-->
Showing posts with label රාවණ ඉතිහාසය. Show all posts
Showing posts with label රාවණ ඉතිහාසය. Show all posts

Wednesday, March 12, 2014

හෙළ වංශය දහනමවෙන වැඩසටහන

0


හෙළ වංශය දහනමවෙන වැඩසටහන



දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ දහනමවෙන වැඩසටහන
"Helawanshaya" "හෙළවංශය"

ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....










Wednesday, March 5, 2014

හෙළ වංශය දහඅටවෙන වැඩසටහන

0

හෙළ වංශය දහඅටවෙන වැඩසටහන



දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ දහඅටවෙන වැඩසටහන
"Helawanshaya" "හෙළවංශය"


ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....





Thursday, December 19, 2013

ශ්‍රී ලංකාවේ දකුණු පළාත ඒ කාලෙ ප්‍රබල යක්ෂ රාජධානියක්

2



ශ්‍රී ලංකාවේ දකුණු පළාත ඒ කාලෙ ප්‍රබල යක්ෂ රාජධානියක්

පූජ්‍ය විමලරත්න හිමි සමඟ වරිග පූර්ණිකාව පිළිබද කෙරුණු සාකච්ඡාවක් ඇසුරෙන්
දෙවන ලිපිය

රාවණාගේ වත්මන් ලේ නෑ පරපුර අද වර්තමානයේ රැඳෙමින්, අනාගතයට ‍ දොර කවුළු විවර කිරීමට අතීතය කණිමින් සිටියි. ඒ හිතුවක්කාර විදියට අරහෙන් මෙහෙන් කරනු ලබන කැණීමක් ලෙසින් නොවේ. ඒ ගැන පූජ්‍ය විමලරතන හිමි මෙසේ කියයි.

අපගේ මේ තොරතුරු ගවේෂණය, හෙළිදරව්ව අතීතය ගැන නොව ලංකාවේ අනාගතය සඳහායි. මේ මතුවනුයේ ලෝක අනාගතයේ ලංකාවට හිමිවන ස්ථානයයි. ලංකාව යනු ලෝකයේ බලවත්ම රාජ්‍යය වූ බවත් අනාගත ලෝකයටද එය එසේම විය යුතු බවත්ය.

එහෙත් වත්මන් ලෝක හැඩගැස්ම අනුව එම තත්ත්වය ළඟාකර ගැනීම පහසු නැත. නමුත් ඉතා සැලසුම්සහගතව, ක්‍රමානුකූලව කටයුතු කරන්නේ නම් එය අපහසුවන්නේද නැත. ඒ සඳහා අවශ්‍ය වනුයේ එකම එක දෙයකි. එය වූකලි තුන්කල් දක්නා දේශපාලන දැක්මේ බුද්ධියේ ක්‍රියාවේ ආදීන භාවයයි.

මේ සියල්ල අපට කියාදෙන්නේ වරිග පුස්තක පූර්ණිකාවයි. මෙම වරිග පූර්ණිකා පුස්තකය අද වන විට සතුව තිබෙනුයේ ඉරුගල් බණ්ඩාර රවිශෛලාෂ රාජකරුණා පෙළපත සතුවයි. දැනට එහි බාරකරු ලෙස කටයුතු කරන්නේ මමයි.

මෙම වරිග පූර්ණිකා පුස්තකය සඟවාගෙන සුරක්‍ෂිත කරනුයේ ඉතිහාසගත පරපුරක තොරතුරු පමණක්ම නොවේ. ඒ අනුව, එය ඓතිහාසික ලියැවිල්ලක්ම යන මතය ඉක්මවාලමින් සිටියි. ඒ එම පුස්තකය තුළ රාවණා රජු සමයේ පැවැති රාජ්‍ය ව්‍යුහය සහ දේශපාලන දර්ශනය මැනැවින් විදහාපාන බැවිනි.
වරිග පූර්ණිකාවට අනුව, රාවණා රජු කාලයේ එදා ශ්‍රී ලංකාව පාලන ප්‍රදේශ හතරකට බෙදා වෙන්කර තිබිණි. ඒ පාලනයේ පහසුව සඳහායි. මෙසේ බෙදා වෙන් කළ කොටසකට යක්‍ෂ ගෝත්‍රික නමක්ද තිබිණි. එම නම වූයේ 'පදියම' යන්නය. මෙම පදියම යන වචනය අරුත්බර වැකියකට සම්බන්ධ කර ඔවුන් එම පාලන ප්‍රදේශ මෙසේ හඳුන්වා තිබිණි.

'හේත්‍ර කයිර මණ්ඨක පදියාන'

මෙම යක්‍ෂ ගෝත්‍රික භාෂාව ගැන පූජ්‍ය විමලරතන හිමි මෙසේ කියයි.
සිංහලයට පෙරළන තෙක් අපට නොතේරෙන ඉතා සුන්දර වූ භාෂාවකි. භාෂාවේ සෑම අකුරක්, වචනයක්, වැකියක් පාසා සඟවාගනු ලැබූ කිසියම් සුන්දරත්වයක් මතුවෙමින් තිබේ. අප හදවතට එය දන්වා ලනුයේ ඉතාමත් හුරුපුරුදු, නමුත් දැනට භාවිතයට නොගන්නා වූ ආගන්තුක නොවූ භාෂාවක් ලෙසටය.

යක්‍ෂ ගෝත්‍රිකයන්ට තිබුණේ මනරම් කාව්‍යමය භාෂාවකි. ගද්‍යයෙන් ලියුවද, පද්‍යයෙන් ලියුවද එහි සුන්දරත්වය අඩුවක් නොපෙන්වයි. මේ යක්‍ෂ ගෝත්‍රිකයන් විකෘති කාමාශාවන්ගෙන් තොර විය යුතු බව දක්වමින් යක්‍ෂ භාෂාවෙන් ලියූ සටහනකි. මෙම සටහනට දී ඇති නම වනුයේ 'දශාකාර රාගය' යන නමයි.

කාමාරාගය සත් පදය වී
ඊ පීතල රාගයෝ වී
ඊ දෙසුල් රාගයෝ වී
ඊ රාමල් රාගයෝ වී
ඊ ඛරත රාගයෝ වී
ඊ සුංගු රාගයෝ වී
ඊ ජලිත රාගයෝ වී
ඊ යාදී රාගයෝ වී
ඊ ඛහිත රාගයෝ වී
ඊ කාංගි රාගයෝ වී
මෙය සිංහලට නැඟූ විට මෙසේ කියැවෙයි.

පීතල රාගය - සමලිංගික හැසිරීමේ ආශාව.
රාමල් රාගය - ස්වයංකාම වින්දනය.
දෙසුල් රාගය - කෙසඟ සිරුරක් ඇති පුරුෂයකුගේ හෝ ස්ත්‍රියකගේ පහස පැතීම.
ඛරත කාම රාගය - තරබාරු සිරුරක් ඇති පුරුෂයකුගේ හෝ ස්ත්‍රියකගේ පහස පැතීම.
සුංගු කාමරාගය - කාම වින්දනය සඳහා වේලාවක් නොමැතිවීම. දරුවන්, වැඩිහිටියන් ගැවසෙන ස්ථානවල ගැන නොසැලකිලිමත් වී කාම සේවනයේ යෙදීම.
ජලිත කාම රාගය - පුරුෂයකුගේ ශරීරය දැකීමෙන් කාමයෙන් මුසපත්වීම.
යාදී කාම රාගය - බහු පුරුෂ සේවනයට ඇති කැමැත්ත.
ඛහිත කාම රාගය - කාම වින්දනය පරම සැපතක් කොට සිතීම.
රිපී කාම රාගය - ස්ත්‍රියකගේ අඟ පසඟ දැකීමෙන් කාමයෙන් මුසපත්වීම.
කාංගී කාම රාගය - මුඛ මාර්ග, වච්ච මාර්ග ආදී තැන්වල පහස විඳීමේ කැමැත්ත.

මෙම ක්‍රියා සිදුවී ඇත්තේ එකල මෙහි පැමිණි වෙළෙන්දන්ගෙන් බව යක්‍ෂ ගෝත්‍රිකයන් මෙහිම සඳහන් කර තිබේ. ඒවා වැළැක්වීමේ අරමුණින් මෙම වගන්ති සමාජයට දීම කර තිබේ.

