Friday, November 25, 2011

හෙළ උරුමය සොයා යන්න

0
රන්දිව පුවත්පතෙන්
 
 

Tuesday, November 22, 2011

හෙළදිව පුරාණ ඉතිහාසය හා රාවණා යුගය

0
ලංකාදීප පුවත්පතෙන්


2500 වසරක් ඉපැරණි ශ්‍රී ලංකාවේ සොහොන් බිම

0

ලංකාදීප පුවත්පතෙන්


Sunday, November 13, 2011

රාවණ ඉතිහාසය මකා දැමීමේ කුමන්ත්‍රණයක්‌ද?

1
රාවණ ඉතිහාසය මකා දැමීමේ කුමන්ත්‍රණයක්‌ද?
ජලිත අමරසිංහ 

 
කුල සාධකයේ අසිපතින් හෙළ ඉතිහාසයේ ගෙල සිදීම මැයෙන් 2011. ජූනි 08 බදාදා අතිරේකයට විඡේපාල වීරවර්ධනයන් විසින් ඉදිරිපත් කර ඇති ලිපිය සහ 2011.09.07 ඉදිරිපත් කර ඇති ලිපි මගින් ද්වේශ සහගතව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් විවේචනය කිරිම සඳහා ඉදිරිපත් කරන ලද ලිපියක්‌ බව ප්‍රථම කොටම අවධාරණය කරනු කැමැත්තෙමු. 2011.04.27 දින ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා රචිත ලිපියක්‌ නොවන කුල සාධකය සහ ඉතිහාසය විකෘතිය නම් ලිපිය හපුතලේ එස්‌. එම්. ඩී. සෙනෙවිරත්න මහතා ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා හා පවත්වන ලද සාකච්ඡාවක්‌ ඇසුරෙන් පලකරන ලද ලිපියක්‌ මිස ලේඛණ ශෛලියෙන් ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ ලිපියක්‌ නොවන බව ලිපිය ආරම්භ වැකියෙන්ම අවබෝධ කර ගත යුතුය.

ශ්‍රී ලාංකීය ජන සමාජය පුරා අදටත් පවතින ඉපැරණි කුල දුරාවලිය පිළිබද ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා සමග සාකච්ඡාවක්‌ ඇසුරින් සැකසූ මෙම ලිපිය බදාදා අතිරේකයට යොමුකරන ලද්දේ හපුතලේ එස්‌. එම්. ඩී. සෙනෙවිරත්න මහතා විසිනි. (උපුටා දිවයින 2011.04.27 )


විජයපාල වීරවර්ධන 2011 ජූනි මස 08 දින ලිපියෙන් පහත සදහන් ලෙස රාවණ යුගය ප්‍රතික්‍ෂේප කර ඇත.


රාවණ රජ කාලයත් , සිව් හෙළ ජන සමාජයත් යන දෙකම තවමත් පවතිනනේ සංකල්ප ලෝකයේ පමණයි. සිවු හෙළ යන වචනය පවා අප රටේ භාවිතයට ආවේ පසුගිය සියවස මුල් භාගයේ බිහිවූ හෙළ හවුල නිසයි. (විජේපාල වීරවර්ධන )


ලංකාවේ රාවණ ඉතිහාසය ප්‍රතික්‍ෂේප කිරිම සදහා වීරවර්ධනයන් ලේඛකයෙකු සේ හෙළ හවුලේ විද්වතුන් ගණනාවක්‌ ප්‍රතික්‍ෂේප කරවිමට හා ඔවුනගේ පර්යේෂණ ප්‍රතික්‍ෂේප කරවිමට ඉහත වැකිය උපයෝගී කොට ඇත. මේ අනුව භාෂා සාහිත්‍යය විශාරදයන් හා ප්‍රවීණයන් ලෙස සමස්‌ත රට වැසියාම පිළිගත් කුමාරතුංග මුණිදාස, අරිසෙන් අහුබුදු , සූරීන් ඉදිරිපත් කළ සාධක දත්ත ප්‍රතික්‍ෂේප කිරීමට සිදුවනු ඇත. 2011.09.07 දින ලිපියෙන්ද ෂඩ්භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ද රචිත ග්‍රන්ථ ප්‍රතික්‍ෂේප කරවන විඡේපාල වීරවර්ධනයන් ලංකාවේ සුප්‍රකට විවේචකයෙකු ලෙස පෙනී සිටිමට දරණ උත්සාහය පමණක්‌ ඔහුගේ අර්ථ සූන්‍ය ලිපි මගින් පිළිබිඹු වේ.


මහා වංශය පමණක්‌ ඉතිහාස ගවේෂණයේ මූල ග්‍රන්ථයක්‌ ලෙස නූතන ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් භාවිතා නොකරන අතර , ලංකා ඉතිහාසය අදවන විට මහාචාර්ය රාජ් සෝමදේව , ශිරාන් දැරණියගල යන නූතන පුරා විද්‍යාඥයන් මහා වංශයෙන් ඔබ්බට ගිය කාල වකවානු පුරා විද්‍යා සාධක ගණනාවක්‌ පර්යේෂණාත්මකව සොයාගෙන අවසානය. විජයාගමනයට ප්‍රථම ලංකාවේ දියුණු ශිෂ්ඪාචාරයක්‌ පැවැති බව මේ වනවිට සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ටම ඔප්පු සිද්ධ කොට අවසානය.


රාවණ ඉතිහාසය සදහන් මූලාශ්‍ර ඇතත් ඒවා ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ගැති ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් සුඵ පිරිසක්‌ රාවණ යුගය ඉවත් කිරීමට හිතා මතා කටයුතු කර ඇති බව අපගේ පර්යේෂණ තුළින් තහවුරු වි ඇත. උදාහරණ ලෙස පහත ග්‍රන්ථ අනාගත ඉතිහාසඥයන්ගේ අවධානයට ලක්‌විය යුතුය.


හතර කෝරලේ විත්ති ආරම්භයේ මෙසේ සදහන්වේ.


ශකල ශ්‍රීන් සමෘද්ධි සම්පන්න වූ මේ ලංකාද්විපයෙහි රුහුණු, මායා , පිහිටි යන තුන් රටක්‌ ඇත්තේය. රාම රජ්ජුරුවෝ යුද්ධ කොට රාවණා නසා ජයගෙන මේ තුන්රට විභීෂණ දෙවියන්ටත් සමන් දෙවියන්ටත් භාර දුන්නේය. (පත් ඉරු අංක 37 බලංගොඩ බාන්ස්‌ රත්වත්තේගේ පුස්‌කොල පොත් එකතුවේ ශ්‍රී ලංකාද්විපයේ කඩයම්පොත ප්‍රමාණය අගල් 17 2.1 )


කඩයිම් කවි(


විභීෂණ සමන් විෂ්ණු මේ ලකට

රජකල දවස සිරිලක බෙදුනේ තුනට

රුහැණ ද පිහිටි මායා රට තුනක්‌ කොට

මේ ලකට ත්‍රී සිංහල නම් වේ එදා සිට


දැනට හමුවී ඇති ලක්‌දිව පැරණිතම පුස්‌කොල ග්‍රන්ථය සත්කොරලේ බලියාග ග්‍රන්ථය වන අතර , එහි ඉහත වැකිය රාවණ රජුට බලි ඇදුරන් පවා දක්‌වා අති කෙනෙහිලිකම් මනාව පිළිබිඹු කරයි.


රාවණ මෙන් සොද තොවිල් උගත්තු

බෝවන සදහන් ගුණසිය පත්තු

රෝග දුකින් පෙලෙනා බලවත්තු

මේ ඇදුරන් ග්‍රහ පුදට නොගත්තු


(පත්ඉරු අංක 02)


දෑසින් ගිනිපුල් විහිදෙන ආන්දන්

මුඛය අරේ ජල ගිනිවැල ආන්දන්

චතුර දැහැත් ඉනවට දිලි ආන්දන්

නීල ගිරික රාවණ එන ආන්දන්


(පත්ඉරු අංක 23)


ලොව පැරණිතම භාෂා ගණයෙලා සැලකෙන හෙළ බස (හෙවත් යක්‌ෂ භාෂාව) අදවන විට තහවුරු කරගෙන ඇති අතර , ඒ පිළිබදව රාජකීය පණ්‌ඩිත මානෑවේ විමලරතන හිමි යක්‌ෂ ගෝත්‍රීකයන්ගේ අප්‍රකට තෙරතුරු ග්‍රන්ථයෙන් මනාලෙස හෙළිදරවු කර ඇත. හෙළ අටුවා ආශ්‍රයෙන් පාලි ග්‍රන්ථ රචනා වූ අතර , හෙළ ත්‍රිපිඨකය පසුකාලීන පාලි ත්‍රිපිඨකය රචනයට මූලාශ්‍ර වූවාසේ යක්‌ෂ භාෂාවේ ඇද වැටුමෙන් පසු සංස්‌කෘත භාෂාව ලොව අද්විතීය භාෂාවක්‌ බවට පරිවර්තනවය විය. සංස්‌කෘත භාෂාවෙන් රාවණ රජුගේ කේන්aද්‍ර සටහන පවා නොනැසි අද දක්‌වාම පවතී


1 ශ්ලෝකය (


ත්‍රි සඩසි්‍ර විජිතේ නීචඥෂට

ශෙෂාතිතුඩෙග ගුරුවා සරේච

යුග සථර්තෙ චාපර නඡතාණදං

ලංකේශ රාවණ තතං ජාතං සමාංශෙ


ඉහත සංස්‌කෘත ශ්ලෝකය පැහැදිලි කර ගැනීමට විජයපාල වීරවර්ධන මහතාට යම් දැනුමත් සංස්‌කෘත භාෂාව පිළිබදව ඇත්නම් කිසිවිටකත් රාවණ යුගය සංකල්ප ලෝකයක පමණක්‌ පවතී යන ප්‍රකාශය නොකරනු ඇත.


ලංකාවේ සීතාවක රාජසිංහ රජු හැර (රාසිංහ කේන්ද්‍රය (මාහිංගමුව රජ මහා විහාරයේ පවතී ) සටහනක්‌ අත්නම් එය ලංකේශ්වර ශ්‍රී රාවණ රජුගේ කේන්aද්‍ර සටහන පමණි. එබැවින් ඇතැම් ලේඛකයන් රාවණා යුගය ප්‍රතික්‍ෂේප කිරීමට උත්සාහ දැරීම ජාතියේ අවාසනාවකි.


යල්පැන ගිය බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා මතවාද හා ඉතිහාස කර තබාගත් විජයපාල වීරවර්ධනයන්ට පුරාවිද්‍යාව පිළිබද තරමක හෝ දැනුමත් ඇත්නම් පහත යුග පිළිබදව අධ්‍යයනක යෙදෙන ලෙස ඉල්ලා සිටිමි.


නූතන ඉතිහාසඥයන්ගේ සොයා ගැනීම් පිළිබදවත් ජාත්‍යන්තර පුරාවිද්‍යාවේ සොයා ගැනීම් පිළිබඳවත් දේශප්‍රිය නානායක්‌කාර මහතා දිවයින බදාදා අතිරේකයෙන් මනා ලෙස ඉදිරිපත් කර ඇති හෙයින් ඒ පිළිබදව වැඩියමක්‌ ලිවීමට අදහස්‌ නොකරමි.


නිsදහසින් පසු මෙරට ඉතිහාස ගවේෂකයන්ට අති මහත් සේවයක්‌ කළ ගණනාත් ඔබේසේකරයන් විනාශ වෙසින් පැවැති මෙරට පුරාණ පුස්‌තක පරිවර්තනය කළ සමාජ මානව විද්‍යාත්මක පර්යේෂකයෙකි. ජනවාර්ගික අධ්‍යයනය පිළිබදව ජාත්‍යාන්තර කේන්ද්‍රය හා ඒකාබද්ධව එතුමා මෙරට කඩයිම් ග්‍රන්ථ ජාතික කෞතුකාගාර සහ ජාතික ලේඛණාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව පුස්‌කොල ග්‍රන්ථ පරිවර්තයේ යෙදීඇත. ඒ යටතේ කොළඹ කෞතුකාගාරයේ ඇති ඒ/ආර්/18 වන්නිරාජාවලි පුස්‌කොල පිටපතේ ක්‍ෂුද්‍ර ඡායාරූප පිටපත එළිදක්‌වාඇති ග්‍රන්ථයේ 37 පිටුව මෙසේ සදහන් වේ.


එදා මූද කැළණියට හත් ගවුවක්‌ පමණය. එකලට අරක්‌ගත් දෙවියෝ කලකිරී මුහුද ගලන්නට වන්සේක. ද්වාපර යුගයේදී රාවණගේ අධර්මයෙන් රාවණ කොට්‌ටයත්, මාළිගා විස්‌සත් , විදි හාර ලක්‍ෂයත් මූදට ගිලී ගියේය. මන්නාරමෙන් එපිට තූත්තුකුඩියට අතරේ රාවණගේ නුවරය.


මේ අනුව විඡේපාලයන්ට අනුව රාවණ යුගය සංකල්ප ලෝකයේ වූවාට පුරාවිද්‍යාඥයන්ට රාවණ යුගය මනකල්පිත නොවේ.


මුහුදේ ගිලා බැසි අට ලංකා හෙවත් ලෙමූරියා දිවයින අද නූතන පුරාවිද්‍යාඥයන්ගේ නවීනතම පර්යේෂණයේ මූල බීජ බව රහසක්‌ නොවේ. ඇමෙරිකානු ගුවන් හමුදාව රොවන් හෙවත් රාවණ නමින් රහස්‌ ඔත්තුසේවා ගුවන් යානා නිෂ්පාදනයේ යෙදෙද්දී යල් පැනගිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ගැත්තන්ට රාවණ මනංකල්පිතය.


