-->
Showing posts with label ජනශ්‍රැතිය. Show all posts
Showing posts with label ජනශ්‍රැතිය. Show all posts

Friday, May 11, 2018

රාවණ නාදයේ සිට විශ්ව සංගීතය කරා

1

රාවණ නාදයේ සිට විශ්ව සංගීතය කරා

දිනේෂ් දකුණු ඉන්දියාවේ දැවැන්ත සංගිතවේදියෙකු වන A.R. රහමන්ගේ පළමු ශ්‍රී ලාංකික ශිෂ්‍යා වෙමින් ඔහු යටතේ සංගිතය හදාරා අවසානයේ රහමන්ගේ සංගිත ඇකඩමියේ රහමන්ගේ නිර්මාණවලට දායක වෙමින් ජාත්‍යන්ත සංගීත භාවිතය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගෙන ඇත. ඔහුගේ ඉන්දීය නිර්මාණ දායකත්වය අතර මනිරත්නම්ගේ "රාවන්" චිත්‍රපටය සඳහාද වාදකයෙකු ලෙසත් A.R. රහමන් යටතේ තවත් ඉන්දීය චිත්‍රපට ගනනාවකටත්, වාදනයෙන් දායක වි ඇත. දිනේෂ් කේමදාසයන් සමග ඔහුගේ වාද්‍ය වෘන්දයන්හි ඔපෙරා සහ සංධ්වනි වාදකයෙකු ලෙස දායක වෙමින් සිය සංගිතමය ඥාණය පුළුල් කර ගැනිම හේතුවෙන් ඔහුගේ විශ්ව සංගිතය සොයා යාමේ ගමන ඉක්මන් කළා විය හැකිය.

දිනේෂ් සුබසිංහ නම් වූ මෙම තරුණ සංගීතවේදියා සිය පළමු සංගිත නිර්මාණාත්මක අත්දැකිම ලෙස එළිදක්වන්නේ "රාවණ නාද" නම් වූ ගී අනුවාදන 16 ක් ඇතුළත් සංගත තැටිය යි. ඔහු මේ සඳහා භාවිතා කරනු ලබන්නේ ඉතා අපූර්වතම සංගිත භාණ්ඩයකි. එපමණක් නො ව එම සංගිත භාණ්ඩයේ නිර්මාණාත්මක හිමිකරුවා ද ඔහු ය. එය ඉතාමත් ඓතිහාසික නිර්මාණයක් වූ "රාවණ හත්ත" ( Rawana Hatta ) නම් වේ. එම සංගිත භාණ්ඩය දිනේෂ්ගේ ම නිර්මාණයකි.

"රාවණ හත්ත" ( Rawana Hatta ) නම් වූ සංගිත භාණ්ඩය ඉතාමත් දිගු ප්‍රාග් ඓතිහාසික වටිනා කමක් ඇති, අපට ‍ඓතිහාසිකව උරුම වූ සංගිත භාණ්ඩයකි. එය නිර්මාණය වූ යුගය පිලිබදව සළකන විට එය වයලීනය බිහිවීමට පෙර වසර 2500 ක් 3000 ක් පමණ අතිතයේ ලියැවුණ "රාමායණය" පුරා වෘත්තයේ ඔබ අසා ඇති ශ්‍රී ලාංකික රාවණා රජු විසින් භාවිතා කරන ලදැයි සැළකෙන රාවනා රජු විසින්ම නිර්මාණය කර ගත් සංගිත භාණ්ඩය එයයි. "රාවණ හත්ත" ( Rawana Hatta ) පිළිබඳව ඓතිහාසික තොරතුරු පළමු වරට සඳහන් වන්නේ "රාමායණය" කෘතියෙහිය.

Rawan Nada
කේමදාසයන් සමග රාවණ හත්ත වාදනය කරමින්
අලුවකින් (Bow) වාදනය වන තත් සහිත සංගිත භාණ්ඩයක් වූ නූතන " වයලීනය" නිපදවීමට පෙර වසර 4000 ක් හෝ 5000 කට පෙර රාවණා රජු විසින් නිර්මාණය කරන ලද්දකි. ඒ අනුව රාවණා රජු විසින් "දඬුමොණරය" නිපද වූවා පමණක් නොව "රාවනා හත්ත ( Rawana Hatta ) " නම් වූ සංගිත භාණ්ඩයද නිර්මාණයකර වාදනය කල බව ඉතිහාසය සාක්ෂි දරයි.

දිනේෂ් එතරම් ඈත අතිතයක ශ්‍රී ලාංකික උරුමය හාරා අවුස්සමින් ප්‍රාග් ඉතිහාසයේ වැළලී ගිය අපට උරුම වූ ඒ සංගිත භාණ්ඩය නැවත නිර්මාණය කරමින් වාදනය කර පෙන්වීය. මෙහි හැඩය 16 වන සියවසේ ඉතාලියේ නිපද වූ "වයලිනයටත්" එහි නාදය උතුරු ඉන්දියානු "සාරංගි" සහ "එස්රාජ්" සංගිත භාණ්ඩවලින් නිකුත් වන නාදයට ආසන්න නාදයකි.

වසර 4000 - 5000 කට පෙර ලංකාවේ විසු රාවණා රජු විසින් වාදනය කළා යැයි සැළකෙන "රාවනා හත්ත ( Rawana Hatta ) " පිළිබඳව දිනේෂ් එහි මූලාශ්‍ර ඔස්සේ අක් මුල් සොයා යමින් නැවත ඒ ඓතිහාසික උරුමය රටට දායාද කළේය. එපමණක් නොව එය වාදනය කරමින් නිර්මාණය කල "රාවණ නාද " සංගත තැටිය ද එළි දැක්වීය.

ඒ අපූර්ව වූ "රාවනා හත්ත ( Rawana Hatta ) " වාදය කරමින් ගීත අනුවාදන අතරින් දිනේෂ් විසින් නීලා වික්‍රමසිංහ ගැයූ මතු දැක්නෙ ගීයේ ගි අනුවාදන අසන්න මේ මේ අපූර්ව සංගිත භාණ්ඩයේ මිහිර ඒ තරමට රසයෙන් පිරී ඇත.


උපුටා ගැනීම: http://aswanna.blogspot.com/2012/04/blog-post_19.html

Wednesday, May 2, 2018

ස්වභාවික කොරල් වැටියක්ද? රාමායනයේ කියවෙන හනුමාන් තැනූ පාලමද?

1

ස්වභාවික කොරල් වැටියක්ද? රාමායනයේ කියවෙන හනුමාන් තැනූ පාලමද?


හෙළ යුගය
පෝක් සමුද්‍රසන්ධිය
1800 ගණන්වල බ්‍රිතාන්‍ය පාලකයින්ගේ කාලයේ සිටම පෝක් සමුද්‍රසන්ධියේ ඉන්දියාව හා ලංකාව වෙන්කෙරෙන සමුද්‍ර තීරය නාවික ගමනාගමනයට සුදුසු වන ලෙස ගැඹුරු කිරීමේ විවිධ සැළසුම් තිබුණා. විවිධ හේතූන් නිසා අතපසු වෙමින් තිබුණු මේ ව්‍යාපෘතිය, 2005 වසරේදී වර්තමාන ඉන්දියානු රජය මගින් "සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය" ලෙස නැවත දියත්කලා.

මේ නවතම ව්‍යාපෘති සැළසුමට අනුව ලංකාව හා ඉන්දියාව අතර තලෙයිමන්නාරම හා ඉන්දියාවේ ධනුස්කොඩි අතරින් රාමසේතු නමින් ඉන්දියානු පුරාවෘත්තවල සඳහන්වන ප්‍රදේශය හරහා නාවික ගමන්මාර්ගය තැනීමට යෝජනා වුනා.
හෙළ යුගය
http://en.wikipedia.org/wiki/Sethusamudram_Shipping_Canal_Project

සේතුසමුද්‍රම් ව්‍යාපෘතියට ඉන්දීය හින්දු භක්තිකයින්ගේ දැඩි විරෝධය

ව්‍යාපෘතියේ මුහුදු මාර්ගය ප්‍රසිද්ධ වීමත් සමග ඉන්දියාවේ භාරතීය ජනතා පක්ශය, විශ්ව හින්දු පාරිශාද්, ශිව් සේනා වැනි දේශපාලන පක්ශවල මූලිකත්වයෙන් හින්දු භක්තික ජනතාව දැඩි විරෝධයක් එල්ල කරා.

ඔවුන්ගේ තර්කය වූයේ මෙම මුහුදු මාර්ගය සඳහා වන කැනීම් වලින් හින්දූන් පූජනීයත්වයේලා සලකන රාමායනයේ සඳහන්වන රාමාගේ පාලම විනාශවී යන බවත්, ඒ නිසා මෙම ව්‍යාපෘතිය වහාම නවතා දැමිය යුතු බවත්ය.

නාසා ඡායාරූප පෙන්වන රාමාගේ පාලම?

 හෙළ යුගය
හෙළ යුගය
නාසා ඡායාරූප පෙන්වන රාමාගේ පාලම
සේතුසමුද්‍රම් ව්‍යාපෘතියට හින්දූන්ගේ විරෝධය දැඩිවෙද්දි, නාසා ආයතනය මගින් විවිධ අභ්‍යවකාශ ගමන්වලදී ලබාගෙන මහජනතාවට විවෘත (public domain) වෙබ් අඩවවල ගබඩා කොට තිබූ ඡායාරූප ගණනාවක් අන්තර්ජාලය පුරා හුවමාරු වන්නට වුනා. මෙම ඡායාරූප මගින් රාමාගේ පාලම මිත්‍යාවක් නොව, අභ්‍යවකාශයේ සිට පැහැදිලිව පෙනෙන ගොඩනැගීමක් ලෙස තහවුරු වන බව බව හින්දූන් ප්‍රකාශ කරන්නට වූ අතර භාරතිය ජනතා පක්ශය මෙම ඡායාරූපද සාක්ශි ලෙස සටහන් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකලේ සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නතර කරන නියෝගයක් පනවන ලෙස ඉල්ලා සිටිමින්

ඉන්දීය භූවිද්‍යාත්මක සමීක්ශණ ආයතනයේ ස්ථාවරය

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ සාක්ශි දුන් ඉන්දීය භූවිද්‍යා සමීක්ශණ ආයතනයේ (Indian Geological Survey - IGS) විද්‍යාඥයින් පවසා සිටියේ ගිලී ගිය පෞරාණික පාලමක් මෙන් අභ්‍යවකාශ ඡායාරූපවල පෙනෙන මෙම භූවිෂමතාවය මිනිස් නිර්මාණයක් නොව කොරල් පර හා වැලිකඳු දාමයක් බවයි. මෙහි පෞරාණික ගොඩනැගීම් කිසිවක් දකින්නට නොලැබෙන බව ප්‍රකාශකල ඔවුන් ඒ අනුව රාමසේතු ලෙස හින්දු පුරාණයේ සඳහන්වන්නේ මිත්‍යාවක් මිස සැබෑ ගොඩනැගීමක් නොවන බව තම ස්ථාවරය ලෙස ප්‍රකාශකලා.

වාල්මිකීගේ රාමායනයට අනුව රාමසේතු හෙවත් රාමර් පාලම්



සීතා බේරාගැනීමට ලංකාව බලා යන රාම, ලක්ශ්මන හා හනුමාන්හට ධනුස්කොඩියේදී මුහුදින් එතර වන්නේ කෙසේදැයි යන ගැටළුව ඇතිවුනා. රාම කෙරෙහි අතිශය භක්තියෙන් සිටි හනුමාන්, සිය වානර හමුදාව සමග එක්ව රාමගේ නම ලියැවූ විශාල ගල් එකමත එක තබා රාමට හා හමුදාවට මුහුදින් එතරවී රාවනා රජුගේ රාජධානියට ඇතුලුවීමට පාලමක් තනාදුන් බව වාල්මිකී සිය පුරාවෘත්තයේ සඳහන් කරනවා. මෙයට රාමගේ පාලම හෙවත් රාම සේතු (සංස්කෘත භාෂාවෙන් සේතු=පාලම ) ලෙස හැඳින්වූ බව රාමායනයේ සඳහන්.

මේ ප්‍රදේශ පුරාණයේ සිට රාමාගේ නමින් ප්‍රසිද්ධව ඇත්තේ රාමා රාවන යුද්ධය සැබැවින්ම සිදුවූ නිසාද?

මෙම ප්‍රදේශය රාම කුමරා හා ඔහුගේ පාලම ආශ්‍රයෙන් නම්කොට තිබුණු බව පැරණි සිතියම් හා ගවේෂකයින්ගේ වාර්තාවල දැක්වෙනවා.

පර්සියානු දේෂගවේශකයෙකු වූ ඉබන් කොර්දාද්බේ, කි.ව 850දී ලියූ ග්‍රන්ථයක මෙම ප්‍රදේශය "සෙත් භන්දායි - මුහුදු පාලම" ලෙස හඳුන්වා තිබෙනවා.

1747 දී ඕලන්ද ජාතික සිතියම්කරුවෙකු විසින් සිය සිතියම්වල මෙම ප්‍රදේශය "රාමන්කොයිල්" ලෙස නම්කොට තිබෙන අතර ඔහු මෙම ප්‍රදේශය එලෙස නම්කරන්නට ඇත්තේ රාමේශ්වරමේ ඇති රාම දෙවිඳුගේ දෙවොලට දෙමළ භාශාවේ හැඳින්වෙන "රාමන් කෝවිල්" යන නාමය අනුසාරයෙන් බව පැවසෙනවා.

1788 ජේ රෙනෙල් නම් නැවියෙකු සැකසූ සිතියමකද මෙම ප්‍රදේශය රාම දෙවොලේ ප්‍රදේශය ලෙස හඳුන්වා තිබෙනවා.

මාකෝ පෝලෝ මෙම ප්‍රදේශය "සේතුභන්දනම්" ලෙස සඳහන්කර ඇති බව පැවසෙන අතර (විකිපීඩියා), රාමායනයේ යම් ස්ථානවල, රාමාගේ පාලම "සේතුභන්දනම්" ලෙස හැඳින්වෙන බව සටහන්වී තිබෙනවා.