යක්‍ෂ ගෝත්‍රික පරපුරේ මනරම් වූ කාව්‍ය ග්‍රන්ථයක් තිබේ. එය 'රක්ඛ මහිලා ග්‍රන්ථය' ලෙස හඳුන්වයි. මෙම රක්ඛ මහිලා ග්‍රන්ථය, යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ තේරී පූර්ණිකාවේ අඩංගු වන්නකි.
රවිශෛලාෂ පරපුරේ යක්‍ෂ ගෝත්‍රික පද්‍ය සාහිත්‍ය කලාව ගැන වරිග පූර්ණිකා පුස්තකය මෙසේ දක්වයි.
යක්‍ෂ ගෝත්‍රිකයන් කාව්‍ය ශෛලීන් පහක් අනුගමනය කර ඇත. ඒ මෙසේය. 
සත්ත ඉඳුබ, ජාතිස කාලමන
අග්ගිලා බෝජ, තිමිහිර, සළඹ සෝවුර.
"සිපිකි සොඳ ලුකමැ රවිශෛලාෂ යකුග සළඹ සෙවුර මෙරැක ඉඳුමුණ මුර තුමුස"
උඩුකය දැහැන සළුපොට සුසිල බව ළයේ
සුදැතිය නුඹගේ සත්පොට දැහැන ගෙල තියේ
සොබනය රුවින නෙත රසඳුනට සකි ලියේ
දකිතය උහුන කෙලෙසුන් බිඳෙති භව කයේ

"මේවායින් අපිට පැහැදිලි වන එක දෙයක් තියෙනවා. ඒ යක්‍ෂ ගෝත්‍රික පරපුර සතුව තිබූ සකල කලා ශිල්පවල දැනුම් සම්භාරය. එකල ඔවුන් ජීවත් වුණේ පරිසරය එක්ක. ඒ ජීවිතවලට රිද්මය වුණේ අව්ව, වැස්ස, සුළඟ. මේ හැම දෙයක්ම අපිට කියා පාන්නේ රණ ශූරයකු, පාලකයකු යනු සොබාදහමත් එක්ක ජීවත්වන කෙනෙක් කියලා. ඒ ජීවිතය තුළ තමයි "පෝනු, කයිර, මණ්ඨක, පදියාන" නමින් එදා ලංකාව කොටස් හතරකට බෙදෙන්නෙ.

මේ රාවණාගේ යුව රජ්ජුරුවො වුණේ ඔහුගේම පුතා. ඒ උපේන්ද්‍රමිණික කුමාරයා. ඔහු රජකමට එන්නෙ තාත්තාගෙන් පස්සේ. එදා රකුන්ගිර අද රිටිගල ප්‍රදේශය තමයි තමන්ගෙ රාජ්‍යය කරගත්තේ.
උපේන්ද්‍රමිණික රජ්ජුරුවන්ට පුතුන් දෙදෙනකු හිටියා. එක පුතෙක්ගෙ නම රවිශෛලාෂ මණ්ඨක. අනික් පුතා වුණේ කේවේසස්ථාන. මේ රවිශෛලාෂට තවත් නමක් තිබුණා. ඒ ගිරිකාල මණ්ඨක.

මේ කාලේ රාවණ රජ්ජුරුවන්ට ඖෂධ උයන් දෙකක් තිබුණා. ඒකෙන් එක් ඔෟෂධ උයනක් තිබුණේ උතුරුකරේ යාපනය කේන්ද්‍ර කර ගනිමින්. ඒකට කිව්වෙ පසිඳගිය මණ්ඨාල කියලා. මෙන්න මේ ඔෟෂධ උයන මුල්කරගෙන තමයි රාවණාගේ එක් මුනුපුරෙක් රාජ්‍යය ගොඩනැඟුවෙ. ඒ කේවේසස්ථාන කුමාරයා. ඒකට කියපු නම වුණේ කේවේසස්ථ මන්ඨක පදියම.

රාවණාගේ අනික් මුනුපුරා වුණේ රවිශෛලාෂ කුමාරයා. මේ කුමාරයා රාවණාගේ අනික් ඖෂධ උයන මුල්කරගෙන රාජ්‍යයක් ගොඩනැඟුවා. ඒ උයනෙ නම වුණේ අරවුද සෝත උයන කියන නම. ගොඩනැඟුව රාජ්‍යයට කිව්වෙ රවිලාෂ මණ්ඨක පදියම එහෙමත් නැත්නම් ගිරිකාල මණ්ඨක පදියම කියලා. මේ රාජ්‍යය තිබිච්ච තැනට එදා කිව්වෙ රකුන්ගිර කියලා. අද එතෙන්ට කියන්නෙ රිටිගල කන්ද කියලා.

මේ විදියට බලනකොට උතුරු නැඟෙනහිර පළාත්වල පදිංචිවෙලා හිටියෙ කේවේසස්ථාන වංශිකයන්. රිටිගල පැත්තෙ පදිංචි වෙලා හිටියෙ රවිශෛලාෂ වංශිකයන්. මෙන්න මේ රවිශෛලාෂ පරපුරට පරම්පරාගත රාජ නාමාවලියක් තියෙනවා. ඒක වරිග පූර්ණිකාවෙ මේ විදියට දක්වලා තියෙනවා.

කසාගිරි රජු, දෙව්ලගිරි රජු, වාරසික රජු, සේතකඨ රජු, උජුපල රජු, බැබිල ගිර රජු, මන්දාක රජු, අකිලික රජු, කීර්තිධීර රජු, රෞලාන රජු, මෝජගිරි සෙන්පති, උරසිකාර සෙන්පති, ඉදියර සෙන්පති, කන්කුර සෙන්පති, ගෝසල මාන සෙන්පති, භධාගිරික සෙන්පති.

රාවණාගේ පාලන කාලයේ එදා ලංකාව කොටස් හතරකට බෙදලා තිබුණෙ මේ විදියට

1. ශ්‍රී ලංකාවේ උතුර හා උතුරු මැද ප්‍රදේශය.
එදා මෙම ප්‍රදේශය හැඳින්නුවෙ මෝභිශූන මණ්ඨක පදියාන කියලා. ඒ එක්කම ඒකට තවත් නමක් කිව්වා. ඒ කේවේසස්ක මණ්ඨක පදියාන කියලා.

2. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය.
මේක තමයි මෙරටේ විශාලම යක්‍ෂ ගෝත්‍රික බල ප්‍රදේශය. හැඳින්නුවෙ වායිකුජ මණ්ඨක පදියාන කියලා. මේ ප්‍රදේශය තවත් අනු මණ්ඩල හතරක් පාලනය කෙරුවා. ඒ සත්තානා රක්ඛ පදියම, මහාගිරි රක්ඛ පදියම, සබරගිරි රක්ඛ පදියම, කන්දර රක්ඛ පදියම කියලා.

එදා රකුන්ගිර සන්තාගිර අද රිටිගල කියන ප්‍රදේශය මුල්කරගෙන නීලගිරිය, ගිරිදේශය, උපුල්වන්ගිරිය, ලලාව දේශය, ධූමක කද්දිරිය වගේ ප්‍රදේශ යක්‍ෂ සෙන්පතිවරු පාලනය කෙරුවා.

3. ශ්‍රී ලංකාවේ නැඟෙනහිර ප්‍රදේශය.
ශෛරාකශිල මණ්ඨක පදියම විදියට හැඳින්නුවා. ත්‍රිකුණාමල බල ප්‍රදේශය යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ බල ප්‍රදේශ වුණා. මහියංගණ ප්‍රදේශයත් මේ බල ප්‍රදේශයට අයිති වුණා.

4. ශ්‍රී ලංකාවේ බටහිර ප්‍රදේශය.
හැඳින්නුවේ හිරසල මණ්ඨක පදියාන කියන නමින්. කොළඹ, ගම්පහ, කළුතර ප්‍රදේශ යක්‍ෂ ගෝත්‍රිකයො බල ප්‍රදේශ කරගෙන පාලනය කළා.

මේ රාජ පරම්පරාවෙ හිටියා මහානාම රජ කියලා කෙනෙක්. මේ මහානාම රජු රජ කරන කාලයේ විවාහක බිසවකගේ ඉල්ලීමක් පිළිඅරගෙන කර්මාන්ත දෙකක් කළා. ඒ නීලගිරි වාපිය සහ නීලගිරි තෙර සිප්ගල. අදත් ඒ කර්මාන්ත දෙක තවම තියෙනවා. ඒවා අද හඳුන්වන නම් වෙනස්. ඒ පිළිවෙළින් මහානාම වාපී සහ මහානාම පිරිවෙන කියලා. මේක වරිග පුස්තකයේ දක්වලා තියෙනවා. ඒකෙ සිංහල තේරුම මේ විදියයි.

