-->

Saturday, July 11, 2009

දෙතනගල කදු යුගලය

0

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් දෙතනගල කදු යුගලය ඉතා දිගු අතීතයකට උරුම කම් කියන ස්වභාවික සම්පතකි.

රාවනා රජ දවසට අයත් පුරා වෘත්තයට අනුව ගත් කල රාවනා රජු විසින් රාම වෙත එල්ල කරන ලද හී පහර මෙම ස්ථානයේ දෙදන තබමින් කල නිසා දෙදනගල කන්ද දෙතනගල කන්ද වූ බව සදහන්වේ. සමහරු පවසන ආකරයට කාන්තාවකගේ පයෝදර පිහිතා ඇථි ආකරයත මෙම කන්ද පිහිත ඇථි නිස දෙතනගල කන්ද වූ බව සදහන්වේ.

මෙම ප්‍රදේශයට යාම සදහා බලන්ගොඩ නගරයේ සිට පින්නවල (අලි අනාථාගරය පිහිටි පින්නවල නොවේ) හරහා ගමන් කරන බස් රථයක් ලබා ගත යුතු වේ. හැටන් හො මාරතැන්න ඒ සදහා සුදුසු වේ. ඉන්පසු මාර තැන්න ආසන්නයෙන් තේ වතු පසු කරමින් කද මුදුන දක්වා ගමන් කල හැක. කදු ගමන සදහා පැය 4 ක පමන කාලයක් ගතවේ. එක් දිනකින් ගමන නිමා කල හැක.


Thursday, July 9, 2009

ලිපි ගැන

13
වෙබ් අවකාශය තුල රාවණා රජු හා ඒහා බැඳුණු ඉතිහාසයට අදාල සිංහල ලිපි සටභන් එකතු කොට එක් ස්ථානයකට ගෙන ඒම මාගේ අරමුණයි.එමඟින් මා බලාපොරොත්තු වන්නේ කාලයත් සමඟ අප අතරින් සැඟව ගිය අපට හිමි ඒ ප්‍රෞඩ ඉතිහාසය වර්ථමාන සිංහල කතා කරන, කියවන ජනසමාජයට ඒත්තු ගැන්වීමයි. සියලුම ලිපිවල ගෞරවය එම ලිපි පලකරවූවන්ට හිමි විය යුතුය. එමෙන්ම සියලුම ලිපිවල අවසානයේ එම ලිපිය උපුටා ගන්නා ලද වෙබ් පිටුවෙහි link එක පළකර ඇත.පුලුවන් සෑම ලිපියකටම උපුටා ගැනීම පල කර ඇත.

Wednesday, July 8, 2009

රාවණා හස්ත්‍රම්

1


රාවණා හස්ත්‍රම් ලාංකික උරුමයක්


ලෝකයේ පැරැණි ම තත් භාණ්ඩය වන රාවණහස්ත්‍රම් වයන දිනේෂ් සුබසිංහ

වාල්මිකී නමැති ඍෂිවරයා විසින් ක්‍රි.පූ. 4 වන සියවසෙහි දී පමණ රචනා කළ ‘ රාමායනය ‘ වීර කාව්‍යය සඳහා පාදක වී ඇත්තේ රාම - රාවණ පුවතයි. සංස්කෘත ශ්ලෝක 24, 000 කින් සමන්විත රාමායනය භාරත දේශයේ රචිත ප්‍රථම පද්‍ය කාව්‍යය ලෙස සැලැකේ. වාල්මිකී හැඳින්වීම පිණිස ‘ආදි කවි’ නමැති විශේෂණය යොදා ගැනීමට හේතුව ද ‘ රාමායනය’ භාරත දේශයේ ප්‍රථම පද්‍ය කාව්‍යය වීමය.

සත්‍යය හා මිථ්‍යාව සංකලනය වූ මේ වීර කාව්‍යයෙහි වීරයා රාම ය. රාම යනු විෂ්ණු අවතාරය ලෙස ද සැලැකේ. පිවිතුරු පතිවතෙහි සංකේතය සීතා ය. රාවණ යනු දුෂ්ටත්වයේ සංකේතයයි.

