-->

Wednesday, January 30, 2013

රාවණ ගුහාව ITN වෙනස වැඩසටහන

3

ITN වෙනස වැඩසටහන රාවණ රජු හා රාවණ ගුහාව අලලා සකස් කල වාර්තාමය වැඩසටහන




2012.12.19

Sunday, January 13, 2013

අංගම්පොරට ගුවන් හමුදාව පණ පිඹේ

2
අංගම්පොරට ගුවන් හමුදාව පණ පිඹේ

ගුවන් හමුදා විශේෂ බලකායේ සහ ගුවන් හමුදා ප්‍රභූ ආරක්ෂක අංශයේ ගුවන් භටයින් 37 දෙනෙක් මාස හයක අංගං පොර සටන් පුහුණුව ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේ දි නිළ වශයෙන් අවසන් කළහ.

අංගම්පොර සටන් කලාව යනු වසර තිස් තුන් දහසක් පමණ පැරණි ඉතිහාසයක් ඇති සටන් කලාවකි. මෙම සටන් කලාව රාවණා යුගයේ සිට පැවත එන බවට පැවසෙන අතර මේ වන විට එය අභාවයට යමින් පවති.












































උපුටා ගැනීම - http://www.lankadeepa.lk/index.php/articles/92626


 





ගොඩවායේ දැවමුවා නැව සියවස් 22 ක් පැරණියි

1

ගොඩවායේ දැවමුවා නැව සියවස් 22 ක් පැරණියි


ගොඩවාය ආසන්න මුහුදෙන් හමුවූ පැරණි නෞකාව මෙතෙක් ඉන්දියන් සාගරයෙන් හමුවූ පැරණිතම නෞකාව බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි. ගොඩවාය සිට කිලෝ මීටර 3.5 ක් ඈත මුහුදේ අඩි 110 ක් ගැඹුරින් දැව කොටස්, වළං කැබලි කිහිපයක් හා ගල් බංකු දෙකක් හමුවූ බව ද ඒවා පැරණි රුවල් නැවක කොටස් බව ද පුරාවිද්‍යාඥයෝ පවසති. ප්‍රංශය හා ඇමෙරිකාව සමග එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයත් මෙහි ගවේෂණ හා සංරක්ෂණ කටයුතු ආරම්භ කැර තිබේ. 

ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි මහතා පවසන්නේ නැවක අවශේෂ ලෙස හඳුනාගත් දැව කොටස් කිහිපක් පරීක්ෂා කිරීමේදී ඒවා ක්‍රිස්තු පූර්ව දෙවැනි හා පළමු සියවස් වලට අයත් බව තහවුරු වූ බවයි. මෙතෙක් කරන ලද පර්යේෂණ වලට අනුව ගොඩවායේ ගිලී ඇත්තේ අදින් වසර 2200 ට පමණ පෙරාතුව දැවයෙන් නිර්මාණය කළ නෞකාවක් බව ද පුරාවිද්‍යාඥයෝ පවසති. මෙහි සංරක්ෂණ කටයුතු සඳහා තවත් වසර හතරක පමණ කාලයක් ගතවනු ඇත.












 

උපුටා ගැනීම - http://www.lankadeepa.lk/index.php/articles/92908


 

Thursday, January 10, 2013

රාවණ රඡු ගීතය

0


රාවණ රඡු ගීතය


අමරසිරි පීරිස්, සමන් ලෙනින් සහ බෙන් සොශැක් විසින් ගායනය කරන රාවණ රඡු ගීතය.






ගායනය: අමරසිරි පීරිස්, සමන් ලෙනින්, බෙන් සොශැක්

Saturday, January 5, 2013

රාවණ ගීතය

1
රාවණ ගීතය


ගායනය - ජිනිදු ප්‍රවීන්, උදේශික සමරතුංග , තුසිත සැම්සන් 
රචනය - G.S. විතානගමගේ
සංගීතය - ප්‍රසන්න දිසානායක, සමීර උදයංග,  ජිනිදු ප්‍රවීන් 


මහාසෙන් දැහැන ගීත ඇල්බමයෙහි ''රාවන ගීතය''

0

මහාසෙන් දැහැන ගීත ඇල්බමයෙහි ''රාවන ගීතය''


නිර්මාණය- 2011 සැප්තැම්බර්
ගායනය- සමන් ලෙනින් 
සංගීතය- පබළු විජේගුණවර්ධන 
රචනය- ධම්මික හෙට්ටිආරච්චි 
ඉදිරිපත් කිරීම- රාවන සොයුරෝ

මහාසෙන් තාණ්ඩවය

0
මහාසෙන් දැහැන ගීත ඇල්බමයෙහි
මහාසෙන් තාණ්ඩවය


 

ඉතිහාසයට ලැදි රට දැය සමයට ලැදි හෙළ දියණියනි, පුත‍්‍රයනි, මෙය කිසිදු භේදයකින් තොරව ඔබ සැමට අයිතිය. විචාරයෙන් සත්‍ය ඉතිහාසය දැනගන්න. පටු නිගමන වලට පෙර නිවහල් මනසින් අතීතය දෙස බලන්න. අද කිසිවෙකු කවර අතීත සම්භවයක් ගැන හෝ නොතකා තමන් සිංහළයෙකු බව හදවතින්ම පවසත් නම් ඔහුට හෝ ඇයට මෙම ගීතයෙන් යහපතක්ම වේවා. රට දැය සමයට හිතැති සැමට යහපතක් වේවා. මගේ මවුබිම සැමදා බුදුන්ගේ දේශයම වේවා!

තාණ්ඩවයේ සඳහන් පරිද්දෙන්ම මෙම ගීතය ඇසුවත්, ගැයුවත්, ගීතය ගැන කීවත්, ගීතය ගැන ඇසුවත්, මෙහි වචන ලියූවත්, ගීතය ඇසෙන පැත්තකට හැරී බැලූවත්, ගීතය ගැන සොයා බැලූවත්, මෙම ගීතය ලියද්දී 'රටේ සෑම හෙළයෙකුටම මින් යහපතක් වේවා' කියිමින් පතමින් ලිවූ ප‍්‍රාර්ථනයෙන් ඒ පරිද්දෙන්ම ඒ හැම හෙළයෙකුටම යහපතක්ම වේවා!

ඇසෙන වාරයක් පාසා දිවි නොතකා රට දැය සමය වෙනුවෙන් සටන් කළ අපේ අතීත ශ්‍රේෂ්ඨ හෙළ අධිරාජයන්ට මෙය පූජෝපහාරයක්ම වේවා!

සසරින් නික්මෙන තුරු ඔවුන් මේ දෙරණ මත්තෙහිම ඉපදේවා!

පෙරුම්පුරන බෝසත්වරුන් අතීතයේ පාලකයන් ලෙසින් උපන් ලෙසින් අනාගතයේදීද මේ දෙරණ මත්තෙහි ඉපදේවා!

අතීත සෑම බුදුවරයෙකු මෙන්ම අනාගත බුදුවරුන්ද මෙහිම පහළ වේවා!

සැබෑ වීරත්වය ඇත්තේ සවිමත් කයෙහි නොව සවිමත් මනසෙහිය. සවිමත් කයත් දුර්වල මනසත් ඇත්තා අන් අයෙකුගේ වහලෙකි. සවිමත් මනසක් ඇති වීරයන් පමණක් සත්‍ය සොයා යනු ඇත.


Thursday, January 3, 2013

රාවණ ගුවන් තාක්ෂණය

0

රාවණ ගුවන් තාක්ෂණය

1. හැදින්වීම

ගුවන් යානා තාක්‍ෂණය පුරාණ ශිෂ්ඨාචාර සමග අත්වැල් බැදගත් තාක්‍ෂණයකි. පුරාණ ශිෂ්ඨාචාර වල මෙවැනි ගුවන් තාක්‍ෂණ පිළිබඳ දීර්ඝ විස්තර ඇත්තේය. මෙම පුරාණ විස්තර විශ්ලේශණයේදී මෙම ගුවන් තාක්‍ෂණය දේව කොටස් හෝ විශේෂ ජීවින් සමග ගලපා ඇත්තේය.  නමුත් හෙල ඉතිහාසය විශ්ලේෂණයේදී එම තාක්‍ෂණය රාවණා රජුන් සමග ගලපා ඇත්තේය.

පුරාණ ග‍්‍රන්ථ වල සඳහන් මෙම ගුවන් තාක්ෂණය කුමක්ද? කෙසේ ආවේද? පුරාණ මූලාශ‍්ර වන වේද, රාමායන, මහා භාරතය, බගවාත් පුරාණය වැනි ග‍්‍රන්ථ වල සඳහන් ගුවන් විමාන සම්බන්ධ කරුණු පුදුම උපදවන සුලූය. උදාහරණයකට ඉංදීයාවේ පුරාණ ග‍්‍රන්ථ වන ර්ගි වේදයේ පරිච්ෙඡ්ද 20 ක මෙවැනි වාහන ගැන සඳහන් වේ. මෙම ග‍්‍රන්ථ වල විමාන කියන සඳහන් නොකලත් එක් තැනක කාර්මික කුරුල්ලෙක් පිළිබඳ විස්තර සඳහන් වේ. (රිග්වේද 164.47 – 48) මෙයට අමතරව ප‍්‍රවාහන ක‍්රම කිහිපයක් ගැන සඳහන් වේ.

  • ජලයන් - වතුරේ හා ගොඩ යන වාහන (රි.වේද 6.58.3)
  • කාර - පොලොවේ හා ජලයේ යන වාහනය (රි.වේ. 9.14.1)
  • ත‍්‍රිනල - තට්ටු 3 වාහන (රි.වේ. 3.14.1)
  • ත‍්‍රිචක‍්ර රථ - රෝද තුනේ අහසේ යන රථ (රි.වේ. 4.6.1)
  • වාු රථ - ගෑස් හෝ වායු බල රථ (රි.වේ. 3.14.1)
රිග් වේදයේ මෙවැනි යානා තැනිය හැකි ඉතාම දක්ෂ වඩුවන් රාජ්යදාර් හා ප‍්‍රනධාර ලෙස නම් කර ඇත. මොවුන් කොපමණ දක්‍ෂදයන් සාගර තරනයට වාහන හා 1000ක් මගින් ගෙන ගිය හැකි ගුවන් වාහන තැනූ බව කතසරින් සාගරයේ සඳහන් වේ. 

 

ඉතාම පෞරාණික ග‍්‍රන්ථ වල විමාන වචනය භාවිතා කල නැති අතර කරත්තය වචනය යොදා ඇත. උදාහරණයකට සූර්්‍යා ගමන් කලේ අසුන් ඇදි කරත්තයකි. මෙවදික දේවියෙක් වන පූසාන එලූවන් ඇදි කරත්තයකින් යන්නේය. (නෝස් කථාවල එන තෝනර් මෙන්) රාමායනය සමග විමාන නාමය භාවිතය ව්‍යප්ත විය. රාමායනයේ විමාන පිළීභඳ දීර්ඝ විස්තර වේ. උදාහරණයකට හනුමන් දුටු ලංකාපුරයේ පුෂ්පක විමාන නවතා තිබුණු සැටි සඳහන් කරන්නේය. පුෂ්පක විමානය රත්තරනින් කැටයම් කොට දියමන්තියෙන් හා මුතු වලින් සරසා තිබුනි.ත එහි කානුවලූ ඉතාම අලංකාරව කැටයම් කර සරසා තිබුණි. එය විශාල යන්ත‍්‍රයකි. එය නගරයක් මෙන් විශාල අතර ඉතාම අධික වේගයකින් ගමන් කල හැක. එය කිසි දන්නා බලයකට විනාශ කල නොහැක. එයට වායු ගෝලයේ කිසිම ආධාරකයක් නැතිව සිටීමට හැකිය. 

