-->

Wednesday, April 25, 2012

හෙළයේ ජීවත් වූ සැබෑ යක්කු!

6

හෙළයේ ජීවත් වූ සැබෑ යක්කු!

රන්දි ඉෂාරා වීරගේ
කැලණිය විශ්වවිද්‍යාලය


"යකා" යන වදන ඇසූ පමණින් සැම දෙනාගේම සිතට නැගෙනුයේ භීතියකි. විහාරස්‌ථාන තුළ ඇඳි සිතුවම් සහ ගැමි ශාන්තිකර්ම තුළ වෙස්‌බැඳි යක්‌කු මතකයට නංවාගනිමින් ඇතිකර ගනු ලබන මෙම භීතිය සංස්‌කෘතික වූවකි. රීරියකා, මහසෝනා, කළුකුමාරයා සහ කඩවරයා වැනි යක්‌කු ජන ආගම් තුළ නිරන්තර පුද පූජාවට ලක්‌ වේ. මීට වෙනස්‌ වූ යක්‌කු පිරිසක්‌ ලංකාවේ ඈත යුගයේ ජීවත් වූ බව ඉතිහාසයේ සඳහන් වේ. අදින් වසර 6000 කටත් පෙර සිට ලක්‌ පොළොවේ ජීවත්වූ බවට ඓතිහාසික සහ ජනශ්‍රැතික සාධක හමුවන මේ යක්‌කු පිළිබඳ ඉතිහාස ග්‍රන්ථයක්‌ ලෙස ලෝක පූජිත වී ඇති මහාවංශය තුළ මෙන්ම ලංකා ඉතිහාසය ලියෑවී ඇති බොහෝ වංශ කථා තුළ සඳහන් වේ. එහෙත් ඉතිහාස ග්‍රන්ථයන් තුළ ඔවුන් ජීවත් වන්නේ ද පන්සල් චිත්‍ර තුළ නිරූපිත අමනුෂ්‍ය ස්‌වරූපයෙන් ම වේ. නමුදු ඓතිහාසික සහ ජනශ්‍රැතික කරුණු හරහා හෙළිකර ගත හැකි ලංකාවේ යක්‍ෂ ගෝත්‍රික ශිෂ්ටාචාරය තුළ ජීවත් වී ඇති යක්‌කු, ඉතා දියුණු තාක්‍ෂණයක්‌ උරුම කර ගත් සුවිශේෂී සමාජ භාවිතාවක්‌ සහිත මානව කොට්‌ඨාසයකි. 

ලිත ඉතිහාසයේ සහ ජනශ්‍රැතියේ පවතින මෙම පරස්‌පරතාවය සියුම්ව විශ්ලේෂණය කිරීමේදී, ජනශ්‍රැතියෙහි සඳහන් දියුණු මානව ශිෂ්ටාචාරයේ පවතින යක්‍ෂ සංස්‌කෘතික සාධක අමතක වීමේ වරදින් හෝ ලංකා ඉතිහාසයේ ලිත වාර්තා තුළ ද යම් ප්‍රමාණයකින් ඇතුළත් වී ඇති බව පෙනේ. "විජයාවතරණය" ලංකා මානව ඉතිහාසයේ ආරම්භක ලක්ෂ්‍ය කිරීම තුළින් ක්‍රි. පූ. 6 වැනි සියවසෙන් පසු ලංකා ඉතිහාසයේ අභිෂේක ලබන සියලු රජවරුන්, සංක්‍රමණික ඉන්දියානු රාජ ගෝත්‍රයකින් පවතින ආර්ය බෞතීෂ්මය ලැබූවන් බවට පත් කිරිමේ අවශ්‍යතාව මත, ලිත ඉතිහාසය රචකයා විසින් ලංකාවේ ප්‍රාග්විජයාවතරණ යුගයේ ජීවත් වූ සියලු මිනිසුන් අමනුෂ්‍යයන් බවට පත් කර ඇති බව පෙනේ. යක්‍ෂ ගෝත්‍රයට පමණක්‌ නොව ප්‍රාග්විජයාවතරණ ලංකාවේ ජීවත් වූ නාග සහ දේව ආදී සෙසු ගෝත්‍රයන්ට ද මෙම ඉතිහාස අසාධාරණය සිදු වී ඇති නමුත්, යක්‍ෂ ගෝත්‍රිකයන් මෙන් ඔවුන් ලංකා ඉතිහාසයෙන් පන්නා දමා නොමැත. යක්‍ෂ ගෝත්‍රිකයන් ලංකා ඉතිහාසයේ ජීවත් වූ අභිමානවත්ම ජාතියයි. එමෙන්ම ඔවුන් සැබෑ මිනිසුන් බවට තහවුරු කළ හැකි සාධක ඉතිහාසයෙන්ම සපයා ගත හැකිය.

යක්‍ෂ ගෝත්‍රික රාජධානියේ ඉතිහාසය සියවස්‌ ගණනාවක්‌ පුරා විහිදී යන්නකි. ප්‍රතාපවත් යක්‍ෂ ගෝත්‍රික රජවරුන් අතර රාවණා රජු ඉතා සුවිශේෂී වේ. රාවණා රජු තම අධිරාජ්‍යය ලෝකය පුරා පතුරුවා සිටි රජ කෙනකු ලෙස හැඳින්වේ. එමෙන්ම "රාවණා" රාජ පෙළපත් නාමය පිළිබඳ අර්ථ නිරුක්‌ති කොට දක්‌වන අරිසෙන් අහුබුදු සූරීහු,