රාමාගේ උපත මීට වසර 7000 කට පෙර, එනම් අයිස් යුගය අවසන්වී කෙටිකලකින් සිදුවුනිද?

 

අයිස් යුගය අවසන්වූයේ මීට වසර 10,000 කට පෙරය.

ඉන්දියානු පර්යේෂකයින් දෙපොලක් වන පුශ්කාර් භාත්නාගර් හා ඩී.කේ හාරි ගේ පර්යේෂණවලට අනුව, රාමායනය ලියූ වාල්මිකී රාම කුමරුගේ සමකාලීනයෙකි. රාමකුමරු, සීතා නැවත ලබාගැනීම සඳහා කල සටන වාල්මිකී සියැසින් දකින්නට ඇති බව පවසන මොවුන් මෙයට සාක්ශි සඳහා වාල්මිකී විසින් රාමායනයේ විවිධ පරිච්ඡේදවල විස්තර කොට ඇති එදවස අහසේ තරුසලකුණු හා ග්‍රහ පිහිටීම් පිලිබඳ විස්තර උපයෝගී කරගත් බව පැවසෙනවා.

ඔවුන් මෙම ග්‍රහපිහිටීම් අතීතයේ හා අනාගතයේ අහසේ තාරකා හා ග්‍රපිහිටීම් නිවැරදිව පෙන්වාදෙන පරිගණක වැඩසටහනකට (මෙවැනි පරිගණක මෘදුකාංග ඉතා සුලබයි) ඇතුලත් කොට ඒ අනුව, රාමායනය ලියූ දින වකවානුත්, රාමාගේ උපත සිදුවූ දින වකවානුත් ගණනය කරගත් බව පවසනවා.

 

ඔවුන් මෙම පර්යේශණ වාර්තා සේතු සමුද්‍රම් ව්‍යාපෘතියට විරුද්ධව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකකල නඩුවේ පැමිණිලි කාර පක්ශවල සහයට ඉදිරිපත් කොට තිබෙනවා.


ඔවුන්ගේ ගණනය කිරීම් වලට අනුව රාම කුමරු ඉපදී ඇත්තේ ක්‍රිස්තුපූර්ව 5114, එනම් මීට වසර 7000කට පෙර රාම කුමරු රජකමට පත්වූයේ වයස අවුරුදු 25දීය  රාම, රාවණ රජු හීයකින් විද මරාදමනවිට වයස 39හි පසුවිය
මූලාශ්‍ර : 1 , 2 , 3

 

රාමගේ හමුදාව ලංකාවට ගෙන යන්නට, "වානර වහලුන්ගේ" ශ්‍රමයෙන් නොගැඹුරු මුහුදේ කොරල්පර යාකොට රළු පාරක් තනාගත්තා වන්නට බැරිද?

රාම රාවණ යුද්ධය සිදුවන්නේ (මේ සියල්ල සත්‍යය යැයි උපකල්පණය කලවිට), අයිස් යුගය අවසන්වී වසර 3000 ක් වැනි කෙටි කාලයකින්ය.

අයිස් යුගයේදී, මුහුදුමට්ටම දැනට වඩා ඉතා පහලින් තිබුණු බව පිලිගත් විද්‍යාත්මක සත්‍යයකි (දැන් මුහුදු මට්ටම ඉහල යමින් තිබෙන්නේ ලෝකය වේගයෙන් උණුසුම් වීම නිසා අයිස් දියවෙමින් යන නිසාය)

ඒ අනුව දැන් නොගැඹුරු මුහුදින් වැසී ඇති මේ භූමි තීරුව එකල්හි මුහුදින් ඉහලට මතුවූ කොරල්පර හා වැලිපර රාශියකින් එකිනෙක යාවී තිබෙන්නට ඇතැයි උපකල්පණය කල හැකිය.

කෙනෙකුට හෝ කුඩා නඩයකට පයින් යන්නට හැකි වුවත් හමුදාවක් හා හමුදාවට අවශ්‍යය සැපයුම්, ඇතුන්, අශ්වයින් සිය ගණනක් ගෙනයන්නට තරම් නොසුදුසු, උදම් රළට යටවන, ඇතැම් තැන්වල එරෙන වැලි ඇති භූමිතීරුවක් යයි උපකල්පණය කිරීම එතරම් වැරදි නොවේ.

එසේනම්, මේ නුසුදුසු භූමි තීරුව හමුදාව ගෙනයාමට සුදුසු ලෙස සකසා ගන්නට ඇතැයි උපකල්පණය කරන්නට පුළුවන. එසේනම් වාල්මිකීගේ රාමායනයේ එන රාමසේතු පාලම එතරම් විශ්වකර්ම ක්‍රියාවක් නොව, හමුදාවක් පහසුවෙන් රැගෙනයාම සඳහා කරන ලද ප්‍රායෝගික ක්‍රියාවක් යැයි සිතන්නට පුලුවන.

සන්සන්දනයක් කරනවානම්;
චීනුන් තැනූ සැතපුම් දහස් ගණනක් දිග චීන මහා ප්‍රාකාරය හා සමකරනවිට, හනුමන්තාගේ හැතැප්ම 18ක පාලම කජ්ජක්දැයි කෙනෙකුට සිතෙන්නට පුලුවන.

 

වාල්මිකි කියන, රාමගේ වානර හමුදාව, රාම විසින් වහල්සේවයේ යොදවාගත් නොදියුණු මනුශ්‍ය කොට්ඨාශයක් වන්නට නොහැකිද?

සුදු ජාතිකයින්, නොදියුණු අප්‍රිකාවට කඩා වැදී ලක්ශ ගණනින් අප වැනිම මිනිසුන් වහල් කමට රැගෙන ගොස් ඔවුන්ගේ ශ්‍රමයෙන් රේල් පාරවල්, පාලම්, බෝක්කු, වරායවල් තනවාගත්තානම්; ඔවුන් තවමත් කලුහම පහත් කොට සලකනවා නම්;

අවුරුදු 7000 කට පෙර රජ කුමරෙකු වූ රාමට, එකල නොදියුණු ගෝත්‍රයක ජනකායක් සිය හමුදාව සඳහා වහල් මෙහෙයට යොදවාගන්නට නොහැකි වුනිද?

බමුණු කුළයේ වාල්මිකීට, මේ අසරණ වහලුන් වානරයින් මෙන් පෙනීම හා එලෙසම ලීවීමද එතරම් පුදුමයට කාරණයක් නොවේ!

 

15 වැනි ශතවර්ශය වනතෙක් රාම පාලම මුහුදින් ඉහල තිබුනාද?

Encyclopedia of Hindu World (1992) නම් ග්‍රන්ථය රාමේශ්වරමේ ඇති රාම දෙවිඳුන් සඳහා වන කෝවිලෙහි වාර්තා උපුටා දක්වමින් සඳහන් කරන්නේ රාම පාලම ලෙස හඳුන්වන මෙම භූමි තීරුව ධනුස්කොඩියේ සිට තලෙයිමන්නාරම දක්වාම පයින් යා හැකි තරමට ජලයෙන් ඉහලට තිබූ බවයි. මෙය ජලයෙන් යටවී ගියේ 1480 දී ප්‍රදේශය හරහා හමාගිය මහා කුණාටුවකින් රළුවූ මුහුදට සේදී ගිය පසුව බව එම ග්‍රන්ථය සඳහන් කරනවා.

Monday, January 11, 2016

අටමඟල

2
අටමඟල






අටමගල කියන වචනෙ ඇහුණ ගමන් ඔළුවට එන්නෙ කොහොම අදහසක්ද? ගොඩක් වෙලාවට, නිතරම කැඩෙන කසිකබල් යන්ත්‍රයක්. වැඩකට නැති, නැතුවත් බැරි දෙයක් හෝ බොහෝ වෙලාවට මොකක් හරි වරදක් තියෙන දෙයක්.

ඒත් පුරාණයේ අටමඟල කිව්වෙ මීට වඩා වෙනස් දේකට. ඇත්තටම අටමඟල කියන වචනෙ තේරුම “අෂ්ඨ මංගල වස්තු” කියන එකයි. එහෙම බැළුවම වර්තමාන ව්‍යවහාරයේ එන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථකථනයක් නෙ. අපි අතින් ලොකු වැරදීමක් වෙලා වගේ නේද? මංගල කටයුතු, එහෙමත් නැත්නම් සුභ කටයුතු වලදී මෙම අටමඟල අතීතයේදී යොදාගැණුනා වගේම අදටත් භාවිතා වෙනවා. මේ අෂ්ඨ මංගල වස්තු වලට අයත් වෙන්නෙ

* ස්වස්ථික
* පුන් කලස්
* චාමර
* ප්‍රදීප
* ඡත්‍ර
* දර්පණ
* ශංඛ සහ
* ශ්‍රී වත්ස යන සලකුණුයි

සෙත් ශාන්ති ලඟා කරගැනීම ආදී විශ්වාසයන් හේතුවෙන් අටමඟල යන්ත්‍ර පැලඳීමක් ගැන හින්දු වේදයේ සටහන් වෙනවා. මීට අමතරව ශාන්තිකර්ම, පෙරහැර, විවාහ, නිවෙස් ඉදිකිරීම්, නේත්‍රා මංගල්‍ය ආදී අවස්ථාවන් වලට තමයි සිංහල බෞද්ධයා වැඩිපුරම මෙම සංකේත යොදාගන්නෙ. ඒ වගේම විවිධ අවස්ථාවන් වල අෂ්ඨ මංගල වස්තු හැටියට ගැනෙන සංකේත වෙනස් වන අවස්ථාත් දැකගන්න පුළුවන්. උත්සව අවස්ථාවල සැරසිල්ලක් ලෙසත් යොදාගැනෙන අෂ්ඨ මංගල සලකුණු අප අතර පවතින වැදගත් සංස්කෘතිකාංගයක් ලෙස හැඳින්විය හැකියි.



 අෂ්ඨ මංගල සංකේත – අභයගිරි කෞතුකාගාරය

 
අටමඟල සලකුණු ගල් පුවරුවක කොටා ඇති අයුරු – තන්තිරිමලේ කෞතුකාගරය

මේ අතරම මේ සටහනට එකතු කලයුතු තවත් දෙයක් තියෙනවා. ඒ තමයි අප අද වෙනකොට මේ අෂ්ඨ මංගල වස්තු හැඳින්වෙන “අටමඟල” කියන වචනය අපහාස, උපහාස අවස්ථාවන්ට යොදාගැනීම. මෙහෙම යෙදුම් ව්‍යවහාරයට එකතු වුණේ කොයි කාලෙද? කව්ද පටන් ගත්තෙ? කොහොමද? කොහෙදිද? ….. ප්‍රශ්න ගොඩයි. හරියට බැළුවොත් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ අෂ්ඨ මංගල වස්තු වලට අපිම ගරහනව නේද?

අපේ දේවල් වලට, අපේ සංස්කෘතියට අපිම ගරහන පළමු හා එකම අවස්ථාව මේක නෙවෙයි. ව්‍යවහාරයෙන් තව ඕනෑ තරම් නිදර්ශන ගෙනහැර දක්වන්න පුළුවන්. අපි ඇයි මේ විදිහට අපේම දේ වලට ගරහන්න පුරුදු වෙන්නෙ? බොහෝ වෙලාවට මේ වචන වල ඇත්ත තේරුම නොදන්නා කම නිසා කොහෙන් හරි ඇහුණම ඒක කියන්න පුරුදු වෙනවා. මේ තත්වය මඟහරවා ගන්න හොඳම ක්‍රමය අපේ සංස්කෘතිකාංග ගැන මනා අවබෝධයක් ලබාගැනීම නේද? මේ ගැන සලකා බැලීම ඇත්තෙන්ම වටිනවා. සිංහලයගෙ සංස්කෘතිය ගැන සිංහලයා මිසක් වෙන කවුරු දැනගන්නද? අපි හැමවිටම අපේ දේ ගැන ඉගෙනගමු. අපේ සංස්කෘතිකාංග වලට ගරහන අවස්ථා හොයා ඒවා නිවැරදි කරන්න අපේ දායකත්වය උපරිමයෙන් ලබා දෙමු.


උපුටා ගැනීම - https://dutugemunu.wordpress.com//

Wednesday, April 2, 2014

හෙළ වංශය විසිහත්වන වැඩසටහන

0

හෙළ වංශය විසිහත්වන වැඩසටහන




දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ විසි
හත්වන වැඩසටහන "Helawanshaya" "හෙළවංශය"

ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....






Thursday, December 19, 2013

බුදුරදුන් වම් ශ්‍රී පාදය පිහිටුවූ මක්කම පිහිටියේ ලංකා වෙරළේද?

1



බුදුරදුන් වම් ශ්‍රී පාදය පිහිටුවූ මක්කම පිහිටියේ ලංකා වෙරළේද?


පූජ්‍ය විමලරත්න හිමි සමඟ වරිග පූර්ණිකාව පිළිබද කෙරුණු සාකච්ඡාවක් ඇසුරෙන්

සිව්වන ලිපිය


මේ වරිගයාගේ ඉතිහාසය මැනැවින් කියාපාන වරිග පූර්ණිකා ග්‍රන්ථයේ සාරාංශගත විස්තරයකි. මෙම වරිග පූර්ණිකා ග්‍රන්ථය රචනා කළ ආකාරය වරිග පූර්ණිකාවේ මෙසේ දක්වා ඇත.


වරිග පූර්ණිකාව ඇතුළත් පංච රක්ඛාවලී ග්‍රන්ථය රචනා කිරීමේදී කුටිර අරණේ අඩ මසක්ද, කන්තිර කද්දිර අරණේ සිවු මසක්ද, රකුන්ගිර අට මසක්ද වැඩ වාසය කළෙමි.


