‌ හියුංසෑන් ගේ පොතෙහි සඳහන් කෙරේ. වසර 1300 කට පෙර හියුංසෑන් එම හින්දු සැණකෙළිය නරඹන විටදීත් එය

පැරැණි උත්සවයකි. වෛදික යුගයේ සිට පැවැත ආ සිරිතකි.

හර්ෂවර්ධන රජු බෞද්ධයකු වුවත්, මේ හින්දු සැණකෙළිය නැරැඹීමට ගිය ආකාරය හියුංසෑන් විස්‌තර කරයි. කුම්භමේලා උත්සවයට පැමිණෙන ලෙසට සමස්‌ත භාරත ජනතාවටම හර්ෂවර්ධන අධිරාජයා ඇරැයුම් කර තිබේ. මේ උත්සව සමයේ දී ඊට සහභාගි වන සමස්‌ත ජනතාවටම ආගන්තුක සත්කාර ලබාදීම හර්ෂවර්ධන රජු විසින් සිදු කිරීම තවත් සුවිශේෂතම සිද්ධියකි.

මේ ආකාරයට වසර 05 කට වරක්‌ පැවැත්වෙන කුම්භමේලා සැණකෙළියට සහභාගී වන ලක්‌ෂ සංඛ්‍යාත ජනතාවකට ආහාර ඉඳුම් හිටුම් ඇතුළු ආගන්තුක සත්කාර කිරීමට අතිරේකව, හර්ෂවර්ධන රජු සිය භාණ්‌ඩාගාරයේ තිබූ අතිරික්‌ත රත්රන්, මැණික්‌ හා පටපිළි ජනතාව අතර බෙදාදීමත් සිරිතක්‌ව තිබූ බව හියුංසෑන් සිය, වාර්තාවන්හි සඳහන් කරයි. අතිශය භක්‌තිමත් බෞද්ධ රජකු වූ හර්ෂවර්ධනයන් ස්‌වකීය අධිරාජ්‍යය තුළ ආහාර පිණිස සතුන් මැරීම නීතියෙන් තහනම් කොට තිබී ඇත. එසමයෙහි භාරතයේ පැවැති උතුම් සිරිතක්‌ වූයේ උගතුන්, වියතුන් හා සිල්වතුන් කෙරෙහි මහරජු විසින් හා මහ සෙන්පතිවරුන් විසින් දක්‌වන ලද දැඩි ගෞරවය යි. මේ ආකාරයට තිරශ්චීන බල පුළුවන්කාරකමට හෝ වත් පොහොසත්කමට හෝ නොව උගත්කමටත්, යහපත් බවටත් මුල්ම ගෞරවය පිදීමේ සිරිත ඉන්දියාව හා චීනය විසින් ලොවට උගන්වන ලද බවත් හියුංසෑන්ගේ වාර්තා පෙන්වා දෙයි.

මේ ආකාරයට වසර ගණනාවක්‌ ඉන්දියාවේ සැරිසැරූ දේශාටන හියුංසෑන්තුමා උත්තර කඳුවැටිය තරණය කරමින් සිය රට බලා ගිය බවත් ඔහුගේ වාර්තා මගින් අනාවරණය වී තිබේ. මධ්‍යම ආසියාව පුරා පැවැති බෞද්ධ විහාරාරාම ගැනත් මොහු සඳහන් කරයි. පර්සියාව, ඉරාකය හෙවත් මෙසපොතේමියාව, මොසුල් පසුකොට සිරියාවේ දේශසීමා දක්‌වා වූ දේශ දේශාන්තරයන් හි බෞද්ධ විහාරාරාම පැවැති බව මොහු කියා ඇත්තේ මෙසේය.

"උගත්කම ගැන එතරම් තැකීමක්‌ නැති ඔව්හු මුළුමහත් කාලයම කලා ශිල්පයට කැප කරති. අසල්වැසි රටවල ජනතාව මේ කලා කෘති අතිශයින් අගය කරති."