ලෝකයේ පැරණි බව විද්‍යාඥයන්ට දැන් අවබෝධ වී අවසානය. ඇµa ආර්. වුල්සින්ගේ ඉතිහාසය යුග වලින් ඔබ්බෙහි වයඹ දිග අප්‍රිකාවේ පුරාවිද්‍යාව නම් ග්‍රන්ථය අනුවද ඩෙක්‌ බැරින්ටන් නම් බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයතනයට අනුව ලෝක ඉතිහාසය යුග ගණනාවකට බෙදී ඇත. අයින්ටින් පඩීවරයාට අනුව භවයේ විෂ්කම්භය ආලෝක වර්ෂ 85,000,000,000,000,000,000,000,000,000,වේ. මේ සිද්ධාන්තය නිවැරදි බව සෙසු විද්‍යාඥයන්ගේද නිගමනය වේ. ඒ අනුව ඵ්වයේ ප්‍රමාණය යුනිවර්ස්‌ ලෙස නූතන තාරකා විද්‍යාඥයන් පවා අවබෝධ කර අවසානය. මීට වර්ෂ 10000 පෙර දඹදිව පවා අජඨාකාශගාමීන් සිටි බවට නොබෝදා උස්‌බකීස්‌ථානයෙන් ගල්ගුහාවක තිබි සොයාගත් අජටාකාශ ගාමීයෙකුගේ රූපයකින් අණාවරණය වි තිබියදී දේශීය ඇතැම් ලේඛකයන් රාවණා යුගය මනංකල්පිත බව පැවසීම මෙරට ඉතිහාසඥයන්ගේ දැනුම පිළිබදව කදිම උදාහරණ සපයයි.


අප්‍රිකා මහද්වීපයත් ඉන්දියන් සාගරයද මඩගස්‌කාව ,ලංකාව , මලයාව (මැලේසියාව) ඕස්‌ටේ්‍රලියාව සම්බන්ධ වූ මූ නමීන් යුත් දියුණු දAවිපය ගිලීගොස්‌ ඉන්දියන් සාගරය ඇති වූ බව වර්තමාන විද්‍යාඥයන්ගේද පිළිගැනීම වී තිබේ.


මහා විද්‍යාඥයන් වන කර්නර් ජෙම්ස්‌ වර්ච්වුඩ් වැනි පඩිවරුන්ට අනුව මූ රාජ්‍යයේ දැනට ශේෂව ඇති මධ්‍ය කොටස ඉන්දියන් සාගරයේ ඇති සිංහල දිවයින ලෙසද සකල විද්‍යාවන්ට ශාස්‌ත්‍ර සූත්‍ර වල මූලස්‌ථානය මේ මූ දිවයින බව පැවසීම ලංකාද්වියට නොවැටහීම ජාතියේ අවාසනාවකි.


සොලමන් රජුගේ අති විශාල දෙවොලට දේවදාර කදන් රැගෙන ගියේ ශ්‍රී ලංකාවෙන් ගිංතොට නොහොත් ගාලු වරායෙන් බව හීබෲ ග්‍රන්ථවල පෙන්වාදේ. මෙවැනි පුරා විද්‍යාත්මක ඉතිහාසාත්මක මතවාදයක්‌ නූතන ලොව තුළ පවතිද්දි පර්යේෂණ කිසිවකටවත් සම්බන්ධ නොවූ ඇතැම් ලේඛකයන් රාවණයන්ට අපහාස කිරීම හා පර්යේෂණ අඩපණ කිරීමේ කූට උපක්‍රමයක යෙදී ඇති බව මෙවැනි ලිපි මගින් තහවුරු වේ. එබැවින් ඉතිහාසය හා පුරා විද්‍යාව විෂයන් දෙකක්‌ වන අතර ,පුරා විද්‍යාඥයන්ට පුරා විද්‍යාත්මකව ඉතිහාසය පැහැදිලිව පෙන්වා දීමට කිසිදා නොහැකි වු ඇත. 


 උපුටා ගැනීම - http://www.divaina.com/2011/10/05/badada02.html

 

මං කුවේණිට ආදරෙයි!

0

මං කුවේණිට ආදරෙයි!

සුගත් සමරකෝන් පවසයි

වේදිකාව දේශපාලන භාවිතයක් සඳහා යොමු කළ නාට්‍යකරුවන් අතරින් 80 දශකයේ අග වඩාත්ම ඉස්මතු වූ නාට්‍යකරුවා සුගත් සමරකෝන්ය. ඔහු නිර්මාණය කළ අමල් බිසෝ, උතුරේ රාහුල හිමි, කමන්ඩෝ දියසේන හා දේශපාලුවා වඩාත් ගැඹුරින් සටහන්ව ඇත්තේ ඒ යුගයේ සිදුවූ සමාජ දේශපාලන වෙනස්වීම්වලට ප්‍රතිචාර දැක්වූ නාට්‍යය ලෙසය. සුගත් සමරකෝන් දීර්ඝ කාලයකට පසු නැවත වරක් සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂණය කරමින් කලා ක්ෂේත්‍රයට පිවිස සිටී.

* ඔබ බොහෝ දෙනෙක් හඳුනන්නේ දේශපාලන නාට්‍යකරුවෙකු ලෙසයි. එතැන ඉඳලා ඓතිහාසික සිනමාකරුවෙකු බවට හැරවුමක් ගත්තේ ඇයි?

නාට්‍ය කලාවෙ කරපු දේශපාලනයම තමයි මම සිනමාවෙත් කරන්නේ. ඓතිහාසික චිත්‍රපට කිරීම තුළත් දේශපාලනයක් තිබෙනවා. සමකාලීන මාතෘකාවලට පමණක් දේශපාලනය සීමා කරන්න බැහැ. සදාතනික දේශපාලනය තිබෙන්නේ ඉතිහාසය තුළයි.

* මෑත කාලයේ ඓතිහාසික කතා තේමා රැගත් චිත්‍රපට නිෂ්පාදනය වීමේ රැල්ලක් දකින්න ලැබෙනවා. ඒවා ආදායම් අතින්ද සාර්ථකයි. මේ පසුබිම ඔබට “විජය කුවේණි” නිර්මාණයට බලපෑවද?


 
ඓතිහාසික කතා තේමා කියලා විශේෂයක් නැහැ. නිර්මාණකරුවන්ට විවිධ අරමුණු තිබෙනවා. අපිට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. පසුගිය කාලයේදී ඒක අමතක කර බටහිරට වන්දනා කරන පසුබිමක් හැදුණා. ඒක නිවැරැදි විය යුතුයි. භෞතික සංවර්ධනය වැදගත්. නමුත් අපි එයට වහල්වෙලා ඉතිහාසය අමතක කරන්න නරකයි.

අපිට සදා ජීවමාන වන ඉතිහාසයක් තිබෙනවා. නමුත් එය තුළ සිදුවුණු අත්වැරදීම්ද නැතිවා නොවෙයි. ඒවා නිවැරැදි විය යුතුයි.

* “විජය කුවේණි” කතා ප්‍රවෘත්තියට ඔබ ආකර්ෂනය වුණේ කුමන හේතුවක් නිසා ද?


අපේ ජාතියේ ආරම්භකයන්ට පසුකාලීන ඉතිහාස රචනා තුළ අසාධාරණයක් වෙලා තිබෙනවා. මේක මහා රාවණා වංශ කතාව දක්වා දිවයන එකක්. අදටත් භාරතය රාවණා දකින්නේ දුෂ්ට පාලකයෙක් ලෙසයි. එහි වාර්ෂිකව පැවැත්වෙන විජයරාජ් උත්සවයේදී ඔහුගේ ආකෘතියක් පරිභව කර පාකර හරිනවා. රාමායනය තුළ වූවත් රාවණාට සාධාරණයක් ඉටුවෙලා නැහැ. මේ ගැටලු වටහාගෙන ඒවා නිවැරැදි කිරීම ඉතිහාසඥයන්ට පමණක් භාර දෙන්න බැහැ. ඒ සඳහා කලාකරුවන්ටත් කාර්යයක් තිබෙනවා.

* බටහිර හා ඉන්දියානු සිනමාව තුළ වෙනම ධාරාවක් ලෙස “වීර කාව්‍ය” මතුව තිබෙනවා. මෑතක් වනතුරාම අපේ සිනමාවට එය විෂය නොවන්නේ ඇයි?


සිනමා කර්මාන්තය පිළිබඳ හෝ ඒ සඳහා නිර්මාණය වන තිර රචනා තෝරා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් නැහැ. අපේ රටේ චිත්‍රපට හැදෙන්නේ හුදෙකලා උත්සාහයන් විදිහට. ඒ නිසා මේක ඇතුළෙන් ජාතික අවශ්‍යතාවයක් මතුවෙන්න විදිහක් නැහැ. එහෙම කෙරුණත් ඒවත් හුදෙකලා මතුවීම් පමණයි. ඒ කොහොම වුණත් වෙන විදිහක රැලි එනවට වැඩිය ඓතිහාසික චිත්‍රපට රැල්ලක් හැදෙන එක හොඳයි.

නමුත් ඓතිහාසික චිත්‍රපට නිර්මාණයේදී විශාලම අවදානම ගන්නේ නිෂ්පාදකයායි. වෙනත් චිත්‍රපටයකට වැඩිය වියදමක් ඒ සඳහා වැය වෙනවා. අපි ජාතික අවශ්‍යතාවයක් ඉටුකළාට අපිට වෙනම පහසුකමක් කර්මාන්තය පැත්තෙන් හෝ රජය පැත්තෙන් ලැබෙන්නේ නැහැ.

ඉන්දියාව හා චීනය වගේ රටවල මේ වර්ගයේ චිත්‍රපට සඳහා විශේෂ දිරිදීම් රජය පැත්තෙන් කෙරෙනවා. ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා එවැනි නිර්මාණ සඳහා පහසුකම් සලසා තිබෙනවා. නමුත් එය චිත්‍රපට සංස්ථාවේ ස්ථාවර වැඩපිළිවෙළක් බවට පත්විය යුතුයි.

* ඔබ චරිතයක් සඳහා රංගන ශිල්පීන් තෝරා ගැනීමේදී ඔවුන්ගේ අතීත රංග කාර්යයන් ගැන සැලකිලිමත් වෙනවාද?

මම චිත්‍රපටයකට නළුවන් තෝරා ගැනීමේදී ඔවුන් මෙයට කලින් ප්‍රධාන භූමිකා රඟපා තිබෙනවාද කියලා බලන්නේ නෑ. ඔවුන් සුළු චරිතයක් රඟපා තිබුණත් ඒ තුළ සෑහීමකට පත්විය හැකි යමක් කර තිබෙනවා නම් එවැනි පිරිසක් යොදාගෙන නිර්මාණාත්මක යමක් කළ හැකිය යන මතයේ මම ඉන්නවා.

“කුවේණි” චරිතය සඳහා දුලානි අනුරාධා තෝරාගත්තෙත් ඒ අනුවයි. මේ චරිතය සඳහා වඩාත් සුදුසු ඇය බව දුලානි උපරිම අයුරින් නිරූපණය කළා. රොජර් සෙනෙවිරත්නගේ “විජය” භූමිකාව කාලයකට අමතක නොවන ආකාරයේ රංගනයක්. ප්‍රධාන නළු නිළියන් පමණක් නෙවෙයි දීර්ඝ වශයෙන් ධාවනය නොවන චරිත පවා මේ චිත්‍රපටයේ ප්‍රබල ආකාරයෙන් නිරූපණය කර තිබෙනවා. ක්ලිටස් මෙන්ඩිස්, සඳුන් විජේසිරි, තිලක් කුමාර රත්නායක, විල්සන් කරු, ආචාර්ය මර්වින් සිල්වා වැනි අය විශිෂ්ට අයුරින් ආරාධිත චරිත රඟපා තිබෙනවා.

* මෙම නිර්මාණය ඓතිහාසික කතාවක සිට පවුල් සංස්ථාව ගැන කෙරෙන විවරණයක් බවට පත්කර ගැනීමට හේතුව කුමක්ද?


අපේ පවුල් සංස්ථාව තුළ බොහෝවිට අසරණ වන්නේ ස්ත්‍රියයි. පේ‍්‍රමය සෑම ගැහැනියකටම පොදුයි. මවක්, බිරිඳක් හා දියණියක් ලෙස පේ‍්‍රමයේ වියෝගය දැඩිව දරා සිටින්නේ ස්ත්‍රියයි. මේ සියල්ලේ පොදු සංකේතය කුවේණියයි. ඒ නිසා මම කුවේණියගෙන් දකින්නේ ස්ත්‍රීත්වයයි.

පෙරදිග ස්ත්‍රියට සදාකාලයටම උරුම වූ විඳවීමක් තිබෙනවා. මම හිතන්නේ එය එන්නේ කුවේණියගෙන් කියලයි. පුරුෂාධිපත්‍යයෙන් බැටකන සදාකාලික ප්‍රතිමුර්තිය කුවේණියයි.

* මේ අදහස ඔබ ප්‍රතික්ෂේප කරන බටහිර සංකල්ප තුළ ස්ත්‍රීවාදය ලෙස දැක්වී තිබෙනවා නොවේද?


කොහෙන් ආවත් මේ තත්ත්වයට අපේ කාන්තාවන්ට මුහුණ දෙන්න සිදුවෙනවා නම් ඒක අපි ප්‍රතික්ෂේප කරන්නේ කොහොහමද?

අපි කාන්තාවන්ට සමතැන් ලැබෙනවයි කතාවට කිව්වට කොයිතරම් බැඳීම්වලින් ඒක වැහිලා තිබෙනවාද? මම කියන්නේ නෛතික සීමා ගැන නෙවෙයි. නීතිය ඇතුළෙ හැමෝටම සම තැන තිබෙනවා. නමුත් සංස්කෘතිය ඇතුළේ ඇය තවමත් සිරකාරියක්. පිරිමියෙක්ට ගෑනු දහදෙනෙක් ගන්න පුළුවන් වුණාට ගෑනියෙක් එහෙම කළොත් මොනව නොකියයිද?