රාවණා විසින් සීතා පැහැරගෙන ඒම සිදු වූයේ ඔහුගේ සහෝදරියට කළ නින්දාවකට පළිගැනීමක් වශයෙනි. රාමායනයේ දුෂ්ටයා ලෙස නිරූපණය කළ ද රාවණ, සීතාවන්ට කිසිදු අතවරයක් නො කළේ ය.

රාවණ රජ ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක් ද ජය ගෙන සිය අණසක ඒ ප්‍රදේශයන්හිද පැතිර වූයේය. සීතා කුමරිය පැහැර ගෙන ඒම නිසා රාවණ රජු හා රාම කුමාරයා අතර යුද්ධයක් ඇති විය. දොළොස් වසරක් පුරා පැවැති ඒ යුද්ධයේ දී රාම කුමාරයාට ජය ලැබිණ. එහිදී රාම කුමාරයාට දෙවියන් ගේ උපකාරය ලැබුණු බව හින්දූන්ගේ විශ්වාසයයි. නා නා විද්‍යාවන්හි හසළ බුද්ධිමතකු වූ රාවණ රජතුමා “ අර්ක ප්‍රකාශ ‘ නමැති වෛද්‍ය ග්‍රන්ථයක් සම්පාදනය කැර තිබේ.

රාම - සීතා කතා පුවත සමඟ බැඳී ඇති ස්ථාන නාම ආදිය අදටත් ශ්‍රී ලංකාවේ දකින්නට තිබේ. නුවරඑළිය ප්‍රදේශයේ ඇති සීතා ඇල්ල, සීතා එළිය හා සීතා කොණ්ඩ එවැනි ස්ථාන තුනකි . සීතා නැවතී සිටි ප්‍රදේශය සීතා එළියයි. සීතා දිය නෑ ස්ථානය සීතා ඇල්ල නම් වේ. සීතා කොණ්ඩය පීරූ ස්ථානය සීතා කොණ්ඩ නම් වන බව ජනප්‍රවාදයේ කියැවේ.

උඩුරාවණ හා යටිරාවණ යැයි හඳුන්වනු ලබන මහනුවර ප්‍රදේශයේ ගම් දෙක රාවණ රජුගේ වනෝද්‍යානයන්ය. රාවණ රජු දිය නෑ ඇල්ල රාවණ ඇල්ලය. ගාල්ලේ රූමස්සල කන්ද පිහිටි උණවටුනට ඒ නම ලැබී ඇත්තේ යුද බිමෙහි දී තුවාල ලත් වානරයන් සුවපත් කිරීම සඳහා හනුමාන් රැගෙන ආ ඖෂධ පර්වතය උණා වැටුණු ස්ථානය නිසා යැයි ජනවහරේ එයි.

මෙසේ රාමායණය හා රාම - සීතා අන්දරය සමඟ බැඳී පවත්නා ජනප්‍රවාද ආදිය ගැන කතා කිරීමට විශේෂ හේතුවක් තිබේ. ඒ ගැන කතා කිරීමට අප පොළඹවාලූ පුද්ගලයා දිනේෂ් සුබසිංහය. තරුණ සංගීතඥයකු වන ඔහු ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් ගේ නිර්මාණ චාරිකාවට එක් වූයේ 2002 වසරේ දීය. ගීත හයසියයකට අධික ප්‍රමාණයකට, ටෙලිනාට්‍ය හැත්තෑවකට හා චිත්‍රපට විස්සකට ඔහු වාදකයකු ලෙස දායක වී ඇත. රාවණ පුවත ඔස්සේ අපගේ ජාතික අනන්‍යතාව සොයා යන මේ තරුණ සංගීතඥයාට සවන්දීම අප සැමගේ යුතුකමය. මේ ඔහු ගේ හඬයි. “ අළුවකින් ( BOW ) වැයූ ලොව ප්‍රථම සංගීත භාණ්ඩය පිළිබඳව රාමායනයේ සඳහන් වෙනවා.