"සව් සිතින් භද්‍රපද වූ මහානාම ශ්‍රී නරේන්ද්‍රයාණෝ උග්‍ර හෘද මණ්ඩල ඒකාලෝක කළ රකුන්ගේ යස ශ්‍රිණිය සිරිමේඝා රත්නපාලි මහේෂිකාවුන් වහන්සේ හා සව්සිරින් වැජඹෙන්නේ එකල්හි රජු මෙහෙෂියන්ගේ බන්ධු වර්ගයා පිරිවරා වරිග සභා මණ්ඩපයේ වැඩ හිඳ නීලගිරි ග්‍රාම මහානාම ග්‍රාම ලෙසින් කළෙමි."

අරුණඩේල් විජේරත්න

උපුටා ගැනීම - http://mawbima.lk/55-12269-news-detail.html



Sunday, December 15, 2013

ලංකාවට නම් තැබුවේ කූරගල පර්වතය දිහා බලාගෙන

0



ලංකාවට නම් තැබුවේ කූරගල පර්වතය දිහා බලාගෙන

රාවණා රජුගේ ලංකාපුරය පිහිටියේ කූරගල බවට ප්‍රබල මතයක් ඇත. අපරදිග භූ විද්‍යාඥයන් එංගලන්තයේ ග්‍රිනිච් නගරය මැදින් පතිත වන රේඛාව පළමුවැනි මධ්‍යහ්න රේඛාව සේ සැලැකූ අතර පෙරදිග ඡ්‍යොතිර් විද්‍යාඥයෝ ලක්‍ෂ්‍යභූත මධ්‍යහ්න රේඛාව රාවණා රජුගේ අගනුවර වූ ලංකාපුරය මැදින් වැටී ඇතැයි සලකති.

අංශක 80-9 සේ වැටෙන පෙරදිග මධ්‍යහ්න රේඛාව භාරතයේ කෛලාසය මුල්කරගෙන කතරගම වල්ලි කන්ද මැදින් බළන්ගොඩ ඓතිහාසික කූරගල ලංකා පර්වතයට වැටෙන බව දෛවඥ කාමධේනුව දක්වා ඇත. ලංකා රාජධානිය හෙවත් ලංකාපුරය පිහිටා ඇති ආකාරය දෛවඥ කාමධේනුව නම් ග්‍රන්ථයේ විස්තර වන්නේ මෙසේය.

"අස්ති ලඛෙකති විඛ්‍යානා
රාජධානි සුරද්විෂා
හර්තුස්සා මධ්‍ය රෙඛායං
සථලස්‍ය ජලස්‍ය ච
ශෛව සීමා භවේන් භානොර්
දක්‍ෂිනොත්තර ගෝලයො--
නතත්‍ර විෂුවත් මධ්‍යච්ඡායාස්‍යාත්ගෝල
යොත්තර--" 

යනුවෙන් ලංකාපුරයෙහි ශිව දෙවොලක් සීමා කොට මෙම රේඛාව වැටී තිබෙන බව සටහන් කොට ඇත. මෙම රේඛාව වැටෙන්නේ ඓතිහාසික බළන්ගොඩ කූරගල ලංකා පර්වතය සීමා කොට ගෙන බව මැන බලන්නකුට මනාව වැටහෙනු ඇතැයි කියති. මෙම ලංකා පර්වතය මුල්කරගෙනම එදා ලංකාවට නම් තැබුණු බව පැවැසේ. ලක්‍ෂ්‍යභූත වූ 'ලක' ධාතුවෙන් 'ලක්ඛා, ලංක, ඉලක්ක, ඉලංග, ඉලක්කෙයි, ඉලංගෙයි' යනුවෙන් අප මවුබිම හැඳින්වෙනුයේ ඒ නිසාවෙනි.
මෙම කූරගල පර්වතය ඈත මුහුදේ යාත්‍රා කරන්නවුනට දර්ශනය වන චිහ්නයක් හෙවත් සංඥා දර්ශකයක් සේ සලකා ලංකා යන නම යොදා ඇති බව පෙනේ. විශේෂයෙන්ම කූරගල පර්වතය ළඟටම එදා පුරාතන යුගයේ මුහුද තිබී ඇත. අද ද මෙම ඓතිහාසික පර්වතය අවට ප්‍රදේශය ලුණු මිශ්‍ර ස්වභාවයකින් යුතු බව භූගර්භ විද්‍යාඥයකුට වුවද වටහාගත හැකිය.

ලංකා සිතියම ගැන ගවේෂණය කරන්නකුට ලංකාවේ පැරැණිම සිතියමේ අත්පිටපත භාරතයේ කල්කටා විශ්වවිද්‍යාලයේ පැරැණි ලිපි ලේඛන අතර දැකිය හැකිය. තක්කාලි ගෙඩියක හැඩය ඇති සිතියමේ ඓතිහාසික කූරගල පර්වත ප්‍රාන්තයේ ඇති මුහුදු බොක්කේ ස්වරූපය වටහාගත හැකිය. ක්‍රි. ව. 1 වැනි සියවසේ පමණ ලංකා සිතියම ලකුණු කරගත් ටොලමිගේ තැප්‍රබෝනයෙන් ඓතිහාසික කූරගල ඇති (උලිස්පදා) ශ්‍රී පාදය ගැන කරුණු වටහාගත හැකිය. ඉතා පුරාණ සමයේ ලංකාවට පැමිණි සියලුම විදේශිකයන් කූරගල 'හිටුවන්ගල' අෑතට දිස්වන ආකාරය බලා ඔවුන්ට හිතුණු නාම 75කට අධික සංඛ්‍යාවකින් ලංකාව නම්කොට ඇත්තේ මේ නිසාය.

කූරගල  - kuragala
Kuragala - කූරගල

විජය කුමරු ලක්දිව ගොඩබසින සමයෙහිද දකුණේ සිට ඇතුළට ආරා තිබූ වලවේ ගඟ ආශි්‍රත මුහුදේ මෙම පර්වතය තෙක්ම නාවික ගමනාගමනය සිදුවී ඇත. එම නාවික සටහන් අදටත් මෙම පර්වතයෙන් දැකගත හැකිය.

මෙම ඓතිහාසික කූරගල පර්වතය තරම් දර්ශනීය වූත්, මනස්කාන්ත වූත්, ප්‍රෞඪත්වයෙන් යුක්ත වූත් ස්ථානයක් තවත් නොමැති තරම්ය. රා. ව/පූ. 2-3 වැනි සියවස්වලට අයත් අක්‍ෂරයෙන් සෙල්ලිපි කෙටූ, දහස් සංඛ්‍යාත කටාරම් කෙටූ ගල්ගුහාවලින් යුක්ත වූත් මෙවන් මහානුභාවසම්පන්න පර්වතයක් භාරත දේශයේවත් නැත. එහෙත් අද එහි පවතින විනාශකාරී, අවාසනාවන්ත තත්ත්වය අසන දකින කෙනකුට ඇතිවන සංවේගය අපමණ යැයි 'කූරගල ශ්‍රී පාද දිවා ගුහාව' ග්‍රන්ථය සඳහන් කරයි.

'කූරගල ශ්‍රී පාද දිවා ගුහාව' ග්‍රන්ථයේ සඳහන් වන පරිදි අපේ මේ රමණීය රටට එදා හෙළදිව කීවේද මෙම පර්වතය මුල්කොට ගෙනය. එහි එන විස්තරයට අනුව සෙලදීප, සෙලදිව වී ඇත. සෙල යනු ශෛල හෙවත් ගල් පර්වතයයි. ඒ මුල් කොටගෙන හෙළදිව වන්නට ඇතැයි ඒ අනුව දැක්වෙන මතයකි. කලෙක මේ රටට ගිරිහෙල පුර යනුවෙන් ව්‍යවහාර වී ඇත්තේද මේ පර්වතය දෙස බලාගෙන බව තවත් මතයකි. 'ලංකාදීප' කියුවේද මේ මහා පර්වතය දෙස බලාගෙනමය.

ඉංග්‍රීසි බසින් සිලෝන් කීවේද සෙයිලාන් යන ගල්පර්වත වාචී ශබ්දයට අනුව වර නැඟීම අනුව යැයි විශ්වාස කළ හැකිය. පුරාණ සිංහලයෝ නගරයකට යන විට 'සෙයිලමට යනවා' යැයි වහරති. එම වහර අප වෙත පැමිණ ඇත්තේ රාවණාගේ 'සෙයිලම' හෙවත් නගරය ඇසුරෙන් බව මේ සම්බන්ධ පර්යේෂණ කර ඇති විද්වත්හු පවසති.

