-->

Sunday, January 13, 2013

ගොඩවායේ දැවමුවා නැව සියවස් 22 ක් පැරණියි

1

ගොඩවායේ දැවමුවා නැව සියවස් 22 ක් පැරණියි


ගොඩවාය ආසන්න මුහුදෙන් හමුවූ පැරණි නෞකාව මෙතෙක් ඉන්දියන් සාගරයෙන් හමුවූ පැරණිතම නෞකාව බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි. ගොඩවාය සිට කිලෝ මීටර 3.5 ක් ඈත මුහුදේ අඩි 110 ක් ගැඹුරින් දැව කොටස්, වළං කැබලි කිහිපයක් හා ගල් බංකු දෙකක් හමුවූ බව ද ඒවා පැරණි රුවල් නැවක කොටස් බව ද පුරාවිද්‍යාඥයෝ පවසති. ප්‍රංශය හා ඇමෙරිකාව සමග එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයත් මෙහි ගවේෂණ හා සංරක්ෂණ කටයුතු ආරම්භ කැර තිබේ. 

ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි මහතා පවසන්නේ නැවක අවශේෂ ලෙස හඳුනාගත් දැව කොටස් කිහිපක් පරීක්ෂා කිරීමේදී ඒවා ක්‍රිස්තු පූර්ව දෙවැනි හා පළමු සියවස් වලට අයත් බව තහවුරු වූ බවයි. මෙතෙක් කරන ලද පර්යේෂණ වලට අනුව ගොඩවායේ ගිලී ඇත්තේ අදින් වසර 2200 ට පමණ පෙරාතුව දැවයෙන් නිර්මාණය කළ නෞකාවක් බව ද පුරාවිද්‍යාඥයෝ පවසති. මෙහි සංරක්ෂණ කටයුතු සඳහා තවත් වසර හතරක පමණ කාලයක් ගතවනු ඇත.












 

උපුටා ගැනීම - http://www.lankadeepa.lk/index.php/articles/92908


 

1 Response to ගොඩවායේ දැවමුවා නැව සියවස් 22 ක් පැරණියි

January 14, 2013 at 11:30 AM

මාරයි නෙව...වලං කෑලිනං මේ ලගදි මූදට දාපු ඒවා වගේ...

Post a Comment

අදහස් සහ උදහස්