 

රාමායනයට අනුව මෙම විමානය පළමුව විශ්වකර්ම විසින් මහා බ‍්‍රහ්මයට දෙන අතර, මහා බ‍්‍රහ්මයා එය කුවේරට තෑගි කරන ලදි. රාවන ලංකාපුර ආක‍්‍රමනයේදී පුෂ්පක විමානය ලබා ගත්තේය. එම ග‍්‍රන්ථයේම රාම හා සීතා පුෂ්පක විමානයේ නැග අයෝධ්ය බලා ගිය බව සඳහන් වන්නේය. රාමායනයේ රාවන හමුදා විමාන පිළිබඳ සඳහන් වේ. උදාහරණයකට සහසග‍්‍රැති යානය. එම යානය යුද්ධයකට පෙර ඉන්ද්‍රජිත් වෙත මහා බ‍්‍රාහ්මයා විසින් ලබා දෙන බව සඳහන් වේ. 

වේද ග්රන්ථ වල අහස් කරත්ත ලෙස නම් කර රාමායන රචිත කාලයේදී විමාන දක්වා මෙම වාහන විකාශනය වූයේ කෙසේද? මහා භාරතයෝ සඳහන් විමාන පිළිබඳ විස්තර බහුලව ඇත. උදාහරණයකට බිෂ්ම තම විමානයෙන් ඉතාම බලගතු ආලෝක කිරණ දහරක් මත වේගයෙන් ගමන් කල බව සඳහන් වේ. වර්ථමානයේ ලේසර් ප්රචලිත රෝකට අත්හදා බලන අතර මෙම විස්තර වලට සමානය.මහා භාරතයේ ශල්වා නම් බලගතු සතුරෙකු ගැන සඳහන් වේ. ඔහුට විශාල යුධ ගුවන් විමානයක් විය. ඒ පිළිබඳ මෙසේ සඳහන් වේ. 

 

එය විශාල යන්ත‍්‍රයකි. එය නගරයක් තරම් විශාලය. එයට ඉහල අහසේ අධි වේගයෙන් යා හැකි නිසා පහර දීමට අපහසුය. එය අදුරෙන් ආ අතර නියමුවාට ඕනෑම තැනක දාවනය කල හැකිය. මෙවැනි බලගතු යානයකින් සන්දන ශල්වා ද්වාරක වෙත ගියේ යාද්වයන් සමග වූ වෛරය නිසා එය විනාශ කිරිමටය. යානය එක මොහොතක අහසේද එක මොහොතක පොලවේද, අනෙක් මොහොතේ ජලය මතු පෙනිනි. එම නිසා යාදේව සටන් කාමීන්ට මෙය සොයා ගැනීමට නොහැකි විය. ක‍්‍රිෂ්ණා විසින් විනාශ කරන ලද මොවුන් සතුරන් ලෙස හදුන්වා ඇත. ඔවුන් නිවටක ටාකස ලෙස හදුන්වන අතර ගගන ගාමී ඇදුන් ඇද සිටි බව සඳහන් වේ.

මහා භාරතයේ අභ්‍යවකාශයේ පාවෙන කිසිම ලෝකයකට සම්බන්ධ නැති අභ්‍යවකාශ මධ්‍යස්ථාන ගැන සඳහන් වේ. අර්ජුන හිරන්යපුර නම් අභ්‍යවකාශය මධ්‍යස්ථානයකට පහර දුන් බව සඳහන් කරයි. එම පුරය පාලනය කලේ ඉතාම භයානක දිනයන්ය. අර්ජුනනගේ ප‍්‍රහාරයෙන් බේරීමට මෙම ජීවින් පෘථිවියේ සැගවුනේය. එය ප‍්‍රථමයෙන් වගුරට දෙවනුව පොලව යට සැගවුනි. නමුත් අර්ජුනගෙන් බේරීමට නොහැකි නිසා අභ්‍යවකාශයට පැනගැනීමට තැත් කලේය. එම අවස්ථාවේදී අර්ජුන විසින් එම නගරය විනාශ කලේය. යානයේ පිපිරුණු කැබලි පොලවට වැටුනු අතර අර්ජුන පොලවට ගොඩබැස එම ජීවින් සැගවී සිටිදැයි බැලිය. මහ භාරතයට අනුව අසුර මයාට ක්‍යුබිට් 12 විෂ්කම්භයක් ඇති විමානයක් වූ බව සඳහන් වේ. 

එයට ශතක්තියමත් රෝද කි. මහාභාරතයේ එක් තැනක විමාන හදන්නේ සියල්ල දත් යවනයන් ලෙස චෝදනා කර ඇත. බගවන් පුරාන්තයේ කර්දම මුනි ඔහුගේ බිරිද වන දෙව්හත් සමග මුලූ විශ්වයේ සැරි සැරීමට සියාඹන මාලිගා විමානයක පිටත් වූ බවත් මුලූ විශ්වයේම සැර සැරූ ඔහු දෙවියන්ටත් වඩා බතු වූ ව සඳහන් වේ.

ජෛන ආගමික ග‍්‍රන්ථ වල විමාන වාසීන් උර්දව ෝක ල වාසීන් ලෙස නම් කර ඇති අතර ඔවුන් ත‍්‍රිර්තම්කර මහාවීරට උපස්ථාන කරන ව සඳහන් කරයි. මෙම විස්තර විද්‍යාත්මක ඇසින් බලන විට අපට පෙනී යන්නේ ගුවන් තාක්ෂණය පිළිබඳ දැනීමක් නැතිව මෙවැනි යානා, විමාන හ යන්ත‍්ර ී්පාදනය වූයේ කෙසේද? ඉංදීය ග‍්‍රන්ථ වලට අමතරව මෙස පොනේමියාව, මිසරයෙන් හා දකුණු ඇමරිකාවෙන් විමාන, ගුවන් යානා පිළිබඳ විස්තර සඳහන් වේ. 

 

පුරාණ ගුවන් යානා තාක්ෂණය පුරාණ ශිෂ්ඨාචාරයන්හි ප‍්‍රචලිත වූ බවට සාධක එමටය. පුරාණ ශිෂ්ඨාචාරයන් (මෙසපොතේමියානු, ඊජිප්තු, ඉන්කා, කේමා, ඉන්දු හා ලංකා) වලින් මෙම සාධක හමුවී ඇත. එම සාධක වටා ගෙතුණු කථා පුවත් පුරාණ අටුවාවේ ස`දහන් වේ. දැනට පවත්වන පර්යේෂණ වලට අනූව ඊජිප්තුවෙන් හා කොලොම්බියාවේ ටෝලීමා වලින් සොයා ගත් ගුවන් යානා ආකෘති පුරාණ ගුවන් යානා තාක්ෂණය මනාව විදහා දක්වයි. මෙම ආකෘති අතර ප‍්‍රධාන වන්නේ "සකාරා" (Saqqara) ගුවන් යානයයි. සකාරා කයිරෝ සිට 20නප දුරකින් පිහිටා ඇති අතර ජෝෂප් රජුගේ පඩි වලින් සමන්විත පිරමීඩය (Step Pyramid) පිහිටා ඇත. මෙම පිරමීඩය වර්ෂ 4000කට වඩා පැරණි වන අතර ඊජිප්තුවේ පිරමීඩ 97ක් ඉපැරණිම වේ. පුරා විද්‍යා සාධක වලින් පිරුණු මෙම ප‍්‍රදේශ City of the dead ලෙස නම් කර ඇත. 

1891 කැනීම් කල ප‍්රංශ ජාතික ලොරනට් විසින් පසිඉ'මන් සොහොන් කොතකින් මෙමSaqqara ආකෘතිය සොයා ගන්නා ලදී. 1969 ආචාර්්ය කලීල් මෙසිහා (Dr.khdil Messiha) විසින් සිදු කරන ලද පරීක්ෂණ මගින් මෙම ආකෘතිය කුරුල්ලෙක් නොවන බව සොයා ගන්නා ලදී. මෙම ආකෘතිය පිලිබ`ද දීර්ඝ පර්යේෂණ සිමන් සැන්ඩ'ස් 2006 පැවැත්වූ අතර පස් ගුණයක් විශාල ආකෘතියක් පරීක්ෂණයට ලක් කලේය. මෙම පරීක්ෂණ වලට අනූව සකාර ආකෘති AOA - 10Y දී සතර ගුණයක එසවුම් බලයක් පෙන්වීය. එනම් ගුවනේ පියෑඹීමයි. මෙම යානයේ සැලසුම් බැලූ කල මනා ගුවන් තාක්ෂණ (Aero dynamics) අවබෝධයක් තිබූ බව පෙනේ. මෙහි ක`දට ආසන්නව තටු ගණකම වීමත්, තටු අග තුනී වීමත්, කෙලවර නැමී තිබීමත් a (Reverse dihedral wing) නිසා කාර්්‍යක්ෂම ගුවන් ගමනකට අවශ්ය සාධක විය.මෙම ආකෘතිය කාර්්‍යක්ෂම ග්ලයිඩරයක් ලෙස භාවිත කල හැකිය. නමුත් මෙම යානය ගුවන් ගත කල හැකි ක‍්රම හ`දුනා ගැනීමේදී කැටපල් භාවිත කල බවට කැටපල් භාවිතා කරන ලදී. 

 

දෙවන පූර්ව සාධකය කොලොම්බියාවේ මැග්ඩලීනා ගංගා ආශ‍්‍රිත ටෙලීමා නටඹුන් ප‍්‍රදේශයෙන් සොයා ගන්නා ලදී. අ`ගල් 2-3 අතර රත්තරන් ආකෘති අතර ගුවන් යානා ආකෘති 12ක් සොයා ගන්නා ලදී. “Golden flyer” ලෙස නම් කර ඇති මෙම ආකෘතියට වර්ථමාන ගුවන් යානා කොටස් සියල්ලම විය. මෙම යානයට ප‍්‍රධාන තට්ටුව, සිරස් ස්ථායී කාරකය (Vortical Stabilizer/Rudder), තිරස් ස්ථායී කාරකය (Horizonal Stabilizer/Elevater) හා බ`ද කොටස (Fuselage) ඇත. මෙම යානය ස්වභාවික වස්තුවකට, මාලූවෙකුට, කෘමියෙකුට හෝ කුරුල්ලෙකුට ආදේශ කල නොහැකි අතර තටු පහල බ`දට සම්බන්ධ වීමෙන් (Law wing) මෙය ගුවන් යානයක් බව පෙනේ. 1997 ජර්මනියේ විශේෂඥයින් සම`ග ඨදකාැබ ත්‍කහැර පරීක්ෂණ පැවැත්වූ "පීටර් බෙල්ට්" මෙම යානයේ ආකෘතියක් තනා ගුවන් ගත කලේය. ඔවුන් මෙම ආකෘතිය විශාල කොට දුරස්ථ පාලකයකින් පාලපය කලේය. (Radio control) මෙම පර්යේෂණ වල ප‍්‍රථිපලය වූයේ මෙම යානයේ මනා ගුවන් තාක්‍ෂණයයි. 