රාවණාගේ ලංකාපුරය පිහිටා ඇත්තේද තංජන් තැන්නෙහි බව මෙම ග්‍රන්ථයේ දැක්වේ. 'සබරගමු දර්ශන, බළන්ගොඩ යුගය, අල්ලා හු අක්බර්, මහාවංස ටීකාව, භාරතීය සංස්කෘතික ඉතිහාසය, සංස්කෘතික පුරාණය' මෙන්ම තවත් පර්යේෂණාත්මක වටිනා ග්‍රන්ථ ඇසුරෙන් ලබාගත් කරුණු කාරණාවලින් සම්පාදනය වී ඇති 'කූරගල ශ්‍රී පාද දිවා ගුහාව' ග්‍රන්ථය දක්වන පරිදි කූරගල අසල ඇති තංජන් තැන්න යනු පැරැණි තම්බපණ්ණි නගරයයි. කලක් යෑමෙන් එහි ව්‍යවහාරය වෙනස් වී ඇත. මෙම සෙයිලම අද 'පේයිලානය' ලෙස ඇතැම්හු වහරති.

රාමායණය පවසනුයේ රාවණාගේ ලංකා පුරය දක්‍ෂිණ ලංකාවේ පිහිටි බවයි.
'තනු ලංකෙති නගරී
රාවණස්‍ය දුරාත්මජ--
දක්‍ෂිණස්‍ය සමුද්‍රස්‍ය
තීරෙ වසති දක්‍ෂිණෙ" 

යනුවෙන් රාවණාගේ ලංකාපුරය දක්‍ෂිණ ලංකාවේ මුහුද අද්දර පිහිටි බව පැවැසේ. ඓතිහාසික කූරගල පර්වතය දක්වාම පුරාණ කාලයේ මුහුද තිබූ බව මින් පැහැදිලිය.

රාවණාගේ මාලිගාව පිහිටා තිබී ඇත්තේ ලංකාපුරයෙහි නිතම්බයෙහි බව ගරුඬ පුරාණයේ දැක්වෙයි. මෙම ලංකා නිතම්බය පුරාණ කාලයේ ලෝක ප්‍රකට බිමකි. නිතම්බය යනු ස්ත්‍රියකගේ උකුල වැනි තැනකි. අක්කර පන්දහසක් පමණ දිග පළලැති කූරගල පර්වතය ඉවුර වැනි තැනක පිහිටා ඇත.
එමෙන්ම බුදුන් වහන්සේද පසු කලෙක මෙම ලංකා නිතම්බයට වැඩමකොට බුදු සිරිපතුල පිහිටුවා මෙහිම සමන් දෙව් විමනේ දිවා විහරණය කළ බව 'සමන්තකූට වර්ණනාව' දක්වයි.
"තස්මිං නිතම්බෙ ගිරි ගබ්භාරයං

දිවා විහාරය නිසදී යත්ථ" යනුවෙන් එහි දැක්වේ.

නන්දන තෙන්නකෝන්

උපුටා ගැනීම - http://mawbima.lk/55-17133-news-detail.html



Thursday, November 28, 2013

පෘතුගීසීන්ගෙන් ගැලවෙන්න අංගම් හටන් මායා රංගන කළ හැටි

0

පෘතුගීසීන්ගෙන් ගැලවෙන්න අංගම් හටන් මායා රංගන කළ හැටි



ඉපැරැණි ලාංකේය සටන් කලාවක් වන අංගම් සටන් කලාවට වර්තමානය වන විටද හිමිවී ඇත්තේ සුවිශේෂී තත්ත්වයකි. රාවණා යුගයේ පටන් පැවැත එන මෙම අපූරු සටන් කලාව ගරිල්ලා ක්‍රමයටද නෑකම් කියන අතර දේශීය උරුමයන්ගෙන් පැවත එන ප්‍රමුඛතම සටන් ක්‍රමවේදයක් බව පැවැසීම අතිශයෝක්තියක් නොවේ. සටන්කලාවන් අතරින් තමන්ටම උරුම කරගත් ආරකින් පැවත එන අංගම්පොර සටන් කලාව මඟින් අතුරු සටන් කලා රාශියක් බිහි වී තිබේ.

අංගම්පොර සටන් කලාව පිළිබඳ විවිධ සටන් ශිල්පීන් එක් එක් අදහස් පළකොට තිබෙන අතර ඒවාට හාත්පසින්ම වෙනස් අදහසක් අංගම්පොර සටන්කලාව පිළිබඳ හෙළි කරන අංගම්පොර සටන් ශිල්පියෙක් අපට අදහස් දැක්වූවේය. ඔහු නමින් සුසන්තය. සම්මානලාභී අංගම්පොර සටන් ශිල්පියකු වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචි සුසන්ත මහතා අංගම්පොර සටන් කලාව පිළිබඳ පළ කරන්නේ මෙවන් අදහසකි.


"අංගම්පොර සටන් කලාව යනුවෙන් සමාජයේ ප්‍රචලිත වුණත් මෙම සටන් කලාවට අංගම්පොර සටන් කලාව යන විරුදාවලිය මම භාවිත කරන්නේ නෑ. මොකද මෙම සටන් කලාවට පසුකාලීනව මෙම නාමය භාවිත කළේ. අංගම් යනුවෙන් හඳුන්වන්නේ අංග භාවිතය. ශරීරයේ අංග භාවිත කොට සිදුකරන සටන් ක්‍රමවේදයක් බැවින් මෙයට එම නාමය භාවිත කළා වෙන්න පුළුවන්. එහෙත් ඉපැරැණි සාම්ප්‍රදායික සටන් කලාව අංග භාවිතයෙන් පමණක් නොවේ සටනට අවතීර්ණ වුණේ. මෙම සටන් කලාව මානසික හික්මීමද ඇතිව සිදු කළ සටන් කලාවක්. එබැවින් මෙම සටන් කලාව විවිධ විරුදාවලීන්වලින් හැඳින්වීමට වඩා සාම්ප්‍රදායික සිංහල සටන් කලාව ලෙස හැඳින්වීම යෝග්‍යය යැයි මම හිතනවා."

මෙම ඉපරැණි සාම්ප්‍රදායික සටන් කලාව ප්‍රගුණ කිරීම සඳහා සටන් ශිල්පි ගුරුවරයා වෙත පැමිණෙන ශිෂ්‍යයා බොහෝ සේ මානසික හික්මීමක් ඇති අයකු විය යුතුය. සුසන්ත මහතා පවසන පරිදි ගෝලයා මුලින්ම පුහුණුවට ප්‍රථමයෙන් චාරිත්‍රානුකූලව දේව පූජාවක් පැවැත්විය යුතුය. දේව පූජාවෙන් අනතුරුව ගෝලයා ලද වාසනාව මත හෝ කැපවීමට ඇති හැකියාව මත ඔහුට අංගම්පොර සටන් කලාව මූලාරම්භයේ සිටම උගත හැකිය. එහෙත් අන් අයට පීඩා කරනු පිණිස පුහුණුව ලැබීමට පැමිණෙන්නන්ට එම පූජාවෙන් පසුව කුමන හේතුවක් මත හෝ සටන් ඉගැනීමේ වාසනාව අහිමි වන බව සුසන්ත මහතා පවසයි. පැරැණි සටන් කලාවෙහි ඇති තවත් එක් ප්‍රබල කරුණක් නම් අධික ගුරු භක්තියෙන් සටන් කලාව ප්‍රගුණ කරන තැනැත්තාට මෙම උත්තුංග සටන් කලාව මනාව ධාරණය කර ගැනීමේ හැකියාවක් ඇති වේ.

අත් සෙල්ලම්වලට අමතරව කඩු හරඹ, පොලු සටන්, වේලායුධ සටන්, හක්ගෙඩි සෙල්ලම, අතකොලු සෙල්ලම, හැරමිටි සෙල්ලම ආදී සටන් ක්‍රමවේදයන් මෙම කලාව ප්‍රගුණ කරන තැනැත්තාට ප්‍රගුණ කළ හැකිය. අවි ආයුධයෙන් සන්නද්ධව සේම නිරායුධව සිදු කරන සටන් ක්‍රමවේද 200කට අධික සිය ගෝලයන්ට පුහුණු කරන බව සුසන්ත මහතා කීය.

පිරිසක් මධ්‍යයෙහි සිටින තැනැත්තකු එම පිරිසටද නොදැනෙන ලෙස මරණයට පත් කිරීමට හෝ සිහි විසඥ කිරීමේ හැකියාවක් මෙම සටන් ක්‍රමවේදය තුළ පැවැතීමද සුවිශේෂීත්වයකි.

මෙම සටන් කලාව බහුලවම සිදුවන්නේ පුද්ගල සිරුරේ නිල හෙවත් ප්‍රධාන නහර ඉලක්ක කොටගනිමිනි. සතුරකු මුහුණට මුහුණලා හමුවූ අවස්ථාවලදී ඔහුට කිසිවක් කරගැනීමට පළමුව එම තැනැත්තාගේ බල නහරයක් වෙත පහරදී සිහිසුන් කිරීමේ හැකියාවක් මෙම සටන් කලාව සතුව පැවැතීම විශේෂත්වයකි.

