-->

Friday, November 5, 2010

සීගිරිය

2
කස්සපයන්ගේ මාලිගය ලෙස දැනට හැඳින්වෙන සීගිරියෙ මුල් පදිංචිකරුවො එහෙමත් නැත්නම් නියම අයිතිකාරයො යක්ෂ ගෝත්‍රිකයො බව මීට පෙරත් විවිධ අවස්ථාවල අපි අතර කතාබහට ලක්වෙන්නට ඇති. සීගිරි ඉතිහාසය සොයා යද්දි එය කෝනාගම බුදුන්ගේ සමය දක්වා දිවෙන බවට තොරතුරු ලැබුණත් ඊටත් එහා ඉතිහාසයක් ඊට තිබෙන්නට බොහෝ ඉඩකඩ තිබේ.

කතරගම මහසෙන් රජ සමයේ සීගිරිය සිහමුඛ, සිහනාග නම් පාලකයන් යටතේ තිබුණ බවත් පසුව එම වකවානුවේම කළුතර රාජ්‍ය කල තාරක රජු විසින් ආක්‍රමණය කල
බවත් සදහන් වෙයි.

තවත් තැනෙක සීගිරියෙ නිර්මාතෘ (ඉංජිනේරුවා) ලෙසට මය නම් අසුර ප්‍රධානියෙක් හැඳින්වෙනවා. එමෙන්ම මෙය නිර්මාණය කර ඇත්තේ වෛශ්‍රවණ (කුවේර) වෙනුවෙන් බවත් සඳහන්. ‘රාවන වත’ නම් පුරාණ පුස්කොල පොතෙත් මේ පිළිබදව
විස්තර සදහන් වෙයි. මෙහිදී වැදගත් වන තවත් කරුණක් වන්නේ රාවන මෙහෙසිය මන්දෝදරියගේ පියාද මය නම් අසුර පාලකයෙක් වීමයි. එහෙත් මෙම දෙදෙනාම එක් පුද්ගලයෙකු බව අසන්නට ලැබී නැත. ආලකමන්දාව, චිත්‍රකූටය ආදී නම් වලින් හැදින්වුණු මෙම මාලිගාව සහ වෙසමුණි රජු සතුව තිබුණු පුෂ්පක විමානය පසුකළෙක සීගිරියේ විසූ රාවනයන් සතු වෙනවා.


නැවතත් විභීෂණ රාජ්‍යත්වයට පත්වීමෙන් පසු සීගිරිය, චිත්තරාජ නමැති වංශාධිපති යක්ෂයෙකු‍ට පවරා දුන් බවත් සදහන්. පසුකලෙක පණ්ඩුකාභය කුමරු රැකගන්නට උපකාර කල චිත්තරාජත් මෙම පරපුරේම අයෙක් විය හැකි නොවේද?

ඉන්පසු ආලකමන්දාව සිය වාසභවන කරගත් බව සදහන් වන්නෙ කාශ්‍යප රජු පමණයි. කාශ්‍යප රජුගේ මව ධාතුසේන රජුගේ අග මෙහෙසිය නොවන බවත් ඇය රාක්ෂ ගෝත්‍රයේ කාන්තාවක් බවත් අහන්ට ලැබෙනවා. කාශ්‍යප රජුට සිය මව් පාර්ශවයෙන් උපකාර ලැබුණු බව ඉතිහාසයේ මෙන්ම ජනකතා වලත් සදහන් වෙනවා. යකුන් විසූ ප්‍රදේශයකට ආරක්ෂාව පතා යාමත්, එහි සිට රාජ්‍ය පාලනය කිරීමත් තුලින් කාශ්‍යප රජුගේ යක්ෂ සම්භවය තහවුරු වේ. (මාතෘකාවට අදාල නොවුණත් කියන්න හිතුනෙ, පණ්ඩුකාභයගෙ කතාවත් මීට හුගාක් සමානයි කියලයි). කෙසේ වෙතත් මේ වනවිට, සීගිරිය යනු ඉතිහාසය පුරාවටම යකුන්ට උරුමව තිබූ බලකොටුවක් බව ප්‍රත්‍යක්ශ වී ඇත.


සීගිරි පර්වතයේ සිටින සුරූපී අප්සරාවන්ගේ සිතුවම්ද ඈත අතීතයේ පටන්, එනම් කාශ්‍යප යුගයට පෙර සිට එහි වූ බවට තොරතුරු ලැබෙන අතර, කාශ්‍යප රජ සමයේදී, රජුගේ දියණියන් වූ බෝධි සහ උත්පලවණ්නා විසින් මෙම සිතුවම් ප්‍රතිසංස්කරණය කල බවත් අසන්නට ලැබේ. මේ අතර සීගිරිය අසල පිහිටි පිදුරන්ගල (රනින් පිදූ ගල) විහාරයද කාශ්‍යප රජු විසින් කරවන ලද්දක් බව සඳහන්ය.