"රා" නම් හිරු වෙයි "රා" "රේ" ඈ වදන් හෙළ බසෙහි යෙදෙන්නේ "හිරු" යන අරුත දෙනු පිණිසය. "වණ" නම් පෙළ "පරපුර" යන අරුත් දෙන වදනකි. යනුවෙන් පවසනු ලැබේ. එම අර්ථ දැක්‌වීමට අනුව රාවණ රාජ පෙළපත යනු "සූර්යවංශික" පෙළපත යන්න බව හඳුනාගත හැකිය. මේ හරහා ලංකාවේ යක්‍ෂ ගෝත්‍රිකයන් සූර්යය වන්දනාවේ යෙදුණු පිරිසක්‌ ලෙසින් ද හඳුනාගත හැකිය. එබැවින් රාවණ රාජ පෙළපත "සූර්ය වංශික රාජාධි රාවණ රජ පෙළපත" ලෙසින් ද ඇතැම් තැනක සඳහන් වේ. රාවණ රජු පිළිබඳව සඳහන් වන්නේ ලංකාවේ ජනශ්‍රැතිය තුළ පමණක්‌ ම නොවේ. ඉන්දියාව තුළ රචනා වී ඇති "වාල්මිකීගේ රාමායණය" තුළ ද රාවණ රජු පිළිබඳවත්, ලංකාවේ යක්‍ෂ ගෝත්‍රිකයන් පිළිබඳවත් සඳහන් වේ. මීට අමතරව රාවණ රාජ යුගයේ තොරතුරු ලෝකය පුරා තවත් රටවල ජනශ්‍රැතීන් තුළින් ද සොයා ගත හැකි වීම විශේෂත්වයකි.

රාවණ රජුගෙන් පසු ලංකාවේ යක්‍ෂ ගෝත්‍රිකයන් පිළිබඳව ප්‍රබලතම සාධක හමුවන්නේ ක්‍රි. පූ. 6 වැනි සියවස තුළදී ය. ක්‍රි. පූ. 6 වැනි සියවසේ ලොව පහල වූ ශ්‍රේෂ්ඨතම ශාස්‌තෲන්වහන්සේ වූ බුදුරජාණන් වහන්සේ යක්‍ෂ ගෝත්‍රිකයන් දමනය කිරීම සඳහා ලංකාවට වැඩම කළ බව මහාවංශය තුළ සඳහන් ය.

උපාගතෝ තං සුගතො, මහායක්ඛ සමාගමං

තමාගමස්‌ස මඡ්ක්ධම්හි, තන්ථ තෙසංසිරොපරි

මහියංගණ ථූපස්‌ස, ඨානෙ චෙහාසයං ජිතො

වුටථිවාතන්ධකාරෙසි, තෙසං සංවෙජනං අකා

(මහාවංශය පරි. 1, ගාථා 23, 24)


යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ යුද භූමිය වූ "මහානාග වනය" නම් ස්‌ථානයට ඔවුන්ගේ සමුළුවක්‌ (මහායක්ඛ සමාගමං) අවස්‌ථාවකදී බුදුරජාණන් වහන්සේ වැඩම කළ බව මහාවංශය තුළ ඉහත අයුරින් වාර්තාගත කර ඇත. මෙහි සඳහන් "මහායක්ඛ සමාගමං" යන්න ද්විත්වාකාරයෙන් අර්ථ දැක්‌වීමේ හැකියාව පවතියි.

1. යක්‍ෂ ගෝත්‍රිකයන් විශාල පිරිසක්‌ පැමිණ පැවැත්වූ සමුළුවක්‌.

2. මහා යකුන්ගේ හෙවත් යක්‍ෂ ගෝත්‍රික නායකයන්ගේ සමුළුවක්‌

මෙම අවස්‌ථා ද්විත්වයෙන් කවර අවස්‌ථාවකදී බුදුරජාණන් වහන්සේ වැඩම කරනු ලැබුව ද එය යක්‍ෂ ගෝත්‍රික ජනයා උදෙසා පතළ මහා කරුණාවෙන් සිදු වූවක්‌ බව පිළිගත යුතුය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය වූ මෙම මහියංගන ගමන අවස්‌ථාවේදී ලංකාවේ වාසය කළ යක්‍ෂයන් දමනය කොට "ගිරි" නම් දීපයකට එලවා දැමූ බව මහාවංශයේ සඳහන් වේ. මහාකාරුණික වූ බුදුරජාණන් වහන්සේ කිසිසේත් කිසිම සත්ත්වයකුට හිංසාවක්‌ නොකරන බැවින් මහානාම හිමියන්ගේ එම ප්‍රකාශය මතභේදයට තුඩු දෙන වාර්තාවකි.

බුදුන් දවසින් පසු ලංකාවේ යක්‍ෂ ගෝත්‍රික රාජධානිය පිළිබඳ ලංකාවේ ඉතිහාසය තුළ සඳහන් වන්නේ "විජයාවතරණය"සමඟය. ඉන්දියාවේ ලාට රටෙහි රජ කළ සිංහබාහු රජුගේ පුතු වූ විජය කුමරු 700 ක කණ්‌ඩායමක්‌ සාදා ගනිමින්, රජුත්, රාජ්‍යයත්, රටවැසියනුත් පීඩාවට පත් කරමින් ජීවත් වීම නිසා රාජ්‍ය ෙද්‍රdaහීන් බවට පත්විය. මෙම පිරිස ලාටා රටින් පිටුවහල් කළ පසු, ලංකාවේ "තම්බපන්ණි" වෙරළට පැමිණියහ. පසුව වංචනික ලෙස යක්‍ෂ ගෝත්‍රික රාජධානිය පැහැරගත් මොවුන් තම නායකයා වූ විජය කුමරු, ලංකාවේ රජු ලෙස අභිෂේක කර වූ බව මහාවංශයේ සඳහන් වේ. (මහාවංශය( පරි( 7 ගාථා 42 - 47) ඔහුට ලංකා රාජ්‍යය පැහැර ගැනීම සඳහා උපකාර කරනු ලබන්නේ "කුවේණිය" නම් යක්‍ෂ ගෝත්‍රික කුමාරිකාවයි. ඇය ඒ වන විට ලංකාවේ අග රජුගේ නැඟණිය වූවා සේ ම තම්බපණ්‌ණියේ ප්‍රාදේශීය පාලිකාව විය. මෙම සිදුවීම පිළිබඳ මහාවංශ විග්‍රහය ඉතා සියුම් ව නිරීක්‍ෂණය කිරීමේදී ලංකාවේ යක්‍ෂ ගෝත්‍රික රාජධානිය තුළ පැවැති සශ්‍රීකත්වය පැහැදිලි කරගත හැකිය. කුවේණි කුමරිය විජය කුමරුන්ගේ නෙත ගැටෙන විට ඈ කපු කටිමින් සිටි බව මහාවංශය සඳහන් කරනු ලබයි.