එය රාවණා රජු වැයූ වාද්‍ය භාණ්ඩය යි.රාවණා හත්ත යැයි කියන ඒ සංගීත භාණ්ඩය දකුණු ඉන්දියාවේ දී රාවණාහස්ත්‍රම් ලෙස හඳුන්වනවා.

‘ඉන්දියාවේ විවිධ ගෝත්‍රික ජන කොට්ඨාස එය අදටත් නිපදවනවා. ඉන්දියාවේ මහාරාෂ්ඨ හා රාජාස්ථාන් යන ප්‍රදේශ වල මෙය බොහෝ ජනපි‍්‍රයයි. ‘රාවණා යනු ලාංකික රජ කෙනෙක්. ඉතිහාසයේ ඔහු හැඳින්වෙන්නේ හිස් දහයක් සහිත රාක්ෂයකු ලෙසයි. එසේ හැඳින්වුවත් ඔහු ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවට සැකයක් නැහැ. සීතාට අතවර නො කළ රාවණා, මිය යන විට සීතා හඬන්නේ ද ඔහු යහපත් මිනිසකු නිසයි “.

“මිසරයේ පිරමිඩ නිර්මාණය කිරීම සඳහා ඉංජිනේරු ඥානය දෙනු ලැබුවේ රාවණා රජු යැයි ද මතයක් තිබේ. ඔහු හිස් දහයකින් යුත් පුද්ගලයකු යැයි හඳුන්වන්නේ ඔහු සතුව තිබූ එම විශිෂ්ට ඥානය ගැන කීමට මිස යක්‍ෂයකු නිසා නොවිය යුතුයි. අළුවකින් වැයූ පැරණිම සංගීත භාණ්ඩය රාවණා හත්ත නම්, එය වයලීන පවුලේ ආරම්භකයා වේ. අප අද භාවිතා කරන බටහිර වයලීනය ක්‍රි.ව. 15 - 16 සියවස් අතර කාලයේ දී ඉතාලි ජාතික ඇන්ඩෘ අමාටි පවුල විසින් ලොවට හඳුන්වා දුන් එකක්. එසේ නම් මේ සංගීත භාණ්ඩ පවුලේ ආරම්භක භාණ්ඩය රාවණා නමැති ලාංකිකයා වයා තිබීම අපට ආඩම්බරයක් නොවේ ද?”

“මේ වාදන භාණ්ඩයේ රූප මෙරට මාධ්‍යයන්ට මුලින්ම හඳුන්වා දුන්නේ මා ය. රාවණා හත්ත හා මහා භාරතය නම් මහා කාව්‍යයේ සඳහන් කිංගිරි නමැති වයලීන පවුලේ සංගීත භාණ්ඩය යොදා ගෙන මා කළ නිර්මාණ ඇතුළත් සංයුක්ත තැටියක් දැනටමත් නිකුත් කැර ඇත්තෙමි. කිංගිරි නම් සංගීත භාණ්ඩය පොල්කටුවක්, බට හා එළු හමක් යොදා ගෙන සාදා ගනු ලබන්නකි. එය ඉතිහාසයේ සඳහන් වයලීන පවුලේ දෙවන පැරණිම භාණ්ඩයයි. වයලීනයේ ඉතිහාසය ගැන අන්තර්ජාලයේ හා සෙසු සියලු වාර්තාවල සඳහන් වන්නේ බටහිර මතය පමණයි. පළමු තත් භාණ්ඩය වන රාවණාහත්ත රාවණ රජුගේ නිර්මාණයක් බව ලොවට හඬ ගා කියන්නට මා උත්සාහ කරන්නේ එය ශ්‍රී ලාංකිකයන්ට විශාල අභිමාණයක් නිසයි. මෙය අප ගේ අනන්‍යතාව ලෝකයට පෙන්විය හැකි එක් සාධකයක්. ඒ නිසා අපට හිමි ඒ උදාර අතීතය ලෝකය හමුවට රැගෙන යෑමට, මට සහය දෙන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන් මා ඉල්ලා සිටිනවා”.