ඉතාම ඉහල තාක්‍ෂණයකින් නිමවා මනාව සාදන ලද ගුවන් ආකෘතියක් ලෙස මෙය පිලිගැනේ. ආකෘතියේ එන්ජින් සම්බන්ධ ස`දහනක් නොමැති නිසා පීටර් බෙල්ට් ගේ කණ්ඩායම දැනට භාවිත වන දුරස්ථ පාලක ගුවන්යානා එන්ජිමක් (Radio control Aircraft Engine) යොදා ගත්තේය. Ducted fan එන්ජිමක් යානයේ මධ්යම කෙ`ද් සවි කල අතර මුල් ආකෘතියේ ව්‍යුහය මෙම එන්ජිම ස්ථාන ගත කිරීමට ආධාර විය. මෙම එන්ජිම 5 වන ඡුායාරූපයේ දකුණෙ ආකෘතියේ පෙනේ. 

මෙම උදාහරණ දෙක පුරාණ තාක්ෂණය පිලිබ`ද උදාහරණ දෙකකි. කිසිදු සම්බන්ධකමක් නැති සැතපුම් 7000ක් පමණ දුරින් පිහිටි ස්වාධීන ශිෂ්ඨාචාර දෙකක් ලෙස විශේෂඥයන් හ`දුන්වා දුන් "මිසර" හා "මායා" ප‍්‍රදේශ වාසීන්ගේ ගුවන් තාක්‍ෂණයේ දියුණුව මෙම පර්යේෂණ වලින් මොනවට පැහැදිලි වේ.

2. වෛමානික ශ‍්‍රාස්ත‍්ර

පුරාණයේ ගුවන් යානා පිළිබඳ කථා කිරීමේදී ප‍්‍රධාන ලෙස ගැනෙන ග‍්‍රන්ථයකි භාරද්වාජ සෘෂිගේ වෛමානික ශ‍්‍රාස්ත‍්ර ග‍්‍රන්ථය ශ්ලෝක 3000 කින් හා පරිච්ෙඡ්ද 8කින් සමන් විතය. මෙය ප‍්‍රථමයෙන් පන්ඩිත සුඛර්යා ශ‍්‍රාස්ත‍්‍රී විසින් (1899-1940) 1918-1923 අතර කාලයේ රචිත ග‍්‍රන්තයකි. මෙහි හිංදි පරිවර්ථනය 1959 හා ඉංග‍්‍රීසි පරිවර්තනය ඨගඍග ජොස්ය විසින් 1973 පලකරන ලදි. මහා රීශි ධාරාද්වාජ විසින් රච්ත යන්ත‍්ර සර්වස්ව ග‍්‍රන්ථයේ කොටසක් ලෙස වෛමාසික ශ‍්‍රාස්ථයේ හදුන්වනු ලැෙබි.

 

මහා රිශි බාරද්වාජ හින්දු ශිෂ්ඨාදාරයේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකි. ඔහු ද්විපාර යුගයේ විසූ බව මතයක් ෙවි. ඔහු දොනචාර්ය බමුනාගේ පියා ලෙස සලකන අතර එමඟින් ඔහු ද්වි පාර යුගයට සීමා කළ හැකිය. හේතුව දෝනාචාර්ය මහා භාරත යුගයේ විසූ නිසාය. ඔහුගේ අනෙක් ග‍්‍රන්ථය අනූෂී බෝධිනී (විශ්වය පිළිබඳ) ය. භාරද්වාජ සෘෂි අනෙක් ආචාර්ය වරුන්ගේ විස්තරය ඇතුළත් කර ඇත. උදාහරණයකට නාරායන සෘෂි විමාන චන්ද්‍රිකා යොවනක යෝමායන තන්ත‍්ර විශ්වමිබර සෘෂී ගර්ග සෘෂී යන්ත‍්ර කල්ප වාචස්පති - යාන බින්දු චක‍්‍රයානි - තේන - යාන (ප‍්‍රඩික දුන්ඩිනාත - යොමොයාන - අර්ක ප‍්රකාරණ.

ප‍්‍රථමයෙන් භාරද්වාජ් සෘෂි විසින් අශොක රජු සමයේ රචිත ග‍්‍රන්ථයක් ලෙස සලකන වෛමානික ශ‍්‍රාස්ත‍්ර ග‍්‍රන්ථය පන්ඩිත සුබර්යා ශ‍්‍රාස්ත‍්‍රී විසින් ධිමානසින් පනිවුඩ හුවමාරු කර ලබාගත් බවට සඳහන් වේ. කෙසේ වෙතත් එම ග‍්‍රන්ථයේ කරුණු සැලකිල්ලට ගත යුතුය. එනම් නොයෙක්විමන යානා හා එන්ජින් පිලිබඳ සඳහනයි. මෙම ග‍්‍රන්ථයේ ප‍්‍රධාන විමාන යානා ගැනත් කොටස් 10ක් නියමුවන් පුහුනු කිරීම මාර්ග සේ වීම, ගුවන් යානා කොටස්, ඇදුම් හා දීර්ඝ ගමන් සඳහන් වේ. මෙම යානා තනත ලෝහ වර්ග පිළිබඳවත්, එම ලෝහ වල ව්‍යුහය පිළිබඳවත් සඳහන් කර ඇත.

මෙම ග‍්‍රන්ථයේ ප‍්‍රධාන විමාන හතරක් පිළිබඳ සඳහන් වේ.

1 ශකුණ විමාන

කුරුල්ලකුගේ හැඩය ඇති මෙම යානය වේගයෙන් යන විට තටු හැකිලිමද සෙමින් යන විට තටු දිග හැරීමද සිදු කරයි. මෙම ක‍්රමය වර්ථමානයේ මෝපින් වින්්ග් ලෙස යොදා ගන්නා ඉතාම අධි තාක්ෂණ ක‍්‍රමයකි. එමගින් යානයේ ක‍්‍රියාකාරීත්වය ඉතාම ඉහල කර්්‍යක්ෂම තාවයක තබාගත හැක.

 

2. සුන්දර විමාන
වෘත්තාකාර හැඩයෙන් යුතු විමාන බහුලව දකින ඹත්ධ යානා වලට සමානය. දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මනු හමුදාව විසින් නිෂ්පාදිත හා විරිල් පියාඹන පිරීසි වලට සමාන වේ. සිල්වර් පාට වාහන වේ. 

3. ත‍්‍රිපුර විමාන 
තට්ටු 3කින් යුක්ත විමාන මෙහි පහල කොටස රෝද 20කින් (10 2) සමන්විත අතර, දෙවන කොටස වතුරේ හෝ වතුර යටින් කිමිදීමට හැකිය. උඩ කොටස අහසේ පියාසර කල හැකිය. 




4. රුක්ම විමානය 


ර් පැහැයෙන් යුතු Canicel හැඩ යානයකි.

 

වෛමානික ශාස්ත්ර" විමාන යානා යුග ගනනය අනුව වෙන් කර ඇත. එම ග්රන්ථයට අනුව කෘත (සත්ය) යුගයේ මිනිසුන්ගේ මනස දියුණු වූ නිසා එර්දි බලයෙන් යෑමට හැකි විය. ඔවුන්ට විමාන යානා අවශ්ය නොවීය. පහල වන්නේ එම බෙදීමය

  • කෘත යුගය - අනවශයයි
  • ත්රිත යුගය - මන්ත්රික කාණ්ඩයට අයත් විමාන
  • ද්විහාර යුගය - තන්ත්රික කාණ්ඩයට අයත් විමාන
නෙත්ර යුගයේ මන්ත්රික විමාන වර්ග 25ක් වේ.පුෂ්පක යානය පටන් ගනී. ද්විහාර යුගයේ තන්ත්රික යානා වර්ග 56කි. පළමු යානා පටන් ගන්නේ බි්රරාජ් ලෙසය. කලි යුගයේ යානා වර්ග 25කි. එම වර්ග පටන් ගන්නේ සකුණ යානා වලිනි.
කෘත යුගයේ මිනිසා දහම තුල නිවැරදිව ජීවත් වූ නිසා උසස් ලෙස, බල සහිත උපත් ලැබූ බව පැරණි ග්රන්ථ සඳහන් වේ. නේත්රා යුගය වන විට මෙම හැකියාවෙන් 1/4 අඩු වී ඇත. මිනිසාට අහිමිවූ ප්රධාන හැකියාවක් වූයේ අහසින්යාමය. එම නිසා ගුවන් යානා නිපදවන්නට සිදුවිය. මම දනුමලැබුවේ. මුනිවැන් තමශූනයෙන් විෂ්වයේ ජීවින් සමගගනු දෙනු කර හ විශ්ව විද්යාව් අවබෝධ ර ගැනීමෙනි.

රාවන සමය (ද්විපාර යුගය) වන සමය වන විට විමන වර්ග පුෂ්පක, අජමුඛ, ජ්යෙතීර්මුඛ, භිෂ්, ද්යුත, කා්ලාහල, මයුර, ත්රිනේත හා භේරුන්ඩ නම් විමාන වර්ග විය.දේවයානිගේ දියණියක අරමුඛ වර්ගේ විමා, පාතාලය යටත් කිරීමට යැවූ සුපර්ිඛෙගේ ස්වාමියාවන විද්යුතගේ විමානය "ද්යුත' විය. රාන රජුට මයුරනම් පෞද්ගලික භාවිතයට විමාක්විය. ද්විපාර යුගයේ වූ මෙවැන ත්රන්තික විමාන වලට බලය ලැබුන් යන්ත්ර මගිනි. තාන්ත්රික විමාන වර්ග 56ක. 

කලියුගය වන විට ත්රිටක කාණ්ඩයට අයත් විමාන වර්ග 25කි. මෙම විමාන සම්පූරණයෙන් යන්ත්රානු සරයේ ක්රියාත්මක වන වර්ගය. ත්රික විමාන තැනීමට යොදාගත් ප්රධාන ලෝහය රාජ ලෝහ වේ. එය තැනීමට සෝම, සෞන්දල මෞත්වික යන ප්රධාන ලෝහ 3.8.2අනු හයට බෝරක්ස් සමග මිශ්ර කර 272 උණු ල යුතුය. පහල වත්තේ ක්රිටක කාණ්ඩයටෙ අයත් විමාන 25කි. 