"තසසා ව සාමිනි යත්ථ කුවේණි නාම යක්ණී

නිසීදි රුක්ඛ මූලමහි කතතතතී තාපසවිය"

(මහාවංශය පරි 07. ගාථා 11)

මෙම සදයනට අනුව ඇය තාපස වේෂයෙන් සිට ඇත. ඇයගේ තවුස්‌ වේශයට හේතුව කුමක්‌ දැයි මහාවංශයේ සඳහන් නෙවෙතත් ජනශ්‍රැතිය තුළ සඳහන් වේ.

මහලු වයසේ පසු වූ අශ්වින් රජු මියයැමෙන් පසුව පීථෘ ස්‌නේහය අහිමි වූ කුවේණි කුමරිය රාජාභරණවලින් වියෑකී තාපස වේෂයෙන් ජීවත් විය.

(ඉමිහාමි මුදියන්සේ ( ගිරිබාව ( අවු 70)

මේ අනුව යක්‍ෂ ගෝත්‍රිකයන් දැඩි ආගමික භක්‌තියකින් හා සහජීවනයෙන් ජීවත් වූ පිරිසක්‌ බව පෙනී යන්නකි. එමෙන්ම ඔවුන් ආහාර ගබඩාකර තබා ගැනීම පිළිබඳ මනා වැටහීමකින් යුතු පිරිසක්‌ බව,

"භවවා තෙ සාධත්වාන භතනානි ම්‍යක්ඳ්ජනාතීච

රාජපුත්තං හොජයිතවා සබෙබවපී අභුක්ඳජි සුං"

(මහාවංශය, පරි 07 ගාථා 25)

යන මහාවංශ ප්‍රකාශයෙන් තහවුරු කර ගත හැකිය. මෙම ප්‍රකාශයට අනුව මුහුදු ගමනින් විඩාවට පත්ව ලංකාවට සරණාගතයන් සේ පැමිණි විජය කු=මරු ඇතුළු 700 ක්‌ වූ පිරිසට, කුවේණී කුමරිය විසින් ආහාර සපයා දී ඇති බව පැහැදිලි වේ. ලාංකේය යක්‍ෂ ගෝත්‍රික ජනයා ආගන්තුක සත්කාරය වැනි ශිෂ්ට සම්පන්න චාරිත්‍ර පිළිපැදීම අතින් උසස්‌ ස්‌ථානයක වැජඹුණ බව මෙයින් පෙනී යන්නකි. මහාවංශය තුළ ලංකාවේ යක්‍ෂ ගෝත්‍රිකයන් හුදු යක්‍ෂයන් බවට පුන පුනා සඳහන් කිරීමට උත්සාහ ගෙන ඇත්තේ, ලංකාවට සරණාගතයන් සේ පැමිණි විජය ඇතුළු පිරිසගේ පැවැත්ම තහවුරු කිරීමේ උපක්‍රමයක්‌ ලෙස බව පැහැදිලි වන්නකි. විජය ඇතුළු පිරිසට සංග්‍රහ කිරීම සඳහා කුවේණී කු=මරිය විසින් සපයා දුන් සහල් ආදී වූ ආහාර ද්‍රව්‍ය පිළිබඳ සඳහන් කරනු ලබන මහාවංශ කතුවරයා.

"ඉමෙ ජාත ති වුතතා සා

කණඩුලාදිං විනිදදසි

හසතානං වාණිජනං

නාවටඨං විවිධං වාණිජානං"

(මහාවංශය පරි 07 ගාථා 24)

ලෙස ඒවා කුවේණිය විසින් මරා කෑ වෙළෙඳුන්ගේ නැව්වලින් ගෙන ගබඩාකරගනු ලැබූ ආහාර ද්‍රව්‍ය බව පවසති. මිනීමස්‌ කන යක්‌කු, සහල් ගබඩා තබා ගැනීමේ අවශ්‍යතාවය කුමක්‌ ද යන්න මෙම වාර්තාවෙන් ම නැඟෙන පැනයකි. මේ වන විට කුවේණී කුමරිය තම්බපන්ණි ප්‍රාන්තයේ ප්‍රාදේශීය නායිකාව වූ බැවින්, වෙරළාශ්‍රිත වරායන් තුළ නවතා තබන නැව් සඳහා බදු අය කරන්නට ඇති බව විශ්වාස කළ හැකිය. මෙම සඳහනට අනුව ලංකාවේ යක්‍ෂ ගෝත්‍රිකයන් ජාත්‍යන්තර වෙළෙ¹මට සම්බන්ධ පිරිසක්‌ ලෙසින් ද හඳුනා ගත හැකිය. එමෙන්ම ලංකා රාජ්‍යය ලබා ගැනීමේ පටු අරමුණින් කුවේණී කුමරිය රවටා විවාහ කර ගනු ලබන විජය කුමරු "සිරිවත්ථුපුර" පැවැති රාජකීය විවාහ උත්සවයකදී යක්‍ෂ ගෝත්‍රික රජ පරපුර උපක්‍රමශීලීව සමූල ඝාතනය කර රාජ්‍ය පැහැර ගත් බව මහාවංශය සඳහන් කරයි. (මහාවංශය පරි 07 ගාථා 30 - 39) මෙහිදී මෙම විවාහ මංගල්‍යය සඳහා සංගීතයන් ද එක්‌කොට ගත් බව සඳහන් කරනු ලැබීමෙන් ලංකාවේ යක්‍ෂ ගෝත්‍රිකයන් සංගීතය ආදී සෞන්දර්යාත්මක විෂයන්ට ප්‍රියකළ නිර්මාණශීලී ගෝත්‍රයක්‌ ලෙස ද හඳුනාගත හැකිය. එමෙන්ම රාජකීය යක්‍ෂ ගෝත්‍රිකයන් සමූල ඝාතනය කරනු ලබන විජය ඇතුළු පිරිස, ඔවුන්ගේ රාජකීය ඇඳුම් සහ ආභරණයන්ගෙන් සැරසුණු බව,