ඒ පංචරක්ඛාවලි කතුවරයාණන් වූ ශ්‍රී  බෝධිවංශාභය හිමිපාණන් තබා ඇති සටහනයි. මෙම පංච රක්ඛාවලිය රචනා කිරීමේදී තමන් වහන්සේ විසින් ගුරුකොට ගන්නා ලද්දේ රාවණා යුගයේ සිට සුරක්‍ෂිත කළ පුස්කොළ හා ගොස්සර ග්‍රන්ථ සමූහය බව පවසන උන්වහන්සේ, පංච රක්ඛාවලියට ඇතුළත් ග්‍රන්ථ පහ මෙසේ දක්වයි. වරිග පූර්ණිකාව, විභූෂ පූර්ණිකාව, සලසාන පූර්ණිකාව, සුන්දල පූර්ණිකාව, මන්දාල පූර්ණිකාව.


පංච රක්ඛාවලී ග්‍රන්ථය රචනා කරන්නට යෙදුණු යක්‍ෂ ගෝත්‍රික ඍෂිවරුන් රචනා කළ පුස්තක විශාල සංඛ්‍යාවක් මානෑවේ මුණමුර පුස්තක ලෙන් විහාරයේ සඟවා තබා තිබිණි. එසමයෙහි මෙම ප්‍රදේශය පාලනය කරනු ලැබුවේ මහානාම රජු විසිනි. මහානාම රජුට විරුද්ධව එසමයෙහි උර්දුලන් නීලවේලදු නම් ද්‍රවිඩ සෙන්පතියා ගැසූ කැරැල්ලෙන් පසු, එම සෙන්පතියා මුණමුර පුස්තක ලෙනට ගිනි තබා ඇත. මුණමුර පුස්තක ලෙන ගිනිදැල්වලින් වැසෙන විට එය තුළට කඩා පැන්න මානාපවි තබාධම්ම හිමියන් නොදැවී තිබූ ග්‍රන්ථ රැසක් බේරාගෙන තිබිණි. මේ ඒ ග්‍රන්ථ නාමාවලයයි.


කවිලාශපාලි පැදිය, රවිශෛලාෂ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්ඛාන සැරය, සිළිඹියාපාන, විෂකුම්භන පැදිය, නීලගිරි සන්තය, කාලම් අග්නිසන්දය, රක්ඛාන ගර්ජය, මුණමුර කෞරවය, කවිලාශ අග්නිය, කුම්භණී මුරාග්‍රථය, රකුන් අනාඥාවලිය, මුරාතන්ත්‍රය, ගෞර නිගාතය, ගෝරාභිග්‍රය, රක්ඛ විජලතාව, රිරි කොළය, ගිරිඛණ්ඩජල පැදිය, සුන්දල පුරාණය, සලම්භි අග්නිය, වෙසමුණි ධරණිවතය, සුබෝධි පුරාණය, ගොරාපාසලම, විසිකාග්‍රවරණය, තෝරතිගාතය, රක්ඛසුලාධිය, කුකුරමාන පැදිය, උත්තාචක්‍ර සැදිය, අසුර අත්විසය, කෝසල්ල කේඨුව, විෂකම්හණ ද්වතන්ත්‍රය, මවුරි වතය, දද්දල සෙලිය, ඔරුමාලපටිදය, රක්ඛ ඉලෝනිලෝව, සිරි මේඝාවතය, කවිලාශවන්ඨය, රක්ඛ විදාසනය.


පංච රක්ඛාවලිය රචනා කළ බෝධිවංශ හිමිගේ බුද්ධ කාලයේ සිට පැවැත එන යක්‍ෂ ගෝත්‍රික භික්‍ෂු පරපුරක් ගැනද සටහන් තබා ඇත. බුදුන් වහන්සේගේ ලංකා ගමනේදී යක්‍ෂ ගෝත්‍රිකයන්ට දෙසූ බණ අසා මාර්ගඵල අවබෝධ කරගත් විභීෂභද්‍ර යක්‍ෂ සෙන්පතිතුමා ප්‍රථම යක්‍ෂ ගෝත්‍රික භික්‍ෂුව ලෙස එහි සඳහන්ව තිබේ. මේ සෙන්පති පැවිදිවි බිහිකළ යක්‍ෂ ගෝත්‍රික භික්‍ෂු ප්‍රාග් මහින්ද යුගයේ ශ්‍රී  ලංකාවේ බුදු දහම පැවැතුණ බවට තොරතුරු අල්ප වශයෙන් සඳහන්ව ඇත. මේ විභීෂභද්‍ර හිමිගේ ශිෂ්‍ය පරපුර නොහොත් යක්‍ෂ ගෝත්‍රික ප්‍රථම භික්‍ෂු පරපුරයි.


විභීෂභද්‍ර හිමි, උලපාතල හිමි, මකුභාණ හිමි, කිත්හිරණ හිමි, සසදික හිමි, ප්‍රපථ හිමි, දිස්සි හිමි, රක්සික හිමි, කෞෂාලා හිමි, කුගාර හිමි, අක්විසල හිමි.


වරිග පූර්ණිකාවේ වේශෛලාෂ වංසයේ වංස කතාව ආරම්භ වනුයේ කවිලාශපාලි දේවියගෙනි. ඇය එකල ගිරිදේශයේ ගිරිබද්‍ර සෙන්පතිගේ බිසව වූවාය. කවිලාශපාලි බුදුන් වහන්සේ පිළිබඳ අසා ගත්තේ එකල යක්‍ෂ ගෝත්‍රිකයන් සමඟ දැඩි වෙළෙඳ සබඳතා පැවැත්වූ පුණ්ණ වෙළෙන්දාගෙනි. බුදුන් සරණ ගොස් සිටි ඉන්දියානු සංචාරක පුණ්ණ වෙළෙන්දා උගෙන සිටි බුදු ගුණ භාවනාව කවිලාශපාලි දේවියට ඉගැන්වීය. උගෙනගත් එම භාවනාව නීලගිරි කන්ද අබියස පොකුණ අසබඩ සිට ඇය ප්‍රගුණ කළාය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය සෝවාන් භාවයට පත්වූවාය. ඉක්බිති ඇය පුණ්ණ වෙළෙන්දා හරහා බුදුන් වහන්සේට හෙළ දිවයිනට වඩින ලෙස ආරාධනා කළාය. එම ආරාධනාව පිළිගත් බුදුන් වහන්සේ, බුදුවීමෙන් සත්වැනි වස ලංකාවට වැඩම කළහ. ඒ ලලාට දේශයේ මුහුදු වෙරළටයි. උන්වහන්සේ එහි ධුමක කද්දරිය අසලදී යක්‍ෂ ගෝත්‍රිකයන්ට ධර්මය දේශනා කළහ.


මේ ධුමක කද්දිරය යනු කළාමයයි. මෙය විශාල ගඟක් වශයෙන් ගැලූ අවස්ථාද තිබී ඇත. ධුමක කද්දිරයේ වම් ඉවුර වූයේ ගිරි දේශයයි. බුද්ධ කාලයේ ලලාට දේශය දක්වා වූ ප්‍රදේශය ගිරි දේශයට අයත්ව තිබිණි. ලලාට දේශය වූයේ පුත්තලම් - හලාවත දක්වා වන මුහුදුබඩ ප්‍රදේශයයි. බුදුන් වහන්සේ එකල ලංකාව හැඳින් වූ මිණිමිනි දේශයට ශ්‍රී  පාදය තබන විට උන්වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් ශ්‍රී  පාදය වැල්ලේ එරිණි. එම ස්ථානය එදා හැඳින්වූයේ මක්කම යන නමිනි.


බුදු රජාණන්ගේ මෙම වැඩම කිරීම පිළිබඳ සඳහන් කරන වරිග පූර්ණිකා ඡේදයේ සිංහල අරුත මෙසේ දැක්විය හැකිය.


ලලාට දේශයට වැඩම කළ උන්වහන්සේ මුහුදු වෙරළේදී පළමුකොට ශ්‍රී  පාදය තැබූ විට එම ස්ථානයේ උන්වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් ස්වර්ණමය ශ්‍රී  පාදයක් මතුවී එයින් රශ්මි කදම්බය නිකුත් කරන්නට වූයෙන් එම දර්ශනය දුටු යක්‍ෂ ගෝත්‍රිකයෝ මහත් භක්තියෙන් උන්වහන්සේගේ ශ්‍රී  පාදය වන්දනා කළහ. ශ්‍රී  පාද පද්ම සලකුණ පිහිටි එම ශුද්ධ භූමිය එදා යක්‍ෂ භාෂාවෙන් හඳුන්වනු ලැබුවේ මක්කාමම යන නමිනි.

මක්කම ශ්‍රී  පාද ලාංඡනයක් තිබූ බව ගැමියන් අතර අදද භාවිත වන මෙම කව හොඳම නිදසුනකි.


මක්කම වැඩ සිට තිබූ වම් පා    දෙක

එක්කම මිණි මේකල දවසින්     දැක

සක් දෙවිඳුට උපමා කළ අණ     සක

නික්මෙති සිවු ජලකඳ ගිරි     අරණෙක     


මෙයට අමතරව ධාතු විස්තරයේ එක් කාව්‍යයකින් සමනල ගිරි මුදුනේ ඇත්තේ වම් සිරිපතුල බවත්, දකුණු සිරි පතුල ඇත්තේ මක්කම වැල්ලේ බවත් මෙසේ සඳහන් වේ.


වැටුණි තලිය තලි තුනකට     එල්ලේයා

ඉසුණු බුදු රැසින් මහ මෙර    එල්ලේයා

ලකුණු බලාලා මහ මෙර    පල්ලේයා

දකුණු සිරිපතුල මක්කම    වැල්ලේයා


තවද තොවිල් කවියක් වන කොහොඹ යක්කම හෙවත් විජේරාජ් කතාවේ ප්‍රාරම්භයේ එන කාව්‍යයකින්ද සිරිපතුල පිහිටි මක්කම ලක්දිව පිහිටි ස්ථානයක් බව කියැවෙයි.


මොක් හිමි    පදක්කම

ලක් සඳු පියස    මක්කම

සිවු මුරු වැඩක්    කම

සරණ වැඳලා කියමි    යක්කම


මෙයට අමතරව සක්දෙවි උපත නම් ශාස්ත්‍ර ප්‍රකරණයෙහිද ඒ බව කියැවෙයි.

සත්පුර ඔබ දෙවියන් දැක මුනිඳුන් අණ සිරස    දරයි

මක්කම සිරි පතුල තබා දෙව්රම් වෙහෙරට    වැඩියයි

මේ සිරිපතුල පිහිටි මක්කම පිහිටියේ අන් කිසි තැනක නොව ලංකාවේ මුහුදුබඩ ස්ථානයක බව නිශ්චය කරන්නට අවශ්‍ය අපමණ සාධක අප හමුවේ ඇත.


දෙවුන්දර සිට යාපා පටුන දක්වා සන්දේශයක් රැගෙන යන ලෙසින් ලියන ලද කෝකිල සන්දේශයේත් මුහුදු බඩ ස්ථාන රැසක නම් ඇතුළත්ය. මුන්නේශ්වරම්, වෙල්ලාවල, තම්මැන්නා අඩවිය, පුත්තලම පොන්පරිප්පුව, මුව‍ෙදාරගම මුසලිය, මොරවල, මන්නාරම, ඇත්තල, මක්කම එම ස්ථානයි. තම්මැන්නා අඩවිය පුත්තලමට පළමුවෙන් පිහිටා තිබේ. මෙකී ස්ථානවල නාමවල යම් අපිළිවෙළක් දක්නට ලැබුණත්, මක්කම ස්ථානය පිහිටා තිබුණේ පුත්තලමට ආසන්න ප්‍රදේශයක බව කිව හැකියි.


ඇත්තල නම් ස්ථානය පුත්තලමට නුදුරු කල්පිටියේ පිහිටියකි. ඇත්තල, මක්කම අසලම පිහිටි තැනකි.

මුල්ම අවධියේ යක්ෂ ගෝත්‍රිකයන් බුදුන් වහන්සේ වන්දනා කිරීම සඳහා භාවිත කළේ ලාංඡන දෙකකි. ඉන් එකක් වූයේ ශ්‍රී  පාද ලාංඡනයයි. අනෙක වූයේ බුදුන් වහන්සේට වැඩවිසීම සඳහා නිම කරන ලද ගල් ආසනයයි.


බුදුරජාණන් වහන්සේ විසින් යක්‍ෂ ගෝත්‍රිකයන්ට දේශනා කරන ලද සූත්‍ර කිහිපයක් වරිග පූර්ණිකාව ග්‍රන්ථයේ දැක්වේ. එය සිංහල භාෂාවෙන් මෙසේය.


රකුන් කයියෝ රකුන් පතිහු වඩිති.රකුන් කයියෝ සම්භාර ධර්ම පත රක්කහු වියෝ ඊමග මෙසේ වම්හ බුරුතුලු සිහි නුවණ කොටැරක්ඛ වරිගයෙහිම.

විෂකුම්භණ සුතුර දෙසා පියේ මැ

උත්‍රාවත්‍ර දැහැන් සුතුර ලෙසා පියේ මැ

බ්‍රහ්ම දැහැන් සුතුර දෙසා පියේ මැ

පතිනි ප්‍රමෝද්‍යා සුතුර දෙසා පියේ මැ

බිම්බා අරහත් මාතා සුතුර දෙසා පියේ මැ

සදෙස් දැහැන් සුතුර දෙසා පියේ මැ

තවද වරිග පූර්ණිකා මෙසේ දක්වයි.


ශ්‍රී  ලංකාවේ (හෙළදිව) මුලින්ම පිහිටියේ මෙහෙණි සස්නයි. කවිලාශපාලී රහත් මෙහෙණියගෙන් ආරම්භ වන මේ මෙහෙණි සස්න දීර්ඝ කාලයක් පැවැති බවට සාධක තිබේ. කවිලාශපාලී රහත් මෙහෙණිය, ගිහි කාලයේදී ලැබූ දියණිය වන මහාපාලි (කුවේණිය) කුමරිය බුදු රදුන් පිරිනිවන් පෑ දින උන්වහන්සේ සිහිවීම සඳහා නීලගිරියේ දල්වන ලද පහන නිවා දමා පැවිදි දිවියට පත්වූවාය. තම මෑණියන් වැඩසිටි ස්ථානයට වැඩම කළ මහාපාලිය, එම ස්ථානයේ මෙහෙණි ආරණ්‍යයක් පිහිටුවා ගත්තාය. අදත් මෙම ස්ථානය මහාපාලි මෙහෙණවර නමින් හඳුන්වනු ලබයි. මහාපාලිය (කුවේණිය) පැවිදිවීමට පෙර වෙසමුණි ධරණි සේනාසනයේ කාලයක් බ්‍රහ්මචාරීව වැඩ සිටියාය. ඇය විජය නම් පරදෙස්සා සමඟ විවාහ ගිවිස ගැනීම කළා යන්න සාවද්‍ය මතයකි. මේ එතැනින් ඇරැඹුණු පළමු මෙහෙණිසස්නයි.