ක්‍රි. වර්ෂ 606 දී රාජ්‍යවර්ධන රජුගේ බාල සොහොයුරු වූ හර්ෂවර්ධනයෝ තනේශ්වාරය, කනෞජය යන දෙරාජධානියේ රජකමට පත්වූහ. මෙම වර්ෂයේ පටන් හර්ෂ වර්ෂය ඇරැඹිණි. ග්‍රහවර්මන් රජුගේ මරණයෙන් හිස්‌වූ කනෞජ සිංහාසනය මෞඛරී රාජධානියේ ඇමැතිවරුන්ගේ අයෑදුම පරිදි බිසවුන් ඇයගේ හිමියන් සතු රාජධානිය පාලනය කිරීම උදෙසා හර්ෂවර්ධනයන් හා එක්‌වූ බවට චීන මූලාශ්‍ර සඳහන් කරයි. මුලදී හර්ෂයෝ රාජපුත්‍ර යන ආරූඪ නාමයෙන් පෙනී සිටි අතර පරිපූර්ණ රාජ්‍යත්වය හඟවන නම් ගත්තේ ක්‍රි. වර්ෂ 612 දීය. ග්‍රහවර්මන් රජුගේ සහෝදර වූ ද මෞඛරී ඔටුන්නට නීත්‍යනුකූල ලෙස උරුමකම් පෑවා වූද අධිරාජ්‍ය නාමයෙන් පවා ගත්තා වූද අවන්තිවර්මන් රජුගේ විරුද්ධත්වය මෙසේ නියම රාජ නාමය ගැනීම පමා කිරීමට හේතු වූ බවට විශ්වාස කෙරේ. හර්ෂයෝ, සිය අගනුවර කන්‍යාකුබිජ හෙවත් කනෞජය නගරයට ස්‌ථාන මාරුකොට එය උතුරු ඉන්දියාවේ දේශපාලන මධ්‍යස්‌ථානය බවට පත්කළහ.

හර්ෂයන් යටතේ කන්‍යා කුබිජ හෙවත් කනෞජය උතුරු ඉන්දියාවේ ප්‍රධාන නගරය වූයෙන් පාටලීපුත්‍රයේ කීර්තිය ද ඉක්‌මවිය. හියුංසෑන් වාර්තාවන්ට අනුව මෙම නගරය දිගින් සැතපුම් 05 ක්‌ ද, පළලින් එක්‌ සැතපුමක්‌ද තරම් සුවිශාල නුවරක්‌ විය. එහි අලංකාර බෞද්ධ විහාර සියයක්‌ පමණද, හින්දු දේවාල 200 ක්‌ පමණද තිබූ බවත් එම වාර්තා පෙන්වා දෙයි.

හියුංසෑන් වාර්තාවන්ට අනුව කනෞජයේ විශාල සම්මේලනයක්‌ පැවැත්විණි. හියුංසෑන් හා භාස්‌කරවටන් යන දෙදෙනා ගංගා නදී දක්‌ෂිණ තීරයේ පිහිටි කඳවුරින් නික්‌ම රැස්‌වෙනා තැනට පැමිණි කල හර්ෂවර්ධන රාජයාණෝ රාජ කුමාරයනුත්, භික්‌ෂුනුත් විසින් පිළිගන්නා ලදහ. ඇතකු පිට රන් මුවා බුදු පිළිම වහන්සේ නමක්‌ වැඩම කරවාගෙන ගිය පෙරහැරකින් සම්මේලනයේ කටයුතු ඇරැඹි පෙරහැර නිමාවීමෙන් පසුව පිළිම වහන්සේ ඉදිරිපිට බුද්ධ පූජාවක්‌ පවත්වා මහා දානයක්‌ද දුන්හ. ඊළඟට සභාවේ කටයුතු ඇරැඹුණෙත් යුයේං - ටිසාං වන්දනාකාර තෙමේ මහායාන නිකායට අයත් දහම් දෙසීම සිදු කළහ.

ගංගා යමුණා යන දෙ නදියේ පාරිශුද්ධ වූ දෙමෝදර පිහිටි ප්‍රයාගයේ (අහලබාද්හී) හර්ෂයෝ පස්‌ වසරකට වරක්‌ ඉතා සංසුන් උළෙලක්‌ (කුම්භමේලා උළෙල) පැවැත්වීමට පුරුදුව සිටියහ. කනෞජයේ සම්මේලනය නිමා වූ පසු හර්ෂයෝ ප්‍රයාගයේ පැවැත්වුණු සවැනි පංච වාර්ෂික උළෙල නරඹනු සඳහා හියුංසෑන්ටත් ඇරැයුම් කළහ. දින හැත්තෑ පහක්‌ (75) මුළුල්ලේ පැවැති මෙම උළෙලට සහභාගී වනු පිණිස ඉන්දියාවේ නොයෙක්‌ දෙසින් රාජ කුමාරවරු බොහෝ පැමිණියහ. තාවකාලික වශයෙන් ඉදිකළ විහාරයකට පළමුවැනි දවසේ බුදුන්ගේ පිළිමයක්‌ වැඩම කරවා අගනා වටිනා බොහෝ දේ සැදැහැ සිතින් පූජා කළහ. දෙවැනි. තෙවැනි දිනවල දී ඉරු දෙවියන්ගේත්, සිව දෙවියන්ගේත්. පිළිම වැඩම කරවා පුදන ලදී. එහෙත් මේ දෙ දිනේ පිදූ දෑ පළමු වනදා පිදූ දෑ තරම් අගනා නොවීය. සිව් වෙනි දිනයේදී දස දහසක්‌ (10,000) බෞද්ධ භික්‌ෂුන් උදෙසා සිව්පසය දෙවිණි. ඊළඟ විසි දිනය තුළ බමුණන්ට දන්දීම සිදු කෙරිණි.