සැබවින්ම දිනේෂ් සුබසිංහගේ හඬට සවන් දී ඔහුගේ උදාර පරමාර්ථය ඉටු කැර ගැනීම සඳහා සහයෝගය දීම අප සියලු දෙනාගේ යුතුකමකි.

උපුටා ගැනීම - http://www.lakehouse.lk/budusarana/2008/04/05/PrintPage.asp?REF=fea02


Sunday, July 5, 2009

රාවණා පරපුරේ සැඟවුණ තොරතුරු

0

දාර්ශනික අදහස්‌වලින් පරිපූර්ණ වූ වේද වේදාංශ, බ්‍රාහ්මණ, උපනිශද් හා වීරකාව්‍යවලින් පෝෂණය වූ රටකි ඉන්දියාව. ජාතියක්‌ හැටියට එක්‌වන්ව නැගී සිටීමට ඔවුනට අනුබලයක්‌ වී ඇත්තේ වීරකාව්‍යයි. මහාභාරතය, රාමායනය ඔවුන්ගේ සාහිත්‍යයට එක්‌වී ඇතතේ වීරකාව්‍ය වශයෙනි. වීරකාව්‍යයන් ලෙස ප්‍රසිද්ධ කථා අතර රාම - රාවණ, කුරු - පාණ්‌ඩව හා සුර - අසුර වැනි කථා තුළින් නින්දිතයා පරාජයට පත්වෙන අතර වීරයා ජයග්‍රහණ
ය කරයි. අසාධාරණය වෙනුවෙන් සටන් වදින වීරයාගේ කථාවෙන් ඉන්දියානු ජාතිකයා තුළ මහත් අභිමානයක්‌ ඇති කෙරේ. ඔවුන් අපරාජිත ජාතියක්‌ බවට පත් කෙරේ.

රාමායනය පැරණි කෘතියක්‌ හැටියට වැදගත් වූවත් වීරකාව්‍යයක්‌ හැටියට අපට වැදගත් වන්නේ නැත. කුමක්‌ හෙයින්ද, ශ්‍රී ලාංකික රාවණා පිළිබඳ තොරතුරු නොදැන රාමට අත්පුඩි ගැසීම අපට තරම් නොමැති බැවිනි. ශ්‍රී ලාංකිකයාට පැරණි වීර කාව්‍ය සාහිත්‍යයක්‌ නොමැත. තිබුණත් ඒවා වැළලී ගොසිනි. අපට යම්තම් හෝ අභිමානයක්‌ ඇතිවන්නේ දුටුගැමුණු රජතුමාගේ කථා ප්‍රවෘත්තියෙනි. විජයගෙන් පැවත එනවා යෑයි විශ්වාස කරන අපට යක්‌ෂගෝත්‍රිකයන්ගෙන් පැවත එන රාවණා නින්දිතයෙකි. සීතාව දූෂණය කළේ යෑයි රාමායනයේ බැරිවීමකින් හෝ සඳහන් වූවා නම් රාවණ අපට සල්ලාලයෙකි. වරක්‌ බුදුන්වහන්සේ ලක්‌දිවට වැඩම කළ අවස්‌ථාවේ අසංවර යක්‌ෂ ගෝත්‍රිකයන් පෙළහර පා දමනය කොට ගිරි දිවයිනට පන්නා දැමූ බවක්‌ සඳහන් වෙයි.
විජය ලංකාදීපයට පැමිණ මෙහි ජනාවාස ඇති කොට කෘෂිකාර්මික රටාවකට හුරු පිරිසක්‌ බිහි කළ බවත් ඒ වන විට ලංකාවේ ආදි වාසීන් වන යක්‌ෂගෝත්‍රිකයන් පහත් චර්යාවල යෙදෙමින් දඩයම වෘත්තියක්‌ කොට ජීවත් වූ බවත් බොහෝ අයගේ මතයයි. විජය ඇතුළු පිරිස උසස්‌ කොට තැකීමත් සමග ශ්‍රී ලාංකික අනාර්යයන් හෙවත් යක්‌ෂ ගෝත්‍රිකයන් පිළිබඳ තොරතුරු ඓතිහාසික ග්‍රන්ථවලින් මග හැරී තිබීම කනගාටුවට කරුණකි.