තසසා සුතවා තථාකත්වා සබෙබෙ යකෙඛ අසාතයි

සයම්පි ලදධ විජයො යක්‌ඛරාජ සොධනං

පාසාධතෙහි සෙසෙහි තං තං භඡවං පසාධයි

තතිපාහං විසි තෙව ත්ථා තම්බපණණිමුපාගම්

(මහාවංශය පරි 07 ගාථා 37 - 38)

ලෙසින් මහාවංශය වාර්තා කරයි. ලංකාවේ යක්‍ෂ ගෝත්‍රිකයන් භාවිත කරනු ලැබූ ආභරණ කොළ අතු, සත්ව ඇටකටු සහ වන මල් ආදී නොවටිනා ද්‍රව්‍යයන්ගෙන් සමන්විත වූයේ නම්, එම ඇඳුම් සහ ආභරණයන් විජය ඇතුළු පිරිස භාවිතයට ගැනීම ප්‍රතික්‍ෂේප කරනු ඇත. නමුත් මියගිය යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ඇඳුම් තවදුරටත් භාවිත කිරීම මගින් ගම්‍ය වන්නේ එම ඇඳුම් සහ ආභරණයන් ඉතා වටිනා ද්‍රව්‍යයන්ගෙන් නිමවා තිබූ බවයි. ලාංකේය යක්‍ෂ ගෝත්‍රිකයන් ශිෂ්ටාචාර ගතවීමේදී ඉන්දියානුවන් ද අභිබවා සිටි බව මෙම කරුණු මගින් අනාවරණය කරගත හැකිය.

ලංකාව තුළ යක්‍ෂ ගෝත්‍රික රාජධානි පිහිටා තිබු ස්‌ථානයක්‌ පිළිබඳව සමන්ත කූට වර්ණනාව තුළ ද සටහන් වේ. එහි,

රම්මේ, තදා රතනදීපවරම්හි ලංකා

ලොකාභිධාන හරිකණ්‌ඩක යක්‌ඛදායො

ඔදුම්බරෙ සුමතකූටක තණ්‌ඩුලෙයෙය

සෙලෙසු මාරගිර මිස්‌සක රිට්‌ඨනාමො

යෙ ක්ඳ්ක්ඳපි සන්ති ගිරියො වන රාමණෙයය්‍යා

ගඩිගානදි ගිරිගුහා සිකතා තලා

තත්ථා වසන්ති රහසා විරුසා නිරුද්දා

පාණතිපාතා නිරතා සබ් - කූට යක්‌ඛා

(සමන්තකූට වර්ණනාව, පි. 516 - 517)

ලෙසින් සඳහන් ගාථා ද්විත්වයේ නාමකරණයට අනුව අතීත ලංකාවේ "ලග්ගල ලොග්ගල, හිරකඩ, යක්‌දෙස්‌සාගල, දිඹුලාගල, සමන්කුළ, තණ්‌ඩුලෙයH, මාරගිරි මිස්‌සක (මිහින්තලේ) සහ රිටිගල" යන ස්‌ථානයන් තුළ යක්‍ෂ ගෝත්‍රික රාජධානි තිබී ඇත. එමෙන්ම වර්තමානයේ පවා ලංකාවේ ග්‍රාම නාමයන් තුළ මේ නමින් හැඳින්වෙන ගම් දැක ගත හැකිය.

විජය රජුගෙන් පසු, ලංකාවේ රජවන පණ්‌ඩුවාසුදේව රජුගේ රාජ්‍ය කාලය තුළ සහ ඔහුගේ වැඩිමහල් පුතු වූ අභය රජුගේ රාජ්‍ය කාලය තුළ ද යක්‍ෂ ගෝත්‍රික ජනයාගේ බලපෑම ලංකාවේ රාජ්‍යත්වය කෙරෙහි පැවැති බවට ජනශ්‍රැතික මෙන්ම ඓතිහාසික සාධක හමු වේ. පණ්‌ඩුවාසුදේව රජුගේ රාජ්‍ය කාලය තුළදී ඔහුගේ එකම දියණිය වූ "චිත්‍රා කුමරිය" ජීවිත කාලය පුරාම අස්‌වාමිකව තබනු සඳහා රජු විසින් ඇයව එක්‌ටැම් ගෙයක සිරකරනු ලැබීය. ඉතා උස්‌ කුළුණක්‌ වූ මෙම එක්‌ටැම් ගෙයට භාණ්‌ඩ සැපයීම සඳහා යක්‍ෂ ගෝත්‍රිකයන්ට විශේෂිත වු තාක්‍ෂණ භාවිතාවක්‌ වන "කර්කටක යන්ත්‍රය" යොදා ගත් බව,

ගවකඛමහි ඔසාපෙත්වා එතතිං කකකටයතනකං

ආරායහ ජින්දයිත්වාන කවාටං තෙත පාවිසි

(මහාවංශය පරි 09, ගාථා 17)