ඊළඟ දස දිනය ජෛනයනටත්, අන්‍ය නිකායවාදීනටත් දන් දීමෙන් ගත කෙරිණි. තවත් දින දහයක්‌ තුළදී යාචකයනට දන් දීම සිදු කෙරුණු අතර, ඊළඟ මාසය තුළ දුගියනටත්, අනාථ දරුවන්ටත්, අසරණයන්ටත් දන්දීම සිදු කෙරිණි. මේ ආකාරයට දන් දෙන අතර ගෙවී ගිය වසර පහක (05) කාලය තුළ රැස්‌ කළ ධනය නිමා වීමත් සුවිශේෂ කාරණයකි. පිනට දීමත්, පර වැඩ කැමැත්තත් පිළිබඳ මෙබඳු ආදර්ශයකට සමානයෙක්‌ ඉන්දීය ඉතිහාසයේ පවා කිසි කලෙක නොවී යයි "ඉන්දීය ඉතිහාසය" ග්‍රන්ථයේ කතුවරුන් වන නරේන්ද්‍ර කෘෂ්ණ සිංහ හා අනිල් චන්ද්‍ර බැනර්ජි සඳහන් කරයි.

හර්ෂයන්ගේ මුතුන් මිත්තෝ ඉරු දෙවියන් ඇදහූවෝ වූහ. හර්ෂයන් ද මුල් කාලයේ දී ශිව භක්‌තිකයකු ව සිට සිය බෞද්ධ සොහොයුරිය වූ රාජ්‍ය

ශ්‍රී බිසවගේ මඟපෙන්වීම මත බෞද්ධයකු බවට පත් වූ බවට සිංහ හා බැනර්ජි ආචාර්යවරු විශ්වාසය පළකරති.

හර්ෂයන්ගේ සාහිත්‍යය ක්‍රියාමාර්ග අතර වඩාත් කැපී පෙනෙන කාරණය වනුයේ රජය සතු බිමේ ආදායමින් සතරින් කොටසක්‌ උගතුන්ටත්, ගත් කතුවරුන්ටත් තෑගි දීමනා පිණිස වෙන් කිරීමය. බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ ලෝක ප්‍රසිද්ධ මධ්‍යස්‌ථානයක්‌ වූ නාලන්දාවට හර්ෂයෝ සුවිශාල ධන පරිත්‍යාග සිදු කළහ.

නාලන්දා විශ්වවිද්‍යාලය පිළිබඳ හියුංසෑන්ගේ විග්‍රහය තුළ මෙසේද දැක්‌වේ

"බෞද්ධ, බ්‍රාහ්මණික යන දෙකොටසට අයත් ආගමික සාහිත්‍ය ඇතුළු නොයෙක්‌ විෂයයන් උගන්නා ශිෂ්‍යයෝ දසදහසක්‌ (10,000) දෙනෙක්‌ එහි ශිල්ප හැදෑරූහ. රාජ පරපුරු කිහිපයකම ශ්‍රද්ධාව, ලැගුම්හල්. දෙසුම්හල් යන දෙවගින් යුතු ශිෂ්ටාලංකාර ගොඩනැඟිලි වලින් සමලංකෘත කිරීමට පමණක්‌ නොව ගුරු ගෝල දෙවගින් යුත් මේ සුවිශාල ජනකායට අවශ්‍ය දෑ සැපයීමට ද හේතුවිය. ගම් සියයක පමණ ආදායම මේ සඳහා වියදම් කෙරිණි.

"නාලන්දාවේ ගුරුවරු ඉහළතම හැකියාවෙනුත්, දක්‌ෂකමිනුත් යුක්‌තෝ වූහ. මුළු විදුහල් පරිසරයම බුද්ධිමත් උෙද්‍යාaගයකින් බරව පැවැතිණි."

හර්ෂයෝ තමනුත් නම් දැරූ කවියකු නිසාම දෝ ගත්කරුවනට විශේෂ අනුග්‍රහයක්‌ දැක්‌වූහ. ඔහුගේ රාජ සභාව ආලෝකමත් කිරීමට "හර්ෂ චරිතයේ" ත් කාදම්බරියේත්, කතුවරයාණන් වූ බාණභට්‌ටයන් විශේෂයෙන් හේතු විය. හර්ෂයෝත් "ප්‍රියදර්ශිකා, රත්නාවලී, නාගානන්ද" යන සුප්‍රකට දෘෂ්‍ය කාව්‍යයන් තුන රචනය කළහ.

මේ ආකාරයට බුදු දහමට, අධ්‍යාපනයට, සාහිත්‍ය ක්‌ෂේත්‍රයට, සෙසු ආගම්වලටත්, භාරත සමාජය ආලෝකමත් කිරීමටත් අනූපමේය මෙහෙවරක්‌ ඉටුකළ හර්ෂවර්ධන අධිරාජයා ක්‍රි. වර්ෂ 646 - 647 අතරතුර දී කිසිවෙකු නොසිටීම මත අර්ජුන නමැති ඇමැතිවරයකු අත්පත් කරගත් බවත් ඉන්දීය ඉතිහාසය පෙන්වා දෙයි.

