වේද සාහිත්‍යයට අනුව පැරණි දේව ගණයට අයත් සියල්ලන් යක්ෂ නම්වේ.
යක්ෂාධිපති වෛශ්‍රාවන සතරවරම් දෙවිවරුන්ගෙන් කෙනෙකි.
වෙසමුනි යක්ෂ සේනාධිපති වේ.
වෛදික සාහිත්‍යයෙහි යක්ෂයන්ගෙන් ශීග්‍රගාමී, ශීග්‍රපති, ක්ෂණික රශ්මි දහර, ක්ෂණික වාසස්තානය වෙනස් කරන බව දැක්වේ.
කුවේර යනු වෙසමුණිගේ පළමු විවාහය වූ බ්‍රාහ්මීන් ගේ රූමත් දියණියක වූ ඉල්ලාවිලා දේවිය ගේ දරුවා විය. පසුව වෙසමුණි ගේ දෙවැනි විවාහය ලෙස කේශිණී පත්විය. කේශිණීට වෙසමුණි ට දාව දරුවන් පස් දෙනෙකු ලැබිණි. ඔවුන් රාවණ, විභීශණ, කුම්භකර්ණ, හේම සහ පුෂ්පික නම් විය.
කාලය ගත වෙත්ම කුවේර, තම පියරජතුමා වූ වෙසමුණි ගේ අභාවයෙන් පසුව සාමකාමීව රට පාලනය කලේ ය. මේ අතර කුවේරගේ දෙටුසහෝදරයා වූ රාවණා තම බලවත් කම ඉහළ යත්ම, ලංකා රාජ්‍යය පිළිබඳ ව සිත් පහළ විය. පසුව, රාවණා ලංකා රාජ්‍යයත්, එහි පිහිටි "ආලකමන්දාවත්", කුවේරගේ අහස්යානය වූ "පුෂ්පිකයත්" තමාට අවැසි බව දැන්වීය. මින් ඉතා කෝපයට පත් වූ කුවේර, රාවණාව ඉහත යෝජනාව ද ප්‍රතික්ෂේප කර පලවා හැරීය. එනමුදු ලෙහෙසියෙන් පරාජයට පත් වන්නට තරම් ලාමක නොවූ රාවණා ස්වකීය ඥාතීන් වූ යක්ෂ ගෝත්‍රිකයන්ව කුවේරට විරුද්ධව මෙහෙයවා ලංකා රාජ්‍යය සියතට ගැනීමට සමත් විය.තවද කුවේරගේ ධනය, මාළිගය සහ අද දඬුමොණරය ලෙස හැඳින්වෙන " පුෂ්පිකය" ද සියතට ගන්නට සමත් විය.
බුදුරදුන් උරුවෙල් දනව්වට වැඩම කරන අතරතුර මහියංගනයට වැඩම කර යකුන් දමනය කර ඔවුන් ගිරි දිවයිනට නෙරපූ බව පවසන මහාවංශය, පිරිනිවන් පෑ දිනයේ 700ක් පිරිවර සමඟ විජයකුමරු මෙරටට ගොඩබැස කුවේනිය නම් යක්ෂ කන්‍යාවකගේ උපකාර ඇතිව ලංකාවේ යක්ෂ නායකයන් පලවා හැර රජවූ බවත් සඳහන් කරයි.
මහා වංශයේ පණ්ඩුකාභය රජු හා බැඳි යකුන් දෙදෙනෙක් ගැන සඳහන්ය. චිත්තරාජ, කාලවේල පණ්ඩුකාභයගේ උප්පත්තිකතාව හා මොවුන් සම්බන්දය.
චිත්තරාජ අභය වැවට අධිගෘහිත යක්ෂයා විය.
අනුරාධපුර නැගෙනහිර වාහල්කඩ ආසන්නයේ කාලවේල යක්ෂය වෙනුවෙන් දේවාලයක් තිබේ.
යක්ෂාධිපති වෛශ්‍රාවන වෙනුවෙන්ද පණ්ඩුකාභය රජු සමයේ වන්දනා පැවැත්විණි. දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන්ගෙන් කෙනෙක් වූ "ගෝඨම්බර" යක්ෂයෙක් වූ රිටිගල ජයසේන හෝ මහසෝනා සමඟ සටන් කර පරාජය කළබව සඳහන්වේ.
අනාර්ථ ගෝත්‍රයට අයත් බලසම්පන්න ජන කොටසක් ලෙස වෛදික සාහිත්‍යයේ යකුන් හඳුන්වා ඇත. උපනිශ්ද් සාහිත්‍යයේ යක්ෂයෝ කුවේරාගේ පිරිවර සේනා ලෙස සේවය කරයි.
උපුටා ගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=902476
No Response to "ලංකාවේ යක්ෂ ඉතිහාසයෙන් බිඳක්...!"
Post a Comment
අදහස් සහ උදහස්