-->

Saturday, November 6, 2010

පැරණී ශ්‍රී ලංකාව සාගරය ගොඩ ගැලීම්

0

පැරණී ශ්‍රී ලංකාව සාගරය ගොඩ ගැලීම් (අපේ භාෂාවෙන් කියනව නම් සුනාමි) 7 කට මුහුණ දුන්නා කියල විවිධ පර්යේෂණ වාර්තා වල සදහන් වෙනවා


01

හින්දු පුරාවෘත වලට අනුව ලෝක‍යේ කාල අවදීන් 4ක් සදහන් වෙනවා. සත්‍ය යුගය, ත්‍රේත යුගය, ද්වාපර යුගය සහ අවසාන වශයෙන් කලි යුගය වශයෙන්. රාවන යුගය පැවතියා යැයි අප කියන්නෙ මේ ද්වාපර යුගයෙදියි.
රාවනාගේ අභාවයෙන් පසුව පැමිණි සුනාමියකින් මන්නාරමේ සිට දකුණු මුහුදු තීරය දක්වා ඉදිකර තිබුණු මාලිගා 25කුත් මාර්ග පද්ධතීන් 40,000ක් පමණකුත් විනාශ වි ගියා යැයි පුරාවෘත වල සදහන් වෙනවාලු. රාවන රාජධානිය තිබුණා යැයි කියන තැනක් ගැන අදටත් නිශ්චිත සාධක නැතත් එය සීතා එළිය වැනි නගර වලට ඉක්මනින් ළගා වීමට හැකි ලෙස තිබෙන්නට ඇතැයි සදහන්. එලෙස බලන විට ගිනිකොන දිග මුහුදු තීරයේ ආරුගම් මෝය ආසන්නයේ රාවණාගේ රාජධානිය තිබෙන්නට ඇතැයි සිතන්නට සාධක තිබෙන බව වාර්තා වල සදහන් වෙනවාලු.
තවත් කාරණයක් නම් පසු කාලීන මෙගස්තීනස්ගේ වාර්තා වලට අනුව තැප්‍රොබේන් සහ ප්‍රධාන දේශය (the main land) කුඩා ගංගාවකින් පමණක් වෙන්වී ඇති බවට සදහන් වෙනවා. මෙයින් පෙනී යන්නෙ රාම ඇතුලු පිරිසට ඉන්දියාවෙ ඉදල ලංකාවට එච්චර අමාරු උනු බවක් පෙනෙන්නෙ නැති එකයි මට නම් හිතෙන්නෙ. මොකද හනුමන්ත පාලමක් හැදුවයි කිව්වට ඒකට කරන්න එච්චර දෙයක් තියෙන්න විදියක් නැහැ. මොකද නොගැඹුරු පටු මුහුදු තීරයක් තමා තිබුණ නම් තියෙන්නට ඇත්තෙ. වැඩිම උනොත් කලු ගලු ටිකක් ගෙනෙල්ල දාන්න ඇති.

02.
දෙවන අවස්ථාව (මේක නම් මට එච්චර පැහැදිලි නැහැ වැරදි නම් කියන්න)
උරුවෙල කාශ්‍යප සමයේ වැඩම කළ බුදුහාමුදරුවො ඔවුන්ගෙන් අසුන් ගන්නට තැනක් විමසුවාලු. නමුත් එහිදි පිළිතුරැ දුන් යක්ෂ සමූහය පැවසුවේ ඔවුන්ගෙ බිය සැක, නැති කරන්නට බණක් දේශනා කළොත් මුලු දිවයිනම උන්වහන්සේට පවරන බවයි. බණ අවසානයේ බිය නැති කර ගත් යක්ෂ සමූහය ඉදිරියේ බුදුන් වහන්සේ සෘධි ප්‍රාතිහාර්යය පෑවලු ගින්නක් මවමින්. මෙය අවසානයේ ලංකාව බුදුන්ට පවරා ඔවුන් ගිරි දේශයට (බොහෝ විට දූපතක් විය හැකියි) පැන ගියාලු.
නමුත් මෙහිදි මතු වන ප්‍රධාන තර්කය වන්නෙ අවිහිංසාව ප්‍රගුණ කළ බුදුන් වහන්සේ ජන කොට්ඨාෂයක් තමන්ගේ ප්‍රදේශයෙන් එලවා දමාවියද යන්නයි.
එසේ නම් මෙයට දිය හැකි අර්ථ කතන දෙකක් තිබෙනව. එකක් තමා පැමිණි විශාල ස්වභාවික ආපදාවකින් (සුනාමියකින් වැනි) බේරීමට මොවුන් පැන යන්නට ඇතැයි සිතිම, සහ මෙය හුදෙක් මහාවංශය රචනා කිරීමේදී මහා නාම හිමියන්ගේ හිතලුවක් පමණක්ද යන්න????