මේ අනුව හර්ෂවර්ධන අධිරාජයාගේත්, ප්‍රකට දේශාටක හියුංසෑන්ගේත් සබඳතාවය බුදු දහමටත්, ඉන්දීය සංස්‌කෘතියටත්, අධ්‍යාපනයට සේම පුළුල් වශයෙන් ඉන්දීය ජන සමාජයටත් සිදු කළ යහපත් බලපෑම සුළුපටු නොවේ. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව හියුංසෑන් සහ බාණභට්‌ටයන් ඔවුන් තුළ හර්ෂවර්ධනයන් කෙරෙහි භක්‌තිය, මිත්‍රත්වය පාදක කරගෙන අධිරාජයාට පක්‌ෂපාතීව ඔහුගේ යුගය පිළිබඳ සටහන් තබා ඇති බවයි.

ඌවතැන්නේ සුමන හිමි

උපුටා ගැනීම

Monday, November 16, 2009

රාවණාගේ වැඩිමහල් සොයුරු වෛශ්‍රවණ

0
රාවණාගේ වැඩිමහල් සොයුරු වෛශ්‍රවණ
 
ලංකාද්වීපයෙහි පාලන තන්ත්‍රයේ සිටිමින් රටට කළ සේවාව අධි සම්භාවනාවට පාත්‍ර කරනුවස්‌ දේවත්වාරෝපිත ඓතිහාසික චරිත අතුරින් බුදුදහම ව්‍යාප්ත වීමෙන් අනතුරුව රට කරවූ මහසෙන්, වලගම්බා වැනි රජවරු මුල් තැනක්‌ ගනියි. බුද්ධකාලයට පෙරසිටම විධිමත් පැහැදිලි කාල නිර්ණයක්‌ කර නොගත් යුගයේ සිටි රාජ්‍යතාන්ත්‍රිකයන් කීප දෙනකු ද මෙරට පුරාණෝක්‌ති ඇසුරේ දැකිය හැක. 

රාවණා, විභීෂණ හැරුණුකොට වෛශ්‍රවණ යන නාමයද ඒ අතර වේ. විශේෂත්වය නම් බෞද්ධාගමික සංකල්පීය පදනමේ නොවූවද මෙම පුරාතන රජවරු මහසෙන්, වලගම්බා වැනි පසු කාලීනව ගොඩනැඟුණු දේවාත්මයන්ට වඩා තිර භාවයකින් අද දක්‌වාම විවිධ ආගමික සංස්‌කෘතික වටපිටාවන්ගේ ස්‌ථානගත වීමය. පසු කාලීනව බෞද්ධ සාහිත්‍යකරුවන් මෙන්ම ඒ ඒ සංස්‌කෘතීන් ඇසුරෙහි සිටි සාහිත්‍යකරුවන් තම තමන්ගේ ආගමික ලබිධියට මොවුන් ඈ¹ගනිමින් තම පුරාණ ප්‍රබන්ධයන් නිර්මාණය කර තිබෙන ආකාරයක්‌ පෙනී යයි. ඇතැම් රජවරු මෙන්ම දෙවිවරුද බුදුමගෙහි යමින් සෝවාන් ඵල ලැබූ බව ද තවත් අයෙක්‌ හින්දු ආගමෙහි වූ ප්‍රබල ධ්‍යාන ලබා තිබූ බවද මේ අනුව සඳහන් වේ. ඇතැම් දෙවිවරු සෝවාන් ඵල ලබා බුදු දහම වෙනුවෙන් විවිධාකාර සේවාවන්ද ඉටුකර ඇති බව බෞද්ධ සාහිත්‍ය පතපොතෙහි සනිටුහන්ව ඇත. අනෙක්‌ ආගමික සංස්‌කෘතීන් ඇසුරේද එසේමය.

වෛශ්‍රවණ කුවේර හෙවත් විශ්‍රවාන් සෘෂිවරයාගේ පුත්‍රයකු බැවින් විශ්‍රව පුත්‍ර නමින්ද හඳුන්වන වෛශ්‍රවනයෝ දකුණු ආසියාතික ජන සමාජය ශිෂ්ටාචාරගත වීමත් සමගම ක්‍රමයෙන් වර්ධනය වූ බ්‍රහ්ම කුල ඔස්‌සේ සමාජගත වූ ආකාරයක්‌ දක්‌නට තිබේ.