ලෙසින් මහාවංශය තුළ සඳහන් වේ. ජනශ්‍රැතිය අධ්‍යයනය කිරීමේදී මෙම "කර්කටක යන්ත්‍රය" සඳහා වසර 6000 ටත් වඩා පැරැණි ඉතිහාසයක්‌ පවතින බව පෙනී යයි. "විශ්‍රවස රජුගේ" (රාවණ රජුගේ පියා) සහ "ඉලා දේවියගේ" එකම පුත්, කුවේර හෙවත් "වෛශ්‍රවණ කුමරුගේ" රාජධානිය වූ "ආලකමන්දා රාජධානිය" පිහිටි පර්වතයේ (වර්තමාන සීගිරි පව්ව) ගමනාගමන කටයුතු පහසු කර ගැනීම සඳහා යක්‍ෂ ගෝත්‍රිකයන් විසින් සොයා ගනු ලැබූ තාක්‍ෂණික භාවිතාවක්‌ ලෙස මෙම කර්කටක යන්ත්‍ර යොදා ගත් බව (විලියම් වන්නිනායක, සොලේවැව, අවු. - 64) ජනශ්‍රැතික සඳහනයි. මීට අමතරව පණ්‌ඩුවාසුදේව රජුගේ අමාත්‍ය මණ්‌ඩලය තුළ, ඉතා විශ්වාසවන්ත සෙනවියන් ලෙස යක්‍ෂ ගෝත්‍රික සෙනෙවිවරුන් ක්‍රියාකර ඇති බවට උදාහරණ සපයා ගත හැකිය. මහාවංශය තුළ සඳහන් වන "චිත්තරාජ" සහ "කාලවේල" යන සොහොයුරන් දෙදෙනා රජුට ඉතා විශ්වාසවන්ත සෙනෙවිවරුන් ලෙස ක්‍රියාකර ඇති බව චිත්‍රා කුමරියගේ එක්‌ටැම්ගෙය ආරක්‍ෂා කිරීම සඳහා චිත්තරාජ යක්‍ෂ සෙන්පතිතුමා යෙදවීම මගින් පැහැදිලි වේ. පඬුවස්‌දෙව් රජුගෙන් පසු රජ බවට පත්වන ඔහු පුත් අභයද, යක්‍ෂ ගෝත්‍රිකයන් සමඟ සුහදශීලීව රාජ්‍ය ය විචාරනු ලැබීය. අභය රජුගෙන් පසුව රජ බවට පත්වන්නේ චිත්‍රා කුමරියගේ පුතු වූ පණ්‌ඩුකාභය කුමරුය. පණ්‌ඩුකාභය කුමරුගේ ජයග්‍රහණය ලංකාවේ රාජකීය යක්‍ෂ ගෝත්‍රිකයන් තමන්ගේ ජයග්‍රහණයක්‌ සේ සැලකූ බවට බොහෝ ඓතිහාසික මෙන්ම ජනශ්‍රැතික සාධකයන් ද පවතියි. 

චිත්තරාජ සහ කාලවේල ආදී යක්‍ෂ සෙන්පතියන් මෙන්ම සාමාන්‍ය යක්‍ෂ ගෝත්‍රිකයන් ද පණ්‌ඩුකාභය කුමරුන්ට උදව් කළ බව ජනශ්‍රැතිය පිරික්‌සීමේදී පැහැදිලි වේ. "දුම්රක්‌ගල" ප්‍රදේශයේ "තිඹිරියාගඟ" නම් විල අසල ජීවත් වූ zෙච්තියා" නම් යක්‍ෂණියක්‌ පණ්‌ඩුකාභය කුමරුන්ට යුද්ධයේදී සහයෝගය දැක්‌වු බවට සාධකයක්‌ වේ. මහාවංශයේ ඇය දක්‌වනු ලබන්නේ වෙළඹකගේ රූපය මවා ගත හැකි යක්‍ෂණියක්‌ ලෙසින. (මහාවංශය( පරි 10, ගාථා 53 - 63) මෙම වංශ කතා සඳහනට වඩා පිළිගත හැකි ප්‍රකාශයක්‌ ජනශ්‍රැතිය තුළ සඳහන් වේ. "ෙච්තියා" නමින් හැඳින්වෙන්නේ චිත්‍රා කුමරිය පණ්‌ඩුකාභය කුමරුගේ උපත සැඟවීම සඳහා තමා ළඟ දියණි තනතුරේ හදාවඩා ගනු ලැබූ යක්‍ෂ ගෝත්‍රික කුමාරිකාවයි. රාජ කුමරියක ලෙස සකල ශිල්ප හැදැරූ ඇය. අසුන් පිට යැමට සහ කඩු හරඹයට ඉතා දක්‍ෂ වී ඇත. පණ්‌ඩුකාභය කුමරුන්ගේ යුද සේනාවේ දුම්රක්‌ගල සේනා නායිකාව වශයෙන් කටයුතු කළ ඇය, පණ්‌ඩුකාභය කුමරු දුම්රක්‌ගල සැඟවී සිටි වසර 04 තුළ ඔහුට ආරක්‍ෂාව සැපයීමට මෙන්ම යුද සේනාවේ පෙරමුණේ ද ගමන් කරමින් නිර්භීත සොයුරියක සේ තම සොහොයුරාගේ රාජාභිෂේකය සඳහා කැප වූ යක්‍ෂ ගෝත්‍රික කුමාරිකාවක්‌ බව ජනශ්‍රැතිය සඳහන් කරනු ලැබේ. (ගුණවතී රත්නගොඩ - අවු. 75. දම්පොළ)

මේ අනුව විජයාවතරණයෙන් පසුව ද සියවස්‌ ගණනාවක්‌ පුරා ලංකාවේ රාජ්‍යත්වයට සමීප සබඳතාවක්‌ දක්‌වමින් යක්‍ෂ ගෝත්‍රික ජනයා ඉවත් වී ඇති බව පෙනී යයි. විජය රජුට බිය වූ යක්‍ෂ ගෝත්‍රික ජනයා, ලංකාවේ වනාන්තර ප්‍රදේශයන්ට පලා ගොස්‌, සැඟවී ජීවත් වූ බවත්, වර්තමානය තුළ ලංකාවේ ජීවත් වන වැදි ජනයා ඔවුන්ගෙන් පැවතෙන්නන් ලෙසත් සඳහන් වන ප්‍රසිද්ධ ලිත ඉතිහාසය මතය තවදුරටත් සත්‍ය වන්නේ දැයි සලකා බැලිය යුතුය. වසර ගණනාවක්‌ පුරා අඛණ්‌ඩව සහ අදීනව ජීවත් වූ නිර්භීත ගෝත්‍රිකයන් පිරිසක්‌ දීන ක්‍රියාවන් හේතුවෙන් සිය රටෙනුත් නෙරපා දැමු පසු සරණාගතයන් සේ පැමිණි 700 ක පමණ පිරිසකට බිය වී තම වාසභූමි පවා හැර දමා වනගත වේ යෑයි සිතීම විවේචනයට තුඩු දෙන ප්‍රකාශයකි. මෙම සරණාගතයන් 701 දෙනා පැමිණි දිනම, එම පිරිසෙන් 700 දෙනකුම සිරකොට තබා ගත හැකි "උමං මාර්ග" පැවැතීමට තරම් දියුණු තාක්‍ෂණයක උරුමකරුවන් වූ ජාතියක රාජ්‍යත්වය, වංචනිකව ලබා ගැනීම විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලෙස වංශකතා මගින් හුවා දැක්‌වීම තුළ පවතින සාධාරණත්වය ද ප්‍රශ්නකාරී වේ.