ගැහැනියක් කවුරු හෝ පිරිමියෙක් සමඟ විවාහයකට ඇතුල් වූ පසු ඔහු කුමන දුෂ් චරිතයේ යෙදුණත් ඒ මත්තෙම තැවෙන්න ඕන. ඇයට ගැලවීමක් නැහැ. මේක වෙනස් කරන්න නම් අපි කල්පනා කරන විදිහ වෙනස්විය යුතුයි. ඒක කලාවට කරන්න පුළුවන්.

* ඔබ ඇතුළු පිරිස 80 දශකයේ අග නිර්මාණය කළ කලා නිර්මාණ සමහරු හඳුන්වන්නේ ප්‍රචාරකවාදී නිර්මාණ හැටියටයි.


එහෙම කියන අය ඔය කියන කාලේ මොනවද කළේ. අපි විශාල තර්ජනයක් මැද්දෙයි නාට්‍ය කළේ. අපේ සමහර මිනිස්සු කතා කරන්නේ සාර්ථක වූ උත්සාහයන් ගැන නෙවෙයි වැරදුණු දේවල් ගැනයි. අපිට ඉදිරියට යන්න අමාරු ඒකයි.


 උපුටා ගැනීම -  http://www.dinamina.lk/2011/10/21/_art.asp?fn=f1110213&p=1

සක්වළ යතුර - STAR GATE

3

මෙම සටහන කියවීමට පෙර ,මීට පෙර ලියා ඇති සටහන කියවීම වැදගත් වෙනවා.සමකාලීන මිසර සහ බැබිලෝනියන් ශිෂ්ටාචාර සමග රාවනා රජු සෘජුවම සබදතා දක්වා ඇති බව මීට පෙර සටහනකින් දැන ගත්තෙමු.එසේ නම් මහා රාවනා යුගයද පෙර කී ශිෂ්ටාචාර වල පරිසරයන්ගෙන් යුක්ත විය යුතුය. 


ඒ බව දැනටමත් සනාථ වෙමින් පවතිනවා.පෙර කී මිසර,සුමේරියන්,බැබිලෝනියන් ශිෂ්ටාචාර වලට පිටසක්වල සම්භවයක් ඇති බව සනාථ වී ඇත.මහා රාවනා රජුගේ කාල පරිච්ඡේදයෙන්ද මේ හා සමාන පිටසක්වල සම්භවයක් පිළිබද හෙළි වේ.මේ ශිෂ්ටාචාර සියල්ලක්ම එක හා සමාන කාලයකදී ආරම්භ වී(අහසින් පැමිණි දෙව්වරුන්ගෙන්) එක හා සමාන කාලයක පැවතී එක සමාන කාලයකදී විනාශ වීම පුදුම සහගත සිද්ධියකි.

මෙව්වා එකිනෙකට සම්බන්ධ කර දැක්විය හැක.අප රටේ සිට පිටසක්වල ජීවින් පිළිබද අධ්‍යනයක් කරන විට ,අපට නැතුවම බැරි මූලාශ්‍රයකි "සක්වල ගල". "තාරකා දොරටුව" , "සක්වළ යතුර" හා "සක්වල චක්‍රය" ලෙසද හදුන්වනුයේ මෙයම වේ.ඉoග්‍රීසි බසින් STAR GATE යනුවෙන් හදුන්වයි.



මේ හැරුනු කොට මුලු ලෝකය පුරාවටම තවත් "සක්වල දොරටු" කිහිපයක් සොයා ගෙන තිබෙනවා.එව්වායින්ද වැඩි කොටසක් ,මහා රාවනා රජු සබදතා දැක්වූවායි සැළකෙන ශිෂ්ටාචාර වලට අයත් වීම පුදුම සහගත වේ.මිසරය ඉන් එක් ශිෂ්ටාචාරයකි.එහි ඇති "තාරකා දොරටුව" මීට වඩා විශාල වූ එකකි.නමුත් මෙතෙක් ලෝකය පුරාවටම සොයා ගත් තාරකා දොරටු අතරින්, අක්ෂර සහ රූප වැඩි කොටසක් ආරක්ෂා වී පවතිනුයේ අපේ තාරකා දොරටුවෙනි.අප රටට අයත් තාරකා දොරටුව අනුරාධපුරයේ ,ඉසුරුමුණිය විහාරය අසල ඇති "රන්මසු උයන" තුළ දක්නට ලැබේ.



දැනට පවතින "රාවණා" ඉතිහාස කතාව අනුව මෙය ඉදි කර ඇත්තේ රාවණා රජුගේ පියා වූ "වෙස්සවන" (වෙශ්‍රවණ ) විසිනි.එම නිසා පසුව රජ පැමිණි රාවණාට ,මෙයින් විශාල ප්‍රයෝජනයක් ගන්නට ඇතැයි සිතිය හැක.මොකක්ද මේ තාරකා දොරටුව කියන්නේ? ඔබ The Stargate , Night At The Museum 2 ,Sinhaawalokanaya,Spellbinder වැනි චිත්‍රපට බලලා තියෙනවා නම් මේ පිළිබදව දැනටමත් හදුනාගෙන අවසන් කියා සිතනවා.

දැනට පවතින මතය අනුව මෙහි කැටයම් කර ඇති අක්ෂර සහ රූප වලින් පැවසෙනුයේ වෙනත් චක්‍රාවටයක ඇති ,වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක ඇති ,ග්‍රහලෝක කිහිපයක් කරා යා හැකි සිතියමකි.කොටින්ම කිවහොත් පෘතුවියේ සිට පිටසක්වළ යානාවක් ගමන් කළ යුතු මාර්ගය හා පිටසක්වල සිට නැවත පෘතුවියට පැමිණීමේ මාර්ගයයි.එහි වාසය කරන ජීවින් සමග මහා රාවනා රජු සහ අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වල රජවරු සම්බන්ධතා පවත්වා ඇත.ඔවුන්ගෙන් අප ලෝකයට විශාල තාක්ෂණයක් ලැබී ඇත.නමුත් අදටත් මෙහි ඇති සිතියම කිසිවෙකුට අවබෝධ කර ගත නොහැක.


නමුත් කවදා හෝ අනාගතයේ යම් අයෙක් මෙම සිතියම අවබෝධ කර ගතහොත් ,එම වකවානුව තුළ තාක්ෂණය වර්තමානයට වඩා දස දහස් ගුණයකින් දියුණුව පැවතුනොත් ,මෙම සිතියමේ උපකාරයෙන් අපට එම ග්‍රහලෝක කිහිපය සොයා ගත හැකි වන අතර එහි වාසය කරන ජීවින් සමග නැවත සම්බන්ධතා ගොඩ නගා ගත හැක.මීට වසර දහස් ගණනකට පෙර පෘතුවියේ සිටි පැරැන්නන් මේ ඔස්සේ පිටසක්වල ජීවින් සමග සම්බන්ධතා පැවැත්වූ අතර කුමක් හෝ කරුණක් නිසා එම සබදතා බිද වැටී ඇත.නූතනයේ පවා පිටසක්වල ජීවින් පෘතුවිය කරා පැමිණෙන්නේ ,අතීතයේ පැවැත් වූ සබදතා නිසා හෝ එම සබදතා අලුත් කර ගැනීමට විය හැක.



විද්වත් මත අනුව මෙම සිතියම සටහන් කර ඇත්තේ දොරකය.එනම් මෙම ගල විවෘත කළ හැකි තත්වයක අතීතයේ තිබී ඇත.මෙම දොරටුව විවෘත වූ විට එහි ඇතුළත ඇත්තේ කුමක් විය හැකි ද? මෙයටද මත කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර ඒ අතරිනුත් ප්‍රසිද්ධ මත 2කි.

1.වෙනත් චක්‍රාවාටයක ඇති වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක ඇති ,වෙනත් ග්‍රහලොවකට ඇතුල් විය හැක.


2.වෙනත් සමකාලීන ශිෂ්ටාචාරයකට ඇතුල් විය හැක (මෙම තාරකා දොරටුවෙන් ගොස්, එම ශිෂ්ටාචාරයේ තාරකා දොරටුවෙන් මතු වීමෙන්)


 
1 වන කරුණ සත්‍යක් නම් ;-

*තාරකා දොරටුව යනු එක් ග්‍රහලොවක සිට තවත් ග්‍රහ ලොවකට ඇසිල්ලකින් පිවිසිය හැකි මාධ්‍යයකි.එය සිදු වන්නේ ඇසි පිය ගසන වේගයකිනි. පියවි ඇසට ගෝචර නොවේ.තාරකා දොරටුවෙන් මෙපිට තව ලෝකයකි.එපිට තවත් ලෝකයකි.මෙපිට සිට එපිටට පනින ඇසිල්ලෙන් අලුත් ලෝකයකට පිවිසිය හැක.ඇතැම් විට එම ග්‍රහ ලෝක වලද මෙවැනිම දොරටු තිබිය හැක.

ඔවුන් මෙපිටට පැමිණ අපට දැවැන්ත තාක්ෂණයක් ලබා දෙන්නට ඇත.මිසර ශිෂ්ටාචාරයේ දැවැන්ත පිරමීඩ් එසේ මෙසේ මිනිසෙකුට ඉදි කළ නොහැක.එමෙන්ම මිසර පිරමීඩ් වල ඇති පිටසක්වල ජීවින්ගේ හා හදුනා නොගත් පියාසර වස්තු වල සිතුවම් නිසාද මෙම මතය වඩාත් කැපී පෙනේ.

 

2 වන කරුණ සත්‍යක් නම් ;

මහා රාවනා ඇතුලු සමකාලීන ශිෂ්ටාචාර වල රජවරු මෙම තාරකා දොරටු භාවිතා කරමින්,ඒ ඒ සභ්‍යත්වයන් කරා ගොස්, ඔවුන් සමග මිත්‍ර සබදතා ගොඩ නගමින්,ඔවුන් සමග දැනුම බෙදා හදා ගෙන ඇත.

*උදා ;- අහසින් පැමිණි සින්හ මිනිසුන් - බැබිලෝනියන් මැටි පුවරු {සීගිරිය පිළිබද ඇති සටහන කියවන්න}


කෙසේ හෝ මෙම මත පිළිගැනීම සහ පිළිනොගැනීම ඔබට භාරයි.






පහත ඇත්තේ පේරු සහ ඊජිප්තු යන රටවල තාරකා දොරටුය.අන්තර්ජාලය පුරාවටම මේවා පිළිබදවද පින්තූර සහ කරුණු ඇත.ඒවාද අධ්‍යනය කරන්න.
 
පේරු රාජ්‍යයේ තාරකා දොරටුව
 
මිසරයට අයත් විශාල තාරකා දොරටුව (ආකෘතියක් - චිත්‍රපටයක් ඇසුරෙන්)
 
මිසරයේ තාරකා දොරටු අතරින් එක් තාරකා දොරටුවක් {කුඩා ය}
 
ලක්දිව තාරකා දොරටුව පිළිබද අධ්‍යනය කරන විට මහා රාවණයනෙගි බල පරාක්‍රමය සක්වල කරා දිව යන බව පැහැදිලි වේ. රාවනා යුගයට අදාළ නොවුනද තවත් කරුණක් දෙකක් කිව යුතුය. වෙස්සවන රජ දවස ඉදි කළ අප රටේ තාරකා දොරටුව තවමත් සුරක්ෂිතව පවතියි.ඇතැම් විට රාවනා රජුගේ "දඩුමොනරය"ද පිටසක්වලින් ලැබුනු එකක් විය හැක.පෙර කීවා සේම "තාරකා දොරටුව" පිහිටියේ අනුරපුර ,ඉසුරුමුනි විහාරය අභියස ඇති රන්මසු උයනේ නිසා මෙය අනුරාධපුර රාජධානියේ රජවරුද භාවිත කළා විය හැක (මගේ මතය ) උදාහරණයක් ලෙස දුටුගැමුණු සමය ගනිමු.



මෙවැනි දැවැන්ත නිර්මාණයක් එතරම් පැරණි යුගයක එසේ මෙසේ මිනිසෙකුට කළ නොහැක.එවන් තාක්ෂණයකට වර්තමානයේ පවා අපට ළගා විය නොහැක.දැවැන්ත යුද්ධයක් නිම වී ඉතා කෙටි කාල සීමාවක මෙම සෑයේ වැඩ ඇරබිනි.දුටුගැමුණු අනුරපුරය ගොඩ නගන විට දෙවියන් හා සමාසනයේ සිට සාකච්ඡා කර ඇති බවත්,එදා විද්‍යා දැනුම ලබා ගැනීමට රහස් සන්විධානයක් තිබූ බවත් ඇතැම් පොත් පත් වල ඇත.රුවන්වැලි සෑය වැනි දැවැන්ත නිර්මාණයක් ක්‍රමානුකූලව ඉදි කිරීමද අසීරුය.


මෙහි සැලසුම රජුට දෙවියන් විසින් තිළිණ කර ඇති බවද සදහන් වේ? අහසින් පැමිණෙන ඕනෑම ජීවියෙක් පැරැන්නන් දෙවියන් ලෙස හැදින් වූහ (වෙනත් රටව ශිෂ්ටාචාරවල පවා) දෙවියන්ට අමතරව "දේව" නමින් පැරැන්නෝ වෙනත් අසාමාන්‍යය ජීවින් පිරිසක්ද හදුන්වා ඇත.රුවන්වැලි සෑය විවෘත කරන විට වෙනත් වෙනත් ලෝක වලින් විවිධ වර්ගයේ ,විවිධ පෙනුමෙන් යුක්ත ජීවින් පැමිණි බව මහා වoශය පවා පවසයි.එවැනි දැවැන්ත නිර්මාණ කිරීමට දේශීය අමු ද්‍රව්‍ය සහ විද්‍යාවන් ඉක්මවා යා යුතුය.රුවන්වැලිය සෑදීමට රජුට අමු ද්‍රව්‍ය ලැබුණු ආකාරයද පුදුම සහගතය.දිවයිනේ නොයෙක් නොයෙක් පලාත් වල සෑයට අවශ්‍ය රන්,රිදී,මුතු,මැනික් දහස් ගණනක් ,එකවර ,ඉබේ පහළ වී ඇත. එමෙන්ම ජේතවනය,රුවන් වැලිය සහ මිරිසවැටිය යන මහා දාගැබ් ත්‍රිත්වය පිහිටා ඇත්තේද මිසරයේ මහා පිරමීඩ ත්‍රිත්වය පිහිටි රටාව අනුවමය.

