-->

Monday, December 6, 2010

සීතාවනි ඔබ හැඩරුව ඇති බව

3

සීතාවනි ඔබ හැඩරුව ඇති බව
දිවි හිමියෙන් පතිදම් සුරකින බව
දනිමි ඔබත් දැනගත යුතු මේ බව
ඔබෙ සෙනෙහස මට ඕනෑ නැති බව

පති කුල ගොත වත – ඉහළයි හැමවිට
එහි අභිමානය – රකිනෙමි හැමවිට //

අන් සතු අඟනක් සෙනෙහස පැතුමට
නිහින නොවේ මේ රාවණ පෙළපත

සීතාවනි ඔබ හැඩරුව ඇති බව . .

මගෙ සොහොයුරියක් පෙර දවසාක් දා
රාම කුමරුගෙන් හිරිහැර වින්දා //

පිළිතුරු ලෙස ඔබ සිරකර රන්දා
හෙළ පෙළපත අබිමන් දද බැන්දා

සීතාවනි ඔබ හැඩරුව ඇති බව . .




ප්‍රේමසිරි නානායක්කාර ගයන මේ ගීතය රාවණා කළ ක්‍රියාව දිහා වෙනස් ඇසකින් බැලීමක්. මම මුලින් හිතාගෙන හිටියෙ මේ ගීතය ගායනා කරන්නෙ පුන්සිරි සොයිසා කියලයි. අදයි “මියුරු ගී” වෙබ් අඩවියෙන් හොයා ගත්තෙ. පද රචනාව කාගෙ වුණත් අති විශිෂ්ඨයි.

ඉන්දීය චිත්‍රපටවලින් රාවණාව පතුරු ගහද්දි මේ ගීතය ලියූ පුද්ගලයාත් රාවණා අභිමානය රැකීමට උත්සාහ දැරීම ඇත්තටම අගය කළ යුත්තක්.

උපුටා ගැනීම

3 Response to සීතාවනි ඔබ හැඩරුව ඇති බව

January 23, 2012 at 1:30 PM

aththatama me song eka marama lassanai...
me gana danuwath kalata thuthi..!!!

August 6, 2012 at 5:18 PM

හරි අගෙය්....හරි ලස්සන සින්දුව...

September 29, 2020 at 5:51 PM

පති කුල ගොත වත නොවෙයි යෙදුම,එය වැරදියි .........අපේ කුලගොත වත යි නියම යෙදුම

Post a Comment

අදහස් සහ උදහස්