අදටත් හිරුදෙවි නමදින සිව්හෙළය
අප්‍රේල් 13-14 දිනවලට අදටත් අපි උත්කර්ෂවත් ලෙස අලුත් අවුරුද්ද කියලා සමරන්නෙ සූර්‍යා මීන රාශියෙන් මේශ රාෂියට සංක්‍රමණය වීමයි. සිව් හෙළයට සූර්යා මුදුන් වන මේ දින සූර්ය වන්දනයට සුදුසු බව තෝරා ගත්තේ පුලස්ථි ඍෂිවරයා බව ‘සූර්‍ය නමස්කාරය’ නම් පැරණි පුස්කොලපොතේ සදහන්ය.
රාම රාවන සටනින් පසු ලංකාව තුල හින්දු බලපෑම් ඇති වූවා සේම හින්දු චාරිත්‍ර වලට සූර්ය නමස්කාරය එක්වුණා මිස එය ඉන්දියාවෙන් අප රටට ආනයනය කල සංස්කෘතික අංගයක් නොවේ. ග්‍රීසිය, රෝමය ආදී රටවලටද සූර්ය වන්දනය පැතිර යාම තුලින් එම රටවල් ලංකාව සමග සබදතා පැවැත්වූ බව තහවුරු වේ.
එදා ලක්දිව විසූ සිව් මහා ගෝත්‍ර වල හෙලයන් එකම දිනක, එකම නැකතට, එකම දිශාවක් බලා සූර්‍ය වන්දනයේ යෙදුණු අතර, වසර 5000 කට පසුව අදත් ලක්දිව වෙසෙන හෙලයන් බුදු දහම හා සබැදි මෙම හෙළ සිරිත් විරිත් බැති බරව ඉටුකරති. එවන් වූ සාඩම්බර සංස්කෘතියක් මෙතරම් කලක් අඛණ්ඩව ඉදිරියට ගෙනයන තවත් රටක්, ජාතියක් තියේද?
උපුටා ගැන්ම - ‘රාවන් යුගයේ ඇරඹූ සූර්ය මංගල්‍යය’ - ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකර
මම