රකුන් කෙනෙහිනාදි කවිලාශපාලි මෙහෙරුක මාතාන පෙවෙසි

සෝර ගානිති තදල් යැ කෙළෙමි කිරාණ

අරාධ කවිලාශ පාලි සෝරභි ආඩිසවිමැ

අරාධ සුවිසල් පාලි (මහාපාලි) සෝරති  ආඩිසවි මැ

අරාධ කමරාහුවා පාලි සෝරගී ආඩිසවි මැ

අරාධ සොලිස්ගාලි සෝරගී ආඩිසවී මැ

අරාධ කෞෂධිපාලි සෝරගී ආඩිසවි මැ

අරාධ සුධාපාලි සෝරගි ආඩිසවි මැ


තවද බුදුරජාණන් වහන්සේ රිටිගල දී යකුන් දමනය සඳහා යමා මහ පෙළහර පැවැත් වූ විට එයින් දමනය වූ යක්‍ෂ සෙන්පතිවරු බුදුන්ගෙන් බණ අසා රහත් ඵලයට පත්විය.


මෙයින් පසුව ලක්දිව භික්‍ෂු ශාසනය ආරම්භ විය. මුලින්ම පැවිදි බවට පත්වූයේ විභීෂභද්‍ර නම් සෙන්පතියාය. මෙසේ බුදුන් ඉදිරියේ පැවිදි බවට පත්වූ යක්‍ෂ ගෝත්‍රික භික්‍ෂු පිරිස වරිගපූර්ණිකාව මෙසේ දක්වයි.

රක්ඛානුවර රක්ඛ විෂකුම්භාණු සෝරත කිවිසිතේ කරාපි ඊවග තියාපතලුකි.



අරුණඩේල් විජේරත්න


උපුටා ගැනීම - http://mawbima.lk/55-14498-news-detail.html





Friday, November 29, 2013

බුදු රදුන් ලංකාවට වැඩම කළ බවට ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි

0

බුදු රදුන් ලංකාවට වැඩම කළ බවට ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි

ශ්‍රී ලංකාවාසී බෞද්ධයන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධයෝද සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය විවිධ ආමිස ප්‍රතිපත්ති පූජා ඔස්සේ සැමරීමට කටයුතු කළහ. සිද්ධාර්ථ ගෞතමයෝ වසර හයක් දුෂ්කර ක්‍රියාකොට ඉන් පසුව මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ නුවණ මෙහෙයවා වයස අවුරුදු 35දී උතුම් වූ සම්බුද්ධත්වයට පත් වූහ. පාලි ත්‍රිපිටක සාහිත්‍යයට අනුව එතැන් පටන් වසර හතළිස් පහක් පුරා දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස ගම්, නියම්ගම්, නගර කරා වඩිමින් රජ, මැති, ඇමැති, සිටු පොහොසත්, දුප්පත් භේද නොතකා සැමට පොදුවේ සත්‍යය දේශනා කළහ. සමස්ත ලෝකයම වඩාත් ප්‍රායෝගිකව ග්‍රහණය කර ගනුයේ මේ අසම - සම බුද්ධ රත්නයටම පමණක් ආවේණික වූ අපරිමිත කරුණාව, දයාව හා මෛත්‍රියයි. මෙසේ ධර්ම දේශනා කළ වර්ෂ 45ත්, බුද්ධ පරිනිර්වාණය සිදුවී ගත වූ වර්ෂ 2555ත් එක්කොට 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට බෞද්ධයෝ කටයුතු කළහ.

ශ්‍රී ලංකාව බහුතර බෞද්ධ ජනතාවක් වාසය කරන රටක් වශයෙන් මෙන්ම බුදු දහම අනිවාර්යයෙන් රාජ්‍ය ආගම බවට පත්කර ගෙන සිටින රටක් වශයෙන්ද මෙරට පාලකයා නිතැතින්ම පාරිශුද්ධ බෞද්ධයකු විය යුතු යැයි දැඩිව සලකන දිවයිනක් වශයෙන්ද සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනු දක්නට ලැබිණි. එසේම මෙරට පුරාණ වංසකතා පවසන පරිදි බුදුන් ශ්‍රී ලංකාද්වීපයට තෙවරක්ම වැඩම කර තිබේ. උගතුන් අතර ඒ පිළිබඳව විවිධ මතිමතාන්තර පැවතුණද මුළුමහත් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව බුදුන් ශ්‍රී ලංකාවට වැඩි බව ප්‍රකාශ කෙරෙන වංසකතාගත තොරතුරු තරයේම විශ්වාස කරති, අදහති. මෙබඳු අවස්ථාවක "බුදුන්ගේ ලංකා ගමනයන්" පිළිබඳව ඓතිහාසික මූලාශ්‍රයන්වල එන තොරතුරු මඳක් කෙටියෙන් වුවද සිහිපත්කර විමර්ශනයට බඳුන් කිරීම කාටත් ප්‍රයෝජනවත් වනු ඇත. ඉහත හඳුන්වා දෙන ලද ආකාරයට "බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමන" පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අපට භාවිතයට ගත හැකිව පවතිනුයේ ශිලාලිපි, වාස්තුවිද්‍යා අවශේෂ යනාදී පුරාවිද්‍යා මූලාශ්‍රවලට වඩා පාලි සාහිත්‍ය මූලාශ්‍රයන්ය. ක්‍රිස්තු වර්ෂ 4 වැනි සියවසෙන් මෙපිටට අයත් එම කෘති අතරට මහාවංසය, දීපවංසය, සමන්තපාසාදිකාව නම් වූ විනය පිටකයේ අටුවා ග්‍රන්ථය, පූජාවලිය හා සද්ධර්මාලංකාරය යනාදිය ඇතුළත් වේ. මේවායේ "බුදුන්ගේ ලංකාගමන" පිළිබඳව වඩාත් වර්ණනාත්මක, සවිස්තරාත්මක වාර්තාකරණයක් දක්නට ලැබේ. බුදු හිමියන්ගේ ලංකාගමන පිළිබඳව සඳහන් එම සාහිත්‍ය මූලාශ්‍රයාගත තොරතුරුවලට පමණක් සීමාවී සාම්ප්‍රදායික තීරයක් ඔස්සේ උක්ත මාතෘකාව සාකච්ඡා කරනවාට වඩා විචාරශීලී මාවතක් ඔස්සේ එය විමර්ශනය කිරීම යෝග්‍යය.

සාහිත්‍ය මූලාශ්‍රවලට අනුව බුදුරජාණන් වහන්සේ අප රටට තුන් වරක්ම වැඩම කර තිබේ. ක්‍රිස්තුපූර්ව 6-5 ශතවර්ෂවල මෙරට විසූ යක්‍ෂ හා නාග යන ගෝත්‍රික පිරිස් එම පැමිණීම්වලට හේතු වී තිබේ. මෙබඳු සාකච්ඡාවකදී උන්වහන්සේ මෙරටට පැමිණි අවධිය වන විට මෙහි ක්‍රියාත්මක ඓතිහාසික සමාජ ආර්ථික තත්ත්වයන් ගැන අවධානය යොමු කිරීම ඉතාම වැදගත්ය. මේ සඳහා මෙහිදී පුරාවිද්‍යාත්මක කැණීම් හා න්‍යාය, ක්‍රමවේද භාවිත කරනු ලැබෙයි.

ශ්‍රී ලංකාවේ මානව සංස්කෘතික ඉතිහාසය දළ වශයෙන් ප්‍රාගෛතිහාසික, ප්‍රොටෝ ඓතිහාසික හා ඓතිහාසික යුගය වශයෙන් බෙදිය හැකිය. මෙයින් ප්‍රාගෛතිහාසික සමය වසර 1,25,000න් ඇරැඹී ක්‍රිස්තුපූර්ව 1000දී පමණ අවසන් වෙයි. ක්‍රිස්තු පූර්ව 1000 සිට ක්‍රිස්තු පූර්ව 300 දක්වා දළ වශයෙන් හඳුන්වනුයේ ප්‍රොටෝ ඓතිහාසික යුගය වශයෙනි. ක්‍රි.පූ. 300 සිට ඇරැඹෙනුයේ ඓතිහාසික යුගයයි. මේ අතරෙන් බුදුහිමියන් මෙරටට වැඩියා යැයි විශ්වාස කෙරෙනුයේ ක්‍රි.පූ. 1000 - ක්‍රි.පූ. 300 දක්වා වර්ධනය වූ ප්‍රොටෝ ඓතිහාසික සංස්කෘතික සමය තුළදීය. එනම් ක්‍රි.පූ. 6 - 5 ශතවර්ෂවලදීය. බුදුන් වැඩම කළ මෙම අවධිය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාඥයන් විසින් ප්‍රාථමික යකඩ යුගය, මුල් අයිස් සමය යනාදී නම්වලින්ද හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පුරාවිද්‍යාඥයකු ලෙස විශ්ව සම්භාවනාවට පාත්‍රව සිටින ආචාර්ය ශිරාන් දැරණියගලයන් විසින් අනුරාධපුර ඇතුළුපුර කරන ලද විද්‍යාත්මක පුරාවිද්‍යා ස්ථරීභූත කැණීම් මාලාව පිළිබඳව අවධානය යොමු කිරීම මෙහිදී ඉතා වැදගත් වේ. එම කැණීම් අතර ගෙඩිගේ 1969 (ඒ.ජී. 69) අනුරාධපුර ඩිංගිරිබංඩාගේ වත්ත (ඒ.ඩී.බී. 87) අනුරාධපුර සල්ගහ වත්ත 1987/1988 (ඒ.එස්.ඩබ්ලිව්. 87/88) අනුරාධපුර මහාපාලි දාන ශාලාව 1989 (ඒ.එම්.පී. 89) යන කැණීම් මාලාව බුදුන් වඩින කාල පරිච්ඡේදය වන විට මෙරට පැවැති සමාජ, ආර්ථික ප්‍රවණතා හා සංස්කෘතික ලක්‍ෂණ පිළිබඳව වඩාත් විද්‍යාත්මක මෙන්ම විශ්වසනීය තොරතුරු රාශියක් ඉදිරිපත් කර ඇත. මෙම කැණීම් නව පුරාවිද්‍යාවේ පුනරුදයත් සමඟ සිදු වූ ඒවා මිස සාම්ප්‍රදායික ඉතිහාසකරුවන්ගේ ක්‍රියාදාමයක් නොවන නිසා ඒවායෙන් අනාවරණය වන තොරතුරුද සත්‍ය ඒවා ලෙස පිළිගත හැකිය. ක්‍රිස්තු පූර්ව 1000 - ක්‍රි.පු. 300ත් අතර කාලයේ විසූ මිනිසා ප්‍රාථමික සමාජ තත්ත්වයන්ගෙන් මිදී විධිමත් සංස්කෘතික ප්‍රවාහයකට ප්‍රවේශ වනු ලබන අයුරු පුරාවිද්‍යා පර්යේෂණකයන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වඩිනුයේ ක්‍රිස්තුපූර්ව පස්වැනි, හයවැනි ශතවර්ෂවලදීය. එනම් ඉහත කී ප්‍රොටෝ ඉතිහාස කාලපරිච්ඡේදයේදීය. එපමණක් රාම - රාවණා පුවතත්, විජයාගමන නම් වූ උත්තර භාරතීය ජන සංක්‍රමණයත් සිදු වනුයේද මෙම කාලයේදීමය. විජය නමැති උතුරු ඉන්දීය සංක්‍රමණිකයා මෙරටට පැමිණෙන විට මෙහි විසූ ජනයා අතර පැවැති සංස්කෘතික ලක්‍ෂණ ඉතා සිත්ගන්නාසුලු ඒවා විය. එම සංස්කෘතික ලක්‍ෂණ අතර යකඩ ලෝහය ඇතුළු අනෙකුත් ලෝහ භාවිතය, ප්‍රාථමික ජල කළමනාකරණය, සරල කෘෂිකාර්මික කටයුතු, කාලරක්ත, රක්ත හා කාල වර්ණ මැටි බඳුන් නිෂ්පාදනය හා බැඳුණු පිඟන් මැටි කර්මාන්තය, ශාක හා සත්ත්ව ගෘහාශ්‍රිතකරණය, පිලිස්සීමෙන් පසුව මැටි බඳුන්වල කුරුටු ලක්‍ෂණ යෙදීම, පබළු නිෂ්පාදනය සහ මියගියවුන් උදෙසා විශේෂ සුසාන (මෙගලිත්) ඉදිකිරීම යනාදිය ඉතා වැදගත් ලක්‍ෂණ ලෙස හඳුනා ගනු ලැබේ. මේවාටත් වඩා සැලකිය යුතු කරුණක් වනුයේ සුසාන ගල් පියන් මත කොටා ඇති සංකේතවල භාවිතාවයි. ආචාර්ය දැරණියගල අනුරාධපුර ඇතුල් නුවර කළ පුරාවිද්‍යා කැණීම් මඟින් ක්‍රිස්තු පූර්ව 300න් අතීතයට ගමන් කරන අක්‍ෂර සහිත මැටි බඳුන් කැබැලිද සොයා ගත්තේය. එමගින් පෙනී යනුයේ බුදුන් වඩින විට මෙරට විසූ ජනයා කියවා තේරුම් ගත හැකි භාෂාවක් භාවිත කළ බවයි. මෙරට නිශ්චිත දේශපාලනික, ආගමික, සමාජ හා ආර්ථික යන ආයතනවල සැකැස්ම බුදුන් වැඩි කාලය හා සබැඳෙන බව මහාචාර්ය සෙනෙවිරත්නයන්ගේ පර්යේෂණවලින්ද පෙනී යයි. ඉහත සඳහන් කළ සංස්කෘතික ලක්‍ෂණවලින් සමන්විත ජන කණ්ඩායම් ශ්‍රී ලංකාවේ උතුර, උතුරුමැද, පහළ කඳුකර කලාපය, වයඹ, බටහිර හා ගිනිකොන දිග ප්‍රදේශවල ව්‍යාප්තව සිටි බව මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න තවදුරටත් පෙන්වා දී ඇත. එසේ එම ජන කොටස් ඒ ඒ පළාත්වල ව්‍යාප්තව විසුවේ විජය මෙන්ම බුදු හිමිද මෙරටට පැමිණියා යැයි සැලැකෙන කාලය තුළදී වීම සුවිශේෂී කොට සැලැකිය යුතුය.

