-->

Thursday, July 2, 2009

ශ්‍රි රාවණා රජු හා රාවණා වංශය ගැන සොයා යැමක්

6
රාවණා යන නම ලාංකික අපිට නුහුරු නමක් නොවෙයි. නමුත් කුමක් හෝ කාරුනක් නිසා රාවණා රජුගැන අපි දැන සිටින කරුණු කාරනා අල්පයැයි මට සිතේ. පාසලේදි ඉතිහාසය ඉගනගැනිමේදි පවා අප රාවණා කෙනෙකු ගැන සදහනක්වත් අසන්නේ නැත. අපිට ඉගැන්නු හා ඉගන්වන ඉතිහාසය අනුප අප පැවත එනුයේ විජය රජුගෙන් යැයි අපි උගනෙමි. එහෙත් මෙය සත්‍යක්ද? මා අසා හා කියවා ඇති කරුණු අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි.(ඒ පිලිබදව ඉදිරියේදි සටහන් තබන්නේමි.) එහෙත් කුමන හේතුවක් නිසා අපි රාවණ ඉතිහාසය වසන්කරගෙන සිටිනවාදැයි මා හට වැටහිමක් නැත. මේ පිලිබද ව මා සොයාගත් හා එකතුකරගත් කරුනු අනුසාරයෙන් රාවණා පිලිබදව ලිපි මාලාවක් ලිවිමට අදහස් කලෙමි. ඉතින් අද පටන් අපේ ප්‍රෞඩ රාවණා ඉතිහාසය ගැන විස්තර කෙරෙන ලිපිමාලාවේ පලමු ලිපිය මෙයයි. ඔබලගත් මෙවැනි කරුනු අලලා ඇති ලිපි තිබේ නම් අපත් සමග බෙදාහදා ගන්නා ලෙස ද ඉල්ලා සිටිමි.....


මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක [වසර 10,000 කට පෙර] මහාබාලි [වසර 7,500කට පෙර] රාවණා [වසර 5,000- කට පෙර] ආදී වශයෙනුයි.

මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.
මහා සෘෂි වෛශ්‍රවන (වෙසමුණි ) රාවණ රජුගේ පියා වන අතර මව
කකේසී නම් ධෛත්‍ය මහේෂිකාවයි.විභීෂණ, කුම්භකර්ණ හා අහිරාවණ ලෙස රාවණාට එක කුස උපන් සොයුරන් තිදෙනෙකි.තවද කෛකේසිය ‘මීනාක්ෂි’ නම් දියණියකට ද උපත දුන්නාය. සුපනඛා ලෙස කුප්‍රකට වුයේ රාවණාගේ සොහොයුරියයි.


රාවණා විස්තර වන්නේ ශිවගේ භක්තිවන්ත ශ්‍රාවකයෙක්, මහා ප්‍රා
ඥයෙක්, දක්ෂ පාලකයෙක් හා සුප්‍රසිද්ධ වීණා වාදකයෙක් වශයෙනි. හිස් දහයක් ඇත්තෙක් (දසිස් , දශ ශීර්ෂ) ලෙස සමහර ස්ථාන වලදී රාවණා රජ වර්ණනා කර ඇත්තේ සිව් වේදය හා ෂඩ් උපනිෂද් ධර්මයන්ට අදාළ විශිෂ්ඨ දැනුමක් සහිතව මහා ප්‍රාඥයන් දස දෙනෙකු තරම් බලවත් ඥාන සම්භාරයක් අත් කරගෙන සිටි නිසා යැයි පැවසේ.රාවණා යනු විශිෂ්ඨ ග්‍රන්ථ සම්පාදකවරයෙකි. නක්ෂත්‍රය හා ජ්‍යෝතිෂයට අදාල බලගතු ග්‍රන්ථයක් වන ‘රාවණ සංහිතා’ නම් කෘතිය රාවණ රජු විසින් සම්පාදනය කරන ලද්දකි.

එමෙන්ම ආයුර්වේදය හා රාජ්‍ය පාලනය සම්බන්ධව පරිපූර්ණ දැනුමක් ඔහු සතු විය. -අ‍ායුර්වේදයට අදාලව වෛද්‍ය ග්‍රන්ථයන් ද ඔහු විසින් සම්පාදනය කර ඇතැයි සැලකේ.- මහා බ්‍රහ්මයා විසින් ලබාදුන් දිව්‍යමය වරයකට අනුව අමරණීය බව ලබා ගත හැකි පානයක් ඔහු සතුව තිබුණු බව පැවසෙන අතර එය ඔහුගේ නාභියට යටින් රඳවා තබා ඇත.


6 Response to ශ්‍රි රාවණා රජු හා රාවණා වංශය ගැන සොයා යැමක්

November 4, 2011 at 1:38 AM

ස්තුතියි...රාවණා ගැන නොදන්න තොරතුරු ගොඩක් දැනගත්තා...මට පොඩි ප්‍රශ්නයකුත් ආවා...ලිපියේ තියනවනේ විභීෂණ රාවණා ගේ එක කුස උපන් සහෝදරයා කියලා...ඒත් රූපයේ හැටියටනම් මේ දෙන්නගෙම පියා එක්කෙනක් ඒත් මව එක්කෙනෙක් නෙමෙයි...

November 4, 2011 at 6:29 AM

එකල තිබූ බහුභාර්ය්‍ය විවාහ ක්‍රමයක් නිසා

November 4, 2011 at 6:32 AM

http://pahanyaaya.blogspot.com/2011/11/i.html දිගටම ලියන්න

November 4, 2011 at 7:14 AM

@චාර් : හ්ම...එහෙනම් "එක් කුසේ ඉපදුනා" කියන එක පිළිගන්න බැහැ නේද? කුසවල් දෙකකනේ ඉපදිලා තියෙන්නේ :)

August 14, 2012 at 8:32 PM

ලංකාවේ අධ්‍යාපනයේ වෙනසක් වෙන්න ඕනේ..
අපේ පාසල් වල රාවණ රජු ගැන උගන්නන්න කිව්වොත් ගුරුවරයා කෙලින්ම පන්ති කාමරේට එන්නේ රාමායනය අතින් අරන්..
වැඩේ තවත් නරක් වෙන එකයි වෙන්නේ..
හැමදේටම කලින් නිවැරදි දැනුවත් කිරීමක් අවශ්‍යයි...

August 2, 2018 at 11:48 PM

මම මගේ සරසවි අවසන් වසර පර්යේෂණ ග්‍රන්ථය ලෙස රාවනා හත්ත පිලිබදගවේෂණාත්මක අද්‍යනයක් සිදු කරනවා මේ පිලිබඳව මා හට ඔබලාගේ සහයෝගය අවශ්‍යයි 077 608 2425 අංකයට අමතා මා හට සහය දෙන මෙන් ඉල්ලා සිටිමි

Post a Comment

අදහස් සහ උදහස්