1. සකුණා 

2. සුන්දර 
3. රැක්ම 
4. මණ්ඩල 
5. වක්රතුන්ද 
6. බදද්රක 
7. රුචක 
8. විරාජක 
9. බස්කාර 
10. අජාවර්ථ 
11. පෞෂ්කාල 
12. විරන්චික 
13. නන්දක 
14. කුමද 
15. මන්දර 
16. හම්ස 
17. ශුකාස 
18. සොටියක 
19. කොවුන්චක 
20. පද්මක 
21. සිමිහික 
22. පංචබන 
23. ඔවිරියායන 
24. කොඩන්ඩ


මෙම වර්ගීකරණයට අනුව කලියුගයට සම්බන්ධ ක්රිතක විමාන වර්ග වලින් ත්රිපුර විමාන පිළිබඳ සම්බන්ධයක් සඳහන් නොකිරීම පුදුමයකි. "වෛයිමානික ශ්රාස්ත්ර" අනුව ශකුණ, සුන්දර, රැුක්ම හා ත්රිපුර විමාන ප්රධානිතක විමාන වර්ග වලින් ත්රිපුර විමාන පිළිබඳ සම්බන්ධයක් සඳහන් නොකිරීම පුදුමයකි. "වෛයිමානික ශ්රාස්ත්ර" අනුව ශකුණ, සුන්දර, රැුක්ම හා ත්රිපුර විමාන ප්රධාන ලෙස නම් කර ඇත

සකුණ විමානව

සකුණ විමාන කොටස් 28කින් සමන් විතය. එයට පීනනොහොත් පහත තට්ටුව (Floor Boord), පයිප්ප ආකාර කුඹ ගස, සිදුර සහිත රෝද තුන, හීටර් උපකරණ 4 වායු අවශෝෂන පයිප්ප, ජල කරාම, තෙල් ටැංකි,වායු රත්කරණය, වුලී නැමැති රත්කරණය, වාෂ්ප බොයිලේරුව, විදුලි ජනකය, වායුව රව්මට කරකවන යන්ත්රය (Toroid) වාත්යා යන්ත්රය, මාලිමා යන්ත්රය, ශකුණ යන්ත්රය, පියාපත් දෙක, යානය උඩට යාමට උදව් වන වලිග කොටස, එන්ජිම, කිරණාකර්ශණ මනි හිරු රැුස් ආකර්ෂණ මැනික. සකුණ විමානයක් නිෂ්පාදනයේදී ප්රධාන ලෙස රාජ - ලෝහ භාවිතා කල අතර එහි හැඩය වෘතාකාර, චතුරස්ස්රාකාර හෝ තොටිල්ලක හැඩය විය. පීත හේවත් පහත තට්ටු යානයේ හරින් 1/100 ගස පිත මධ්යයේ සුදුසු ක්රමයකට සවිකර යුතුය. කුඹ ගස තැනිය යුත්තේ බාටකස්ය" ලෝහයෙනි.

මෙම කුඹ ගස තට්ටු 3නකට නිර්මාණය කර ඇත්තේ ඉහලට යන විට විෂ්කම්භය අඩුවන අයුරිනි. භාතකාස්ය ලෝහය සෑදීමට සුවර්වල කොටස් 8ක්, ලඝු - ශ්වින්ක නොහොත් සැහැල්ලූ බෙලෙක් (Zinc) කොටස් 16ක්, ලඝු- බම්භාරි කොටස් 18ක් තඹ කොටස් 100ක් ගෙන කුර්ම- ව්යාසතික උදුනක තබා, මහෝමි පිබිනයන් මගින් 30'0 උෂ්ණයකට උණු කර පෙරා ගනු ලැබේ.

සුන්දර විමාන

සුන්දර විමාන කොටස් 8ක් සඳහන් වේ. පීතගෙන පහත තට්ටුව දුම් නලය, චර්යා ලෝහ පයිප්ප 5, වායු විදුලි ජනන යන්ත්රය, 4ක් පිටත "හීටර්"පද්ධතිය. පීත තට්ටුව රාජ ලෝහයෙන් තනා ඇති අතර මෙය රවුම් හෝ හතරැුස් වේ. දුම ප්රසාරන නලය මැදි කොට ඇත. කුඹල සහිත කුඹ ගස තුල ගෑස්, වතුර ටැංකිය හා තෙල් ටැංකිවේ. හදය ලග විදුලි ගබඩාව වේ. තෙල් ටැංකියේ තෙල් (ඉංදන) 3කි. දුමන්ජන, ශූකටවන්දලික (වම්බටු තෙල්) හා රතු ආසනික් තෙල්ය. මෙය 12.20.19 අනුපාතයට කලවම් කර විදුලි ක්රමයට ගිනි තියනු ලබයි. දුමෝගර්ම යන්ත්රය හිමසම් වර්ධක, සොම හා සෞන්දල ලෝහ එක් කර තනා ඇත. පිටකුරු වේගය පාලනයට රොකට් නොසල වර්ථමාන රොකට් යන්ත්රයකට සමානව ඇත. රොකට් නොසල සුන්දර ලෙස නම් කර ඇති අතර මෙය තනා ඇත්තේ ලෝහ ආලේපිත රෙද්දකය. (merol inpregneted Fabric) මෙම නොසල අනවශ්ය අවස්ථා වලදී හකුලා තැබීමට හැකිය.

එකල විදුලිය උත්පාදන ක්රම ලෙස කිහිපයක් විය. උදාහරනයකට ප්රතිරෝධ ක්රමයට, තාල ක්රමයට, දිය ඇල්ල හා සූර්්ය තාපය වර්ථ මානයේ විදුලි උත්පාද ක්රම පුරාන ක්රම වලට සමානය. "වෛයිමානික ශ්රාස්ත්ර" ග්රන්ථයේ විදුලි උත්පාදන යන්ත්ර 32කි. අගස්ත්ය සෘෂි සම්පාදනය කල "ශක්තිතන්ත්ර" යයි මෙම යන්ත්ර ගැන සඳහන් වේ. විදුලි උත්පාදකයට ටැංකි 4ක් හතර කොනේ යානයේ හා මධ්යම ටැංකියක් යොදා ගනී. මෙම ටැංකියට අමතරව මධ්යම ටැංකියක් වේ. විදුලි උත්පාදනයට අමිල වර්ග, හා ද්රව්ය යොදා ගනී. විද්්යුත්ගම හා ජොතිමුඛ පලිගු යොදා ගනී. සූර්්ය ශක්තිය උරාගන්නා පලිගුව මගින් තාපශක්තියට හරවා එය විදුලි ශක්තියට හරවා රැුහැන් මගින් යානාවහි ඇති උපකරණ වලට ලබාදේ. විදුලිය ගබඩා කිරීමට රසදිය යොදා ගෙන ඇත

යානය ඉහලට එස වීම සම්පිතිත වායුව යොදා ගන්නේය. වටප්රසාරන යන්ත්ර" මේ සඳහා යොදා ගන්නා අතර කොටස් 12කින් සමන් විත වේ. එම යන්ත්රයෙන් සුලං සම්පින්ඩනය කර නල මගින් විදිනු ලබයි. මෙම උපකරණයක ක්රියාව වර්ථමානයේ ගුවන් යනෙයකට සමානය.

සකුණ විමානයට සමානව සුන්දර විමානය තනා තිබෙන්නේ රජ-ලෝහ වලිනි. චතුර්මුඛ හා ඌෂ්න යන්ත්ර ප්රධාන එංජින් දෙකය. මෙම යානයේ ප්රධානකොටස් 18කි. පීත, දුම් එක්තරනය, උදුන, වතුර ටැංකි, කපාට පාලක, දුම් කුඹුලූ, කපාලක, පාලක උපකරණ, ඌෂ්න මීටර, ඔරලෝසු, වෙග මටර, ශබ්ද වාහිනිය, අන්තර්දන්ඩ ගත, වායු ටැංකි, සුන්දල නල, තඹ නල වේ.

රුක්ම විමාන

මෙම විමාන වර්ගය පිළිබඳ විස්තර අවමය. නමුත් මෙම විමාන රන් පාට වේ. යන්ත්ර බිංදු හා වර්ණ සර්වස්ව ග්රන්ථ වලට අනුව රන් ආලේප ක්රමයක් යොදාගෙන නැත. රාජ ලේහයට රත්රන් ආරෝපනය කරන වැඩ සටහනක් ලෙස හැගේ.

පීත හැඩය ඉබ්බකුට සමානය. මෙහි දිග 1000 ය. මෙය ගුවන් යානයකට විශාල වැඩිය එනම් ගුවන් යානාගෙන යන නැවත ප්රමානයයි. විද්්යුත් - කාර්මික ප්රචලන පද්ධතියක් වේ. වාහනය පාලනයට "අරිත්රය" යොදා ගනී. මෙම යානයට 105 ක්රෝශා (250 සැතපුම්) මිනිත්තු 24 යා හැක. (725 සැ/පායට) රාමායනයේ සඳහන්වන පුෂ්පක විමානය රත්රත් ආලේපිත අලංකාර විමානයක් විය. රුක්ම විමානයන් රන්/රජ ලෝහ යොදාතනා ඇත

ත්රිපුර විමාන

ත්රිපුර විමානය අසම සම යානයකි. එම යානයට සමාන තට්ටු 3කට තනා ඇත. පළමු තට්ටුන ගොඩයාමටද, දෙවන තට්ටුව වතුර මත හා යට යාමටදල තුන්වැනි තට්ටුව අහසේ යාමට තනා ඇත. මෙම තට්ටු 3ම එක් වූ විටත් අහසේ යාහැක. 

මෙම යානයේ පළමු තට්ටුව මයිකා වලින් තනා ඇති අතර දෙවනි හා තෙවනි තට්ටු ත්රිනේත්ර ලෝහයෙන් තනා ඇත. මයිකා නිෂ්පාදනය පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇත. පළමු තට්ටුව නවීන ගුවන් යානයක් මෙන් මැදිමග, මගීන්ට අසුන් කාමර වෙන් කිරීම වැනි සියල්ලම වේ. ගමන් මලූ සඳහා වෙනම කොටස් විය. දෙවන මාලයට සම්පූඍ්ණ විදුලි බලය ඇත. වතුරට යන විට සියලූ දොරවල් හා ජනේල සීල් තබන්නේය. පීඩනය කල වායුව සම්පාදනය කිරීමෙන් වතුර යටදී හා ආකාශයදී මගින්ට අපහසු වේ. මගින් හා යන්ත්රයේ ආරක්ෂාවට යන්ත්ර 3නක් ඇත. කුනාටු දෙෂගුණයෙන් ආරක්ෂාවට සූර්්ය කිරණයෙන් ආරක්සාවට දෙවන යන්ත්රය තෙවන යන්ත්රය වැහි වලාවන්ගෙන් ආරක්ෂාවට වේ. 

තෙවන තට්ටුවේ විශේෂත්වය වන්නේ විදුලි ජනකය වීමයි. මෙම කාමරය තනා ඇත්තේ සෝමක - ලෝහ යෙනි. අන්ෂුප හා සන්ජිරක පලිගු සූර්්ය බලය යොදා විදුලිය නිපද වීමට යොදා ගනී. වර්ථමාන යානා තාක්ෂණය සමග සසදන විට ත්රිපුර යානයට සම යානයක් ොවො. එම යානයහි බලය ලබා ගැනීමට විදුලි බලය වීම තවත් විශේෂිත කරුණකි. එම යානය තනා ඇති ත්රිනේත්ර ලෝහය බර අඩු, උපරිම ශක්තිය ඇති වතුරට ඔරෝත්තු දෙනවීම විශේෂිතය.