මහාවංසය මෙන්ම අනෙකුත් සාහිත්‍ය මූලාශ්‍රයන් පෙන්වා දෙනුයේ උක්ත විද්‍යාත්මක තොරතුරුවල හාත්පසින් වෙනස් වූ සාවද්‍ය තොරතුරු සමුදායකි. ඒ මෙරට මහ ජනතාවගේ ඇවැතුම් පැවැතුම් ගැනය. එම වංසකතා පවසන පරිදි බුදුන් වහන්සේ මෙරටට වඩින විට මෙම දිවයිනෙහි වාසය කොට ඇත්තේ චණ්ඩ, රෞද්‍ර, දුර්දාන්ත, අශිෂ්ට ජන පිරිස්ය. නමුත් එය කිසිසේත් පිළිගත හැකි පුවතක් නොවේ. බුදුන් විසින් දමනය කරනු ලැබුවේත් විජය විසින් මරා දමනු ලැබුවේත් මෙරට එකල විසූ ශිෂ්ට ලක්ෂණවලින් සමන්විත පිරිසක් බව නූතන විද්‍යාත්මක පුරාවිද්‍යා කැණීම්වලින් ලද දත්ත මගින් පැහැදිලි වන්නකි. වංසකතාකරු මෙරට ජනයා ඉතා භයංකර පිරිසක් ලෙස හඳුන්වා දී එබඳු කර්කශ පැවැතුම් ඇති පිරිසක් පවා දමනය කරන්නට බුදුන් සමත්වීම වර්ණනා කොට උන්වහන්සේ කෙරේ ගෞරවය වඩාත් වර්ධනය කිරීම අපේක්‍ෂා කළා විය හැකිය. එසේ නැතහොත් විජය නමැති ඉන්දියාවෙන් පිටුවහල් කළ පුද්ගලයා උසස් කොට දේශීය ජනයා පහත් කිරීම අපේක්‍ෂා කළා විය හැකිය. මෙම වංසකතා රචනා කරන ලද්දේ නික්ලේෂී මහරහත් උතුමන් විසින් නොව කෙලෙස් සහිත පෘථග්ජන භික්‍ෂුන් විසින් බව මෙහිදී සැලකිලිමත් විය යුතුය. ඒවායේ ඇතැම් තොරතුරු සතර අගතියෙන් තොර නොවනුයේ එම නිසාය. මේ අනුව බුදුන් මෙරටට වඩින විට වංසකතාකරු පවසනවාට වඩා විශිෂ්ට සිරිත් විරිත්වලින් යුත් ජන පිරිස් මෙහි විසූ බව පිළිගැනීමට සිදුවනුයේ මානව වංස පුරාවිද්‍යාව, සමාජ පුරාවිද්‍යාව, පුරා උද්භිද විද්‍යාව, පුරා සත්ත්ව විද්‍යාව වැනි නව පුරාවිද්‍යා ප්‍රවේශ ඔස්සේ කරුණු රැසක් විධිමත්ව වාර්තා වී ඇති නිසාය.

ඉහත සාකච්ඡා කරන ලද්දේ බුදු රජාණන් වහන්සේ මෙහි වැඩම කළ කාල පරිච්ඡේදය වන විට මෙරට පැවැති සමාජ - සංස්කෘතික පසුබිම පිළිබඳවය. බුදුරදුන්ගේ ලංකා ගමන පිළිබඳව කෙරෙන මෙබඳු සාකච්ඡාවකදී සමකාලීන සමාජ තත්ත්ව පිළිබඳව සුළු හෝ අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍යය. මුලින් සඳහන් කළ පරිදි මීළඟට පාලි පොත්පත්වල එන බුදුන් වැඩි ස්ථාන පිළිබඳව අපගේ අවධානය යොමු කෙරෙනු ඇත. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පළමුවරට ලක්දිවට වැඩම කරවා ඇත්තේ දුරුතු මස පුර පසළොස්වක් පොහොය දිනකදී බව මහාවංසය පවසයි. නමුත් දීපවංසයෙහි දුරුතු මසකදී වැඩම වූ බව සඳහන් නොවන අතර උක්ත යක්‍ෂ ගෝත්‍රික දමනයට ලංකාවට වැඩි බව නම් කියැවේ. බුද්ධඝෝෂ අටුවාචාරීන් විනය පිටකයට ලියන ලද අට්ඨ කතාව වන සමන්ත පාසාදිකාවේ බුදුන් පළමු වරට යක්‍ෂයන් දමනය කිරීමටත් දෙවැනි වර චූලෝදර මහෝදර නාග දමනයටත් තුන්වැනි වර මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් පන්සියයක් භික්‍ෂූන් සමඟ වැඩමවා රුවන්වැලි සෑය, ථූපාරාමය, ශ්‍රී මහා බෝධිය, මුතියංගණ සෑය, දීඝවාපි චෛත්‍යය පිහිටි ස්ථානවල නිරෝධ සමාප්තියට සමවැද වැඩහුන් බව සඳහන් වේ. සමන්ගිර මත ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීමෙන් අනතුරුව එම පර්වත පාදයේ දිවා විහරණයකොට ඉන් අනතුරුව දීඝවාපි වැඩි බවද වංසකතාවේ සඳහන් වේ.

පළමුවැනි ලංකා ගමනයේදී බුදුන් වහන්සේ දැනට මහියංගණය නමින් ප්‍රසිද්ධ ව්‍යවහාරයේ පවතින පෙදෙසෙහි මහවැලි නදී තෙර රැස්ව සිටි යුද්ධාභිමුඛ යක්‍ෂ ගෝත්‍රිකයන් දමනය කොට ඔවුන් ගිරි දිවයිනෙහි පදිංචි කරවූ බව කියැවේ. එහිදී උන්වහන්සේ ධර්මය දේශනා කළේ දෙවියන්ට මිස යක්‍ෂ ගෝත්‍රිකයන්ට නොවේ. සමන්ගිර වැසි මහා සුමන සෝවාන් ඵලයට පත්වනුයේ මෙහිදීය. ඔහුගේ ඉල්ලීම පරිදි බුදුන් විසින් දෙන ලද කේශ ධාතු තැන්පත් කොට බුදුහිමි වැඩසිටි ස්ථානයේ සත් රියනක් උස සෑයක් කරවීය. පසු කලෙක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි සරභූ නම් තෙර නමක් ග්‍රීවා ධාතුව (උගුරු ඇටය) රැගෙනවිත් මෙම සෑයෙහි තැන්පත් කර එය ‍දාළොස් රියන් කර බඳවා ඇත. ඉන් පසුව දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරෙකු වූ චූලාභය මෙම දෙවැනි චෛත්‍යයද විශාල කොට තිස් රියනක් උසට බැඳ ඇත. ඊටත් පසු කලෙක දුටුගැමුණු කුමරු මෙම පෙදෙසෙහි පිහිටුවා තිබුණු එළාර බලකොටු බිඳ ජයගෙන මෙකී චෛත්‍ය අසූරියන් කොට බඳවා තිබෙන බව මහාවංශය පවසයි. වර්තමානයේ මහියංගණ සෑය නමින් හඳුන්වනුයේ මෙම චෛත්‍යයයි.

මෙරට වංසකතාවලින් යක්‍ෂ ගෝත්‍රිකයන්ට අමතරව දේව ගෝත්‍රිකයන් පිළිබඳව ද ඉඟි ලැබී තිබේ. යක්‍ෂයන් පලවා හළ බුදුන් කෙරෙන් ධර්මය ශ්‍රවණය කළ දේව සමූහයා එකල වඩාත් ශිෂ්ටව විසූ ජන ප්‍රධානීන් ලෙස සිතීමට වංසකතා වාර්තා අප පොලඹවයි. (ඒ පිළිබඳව තවදුරටත් සිතීමට පාඨකයාට ඉඩ ලබා දෙමු.) බුදුරජාණන් වහන්සේ දෙවැනිවරට මෙරටට වඩිනුයේ නාග ගෝත්‍රික ජන කණ්ඩායම් මුල්කරගෙනය. ඒ බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේදීය. එම වර්ෂයේ බක් මස අමාවක් දින නාගදීපයට වැඩමවා මාණික්‍යමය පුටුවක් උදෙසා චූලෝදර හා මහෝදර යන මාමා හා බෑනා අතර ඇතිවූ මතභේදය දුරු කර සමගි කරවූ බව වංසකතාව පවසයි. මොවුන් දෙදෙනාම නාග ගෝත්‍රිකයන්ය. මහාචාර්ය පරණවිතාන මෙම චූලෝදර හා මහෝදර යන නාම දෙක ඉන්දීය මහාභාරත මහා කාව්‍යයේ එන කුණ්ඩෝදර හා මහෝදර යන දෙදෙනාම ලෙස ගිණිය හැකි බව පවසයි. මෙම සාහිත්‍යය මූලාශ්‍රයවල එන නාග ගෝත්‍රිකයන් බටහිර වෙරළ තීරය ඔස්සේ ඇති තැනිතලා භූමියෙහි කෘෂිකාර්මික කටයුතු කරමින් සිටි තාවකාලික නිවාස සහිත පිරිසක් බවත් යක්‍ෂ ගෝත්‍රිකයන් කඳුකරයේ ගංගා නිම්න ආශ්‍රිතව පිහිටි ගුහා හා විවෘත භූමි භාගවල විසූ පිරිසක් බවත් ආචාර්ය නන්දදේව විජේසේකර පවසයි. මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුරාවිද්‍යාඥයා වන ආචාර්ය ශිරාන් දැරණියගල පවසනුයේ වංසකතාවේ එන නාග ගෝත්‍රික ජනයා ශ්‍රී ලංකාවේ ප්‍රොටෝ ඓතිහාසික යුගයේ විසූ මිනිසුන් යැයි අනුමාන කළ හැකි බවයි. ප්‍රොටෝ ඓතිහාසික යුගය යනු බුදුන් වැඩමවූ කාලයයි. මෙකල නාගයෝ දෙවර්ගයක් මෙරට විසූහ. පර්වතවාසී හා සමුද්‍රවාසී නාග ගෝත්‍රිකයන් යනු එම දෙපිරිසයි. යටකී මිණි පළඟ අයත්ව සිටියේ පර්වතවාසී චූලෝදර නා රජු වන අතර ඒ සඳහා සටන් වැදීමට ඉදිරිපත්ව සිටියේ සමුද්‍රවාසී මහෝදරය. සැබැවින්ම මෙම සමුද්‍රවාසී හා පර්වතවාසී යන වචන දෙකෙන් පැවැසෙනුයේ මුහුදු පතුලේ හෝ විමානවල ජීවත්වන සැබෑ ස්වරූපයේ නාගයන් නොව පර්වත සහිත කඳුකර ප්‍රදේශවල හා සමුද්‍රාසන්න වෙරළබඩ තීරයේ විසූවන් ලෙස සිතීම සාධාරණය.

"නාග" යන වචනය සහිත සෙල්ලිපි රැසක් ශ්‍රී ලංකාවෙන් අනාවරණය වී ඇති අතර ඔවුන් මැණික් වැනි වටිනා ඛනිජ වර්ගවල හිමිකරුවන් ලෙස එම ශිලාලේඛනවල හඳුන්වා දී තිබීම විශේෂයෙන්ම සැලකිය යුත්තක් බව ආචාර්ය පියතිස්ස සේනානායක පවසයි. මෙම දෙවැනි ලංකාගමනය පිළිබඳව වන ප්‍රවෘත්තිය වැදගත් ඉඟි කීපයක් අපට ලබාදෙයි. ඒ සමකාලීන ලංකා සමාජය හා ඔවුන්ගේ විඥානමය සංවර්ධන පිළිබඳවයි. මෙම නාගයෝ (ගෝත්‍රිකයෝ) බුදුරුව දුටු පමණින්ම තුටු පහටු වෙති. බණද අසති. අසා පැහැදී ගැටුමට හේතුව වූ මිණි පළඟ ද බුදුන්ටම පුදති. දානයක්ද දෙති. එපමණක් නොව මහාවංසය පවසන පරිදි "නාගයෝ" දෙපිරිසම පංචසීලයද සමාදන් වූහ. බුදුන් දුටු විගසින් සතුටට පත්වීමටත්, බණ අසා පැහැදී දන් දීමටත් තරම් මොවුන් ශිෂ්ට වූයේ කවර ආභාසයකින්ද යන්න නොවිමසා බැරිය. මොවුන් වෙළෙදාම සමඟ (දේශීය - විදේශීය) දැඩි සබඳතා තිබුණු පිරිසක් බවත් ඊට පෙර බුදුන් ගැන අසා දැන සිටි පිරිසක් බවත් පැහැදිලිව පෙනෙන කාරණයකි. එසේ නොමැතිව වංසකතාව පවසන පරිදි නාගයන් පංචශීලය සමාදන් වනුයේ කුමන හැදියාවක් මතද? බුදුන් වහන්සේගේ තුන්වැනි ලංකාගමනයට පදනම වැටෙනුයේද මෙම දෙවැනි ගමනේදීමය. යට කී මිණි පළඟ යුද්ධයට මහෝදර නා රජුගේ මලණුවන් වූ මණිඅක්ඛිත නාරජුද පැමිණ සිටියේය. ඔහු කැලණි ප්‍රදේශවාසියෙකි. මෙම පුද්ගලයා නැවත ලංකාවට වඩින ලෙස බුදුන්ට ආරාධනා කොට තිබේ.