යක්‌ෂගෝත්‍රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක්‌ වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි. රවිශෛලාශ වංශය හා කේවේසස්‌ථ වංශය වශයෙනි. නැව් තාක්‌ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්‌ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්‌කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධ ව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති. බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්නට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි.

කේවේසස්‌ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ.

"ශ්‍රී මහෝත්තම විරාජමාන ශාක්‍යවංශාලංකෘතවූ සම්‍යක්‌ සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්‌ථා රක්‌නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි රකුන්පත් අනඥාව කරා සෙවිලී ඊමග මේ නිසාවෙන් පත් ඉරු කරම්හ මෙහෙනි ක්‌ෂීර කේමවැ මිනිමිහි දේශේ"

ඔදැතිය උපුල්වන් ගිරිදෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය රකුන්ගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය නීලගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය කාවස්‌ලාභ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය ධුමක කද්දීර රකුන්පති ඊ බලපති වී

ඔදැතිය වාලුක දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය අග්නිදෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය විලෝපාදි දෙස්‌ රකුන්පති දෙස්‌ බලපති වී

වරිගපූර්ණිකා කියමනට අනුව ලංකාවේ උතුරු ප්‍රදේශයේ කේවේසස්‌ථා නම් යක්‌ෂ ගෝත්‍රික කුලයට අයත් පාලන ක්‍රමයක්‌ විය. මෙහි මහා ගිරි වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී පාද කඳු වැටියයි. එය කේන්ද්‍ර කරගත් හා ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් සමන්විත පාලන ක්‍රමයක්‌ දකුණු ප්‍රදේශයේ ස්‌ථාපිත වී තිබිණි. වරිග පූර්ණිකාවට අනුව මහාගිරි ප්‍රධාන කරගත් අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් වන්නේ

1.උපුල්වන්ගිරි දේශය - දඹුල්ල ප්‍රදේශය මුල් කරගත් කන්ද උඩරට ප්‍රදේශය.

2. රකුන්ගිරි දේශය - රිටිගල ප්‍රදේශය.

3. කාවස්‌ථ ලාභ යක්‌ෂ කුලය පාලන ප්‍රදේශය - හබරන මහියංගන ප්‍රදේශය.

4. නීලගිරි දේශය - මානෑව කඳුවැටිය ප්‍රධාන කරගත් අනුරාධපුර ප්‍රදේශය.

5. ධූමක කද්දීර දේශය - කලාඔය ගල්ගමුව ගිරිබාව ආදී ප්‍රදේශ.

6. වාලුක දේශය - තම්මැන්නා අඩවිය විල්පත්තු වන අඩවිය.

7. බන්දු දේශය - නැගෙනහිර ප්‍රදේශය.

8. අග්නි දේශය - ගිනිකොණ ප්‍රදේශය.

9. වීලෝපාදි දේශය - බටහිර ප්‍රදේශය.

මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්‌ෂ ප්‍රධානීන් විසිනි. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක්‌ තිබිණි. එකක්‌ වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්‌ථ වංශයයි. දෙවැන්න ප්‍රාදේශීය රාජ්‍ය නාමයකින් යුක්‌ත මහගිරි යක්‌ෂ සෙන්පතියාගේ පාලන ප්‍රදේශයයි. යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර අනුව කවිලාශිපාලි දේවියට බණ දේශනා කළ පුණ්‌න වෙළෙන්දා බුදුන් ළඟ පැවිදී වී රහත්ඵලයට පත්වීය. කවිලාශි අග්නිපාලී දේවිය පුණ්‌න රහතන්වහන්සේ හරහා බුදුන්වහන්සේට ලක්‌දිවට වැඩම කරන ලෙස ආරාධනා කළාය. එය පිළිගත් බුදුන්වහන්සේ පූණ්‌න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, පුස තෙරුන්වහන්සේ සමග ලක්‌දිවට වැඩම කළහ. මේ ප්‍රදේශය මුලින් ලලාට දේශය නමිනුත් පසුව මක්‌කම නමින් ප්‍රසිද්ධියට පත්විය.