3. විමානයක තාක්ෂණය

නමුත් මෙම යානා වල ප්රධාන දුර්වලතාවය වූයේ එංජිමය. මෙම ආකෘති වලට බලය ලැබුණු ක්රම පිලිබ`ද සාධක නොවීම මෙම යානා පිලිගැනීමට තිබූ බාධාව විය. නම්ත් පුරාණ ගුවන් යානා තාක්ෂණය පිලිබ`ද සම්පූර්ණ ස`දහනක් ඉංදු ශිෂ්ඨාචාරයෙන් ලැබෙන්නේය. "විමානක ශාස්ත්රය" ග්රන්ථයෙන් මේ පිලිබ`ද සම්පූර්ණ ස`දහනක් කර ඇත. ඉන්දියානු මහාර්ෂි භාරද්වාජ විසින් රචිත "වෛමානක ශාස්ත්ර" වර්ථමාන ගුවන් තාක්ෂණ ග්රන්ථයකට සමානය. එම ග්රන්ථයේ වර්ෂ 6000ක් පමණ පැරණි ක්රම ස`දහන් කර ඇත. මෙම ග්රන්ථයේ විමාන යානා තැනූ අමු ද්රව්ය, විදුලි බලය, නියමුවන් හා නියමුවන් ගේ ඇ`දුම්, භාවිතා කල කෑම වර්ග සහ භාවිතා කල ආයුධ ස`දහන් වේ. එම ග්රන්ථයේ ගුවන් යානා පාලනය කල හැකි ක්රම පවා ස`දහන් කර ඇත. මෙම ග්රන්ථයෙන් පුරාණ ගුවන්යානා බල ගැන්වූ ක්රම ස`දහන් කර ඇත. මෙම බල ගැන්වීමේ ක්රම වලට සාධක තුනක් ස`දහන් වේ.

1. Gyrascope 
2. විද්යුත් බලය. (Electricity) 
3. රසදිය. (Mercury)

 

පුරාණ ගුවන් යානා සම්බන්ධව කල පර්යේෂණ වලින් මෙම සාධක සොයා ගැනීම පලමුව ස`දහන් වන්නේ රාමායනයෙහි (යුධ). රාමායනයේ ගුවන් විමාන ස`දහන් වන අතර එය ලාංකික තාක්ෂණයක් ලෙස හ`දුන්වා ඇත. හෙල ශිෂ්ඨාචාරයේ චක්රවර්ථි රජ වූ රාවණ රජුගේ ප්රධාන ආයුධයක් ලෙස ස`දහන් වේ. 

 

හෙල අසුර ශිෂ්ඨාචාරයේ ව්යාප්තියට ඉවහල් වූ මෙම ගුවන් තාක්ෂණය රාවණ සමයේ දස දිසා පාලනයට උපකාරී විය. පුරාණ හෙල අටුවාවේ ස`දහන් පරිදි රාවණ අධිරාජ්යයා තම රාජධානිය පුරා මෙම යානා වලින් සැරිසැරූ බවත් එය ශිෂ්ඨාචාර පැවැත්මට උපකාරී වූ බවත් ස`දහන් වේ. රාවණ අධිරාජ්යයාගේ වඩාත් ජනප්රිය තාක්ෂණය ගුවන් තාක්ෂණයයි. මෙම තාක්ෂණය මයා, අසුර, විශ්වකර්ම විසින් තනන ලද බව ස`දහන් වේ. රාමායනයට අනූව රාවණ පුෂ්පක රථය වෛශ්රවණ කුවේර ගෙන් අල්ලා ගත් බව ස`දහන් වේ. නමුත් ලංකා ඉතිහාසයේ ගුවන් යානා වූ බව ඉන්දියාවට වඩා සාධක වේ. මෙම යානයෙන් රාවණ රජු ඉන්දියාවට ඇතුලූ රාජධානියේ පුරා ගවේෂණය කල බව ස`දහන් වේ.

මෙම යන්ත්රය රාවණ අධිරාජ්යයේ මත වාදයට තුඩු දුන් ප්රධානතම තාක්ෂණය වේ. මෙම යන්ත්රය සාදා තිබුණු ද්රව්ය හා උපකරණ පිලිබ`ද විවිධ මතයන් විය. ද`ඩු මොණර යන්ත්රයට එම නම ලැබුණේ "රාවණ කථා" ඉපැරණි පුස්ථකයට අනූව හිමාලය කන්දේ උතුරු දෙසට ගව් 7ක් ගිය විට "මයුර දණ්ඩ" වෘක්ෂයෙන් පිරුණු වනයක් ඇති බවත් එම ලී ඉතාමත් සැහැල්ලූ හා ශක්තිමත් බවත් ස`දහන් වේ. මෙම ශාකයේ කොල අතු මොණර පිල් හැඩයට ඇති නිසාත් මොණරුන් බෙහෙවින් එම ගස ආශ්රිතව ජීවත් වන නිසාත් "මයුර දණ්ඩ" ලෙස හ`දුන්වා දෙන ලදී. රාවණ යුගයේ ගුවන් යානා වර්ග රැුසක් වූ බව හෙල අටුවාවේ ස`දහන්ය. "විමන්" නමින් විශාල ගුවන් යානාද, වායු පා යානාද, ගිරි මුදුන් වල සිට බසින යානාද, කන්දක සිට තවත් කන්දකට යා හැකි යානාද වේ. මෙම යානා වලින් නැගෙන්නේ හෙල නිමැවුම් කරුවන්ගේ මනා ගුවන් තාක්ෂණ විද්යාවත් (Aerodynamics) දැන සිටි බවයි. 

විවිධ වර්ග වල ගුවන් යානා බල ගැන්වූ ක්රම කිහිපයකි. සුලන් බලයෙන් ක්රියා කරන විමන් පණ ගන්වන්නේ පාපැදියකිනි. එහි බඹර කිහිපයක් ක්රියා කිරීමෙන් යානය ඉහලට එසවේ. යායුතු දිශාව, ගමන් කල යුතු උස, නැවැත්වීම, බැස්වීම සියල්ල නියමුවා විසින් සිදු කල හැකි පරිදි ඝන රිදී ලෝහයෙන් නිපැයුණු උපකරණ මගින් කල හැකිය. "විමාන" හා "හිරු" යානා හිරු බලයෙන් ක්රියා කරන අතර රසදියෙන් ක්රියා කරයි. රසදිය යානය (Mercury Vortex) රසදිය ත්වරණය කර ලබා ගන්නා බලයෙන් ක්රියා කරන්නේය. මෙම යානා වලට අභ්යාවකාශයේ පවා යා හැකිය.

ද`ඩුමොණර යන්ත්රය හෝ විමාන යානා පිලිබ`ද සාක්ෂි හා රූ සටහන් ප්රධාන ශිෂ්ඨාචාර වල ස`දහන් වේ. එම සෑම ශිෂ්ඨාචාරයක්ම අහසින් ආ ජීවීන් පිලිබ`ද ස`දහන් කර ඇත. මෙම සෑම ශිෂ්ඨාචාරයක්ම මෙම ජීවීන් දේවත්වයේ ලා සලකා ඇත. මෙයට ප්රධාන හේතුව ඔවුන්ට ගුවනෙන් යාමට හැකි වීමයි. මෙම දෙවියන් ගැන බැලීමේදී ඔවුන් රොකට් යානා භාවිතා කර ඇති බව පෙනේ. "විමාන ශ්රාස්ත්ර" ග්රන්ථයේ මෙම රොකට් බලය පිලිබ`ද ස`දහන් වේ. වර්ථමාන ගුවන් තාක්ෂණය සම`ග සස`දන විට රොකට් හා ජෙට් ගුවන් තාක්ෂණය පිලිබ`ද ප්රශ්ණ නැත. නමුත් රසදිය එන්ජිම වර්ථමානයේ භාවිතා නොවන්නකි. එසේනම් එවැනි එන්ජිමක් තැනීම හා පරීක්ෂණ කිරීමෙන් මෙම ගුවන් යානා තාක්ෂණය පිලිබ`ද තහවුරු කිරීමක් සිදු කල හැක. 

(රසදිය කේන්ද්රාපසාරී බලය) ඉතාමත් සංකීර්ණ එන්ජිමකි. මෙම එන්ජිමේ ප්රධාන අරමුණ අධිවේග ද්රව්යක් භ්රමණය කර ගුරුත්වයට ප්රතිවිරුද්ධ බලයක් ඇති කිරීමයි. මෙවැනි එන්ජිමක ප්රධානය වන්නේ එයට යොදන ද්රාවයයි. හෙල අටුවාවේ මෙම ද්රාවය රසදිය වර්ගයක් ලෙස නම් කර ඇත. නමුත් දැනට සිදු කර ඇති පරීක්ෂණ අනූව මෙම ද්රාවය හැකියා විය යුතුය. මෙම ද්රාවය භ්රමණය වන විට ප්රතිරෝධ බලයක් නොමැත. පහත ස`දහන් වන්නේ එවැනි ද්රාවයක තිබිය යුතු ගුණාංගයි. 

ඉහත ස`දහන් ගුණාංග තිබිය යුතු ද්රවයක් තැනිය යුත්තේBose-Einstein Condensates හෝ fyda Bosons (forced) අංශු මගිනි. මෙම අංශු "Pauli Exclusion Principal" අනුගමණය නොකරයි. භෞතික විද්යාව සීමා කර ස`දහන් කිරීමේදී ඉහත ගුණාංග ඇති ද්රාවය Super Fluid ගුණාංග විය යුතුය.

 

මෙම සුපිරි ද්රාව්යය (Super fluid) λ point එකෙන් පහල නම් ගැලීමේ දී ප්රතිරෝධය ශුන්ය වේ. (Zero resistance). ද්රාවය ප්රථමයෙන් අධිශීතනය කල යුතුය. (Super Cooled). λ Electro- Magnetic එකෙන් පහලට ශීතල කිරීමට Crygenic ක්රම භාවිතා කල හැකිය. නමුත් මෙම ද්රාවය (Fluid) කරකැවීමට නොහැක. හේතුව ප්රතිරෝධය නොමැති වීමයි. එම නිසා මෙම ද්රවය Ferro fluid කල යුතුය. එවිට වුම්භක ක්ෂේත්රය දමා කැරකැවිය හැක. තෙවනුව මෙම ද්රාවය අධි ශීතලට ඔරොත්තුදිය යුතුය.

 අධි ශීතලට භාජනය කරනවිට ඝනීභවනය වුවහොත් මෙය වැඩ නොකරයි. එම නිසා Anti-freeze වර්ගයක් දැමිය යුතුය. මෙම ද්රාවය බේරියම්(Barium) හෝ තැලියම් (Thalium) දැමීමෙන් ලබා ගත හැකිය. එංජිමට දෙවනුව අවශ්ය වන්නේ(Coil Assembly) ඉහල ද්රාවය කැරකැවීමට අවශ්ය භාජනය හා චුම්භක ක්ෂේත්රයය මෙම පද්ධතියට ලබා දෙන්නේය. චුම්භක ක්ෂේත්රයේ ක්රියාකාරීත්වය අනූව ද්රාවය අධි වේගයෙන් කැරකැවීම සිදු කරයි. කොයිල් එකේ කම්බි ඔතා ඇත්තේ මෙම ද්රාවය වේගයෙන් ත්වරණය කිරීමටය. විද්යුත් බලය යොදා චුම්භක ක්ෂේත්රය පාලනය කිරීමට හැකි නිසා ද්රාවය මනා ලෙස පාලනය කිරීමට හැකිය. මෙම භාජනය Electro- Magnetic (විද්යුත් චුම්භක) පද්ධතියකින් තනා ඇත. 