උක්ත නාගදීපාගමනය සිදු වූයේ බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේදීය. එම ගමනේ අවුරුදු තුනකට පසුව මණිඅක්ඛිත නාරජු බුදුන් වෙත එළැඹ භික්‍ෂු සංඝයා සහිතවම කල්‍යාණි පුරවරයට වඩින ලෙස ආරාධනා කළේය. ඒ අනුව පසු දිනම එනම් බුද්ධත්වයෙන් අටවැනි වර්ෂය පූරණය වන දින හෙවත් වෙසක් පුර පසළොස්වක පෝය දිනෙන් කැලණියට වඩමවා තිබේ. මෙම කැලණිය නූතන කොළඹ සමීපයේ පිහිටියා වූ භූමිභාගය නොවන බවත් රුහුණේ රාජ්‍යයක් වූ එය ගිනිකොන දිග ලංකාවේ පිහිටා තිබුණු බවත් මහාචාර්ය පරණවිතාන පවසා තිබේ. තවදුරටත් ඒ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය පරණවිතාන පෙන්වා දෙනුයේ ලංකාවේ නැගෙනහිර පළාතේ "මණ්ඩලගල" නම් ස්ථානයේ පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපියක් හමුවුනු බවයි.

උපුටා ගැනීම - http://mawbima.lk/55-16436-news-detail.html




Wednesday, November 27, 2013

මව්බිම හෙළි කල රාවණාගේ උමඟ සාදින්නගල කන්දෙන් මතුවෙයි

0

මව්බිම හෙළි කල රාවණාගේ උමඟ සාදින්නගල කන්දෙන් මතුවෙයි

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ සාදින්නාගල කන්ද හරහා කැණීම් කටයුතු සිදුකරද්දි රාවණා රජුසමයේදී භාවිත කරනු ලැබූ ඉපැරැණි උමං මාර්ගයක් මතුවී ඇත. රාවණා ඇල්ල හරහා වැටී ඇතැයි සැලකෙන මේ උමං මාර්ගය ඇල්ල - වැල්ලවාය සිට බණ්ඩාරවෙල දෝව පන්සල දක්වා විහිද ඇතැයි අනුමාන කෙරේ.

උමඟ මතුවීමත් සමඟ එම ප්‍රදේශය කිසිවකුට ළඟා විය නොහැකි පරිදි සම්පූර්ණයෙන් මාධ්‍යයට තහනම් කලාපයක් බවට පත් කිරීමට උමා ඔය ව්‍යාපෘතියේ බලධාරීන් කටයුතු කොට ඇත.
හදිසියේ මතුවූ මෙම ඉපැරැණි උමං මාර්ගය පිළිබඳ වහාම දේශපාලනයෙන් තොර අපක්ෂපාතී විධිමත් පුරාවිද්‍යා පරීක්ෂණයක් සිදු කළ යුතු බව විවිධ සංවිධාන 23ක් ඒකාබද්ධව රජයෙන් ඉල්ලා ඇත. තවද එම ස්ථානයේ ඇති පුරාවස්තු ආරක්ෂා කර ගැනීමට නොපමාවම පියවර ගන්නා ලෙසත් ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ තොරතුරු රාශියක් හෙළිවීමට ඉඩ ඇති මේ සුවිශේෂි ස්ථානය සියලුම මාධ්‍ය සඳහා නිරාවරණය කරන ලෙසත් එම සංවිධාන රජයෙන් ඉල්ලා ඇත.
උමා ඔය මොරගහකන්ද වැනි සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ජලය ලබාදී එම පළාත්වල කෘෂිකර්මාන්තය නංවා ජන ජීවිතය සුඛිත මුදිත කරවීමටය. බත බුලතින් රට සංවර්ධනය කිරීමට ඉන් ඉමහත් පිටිවහලක් ලැබෙනු ඇත. විශාල පිරිවැයක් දරා එකී යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත්තේ ද ඒ නිසාය.

සියලු ජනතාවටත්, රටටත් වැඩදායක මෙවන් වූ යෝජනා ක්‍රම නිසා අයහපතක් සිදුවෙතැයි කිසිවකු කිසිසේත්ම නොසිතනු ඇත. එනමුදු මෙවැනි යෝජනා ක්‍රම සම්බන්ධව නැවත වරක් සිතා බලන්නට පොලඹවන පසුබිමක් දැන් උදා වී ඇත.
උමා ඔය මොරගහකන්ද වැනි යෝජනා ක්‍රම බැලූ බැල්මට සුබදායක සංවර්ධනය ක්‍රියාවලියක් ලෙස පෙනුණත් අනාගතයේදී කන්ද උඩරට බොහෝ ගම් නියම් ගම් අනාරක්ෂිත තත්ත්වයකට මුහුණ පෑම නොවැළැක්විය හැකිය.

මේ බව අනාවරණය කරන්නේ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් ය. උමා ඔය යෝජනා ක්‍රමයේ කැණීම් කටයුතු කරද්දී ඉපැරැණි උමඟක් මතු වීම සම්බන්ධයෙන් ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් සමඟ කළ විශේෂ සාකච්ඡාවකදී හෙළිදරව් වූ කරුණු පාදක කර ගෙන මෙම විශේෂ ලිපිය සැකසී ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල, දඹුල්ල - රත්තොට ආදී ප්‍රදේශවලද මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම සෙංකඩගල සහ දුම්බර බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ වැලිමඩ හා පස්සර කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල සහ ‍ෙදාඩම්ගස්ලන්ද ප්‍රදේශවලටද මෙම අනතුරු බලපානු ඇත.

උමා ඔය මොරගහතැන්න නව ජලාශයන්හි ජලය රාවණා යුගයේ උමං මාර්ගවලට සහ බිම් ගෙවල්වලට කාන්දු වීමට ඇති ඉඩකඩ වැඩි නිසා වත්මන් භූ විද්‍යාඥයන් එම ප්‍රාග් ඓතිහාසික උමං මාර්ග ගැන සැලකිල්ලක් දැක්විය යුතු බවත් එසේ නොවුණහොත් වඩාත් අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය විය හැකි බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පෙන්වා දෙයි.

"ඍජු බැල්මට මෙම උමා ඔය යෝජනා ක්‍රමය, මොරගහකන්ද යෝජනා ක්‍රමය, ලාභදායී ලෙස පෙනෙන්න පුළුවන්. ඒත් වක්‍ර ලෙස එයින් ඇතිවන පාඩුව මධ්‍යම, උෟව සහ වයඹ පළාත්වලට සුවිශාලයි." ඒ ආචාර්ය ඔබේසේකරගේ අදහසය.

වත්මන් ජලාශ යෝජනා ක්‍රම ඉදිකිරීමේදී භූ විද්‍යාඥයන් ප්‍රාග් ඓතිහාසික උමං මාර්ග ගැන සැලකිල්ලක් දැක්විය යුතු බවත් එසේ නොවුණහොත් අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය විය හැකි බවත් 'රාවණ වත' ලිපි පෙළ යටතේ 2012 අප්‍රේල් 15 වැනි ඉරිදා මව්බිම සැණකෙළියට ලියූ ලිපියකින් ද අනාවරණය කර තිබිණි.
උෟවේ සිට බණ්ඩාරවෙලටත්, බණ්ඩාරවෙල සිට ලෝකාන්තයටත් එහි සිට බලංගොඩටත් ප්‍රාග් ඓතිහාසික යුගයේ දියුණු උමං මාර්ග පද්ධති තිබූ බව රාවණ කතා පුස්කොළ ග්‍රන්ථය දක්වා ඇත. එකල විශේෂ ආරක්ෂක මාර්ග පද්ධතියක් ලෙස උමං මාර්ග නිර්මාණය වී තිබූ බව එම පුස්කොළ ග්‍රන්ථය සඳහන් කරයි.


උෟව පළාතේ හපුතලේ, බදුල්ල, ඇල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, උෟව පරණගම, පස්සර, සොරණාතොට, වියලුව සහ මහියංගණය දක්වා ගම් නියම්ගම් රැසක රාවණ ඉතිහාසයට අයත් නටබුන් අද දක්වා සුරක්ෂිතව තිබීමෙන් රාවණ ඉතිහාසයට ලැබෙන්නේ ඉමහත් ආලෝකයකි. උෟව පළාතේ සෑම කන්දකටම තවත් කන්දක සිට ගමන් කළ හැකි උමං මාර්ග පද්ධතියක් එදා නිර්මාණය වී තිබිණ.

ඇල්ල- වැල්ලවාය පාරේ පිහිටි රාවණ ගුහාවද දුටුවන් සිත් ආකර්ෂණය කරන මනරම් ස්ථානයකි. ඇල්ල පුරාණ විහාරය සමීපයේ කඳු ගැටයක තිබෙන රාවණ ගුහාව මිනිසුන් සියයකට එක්වර රැස්විය හැකි විශාල ගල්ගුහාවකි. මෙහි එක් කෙළවරක ගුහාවට අයත් උමං මාර්ගය වෙයි. මිනිසකුට දෙකට නැමී එම උමං මාර්ගය තුළට යා හැකි වුවත් සැලකිය යුතු දුර ප්‍රමාණයක් ගමන් කළ විට ඕනෑම උස මිනිසකුට ඉතා පහසුවෙන් ගමන් කළ හැකි මහ උමඟ හමුවන බවත්, ඒ උමං මඟ තුළින් මහා ගුහාවට හා නමුණුකුල මහ උමං මාර්ගයට ගමන් කළ හැකි බවත් තමා තම වැඩිහිටියන්ගෙන් අසා ඇති බව බිම්තැන්නේ ආදී වාසියකු වන 'රාවණගේ කන්ද' නමැත්තකු 1960-05-27 වැනි දින තමන්ට පැවැසූ බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර සඳහන් කරයි.

මෙම උමං මාර්ගයේ එක් ‍ෙදාරටුවක් බලංගොඩ පාතාලගිර කන්දේ ඇති බව ඔහු පවසා ඇත. පාතාලගිරට ගමන් කිරීම ඉතා දුෂ්කර කාර්යයකි. එදා පාතාලගිර ලෙස හඳුන්වා තිබෙන්නේ බලංගොඩ ව්ර්ණීව්ර්ථීඡ්අධ්ඹ් වත්තට අයත් භූමි ප්‍රදේශයයි. වසර 1956 දී ආදම් ජී ලුක්මන් ජී සමාගමට අයත් වූ මෙම තේ වත්ත කොළඹ සිට සැතැපුම් 85ක දුරින් පිහිටා තිබිණ. රජයේ ඉඩම් වාර්තාවනට අනුව මුහුදු මට්ටමෙන් අඩි 1,800ත් -5,000ත් අතර උස ප්‍රමාණයක පිහිටා ඇත.
හපුතලේ ඔහිය ප්‍රදේශයේ පිහිටි ලෝකාන්තය මධ්‍යයයේ පොළොව යට ඇතැයි කියන උමං මාලිගාවට ගමන් කිරීමට උපයෝගී කර ගෙන තිබෙන්නේ මෙම මාර්ගයයි. මෙම උමං මාර්ග සංකීර්ණයේ තවත් මාර්ගයක් නුවරඑළියේ මහතුඩුගල භූගත මාලිගාවට ඇති අතර එහි සිට කිකිළියාමාන කන්දටද මාර්ගයක් ඇති බව රාවණා කතා පුස්කොළ ග්‍රන්ථය කියයි.

රාවණා රජු වන්දනා කළ උමං දෙවොල තිබෙන්නේ ද ස්ත්‍රීපුර කන්දේ එක් පෙදෙසක පොළොව යටය. ස්ත්‍රීපුර කන්දේ අප්‍රසිද්ධ ජීවිතයක් ගත කළ කොළඹ තිඹිරිගස්යායේ විජේසූරියගේ ‍ෙදාන් චාල්ස් මහතා 1960 මාර්තු 21 වැනි දා තමාට හමුවූ බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මා සමඟ පැවැසීය. තමා ස්ත්‍රීපුර කන්දේ උමං මාර්ගයේ ගමන් කළ බවත් එම උමං මඟේ තුන්මංසලක් හමුවෙන බවත් ඒ සැණින් එහාට ගමන් කළොත් මංමුළා වීමට ඉඩ ඇති නිසා තමා නොකළ බවත් චාල්ස් මහතා ආචාර්ය ඔබේසේකරට පවසා ඇත.

ස්ත්‍රීපුර කන්දේ එක් පෙදෙසක පිහිටි උමා දෙවොලේ අඩි 14ක් උසැති උමං දෙවඟනගේ රන් පිළිමයක් ඇති බවත් එම පිළිමයට රාවණ රජු පුද පූජා පැවැත්වූ බවත් පැරැණි පුස්කොළ ග්‍රන්ථයක සඳහන් වී ඇත.
මෙම ස්ත්‍රීපුර කන්දේ උමං පද්ධතියේ සිට බණ්ඩාරවෙල නමුණුකුල කන්දටත් එහි සිට ඔහිය ලෝකාන්තයේ බිම් මාලිගයටත් එහි සිට බලංගොඩටත් උමං මාර්ගය ඇති බව රාවණ කතා පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වේ. ලෝකාන්තයේ රාවණාගේ භූගත මාලිගයට බලංගොඩින් ඇතුළුවන උමං දොරටුව වසා ඇත.
මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරියද උමං මාර්ග මධ්‍යස්ථානයක් ලෙස ‘රාවණ කතා’ ග්‍රන්ථය හඳුන්වයි. හුළංගමුවේ ඇඹිල්ල විහාරකන්දේ සිට සීගිරිය දක්වා තිබෙන උමං මාර්ගයද දැනට ගරා ැවටී ඇති ප්‍රධාන උමං මඟකි. මෙම උමං මඟ හුළංගමුවේ එක් පැරැණි වලව්වක ඉඩමෙන් මතුවූ අතර එම ඉඩමේ අයිතිකරුවන් විසින් එය වසා දමන ලදැයි ආචාර්ය ඔබේසේකර පවසයි.