යක්‌ෂ ගෝත්‍රික භාෂාවෙන් මක්‌කමා යනු සලකුණ යන අර්ථය ලැබේ. බුදුන්වහන්සේ ලක්‌ දෙරණේ පය තැබූ ස්‌ථානයේ උන්වහන්සේගේ දකුණුපාදය වැල්ලේ එරී ගියේය. මෙය ලක්‌දිව තැබූ පළමු ශ්‍රී පාද සලකුණයි. මෙය බෞද්ධයන්ගේ හරසරයට ලක්‌වීම නිසා මේ ස්‌ථානය පූජනීය ස්‌ථානයක්‌ බවට පත්විය. පුත්තලමත් මන්නාරමත් අතර ප්‍රදේශයක මේ පූජනීය ස්‌ථානය අදටත් අප්‍රකටව පවතී. වරිග පූර්ණිකාවට අනුව බුදුන්වහන්සේ වාලුකා දේශය, වැලිවෙහෙර (විල්පත්තුව), ගිරිදේශය, නීලගිරිය, රකුන්ගිර යන ස්‌ථානවලට වැඩම කළේය. නීලගිරියේදී උන්වහන්සේ විෂකුම්භණ සූත්‍රය දේශනා කළහ. එය ශ්‍රවණය කළ කවිලාශ අග්නිපාලී දේවිය අරහත් ඵලයට පත්වුවාය. මෙම රහත් මෙහෙණිය මීමථ කඳුර අද්දර ආරාමයක්‌ කොට වැඩ විසුහ. රත්නාවලී රහත් මෙහෙණිය නමින් ප්‍රසිද්ධියක්‌ ඉසුලු මෙම මෙහෙණින් වහන්සේ ලංකාවේ භික්‌ෂූ භික්‌ෂුණී සාසනය පිහිටුවීමට මූලිකත්වය දැරූහ.

නීලගිරියේ බුදුන්වහන්සේ ධර්ම දේශනා කළ ස්‌ථානය තම ගෙල පැළඳ සිටි මුතු මාලය තැන්පත් කොට විෂකුම්භණ නම් චෛත්‍යයක්‌ කවිලාශිපාලී මෙහෙණිය විසින් ඉදි කරන ලදී. මෙම විෂකුම්භණ නම් චෛත්‍යය අදත් මානෑකන්දේ නටඹුන් අතර දක්‌නට ලැබේ.

රකුන්ගිරට වැඩම කළ බුදුන්වහන්සේ එහිදී ගිරිභද්‍ර සෙන්පතියාගේ මිථ්‍යා මත දුරු කොට ධර්ම දේශනා කළහ. බුදුන්වහන්සේ මෙම ස්‌ථානයේ ද ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළහ. සච්චභද්ද ගිරිය නමින් ප්‍රසිද්ධ වූයේ මෙම ස්‌ථානයයි. සත්නාගිර හෙවත් රකුන්ගිර සිට උපුල්වත් ගිරියට වැඩම කළ බුදුන්වහන්සේ එහි වස්‌ කාලයක්‌ වැඩ විසුහ. යක්‌ෂ ගෝත්‍රිකයො බුදුන්වහන්සේට වැඩ සිටීමට ලෙනක්‌ පූජා කළේය. දඹුලු විහාරයේ අදත් ඒ ලෙන නිරුපද්‍රිතව පවති. මූලින්ම බුදුන් වහන්සේට පූජා කළ විහාරය දඹුලු විහාරයයි. ඒ බව සනාථ කෙරෙන සෙල් ලිපිය පහත දැක්‌වේ.