මෙම කොයිල් එකෙන් වන චුම්භක ක්ෂේත්රයෙන් ද්රාවය වේගයෙන් කැරකැවීමට හැකිය. ක්ෂේත්රය (Field Control Unit) පාලනය කරවන පද්ධතියෙන් ද්රාවයේ වේගය මනා ලෙස පාලනය කල හැකිය. මෙම ද්රාවය  60"000 r.p.m. කැරකැවිය යුතුය.මෙම වේගයට වැඩි වේගයෙන් කැරකැවීමෙන්(Centrifugal force) නිසා භාජනය (Toroid) විනාශ වී යා හැකිය. මෙම සරල හැ`දින්වීම රසදිය කේන්ද්රාපසාරී එන්ජිමක ප්රධාන ද්රව්යයන්ය. මෙවැනි යානයක් තුල තිබිය යුතු ගුණාංග පහත දැක්වේ.



1. ද්රව ටැංකිය- Liquid Storage Tank. 

2. අධි ශීතන පද්ධතිය Cryogenioc Unit. උෂ්ණත්වය 170Ÿ-150Ÿ දක්වා පහත දැමීම. 
3. Toroid Accelerator. Equipped with magnetic coil 
4. විදුලි ජනකය- චුම්භක ක්ෂේත්රය පටන් ගැනීමට හා පාලනය කිරීමට. 
5. ගුවන්යානා පාලනය කරන පද්ධතිය.


ද්රාව ටැංකිය කරකැවෙන ද්රාවය ස්ථාන ගත කිරීමට යොදා ගන්නා අතර ද්රාවය යොදා නොගන්නා විට මෙම ටැංකි වල ස්ථාන ගත කොට ඇත. මෙම ටැංකි ශීතකරණය(Refrigerated) නිසා ශීත කිරීමට අවශ්ය වන ශක්තිය අඩුය. එම එන්ජිම ක්රියා කිරීමේදී පලමුව ද්රාවය අධිශීත(Super Cool) කරයි. (170-150k). මෙයට Cryogenic උපකරණ යොදා ගනී. ඉන් පසු Toroid Accelerator එකට යොමු කරයි. චුම්භක ක්ෂේත්රය යොදා ගෙන මෙම ද්රාවය අධිවේගයට (60,000 rpm) කරකවයි. විදුලි ජනකය චුම්භක පාලකය මනා පාලනයකින් මෙම වේගයට ද්රාවය ගෙන එන්නේය. ගුවන්යානා පාලක පද්ධතායෙන් ගුවන් යානය පාලනය කල හැක. 


මෙම එන්ජිම මගින් ක්රියා කරන යානා අධිවේග, අධි ජවයක් ඇති යානා වේ.Super fast & Super agile). ගුරුත්ව ප්රවාහක එන්ජිම නිසා අභ්යාවකාශයට යාමට හැකිය. රාවණ සමයේ රස දිය උණු කිරීමට සූර්්ය බලය යොදා ගත් බව ස`දහන් වෙතත් හිරු රශ්මියෙන් මෙපමණ බලයක් යොදා ගත නොහැක. එම නිසා සූර්්ය ශක්තිය ලෙස හ`දුන්වා ඇත්තේ පරමාණු විඛණ්ඩනය (Nuclear fusion) ක්රමයයි. එමගින් එන්ජිමට අවශ්ය ද්රාවය (Plasma) ලබා ගැනීම හෝ බලය ලබා ගැනීම සිදු කර ඇත.

"රසදිය කේන්ද්රාපසාරී බලය" යොදා ක්රියා කරන ගුවන් යානා ගැන ජර්මාන් ජාතිකයන්

රසදිය කේන්ද්රාපසාරී එන්ජිමේ තවත් වර්ගයකි "රසදිය අයන එන්ජිම " Mercury- Ion Engine". මෙම එන්ජිම නාසා ආයතනය විසින් දීර්ඝ පරීක්ෂණ වලට භාජනය කර ඇත. මෙය චන්ද්රිකා කක්ෂගත කරන එන්ජින් වලට සමානය. මෙම එන්ජිම පිළිබ`ද සංස්කෘත ග්රන්ථයේ විස්තර කර ඇත්තේ පහත ස`දහන් ක්රමයටය.
" වක්රාකාර යානය තුල රසදිය- එන්ජිම හිරු බල රසදිය බොයිලරය යානයේ මධ්යයේ සවි කර ඇත. රත් වූ රසදිය තුල අන්තර්ගත ශක්තියෙන් වේගයෙන් කරකැවෙන අතර මෙම බලයෙන් මනුෂ්යයෙක්ව පුදුමාකාර ලෙස විශාල දුරකට ගෙන යා හැක. ඉතාම ශක්තිමත් රසදිය ටැංකි හතරක් ඇතුලත තිබිය යුතුය. සූර්්ය හෝ වෙනත් ශක්තියකින් රත් කල විට රසදියෙන් විශාල බලයක් ලැබේ."

මෙම විස්තරයට අනූව මෙම එන්ජිමට අවශ්ය කොටස් ලූහු`ඩින් ස`දහන් කලහොත්,

1. බලය රසදියේ අන්තර් ගත බලයයි.
2. රසදිය එන්ජිම යානයෙහි අන්තර්ගත වේ.
3. රසදිය ගබඩා හතරක් ඇත.
4. රසදිය සූර්්ය එලියෙන් රත්කර අකුණු බලය, එනම් විදුලිය ලැබේ.
5. අධික වේගයෙන් කැරකැවීමෙන් ඇතිවන බලයෙන් විදුලි බලය ලැබේ. (පිටකර පිටකුරු බලයක් ලැබේ).


මෙම විස්තරය හා සංසන්දනය කිරීමට නාසා ආයතනය විසින් නිෂ්පාදිත "අයන" එන්ජිමේ විස්තර අනූව, " එන්ජින් ක්රියා කරන්නේ ඉලෙක්ට්රෝන යොදා රසදිය වාෂ්ප කිරීමෙනි. (මෙයට රසදියට අමතරව සීසියම් හෝ ආගන් යොදා ගත හැක). ඉලෙක්ට්රෝන සූර්්ය කෝෂ වලින් ලැබේ. ඉලෙක්ට්රෝන රසදිය අයනීකරණය කරයි. අයනීකරණ ටැංකි වලදී මෙම විපර්යාසයට භාජනය වේ. එම විපර්යාසයේදී රසදිය රත් වී, ප්රසාරණය වී රොකට්ටුවක් මෙන් පිට කරයි. " 

1. බලය රසදියේ අන්තර්ගතය. (අයන). 

2. එන්ජිම යානය තුල අන්තර්ගතය. 
3. රසදිය ගබඩා කරන ටැංකි යානය තුල සවි කර ඇත. 
4. රසදිය වෙතට ඉලෙක්ට්රෝන විද වාෂ්පීකරණය කරන්නේය. ඉලෙක්ට්රෝන ලබා ගන්නේ සූර්්ය බලයෙනි. 
5. අධිවේග, වාෂ්ප වූ, අයනීකරණය වූ රසදිය රොකට් නොසලයකින් පිට කරයි.


මෙම විස්තර දෙක සංසන්දනාත්මකව බැලීමෙන් පෙනෙන්නේ එක සමාන බවයි. පුරාණ ග්රන්ථයක මෙවැනි අධිතාක්ෂණ විස්තර ගැබ් වූයේ කෙසේද? මෙවැනි සංකීර්ණ එන්ජිමක් පිළිබ`දව එකල දැන සිටියේ කෙසේද? 

 

හෙල- අසුර රාජධානියෙන් ආරම්භ වූ මෙම අනගි තාක්ෂණය ලොව වටා ව්යාප්ත වී රාජධානියේ අවසන් රජු වූ රාවණ අධිරාජ්යයා සම`ග සතුරන් ැතට පත් විය. මෙම සංග්රාමයෙන් පසු එම මහා තාක්ෂණය සහමුලින්ම විනාශ නොවූවත් මහා පරිමාණ යුධ ආයුධයක් ලෙස භාවිතා නොවීය. බුදුන් සමය වන විටත් මෙම තාක්ෂණය ලංකාවේ තිබූ බවට සාක්ෂි බෞද්ධ පොත පතෙහි ස`දහන් වේ. මෙවැනි තාක්ෂණයක පුරෝගාමී ජාතියක් වූ පුරාණ හෙලයන් වර්ථමානයේ ඒ පිලිබ`ද උනන්දුවක් නොගැනීම කණගාටුවට කාරණයකි. වර්ථමාන ශ්රී ලාංකීය පුනර්ජීවනයත් සම`ග එවැනි තාක්ෂණයක් නැවත හ`දුන්වා දීම කාලෝචිත වේ. 

4. රාවණ ගුවන් හමුදාව හා ගුවන් ජාලය
රාවණ අධිරාජ්යයට අයත් ගුවන් බලය එම රාජ්යයට ආවේණික වූ හමුදාවකි. පුරාණ ග්රන්ථ අධ්යයනයෙන් වැටහෙන්නේ රාවණ අධිරාජ්යයා මෙම තාක්ෂණය උපරිමයෙන් භාවිතා කල බවය. රාමායනයට අනූව රාවණ අධිරාජ්යයා මෙය කුවේර ගෙන් පැහැර ගත් බව ස`දහන් කලද හෙල පුරාණය අනූව මෙම තාක්ෂණය හෙල තාක්ෂණයකි. රාවණ හමුදාව මෙම ගුවන් යානා තාක්ෂණය හෙල තාක්ෂණය තම හමුදාමය සැලසුම් වලට යොදා ගන්නා ලදී. 

ගුවන් යානා පිළිබ`ද පුරාණ ශිෂ්ඨාචාරයන්හි වාර්ථා වී ඇත. අන්ග්කෝ, මිසර, බැබිලෝනියා, මොහෙන්දෝජාරෝ හා හරප්පා වැනි ශිෂ්ඨාචාර වලත් ඉන්දු හා ලංකා ශිෂ්ඨාචාරයන්ද මෙම යානා පිළිබ`ද ස`දහන් කරයි. පුරාණ ග්රන්ථයන්ගේ ද, වේදයේ ද මෙම යානා පිළිබ`ද ස`දහන් වේ. නමුත් රාවණ අධිරාජ්යය තුල පැතිරුණු ගුවන් යානා තාක්ෂණය සුපතලය. 

එකල වූ යුද්ධ ක්රම හෝ සාම්ප්රධායික ක්රම සම`ග සස`දන විට ගුවන් යානා තාක්ෂණය විශාල වෙනසකි. සාමිප්රධායික සටන් ක්රම අනූව ගුවන් යානා සටන් ක්රම සැස`දිය නොහැක. හේතුව එම යානා භාවිත කිරීම විශාල වාසියක් වීමයි. සාම්ප්රධායික ආයුධ වලට මෙවැනි යානයකට ප්රහාර එල්ල කිරීමට නොහැකි වීමයි. නමුත් ගුවන් යානයක සිට සාම්ප්රධායික ආයුධ භාවිත කල හැක. මෙවැනි අහස් ප්රහාර වලින් සාම්ප්රධායික හමුදාවක් පහසුවෙන් විනාශ කල හැක. මෙවැනි ප්රහාරයකින් ෙබිරීමට නම් ආවරණ සහිත ප්රදේශ වල එනම් වනාන්තර ආශ්රිත ප්රදේශ වල සටන් කල යුතුය. නමුත් එකල සටන් ක්රම අනූව විවෘත ප්රදේශ වල සටන් සිදු විය. එසේනම් ගුවන් යානා වලින් සිදු කල හානිය විශාල වේ.