මෙවැනි බොහෝ කරුණු කාරණාවන්හි ඓතිහාසික පදනම සඳහා පාදක වී ඇත්තේ හින්දු දේව සංකල්පය වන බවද මෙරට රාවණා රාජධානියේ කතා පුවතින්ද ෙත්‍රෙවේද ග්‍රන්ථ ගුරුකොට කළ එළි පිවිසි ෂඩ්විධ වේදාංග කෘතිද, කෞටිල්‍ය අර්ථ ශාස්‌ත්‍රය ඇතුළු තවත් බොහෝ ශාස්‌ත්‍ර ග්‍රන්ථද, ධර්ම සූත්‍ර නමින් ව්‍යවහාරයට පැමිණි ග්‍රන්ථයන් ද, මේවා අතර මුඛ්‍යස්‌ථානයක්‌ දිනා ගන්නා මානව ධර්ම ශාස්‌ත්‍රය හෙවත් මනුස්‌මෘති නමැති කෘතියෙන්ද ඒවායේ කර්තෘත්වය සමග ඈ¹ ඇති සෘෂිවර මුණිවර චරිතයන් කේන්ද්‍රීය කොට විකසනය වන භාෂ්‍යය පරපුර පිළිබඳවද සංසන්දනාත්මකව සිතීමේදී වටහා ගැනීමට අපහසු නොවේ.


පුරාණයෙහි ලංකා පුර පාලනය කළ රාවණා රජුගේ වැඩිමහලු සොහොයුරෙකු වන වෛශ්‍රවණයෝ පිළිබඳව විවිධ මතවාදයන් අතර පැරණි බෞද්ධ පාලි ග්‍රන්ථයන්හි, වෛශ්‍රවණ යනු සතරවරම් දෙවියන්ගෙන් කෙනෙකු බවද සඳහන්ය. වසර 90000 ක ආයු කාලයක්‌ සහිත වුවද මරණය නමැති ලෝකධර්මතාවයට යටත් කෙනෙකු බව සඳහන්ය. ලෝකයෙහි උතුරු අර්ධයෙහි ඇති උතුරු කුරු දිවයිනෙහි අධිපති ලෙස පෙනීසිටින බව ප්‍රවාදගතය.


බුත රට්‌ඨෝච ගන්ධබ්බෝ - විරුල්හෝ රක්‌ඛාධිපඃ


විරූපක්‌ඛෝච කුම්භණ්‌ඩෝ - වෛශ්‍රවණෝ යක්‌ඛාධිපඃ


මෙම ශ්ලෝකයෙහි සඳහන් පරිදිම රාවණා රජුගේ සොහොයුරෙකු වූ බැවින්ද බොහෝ දුරට මොහු යක්‍ෂාධිපතියෙකු යෑයි පැරණි ජනයා විශ්වාස කළ බවට නිගමනය කළ හැක.


තවද බුදු දහම වැළඳ සෝවාන් ඵල ලබන්නට පෙර මොහු ඉතාමත් සෞභාග්‍ය සම්පන්න කාමභෝගී ලෞකික දිවියක්‌ ගත කළේ යෑයි ජනශ්‍රැතියෙහි සඳහන් වේ. සියලු කාම සම්පත්තීන්ගෙන්ද යස ඉසුරින් ද ආඪ්‍ය වූ "ආලකමන්දාව" නමැති රාජධානියෙහි අධිපති කුවේර නමින් වාසය කළේද වෛශ්‍රවණයෝයෑයි විශ්වාස කෙරේ.


මෙය ජපානය, ටිබෙටය, තායිලන්තය යන රටවල වැසියන්ගේද විශ්වාසයකි. ජපානයෙහි වාසනාව ළඟාකරදෙන දෙවියන් සත් දෙනගෙන් කෙනකු ලෙස "බිශමන්" හෙවත් වෛශ්‍රවණයෝ නිරූපිතය. තවද යුදයට අධිපති දෙවියකු ලෙසද ජපන් වැසියන් "බිශමන්තන්" සලකනු ලබන්නේ වමත හෙල්ලක්‌ද දකුණතෙහි සෞභාග්‍යය සංකේතවත් වන චූඩාමාණික්‍යයක්‌ සහතව ද දෘෂ්‍යමාන වෙයි.


එලෙසින්ම ටිබෙටයේද වමතින් හෝතම්බුවකු ද දකුණතින් කුඩයක්‌ හෝ සේසතක්‌ද නැතිනම් "ජම්බල" ගෙඩියක්‌ද සහිතව දෘෂ්‍යමාන වන "නම් තො සේ" නමින් හඳුන්වන මොහුගේ අට වැදෑරුම් අවතාරයන් අතුරින් සෞභාග්‍යාරෝපිත පාත්‍රයා හැඳින්වීමට "ජම්බාල" නම භාවිතා වෙයි. ඔහුගේ දකුණතෙහි සෞභාග්‍ය හඟවන පැඟිරි පලතුරක්‌ වන "ජම්බෝල" ගෙඩියක්‌ද සහිතව නිරූපිතය.