ගෞතම ශ්‍රමණේ බඩගරික අනද තෙරශ, පුණ තෙරශ, පුස තෙරශ අගමාගත ලෙන මනස දසන නම අගත අනගත වතුදශ ශගස (උපුටා ගැනීම - අපට අහිමි වූ අපේ උරුමය මුකලන්ගමුවේ පඤ්ඤානන්ද හිමි)

කවිලාශිපාලි රහත් මෙහෙණියට දියණියන් දෙදෙනෙකි. ඔවුන් නම් මහාපාලි, සෘෂිපාලි යන දෙදෙනාය. ගිරිභද්‍රගේ අභාවයෙන් පසු ගිරි දේශයේ පාලිකාව බවට පත්වූයේ මහපාලී කුමාරියයි. ඇය කවිලාශිපාලි මෙහෙණිය පිරිනිවන් පෑ විට එම ස්‌ථානයේ කුඩාවට චෛත්‍යයක්‌ ඉදිකොට බුහුමන් දැක්‌වූවාය. පසුව දුටුගැමුණු රජු එම චෛත්‍යය විශාල කොට බැඳ රත්නමාලී යන නම තැබූවේ කවිලාශිපාලී මෙහෙණියට කරන ගෞරවයක්‌ හැටියටය. රත්නමාලි චෛත්‍යයේ ඉදි කිරීමද යක්‌ෂ ගෝත්‍රිකයන් හා බැඳී පවතින බව මෙමගින් තහවුරු වේ.

එබැවින් රාවණා පරපුර බෞද්ධ සංස්‌කෘතියක්‌ තුළ ජීවත් වූ ශේ්‍රෂ්ඨ ජාතියක්‌ බව පිළිගන්නට සිදුවේ.

ත්‍රිපිඨකවේදී පණ්‌ඩිත ශාස්‌ත්‍රපති
පූජ්‍ය මැනෑවේ විමලරතන හිමි

පුලතිසිපුරය - පුලතිසි ප්‍රතිමාව

0
මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්‌වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි. එහි ඇති පුලතිසි ප්‍රතිමාව ලංකා ඉතිහාසයේ අනාදිමත් කාලයක්‌ නිරූපණය කරන ප්‍රබල පුරාවිද්‍යා සාධකයකි. කිසිදු රාජ්‍ය ආභරණයක්‌ නොපළඳින උතුම් යෝගිවරයකු ගේ ස්‌වරූපය පිළිබිඹු වන මෙම ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ යෑයි පැවසීම ලක්‌ වැසියන් මුළා කිරීමක්‌ වන අතර එම නගරය පොළොන්නරුව යනුවෙන් ව්‍යවහාරයට හුරු කිරීම මෙරට ඉතිහාසය වසන් කිරීමේ තවත් වෑයමකි. වර්තමාන පරාක්‍රම සමුද්‍රය පිහිටි භූමිය අතීතයේ පුලතිසි සෘෂිවරයාගේ තපෝවනය වේ.


පරාක්‍රමබාහු මහා අධිරාජ්‍යයා පවා මෙම ප්‍ර
තිමාවට පුද සත්කාර කළ රාජ්‍ය පාලකයෙකි. වර්තමාන පොත්ගුල් විහාරය අතීතයේ මෙරට බෞද්ධ, වෛද්‍ය ග්‍රන්ථ හා යන්ත්‍ර මන්ත්‍ර රැස්‌ කළ ප්‍රධාන පුස්‌තකාලයව පැවැති අතර කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් මෙහි පැවැති රාවණ යුගයට අයත් ශ්‍රී රාවණ, පුලතිසි මහා සෘෂිවරුන්ගේ අත් අකුරු සහිත ග්‍රන්ථ කොටස්‌ පවා විනාශයට පත්විය.