මෙම "YOUTUBE" වීඩියෝ දර්ශන 2 බලන්න.


1.http://www.youtube.com/watch?v=WlOhNUzoPdU&feature=related

2.http://www.youtube.com/watch?v=6oN-jW6IZJo&feature=related

මෙම වීඩියෝ දර්ශන නැරඹීමෙන් පසුව ඔබට යම්කිසි නිගමනයකට ඒමට සිදු වේ. එහි සාරාoශය මෙසේ වනු ඇත.


ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝ මාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්ව රහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන "ෆැන්ටසියක්" වත්, ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක්වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධ කේන්ද්‍රස්ථාන අතර ප්‍රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතියි.... ...


මෙකී රහස් කඳවුර තුළ පිටසක්වළ අතිශය බුද්ධිමත්, තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බව සැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්‍රාමික දිවිය අතර තුර සමීපතමයන්ට හෙළිදරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලා ගත්හ. මෙවැනි හමුවලදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබට වැදගත්ම රහස වන්නේ මෙයයි...

"පිට සක්වළ ජීවිහු අතර "දුර බැහැර ග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහා පඬිරුවනක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින් බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු "තත්ථාගහ්" (Thaththaggah) සහ "නීදෝක්" (Needhok) යන නාමයන්ගෙන් අමතති..." මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය "විශ්ව බෞද්ධ" ප්‍රජාවක් ගැන නොවේද?......( ඒරියා 51 වෙතින් හෙළි වූ ආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි "ආගමික" රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු "පෘථිවි" ආගමික දර්ශනයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..

මේ එවැනි රහසක් ලොවට කාන්දු වූ පළමු අවස්ථාවයි )එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් "ඒලියන්" සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය....



එසේ නම් දුටුගැමුණු රජු සමග සබදතා පැවැත්වූයේද බුදුන් සරණ ගිය,බුදු දහම වැළදගත් පිටසක්වල ජීවින් පිරිසක් නම් ,ඔවුන් දුටුගැමුණු රජුගේ බුදු දහම නගා සිටුවීමේ හා වෙහෙර විහාර ඉදි කිරීමේ ව්‍යාපාරයට සහයෝගය දැක්වීම පුදුමයට පත් විය යුතු කරුණක්ද නොවන්නේ ය.

රුවන්වැලිය ගොඩ නැගීමේ වැඩ කටයුතු හෙළයන් විසින් සිදු කළත්,ඒ සදහා අවශ්‍ය වූ තාක්ෂණය ,"ඇතැම් විට" සක්වල ගල ආධාරයෙන් අපට ලැබෙන්නට ඇති ඉඩකඩ ඇත.ඒ බව පහතා ඡායාරූප වලින්ද පැහැදිලි වෙයි.


විශේෂ ස්තූතිය ;- වරුන නිරෝශන කමලවන්ශ















කෙතරම් පුදුම සහගතද...???? රුවන්වැලි මහා සෑය යනු,අප සිතනවාටත් වඩා විශාල ස්තූපයකි.මෙම පුරුක ඔස්සේ ගිය විට එය තවත් පැහැදිලි වේ ;- http://www.youtube.com/watch?v=c14hOZA_cmA&feature=share





රාවනා රජ දවස ,පිටසක්වල යානා නවතා තැබුවේ මෙම ස්තානයේ බවද කිය වේ.සමහරුන් රාවනා රජු යනු සාමාන්‍ය මිනිසෙකු නොවන බවත් පිටසක්වලින් පැමිණි වෙනත් පිටසක්වල ජීවියෙකු බවත් තරයේ ප්‍රකාශ කරයි.එසේම ඔහු නව නිපැයුම් ශිල්පියෙකු වූ බවත් මායා ,ඇස්ටෙක්ස්,ඊජිප්තුව සහ මැද පෙරදිග පාලනය කළ බවත් කියයි.

එමෙන්ම රාවනයන්ට ශක්තිමත් තල දෙකකින් යුක්ත බූමරෑන්ග පවා තිබූ බවට වාර්තා වේ.තවත් පිරිසක් මොහු කාශ්‍යප බුදුන්ගේ කාලයේ කාශ්‍යප බුදුන් සරණ ගොස් මස් මාoශ අනුභවයෙන් තොර වූ බවත් කියයි.එසේම තවත් පිරිසක් මීට වෙනස්ම මතයක් ප්‍රකාශ කරයි. එනම් රාවණාගෙන් හෙවත් (අසුර / හෙළ ශිෂ්ටාචාරයෙන්) මිදීමට "සුර" නම් ශිෂ්ටාචාරයක් (රාමා ඇතුළු පිරිස ) රාවණාට එරෙහිව දැවැන්ත යුද්ධයක් ආරම්භ කර ඔහුව විනාශ කර දැමූ බවයි.මෙවැනිම කතාවක් ලෝක ඉතිහාසයේද ඇත.එහි ඇත්තේ මොවුන් පරමාණු යුද්ධයක් (Nuclear War)ගෙන ගිය බවයි.රාවණාටද පරමාණු බලැති ,විකිරණශීලී අවි ආයුධ තිබූ බැවින් මෙම කතාවන් 2ක් නොව 1ක් වන බවට උගතුන් සැක පහල කරති.

Wikipedia වැනි වෙබ් අඩවි මගින් මෙවැනි දේ පිලිබද අධ්‍යනය කරන්න.












 

උපුටා ගැනීම - http://ko-kr.facebook.com/notes/maha-ravana/the-star-gate/168717423181766






ඓතිහාසික බුත්තල

0

ඓතිහාසික බුත්තල

අතීතයේ ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත්ව තිබූ බවත්, ඒ සඳහා වෙල්යායවල් ලක්ෂයක් පිහිටි වෙල්ලස්ස ප්‍රදේශය ආහාර නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානය වූ බවත් ඉතිහාසයේ දැක්වේ.

ශ්‍රී විජයාරාමය
පරසතුරන් පලවාහැර රට එක්සේසත් කළ දුටුගැමුණු මහ නිරිඳුන්ට නිදහස් සටනට අවශ්‍ය ආහාර නිෂ්පාදනය වුණේ ද වෙල්ලස්ස ප්‍රදේශයෙනි.

සිය සොහොයුරු සද්ධාතිස්ස කුමරුන්ට යුද්දයට අවශ්‍ය ආහාර සැපයීම සඳහා වෙල්ලස්ස ප්‍රදේශය අස්වද්දන ලෙස දුටුගැමුණු මහ රජතුමා උපදෙස් දී තිබිණි.

මාගම සිට මහා සංඝරත්නය පෙරටු කොටගෙන විජිතපුරය බලා යුදසේනාව ගමන් ගත් මාර්ගය වැටී ඇත්තේ ද වෙල්ලස්ස ප්‍රදේශය ඔස්සේ ය.

එසේ විජිතපුරය බලා යන ගමනේ දී සිව්රඟසේනාව නැවතුම්ගත් එක් ප්‍රදේශයක් දැනට බුත්තල නමින් හැඳින්වේ.
යුද සේනාවට ආහාර ගැනීමට ගුප්තශාලා රාශියක් ඒ කාලයේ සද්ධාතිස්ස කුමරුන් විසින් ඉදි කර තිබිණි. ඒ අනුව මේ ප්‍රදේශය ඒකාලයේ ගුප්තශාලා පෙදෙස යනුවෙන් හඳුන්වා තිබේ.

පළමු සටනින් පසුබැස්ස දුටුගැමුණු මහරජතුමාට දෙවැනි සටනේ දී ආශිර්වාදය පළ කිරීමට මහා සංඝරත්නය ද ඉදිරිපත් වූහ.
ඒ මහා සංඝරත්නයට දන් පිළිගන්වා ඇත්තේ ද ගුප්තශාලා පිහිටි ප්‍රදේශයේ බවත්, ඒ හේතුවෙන් එම ශාලා භුක්තශාලා බවට පත් වූ බවත් ජනප්‍රවාදයේ එයි.

පසුකාලීනව භුක්ත ශාලා යන වචනය භත්තශාලා බවට පත් වූ බවත් කාලයාගේ ඇවෑමෙන් පාලි වචනයක් වූ භුක්ත තන්බව වී බත්තල තත්සම පදයක්සේ බුත්තල ලෙසින් වර්තමානයේ භාවිතා කරන බව ප්‍රදේශයේ ඓතිහාසික පසුබිම ගැන කරුණු ඉදිරිපත් කරන පැරන්නෝ පවසති.

‘දැයට කිරුළ 2011’ ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන ඇති භූමිභාගය ආසන්නයේම පිහිටි රහතන්කන්ද ගැන ද පුරාවෘත රැසක් තිබේ.

විජිතපුර සටනට එක් වූ දස මහා යෝධයන්ගෙන් සය දෙනෙකුම වෙල්ලස්ස ප්‍රදේශයේ ජන්මලාභය ලද වීරවරයෝ වෙති.

ඒ අය අතුරින් ථෙරපුත්තාභය යෝධයා විජිතපුර ජයග්‍රහණයට එක්වන්නේ පැවිදි බවෙන් උපැවිදි වෙමිනි.
විජිත පුර විජයග්‍රහණයෙන් පසුව යළි පැවිදි බිමට පිවිසෙන ථෙරපුත්තාභය ස්වාමින්වහන්සේ තමන් සමග සසුන්ගත වූ සංඝයා වහන්සේ 500 දෙනෙකු සම¼ඟ වැඩවාසය කිරීමට තෝරාගෙන ඇත්තේ මේ රහතන් කන්ද ප්‍රදේශයයි.

ජාතියේ වර්තමාන පවතින තත්ත්වය හා අනාගත ජයග්‍රහණ පිළිබඳ කරුණු කාරනා ප්‍රදර්ශනය කෙරෙන ‘දැයට කිරුළ 2011’ ප්‍රදර්ශනය මෙවැනි ඓතිහාසික වැදගත්කමක් ඇති භූමියක පැවැත්වීම ඒ ප්‍රදර්ශනයට තව තවත් අභිමානයක් ගෙන දෙන කරුණකි.

ථෙරපුත්තාභය යෝධයා පැවිදිවී වැඩසිටි ප්‍රදේශය පිහිටා තිබෙන්නේ බුත්තල ආසන්නයේය. අන්දායම් පබ්බත නම් වූ ඒ ප්‍රදේශයේ ජීවත් වූ ථෙරපුත්තාභය උපැවිදි වී මහ සටනට එක් වී තිබේ.
මේ අන්දායම් පබ්බතයට අද ව්‍යවහාර කරන්නේ රහතන් කන්ද කියාය. ථෙරපුත්තාභය හිමි සමග පැවිදි වූ පිරිසක් පසු කාලීනව රහත්භාවයට පත්වීමෙන් අනතුරුව රහතුන් වැඩ සිටි කන්ද රහතන්කන්ද බවට පත්ව ඇතැයි ජනප්‍රවාදයේ සඳහන්වේ. රහතන්වහන්සේ වැඩ සිටි ඉපැරණි කුටි මේ කන්දේ තවමත් දක්නට ලැබෙනවා.

වෙල්ලස්සේ ඓතිහාසික පසුබිම සලකා බැලීමේ දී ප්‍රාග් ඓතිහාසික යුගයේ පවා මේ ප්‍රදේශය සමෘද්ධිමත්ව හා සදාචාර සම්පන්න ජනයාගෙන් සපිරුණු ප්‍රදේශයක් ලෙස පැවැති බවට සාක්ෂි දක්නට තිබේ.

අවුරුදු 5000කට එපිට රාවණා යුගයේ රාවණාගේ සොහොයුරු කුම්භකර්ණ ජීවත්වී ඇත්තේ ද මේ ප්‍රදේශයේ ය. රාවණා මහරජුගේ රජයේ කෘෂිකර්ම ඇමතිවරයා කුම්භකර්ණ වේ. ඔහු ඉදිකළ මහා වාරිමාර්ග ඇළ කුඹුක්කන් ඔය වශයෙන් හැඳින්වේ.

රාම – රාවණා යුද්දය ඇතිවුණේ ද බුත්තල ආසන්නයේ පිහිටා තිබෙන යුදගනාව ප්‍රදේශයේ බවට සාධක තිබෙන බව ජනප්‍රවාදයේ කියැවේ.

යුදගනාව ආසන්නයේ පිහිටි ගිනිකටුහෙළ සහ උල්හිටි කන්ද යන කඳු දෙකේ සිට රාම රාවණා යුද්දය ඇති වූ බව සඳහන් වේ.

ඒ කාලයේ ඔවුන් භාවිතා කර ඇත්තේ පාෂාණමය ආයුද බවට එම කඳු දෙකේ තිබෙන ආයුද කොටස්වලින් සනාථවේ.

කඳු දෙකේ සිට දෙපාර්ශ්වය එල්ල කරන අවි උඩු ගුවනේදී ගැටුණු ස්ථානය කෑලි වැස්ස හෙවත් කැලි වැස්ස ලෙස හැඳින්වේ.

බුත්තල පිහිටි ගැරඩිබතිණ විහාරස්ථානය දක්වා රනුගල්ලේ සිට ජලය ගෙන ආ උමගක් රාවණා යුගයේ තිබූ බවට ද සාධක ඇත.

රනුගල්ල පිහිටා ඇත්තේ පැල්වත්ත පස්සර මාර්ගයේය. ඒ ප්‍රධාන මාර්ගය අසල එම උමගේ ආරම්භක ස්ථානය තවමත් දක්නට තිබේ.

රනුගල්ලේ සිට උමගකින් ගෙන ආ ජලයෙන් වෙල්ලස්ස අස්වද්දා ඇති බවට සාධක තිබේ. හොරබොක්ක ප්‍රදේශයෙන් එම උමගේ ජලය ගොවිබිම්වලට මුදාහැර ඇති බව කියැවේ.