රාම-රාවණ සංග්රාමය පිළිබ`ද විශාල සටහන් ඇති රාමායනය රාවණ ගුවන් තාක්ෂණය ගැනද ස`දහන් කර ඇත. රම ග්රන්ථයට අනූව මෙම සංග්රාමයේදී ගුවන් යානා (විමාන) බහුලව යොදා ගෙන ඇත. විමාන යානා රාවණ පමණක් නොව රාම හමුදාවේද තිබී ඇත. උදාහරණයක් ලෙස විභීෂණ ගේ ඉල්ලීම පිට බටහිර වෙරලේ නාග ගෝත්රිකයන් රාම ගේ උදව්වට විමාන යොදා ගෙන ඇත. එවැනි විමානයක් කඩා වැටුණු තැන උණවටුන යයි මතයක් වේ. රාම-රාවණ සංග්රාමයේ දී රාවණ හා ඉන්ද්රජිත් මෙම යානය බහුලව භාවිත කල බව හැෙ`ග්. රාමායනයට මුල් වූ සීතා පැහැර ගැනීමේ "කථාවට" විමාන යානයක් (ද`ඩු මොණරයක) සම්බන්ධය. 

රාමායනයට අනූව ඉන්ද්රජිත් මහා බ්රහ්මයාගෙන් ලබා ගත් "සහස්ඝ්රති" නැමති යානයෙන් යුද්ධයට පිවිසෙන බවත් එම යානයේ ගමන් කරන විට ඔහුව මරා දැමීමට නොහැකි බව ස`දහන් වේ. ඔහු එම යානයේ සිට ඊතල දස දහස් ගනනින් යැවිය හැකි ආයුධයකින් වළාකුලූ අතරින් ප්රහාර එල්ල කල බවද ස`දහන් වේ. මෙම විස්තරයට අනූව වර්ථමානයේ මෙවැන්නක් කල හැක්කේ ඇමරිකානු ගුවන් හමුදාවේ A-10 Thunderbolt II යානය හා එහි ඇති ඨ්ඹ-8GAU-8 30mm ් තුවක්කුවටය. ඉන්ද්රජිත් මෙවැනි යානයක සිට ආලෝක ධාරා මගින් සටන් කල බව ස`දහන් වේ (Laser) මෙවැනි ගුවන් ප්රහාර හමුවේ සාම්ප්රධායික ආයුධ වලින් සමන්විත හමුදාවක් නිරුත්තර වේ. ඔවුන්ට එවැනි ප්රහාරයක් හමුවේ ප්රතිප්රහාර දිය හැකි ක්රමයක් නොවීය. 

මෙම කරුණු කාරණා මුල් කරගෙන රාවණ ගුවන් හමුදාව හෝ විමාන හමුදාව යුධ ජයග්රහණයට මුල් වූ සාධකයකි. එසේ නම් එවැනි හමුදාවක් විනාශ කිරීම හෝ අක්රිය කිරීම යුද්ධය ජයග්රහණය කිරීමට සාධකයක් වේ. රාවණ ගුවන් හමුදාව විනාශ කල හැකි ආකාර 3කි. 

1. ගුවන් යානා නවතා තබන විට විනාශ කිරීම. 
2. විමාන යානා පදවන්නන් විනාශ කිරීම.  
3. විමාන නිශ්පාදනය කරන හෝ අලූත්වැඩියා කරන කර්මාන්ත විනාශ කිරීම.


රාවණ අධිරාජ්යයට අයත් ගුවන් යානා රහස් විභීෂණ හරහා රාමට ලැබුණි. ඉහත ස`දහන් කල පරිදි නාග විමාන යානා රාම ගේ සේවය පිණිස යොදා ගන්නා ලදී. විභීෂණට රාවණ හමුදාවේ ගුවන් යානා විනාශ කිරිම අපහසු නොවේ. හේතුව ඔහු ආරක්ෂක ඇමති ලෙස කටයුතු කිරීමයි.

රාවණ අධිරාජ්යය ලොව විශාල අධිරාජ්යයකි වේ. මෙවැනි අධිරාජ්යයක් පරිපාලනයට විශාල පරිපාලන ජාලයක් තිබිය යුතුය. මෙම ජාලය හරියාකාරව ක්රියා කිරීමට නම් ඉතාම කාර්යක්ෂම සම්බන්ධීකරණයක් තිබිය යුතුය. එම සම්බන්ධීකරණය සිදු කල යුත්තේ මහා මාර්ග හරහාය. (Lines-of-communications) රාවණ අධිරාජ්යයේ මූලස්ථානය වූයේ හෙලදිවය. හෙලදිව තුලද විශාල සම්බන්ධීකරණ ජාලයක් වූවේය.
හෙල දිව මෙම සම්බන්ධීකරණ ජාලය කොටස් 3කට බෙදිය හැක. 

1. බිම් මාර්ගය.
2. නාවික මාර්ගය.  
3. ගුවන් මාර්ගය.


මෙම ක්රම තුන යටතේ හෙලදිව තුල කාර්යක්ෂම පරිපාලනයක් පවත්වාගෙන යාමට රාවණ අධිරාජ්යයාට හැකි විය. බිම් මාර්ග තැනීමේදී රාවණ රජු වර්ථමානයේ භාවිත කරන ක්රම වලට හාත්පසින්ම වෙනස් ක්රම යොදා ගත්තේය. එතුමා සවභාවික සම්පත් මැනවින් අගය කල, ලොව ප්රථම වන රක්ෂිතය පවා බිහිකල උදාර නායකයෙකි. එම නිසා මාර්ග ස`දහා කැලෑ හෙලි පෙහෙලි කිරීමට එතුමා කැමැත්තක් නොදැක්වීය. නමුත් මාර්ග පද්ධතිය වර්ථමානයේ සීගිරිය, ලක්ගල, මාතලේ දිස්ත්රික්කය හරහා කතරගමට විහිදී තිබුණි. එමගින් එතුමාට සීඝ්රයෙන් හමුදාව රට පුරා රැුගෙන යාමට හැකි විය. දැනට පුරා විද්යා කැනීම් වලින් මෙම උමං මාර්ග මතුවි ඇත. එක් දොරටුවක් මාතලේ හුලංගමුව වලව්ව වත්තේ ඇත.

නාවික මාර්ග පද්ධතිය ඉතාම වැදගත් වූයේ එමගින් බර ප්රවාහණයට පහසු වීම නිසායි. උදාහරණයකට කතරගම, වෙල්ලස්ස වැනි රෝහණයේ ප්රදේශ වලින් නිෂ්පාදනය කරන වී, ධාන්ය හා අලි ඇතුන් වැනි බර ද්රව්ය ප්රවාහණය කර ඇත්තේ නාවික මාර්ග හරහාය. එකල නාවික ජාලයට විශාල තොටවල් සමූහයක් රට පුරා විසිරී තිබුණි. රාවණ රජු සමයේ මෙම තොටවල් හරහා ජාත්යන්තර වෙළ`ද ජාලයක් පවත්වාගෙන ගියේය. රාම-රාවණ යුධ සමයේ රාවණ රජුගේ නාවික හමුදාව සම`ග 1000ක් යුධ නැව් ගෝකණ්ණ කාවික සටනේදී රාම හමුදාව විසින් පරාජය කල බව පුරාණ ග්රන්ථ වල ස`දහන් වේ.

තෙවන හා විශේෂිතම සම්බන්ධීකරණ ආකාරය ගුවන් පද්ධතිය වේ. මෙය හෙලදිව සුවිශේෂ වූ සම්බන්ධීකරණ ජාලයකි. මෙම ගුවන් ජාලය හරහා රාවණ රජු තම පරිපාලන මධ්යස්ථාන සම්බන්ධ කලේය. මෙම ගුවන් තාක්ෂණය මගින් එතුමා ජාත්යන්තර සබ`දතාද පවත්වාගෙන ගියේය. හෙලදිව තුල එතුමාගේ මාලිගා 25 ක් මෙම ජාලයට සම්බන්ධ කරගෙන තිබුණි. ගුවන් නිලධාරීන් හා පවුල්වල සාමාජිකයන් මෙම මධ්යස්ථානය හරහා ප්රවාහණය කර ඇත. 

ගුවන් සම්බන්ධය ඉතාම වැදගත් වන්නේ රාවණ රජු ප්රථම සිවිල් ගුවන් සේවය ආරම්භ කිරීමයි. එම සේවය අභ්යන්තරව (Dometic Network) හා ජාත්යන්තර (International network) ලෙස වෙන් කල හැකිය. අභ්යන්තර ගුවන් සේවය හරහා රාවණ මාලිගා 25 සම්බන්ධ කල අතර අනෙකුත් ප්රධාන මූලස්ථාන සම්බන්ධ විය. එතුමා හෙල දිව තුල පරිපාලන කටයුතු කිරීම ස`දහා මෙම ගුවන් පද්ධතිය හරහා එතුමා ගමන් කලේය. එතුමා ගුවන් යානයෙන් ගොස් ක`දු මුදුනට බසින නිසා ජනතාව එතුමාට "ක`දු කුමාරයා" ලෙස නම් කලේය. පසු කාලීනව මෙය "ස්කන්ධ කුමාරයා" වූ බවටද මතයක් පවතී. මෙම අභ්යන්තර ගුවන් සේවය මගින් එතුමා විධිමත් පාලනයක් පවත්වාගෙන ගියේය. 


ජාත්යන්තර ජාලය එතුමා තම යටත් විජිත පාලනයටත් මිත්ර රටවල් හා සම්බන්ධ වීමටත් යොදා ගත්තේය. මෙය ලොව ප්රථම ජාත්යන්තර ගුවන් ජාලයයි. මෙම ජාලයේ ක්රියාකාරීත්වයට අසුන් 200ක ගුවන් යානයක් (විමානයක්) වූ බව පුරාණ ග්රන්ථ වල ස`දහන් වේ. එම යානයේ වැසිකිලි හා මුලූතැන් ගෙයක්ද වූ බව ස`දහන් වේ. මෙම යානය වර්ථමානයේ මැක්ඩොනල්ඞ් ඩග්ලස් DC-10 යානයට සමානය. මේ ස`දහා බලය ලැබී තිබුණේ රසදිය කේන්ද්රාපසාරී බලයයි. 


ජාත්යන්තර ගුවන් ජාලය
5. රාවණ ගුවන් හමුදාව හා ගුවන් ජාලය
රාම රාවණ යුද්ධයෙන් පසු රාම පුෂ්පක රථය ඉන්දියාවට ගෙන ගියේය. අධිතාක්ෂණික ආයුධ හෙල ශිෂ්ඨාචාරයට අහිමි විය. නමුත් එම තාක්ෂණය අභාවයට නොගියේය. හේතුව බුදුන් සමය වන විට ආලවක, සතාගිරි යක්ෂ සෙන්පතියන් ගුවන් යානා (විමාන) මගින් ඉන්දියාවට ගොස් බුදුන් දුටු බව ස`දහන් වේ. ඔවුන් කෑගල්ල අලූලෙනේ සිට ගිය බව ස`දහන්ය. බුදුන් ශී්ර පාදයට සුමන ගේ ගුවන් යානයෙන් වැඩිය බව එක් මතයකි. 