Thursday, July 2, 2009

ශ්‍රි රාවණා රජු හා රාවණා වංශය ගැන සොයා යැමක්

6
රාවණා යන නම ලාංකික අපිට නුහුරු නමක් නොවෙයි. නමුත් කුමක් හෝ කාරුනක් නිසා රාවණා රජුගැන අපි දැන සිටින කරුණු කාරනා අල්පයැයි මට සිතේ. පාසලේදි ඉතිහාසය ඉගනගැනිමේදි පවා අප රාවණා කෙනෙකු ගැන සදහනක්වත් අසන්නේ නැත. අපිට ඉගැන්නු හා ඉගන්වන ඉතිහාසය අනුප අප පැවත එනුයේ විජය රජුගෙන් යැයි අපි උගනෙමි. එහෙත් මෙය සත්‍යක්ද? මා අසා හා කියවා ඇති කරුණු අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි.(ඒ පිලිබදව ඉදිරියේදි සටහන් තබන්නේමි.) එහෙත් කුමන හේතුවක් නිසා අපි රාවණ ඉතිහාසය වසන්කරගෙන සිටිනවාදැයි මා හට වැටහිමක් නැත. මේ පිලිබද ව මා සොයාගත් හා එකතුකරගත් කරුනු අනුසාරයෙන් රාවණා පිලිබදව ලිපි මාලාවක් ලිවිමට අදහස් කලෙමි. ඉතින් අද පටන් අපේ ප්‍රෞඩ රාවණා ඉතිහාසය ගැන විස්තර කෙරෙන ලිපිමාලාවේ පලමු ලිපිය මෙයයි. ඔබලගත් මෙවැනි කරුනු අලලා ඇති ලිපි තිබේ නම් අපත් සමග බෙදාහදා ගන්නා ලෙස ද ඉල්ලා සිටිමි.....


මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක [වසර 10,000 කට පෙර] මහාබාලි [වසර 7,500කට පෙර] රාවණා [වසර 5,000- කට පෙර] ආදී වශයෙනුයි.

මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.
මහා සෘෂි වෛශ්‍රවන (වෙසමුණි ) රාවණ රජුගේ පියා වන අතර මව
කකේසී නම් ධෛත්‍ය මහේෂිකාවයි.විභීෂණ, කුම්භකර්ණ හා අහිරාවණ ලෙස රාවණාට එක කුස උපන් සොයුරන් තිදෙනෙකි.තවද කෛකේසිය ‘මීනාක්ෂි’ නම් දියණියකට ද උපත දුන්නාය. සුපනඛා ලෙස කුප්‍රකට වුයේ රාවණාගේ සොහොයුරියයි.


රාවණා විස්තර වන්නේ ශිවගේ භක්තිවන්ත ශ්‍රාවකයෙක්, මහා ප්‍රා
ඥයෙක්, දක්ෂ පාලකයෙක් හා සුප්‍රසිද්ධ වීණා වාදකයෙක් වශයෙනි. හිස් දහයක් ඇත්තෙක් (දසිස් , දශ ශීර්ෂ) ලෙස සමහර ස්ථාන වලදී රාවණා රජ වර්ණනා කර ඇත්තේ සිව් වේදය හා ෂඩ් උපනිෂද් ධර්මයන්ට අදාළ විශිෂ්ඨ දැනුමක් සහිතව මහා ප්‍රාඥයන් දස දෙනෙකු තරම් බලවත් ඥාන සම්භාරයක් අත් කරගෙන සිටි නිසා යැයි පැවසේ.රාවණා යනු විශිෂ්ඨ ග්‍රන්ථ සම්පාදකවරයෙකි. නක්ෂත්‍රය හා ජ්‍යෝතිෂයට අදාල බලගතු ග්‍රන්ථයක් වන ‘රාවණ සංහිතා’ නම් කෘතිය රාවණ රජු විසින් සම්පාදනය කරන ලද්දකි.

එමෙන්ම ආයුර්වේදය හා රාජ්‍ය පාලනය සම්බන්ධව පරිපූර්ණ දැනුමක් ඔහු සතු විය. -අ‍ායුර්වේදයට අදාලව වෛද්‍ය ග්‍රන්ථයන් ද ඔහු විසින් සම්පාදනය කර ඇතැයි සැලකේ.- මහා බ්‍රහ්මයා විසින් ලබාදුන් දිව්‍යමය වරයකට අනුව අමරණීය බව ලබා ගත හැකි පානයක් ඔහු සතුව තිබුණු බව පැවසෙන අතර එය ඔහුගේ නාභියට යටින් රඳවා තබා ඇත.