මවුබිමේත්, සම්බුද්ධ ශාසනයේත් ආරක්ෂාව වෙනුවෙන් සැමදා සටන් වැදුණු ජනතාවක් වෙසෙන වෙල්ලස්ස ප්‍රදේශය ඇතමුන් හඳුන්වන්නේ විමුක්ති සටන් ආකරයක් ලෙසටයි. අතීතයේ සිට සශ්‍රීක ප්‍රදේශයක්ව පැවැති ඌව වෙල්ලස්ස මෑත කාලයේ ඉංග්‍රීසින් විසින් ගිනිබත් කර දැමූ ආකාරය ඉතාමත් අනුවේදනීය වේ.


උපුටා ගැනීම - http://www.dinamina.lk/2011/02/01/_art.asp?fn=f1102014

රාමායනය අලලා සකස් කෙරුණු චිත්‍රපටයක්

0
රාමායනය අලලා සකස් කෙරුණු චිත්‍රපටයක්( එහි අන්තර්ගත කරුණු ගැන හා එහි පක්ෂපාතී බව නොවිමසා නරඔන්න) 


ලංකාවේ උමං ඉතිහාසය

0

ලංකාවේ උමං ඉතිහාසය

ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට ම ලංකාවේ තිබුණු උමං පිළිබඳව අසන්නට ලැබේ. මෙම උමං අතරින් කොළොන්නට නුදුරු වවුල්පාන ප‍්‍රසිද්ධය. මෙවැනි උමං භූමි අභ්‍යන්තරයේ ජල ප‍්‍රවාහයන් නිසා පාෂාණ දියවීමෙන් සෑදුණු ඒවා යැයි සිතිය හැකිය. ගල්ඔය නිම්නයේ ගෝවින්ද හෙලේ සිට පැරණි රජ මාළිගා භූමියක් යැයි අනුමානයෙන් කියනු ලබන ස්ථානයක් කරා විහිදී උමගක් ඇතැයිද කියනු ලැබේ. රාවණා ඇල්ල. බතලේගම, මහඔය ආදි ස්ථානවලද මෙවැනි උමං ඇතැයි කියති.වාරි කර්මාන්තය සඳහා පැරැන්නෝ උමං ඉදිකළ බව ලංකා ඉතිහාසයේ සඳහන් වේ. එවැනි පැරණි උමගක් ආර්. එල්. බ්‍රෝහියර් විසින් ඌව පළාතෙන් සොයාගන්නා ලදී. වීදියේබණ්ඩාර පෘතුගීසීන් විසින් කොළඹ කොටුවේ සිර කරන ලද අවස්ථාවේදී ඔහුගේ සූරියදේවී නම් වු බිසව උපායක් කල්පනා කර ගලිගමුවේ පල්ලරුන් ලවා කෝට්ටේ සිට උමගක් කණවා ඔහු රහසේ සිර ගෙයින් පිටකරගන්නා ලද බව රාජාවලියෙන් ද අලකේශ්වර යුද්ධය නම් කෘතියෙන්ද ක්වේරෝස් නම් පෘතුගීසි ඉතිහාසඥයාගේ වාර්තාවලින්ද හෙළිවේ.

යටත් විජිත සමයේදී ලංකාවේ දුම්රිය මාර්ග උදෙසා බි‍්‍රතාන්‍යයින් විසින් උමං (බිංගෙවල්) ඉදිකර තිබේ. භූ විෂමතාවන් ජයගැනීම සඳහා එසේ දුම්රිය මාර්ගවල අතීතයේදී බිං ගෙවල් නිර්මාණය කරන ලදී. විශේෂයෙන් උඩරට කඳුකරයේ වූ ගිරි දූර්ග අතරින් දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ අභියෝගය ජයගෙන ඇත්තේ බිංගෙවල් 44 ක් කැණීමෙනි. කොළඹ සිට බදුල්ල දක්වා බිංගෙවල් 44 ක් තිබේ.ප‍්‍රධාන මාර්ගයේ කඳුකරයෙන් මෙපිට පිහිටි එකම බිංගෙය මීරිගම සහ අඹේපුස්ස අතර පිහිටා තිබේ. 

රඹුක්කන සිට කඩුගන්නාව දක්වා වූ දුර්ග මාර්ගයෙහි පිහිටි බිංගෙවල් සංඛ්‍යාව 10 කි. අලගල්ල කඳු වැටියෙහි පිහිටි අඩි 1059 ක් වූ බිංගෙය මහනුවර දක්වා වූ දිගම බිංගෙය වේ. වඩාත් විශ්මිත නිර්මාණය වන්නේ මිංගල්ල බිංගෙයයි. එහි දිග අඩි 300 ක් හා පළල අඩි 18 ක් වේ. හැටන් දුම්රිය ස්ථානයට මදක් දුරින් පිිහිටි සිංගිමලේ කන්ද හරහා වූ ර්‍ථධධත ඕචදඬ බිං ගෙය අඩි 1842 කි. ඔහිය සහ ඉදල්ගස්හින්න අතර වැඩිම බිංගෙවල් සංඛ්‍යාවක් දක්නට ලැබේ. දිගින් අඩු බිංගෙවල් 14 ක් ඒ අතර වේ. එක් බිංගෙයක් පසුකිරීමට පෙර දුම්රිය ඊළඟ බිංගෙයට පිවිසීම එහි ඇති සුවිශේෂත්වයයි.දෙමෝදර බිංගෙයද විශ්මිත නිර්මාණයකි. දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ බිංගෙය පිහිටි කඳු බෑවුම මතය. දුම්රියපළ පසුකර කන්ද වටා ගොස් යළි දුම්රියපළ යටින් වූ බිංගෙය ඔස්සේ ගමන් මග ඉදිව තිබීම සුවිශේෂ දර්ශනයක් වේ.

උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටියට නුදුරුව වූ සැතපුම් ¾ 3/ 4 පමණ දිග බිංගෙය ලංකාවේ දුම්රිය මාර්ගයන්හි පිහිටි බිංගෙවල් අතරින් ඉතාම දිග බිංගෙයයි. ඉතාම ගැඹුරින් හාරා තිබෙන්නේ අලගල්ලේ බිංගෙයයි. මහා මාර්ග සඳහා වූ බිංගෙවල් අතරින් වඩාත් ප‍්‍රසිද්ධ මහනුවර හල්ඔළුවේ බිංගෙයයි. කාපිරි කම්කරුවන් යොදවා බි‍්‍රතාන්‍යයන් විසින් ඉදිකරනු ලැබූ මෙම බිංගෙය 1930 දී පමණ ගරා වැටිණ. 1958 දී එය ප‍්‍රතිසංස්කරණය කරන ලදී. ලංකාවේ ජල විදුලි කර්මාන්ත උදෙසා උමං කැණීම අත්‍යවශ්‍ය විය. 1950 දී නිම කරන ලද ලක්ෂපාන විදුලි බල නිෂ්පාදන කාර්යය සඳහා අඩි 8,4000 ක් දිග උමගක්ද 1958 දී නිම කරන ලද කාසල්රේහි විමලසුරේන්ද්‍ර විදුලි බලාගාරයට ජලය ගෙන ඒම සඳහා සැතපුම් 4 ක් දිග උමගක්ද 1969 දි පොල්පිටියේ ජල විදුලි බලාගාරය සඳහා සැතපුම් 4 1/4ක උමගක්ද සාදා නිම කර තිබේ.මෙම උමං සියල්ලේ වැඩි කොටස දැඩි පස් සහිත ප‍්‍රදේශ ඔස්සේ හාරා තිබේ. 

බොහෝ උමංවල ඇතුළු පැත්ත වානේ වලින් හෝ කොන්කී‍්‍රට්වලින් සවිමත් කර තිබේ.උමං කැණීමේ ශිල්ප ක‍්‍රම අනුව ඉදිකළ සොරොව් දෙකක්ද තිබේ. ඒ කන්තලේ දකුණු ඇල සොරොව්ව සහ මින්නේරි වැව් ජයන්ති සොරොව්වය. අතීතයේදීී පැරණි ක‍්‍රම අනුව අප රටේ කුඩා උමං ඉදිකළ අතර පසුකාලයේදී දියුණු ක‍්‍රම භාවිතා කර උමං ඉදිකරන ලදි.ලංකාවේ මිනිරන් පතල් කර්මාන්තයේදී දෝනා කණිනු ලබන්නේ උමං කණින ආකාරයටමය.ස්වභාවිකව සෑදුණු උමං සහ ඉපැරණි රජකාලයේදී සාදන ලද උමං වරින් වර ලංකාවේ විවිධ ප‍්‍රදේශ වලින් හමුවී තිබේ.ලුණුගලකන්ද ආසන්නයේ උමගක් ගැන 1983 දී තොරතුරු වාර්තා විය. මෙය සිංහල රජ සමයේ රහස් උමගක් ලෙස විශ්වාස කරනු ලැබේ. වාද්දුවෙන්ද පැරණි උමගක් 80 දශකයේදී හමුවිය. ඒ වාද්දුව - මහවාද්දුවේ වේරගමට නුදුරින් පිහිටි භූමි භාගයකි. 

මෙය ද රජකාලයේ ඉපැරණි උමගක් ලෙස සලකනු ලැබේ.උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ලට ආසන්නව පිහිටි ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට යටින් කිලෝමීටර් ගණනාවක් දුරට විහිදුණු රජකාලයට අයත් උමගක් හමුවී තිබේ.අත්තනගල්ලේ නිට්ටඹුව ඇතාඋඩකන්ද පාරේ උමගක් සහිත ගල්කුළක් හමුවී තිබේ. මෙය අලවල සිට රත්නපුර පොත්ගුල් විහාරය තෙක් විහිදී යයි. මෙයද සිංහල රජකාලයේ උමගකි.අඟුළුගහකන්ද සර්වෝදකන්දේ අඩි තිහක් පමණ පොළොව යට උමගක් මතුවී තිබේ. එය ස්වභාවිකව භූමියේ ඇතිවූ තත්ත්වයක් මත සෑදුනකි.

ලංකාව ලන්දේසීන්ගේ යටත් විජිතයක් ලෙස පැවති සමයේදී ලන්දේසීන් විසින් කල්පිටියේ ඉදිකළ බලකොටුවේ වාහල්කඩ ඉදිරිපසින් ආරම්භ වන උමං මාර්ග දෙකක් දක්නට ලැබේ. ඉන් එක් උමගක් කොටුවට සැතපුම් 1/4ක් පමණ දුරින් පිහිටි දේවස්ථානය වෙත රහසින් යාම සඳහා සාදා තිබේ. හදිසි සතුරු ප‍්‍රහාරයකදී පරාජය වීමට සිදුවූවොත් තම ජීවිත බේරාගෙන පලායාමට මෙම උමග තනන්නට ඇති බව කියනු ලැබේ. ලන්දේසීන් සෑදූ අනෙක් උමං මාර්ගය යාපනයට සහ මන්නාරමට යාම සඳහා භාවිතා කරන ලදී. යාපනය දෙසට යන උමග අතර මගදී දෙපසට විහිදී එක් මාර්ගයක් යාපනයටත් අනෙක් මාර්ගය මන්නාරමටත් වන ලෙස සාදා ඇතැයි විශ්වාස කරයි.

කොත්මලා ඔය ජලාශය ඉස්මත්තේ නුවරඑළිය මහා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කරගෙන යද්දී උමගක් මතුවී තිබේ. හරංගල ගමෙන් මතුවී ඇති මේ උමග පිහිටි පොළොවෙන් අඩි තිහක් පමණ යටින් පිහිටා තිබේ. මෙම උමග පිළිබඳව විවිධ මත තිබේ. පුරාණයේදී කොත්මලේ ගිනිකඳු පුපුරා ඇතැයි ද ඒ ගිනිකඳුවලින් ගලාගිය ලාවා තට්ටුවක් කල්යාමේදි භූ විපර්යාසයන්ට ලක්වී තල්ලුවී ගොස් මෙසේ උමගක බවට පත්වි ඇතැයි එක් මතයකි. 

රන්, තඹ සහ යකඩ වැඩ සඳහා කැපූ ඉල්ලමක් ලෙසද එය සලකයි.ශ‍්‍රී දළදා මාළිගා භූමියේ පිහිටි මහනුවර වැව යටින් ද රහස් උමගක් පිහිටා තිබෙන බවත් එය හඟුරන්කෙත දක්වා පොළොව යටින් විහිදී ඇති බවත් විශ්වාස කරනු ලැබේ.ඇඹිලිපිටියේ හබ්බෙලිආර ගමේ අරුමපුදුම උමගක් පෑදුණු බව 1999 වසරේදී වාර්තා විය. පනාමුරේ සිට කටුවන දක්වා අතීතයේ උමං මාර්ගයක් තිබුණු බවට ජනප‍්‍රවාදයේ සඳහන් වේ.ජනාකීර්ණ නගර තුළ එහා මෙහා පයින් යන්නන් සඳහා වර්තමානයේ ප‍්‍රධාන උමං මාර්ග 2 ක් නිර්මාණය කර තිබේ. ඉන් එක් උමං මාර්ගයක් කොළඹ බොරැල්ල නගරය ආශ‍්‍රිතවද අනෙක් උමං මාර්ගය මහනුවර නගරය ආශ‍්‍රිතවද සකස් කර තිබේ.

ලෝක ශිෂ්ඨාචාරය ආරම්භ වන්නේ‍ ශ්‍රී ලංකාවෙන් ද?

0

අප රටට අසල්වැසි ඉන්දියාවෙන් පැමිණි විජයගෙන් සිංහලයන් පැවතගෙන එන බව පවසන ලිඛිත ඉතිහාසය වසර 2500කට වඩා පැරණිය. ඊටත් පෙර රාවණ නම් සක්විති රජු ලක්දිව පාලනය කල බව කියන රාමායණය නම් කතන්දරය තුළ යම් සත්‍යයක් තිබෙන බව දැනට සොයාගෙන ඇති සාක්ෂි සනාථ කරයි. එම රාවණ රජුට දඩුමොණරය නම් ගුවන් යානයක් තිබූ බවද එහි පැවසේ. කෙසේ වෙතත් රාවණා රජු ගැන කථා කරන්නට මම පසුව වෙනත් ලිපියකින් බලාපොරොත්තු වෙමි.



