-->

Thursday, September 20, 2012

රාවනා ඇල්ල රක්ෂිතයෙන් ඉපැරණි උමගක් හමුවෙයි

0

රාවනා ඇල්ල රක්ෂිතයෙන් ඉපැරණි උමගක් හමුවෙයි

 

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කරදගොල්ල උඩකිරින්ද ග්‍රාමයේ ගල්පර්වතයක් යට මෙතෙක් හමුනොවූ අපුරු උමගක් හමුවී තිබේ. දර කඩා ගැනීමට ගිය ප්‍රදේශවාසීන් විසින් මෙය සොයාගෙන ඇත.

මෙම උමගට කුඩා කටක් සහිත බාධකයකින් හෙබි උමං දොරෙන් ඇතුළුවීමට සිදුවෙයි. ටික දුරක් ගියපසු අඩි 15 ක් උස උමං මගක් හමුවෙයි. තවත් දුර ගියපසු බඩගාගෙන යායුතු ස්ථානයක් හමුවන අතර, දැඩි අඳුරක් පවතින මෙම උමං මගේ ගමන් කරන විට වවුලන්ගෙන් දැඩි බාධා එල්ලවෙයි.
සමහර තැන් අඩි 15ක් පමණ උස කාමර ලෙසින් නිර්මාණය වී ඇති එම උමං මාර්ගයේ ටික දුරක් ගියපසු උමග තුලට නොපෙනෙන කවුළුවකින් සීතල දැනෙයි.
උමං මගේ ප්‍රපාතයට බැස්ස පසු කුඩා දිය පහරක්ද දැකිය හැකිය. තවදුරටත් උමං මග ඇති නමුත්,  ගමනේ අවදානය නිසා කිසිවෙකුටත් ඉන් ඔබ්බට ගොස් ඒ පිලිබඳ පරික්ෂා කර නොමැත.
සුප්‍රසිද්ධ රාවනාඇල්ල ආශ්‍රිත පර්වතයේ සිට මෙම ස්ථානයට ඇත්තේ කිලෝමීටර් 3ක් පමණ දුරකි. මේ පිළිබඳව දැනගැනීමට ලැබීමෙන් පසු ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එහි යවා මුලික විමර්ශනයක් සිදුකර ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ජාතික උරුමයන් පිලිබඳ අමාත්‍යංශයට හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

මීට දින කිහිපයකට පෙර හැටන්- නුවර එළිය ප්‍රධාන මාර්ගය පිළිසකර කිරීමේදීද උමං මාර්ගයක් හමුවූ අතර පසුව එහි පැමිණි පුරා විද්‍යා නිළධාරීන්ගේ පරීක්ෂා කිරීමෙන් පසු හෙළි වුනේ එහි කිසිදු පුරාවිද්‍යාත්මක වටිනාකමක් නොමැති බවත් එය පස් වල සිදුවූ විපර්යාසයක් නිසා ඇතිවූ උමං මාර්ගගයක් බවයත්ය.

උපුටා ගැනීම:  http://www.gossip9.com/2012/09/blog-post_8134.html#more


No Response to "රාවනා ඇල්ල රක්ෂිතයෙන් ඉපැරණි උමගක් හමුවෙයි"

Post a Comment

අදහස් සහ උදහස්