මහාබලි, තරුක, පුලස්‌ති විශ්වස සහ රාවණ ආදී නිර්භීත වූ රාජකීය යක්‍ෂ පෙළපත රාජ්‍යත්වය සඳහා ම ලාංකේය පොළොවෙන් බිහි වූ අභීත ගෝත්‍රයකි. පෙරදිග ලෝකය තුළ අධිරාජ්‍යයන් පිහිටුවා ගනිමින් ඉතා ශ්‍රේෂ්ඨ ජාතියක්‌ ලෙස ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රිකයන්, තම තාක්‍ෂණික භාවිතාව හරහා ලෝකයේ ඉහළින් ම සිටි ජන ගෝත්‍රයක්‌ බව තහවුරු වේ. රුවන්වැලි සෑය, පරාක්‍රම සමුද්‍රය සහ සීගිරිය වැනි ලෝක පූජිත නිර්මාණයන් වර්තමානය තෙක්‌ විරාජමානව බැබළීම තුළ සැඟවී පවතින රහස සූර්ය වංශික යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ තාක්‍ෂණික භාවිතාව සහ දහඩිය මහන්සිය මතින් ඒවා ගොඩනැඟීම බව විශ්වාස කළ හැකිය. ග්‍රීසියේ මහා ඇලෙක්‌සැන්ඩර්, රෝමයේ සීසර් සහ ඊජිප්තුවේ පාරාවෝ වැනි රජවරුන්ට අසමසම වූ රාජවංශයක්‌ ලොව පවතින්නේ නම්, ඒ ලංකාවේ සූර්යය වංශික යක්‍ෂ ගෝත්‍රිකයන් පන්සල් චිත්‍ර ස්‌වරූපය අතික්‍රමණය කළ සුවිශේෂී අභිමානයකින් යුතු විශිෂ්ට වූත්, නිර්භීත වුත්. ජන ගෝත්‍රයක්‌ බව පැහැදිලිය. මේ පිළිබඳව කතිකාවතක්‌ ගොඩනැඟීම ලක්‌ පොළොවට ආදරය කරන විද්වත් සැමගේ වර්තමාන වගකීම බව සිහි කැඳවනු කැමැත්තෙමි.





6 Response to හෙළයේ ජීවත් වූ සැබෑ යක්කු!

April 26, 2012 at 9:46 AM

අප අපෙ රටෙ විශිශ්ට වූ ඒ ඉතිහාසය ගැන සොයා බැලිය යුතුයි..

May 25, 2012 at 10:17 AM

හෙළදිව සැඟව ගිය අතීතය යළි පිබිදෙනු දැක්මේ ඒකායන පැතුමෙන්, වර්ථමාන හෙළයන් සඳහා.. කොග්ගල නිලමේ පළමු හා දෙවෙනි කොටස මෙසේ අන්තර්ජාලයට එක් කල වගයි.

මේ පොත් ද්විත්වය කියවා ලබන දැනුමෙන් ඔබ රැස් කරගන්නා පින්, ඉපැරණි හෙළ වංශ කථාවේ අප නොදුටු පැත්ත හෙළි පෙහෙළි කර දුන් මෙම පොත් වල කර්තෘ හේ. මාකස් ප්‍රනාන්දු මහතාටත්, හීන් බණ්ඩාර මහතාටත් රාවණ යුගයේ සිටි හෙළ විරුවන්ටත්, ඔවුනට මාධ්‍ය වූ ඒ. එෆ්. කොකාවල මහතාටත් අනුමෝදන් වේවා.

http://www.scribd.com/koggala_nilame

July 6, 2012 at 8:55 AM

ඔයාගේ උත්සාහය අගය කරමි. මේ තොරතුරු සිංහල මිනිසුන්ගෙන් නොව බාහිර දත්ත වලින් උපුටා ගත් නිසා සැබෑ ඉතිහාසය සෙවීමට නොව සොයා ගත් ඉතිහාසය බාහිර ලෝක ඉතිහාසය සමඟ සැසඳීමට අගනේය. අද සිංහල අතීතය සොයන්නෙ ඉංග්‍රීසින් හා දෙමළුන් ගේ මග පෙන්වීම මත නිසා, එම උත්සාහය මඩ ගොහොරුවක් වී ඇත. අප ඉංග්‍රීසින් හා දෙමළුන් වැනි අනෙකුත් ජාතීන්ගෙ ඉතිහාසය ගැන දන්නේ අල්පයකි. එසේ නම් ඉංග්‍රීසින් හා දෙමළුන් වැනියවුන් අපේ ඉතිහාසයෙන් අල්පයකට වඩා දනීද?

ඉංග්‍රීසි අධ්‍යානයෙන් බිහි වී, එම දැනුමෙන් ඉතිහාසය සොය විට අද සිංහල කියා ජාතියක් නැත. ඊට හේතුව අද ද සිංහලයන් ඉංග්‍රීසි විදියට ගැලපෙන ඓතිහාසක දෙයක් බිහි නොකරන නිසාය. අදත් එවැනි දෑ හදන්නේ විදෙස් ආකම් දරණ බෞද්ධ, හින්දු, දෙමළ, මුස්ලිම්, කතෝලික ගනයන්ට අයත් සිංහලකම අතහැරී අය හෝ පරයන්ය. තව අවුරුද දස දහසකින් සිංහලකම නැති වුවොත්, අද මේ රටේ සිංහලයන් සිටියේ නැති බව කියනු ඇත. මෙම කතාවම මීට අවුරුදු දස දහසකට පෙර සිංහල ඉතිහාසයට යෙදුවත්, ඉංග්‍රීසි විදියට මේ රටේ සිංහලයන් සිටියේ නැත. එසේ නම් අද කල යුත්තේ සිංහල ඉතිහාසය සෙවීමට, ඉංග්‍රීසි විදිය හෙවත් අනුන්ගේ උරුමය නැති කර, තමන් උදුරාගත් දේ තමන්ගේ යයි ඔප්පු කිරීමට බොරු ගෙතීම නොව සිංහල ඉතිහාසය සෙවීමට සිංහල විදියක් සොයා ගැනීමය. එය ඉංග්‍රීසි විදියේ ප්‍රතිබිම්බය යයි අත්දැකීමෙන් මට කිව හැක.