ශ්‍රී ලාංකික අපි විවිධ ආගමික මත යනුව යමින් ලංකාවේ උසම කදු අතරින් දෙවන ස්ථානය ගන්නා සමනළ කන්ද වැද පුදා ගන්නා බව අපි කවුරුත් දන්නා කරුණකි.

බෞද්ධයන් සමනළ කන්ද බුදුරජාණන් වහන්සේගේ සිරි පතුලේ ලංඡනය තැබූ බැවින් ශ්‍රිපාදස්ථානය ලෙස හදුන්වන අතර කිතුනු බැතිමතුන් හා ඉස්ලාම් භක්තියින් බයිබලයට හා කුරාණයේ එන පරණ ගිවිසුමට අනුව ආදම් හා ඒව නැමැත්තන්ගෙන් ලෝකයේ මනුෂ්‍යන් ආරම්භ වූ බවත් ඔවුන් පහළ වූයේ ඇඩම්ස්පීක් (Adam's Peak) හෙවත් සමනළ කන්දට බව පැවසේ.

බෞද්ධ ධර්මයට අනුව ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි ආලෝකය පමණක් විහිදුවන සතුට ආහාරයට ගන්නා සත්වයන්ගෙන් මනුෂ්‍යයන් ඇතුවූ බවයි. නමුත් ඔවුන් පෘර්‍ථවිය තුළ කිනම් ස්ථානයකට පැමිණියේද යන්න සදහන් වන බවක් සොයා ගත නොහැකි විය.
 මීලගට අපි විමසීමක් කර බලමු ලෝකයේ විවිධ ශිෂ්ඨාචාර ඇතිවුනු කාල වකවානු පිළිබදව,

1)  ඇස්ටෙක් - මධ්‍යම මෙක්සිකෝව - 14-16 වන සියවස
2)  ඉන්කා   - පේරු - 13 වන සියවස
3)  මෙසපොටේමියාව - ඉරාකය,ටිග්‍රීස් - 7 වන සියවස
4)  මායා - මධ්‍යම මෙක්සිකෝව  - කි.පූ 900 - 250
5)  චීන ( හොවැංහෝ, චැංජියන්, හීජියෑන්) - චීනය - ක්‍රි.පූ. 1600 - 1100
6)  ඉන්දු වැලි (මොහන්ජොදාරෝ හරප්පා) පකිස්ථාන් - ක්‍රි.පූ 3000 - 1500
7)  සපාටෙක් - කොලොම්බියාව - වසර 2500
8)  නයිල් (නදී/මිසර) - උතුරු අප්‍රිකාව   - ක්‍රි.පූ. 6000 - 4000
9)  මෙසපොතේමියානු - ජෝර්දානය, තුර්කිය   - ක්‍රි.පූ 8000

 ශ්‍රී ලංකාවේ මෙතෙක් කරන ලද කැනීම් හා පර්යේෂණ කිහිපයක් සලකා බලමු.
   1)      පොම්පරිප්පු - මන්නාරම් දිස්ත්‍රික්කය - ක්‍රි.පු. 500
2)      අනුරාධපුරය - අනුරාධපුර දිස්ත්‍රික්කය  - ක්‍රි.පූ. 900
3)      මාන්තෙයි  - මන්නාරම දිස්ත්‍රික්කය - ක්‍රි.පූ. 1800
4)      ‍ෙබලිලෙන, කිතුල්ලෙන - රත්නපුර දිස්ත්‍රික්කය - වසර 2700 - ක්‍රි.පූ 3500
5)     බූන්දල, පල්ලෙමල්ල - පුත්තලම දිස්ත්‍රික්කය - වසර 5000
6)     දොරවක ලෙන - කෑගල්ල දිස්ත්‍රික්කය - ක්‍රි.පූ. 6300
7)     බෙල්ලන්බැදි පැලැස්ස - රත්නපුරය,ඇඹිලිපිටිය -  වසර 4500
8)     අළුලෙන, අත්තනගොඩ - කෑගල්ල දිස්ත්‍රික්කය  - වසර 10500
9)     බටදොඹලෙන, කුරුවිට  - රත්නපුර දිස්ත්‍රික්කය - වසර 28500 - 11500
10)  පාහියන්ලෙන, බුලත්සිංහල - කළුතර දිස්ත්‍රික්කය - වසර 34000
11)  බූන්දල  - හම්බන්තොට දිස්ත්‍රික්කය  - ක්‍රි.පූ 80000
12)  පතිරාජවෙල, අම්බලන්තොට  - හම්බන්තොට දිස්ත්‍රික්කය - ක්‍රි.පූ. 123000

ඉහත දත්ත අතරින්‍‍
 
රත්නපුරයෙන් ආදි වාසී සතුන් හමුවීම හිපෝ, සිංහයා, රයිනෝසිරස් වැනි සතුන්ගේ ඇ‍ටකටු හමුවීම - සත්ව පරිණාමය  - ක්‍රි.පූ. 800000 

පාහියන්ගල, පතිරාජවෙල, මාන්කුලම්  වලින් සොයගත් ගල් ආයුධ, ඇඹරුම් ගල් වලට අනුව ගල් ආයුධ තාක්ෂණය හා පැරණිම මානවයා වාසය කල කාලය වසර 125000 - 500000 අතර වේ.

පාහියන් ගල් ලෙනෙන් හමුවූ අගුරු, අළු පරීක්ෂණයෙන් ගින්දර ලබාගත් තාක්ෂණය ශ්‍රී ලාංකිකයන් ක්‍රි.පූ. 37000 දී භාවිතා කල බව
 එම‍ ලෙනෙන්ම හමුවූ හාල්, කුරහන්, ලුණු - ප්‍රධාන ආහාරය වන බත් සැපයූ ගොවියා බිහිවන්නට ඇති බව හා හේන් ගොවිතැන බිහිවීම හා ආහාර සදහා රසකාරක භාවිතය අරඹන්නට ඇති බවට සාක්ෂි හමුවීම. - ක්‍රි.පූ. 30500

බටදොඹලෙන පරීක්ෂාවේදී ලංකාවේ වෙළදාම් කෙරුණු බවට සාක්ෂි හමුවීම - ක්‍රි.පූ. 28500

බටදොඹලෙන පරීක්ෂාවේදී ජ්‍යාමිතික උපකරණ භාවිත කෙරුණු බවට සාක්ෂි හමුවීම - ක්‍රි.පූ. 28500

පල්ලෙමල්ලදි මහසෝනාග් මළ සිරුර ඇතුළු ආදී වාසී 15 දෙනෙකුගේ මළ සිරුරු හමුවීම, කන්දෙ යකා සදහා කිරි කොරහ ශාන්ති කර්මහ සිදුකර ඇති බවට මෙහි සාධක තිබේ. - ක්‍රි.පූ. 6000

ඉබ්බන්කටුව වැව, දඹුල්ල - ජල හා වැව් තාක්ෂණය - ක්‍රි.පූ. 4000

අලකොළ වැව, ඉඹුල්පේ, කොත්මලේ, සමනල වැව - වානේ යකඩ නිෂ්පාදනය කළ ස්ථාන ලෙස හදුනාගැනීම - ක්‍රි.පූ. 900 - 10000

ආචාර්ය ශිරාන් දැරණියගල මහතා සොයාගත් අනුරාධපුර වලං කටුවල අක්ෂර සටහන් හා දියුණු ශිෂ්ඨාචාරයක ලක්ෂණ සහිත නගරයක කොටස් හමුවීම හමුවීම - ක්‍රි.පූ. 600 - 500

ඉහත කරුණු විශ්ලේෂණය කර නිගමනයකට එළඹීම ඔබට භාරයි....

ආශ්‍රය කරගත්තේ,
(හෙලන්කා සිව්හෙල වංශය - ශාස්ත්‍රපති ධනේෂ් කොඩිප්පිලිආරච්චි - පරි.2  පිටු 25-30)

(අනුරාධපුරයෙන් පැරණි නගරයක් හමුවේ - http://dreezone.blogspot.com/2010/01/blog-post.html)
(බලංගොඩ මානවයා - විකිපීඩියා )

 උපුටා ගැනීම - http://www.pradeepagaraya.com/articles.php?artid=1

Friday, November 11, 2011

කොග්ගල දේවගිරි විහාරය

2
කොග්ගල දේවගිරි විහාරය

ඉතා පැරැණි ඉරුගල් දෙවොල, හිරුගල් දෙවොල, දේවාලයේ ගොඩ පන්සල නැතහොත් දේවගිරි විහාරය සාධු රසයෙන් සපිරි දෙලොව වැඩ පිණිස සුසැදි හාස්කම් සහිත පින් බිමකි.

දේවගිරි විහාරයේ විහාරාධිපති හිමියන් ශාසනයට සමාජයට නිමල අමිල සේවාවක නිරතවන හිමිනමකි. උන්වහන්සේ කොග්ගල විමලකිත්ති හිමියෝය.
දකුණු සිරිලක සමන රජ කෙනෙකු පාලනය කළ අතර එතුමා දේවගිරි විහාරය ආශ්‍රය කරගෙන රජකම් කළ බව සඳහන්ය. මේ බව කොග්ගල සෙල් ලිපි තුනකම සඳහන් වේ. කොග්ගල පුවතෙහි ද යට ගිය වංශයෙහිද මේ බව සඳහන්ය.

දේවගිරි විහාරස්ථානය සමග ජීවත් වූ ජනතාව සතුරු හමුදාවක් පරාජය කළ බවත්, විජාතිකයනට විරුද්ධව කැරලි මෙහෙයවුයේද කොග්ගල බව සඳහන් වේ.

රාම රාවනා රජ යුගයේදී රාවනා රජු ප්‍රසාද ලබාදුන් බව කියැවෙන සුන්දර කොග්ගල ගම්මානය හිරිගල් දේවාලයෙහි ආශිර්වාද මධ්‍යයේ ඔවුහු ජීවත් වූ බවද පැරණි කොග්ගල සෙල් ලිපිවල දැක ගත හැකි බව කොග්ගල විමලකිත්ති හිමියෝ පවසති.

සව් සද්දම්වාදය ද හෙළයේ මහා ගත් උපන් කොග්ගල ගම්මානය ලක්මිණි පහන මුල්ම පුවත්පත දිය සැවුල් අස්න ද, අමධ්‍යාෂ මණ්ඩපය මුලින්ම ආරම්භ කළ සුන්දර ගම්මානය උපත ලද පී.ඒ. ද සිල්වා උපන් ගමද වීම විශේෂත්වයකි. මේ සියල්ලටම දේවගිරි විහාරය සහයෝගය දක්වා ඇත.
වෙද හෙදකමටද ශාන්තිකර්මයනටද කොග්ගල ප්‍රසිද්ධ වූයේ දේවගිරි විහාරය ආශ්‍රයේ බව විහාරාධිපති කොග්ගල විමලකිත්ති හිමියෝ පවසති.

අපවත් වී වදාල කොග්ගල දේවගිරි විහාරස්ථානයෙහි විහාරිධිපති නායක හිමියන් වූ කොග්ගල පඤ්ඤාරන්සි නායක හිමියන් ප්‍රමුඛ නූතන හුරුපුරුදු හිමිවරු ධර්මධර විනයධර භික්‍ෂූන්ගෙන් සමන්විතය. ශාස්ත්‍රයද පෝෂණය කළ කොග්ගල දේවගිරි විහාරය බැතිමතුන්ට රමණීය ස්ථානයකි.

කලා රසයද සාහිත්‍ය මුසුවද පරිසර මිහිරියාවද ඇති දේවගිරි විහාරස්ථානය මහා බලසම්පන්න විහාරයකි. සමන් දෙවියාගේ රැකවරණයද ගම්බාර දෙවියාගේ රැකවරණය ආශිර්වාදය මෙම පුදබිමට නිරතුරුවම ලැබෙන බව කියති. මෙම ඓතිහාසික රමණීය සාධූ රසයෙන් සුසැදි කොග්ගල දේවගිරි විහාරය රැක ගනිමින් මතු පරපුරට ද දායාද කිරීම කළ යුතුව තිබේ.


බුද්ධ මන්දිරයේ සැතපෙන පිළිම වහන්සේ

ඈතින් දිස්වන විහාරය

පොල්රුප්පා මැදින් පෙනෙන දසුන

විහාරයට පිවිසෙන මකර තොරණ සහිත දසුනක්


කාම්බෝජය සහ තායිලන්තය - ආන්ග්කෝර් වට්

0
රාම රාවනා කතාව ඉන්දියාව සහ ලංකාවට පමණක් සීමා නොවී කාම්බෝජය සහ තායිලන්තය වැනි රටවල පවා දිවෙයි.

කාම්බෝජයේ "ආන්ග්කෝර් වට්" විහාර සන්කීර්ණයෙන්ද "රාම රාවනා" කතා පුවත පිළිබදව සිතුවම් හමු වේ. "කිරි සාගරය කැලතීම" එම සිතුවම් පෙළේ මාතෘකාවයි.එම සිද්ධිය ජනප්‍රවාදයක් වන අතර එය සැබෑවක් ලෙස සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් මෙතෙක් සොයා ගෙන නැත.


 

Picture
The gallery of the Churning of the Ocean of Milk, as seen from outside

මෙහි සිතුවම් වලින් රාම රාවණා දෙපිරිස ,අමුර්තය සෙවීම සදහා ,විශාල නාගයෙකු යොදමින් සාගරය කලතන අයුරු අපූරුවට සිත්තම් කර ඇත.මෙම ඉපැරණි කැටයම් වලින් සමහරක් කැටයම් සම්පූර්ණ කර නැත.