මෙවැනි විවිධ සංස්‌කෘතීන් ඇසුරෙහි විවිධ වේශයන්ගෙන් පෙනී සිටින වෛශ්‍රවණයෝ සියලු තන්හි දක්‌වා ඇත්තේ උතුරු දේශයට අධිපතියකු ලෙස වීම විශේෂත්වයකි. ජපානයේදී "සුමෙර" පර්වතයෙහි උතුරු බෑවුමෙහි මොහුගේ රාජ්‍යය පිහිටියේ යෑයි සලකනු ලැබේ. සතර වරම් දේව සංකල්පයෙහි උතුරු දකුණ නැගෙනහිර, බටහිර යන ප්‍රධාන දිශා හතරින් උතුරු දිශාභාරව සිටින්නේ වෛශ්‍රවණයෝ බව පැහැදිලිව පෙනීයයි.


මොහුගේ ආලකමන්දාව පිහිටියේ මිහිමත නම්, එය පිහිටියේ ලංකාවේ වෙස්‌සගිරිය ආශ්‍රිතව දැයි, වෙස්‌සගිරිය ආශ්‍රිතවද වෛශ්‍රවණ රාජධානියක්‌ පිළිබඳ සනිටුහන් වන බැවින් මතභේදයට තුඩුදෙන කරුණකි. කෙසේ වෙතත් ආලකමන්දාව යනු දිව්‍ය විමානයකැයි. පිළිගත් මතයක්‌ද තිබේ. එසේ නම් එය මිහිපිට කොතැනකවත් නොවනු ඇත.


වෛශ්‍රවණයන්ගේ බිරිඳ භූන්දතී ලෙසද, ලතා, සද්දා, පවරා, අචිමති, සුනා නමින් දූවරු 5 දෙනකු සිටි බවද ඉතිහාස ප්‍රවාදයන්හි සඳහන්ය. එරන්දතී නමැති නාග කාන්තාවකගේ සැමියා වන පුන්නක නමැත්තා මොහුගේ මස්‌සිනා බව ඉතිහාසයේ විශේෂයෙන්ම සඳහන් වේ. "නාරි වාහන" නමැති රෝද සහිත මංගල රථයකින් සැරූ බව ඇතැම් තැනක සඳහන් වුවත් කලාකරුවන් විසින් මූර්තිමත් කරන ලද (විශේෂයෙන්ම ටිබෙට්‌ ප්‍රතිමාවන්හිත් සිතුවම් අතරත්) බොහෝ වෛශ්‍රවණ රූහි රථය ලෙස සංකේතවත් කොට ඇත්තේ වේගවත් සිංහ රාජයෙකි.


මෙනයින් ගත්කල පසු කලෙක කලාකරුවා විසින් වෛශ්‍රවණ දෘෂ්‍යරුවක්‌ සේ උපුටා ගැනීමේදී දක්‌වා ඇති ප්‍රවණතාව අනුව ඇතැම් ප්‍රවාදයන් විවාදයට තුඩුදෙන අයුරක්‌ දක්‌නට ඇත.


මේ පිළිබඳ විමසිලිමත් වීමේදී වෛශ්‍රවණයන්ගේ රාජධානියක්‌ ගැන පුරාණෝත්ති ඉංගිනයන් හැරුණුකොට පැහැදිලි සාධක හමුනොවන අතර එක්‌ එක්‌ රටවල මේ පිළිබඳ ආවේණික විවිධ ප්‍රවාදයන් පවතින බවද පසක්‌ වේ. එහෙත් රාවණා රාජධානිය පිහිටියේ ලංකා පුරයෙහි යෑයි සලකනු ලබන බැවින්ද වෛශ්‍රවණ යනු නෑකමින් රාවණාට සෘජු සබඳතාවක්‌ ඇති චරිතයක්‌ ලෙස සලකනු ලබන බැවින්ද ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඇසුරෙහි ස්‌ථාපිත වූ කතාපුවත් යම් සාධාරණීකරණයකට ලක්‌ වීමට ඉඩකඩ වැඩිය.


එහෙත් මොහුගේ ආයු කාලය මුල් කොට මතුවන ගැටලුව නම් මරණින් මතුත් නැවත සතර වරම් දිව්‍ය රාජයන් අතරම උපදී යෑයි විශ්වාස කරන මොහු ඇත්තටම මියගොස්‌ දැනට සතර වරම් දෙවියන් අතර ඉපදිණි නම් මෙම ඉතිහාසයට වසර 90000 කට එපිට ඉතිහාසයක්‌ ඇති අතර තවමත් එම සෝවාන් ඵල ලැබූ ආත්ම භාවයෙහි සිටියි නම් ඔහුගේ රාජධානිය මේ මිහිපිට යම් තැනක නොවන බවය. එසේත් නොමැතිව ඔහු සාමාන්‍ය ආයු සහිත සාමාන්‍ය බලසම්පන්න පුද්ගලයකු නම් මොහුද මරණින් මතු දේවත්වයක්‌ ආරෝපණය වූ චරිතයක්‌ බවය. එසේ නම් ඔහුගේ ආලකමන්දාව ද පැවතී ඇත්තේ මිහිපිටම බවත් එය කුමන ද්වීපයෙහි කුමන ප්‍රදේශයේ පිහිටියේද යන්නත් ගැටලුවටද මෙහිදී මැදිවේ.