මෙම සටන් කලාවේ භාවිත කරන සටන් ක්‍රමයන් හුදෙක් අත සහ පය පමණක් භාවිත කිරීම අපහසුය. එයට මානසික නිරවුල්තාව ඉහළින්ම පැවැතිය යුතුය. අතීත සාම්ප්‍රදායික සටන් ගුරුවරුන් අතරින් සුප්‍රසිද්ධ නාමයක් දිනාගෙන සිටි සරඹ වෙද මහතා යන විරුදාවලියෙන් හැඳින්වූ අරනෝරිස් වෙත්තසිංහ සහ බෙම්පි ප්‍රනාන්දු යන සටන් ප්‍රභූවරුද මෙම සටන් කලාව බොහෝ සේ ප්‍රගුණ කළ පිරිස අතර වැජඹෙති. සටන් කලාව පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර ඔවුන් තුනුරුවන් ගුණ සිහිකොට නවග්‍රහ මණ්ඩලය සඳහා පූජාවක් සිදුකොට සතරවරම් දෙවිවරුන් නමින් 'පාරවල් හතර' නමැති සටන් ක්‍රමයක් පූජා කිරීමෙන් අනතුරු භාවනායෝගීව හිඳ මෙම සටන් කලාව පුහුණු කිරීමට පෙලඹී ඇති බව සුසන්ත මහතා පවසයි. යථෝක්ත සටන් ශිල්පීන්ගේ මුනුබුරකු වන සුසන්ත මහතාද සිය සාම්ප්‍රදායික සටන් කලාව ඇරැඹීමට ප්‍රථම ආධ්‍යාත්මික නිරවුල් බව සකස් කොට ඉන් අනතුරුව සටන් ප්‍රගුණ කිරීමට පුරුදු වී සිටියි.

ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසීන්ට සාම්ප්‍රදායික ගමෙන් උපන් සටන් ශිල්පීන් ඉමහත් අභියෝගයක් වූ බව පැරැණි සටන් සාහිත්‍යය සාක්ෂ්‍ය දරයි. පෘතුගීසීන්ගේ ගිනි බටය සටන් ශිල්පීන්ගේ නිල සටන හමුවේ පරාජයට පත් වෙමින් පැවැති නිසා සාම්ප්‍රදායික සටන් ශිල්පීන්ට දුටු තැන වෙඩිතබා මරා දැමීමට පෘතුගීසීන් තීරණය කොට තිබේ. සටන් ශිල්පීන්ගේ නැඟී සිටීම පෘතුගීසීන් තුළ ඇති කළේ භීතියකි. එබැවින් ලංකාව ඇතුළත කිසිදු ස්ථානයක සටන් කලාව ප්‍රගුණ නොකළ යුතු බවටද පෘතුගීසීන් විසින් වාරණයක් පනවනු ලැබීය. එසේ සටන් ක්‍රමවල නිරත වන්නන් දුටු තැන වෙඩි තබා මරා දැමීමට ඔවුහු කටයුතු කළහ. සිංහල නිවෙසක කඩුවක් පවා තබා ගැනීමට තහනම් කිරීමෙන්ම පෘතුගීසීන් සාම්ප්‍රදායික සටන් කලාව කෙරෙහි කොතරම් භීතියක් දක්වා ඇතිද යන්න පසක් වේ.

කෙසේ වෙතත් මෙම සටන් කලාව විනාශවීමට ඉඩ නොතැබූ අතීත සටන් ශිල්පීහු පෘතුගීසීන්ගේ අවධානය යොමු නොවන පරිදි පැරැණි සටන් කලාවට හාස්‍යයද මුසු කරමින් මායා නමැති සටන් කලාවක් හඳුන්වා දුන්හ. සත්තකින්ම ඔවුන් එහිදී සිදු කළේ පැරැණි සටන් ශිල්පයම හාස්‍යයද මුසු කරමින් පෘතුගීසීන්ට සැක පහළ නොවන පරිදි ප්‍රගුණ කිරීමට කටයුතු කිරීමයි. විවිධ ආයිත්තම් විකට ඇඳුමෙන් සැරැසී මායා රංගනයක් ලෙස හුවා දක්වමින් ඔවුන් පැරැණි සටන් කලාව ප්‍රගුණ කොට ඇති බවට අතීත සටන් සාහිත්‍යය සාක්කි දරයි.

එවන් අපරිමිත කැපවීමක් දරා අතීත ප¾ඩිවරුන් විසින් පවත්වාගෙන එන ලද පෞරාණික සටන් කලාව විවිධ පුද්ගලයන්ගේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් අභාවයට යමින් පවතින බව සුසන්ත මහතා පවසයි. පැරැණි මුතුන්මිත්තන් මායා සටන් කලාව හඳුන්වා දුන්නේ සත්‍යය ඉපැරැණි සටන් කලාව අනාගත පරපුරට හඳුන්වා දීමට වුවද අනාගත බහුතරයක් පිරිස සටන් කලාව හුදෙක් රඟපෑමක් බවට පත් කරමින් ඉපැරැණි සටන් ශිල්පය පවා විකෘති කිරීමට පෙලඹී සිටින බවද සුසන්ත මහතා පවසන්නේ දැඩි කනගාටුවෙනි.

පෘතුගීසි සමයෙහි පවා විවිධ අභියෝගයන්වලට මුහුණ දෙමින් ජීවිත අවදානමද නොතකා සිය සටන් කලාව අනාගත පරපුරට දායාද කිරීමට අතීත සටන් වියතුන් කටයුතු කළා සේම වත්මන් පරපුරද එම අභියෝගය සුරතට ගනිමින් කටයුතු කරයි නම් ඉපැරැණි සටන් කලාවේ උන්නතිය වෙනුවෙන් තවත් පරපුරක් බිහි කිරීමට හැකි වෙනු නොඅනුමානය.


සමිත් මධුරංග

ඡායාරූප - නුවන් අමරවංශ

උපුටා ගැනීම
- http://mawbima.lk/55-11011-news-detail.html



සිංහලයන් පැවැතෙන්නේ විජයගෙන් නොවේ

1

සිංහලයන් පැවැතෙන්නේ විජයගෙන් නොවේ

සිංහලයන් පැවැතෙන්නේ විජයගෙන් නොවේ හෙළ වර්ගයාගේ පරම්පරා කතාව ගැන කියැවෙන වරිග පූර්ණිකාව රාමායණය සහ මහා වංසයට එහා ගිය වැදගත්කමක්, වටිනාකමක් උසුලයි. එම ග්‍රන්ථ ඉක්මවා යන තරමට ඉතිහාසගත වෙයි.වරිග පූර්ණිකාව යනු තවත් එක් සුන්දර කතා වස්තුවක් රැගත් ග්‍රන්ථයක් නොවේ. අතීත සිද්ධීන් සමුදායක් සටහන් කරනු ලැබූ කතා පොතක්ද නොවේ. එහි ඇත්තේ රාවණා පරපුර හෙවත් යක්‍ෂ ගෝත්‍රික පරපුරේ ජීවිතයයි. ජීවත්වීම සඳහා කෙනකුට ඇවැසි වනුයේ යම් දෙයක්ද එම දෙය අඩු වැඩි නැතිව වරිග පූර්ණිකාවේ සටහන්ව තිබේ. එහෙයින්ම එය යක්‍ෂ ගෝත්‍රික පරපුරේ පොදු උප්පැන්න සහතිකයද වෙයි. ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ලෙස සලකනු ලැබුවේ යක්‍ෂ, නාග, දේව ගෝත්‍රික ජනතාවයි. මෙයින් නාග ගෝත්‍රිකයන් කැලණිය, නාගදීපයෙත්, යක්‍ෂ ගෝත්‍රිකයන් මහියංගණය, සබරගමුව ප්‍රදේශවලත් ජීවත් වූ බව සඳහන් වෙයි.හෙළයා යනු වර්තමාන සිංහලයා මිස විජයගෙන් බිහිවූ ආර්යයන් නොවන බව අපට හොදාකාරවම වරිග පූර්ණිකාව කියයි. ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ලංකාවට පැමිණ කුවේණිය සමඟ එක්වීමෙන් ආර්යයන් බිහිවූ බව බොහෝ ග්‍රන්ථ සඳහන් කරතත් විජය පැමිණීමට පෙර ආර්යයන් නොවන යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවක් එදා හෙළදිවේ සිටි බවත් හෙළයන්ගේ හෙවත් සිංහලයන්ගේ ඉතිහාසය ලියූ සහ ලියන බොහෝදෙනා එම තොරතුරු හිතාමතා සඟවා ඇති බවත් මේ වන විටත් ප්‍රසිද්ධ කරුණක් වී තිබේ. 