විශ්‍රවස්මුනි, කුවේර සහ රාවණ ආදී රජවරුන් කලින් කල ජීවත්වූ සීගිරිය රාවණ යුගයේ මුළු මහත් ලක්දිවම පාලන මධ්‍යස්ථානය විය. මෙම උමං පද්ධතියේ කේන්ද්‍රස්ථානය සීගිරිය වූයේ එබැවිනි. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ සිට උෟව- වෙල්ලස්ස හරහා කතරගම වැඩහිටි කන්දටත්, හිනිදුම දෙනියාය ප්‍රදේශයේ කඳුවලටත් යා කර තිබුණු ඇතැම් මාර්ග නාග ගෝත්‍රිකයන් විසින්ද නඩත්තු කරනු ලැබූ බව රාවණ කතා මූලාශ්‍ර දක්වයි.

ඔෟෂධ බලයෙන් කළුගල් උණු කිරීමේ තාක්ෂණය අෑත අතීතයේ යක්ෂ ගෝත්‍රිකයන් සතු ඒකාධිකාරයක් විය. කළු ගලක් පාන් ගෙඩියක් මෙන් මෘදු මොළොක් බවට පත්කරවන බෙහෙත් වර්ග රාවණ යුගයේ යක්ෂ ගෝත්‍රිකයන්ට තිබිණි. විශාල ගල් කඳුවල කුහර සාදමින් දර්ශනීය, මටසිලිටු ලෙස උමං මාර්ග කැණීමට එදා යක්ෂ ගෝත්‍රිකයෝ සමත් වූහ.

ඉතා කෙටි මාර්ගවලින් මුළු මහත් ශ්‍රී  ලංකාවේම ගමන් කිරීමට හා සතුරු කරදරවලදී ආරක්ෂා වීමටත් සුවිශේෂ උමං මං පද්ධතියක් එදා භාවිත කර තිබිණ. මෙම උමං මාර්ග පද්ධතිය කොතරම් සූක්ෂ්ම ලෙස ගොඩ නඟා ඇද්ද යන්න වත්මන් භූ විද්‍යාඥයන්ගේ අවධානයට ලක්නොවීම ජාතියේ අවාසනාවක් ලෙස සිතිය හැකිය. (‘රාවණ වත’ සැණකෙළිය 2012-04-15 වැනිදා ඉරිදා ‘මව්බිම’)
නිසි භූ විද්‍යා පරීක්ෂණයකින් තොරව නව ජලාශ යෝජනා ඉදිකිරීම සම්බන්ධයෙන් මතුවිය හැකි අවදානම ‘මව්බිම’ රාවණ වත ලිපියේ කරුණු දක්වා තිබුණේ ඒ අන්දමටය.

නන්දන තෙන්නකෝන්

උපුටා ගැනීම
- http://www.mawbima.lk/55-7442-news-detail.html



Monday, November 25, 2013

වස්ගමුව මහ කැලේ සැඟවුණු හිටි පිළිමයක් !

0

වස්ගමුව මහ කැලේ සැඟවුණු හිටි පිළිමයක් !

උදේ රැයින් ගියේ නැත්නම් හවස් වෙද්දි ආපහු එනවා බොරු. දැන්ම පිටත් වෙමු. රැවුලා අණ දුනි. අඹන් ගඟ තරණය කිරීම සඳහා ඇවැසි කඹය මිලදී ගැනීමට ගිය මා හට කඩ හිමියන් කීපදෙනකු කූද්දවා කඹ ඇත්දැයි විමසා සිටින්න සිදුවිණි. ප්‍රමාදය පිළිබඳව රැවුලා සිටියේ නොරිස්සුම් සහගතවය. "මරුම මනුස්සයව අල්ලගෙන තියෙන්නේ කැලේ අස්සක් මුල්ලක් නෑර පෙන්වයි." හරියට හනුමා වගේ රැවුලා පිළිබඳ සහතිකපත් නිකුත් කරමින් ත්‍රීවීල් 'මාතලී' පවසා සිටියේය. අඹන් ගඟ සැම විටදීම මත් වී ගලනා ගඟකි. ඒ නිසා සුන්දරත්වය පිළිබඳ අටුවා ටීකා ටිප්පනි නොගැළපේ යැයි සිතේ. ගඟක් මත් වී ගලන තැන කෙතරම් සුන්දරද?

සුන්දරත්වය ඇතුළාන්තයේ වූ ආරක්ෂාකාරී බව නිසා මත් වී ගඟ ගලනා ස්ථානය හරහා කඹයක් ඇද ගෙන තරණය කළ යුතු යැයි රැවුලා තීරණය කර තිබිණි. ගං ඉවුරු යා කිරීම සඳහා කඹය එගොඩට රැගෙන යෑම බාර ගත්තේද රැවුලාය. ගඟ දෙගොඩතළා ගිය දිනකට පසු දිනක් වූයේ නම් කඹයක් මඟින් ගඟ තරණය නොකළ යුතු බව සිහි තබා ගන්න යැයි කියූ රැවුලා ගඟ දිය අතරින් නොපෙනී ගොස් නා ගස් මුල් ගොන්නක් අසලින් මතු වුණේය. වස්ගොමුව සහ ජයසිරිපුර ඉම් යා කරන ලද කඹය උපයෝගී කරගත් අපි නඩය ජයසිරිපුරට සමු දුන්නෙමු. කඹයේ එල්ලී ගඟ තරණය අතුරේ යනවාට වඩා අසීරුය. අතුරේ යන විට ආධාරක දෙකකි. ගඟේ යන විට ඇත්තේ දෑත් මත ඇති කඹය පමණි. මහත - දෙහෙත පුද්ගලයකු වුවහොත් කඹය ආන්බාන් කිරීම අසීරු කටයුත්තකි. ඒ මදිවාට කැමරා ආම්පන්නවලට ජලය කාන්දු වීමට ඉඩදිය නොහැකිය. දෙකකුල් ගං පතුලේ වදින විට ලබා ගන්නා වාරුව නොමැති වූවා නම් ගඟ දිය ගැඹුරු කඩඉම පසු කිරීම අපහසු වීමට බොහෝ ඉඩ තිබිණි. එකෙක් පසු පස එකෙක් සේ ගඟ තරණය කරන අප දෙස එගොඩට වී රැවුලා බලා සිටියේ අනපේක්ෂිත කරදරයක් සිදුවුවහොත් මැදිහත් වීම සඳහාය විය යුතුය. කණ්ඩායමේ සියල්ලන් ගඟ තරණය කළේ අපහසුතා රැසක් පරදා යැයි කීම යුක්ති යුක්තය.

මෙතැන් සිට රජයන්නේ සොබා දහමේ නීතියයි. නීතිය මායිම් නොකර වස්ගමුවට පැමිණ සිටින අප සොබාදහමේ නීතියට අනුගත නොවී ක්‍රියා කරන්නේ නම් අනිටු පල විපාකවලටද මුහුණ දීමට හිත හදා ගත යුතු යැයි රැවුලා ඔහුගේ ගම්බද වහරින් පවසා සිටියේය. කුමාරකන්ද මාලිගයට යා හැකි පහසුම මාර්ගය මඩ ඇළට සමාන්තරව ඉහළට යෑම යැයි මා දැන සිටියද ඒ බවක් නොකියා සිටීමට වග බලාගත්තේ කණ්ඩායමේ සිටිය යුත්තේ එක් නායකයකු පමණක් වන නිසාය. එලෙස පැවැසීමට අවශ්‍යතාවක් නොවන බව පසක් කරමින් රැවුලා කටු පඳුරු සහිත යටි රෝපණයක් තිබූ මෙහි කැලෑ මණ්ඩියක් පසුකර මඩ ඇළ කරා කණ්ඩායම රැගෙන විත් තිබිණි. මඩ ඇළ ලෙස හැඳින්වුවද ඇළ සිනිඳු වැලි තලයක් පතුල කරගෙන ගලා යන්නකි. කැලයේ ඉහළ සීමාවට තද වැසි ඇදහැලී ඇති බව පෙන්වා දීමට සේ මඩ ඇළ නව මං උපද්දවාගෙන පහළට ගලා යෑමට යත්න දරයි.

ඒ කාලේ මේ ඇළට මඩ ඇළ කියල කියන්න අරගෙන තියෙන්නේ මාලිගාවේ උදවිය පාවිච්චි කරපු වතුර ගලාගෙන ආපු නිසා කියල තියෙනවා. අපිරිසුදුයි කියන්න 'මඩ' උපයෝගී කර ගත්තා වෙන්ඩ පුළුවන්. කොහොමත් ඒ කාලේ කුමාර කන්ද මාලිගාව අවට විශාල ජනාවාසයක් තිබිල තියෙනවා. ජනප්‍රවාදයේ කියැවෙන කතාවක් හැටියට කුමාර කන්ද මාලිගාව ආසන්නයේ තියෙනවාලු. හිටි පිළිමයක්. ඒ පිළිමේ නේත්‍ර ධාතු විහාරයේ සැතපෙන පිළිමේ දෙසට එල්ල වෙලා තියෙනවලු. මම අවුරුදු ගාණක් කැලේ තියෙන ඔය හිටි පිළිමෙ හෙව්ව. ඒත් හම්බවුණේ නැහැ. හැබැයි ඒ පිළිමේ පිහිටි කළු ගලක කෙටූ එකක් වෙන්න බෑ. මොකද කැලෑවේ ඉඳල සැතපෙන පිළිමේ තියෙන හරිය පේන සීමාවේ පිහිටි කළු ගල් නැහැ. වස්ගමුව තමයි ඒ කාලේ ජනාවාස තිබුණේ. අඹන් ගඟයි පරාක්‍රම සමුද්‍රයට වතුර අරගෙන යන ඇළයි අතර ඇළහැර ගොවි ගම්මාන හැදුවාට ඒ කාලේ ගඟේ වතුරත් එක්ක බලපුවාම ඒ හරිය තමයි ගඟයි ඇළයි අතර ගං දිය පිට දාන සීමාව. එතකොට ජනාවාස තිබිල තියෙන්නේ දැන් අපි ඉන්න හරියේ. ඒත් වස්ගමුව සීමාවේ දැන් අපි ඉන්න හරියේ ඉඳල තියෙන්නේ මුක්කරුවෝ. මුක්කරුවෝ කියන්නේ මැණික් ගරන්න පිටරට ඉඳල සංක්‍රමණය වුණ ජන කොටසක්." මඩ ඇළ දිගේ ඉහළට යෑමේදී එලෙස ඉතිහාසය හාරා ඇවිස්සුවේ රැවුලාය.

ඇළ දිගේ ඉහළට යෑම එක සීරුවට කළ නොහැක්කකි. ඇළ ප්‍රයෝජනයට ගත් අලි රංචු ඇළ දෙපස ඇති ගස්වල අතු කඩා දමා ඇත්තේ වනාන්තරය තුළ මාර්ග තැනීමේ ප්‍රයෝගකාරයන් තමන් යැයි ඒත්තු ගන්වා දීමට මෙනි. ඇළ හරස් කර විශාල ප්‍රමාණයේ අතු තිබූ නිසා කෙටි දුරකට පමණක් අපි දෙපතුල් සිනිඳු වැලි තලයෙන් පිටතට ගත්තෙමු.

"කුමාර කන්දට කිට්ටුයි. අපි එනවා දැනිල වන කුමාරයෝ ටික ඇවිත් ඉඳීද?" රැවුලා එලෙස වන කුමාරයන්ට උපමා කළේ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වන ආරක්ෂක නිලධාරීන්වය. මාලිගා බිමට ආසන්නවත්ම විශාල නාගස් වැටි දෙකක් මැදින් සමාන්තරව යන ගමන් ලතාවකට අනුගත විය යුතුය. කඳ මහත නා ගස අතු රිකිලි දමන්නේ ඉර එළිය හොඳින් උරා ගැනීමට හැකියාව ඇති උසකින් නිසා ඉරඑළිය පොළොවට පතිත වීමක් සිදුවන්නේම නැත. මාලිගා භූමිය පිළිබඳ නා වැටිය සමඟ මැවෙන්නේ ආශ්‍රම ආකාරයේ මනෝ චිත්‍රයකි. ලංකාවේ භූ විසමතාව අනුව ප්‍රභූ නිවාස සහ නා ගස් අතර ඇත්තේ සම සබැඳියාවකි. මේ වනවිටත් ගරු ගාම්භීර ලෙස නැඟී සිටින වලව් සම්ප්‍රදායට අයත් සෑම ප්‍රභූ නිවාසයක් ආසන්නයේම නා වැටියක් වේ. පස්යාල, අත්තනගලු පාර අද්දර සිට නා ගස් එකසිය අසූ තුනක් පසුකර සබරගමු දිසාවේ පිහිටා ඇති නා වැටිය වලව්ව මසිතට නැඟිණි.


නා වැටිය කෝමළ වූයේ ගල් පාදමකිනි. පාදමක් ලෙස භෞතිකව දැක ගත හැකි වුවද එය මතුකර ගැනීම සඳහා මනස් චිත්‍රයක් මවා ගත යුතුවේ. මනස් චිත්‍රය කෙතරම් දුරකට නිවැරැදි වේ දැයි නොදන්නාමුත්, කුමාර කන්ද මාලිගාව ප්‍රවේශ මාර්ග ලෙස සකසන ලද ගල් පඩි පෙළ 3කින්ද විශාල ප්‍රමාණයේ ගැල් කරත්ත ගමන් කළ හැකි මාර්ගයකින්ද සමන්විත වී යැයි උපකල්පනය කළ හැකිය. මාර්ගය වනය විසින් ගිල ගනු ලැබුවද දෙපස ඇති කළුගල් ගල් පඩි මත වැවී ඇත්තේ කටු පඳුරු විශේෂයකි. මාලිගාව පහළින් දිය අගල් කීපයක් වේ. එම දිය අගල් දෙපස සිට බෑවුමේ වේගයට සමානව වතුර ඉහළට රැගෙන යෑමට සකස් කරනා ලදැයි සිතිය හැකි ගල් දිය වැලක් වේ.