මෙනැයින් රාවණා කතා පුවත සාධනය කර ගන්නට වුවමනා තරම්ම පුරාවිද්‍යාත්මක සාධක මෙම කරුණ සම්බන්ධව ද ඇවැසි වනු ඇත. නො එසේ නම් මෙවන් චරිත සියල්ල පුරාතන සාහිත්‍ය භාෂ්‍ය කරුවන්ගේ අධි විශ්වාසී මනෝ රාජ්‍යයන්හි ගොඩනැඟුණු, ස්‌වප්නරූපී ප්‍රබන්ධයන්හි ජායා මාත්‍ර වන මායා චරිතයන් ගොන්නට එක්‌වනු නොඅනුමානය.


මතු සම්බන්ධයි

ලංකේෂ් කළුපහන


උපුටා ගැනීම - http://www.divaina.com/2009/11/15/siya06.html 



Friday, November 13, 2009

හෙළයාගේ දඬු මොනරය

0

ඔබෙන් කවුරුන් හෝ ගුවන් යානය නිපදවූයේ කවුද? යි ඇසුවහොත් ඔබේ පිළිතුර වන්නේ “රයිට් සහෝදරයෝ” යන්නයි. සමහරවිට ඔබ නිවැරදිය. එයට හේතුව මුළු ලෝකයම පිළිගන්නේ එම පිළිතුර නිසයි. නමුත් මෙහි නියම උරුමකරුවා වන්නේ සිංහල‍ෙයකු බව ඔබ දන්නේ නැත. පරගැති බවෙන් වැසී ඇති හෙළයාගේ චින්තනය මේ නියම උරුමකරු අමතක කොට එහි පේටන්ට් අයිතිය සුද්දාට පවරා බලාසිටී. එසේ වුවද ඔබ අමතක නොකළ යුත්තක් තිබේ. එනම්, සුද්දා කොල අතු අඳින යුගයේ හෙළයා රෙදි වියාගෙන ඇන්ඳ බව. එයට අපේ ඉතිහාසයේ කුවේණියගේ කථා පුවතින් සාක්ෂි සපයයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ. මෙයින් පෙනෙන්නේ බටහිර ජාතින්ට පෙර, ශිෂ්ඨාචාර වූ ජාතියක් ලෙස සියවස් ගණනාවක් සිංහලයා ජීවත් වූ බවයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ.

ඉන්දියාවේ පුරා වෘතයක් වූ “රාමායණය” කථා පුවතේ සඳහන් වන්නේ රාමාගේ බිරිඳ වන සිතාවන් හෙළයෙකු වූ රාවණා නිරිඳුන් (ක්‍රි.පූ. 2554 – 2517) විසින් ඉන්දියාවෙන් හෙළ දීපයට පැහැරගෙන එන ලද්දේ “පුෂ්පක” නම් ගුවන් යානයෙන් බවයි. මෙය ප්‍රසිද්ධ කථා පුවතකි.

මෙම “පුෂ්පක” නම් ගුවන් යානය “දඬු මොනරය” නමින් ද හඳුන්වනු ලැබීය. එම නම එයට ලැබුණේ මොනරාගේ ආකෘතියෙන් දැවයෙන් නිම කරන ලද බැවිනි.

එසේම ලෝකය පිළිගන්නේ “දඬු මොනරය” නිපදවන ලද්දේ රාවනා බවයි. එහෙත් රාමායණය කියන්නේ ‍රාවණා නිරිඳුගේ සොහොයුරු වූ “වෛශ්‍රවණ” හෙවත් “කුවේර” නරේන්ද්‍රයාට ද “පුෂ්පක” නම් ගුවන් යානයක් තිබූ බවයි. ඔහු “සිව ගිරිය” හෙවත් “සීගිරිය” අග නගරය කොටගෙන රජකම් කල බව ද කියැවේ. එහි තව දුරටත් සඳහන් වෙන්නේ රාවණා රජු විසින් එම යානය පැහැරගෙන පරිහරණය කරඇති බවයි. කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙ‍නාටම නගර නිර්මාණය සඳහා උපදෙස් ලබාදුන් “විස්කම්” හෙවත් “විශ්ව කර්ම” නමැති මහා මූලාචාරියා ජිවත්වූයේ ද එම යුගයේ ය. විශ්ව කර්ම යනු අතීතයේ මහා විෂ්මිත නිර්මාණ කල පුද්ගලයෙකු බව බොහෝදෙනා දන්නා කරුණකි. ඒ අනුව ඉහත දැක්වූ “දඬු මොනරය” විශ්ව කර්මයාගේ නිර්මාණයක් ද විය හැකිය. කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙනාම සතුව ගුවන් යානා නිෂ්පාදන තාක්ෂණය තිබෙන්නට ඇතැයි මෙමගින් සිතිය හැකිය.