ව්‍යාකූල දත්ත වලින් මිදී සිංහලයන්ගෙ පමණක් නොව මනුෂ්‍යයන්ගේත් අනෙක් සතුන්ගේත් ආරම්භයේ සිට අද දක්වා ඉතිහාසය සොයා ගැනීම තුලින් මම සිංහල විදිය සොයා ගතිමි. ඒ අතින් බැලූ විට අද අප සිංහල ඉතිහාසය කියා බදාගෙන ඇත්තේ අනුන් ගෙතූ ප්‍රලාපයක් බව සහතික වේ. මෙවැනි ලිපි සැබෑ ඉතිහාසය මනාවට ඔප්පු කරන බාහිර ආධාරක බව ලියන අයද නොදන්නේ සිංහල මනසකින් නොව අනුන්ගෙ අවශ්‍යතාවයන් ඉටු කරන මානසික මුලාවකින් සිතීම වීම කණගාටු දායකය. මගේ සොයා ගැනීම් කොතරම් නිවැරදි දැයි කිවහොත් එය ස්වාභාවික ඉතිහාසය හෙවත් ස්වාභාවිකව පැවතුනු ආකාරයම බව මෙම ලිපි වල සැඟවී ඇති සමහර දත්ත වලින් තහවුරු වේ.

කරන්නා සියල්ල දනී, උදව් කරන්නා ටිකක් දනී, බලා සිටින්නා දුටු දේ දනී, අසා සිටින්නා ඇසූ දේ දනී, නොදන්නා හිතළු ගෙතූ බව දනී, අමුත්තන් ඕන කෙනෙක් කියන දෑ භාර ගනී, කියන සංසිද්ධිය ඉතිහාසයට ද වළංඟු බව සහතිකය. ඔබේ උත්සාහයට තුති.

July 6, 2012 at 12:15 PM

@සිහිගිර බුදල්,

කොග්ගල නිලමේ කතාව ටිකක් කියෙව්ව. ඔය තොරතුරු ගොඩක් සැබෑ ලෝකෙ තියෙන ඒවා. මේ වගේ දේවල් මෑතකදි බිහිවුන ප්‍රයෝග විතරයි. ඒවායින් සැබෑ ඉතිහාසයට නිගා කරනවා. සැබෑ ඉතිහාසය සොයන්න කිසිම අද්භූත ක්‍රමයක් ඕන නෑ. සැබෑ හැකියාවන් නැති අය නොයෙකුත් උපක්‍රම වලින් එවැනි හැකියාවන් මවා පානවා. මේ වැඩ කරන්නෙ පසු ගිය අවුරුදු 4000ක කාලයක ඉඳල සිඟමන් යදිමින් ආ මලයාලි හිඟන්නන්ගෙන් පැවතෙන සිංහල වෙස් මවාගත් අයයි.

සැබෑ ඉතිහාසය ඕන කෙනෙකුට දැනෙන බොහොම ස්වාභාවික දෙයක්. විකාර මවන්න ඕන නෑ. අද ඉතිහාසය මවන අය රාවන කියන නම පට්ට ගහනවා. නියම සිංහල ඉතිහාසයට කිසිම වැදගත් කමක් නැති එකෙක් මුදුනා කරලා සැබෑ ඉතිහාසය බොහොම පටු විදියට මවල අච්චාරු කරනවා. ඒකත් හරියට අන්තිමට සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ අපේ ජාතියේ මුදුනට දානවා වගෙ වැඩක්. දැනටම විජේ කුමාර් කියන දෙමළ තක්කඩිය සිංහල ජාතියේ පියා වුනෙත් ඔහොමයි. ඔය මැවීම් කොච්චර තිබුනත් ස්වාභාවික ඉතිහාසය නොකඩවා ගලන පැහැදිලි දෙයක්.

පටු හැකියාවන් ඇති අය සිංහල ඉතිහාසයට කරන්නෙ සේවයකට වඩා බාල කිරීමක්. ඒ අතින් එයාල අනිත් අය වගේම නොදත් දේවල් මවල කියන අය වෙලා. ඒත් නියම ඉතිහාසය තවමත් සිංහලකම තියෙන අය ළඟ රැකී තිබෙනවා. හිඟන්නන් තරම් සිංහල උරුමය නසපු වෙන කොටසක් නෑ.

July 9, 2012 at 5:38 PM

Anonymous One orig ඔබතුමා කියන දේ වටහාගන්න ටිකක් අපහසුයි. එතකොට ආදිතම සිංහලය හෝ හෙළය බිහිවුනේ ඉරෙන් හැන්දෙන් අපු කුමාරයෝ කුමරියෝ මගින් කියන එක බොරුවක්ද .. ඇත්තටම අපි අද මහා පඹ ගලක පැටලිලා ඉන්නේ කරුණාකරලා අපේ යක්ස රක්ෂා නාග දේව ගෝත්‍රයන් ගැන මේ දක්වා තියන වැරදි විස්තර නිවැරදි කරලා දෙන්න. මම දන්නවා ඔබතුමා සිංහලයාගේ අපේ රටේ මුතුන් මිත්තන්ගේ නිවැරදි ඉතිහාසය දන්නා බව. ඒ වගේම ඔබ විසේස පුද්ගලයෙක් බව ඔබේ ලිපි (පිළිතුරු ) කියව බලන නිසා දන්නවා . කරුණාකරලා පහදලා දෙන්න .. ස්තුති
මම ලොක්ක