මෙහිදී අප විසින් සැලකිය යුතු තවත් කරුණක් නම් මුගලන් කුමරුට සහය පතා ඉන්දියාවට පලා යාමට සිදුවීමයි. ඉන් සනාථ වන්නේ ලක්වැසියන්ගේ සහය කාශ්‍යප රජු වෙත තිබුණ බව නොවේද? ඇරත් පියරජු ඝාතනය කලානම් ජනතා සහය කස්සප රජුට ලැබේද? රටවැසියන් කැරලි ගැසූ බවක්වත් සඳහන් නොවන්නේ මන්ද? එමෙන්ම රටින් පලායන මුගලන්ට කාශ්‍යප රජු සමඟ සටනකට එන්නට වසර 18 ක්ම ගතවේ. වංසකතාවල සඳහන් පරිදි කාශ්‍යප රජු පීතෘ ඝාතකයෙක් ලෙස රටවැසියන්ගෙන් කොන්වී සිහගිරට වී සිටියේ නම් 18 වසරක් රාජ්‍ය කරනට තරම් ශක්තියක් ලැබේද? අප විසින් නැවත සිතා බැලිය යුතු, තතු සොයාගෙන නිරවුල් කරගත යුතු දෑ බොහෝය. වංශකතාකරුවා විසින් පීතෘ ඝාතක හංවඩුව ගසන ලද මේ මහා පඬිවරයාගේ, කලාකරුවාගේ සැබෑ තතු අප විසින් සොයා ගත යුතු කාලය එළැඹ ඇත.

උපුටා ගැනීම Ravana Brothers

රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ "මායා දන්නාව" නමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු [වෙසමුණි] ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමය එය හැඳින්වූයේ චිත්‍රකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව "විභීශණ" රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාව ට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන්.

තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු [ක්‍රි.පූ.437-367] හට රජකම ල
බාදෙන්නට උපකාර කල අයගෙන් කෙනෙක්, ඒ පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බැවින්. තවද, රාවණා වතෙහි කියැවෙන ලෙසට,පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්‍රයා වූ කස්සප කුමරු තම වාසභවන ලෙස චිත්‍රකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා ඇය ද ඉන් පැවතෙන්නියක් නිසාවෙන්. කස්සප රජු යනු චිත්තකූටය රාවණා කඅයුරින්ම ප්‍රතිසංස්කෘත කල හා පවත්වාගෙන ගිය එකම රජතුමා ද වෙනවා.චිත්තකූටයේ [පසුව සීගිරියේ] ඇති ලෝපසිඳු බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ සිවුහෙළයත් එහි ඇති නිල්පැහැති කාන්තාරූපයෙන් පෙන්වන්නේ යක්ඛ ගෝත්‍රය බවත් අනෙක් කාන්තා රූ වලින් දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන ගෝත්‍ර වල නියෝජනය බවත්, අලංකෘත මල් වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා වතෙහි සඳහන්.

තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙනවා.සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන්.

සිංහ කට

ගොඩක් අය කියන්නෙ ගල මුදුනෙ කාශ්‍යප මාලිගය තිබ්බ කියල
නෙ. හොදට හිතල බලන්න සිංහකට ගාවින් අපි සීගිරිය උඩට නඟින හැටි. තේරුමක් නැති ගඩොල් බැම්ම ගැන හිතුණෙ නැද්ද? මාලිගාව තිබුණ කියන්නෙ ගල ඇතුලෙ. H. C. P. බෙල් තමා බදාම දාලා ඇතුලට යන තැන වහලා ඔය ගඩොල් ආවරණය හැදුව කියන්නෙ. ඒ පලාතෙ ගම්වල පැරණි උදවියගෙන් ඇහුවොත් කියාවි විස්තරේ. අනික තමා රත්තරන් වලින් හදපු සෝපානය ..... ඒක තිබුණෙත් සිංහ කට ගාවමයි.

පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්. තවද, සීගිරිය වටා එහි රූප පන්සියයක ට අධික ප්‍රමානයක් චිත්‍රණය කරත් ස්වාභාවික හේතූන් මත කාලයත් සමඟ ඒවා මැකීගොස් ඇතිබව කියැවෙනවා. තව ද රාවණා යනු වෙදකමෙහි මෙන්ම කලාවේ ද කෙල පැමිණියෙකු වන නිසා ඔහුට හිස් දහයක් හා අත් විස්සක් ඇතැයි කීමට හේතුවක් කරගත්තා ද වන්නට පුළුවන්.

උපුටා ගැනීම
http://www.elakiri.com/forum/showthread.php?t=659167
http://ravanalankapura.wordpress.com/sri-ravana-ancestry/

2 Response to සීගිරිය

July 10, 2011 at 10:10 AM

සීගිරි පුරාවෘතය යලිගවේශනය කල යුතුයි. ඒ බව පෙන්වාදීම ගැන ඔබට සුත්තූතියි.

Anonymous
July 19, 2011 at 8:43 AM

පරණවිතාන මතයන් පිලිබදව නෙවත සිතා බලන්න කාලය ඇවිත් ....

Post a Comment

අදහස් සහ උදහස්