මෙරට තුළ ආදිවාසීන් ලෝකයේ වඩාත්ම දියුණු ජාතියක් වී සිටියා යැයි වරිග පූර්ණිකා ග්‍රන්ථය ආශ්‍රයෙන් කොතෙක් තොරතුරු ගෙනහැර දැක්වුවද රාවණාගේ ඉතිහාසය අතැඹුලක් සේ දන්නේ තමන් පමණකැයි සිතා සිටින මහා උගතුන් එම තොරතුරු පිළිනොගන්නේ තමන්ගේ තත්ත්වයට සහ ඉගෙනගත් දැනුමට මදිපුංචිකමක් වේ යැයි සිතන අනියත බිය නිසාය. සැබැවින්ම එය කනගාටුවට කරුණකි. නමුත් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ආර්යයන්ට වඩා හෙළදිව හෙවත් ලංකාවේ සිටි යක්‍ෂ ගෝත්‍රික පරම්පරාව උසස් ජාතියක් සහ ඉහළ දැනුමක් ඇතිව සිටියවුන් බව කීමට පැහැදිලි සාක්‍ෂි වරිග පූර්ණිකාව පෙන්නුම් කරයි. වරිග පූර්ණිකා පුස්කොළ පුස්තකය රචනා කිරීමට යොදාගත් භාෂාව අන්කිසි භාෂාවකට සම කළ නොහැකිය. එහෙයින්ම එය ඉහළ ස්ථානයක් ගනී. මෙම භාෂාව පාලි, සංස්කෘත භාෂාවන්ට කිසිදු නෑකමක් නොදක්වයි. පසුව අප පාලි, සංස්කෘත ආභාසය ලැබුවත් එයට පෙර අප මුතුන්මිත්තන් භාවිත කළ මෙම භාෂාව වර්තමාන සිංහල භාෂාවේ මුල් භාෂාව ලෙස උපකල්පනය කිරීමට පුළුවන. සිංහල ගැමි වහරේ ඇති බොහෝ වචන මුල් හෙළ භාෂාවෙන් බිඳගත් වචනයි. එමෙන්ම ලෝකයේ බොහෝ භාෂාවන්ගේ උපත හෙළ භාෂාව යැයි පවසන තරමටම මෙම භාෂාව ඉතාමත් පැරැණිය. මෙරට මුල්ම වැසියා වන යක්‍ෂ ගෝත්‍රිකයාගේ භාෂාව වන මෙය මුලින් හැඳින්වූයේ රවිශෛලාෂ භාෂාව ලෙසිනි.

මහින්දාගමනයට පෙර ශ්‍රී ලාංකේය ජන ජීවිතය පිළිබඳ යමක් ප්‍රකාශ කිරීමට ශ්‍රී ලාංකේය විද්වතුන් මැළිවන්නේ ඒ සම්බන්ධව ඇති මූලාශ්‍රවල අඩුකම නිසාය. ඔවුන් පිළිගන්නා පරිදි සිංහලයාගේ පෙළපත ආරම්භ වනුයේ විජයගෙනි. විජය හෙළයේ නායකත්වයට පත්වන්නේ යුදමය ක්‍රියාදාමයකින් මෙරට පාලන තන්ත්‍රය බිඳ දැමීමකින්වත්, එවකට සිටි ගෝත්‍රික ජනයාගේ සම්මුතියෙන් විජයට රාජ්‍යත්වය ප්‍රකාශ කිරීමෙන්වත් නොව එවකට පාලනයේ යෙදී සිටි නායිකාවක වූ කුවේණිය වංචනිකව රවටා විවාහ කරගැනීමෙන් අනතුරුවය. මේ අනුව හෙළ වංස කතාවේ පටන් ගැන්මෙන්ම යක්‍ෂ ගෝත්‍රිකයන්ට හිමිවී ඇත්තේ පහත් තැනකි. ඔවුන් හඳුන්වා ඇත්තේ පහත් වැඩ කරන මායාකාරී ගෝත්‍රික කොටසක් ලෙසටය. අපගේ මානව වංස කතාව ලියූවන් කියන පරිදි යක්‍ෂ ගෝත්‍රිකයන්ට බුදුන්ගෙන් බණ අසා එය වටහා ගැනීමට තරම්වත් ශක්තියක් තිබී නැත. මේ අය වංස කතාව ලියූවන්ගේ සහ තවමත් ලියමින් ඉන්නන්ගේ පරගැති භාවයයි. නමුත් සත්‍යය එය නොවේ. විජයගේ පැමිණීමට පෙර දියුණු ජාතියක යුගයක් හෙළදිවට තිබූ බවට වන සාක්‍ෂි අද පුරාවිද්‍යාත්මකව සොයා ගැනෙමින් පවතී. වරිග පූර්ණිකාවේ විශේෂිත කරුණ වනුයේ රාවණා පරම්පරාවෙන් පැවැත එන පරම්පරාව පිළිබඳ තොරතුරු සටහන්ව තිබීමයි. එය මූලික වශයෙන් පරම්පරා දෙකක් දක්වයි. ඒ කේවේසස්ථාන සහ රවිශෛලාෂ පරම්පරා දෙකයි. ඉතා දියුණු සංස්කෘතියකට අයත් යක්‍ෂ ගෝත්‍රික රාජ පරම්පරාව ගැන නිවැරැදි අවබෝධයක් වරිග පූර්ණිකාව තුළින් අපට ලැබේ. ඒ අනුව වඩාත් තහවුරු වූ රාවණා රාජ පරම්පරාව වනුයේ රවිශෛලාෂ රාජ පරම්පරාවයි. 

රවිශෛලාෂ රාජ පරම්පරාවේ ආදිතමයා ලෙස සැලකෙනුයේ රාවණා හෙවත් යක්‍ෂ කෞරාණ මන්ඨකයි. මෙම කෞරාණ, රෞලාන ලෙසද භාවිත වනු දැකිය හැකිය. කෞරාණ (රෞලාන) කුරු යන්නට තරමක සමානතාවක් දක්නට ලැබේ. කෞරාණ යනු මෙරට සහ ලෝකයේ ව්‍යාප්තව සිටින යක්‍ෂ ගෝත්‍රික වංශිකයන්ගේ මුල් නමයි. රාවණා යන වචනයේ අර්ථය සූර්යයා යන්නයි. රකුණ යනු රාවණා යන්නට සමාන අර්ථයක් ඇති තවත් පදයකි. වික්‍රමාන්විත භාවයෙන් පරිපූර්ණ වූ ශ්‍රී ලංකාවේ යක්‍ෂ ගෝත්‍රික වංසයේ අද්විතීය ස්ථානය හිමිකරගත් රාජ්‍ය නායකයන් ගැන වරිග පූර්ණිකාව මෙසේ සඳහන් කරයි. ඒ අනුව රාවණා රජුගේ පෙර රාජ පරම්පරාව සහ රාවණා රජුගෙන් පසු රාජ පරම්පරාවත්, රාවණා රජුගේ මුනුබුරකු වූ රවිශෛලාෂ රජුගේ පරම්පරාවෙන් ඇරැඹි වත්මන් ලේ නෑයන් දක්වා දිවයන රාජකරුණා පරම්පරාවත් පිළිබඳ වරිග පූර්ණිකාව ඉතිහාසගත සාක්‍ෂි සපයයි. මේ අතර රාවණා රජුගේ සොයුරු විභීෂණ ලංකාවේ රජකම් කළ බව පැවැසෙතත්, එම රාජ්‍ය පාලනය එක දිගට සිදුවූවක් නොවන බවත් අතරින් පතර කඩඉම් සහිතව පැවැති රාජ්‍ය පාලනයක් බවත් මෙම වරිග පූර්ණිකාවම පෙන්වා දෙයි.