03.
මේ තමා කවුරුත් අසා තිබෙන ප්‍රසිද්ධම එක. කැළණි තිස්ස රජ දවස සිදු වූවා යැයි පැවසෙන සුනාමිය. නමුත් කෙසේ වෙතත් අද තිබෙන කැලණිය එදා කැළණිය නොවේ යැයි ඇතමෙක් තර්ක කරනව. ඔවුන් පවසන්නේ එදා කැළණිය තිබෙන්නට ඇත්තේ අද පොතුවිල් යනුවෙන් අප හදුන්වන ප්‍රදේශයේ කියලයි. මෙයට දිය හැකි හොදම නිදසුන වන්නේ මෑතදී ඇතිවුන සුනාමියයි. මෙහිදී කැළණිය ප්‍රදේශයෙන් එතරම් තුවාල කරුවන්/මරණ වාර්තා නොවුනත් පොතුවිල් ප්‍රදේශයෙන් ඉතා අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වුනා.

04
සිවුවැන්න වන්නේ පළමුවැනි ගජබාහු රජ සමයේදියි. අප කවුරැත් අහල තියෙනවනෙ ගජබාහු රජ්ජුරැවන්ට නීල නැමැති යෝධයෙක් හිටියා කියල. මොවුන් ඇතුලු පිරිස ඉන්දියාවට ගියා කියන්නෙ මුහුද දෙබෑ කරගෙන නේ. ඒ කෙසේ වෙතත් මේ අවස්ථාවත් අපට සුනාමියක් නිසා මුහුද ආපස්සට ගිය අවස්ථාවක් ලෙස සැක කරන්නට පුලුවන්.

05
ශ්‍රීමත් ආතර් සී ක්ලාර්ක් මහත්මය තමන්ගෙ පොතක තහවුරු කරල තියෙනව 1883 අගොස්තු 27 වැනිදා අලුයම ඉන්දුනීසියාව ආසන්නයේ තිබෙන ක්‍රකටෝවා කලාපයේ සුනාමියක් ඇතිවූ බවටත් එයින් ලංකාවේ සමුද්‍රාසන්නයේ තිබූ නගර වලට ආපදා සිදුවූ බවටත්.

06
1941 අන්දමන් දූපත් ආසන්නයේ සිදුවූ තවත් 8.1 පරිමාණයේ භූමිකම්පාවක් නිසා තවත් සුනාමියක් ලංකාවට සංවේදනය වූ බව වාර්තා වල සදහන් වෙනවාලු.

07
අවසන් සුනාමිය වන්නේ ඔබත් මම
ත් කවුරුත් අත් දුටු 2004 දෙසැම්බර් මාසයේ 26 වනදා පැමිණි ඛේදනීය සුනාමියයි ‍‍.

උපුටා ගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=216360&page=49


No Response to "පැරණී ශ්‍රී ලංකාව සාගරය ගොඩ ගැලීම්"

Post a Comment

අදහස් සහ උදහස්