July 11, 2012 at 5:06 PM

@ ලොක්ක,

මම ඔයාට විද්‍යුත් ලිපියට පිළිතුරක් එව්වා. මේ තොරතුරු ඊට අමතරවයි. අපි ඇත්ත කියන්න පුරුදු වුනොත් අපේ සිතත් හැම වෙලාවෙම අපට ඇත්ත සිතිවිලි දෙනවා. අනෙක් සිතිවිලි ඇති වුනොත් පැටලිලා වගේ සංවේදීතාවයක් එනවා. එතකොට නැත්තත් දැනෙනවා. පුද්ගලයන් හැටියට අපේ ගත සිත, අපේ මුළු ඉතිහාසයත් ඒ හා සම්බන්ධ වන අපේ ප්‍රතික්‍රියා වලත් දත්ත ගබඩාව විදියට පවතිනවා. අපේ බාහිර පරිසරය ඒකෙ අතීතය අඩංඟු දත්ත ගබඩාව විදියට පවතිනවා. සතුන් ශාක වැනි දෑ ඒවායේ අතීත දත්ත ගබඩාව විදියට පවතිනවා. මේ ඔක්කොම ගත්තම මුළු විශ්ව ඉතිහාසයම කියනවා.

අද නොයෙකුත් අනුමාන මත නිසා, විශේෂයෙන් ම ඩාර්වින්ගෙ බොළඳ කතා නිසා බොරුව ඇත්ත වෙලා. අපි අප ගැනම සිතුවොත් අපේ සැකසුම කොතරම් සංකීර්ණද? කොතරම් සියුම්ද? සම්පූර්ණද බැලුවොත්, මනුෂ්‍යයන් මුලින් ම බිහි වන විටත් සම්පූර්ණ විය යුතු නේද? විශේෂයෙන් ආහාර මගින් පෝෂණය වී රැකෙන අත්‍යාවශ්‍ය අංඟ කවදාවත් එකෙන් එක හැදෙන්න බැරි, අද වුනත් ඒ එක අංගයක් විතරක් නැති වුනත් මැරෙන නිසයි. ඒ වගේම මේ ඔක්කොම හිමි අප හැදුන හැටි අපවත් දන්නෙ නෑ නේද?

ඔයා හරි. අහම්බෙන් මම අපේ විතරක් නොවෙයි හැම ජීවයකම උපතේ සිට අද දක්වා ඉතිහාසයත්, ඒ තොරතුරු අද ලෝකයේ ඇති තොරතුරු වලින් තහවුරු කරන විදියත් දැනගත්ත. ඒක හුඟක් බරපතල නිසා නුදුරු අනාගතයේදී දිග හැරීමට සිතමි.

සිංහලයන් විදියට අපි බිහි වුනේ හිරු කියන කෙනාගෙ හැකියාවන්ගෙන්. නැත්නම් අපි තවමත් වඳුරෝ. එම නමින් සූර්යයා ද හඳුන්වන නිසා පැටලිලා. පැරණි නම් පසු කාලීනව විවිධ හේතු නිසා විවිධ ලෙස යෙදීම ඉතිහාසය වනසන එකක් තමයි. මේ රාවන කියන නමත් එහෙම එකක්. ඕක මුලින්ම කිව්වෙ හිරුට. ඒ "රැස් එන" (රාවන = රා = ray එන) කෙනා කියන්න. මෙතන රැස් කියන්නෙ සූර්යයා අණුකරණය කරලා. එයාගෙන් පැවතෙන අය සූර්ය හෙවත් රාවන වංශය ලෙස කිව්ව. බොහෝ දෙනෙක් රැවටී සිටින අන්තිම රාවන ඉන්දියාවෙ කෙනෙක්. හරියට අන්තිම රජ වුන ශ්‍රී වික්‍රම රාජසිංහ වගේ. ගත් නම සිංහල වුනාට තමන්ගෙ මුල් නම වෙනස්. මෑත කාලීන ඉතිහාසය, විශේෂයෙන් ම ලිඛිත සාධක ඇති ඉතිහාසය මවා පෑමක් විතරයි. අයිතිය නැති අය හොර ඔප්පු ලියාගන්නවා වගෙ වැඩක්. අතීතයේ සිට පැවතෙන හැම වැදගත් දේම තමන්ට ආරූඪ කර ගැනීමක්. ඒත් ඔය කිසිම දේකින් ස්වාභාවික ඉතිහාසය මකන්න බෑ.

ඔයා කී පරිදි අපේ නියම ඉතිහාසෙ ගැන නුදුරු අනාගතයේදි කියන්නම්. විෂ්ණු හෙවත් විශ්ව මනු කියන වඳුරු පෙනුමැති කෙනා කියන්නෙත් හිරුටමයි. ඒ කතාව තුල අපි අද මිනිසුන් වූ හැටි කියනවා. උදාහරණයක් ලෙස නූගත් දුප්පත් අසරණ පවුලක බුද්ධිය හැකියාව ඇති කෙනෙකු උපන්නොත් ඒ පවුලට මොකද වෙන්නෙ කියල හිතන්න. මේ කතාව තුල ඒ තොරතුරු තියෙනවා.

හිරු කියන්නේ අපි ඔක්කොම වගේ. අපේ මුල්ම පියා කියන්නත් පුළුවන්. තව මව කියන්නත් පුළුවන්. ඒ කොහොමද කියන එකත් අඟනා දෙයක්. ඔබ ඔබේ පියාත් සීයාත් සමඟ සම්බන්ධ වන විදිය හැදෑරුවොත් තේරේවි ඔබේ උරුමයේ මුල හිරු කියල. මම දන්න තරමින් අද ඔහු සිංහල මිනිහෙක්. ඉතින් අපි එයාගෙන් විස්තර අහමු. නැවත උපදින එක ඇත්තක්. ඒ නිසා අර මායා වරුන් කීවා වගේ අළුත් ඇරඹුමකට ලං වෙලා නේද?

Post a Comment

අදහස් සහ උදහස්