Picture
The spectacularly carved reliefs of the Churning of the Ocean of Milk
Picture
Hanuman heads the team of dewas as he holds on to Vasuki's tail
Picture
The dewas pulling Vasuki's body
Picture
Vishnu, with Indra above him, directing the churning operations
Picture
Ravana holding on to Vasuki's many heads
රාවනා රජුගේ ස්වරූපයෙන්ම යුක්ත "ථොට්සකන්" නමින් හදුන්වන ,දෙවි කෙනෙකුට සමාන තවත් මෙවැනිම අයෙක් තායිලන්ත සිතුවම් වලින් හමු වේ.මොහුගේ පිළිම සහ සිතුවම් බහුලව දක්නට ලැබෙනුයේ තායිලන්ත විහාරස්ථාන අශ්‍රිතවයි.තායිලන්තයේ මෙ නමින් හදුන්වන්නේ "මහා රාවනා රජු" වන බවට තායිලන්ත මෙන්ම ඉන්දීය සහ ලාන්කික වැසියන්ද විශ්වාස කරති.මොහු පිළිබද විස්තර සහ ඡායාරූප අන්තර්ජාලය පුරාවටම ඇති අතර ඔබද එවැනි කරුණු පිළිබදව අද්‍යනය කරන්න.වැඩි විස්තර සදහා පහත රූපය මත CLICK කරන්න.
Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture


උපුටා ගැනීම - http://maharavana.weebly.com/thailand--cambodia.html

Thursday, November 10, 2011

පාතාල ලෝකය

0
අද කිඅයන්න යන්නේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් කථාවක්. හැබැයි ඒත් පොඩි දුකක් එනවා එහෙම අපිට මේ වුනේ මොකක්ද කියලා.

තව දෙයක් මට කවුරුත් සමාවෙන්න ඕනෙ මම මේ බ්ලොග් එක හරහා කිසිම මගේ වෙදකමට සම්බන්ද දෙයක් කියන් නැහැ. මට ඕනෙ මේක හරහා හොද මිත්‍රයො ටිකක් (අපේ වයසට වඩා අඩූ) හදාගන්න. ඒ අයට මේවැනි වටිනා ඉතිහාසයක් අපට තිබුනා කියලා අවබෝධයක් ඇති කරන්න. සහ ආයුර්වේදෙ වගේ අපේ වටිනා සම්පත් තරුණ පරම්පරාවට හදුන්වා දෙන්න. ඒ නිසා නැවත නැවතත් සමාව ඉල්ලනවා.

මේ ටිකේම අපි කථා කලේ ආයුර්වේදෙ නිසා මම හිතුව ටිකක් වෙනස් මාතෘකාවකට යන්න. හැමදාම දකින කුකුලාගේ කරමලෙත් සුදු වෙනවානේ අන්තිමට ආයුර්වේදෙ එපා වුනොත් බඩේ පාර.

ඔන්න කථාව මෙහෙමයි. ඔබ කැමතිද පාතාලෙට ?

මම කියනවා ඔබ වැඩි දෙනෙක් කැමතියි. සමහරු මේක කියවන්නෙත් පාතාල ලෝකෙයේ ඉදන්.
එතකොට කොහෙද මේ පාතාල ලෝකය තියන්නේ?
මෙතන තියන්නේ පොඩි වචනවල ප්‍රශ්නයක්.

අපි මෙහිදී පා + තල = පාතල, යන්න භාවිතයේදී තමයි පාතාල යනුවෙන් භාවිතා වෙන්න පටන් අරන් තියන්නේ.
එතකොට,
පාතල = පාද + තල
පාද = කකුල්
තල = පතුල
පාද + තල = පතුල
මෙහිදී පතුල = අපගේ යටි පතුල

එතකොට යටි පතුල යට කියන අර්ථය තමා මෙතන ගම්‍ය වෙන්නේ,
එතකොට පාතාලේ තියන්නේ කොහේද අපේ පතුල යට එහෙම නේද.
දැන් බලමු අපේ පතුල යට තියන රාජ්‍යය මොකක්ද?

මෙකෙදි අපි බලන්න ඕනෙ පතුල යට කියන්නේ පොලව යට නෙමේ. පොලව මතුපිට කියන අර්ථය ගත්තම හරියටම පොලව මතුපිට අපේ පතුල් යට තියන රාජ්‍ය තමයි ඇමරිකාව හරියටම කියනවනම් මද්‍ය ඇමරිකානු රාජ්‍යයන්. විශේෂයෙන්ම පීරු.

ඔබ දන්නවා මෙවර ලෝක මහා පුදුම වලින් එකක් ලෙස තේරුනා පීරු රාජ්‍යයට අයත් කදුකර පැරණි රාජධානියක නටබුන්. මේ අති පැරණි නගරය හදුන්වන්නේ මචු පිචු නගරය කියලා.
මෙහි තේරුම මාතා පීතා නගරය කියලා කියවෙන බව තමයි විශ්වාස කරන්නේ. මොකද මේ නගරය මුලින්ම ගොඩ නඟලා තියන්නේ විරුචන කියලා රජකෙනෙක්. මෙතුමා මහා රාවන අධිරාජයාගේ බිසව වන මන්දෝදරී බිසවගේ මලනුවන් කෙනෙක් විදියට තමයි සලකන්නේ. විරචන ගොඩනගපු මහා දේවාලයකුත් පීරු රාජ්‍යයේ තිබෙනවා. මේ දොවොල කැපවෙලා තිබිලා තියන්නේ හිරුට. රාවන මහා අධිරාජ්‍යාත් හිරු වන්දනාව කල කෙනෙක්.

රාවනාගේ හිස් දහය අතර පාතාලය බලාගන්නා හිසකුත් තිබෙනවා. ඒ කියන්නේ රාවනා පාලනය කල රජ්‍ය අතරින් පාතාලය එකක්.

උපුටා ගැනීම - http://wedagedara.blogspot.com/2011/06/blog-post_08.html

ශ්‍රේෂ්ඨ රාවනා රජු

3

රාවන රජු පිලිබදව අප රට තුල සිටින වැසියන්ගෙ සහ ලෝක වැසියන්ගෙ සිත් තුල ඈත්තේ එතරම් ප්‍රසන්න හැගිමක් නොවේ.මෙයට හේතුව කුමක්ද? සෑබවින්ම ගත්කල මෙයට හේතුව අන් කිසිවක් නොව ඔවුන් තුල රාමයනය නම් ග්‍රන්තය තුලින් ඇතිකර තිබෙන වැරදි වැටහිමයි.

අපි කරුණු එකින් එක ගෙන විමසා බලමු. පලමුව අපි සීතාව පැහැරගැනිම පිලිබදව සිතා බලමු. සීතාව පැහරගත් රජතුමා ඇයට කිසිම අතවරයක් නොකලබව සීතව තම පතිවත ඔප්පුකිරිමෙන් මනාව පැහදිලිවේ.තම පැහැරගත් ස්ත්‍රියට කිසිම අතවරයක් නොකිරිමට තරම් ඔහු ශ්‍රේෂ්ස්ටවිය.නමුත් සීතව පිලිබදව නම් කිවහැක්කේ අනෙකකි. රමායනය ලියු අතිඋතුම් වාල්මිකිගේ අසපුවට ගිය ඇයට තම පතිවත ඔප්පු කිරිමට කියු අවස්තාවෙ එය ඔප්පු කිරිමට නොහැකි විමට හේතුව දන්නේ වාල්මිකිත් ඇයත් පමණි.එසේ නම් රජුගේ උතුම්බව වල්මිකි ලියු  රමායණය නම් ඔහුගේම කෘතියේ ඇති ඇතම් සිදුවිම් වලින්ම ඉහත පරිදි පැහදිලිවේ. [ඇතම් විට සත‍යය සගවා කතාව ගෙතීමට ඔහුට අපහසු වන්නට ඇත.]

දැන් අපි තවත් කරුණක් දෙසට යොමු වෙමු. සිගිරිය පිලිබදව මදකට සිතා බලමු.ඇතමුන්ට අනුව එය ක්‍රි.ව. 477 - 495 දක්වා රජකල කාශ‍යප රජුගෙ නිර්මාණයකි.තම පියා ඝාතනය කොට මුගලන් කුමරුට බියෙන් රටේ ජනතවගේද සහයෝගය නොමැතිවසිටිරජකෙනෙකුට මෙවන් නිර්මණයක් වසර 18 වැනි කෙටි කලයක් තුල කෙසේවත් කිරිමට නොහැක බවට සැක නැත. [පිතෘඝාතකයකුට රටවැසියන් කිසිවිටෙකත් සහයොගය නොදෙන්නට ඇත.ඔවුන් රජුට කැමති වුවද මහා සගරුවනගේ බලපැම මත ඔවුන් රජුට විරුද්ද වන්නට ඇත.]මෙසේ සලකා බලද්දි එය රාවනා රජුගෙ රාජධානිය බවත් කාශයප එය පිලිසකර කර  තම රජධානිය කරගත් බවත් සිතිය හැක.මෙය දෙවනි කරුණ‍යි.

දැන් අපි තවත් කරුනක් දෙසට යොමුවෙමු.  අතීතයේ මිසරයේ පිරමේඩ බිහිවන්නටත් පෙර අත්ලන්තික්ස් නම් දුපතක් අත්ලන්තික් සයුරේ තිබුබවත් එහි සිට් මිනිසුන් දැනට අප භාවිත කරන තාක්ෂනයටත් වඩ දියුනු තාක්ෂනයක් භාවිත කලබවත් ඇතම් ඉතිහාසඥයින් සහ එඩ්ගාර් කේසි නම් පුත්ගලයා පවසයි.ඔවුන්ට අනුව එම දුපත විනාශ විමේදි අයින් බෙරි මිසරයට පලගිය පුත්ගලයින්ගෙන් එහි නව තාක්ෂණය බිහිවිය.[වර්තමනයේ ඇමරිකාව ජර්මනියෙන් සහ රුසියවෙන් පලාආ විද්යාඥයින්ගෙන් තම තක්ෂණය ගොඩනගාගත්තාක් මෙන්.]එවන් දියුණු තාක්ෂණයක් තිබුනි නම් රාවන රජුගෙ දඪුමොනරය නම් ගුවන් යානය ගැන කවර කතාද?මෙය තෙවන කරුණයි.

රාමයනයට අනුවනම් රවනා රජුට හිස් 10 ක් තිබුනි.ඇතමුන්ගෙ මතය අනු ඉන් අදහස් කරනුයේ රවනරජු ඉන්දියාවෙ ප්‍රන්ත 10 යටත් කොටගෙනසිට් බවයි. එය එසේනම් රාමා සහ ලක්ෂ්මන් යනු රජුගෙ ප්‍රන්තවල ඔත්තුබලිමට පමිනි චරපුරුෂයන් වේ.රමයනයට අනුවනම් මෙම සටනට මුලික හේතුව වන්නේ රාම සහ ලක්ෂ්මන් කුමරුට රාවනගෙ නැගනිය විවහ විමටකරන අරධනාව ප්‍රතික්ෂේප කිරිම හා  ලක්ෂ්මන් ඇයගෙ නාසය කැපිමය.නමුත් සැබවින්ම සලකා බලනකල මෙය අභුත චොදනවකි කිමෙද යතොත් මෙහි සදහන් රාවනගෙ නගනියට රාමට සහ ලක්ෂ්මන්ට වඩා වැඩිමහ්ල් පුතුන්ද සිට් බැවිනි.සැබවින්ම සිදුවුයේ එම ප්‍රන්තයේ ඔත්තුබැලිමට පැමිණි රාම සහ ලක්ෂ්මන් දෙදෙනා අල්වාගැනිමේදි මෙය සිදුවු බවයි.කොපවු රාවන රජු සීතව පහර ගත් බවයි.

එසේනම් මෙපමණ බලගතු රජකෙනෙක් පරාජය වුයේ කෙසේද?අන් කෙලෙසකවත් නොව අදමෙන්ම එදාද පැවති බලලොභිත්වය සහ පවාදිම නිසාවේ.එනම් රාවනා රජුගෙ සොහොයුරා වු විභිශන විසින් රාවනා රජුගෙ රහස් ආයුධය ඇති තැන පෙන්වා එය සතුරන් අතට පත් කිරිම නිසාවේ. මෙලෙස එම ශ්‍රේෂ්ඨ රජුගෙ රජධානිය බිදවැටුනි.

"එසෙනම් සිංහලුන් ලෙස අප කලයුත්තෙ රාවන නම් ශ්‍රේෂ්ඨ රජුට ගරුකිරිමද? නැතිනම් රාම නම් පරදෙසක්කාරයාට ගරුකිරිමද?සිතන්න තිරණය ඔබේ අතේ."
                                     
( පොත පතින් ලද දැනුම ඇසුරෙනි.)

උපුටා ගැනීම - http://wisdomcomes-thewisdom.blogspot.com/2011/01/blog-post.html

රාවන ගීතය

0

ලකිසුරු සක්විති දසිස් රාවන ගීතය තව නොබෝ දිනකින්ම.......





Saturday, November 5, 2011

හෙළ මංගල්‍යයේ ඇරැඹුම

0

හෙළ මංගල්‍යයේ ඇරැඹුම

සුමිත් ජේ. පෙරේරා
සභාපති රාවන සවිය ජාතික සංවිධානය

සංවාද සටහන චසිත බුලත්සිංහල

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ආරම්භය සනිටුහන් වන්නේ කවර යුගයකදී කුමන ආකාරයකටද?

ඔබ ප්‍රශ්න දෙකක් අහනවා. අපේ මේ හෙළ මංගල්‍යය ආරම්භ වූයේ කවර වර්ෂයේද? යන්න සහ එය ආරම්භ වූ ආකාරය පිළිබඳවයි. වර්ෂය ගැන කීම පසුවට තබා ආරම්භය සිතා බලමු. එවිට මේ ප්‍රශ්න දෙකටම පිළිතුරු ලැබේවි.