රාවණ සමයේ සිට ගුවන් යානා සම්බන්ධ ප්රදේශ රාශියක් ලංකාවේ වේ. එම සමයේ ගුවන් යානා තොට වාරියපොල නම් වේ. දැනට සොයා ගෙන ඇති සෙල්ලිපි රාශියක ගුවන් යානා සහ නියමුවන් ගැන ස`දහන් වේ. එකල නියමුවන් හැ`දින්වූයේ "¥තක" නමිනි. නුවරඑලියේ, කොත්මලේ, ගුවන් යානා තොටක් විය. වත්මන් තොප්පිගල සැහැල්ලූ ගුවන් යානා තොටක් විය. (එකල කාල ගිරි ලෙස මෙම ගල හැ`දින් වීය).
එහි ගුවන් සමාගමේ ලාංඡුනය සහ ගුවන් නැවක චිත්රය කලූ ගලින් කොටා තිබේ. රත්නපුරයේ බොල්තුඹේ දේවාලයේ රාවණ රජුගේ ගුවන් යානයක සුන්බුන් ඇති බව ස`දහන් වේ. විමානයක ආකෘතියක් එම ස්ථානයේ පිටත වේ. එම ආකෘතිය "විමානක වස්තු" ග්රන්ථයේ යානයකට සමාන වේ. රාම රාවණ යුද්ධයේදී විමාන යානයක් රූමත්සල සිට බෙහෙත් ප්රවාහණයේදී ක`දු ගැටයක වැදී උණා වැටුණු තැන "උණවටුණ" ලෙස නම් කල බවත් එම යානය නාග ගෝත්රිකයන්ට අයිති බවත් විභීෂණ ගේ ඉල්ලීමෙන් රාමට උදව් කල බවත් මතයක් වේ. 

රාවණ රජු ගේ ගුවන් යානා ගැන විස්තර බැබිලෝනියාවේ හා ඊජිප්තුවේ හා සුමාර් වල ස`දහන් වේ. මෙම විමාන යානා ප්රවාහණයට හා යුද්ධයට යොදා ගෙන ඇත. රාමායනයට අනූව ඉන්ද්රජිත් (මේඝනාද) සහසුග්රති නැමැති යානයකින් නැග අහසේ වලාකුලූ අතර හැංගී වරකට ඊතල 12,000ක් යැවිය හැකි දුන්නක් යොදා ප්රහාර එල්ල කල බව ස`දහන් වේ. මෙම වාර්ථා විශ්ලේෂණයේදී එම ආයුධය වර්ථමාන GAU-8 Gatling Gatling වර්ගයේ කාල තුවක්කුවකට (Canon) සමානය. මෙම යානය මහා බ්රහ්මයාගෙන් ඉන්ද්රජිත් සෑම යුද්ධයකටම පෙර ලබා ගන්නා බවත් යුද්ධයෙන් පසු නැවත භාරදිය යුතු බවත් ස`දහන් වේ. බෞද්ධ සූත්ර පිටකයේ මහා බ්රහ්මයා ආභස්සර බ්රහ්ම ලෝකයෙන් ආ ජීවියෙක් බව ස`දහන් වේ. එයට අනූව ඉන්ද්රජිත් පිටසක්වල ජීවියෙකු ගෙන් ආයුධ ගෙන ඇත.

රාම-රාවණ යුද්ධයෙන් පසු මෙම තාක්ෂණය ඉන්දියාවට ගොස් ඇත. ඇලෙක්සැන්ඩර් ඉන්දු නිම්නය ආක්රමණය කරන විට අහසින් සහ ගුවන් යානා වලින් ප්රහාර එල්ල කල බව ස`දහන්ය. එම කාලය චන්ද්රගුප්ත අධිරාජ්යයාගේ තරුණ කාලයයි. (අශෝක රජු ගේ මුත්තා චන්ද්රගුප්තයි). අශෝක අධිරාජ්යයා ධර්මානුකූල මාවතකට එළඹීමෙන් පසු මෙවැනි අධිතාක්ෂණික ක්රම 9ක් පොත් කර ටිබැටයේ සැ`ගවූ බව ස`දහන් කර ඇත. මෙම තාක්ෂණය ටිබැටයේ වූ බව දැනගත් හිට්ලර් පුරා විද්යා කණ්ඩායමක් යවා මෙම තාක්ෂණයෙන් කොටස් කිහිපයක් ලබාගෙන ඇත. මෙම කොටස් වල "රාම සර" තාක්ෂණය අනූව යමින් V-1 රොකටය තැනූ බවට මතයක් වේ.

5.1. "TR-3B " යානය
 

චීනය 1960 දශකයේ ටිබෙටය ආක්රමණය කිරීමේදී මෙම ග්රන්ථ සොයා ගන්නා ලදී. එම ග්රන්ථ පරිවර්ථනය කිරීම ඉන්දියාවේ කල බවත් එහි පිටපතක් ඇමරිකාවට ලැබුණු බවත් එහි ප්රථිපලයක් ලෙස "TR-3B" යානය නිෂ්පාදනය කල බවත් ස`දහන් වේ. ඇමරිකාව නාසා ආයතනය සම`ග එක්ව මෙම ග්රන්ථ වල ස`දහන් "රසදිය කේන්ද්රාපසාරී බලය" යොදා යානා කිහිපයක් තනා පර්යේෂණ පවත්වන බවද ස`දහන් වේ. 

5.2. "Hytle" අධිතාක්ෂණ සටන්/ ප්රහාරක යානය
 

"Hytle" අධිතාක්ෂණ සටන්/ ප්රහාරක යානය වර්ථමානයේ ගුවන් තාක්ෂණයේ ඉහලම ශිකරයයි. නවීන ගුවන් තාක්ෂණය පිළිබ`ද අධ්යයනයේදී 5 වැනි පරපුරේ ගුවන් යානා තිබෙන අතර (J-20" F-22" T-50 PAK FA, F-35). 6 වන පරපුරේ යානා පරීක්ෂණයේ වේ. (J-13 Nemesis). ්යහඑකැ යානා 7 වැනි පරපුරේ කීවොත් නිවැරදිය. මෙම යානය සුවිශේෂ යානයක් වන්නේ එහි අන්තර්ගත තාක්ෂණයයි. නවීන විද්යාවට අනුකූලව බැලීමෙන් ගුවන් තාක්ෂණයේ හිනි පෙත්තටම නැග ඇති අතර එහි වර්ෂ දහස් ගණනක් පුරා පැවත ආ පුරාණ විමාන තාක්ෂණයක් වේ. "හයිට්ල්" යානායේ ප්රධාන කාර්්යය වන්නේ ගුවන් යානා කිහිපයක් කල යුතු කාර්්යයන් සාර්ථකව එක් යානයක් මගින් සිදු කිරීමයි. (Multi- mission capability). මෙම කාර්්යය කිරීමට සුවිශේෂ හැකියාවක් විය යුතුය. 

"හයිට්ල්" පංතියේ යානය ප්රධාන එන්ජින් පද්ධති තුනකි. එයට ම'කරි වෝටෙක්ස් එන්ජිමක් (Mercury Vortex Engine) හා "පල්ස් ඩෙටොනේෂන්" එන්ජිමක් (PDE) වේ. ඡුෘෑ එන්ජිම ඉතාම බලගතු එන්ජිමක් වන අතර අධිධ්වනික වේගය (Hypersonic Speed) ස`දහා යොදා ගන්නා එන්ජිමකි. මෙම එන්ජින් ක්රියා කරනුයේ අධිවේග වාතය සංකෝචනය කර ඉන්ධන සම`ග මිශ්ර කර දවාලීමෙනි. දවාලූ වායුව ඉහල පිටකුරු වේගයකින් පිටවන්නේය. මෙම එංජිමට එම නම ලැබුණේ එන්ජිමේ ක්රියාකාරිත්වය කුඩා පිපිරුමක් ලෙස පිටවන නිසාය. 

මෙම එන්ජින් දෙකටම අවශ්ය වායුව ඉදිරිපස ඇති වායු චූෂණයෙන් ලබා ගනී. මෙම එන්ජින් සැලසුම් කර ඇත්තේ අධික වේගයෙන් යන විට ක්රියාකරවීමටය. අධික වේගයෙන් යානය යන විට වාතය චූෂණය (intake) හරහා එන්ජිමට පිවිසීම සිදු වන අතර පීඩක පද්ධති (compressor) අනවශ්ය වේ. එම නිසා එන්ජින් බර අඩුය. මෙම යානයට ඉහල අහසට යා හැකි අතර වෛමානික ශාස්ත්ර වලට අනූව වායු ගෝලයේ බ්රහ්ම ක්ෂේත්රයට යා හැක. නවීන විද්යාවට අනුව මෙම වායු ගෝලස්ථරය 90 නප ඉහලින් වන අතර මෙය අයන ගෝලය ලෙස හ`දුන්වයි (Ionosphere). මෙම එන්ජින් වලට වායු ගෝලය පසු කර යා නොහැක.
"හයිට්ල්" යානයේ ප්රධාන එන්ජිම රසදිය කේන්ද්රාපසාරී බලයෙන් ක්රියා කරන එන්ජිමය. මෙම එන්ජිම මගින් රසදිය ප්රසාරණය කර වේගයෙන් ත්වරණය කර අධි බලයක් නිෂ්පාදනය කරයි. මෙම එන්ජින් විමාන යානා වල බහුලව ඇති එන්ජිමකි. 

යානය නිෂ්පාදනයේදී යොදා ගන්නේ අධික උෂ්ණත්වයකට ඔරොත්තු දෙන ද්රව්ය වේ. (Thermoplastics yd Composite/ Ceramics). විමාන යානා නිෂ්පාදනයේදී ප්රධාන ලෝහ තුන (සෝම, සෞන්දල, මෞර්ත්වික) සංයෝග කර නිෂ්පාදනය කරන අතුරු ලෝහ වර්ග 16ම අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන, සැහැල්ලූ ලෝහ වේ. වර්ථමානයේ "හයිට්ල්" යානය නිෂ්පාදනයටත් මෙවැනිම ගුණ ඇති ද්රව්ය යොදා ගනී.
"හයිට්ල්" යානයේ ප්රධාන විශේෂත්වය වන්නේ එහි සෙන්සර් පද්ධතියයි (යන්ත්ර පද්ධතිය). මෙම පද්ධතිය හරහා මෙම යානයට ස්වයංක්රියව පාලනය වීමට හැකියාව ඇත. මෙම සංවේදක උපකරණ, මාර්ග උපකරණ, පණිවිඩ උපකරණ (Sensor, Navigation, Communication) එක පද්ධතියකට ඒකාබද්ධ කර ඇත. යානයේ සංවේදක උපකරණ වලට රේඩාරය, ලේසර් රේඩාරය, අධෝරක්ත මාපකය, ශබ්ධ ආක්ෂර්ෂණ යන්ත්ර (Acoustic) ඇත. මෙම සෙන්සර් හරහා යානය වටා තිබෙන සියලූ තොරතුරු නියමුවා වෙත ලබා දෙනු ලැබේ. මෙම නවීන උපකරණ විමාන යානා වල තිබුණු දර්ෂණ තාක්ෂණයට සමානය. පහත වගුවේ විමාන තාක්ෂණය හා "හයිට්ල්" තාක්ෂණය සංසන්දනාත්මකව විග්රහ කර ඇත.

උපුටා ගැනීම - http://piyasara.com/content/aviation.html