වරිග පූර්ණිකාව පෙන්වා දෙන පරිදි හෙළයේ ආදිතම පාලකයා වූයේ සයිබාරි ඍෂිවරයායි. මෙම ඍෂිවරයා වූ කලී ගෝත්‍රික පරම්පරාවක නායකයායි. එම ගෝත්‍රික පරම්පරාව වූයේ යක්‍ෂ ගෝත්‍රිකයනුයි. මෙම සයිබාරි ඍෂිවරයාට පෙර සිටි පාලකයන් ගැන පැහැදිලි සඳහනක් වරිග පූර්ණිකාව නොදක්වතත් එකලට පෙරද යක්‍ෂ ගෝත්‍රිකයන් සිටි බව පෙන්වා දෙනවා. මෙම සයිබාරි ඍෂිවරයාගෙන් පසු යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවේ නායකයා බවට පත්වූයේ ශෛහාරයි. ශෛහාර, සයිබාරි ඍෂිවරයාගේ පුතෙකි. ඉන්පසු ශෛහාරගේ පුතකු වූ මිථානත්, මිථානගේ පුතකු වූ මාලන්තිත්, මාලන්තිගේ පුතකු වූ සුමාලිත් යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවේ නායකත්වයට පත්වී ඇත. මෙම තාත්තාගෙන් පුතාට උරුම වූ පරපුරේ නායකත්වය අනුව සුමාලින්ති රජුගේ පුත්‍රයකු වූ රාවණ නායකත්වයට පත්වෙයි. මෙම රාවණා වූ කලී පෙර රජ පරපුරෙන් පැවැත ආ අසහාය පුද්ගලයෙකි. ඔහු හැඳින්වූයේ විශ්ව කීර්තිය ලද ශ්‍රී රාවණා නොහොත් යගු කෞරාණ මන්ඨක ලෙසිනුයි. රාවණා රජුගේ පුත්‍රයා වුණේත් උපේන්ද්‍රිමිණිකයි. රාවණාගෙන් පසු රජකමට පත් උපේන්ද්‍රමිණිකට පුත්‍රයන් දෙදෙනෙක් සිටියහ. ඒ රවිශෛලාෂ සහ කේවේසස්ථාන රජ කුමරුන් දෙදෙනායි. උපේන්ද්‍රමිණික රජුගෙන් පසු හෙළදිව රාජ්‍ය පාලනයට පත්වූයේ මෙම රවිශෛලාෂ සහ කේවේසස්ථාන කුමරුන් දෙදෙනායි. මෙම කුමරුන් දෙදෙනාගේ රාජ පරම්පරාවන් දෙක පිළිබඳ වරිග පූර්ණිකාව විස්තර දක්වතත් එහි වැඩි වශයෙන් දක්වා තිබෙනුයේ රවිශෛලාෂ රාජ පරම්පරාව පිළිබඳවයි. උතුරේ පාලනය ගෙන ගිය කේවේසස්ථාන රාජ වංසය ගැන දීර්ඝ සඳහනක් වරිග පූර්ණිකාව නොදක්වයි. 

එසේ දැක්වීමට නොහැකි වූ හේතුව ලෙස වරිග පූර්ණිකාව සටහන් කරනුයේ විජය හෙවත් ආර්යයන්ගේ පැමිණීමත් සමඟ ඇතිවූ නව ආරම්භයට මුහුණ දීගත නොහැකිවීමයි. නමුත් එයට මුහුණ දෙමින්ම රාජ පරම්පරා හතක් දක්වා කේවේසස්ථාන රාජ වංසය පවත්වාගෙන යෑමට එම පරපුර සමත් වූ බව වරිග පූර්ණිකාව කියයි. වරිග පූර්ණිකාව දක්වන එම රාජ පරම්පරා හත නම්, කේවේසස්ථාන රජු, සොලිස මන්ඨක රජු, සකුදල ගිරි රජු, පජ්ජල මුණ රජු, කේසි කෙහෙලියපුර රජු, විපුලත්තාන රජු සහ සුගලිත රජු යන රජවරුන්ය.රවිශෛලාෂ රජු හෙවත් රාවණා රජුගේ මුනුබුරා හරහා පැවැත ආ රවිශෛලාෂ රජුගේ දාරක පරම්පරාව වරිග පූර්ණිකාවට අනුව මෙසේ වෙයි. කභාගිරි රජු, දෙවලගිරි රජු, වාරසික රජු, සේතකඨ රජු, උජුපල රජු, බැබිලගිරි රජු, මන්දාරක රජු, අතිලීක රජු, කීර්තිධීර රජු, රෞලාන රජු, මෝජගිරි සෙන්පති, උරසිකාර සෙන්පති, ඉදියර සෙන්පති, කත්තුර සෙන්පති, හෝසලමාන සෙන්පති, භද්‍රගිරික සෙන්පති.මෙම රාජ පරම්පරාව අතර සිටින කිත්තිධීර රජු බුද්ධ කාලයේ පිටිගල පාලනය කළ රජුයි. බුදුන්ගෙන් බණ අසා රහත් ඵලයට පත් කවිලාශ අග්තිපාලි මෙහෙණියගේ පියා වනුයේද කිත්තිධීර රජුයි. ගිරිදේශය පාලනය භාරව සිටි ගිරිභද්‍ර සෙන්පති කවිලාශ අග්තිපාලියගේ ස්වාමියායි.

බුද්ධ කාලයට සමගාමීව පිටිගල පාලනය කළ කිත්තිධීර රජුගෙන්, ඔහුගේ වැඩිමල් පුතු උපතිස්ස කුමරු රජ බවට පත්වුණා. උපතිස්ස රජු තම රාජ්‍ය කාලය තුළ පැවිදි දිවියට (කි.ව. 409-431) පත්වූයේ බාල සොහොයුරු මහානාම රජුට රාජ්‍ය පාලනය භාර දෙමින්. මහනාම රජුගෙන් පසු වන රාජ පරම්පරාව වරිග පූර්ණිකා පුස්තකය මෙසේ දක්වයි. මහානාම රජු, ඔහුගේ පුත් ස්වර්ණ සුබෝධි කුමාරයා, ඔහුගේ පුත් මාලිම්භ කුමාරයා, ඔහුගේ පුත් සංජීව කුමාරයා, ඔහුගේ පුත් විපුල්ලම්භ කුමාරයා, ඔහුගේ පුත් පියුමල් බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් සිරිනාථ බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් චන්ද්‍රගිරි බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් සත්බෙර බණ්ඩාර, දියණිය පියුමලී පාලි කුමරිය, ඇගේ පුත් සුජාත කුමාරයා, ඔහුගේ පුත් සංජය බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් මානා බණ්ඩාර හෙවත් මුදලිහාමි රාජකරුණා මුදියන්සේ, ඔහුගේ පුතුන් තිදෙනා කිරිබණ්ඩා, හීන් බණ්ඩා සහ ටිකිරි බණ්ඩා. මේ වර්තමානය දක්වා දිවෙන රාවණ රාජ පරම්පරාවේ ලේ නෑ පරම්පරාවයි. අද වරිග පූර්ණිකා පුස්තකයත්, රාවණ රජුගේ ග්‍රන්ථය, මන්ත්‍රය, වෛද්‍ය ග්‍රන්ථය සහ තවත් අතිශය රහස් සමුදායක් මෙම පරපුරේ වත්මන් භාරකාරත්වය යටතේ පවතිනවා.

එම රහස් අතර ඉතාමත් මූලික දෙය වනුයේ යක්‍ෂ ගෝත්‍රික හෝඩිය සහ එහි සන්තාඥ භාෂාවේ අක්‍ෂරයි. මෙම අක්‍ෂර මාලාවේ උපත ගැන වරිග පූර්ණිකාව විස්තර මෙසේ දක්වනවා. පුප්ඵුශීය වායු ධාරාව නිසා ස්වරාලය තුළ ඇතිවන ස්වර කම්පනයෙන් නිපදවනු ලබන නාද රටා සියුම්ව වර්ගීකරණය කොට සංකේත මඟින් ඉදිරිපත් කිරීම තුළින් යක්‍ෂ ගෝත්‍රික රවිශෛලාෂ භාෂාවේ අක්‍ෂරයන්ගේ උපත සිදුවී ඇතැයි නිගමනය කළ හැකියි. ඒ අනුව ඔවුන් නාද රටා දහයක් හඳුන්වා දී ඇත. ඒවා ජාතිස, සිලම්බි ලෙස හඳුන්වයි. බට නළාවක් පිඹ විවිධ නාද රටා උත්පාදනය කළ හැකිවාක් මෙන්ම පුප්ඵුශීය වායු ධාරාව මඟින් ස්වරාලය තුළද විවිධ නාද රටා නිපදවිය හැකියි. ජාතිස, සිලම්බි, සංකේත මඟින් පෙන්වා දෙන්නේ එබඳු නාද රටාවනුයි.
මේ යටතේ වන උප අක්‍ෂර මාලා මෙසේ හඳුන්වා දී තිබෙනවා.