සාමාන්‍යයෙන් ඉතිහාසය කොටස් තුනකට බෙදෙනවා. පළමු වැන්න තමයි ප්‍රාග් ඓතිහාසික යුගය. පූර්ව ඓතිහාසික යුගය දෙවැන්නයි. තෙවැන්න ඓතිහාසික යුගයයි. මෙය අපේ මව්බිම හා සසඳා බලන කළ වත්මනට වසර 3,000,000 කට පෙර ප්‍රාග් ඓතිහාසික යුගය. ක්‍රි.පූ. 247 වැන්නේ විජයාවතරණය පූර්ව ඓතිහාසික යුගය ලෙසින් ක්‍රි.පූ. 247 හි බුදුදහම ලක් දෙරනට ගෙන ඒමේ සිට ඓතිහාසික යුගය ලෙසත් සැලකිය හැකිය.

අපේ කථාව මේ යුගයන්හි කවර කාලයකට අයත්ද? යන්න සළකා බැලීම වටී. ඇත්තෙන්ම අපේ සිහළ අවුරුද්ද ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙනවා. එය සනාථ කිරීමට කරුණු බොහෝමයක්ම තිබෙනවා.

අපේ රට මිනිස් වාසයෙන් පිරී ක්‍රමයෙන් පුරාණ ගල් යුගය, නවගල් යුගය, ලෝහ යුගය පසුකරගෙන ගොවි යුගයකට පැමිණෙන විට ජනතාව කල්පනා කළේ අපේ පැවැත්ම රැක ගැනීමටත් පාලනයේදී ඇතිවන ගැටළු නිරාකරණය කර ගැනීමටත් රජෙකු සිටියොත් පහසුයි කියලා. ඒ අනුව දින වකවානු නියම කරගෙන රජු සියලු දෙනාගේ් එකඟතාවයෙන් තෝරා ගැනීමට සැරසුනා. ඒ සඳහා කාය ශක්තිය, ඤාණ ශක්තිය ඇති පිරිස ඉදිරිපත් වුණා. අවසාන වශයෙන් තම හැකියාවන් ප්‍රදර්ශනය කෙරූ තුන්දෙනෙක් තේරුණා. පැමිණි විශාල පිරිසෙන් මේ තිදෙනා අවසාන තරගයට පිවිසුනේ ඉසුරු කෝවිල් භූමියේ. ඉසුරු කෝවිල කියන්නෙ අපි හිරු දෙවියන්ට වන්දනා කරපු ස්ථානය. හිරු දෙවොල තමයි මේ නමින් හැඳින්වූයේ. කෙසේ හෝ ඒ ශිල්ප දැක්මෙන් ‘කහළ් සෙත් විවහස්’ කියන ගොවියා ජය ගත්තා. ජනයාගේ එකඟතාව සහ තමාගේ් දක්ෂතාවත් උපයෝගි වූ නිසා නිවැරැදි ක්‍රමවේදයකට විනිවිද භාවයෙන් යුතුව සිදු වූ ඒ ක්‍රියාදාමයෙන් මොහුට ‘මහ සම්මත’ යන නම සම්මාන ලෙස ලැබුණි. මිනිස් වාසයෙහි පළමු වරට සිදු වූ එම තේරීම සනිටුහන් වන්නට ‘මනු’ යන නාමයත් එකතු වී ‘මහා සම්මතයෙහි මනු’ යන නාමයෙන් අභිෂේක කරන්නට සූදානම් වුණා. ඒ ඔටුනු පලඳන උත්සවය ඉතා අලංකාර ලෙස සුදුසු කාල සීමාවන් වෙන් කරද්දී ලංකාවට අප ඇදහු සූර්ය දිව්‍යරාජයා සෘජුව, ලම්භකව, හිරු රැස් වැටෙන ස්ථානය තෝරා ගත්තා. බක්මහේ ‘අස්විද’ කියන නැකතේ දී තමයි මන්නාරමට මේ ප්‍රථම හිරු රැස් පතිත වන්නේ. ඒ මොහොතේදී අපේ ප්‍රථම රාජප්‍රාප්තිය සිද්ධ වුණා. ඔය මන්නාරම කියන නම යෙදෙන්නෙත් එහෙමයි. මනුරජ වෙසෙන තැන හෙවත් මනු වසන තැන යන්න තේරුම් සහිතව තමයි එසේ මන්නාරම වන්නේ. ඒ වගේම ප්‍රථම හිරු රැස් හෙළු රැස තමයි හෙළ රැස හෙවත් හිරුගේ රැස් පළමුවෙන් වැටෙන රාශිය නිර්මාණය වන්නේ. එය පසු කලක අපේ අය අගක් මුලක් නැතුව පිටරටින් ආවාය කියාගෙන ‘එළු රැසක්’ අරගෙන එළුවෙකු සංකේත කරගෙන දැන් මේෂ රාශිය කියා භාවිතා කරන්නෙ. මේ අනුව ලබන කොට අපිට පේනවා ජ්‍යෙතිෂයෙහි ආරම්භයත් රාශි බෙදීමත් නැකැත් සැකසීමත් අපේ හෙළයෝ ලොවට දායාද කළ බව. කෙසේ වුවත් මේ ‘ මහ සම්මත මනු’ රජාණන්ගේ රාජාභිෂේකය තමයි අපේ අවුරුද්ද වුණේ. වසරින් වසර ජාතික උත්සවයක් ලෙස අපි බක්මහේ අවුරුද්ද සැමරුවා. ප්‍රථම හිරුරැස් වැටීම පදනම් කරගෙන අලුත් අවුරුද්ද ලෙස එය සිදුකළා. ඒ හැර මේ ජාතික උත්සවය භාරතයෙන් හෝ වෙනත් දේශයකින් හෝ අපට ගෙනත් දාපු, නැතිනම් පැහැරගත් දෙයක් නොවෙයි. මහ සම්මත මනු රජතුමාගේ රාජ්‍ය කාලය ක්‍රි.පූ. 28200 සිට 28146 දක්වා වූ කාලයයි විද්වතුන්ගේ් පිළිගැනීම.

හෙළ දිවේ මනුරජුගේ අගනුවර වූ මන්නාරමට හරි මුදුනේ සිට ලම්බකව ලඹ රැස් හෙලමින්ම අස්විද නැකතින් අපේ මේ පින්බිමට ඒ වෙලාවෙහි සිටිනා හෙළු රැසින් හිරු තව ගමන් වටයක් අරඹන දවස සිංහල අලුත් අවුරුද්ද වූ බව දැන් පැහැදිලියි.

සිංහල අවුරුද්දට බොදු මුහුණුවරක් එකතු වූයේ කෙසේ ද?

මා මුලින්ම කීවා අපේ ඉතිහාසය කොටස් තුනකට බෙදෙන බව. එයින් තුන්වැන්න ආරම්භ වන්නේ ක්‍රි.පූ. 247 වැන්නෙහි ලොවුතුරා අමා මෑණි බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපේ මෘතු භූමියෙහි නිත්‍ය ලෙස මුල් බැසගත් කාලයේ සිට කියලා. එතෙක් අපගේ ජීවිත හා මුල් බැස ගෙන තිබූ අදහස් ආකල්ප, චාරිත්‍ර වාරිත්‍ර සියල්ල මේ නව බුද්ධි ප්‍රබෝධයත් සමඟ මිශ්‍ර වුණා. අද පවතින මත කෙසේ වුණත් අප පිළිගන්නවා නිල වශයෙන් අපට සද්ධර්මය ලැබුනෙ මහා මහින්දා ගමනයෙන් පසුව කියලා. ඒ නිසාම උන්වහන්සේ අපට අනු බුදුවරයාණන් වහන්සේ නමක් වුණා. අපි හිරුගෙන් පැවත එන, හිරු වන්දනා කළ, හිරුගේ ජීවයෙන් ශක්තිමත් වූ ජාතියක්. එය එසේ නොවේ යැයි කියන තර්කය කිසිවෙකුටවත් ඉදිරිපත් කළ නොහැකියි. අප සෑම කටයුත්තක්ම කළේ හිරු හෙවත් ‘ඉසුරු’ දෙවියන් මුල් කරගෙන. අදත් එය එසේමයි. මොකද? හිරු නොපායන්නට විශ්වය නැති වන හෙයිනි.

අපේ රටේ එතෙක් පැවැති ආගමික හා ජාතික උත්සව සියල්ලටම පදනම වී තිබුනෙ හිරු කේන්ද්‍රගත කරගෙන. නමුත් සැනසිලිවන්ත දහම අපට ලැබීමත් සමඟම අපේ පාලකයා බොදුනුවකු වීම හා බුද්ධිමත් ජනතාවට ගෝචරවීම පදනම් කරගෙන ඒ සියල්ලටම බුදුදහම එකතු වුණා. පවතින හොඳ දේ බුදුරදුන් ජීවමාන කාලයේදීත් ප්‍රතික්‍ෂේප කළේ නැහැ. වැරැදි දේ පැහැර කළා. රුක්ෂ වන්දනාව වෙනුවට බෝධි වන්දනාව එක් වුණා. පරිභෝගික වන්දනා ක්‍රමයක් ගොඩ නැඟුනෙ. ඒ වගේම අනුබුදු හිමියන්ගේ වැඩම කිරීමෙන් අපේ තිබුණ සාවද්‍ය දේ ඉවත් වී නිවරද්‍ය දේ සමඟ බුදුදහම බද්ධ වුණා. හරියට ‘හදවතයි රුධිරයයි වගේ. ඒ බද්ධවීම තුළින් අපේ ජාතික උත්සව වලට සේම එදිනෙදා කටයුතු වලටත් බුදුදහම ඇතුල් වුණා. සිහළ අලුත් අවුරුද්දට විතරක් එය බලනොපාවිද? සියල්ල ‘හිරු’ කේන්ද්‍ර වීම වෙනුවට සම්බුදුපියාණන් කෙන්ද්‍ර වුණා. ඊට අනුරූපීව අනෙක් චාරිත්‍ර වාරිත්‍ර විධි සැකසුනා. අන්න එහෙමයි මේ දෙක එකට බද්ධ වුණේ.

සිංහල බෞද්ධයාට සිංහල අලුත් අවුරුද්ද වැදගත් වන්නේ කවර ලෙසකින් ද?

ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර මතක් කළයුතු තව කරුණක් තිබෙනවා. මොකද? අද මේ අපේ අවුරුද්ද සිංහල බෞද්ධයාට පමණක් උරුම වෙලා. මේ රටේ අනෙක් ආගම් අදහන සිංහලයෝ අපේ ජාතියට අයිති නැති ගාණයි. ඒ නිසා තමයි අපට මෙච්චර ප්‍රශ්න. තවමත් අප ඉන්නේ පරගැති චින්තනයෙයි. මේ නව අවුරුදු උදාව සමරන්න හැම සිංහලයාටම අයිතියි. බෞද්ධයාට හැකියාව තිබුණානම් මේ සිරිත් විරිත් බුදුදහමත් එක්ක මිශ්‍ර කරගන්න ඇයි අනෙක් අයට බැරි තමන්ගේ දහමත් සමඟ මේක එකතු කරගන්න. එතරම් ස්වාධීන මනසක් නැහැ. අන්ධානුකරණය තුළ හිරවෙලා. අප කවදා මේක තේරුම් ගනීද දන්නෙ නැහැ.

නව වසරේ උදාව කියලා කියන්නෙ සමස්ත රටේත් රට වැසියාගේත් ජීවිත අලුත් වෙන කාලයයි. අපේ අතින් වුන අතපසුවීම්, හිත් රිදුම්, අමනාපකම් වැරදි, නිවැරදි කරගෙන වැඩිදියුණු කර ගත යුතු, අප විසින් කරගෙන ආ සත් ක්‍රියාවන් තව තවත් වර්ධනය කරගෙන හැඩගස්වා ගන්න මේ කාලය බොහොම වටිනවා. මොකද මිනිස් සිත්වල විතරක් නෙමේ ගහකොළ සතා සිවුපාවා ඇළදොළ ගංඟා මේ සියල්ලේම මේ කාලය වෙනකොට නැවුම් බවකින් යුක්ත වෙනවා. අපි නොදන්නවාට හිරුගේ බලපෑම හා අපේ මුතුන් මිත්තන්ගේ ලේවල ශක්තියයි නිසා අපගේ ජීවිත වලටත් කුමක් දෝ වෙනසක් සිද්ධ වෙනවා.

මෙන්න මේ වෙනස උපයෝගී කරගෙන තමයි බෞද්ධයාට තියෙන්නෙ. අපේ සිත්වල තියෙන කවර හෝ අරමුණක් පදනම් කරගෙන හෝ තමාගේ චිත්ත පාරිශුද්ධිය ගොඩනඟා ගැනීම තමයි බෞද්ධයාගේ ඉලක්කය වෙන්නෙ. ඒක තමයි මේ ‘ආමිස - ප්‍රතිපත්ති’ කියලා තියෙන්නෙ. සිත සැනසිලිවන්ත කරගන්න භාවිතා කළ හැකි අරමුණු ආමිසය වනවා. එය උපයෝගි කරගෙන සැනසිල්ල සකසා ගැනීම ප්‍රතිපත්තිය වනවා. එහෙයින් සත්‍ය සැනසිල්ල ලැබෙන්නෙ. ඒ නිසා මේ සිංහල අලුත් අවුරුදු කාලෙ ඊට තිබෙන වැදගත්ම කාලය. නව අවුරුදු උදාවේදී අප සූදානම් විය යුතුයි පසුගිය වසරේදී සිදු වූ සිත් පීඩාවට පත්කරන දෙයින් වෙන් වෙන්නත්, සැනසිල්ලෙ සිත තබාගත හැකි දේ වැඩිදියුණු කර ගැනීමත් එයින් තමාගේ් සිත සකසා ගැනීමත්. එයයි සියලු බුදුවරුන්ගේ අනුශාසනය. එසේනම් බෞද්ධයාට මේ කාලය මොනතරම් වටිනවාද? ඇතැම් විට මත්වෙලා පාරේ වැටෙන සංස්කෘතිය ඉවත් කරන්න දැන් කාලය පැමිණිලා නේද?