(ඉතිරිය ලබන සතියේ)

ප්‍රභාත් අත්තනායක

උපුටා ගැනීම
- http://www.mawbima.lk/55-23988-news-detail.html



වස්ගමුව මහ කැලේ මැද යුදඟනා පිටියට ගිය ගමන

0

වස්ගමුව මහ කැලේ මැද යුදඟනා පිටියට ගිය ගමන

හිරු නැඟෙන්න පැයකට හමාරකට කලියෙන් අපි ලකලැහැස්ති වීමු. ජයසිරිපුරින් පිටත් වීම වේදනාබරය. ඒ මුත් අපි යා යුතු වෙමු. ඒ; බකමූණ, තලාගොල්ල හරහා හඳුන්ගමුවටය. හඳුන්ගමුව කරා යන මාර්ගය කලකදී පැවැතියේ ගිරි දුර්ගයක් ලෙසය. දඹුල්ලේ සිට මහියංගණය කරා ගොස් එතැනින් අම්පාර දක්වා දිවෙන අධිවේගී මාර්ග සැලැස්ම නිසා බකමූණ සිට හෙට්ටිපොළ දක්වා මඟ පිළිසකර වී ඇත. ජයසිරිපුර සිට බකමූණ කරා දිවෙන්නේ පටු තාර පාරකි. මැටල් ගල් ගැලවී ගිය තැනකදී වාහන දෙකකට එහා මෙහා වීමට දැඩි උත්සාහයක් ගත යුතු වේ.

රථයේ ප්‍රධාන ලාම්පුවල ආලෝක ධාරාව යෝධ ඇළේ දිය රැළි මත ගැටුණු විට මැවෙන්නේ අපූර්ව බවකි. ගඟ ගලන්නේ පහළ සිට ඉහළටය. කිලෝමීටරයකට අඟලක් වන සේ ඉස්සී උස් මුදුනක පිහිටා ඇති පරාක්‍රම සමුද්‍රය කරා ජලය රැගෙන යන ජය ගඟ හෙවත් යෝධ ඇළ හෙළ වාරි තාක්‍ෂණයේ උච්චම ස්ථානය ලකුණු කළ මාහැඟි සම්පතකි. ගංදෑල බඩවැටිවල සිටිනා හාවුන් සිය ගිනිකන වැටුණු දෑස් යොමන්නේද රථයේ ප්‍රධාන ලාම්පු කෙරෙහිය. වස්ගමුවත් දඹුලු කැලයත් සීමා මායිම් කර ගත් අඹන් ගඟ සහ යෝධ ඇළ අප සුවපහසු ලෙස නවාතැන් ගත් ඇළහැර ගොවි ජනපද ව්‍යාපාරය මැදි කරමින් ගලා යයි. ඒ අරුතින් ඇළහැර ගොවි ජනපදය දෙගම් මැදි රාජ්‍යයකි.

මීට දසක කීපයකට ඉහතදී වස්ගොමුවෙන් එන ගෝන රංචු මංකඩක් ලෙස 'ට්‍රැක් 13' ගොවි ගම්මානය භාවිත කර දඹුලු කැලයට සේන්දු වූ බව කලකට පෙර අප හැර ගිය ඇළහැර ලොකු පප්පා පැවැසූ මතකය ඇවිස්සුණේ අඩි කීපයක් උසැති සිවුපාවකු රථයේ ප්‍රධාන ලාම්පුවලට 'ඇහැ දෙන්න' ගත්තාට පසුවය. කිසි ලෙසකින් ගෝනෙක් මුවකු විය නොහැකි එම සතා 'රථයේ මාතලී' වූ පියරත්නට අනුව නාම්බ මීමින්නෙකි. රථය නැවැත්වූ අපි සතා දිවගිය මඟට කන් යොමු කළෙමු. ඔය අතරතුර සිය සගයන්ට අනතුරු ඇඟවීම සඳහා ගෝනකු නැඟූ නාදය කැලයේ අෑතින් ඇසිණි. හඳුනාගැනීමට නොහැකි වූ සිවුපාවා කැලයේ කුමන දිසාවකට ගමන් ගත්තේද යන වග ඉඳහිට වියළි ඉපලක් බිඳුණු හ¾ඩින් තේරුම් ගැනීමට හැකි විණි. සතා ගමන් කළේ ඇළ ඉවුර දිග ප්‍රධාන මාර්ගයට සමාන්තරවය. රථය පාර අද්දර නවතා දමා කුඩා මංපෙතකින් හැරී ඇළේ වතුර කුඹුරු යාය කරා රැගෙන යන කොන්ක්‍රීට් කානුවක් දිගේ අප කාල් ගෑවේ අරුණෝදය එළැඹෙමින් තිබියදීය.

අපි බකමූණට පැමිණ සිටියෙමු. බකමූණ ජනාකීර්ණ වන්නේ බදාදා දිනට පමණලු! එයට හේතුව කළු ගඟේදී සහ අඹන් ගඟේදී ගැරුම් වට්ටිවලට අහුවෙන මැණික් වෙන්දේසියේ විකිණෙන්නේ එදිනට පමණක් වීමය. මැණික් කුඩා මුදලකට මිලකර අවශ්‍ය කරන කළමනා රැගෙන යෑමට ගොවි පවුල්වල උදවිය බදාදා දින උදේ රැයින් බකමූණට පැමිණෙති. බකමූණ සිට හෙට්ටිපොළ - විල්ගමුව හරහා හඳුන්ගමුවට ගොස් වස්ගමු කැලයට නීත්‍යනුකූල ලෙස පිවිසිය හැකි වන්නේය. සිය දියණිය හඳුන්ගමුවට කරකාර බැඳ ඇති නිසා උදව්වක් පදව්වක් කිරීමට ඇහැක් වෙයි කියූ රණමුරේ හේරත් බණ්ඩා මාමාද අප වස්ගමුවට රැගෙන යෑම සඳහා විල්ගමුවට කල්වේලා ඇතිව පැමිණ සිටියේය. අවශ්‍ය දෑ විල්ගමුව සමුපකාරයෙන් මිලට ගෙන වස්ගමුව වන රක්‍ෂිත පෙදෙස පසුකර අවශ්‍ය අවසරපත් ලබා දැඩි සොබා රක්‍ෂිතයට ඇතුළු වුණෙමු. උදෑසන භාරකාර තැන කෙටි දෙසුමක් සිදුකළේය. එහි සංක්‍ෂිප්ත අදහස වූයේ වන රක්‍ෂිතය සහ හඳුන්ගමුව ගම්මානය අතර ඇති සහසම්බන්ධය ය. ගම්මු තම ඉඩකඩම් රක්‍ෂිතයට ලබා දුන්හ. රක්‍ෂිතය කළේ ගම්මුන්ගේ චර්යාවන් සීමා කිරීමය. ජීවනෝපාය අවහිර කිරීමය. ගම්මුන් සහ වන රක්‍ෂිතය යා දෙක නොරත රත සේ පවත්වාගෙන යා නොහැක. උගුල්, බඳින තුවක්කු අහවර කළ යුතුවේ. එම නිසා ගමේ තරුණයන් පරිසරවේදීන් බවට පත්කිරීමේ මානුෂීය මෙහෙයුමක අවසන් ප්‍රතිඵලය ඔවුන් රජයේ පඩි ලබන කැලෑ මහත්තුරුන් බවට පත් වීමලු! 


එය කදිම මෙන්ම පැසසිය යුතු කටයුත්තක් යැයි අප පැවැසුවේ මුළු හදින්මය. වනයේ ඉදිරියට යත් යත්ම හුදෙකලා බවත් සන්සුන් බවත් කෙමෙන් දැනෙන්ට විය. මිතුරාට මිතුරාත්, සතුරාට සතුරාත් කෙරෙහි ක්‍ෂණිකව ක්‍රියාත්මක වන ඇස් හා ඕනෑම මොහොතකම සූදානම් ගාත්‍රාත් හැරුණු විට සාවද්‍ය සිරිත්-විරිත් කැලය තුළ නැත්තේය. දෙසැතපුමක් පමණ අපි ගමන් කළෙමු. පෙර දින කුමාර කන්ද මාලිගයට අවසර නොමැතිව අප පැමිණි බව මඟ පෙන්වන්නාට හෙළි කළේ නගරයේදී වෛද්‍යවරයාට සහ නීතිඥයාට සේ කැලය තුළදී මඟ පෙන්වන්නාට මුසා පැවසීම අනුවණ ක්‍රියාවක් නිසාය. කුඩා වැවකින් පහළ පිහිටියා යැයි සිතිය හැකි පුරන් වී ගිය කුඹුරු යායකට අපි පිවිසුණෙමු. බොහෝ කාලයකට ඉහත සිටි මිනිසුන් කැලය ආක්‍රමණය කොට වැව තනා ඉන් පහළ වෙල් යායවල වී වගා කරන්නට ඇත. මිනිසුන්ට එරෙහිව සටන අත් නොහළ කැලය දැන් මිනිසා පලවා හැර දසක ගණනාවක් ගෙවී ගොසිනි. වෙල් යාය කැස්වටුවන්, කිරලුන් හා කොරවක්කන් උදෑසනට කට ගැස්මක් සොයා එන වගුරු බිමක් බවට පත්ව තිබේ. සම්පූර්ණයෙන් නොවැසෙන දිය කඩිති වැව් බැම්ම සමීපයේ වේ. මෙම කැලෑ පෙදෙස්හි පාළුවට ගිය කුඩා වැව් බොහෝ ගණනක් තැනින් තැන විසිරී තිබේ. දීර්ඝ කාලයකට පෙර මෙහි විසූ ජනතාව ප්‍රදේශය අතහැර යෑම පිළිබඳ කතාන්දරය ඒ වැව්වලින් කියැවේ.

"ඒ කාලේ වස්ගමුව දැඩි සොබා රක්‍ෂිතයට මේ මාතලේ කෑල්ල අෑදාගද්දී; ඒ කියන්නේ 1978න් පස්සේ මේ හරියේ තිබිල තියෙන්නේ හේන්, කුඹුරු. ඒ මිනිසුන්ට අනුරාධපුර, පොළොන්නරුව වගේ පැතිවල මහවැලි ඉඩම් දුන්නා. ගොඩින් අක්කරයයි, මඩින් අක්කර දෙකයි. ඒ මිනිස්සු මහවැලි ඉඩම්වලට යද්දී හරකා බාන අරගෙන ගියේ නෑ. ඒ අයගේ එළ හරක් රෑනයි, මීහරක් රෑනයි දැන් ලොකු හරක් පට්ටියක් වෙලා. කැලේ මේ හරියට වෙන්න කුළු මීහරක් රංචු ඉන්නේ ඒකයි. ඒ කුළු මීහරක් රංචු වස්ගමුවට විතරක් සීමා වුණු දෙයක්. වෙන ජාතික වනෝද්‍යානවල ඒ වගේ කුළු මීහරක් රංචු නැහැ. අපි මේ කුළු මීහරක් රංචුව ගොඩක් පරෙස්සමට බලා ගන්නේ. කිසිම කෙනෙක්ට මේ රංචුවේ ඉන්න සතුන්ට අයිතිවාසිකම් කියන්න දෙන්නේ නෑ. ගමේ හරකෙක් හදිස්සියේ රක්‍ෂිතයට පැන්නොත් ඒ හරකා හොයන්න එන අය අනිවාර්යයෙන් කාර්යාලයට ඇවිත් අපේ කෙනෙක්ගේ උදව් ගන්න ඕනෑ. එහෙම නැතුව කිසිම කෙනෙක්ට තනියම ඇවිත් හරක් හොයන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මොකද එහෙම කළොත් රක්‍ෂිතයේ ඉන්න හරක් ටික ඒ අයගේ හරක් කියල අරගෙන යන්න ඉඩ තියෙනවා. දැනට අපි ගණන් බලලා තියෙන විදියට හරක් 400-500ක් විතර රක්‍ෂිතය ඇතුළේ ඉන්නවා." එලෙස පවසා සිටියේ මඟ පෙන්වන්නාය.

වනය ගැහැනියක මෙනි. නිති වෙනස් වේ. ආදරයේ විවිධ ප්‍රභේද ගණනාවක් යටතේ වනය සමඟ එක්කාසු විය හැකිය. වනයට ආදරය කිරීම නෙලුමකට ආලය කොට අඩස්සි වීමට සමානය.

පැරැණි රජ කතාවක් සිහියට නැඟේ. කුමාර ධාතුසේන නම් වියත් රජු (ක්‍රි.ව. 513-522) පරිසර ලෝලියකු සේම ස්ත්‍රී ගැන පිළිබඳ කෙළ පැමිණියෙකි. රජු දිනක් වෙසඟනක් කරා ගියේය. ඇය බොහෝ රජුගේ සිත් දිනා ගත්තාය. නෙලුමක අඩස්සි වුණ බඹරා සහ වෙසඟනගේ තුරුලේ සිටිනා තමාත් සංසන්දනය කර රජු මෙසේ ගැයුවේය. සිය තඹරා සිය තඹරා පියැස වැනි

පියැස පුරා නිදි නොලබා උන් සුවෙනි

රසාලිප්ත බව නිසා පැදි පෙළ අවසන් කර ගැනීමට නොහැකි වුණු රජු මෙසේ කීය. 'ඉතිරි දෙපද සම්පූර්ණ කරන අයකු ඉල්ලන දෙයක් දෙමි.' රජුගේ කල්‍යාණ මිත්‍ර කාලිදාස ප¾ඩිවරයා දිනක් ඒ වෙසඟන කරා ගොස් සිටියදී ඇය රජුගේ පැදි දෙපදය ප¾ඩිවරයාට ගැයුවේය. කාලිදාස කවිය සම්පූර්ණ කළේය.

වන බඹරා මල නොතළා රොනට වනී

මල දෙදරා පණ ගලවා ගිය සුවෙනී

අහස්කුස සහ මහ පොළොව උරෙන් උර ගැටෙන සීමාවන් දකිද්දී අප යුදඟනා පිටියට පැමිණ ඇතැයි මඟපෙන්වන්නා කීය.

(ඉතිරිය ලබන සතියට...)

ප්‍රභාත් අත්තනායක


උපුටා ගැනීම - http://www.mawbima.lk/55-26003-news-detail.html