* කයිමාර සිලම්බි (බන්ධ අක්‍ෂර)
* ඒකේය අක්‍ෂර බන්ධන ක්‍රමය
* විභූෂ අක්‍ෂර
* කණ්ඨු අක්‍ෂරය
* සෝල අක්‍ෂරය
* කවිලාශ අක්‍ෂරය
* කෞරවි අක්‍ෂරය
* කුම්භණී අක්‍ෂරය
* ජංග්‍රාම අක්‍ෂරය

මෙම අක්‍ෂරවලට අමතරව සන්තාඥද්වන්ත්‍ර අක්‍ෂර නම් වන අක්‍ෂර විශේෂයක් ගැනද වරිග පූර්ණිකාව සඳහන් කර තිබෙනවා. එය මෙසේ පැහැදිලි කරදී ඇත.
බල පිහිටුවීමේ අක්‍ෂර වශයෙන්ද ද්වන්ත්‍ර අක්‍ෂර වශයෙන්ද මෙම අක්‍ෂර හඳුන්වනු ලැබෙනවා. යක්‍ෂ ගෝත්‍රික කාන්තාවන්ට පලඳින ආභරණවල බලය පිහිටුවීම සඳහා යොදාගන්නා විශේෂ සහ වංසයේ උදාරත්වය ප්‍රකාශ කරන සංකේත මේ නමින් හඳුන්වනවා. රවිශෛලාෂ (යක්‍ෂ ගෝත්‍රික, කවිලාශපාලී, මහාපාලි) වංසයේ කාන්තාවන් විසින් පලඳින උත්තරචක්‍ර මාලාභරණයේ පළමු පොට හෙවත් ඉන්ද්‍රවටයේ බලය පිහිටුවීම සඳහා කොටා ඇති සංකේත ද්වන්ත්‍ර අක්‍ෂර ගණයට අයත් වෙනවා.

* සන්තාඥ මුරාග්‍ර අක්‍ෂර
* සුවිධිමුත අක්‍ෂර
* කිලාම අක්‍ෂර
* කෘෂිකාල සන්තාඟු හෙවත් ගුපල අක්‍ෂර
* රකුන් සැර අක්‍ෂරය
* සිද්ධි සැර අක්‍ෂරය
* භද්‍ර පද අක්‍ෂර

මෙම භද්‍ර පද අක්‍ෂර යටතේ විශේෂිත වාක්‍යයක් මෙසේ දක්වා තිබෙනවා.
භද්‍ර පද අක්‍ෂර හා බැඳුණු අනෙකුත් ග්‍රහ ශක්තීන්.
මෙම භද්‍ර පද අක්‍ෂරවලින් පෙන්වා දෙනු ලබන්නේ හිරු, සඳු දෙදෙනාගේ කිරණ ශක්තීන් පොළොවට ආකර්ෂණය වන ආකාරයයි. හිරුගෙන් නිකුත්වන කිරණ ශක්තීන් චන්ද්‍රයා නිසා කිසියම් වෙනසකට ලක්වී කිරණ දෙකක් වශයෙන් සකස්වන බව හෙළ ඍෂිවරු පෙන්වා දෙනවා. එම කිරණ ශක්තීන් මුගලස්ස, ළා නිල් පැහැයක් ගන්නා අතර දෙවැන්න ධාලිස්ස කිරණය, කෙසරුවන් (සිංහයකුගේ ලොම්) පැහැය ගන්නවා. මුගලස්ස කිරණය නිසා ජලය ගහකොළ පවතින අතර ධාලිස්ස කිරණය ජීවීන් සඳහා බලපානවා. මුගලස්ස කිරණය චන්ද්‍රයාගේ බලපෑම නිසා නිල් පැහැය ගන්නා අතර එය ජලය ගහකොළ සංකේතවත් කරනවා. ධාලිස්ස කිරණ සූර්යයාගේ බලපෑම නිසා කෙසරුවන් පැහැය ගන්නා අතර මෙයින් ජීවීන් සංකේතවත් කරනවා.

මෙම කිරණ ශක්තීන් දෙක ප්‍රධානව ගහකොළ ඇතුළු ජීවීන්ගේ පැවැත්ම සඳහා තවත් ග්‍රහ වස්තූන්ගෙන් බලපෑමක් තිබිය යුතු බව හෙළ ඍෂිවරුන්ගේ මතයයි. මේ අනුව ජීවලෝකයේ පැවැත්ම සඳහා ග්‍රහ මණ්ඩල සතරක් පවතී. එක ග්‍රහ මණ්ඩලයකට හිරු සඳු ඇතුළුව ග්‍රහයන් සතර දෙනකු සිටිනවා. මේ සියල්ල පෙන්නුම් කරනුයේ විජයගේ පැමිණීමට පෙර සිටම හෙළ දිවයින යක්‍ෂ ගෝත්‍රික පිරිසක් රජ කළ බවත්, ඔවුන් ඉතා උසස් මනසක් සහිත දියුණු ගෝත්‍රික ජාතියක්ව සිටී බවත්ය. මෙම කරුණු සාක්ෂාත් කරන වරිග පූර්ණිකාව වූකලී එම ගෝත්‍රිකයන් විසින්ම ලියනු ලැබූ යක්‍ෂ ගෝත්‍රික භාෂාවේ පත්ඉරු එකතු කර ලියූ පුස්කොළ පුස්තකයක්. එහෙයින් මෙහි තොරතුරු රාමායණය හා මහාවංසය ඉක්මවා යමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් ඉතා මනරම් උදාහරණ රැසක් දක්වාලීමට පුළුවන්. විශේෂයෙන්ම ආදී හෙළයාගේත්, මෑතකාලීන සිංහලයාගේත් කාන්තාවන් සම්බන්ධව පවත්නා චාරිත්‍ර වාරිත්‍ර සහ ගරුකිරීමේ නීති මාලාවන් අනුව විජය කුමරුගේ දූෂිත ලේ කවලම් වී උපන්නා යැයි කියන ආර්යයන්ගේ නොසණ්ඩාලගති පැවැතුම් ගැන අද අප සමාජය පැහැදිලිවම දන්නවා. එහෙත් එදා නොදියුණු ගෝත්‍රික ගල් යුගයක උපන්නා දැයි සමච්චල් කරන වත්මන් සිංහලයාගේ (විජයගේ දූෂිත ලේ කවලම් නොවූ) නොහොත් ආදි හෙළ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ කාන්තාවන්ට ගරු කිරීමේ නීතිරීති මාලාවක් සහ කාන්තා ගරුත්වය ගැන වරිග පූර්ණිකාවේ සඳහන් මෙම කොටස බොහෝ ගැඹුරු කාරණා ගෙනහැර දක්වනවා. මේ ඒ අතරින් එක් උදාහරණයක් පමණයි.

බලන්න. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ විවාහ චාරිත්‍ර යටතේ අනු කාරණා කිහිපයක් මෙසේ දක්වා තිබෙනවා.

01. ලිංගාභරණ පැලැඳීමේ චාරිත්‍ර විධි
02. උදාචක්‍ර ගිවිසුම් ආභරණ චාරිත්‍රය
03. උදාචක්‍ර මාලාභරණයෙන් පිළිබිඹු වන ආත්මික සංවර ගුණාංග
04. චතුර්භ්‍යානාභරණ පාරමිතා චාරිත්‍රය
05. මනාලියන්ට ඔටුනු පැලඳවීමේ චාරිත්‍රය
06. කන්‍යා හවඩිය පැලඳවීමේ චාරිත්‍රය
07. සත්පොට මාලය
08. යසස්ථ මංගල පෝරුව
09. බඹසර යහන
10. අනඟ යහන
11. ධවන වන්දන පිරිත් පැන් අතලය.

මේවා පිළිබඳවත්, යක්‍ෂ ගෝත්‍රික රාවණා රජු පරම්පරාවේ එළියට නොආ බොහෝ තොරතුරුත් ඉදිරි ලිපිවල ඉතා ගැඹුරින් සාකච්ඡා කිරීමට, හෙළිදරව් කිරීමට අපට හැකියාව එළැඹ තිබෙනවා. මෙම ලිපියෙන් අප පෙන්වා දීමට උත්සාහ කළේ රාවණාගෙන් පසු රාජ පරම්පරාව දිගටම රජකම් කළ බවය. ඇතැමුන් වපුරන මුසාවාද මතවාද අනුව රාවණා රජුගෙන් පසු එම පරම්පරාව වැළලී ගියේ නැත. එසේම රාවණා පරම්පරාව ශතවර්ෂ බොහෝ ගණනක් ගතවීත් වර්තමානය දක්වාම පැවැත එමින් තිබේ.

රාවණා පරම්පරාව ගැන කියැවෙන වරිගයා විසින් රචනා කරනු ලැබූ වරිග පූර්ණිකාවට අනුව රාවණා රජ පෙළපත අවසන් වී රාවණාගේ සොයුරු විභීෂණගේ රජ පෙළපතක් එක දිගට පැවැතී නැත. 

උපුටා ගැනීම - http://mawbima.lk/55-15641-news-detail.html