තවත් ලෙසකින් සඳහන් වන්නේ මෙම “දඬු මොනරය” පිළිබඳ ඉතිහාසය රාවණා රජුගේ යුගයෙනුත් සියවස් විසි පහක් ඈතට දිවයන බවයි.

ශ්‍රී ලංකාවේ “වාරියපොළ” යනු නගරයකි. මෙම නම සන්දිකර බැලුව හොත් වා+රිය+පොළ යනුවෙන් දක්නට ලැබේ. මෙහි “වා” නම් වාතයයි. “රිය” නම් රථයයි. “පොළ” නම් එම රථය නතරකරන ස්ථානයයි. ඒ අනුව “වාතයෙන් ගමන් කරනා රථ නතරකරන ස්ථානය” ලෙස තවදුරටත් එය විග්‍රහ කළ හැකිය. (වාතයෙන් ගමන් කරන්නේ ගුවන් යානායි.) මේ විග්‍රහයට අනුව සිතිය හැක්කේ වර්තමාන වාරියපොළ නගරය අතීතයේ ගුවන් යානා නතර කරන ලද ප්‍රදේශයක් වියහැකි බවයි.

එමෙන්ම ක්‍රි.පු. දෙවන සියවසෙහි දී දකුණු ඉන්දියාවේ සිංහළයින් වාසය කරන ලදැයි සාක්ෂි ඇති “කුවන් කොඩ්” නමින් ‍ෙදමළට හැරවූ “ගුවන් ගොඩ” රාවණා යුගයෙහි ගුවන් යානා නවත්වන ලද ප්‍රදේශයක් වූ බවට තවත් ඉඟියකි.

වර්තමානයේ අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය වැනි ප්‍රදේශවල දක්නට ලැබෙන ලොවම විශ්මිත කරවන නිර්මාණ දෙස බලන විට ඉහත දැක්වූ විෂ්මිත නිර්මාණය ද හෙළයෙකුගේ අතින් නිමවූ එකක් නොවන බව කෙසේ කිව හැකිද?

කෙසේ වෙතත් මේ පිළිබඳව ඉතිහාසඥයන්ගේ හා පුරාවිද්‍යාඥයන්ගේ අවධානය යෙමුවිය යුතු අතර ඒවා පිළිබඳව විධිමත් පර්යේෂණයන් පැවැත්විය යුතුය.
 
(අරිසෙන් අහුබුදු ශූරීන්ගේ ලිපියක් ඇසුරින්) 

රාවණා දිය ඇල්ල

1



රාවණා දිය ඇල්ල

ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිට නි.මී.4ක් පමණ වැල්ලවාය දෙසට ගමන් කිරිමෙන් මෙම ස්ථානය දැක ගත හැක. මෙම දිය ඇල්ල පිහිටා ඇති ප්‍රදේශය දැනට වනජීවි සංරක්ෂන දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂනය කර ඇත.

මෙය ‍ස් වි‍දස් සංචාරකයින්ගේ ස්වභාසිරිය නැරඹීමට ඇති වැදගත් ස්ථානයකි.

රාවණා ඇල්ල පුරාණ විහාරය


මෙම රාවණා පුරාවෘතිනයට සම්බන්ධ ඓතිගාසික වැදගත් කමකින් යුතු විහාරයකි. II වන වලගම්බා රජතුමා සැඟවී සිටි කාලයේ ඉදිකරණ ලද්දක් බව පැවසේ. මෙම විහාරය අසලම ඉතා ප්‍රසිද්ධ රාවණා ගුහාවද පිහිටි ඇත. මෙම ගුහාව තුල සීතා කුමරිය සඟවා සිටි බව පුරාවෘත්ත වල සඳහන් වේ


රාවණා ගුහාව

රාවණා ගුහාව ක්‍රි.පු. 1940 ගනන්වල කැනීම් කර හිස් කබලක් හමු වී කටුගේ ඇත. අවු 20000 ක් පැරණිය. මළවුන් ඇඳහීමේ ලෙනක් ලෙස සැලකේ. 1980 ගනන්වල කාසි, මේවලං .......ආදිය හමුවී ඇත. ක්‍රි.පු. 1-2 පමණ වේ. මේ පිළිබඳව පුරා විද්‍යා දේපාර්තමෙන්තුවේන් විමසිය හැක.

උපුටාගැනීම - http://www.ds.gov.lk/ds/ella/sinhala/index.php?p=special_attraction