-->

Tuesday, July 20, 2010

හෙල බසෙන් ලෝකයට

0

ඇනකොන්ඩා කියන ලෝකයේ ලොකුම උරගයාගේ නම ලෝකයට ගිහින් තිබෙන්නේ හෙනකඳයා යන සිංහල වචනයෙන් කියනවනේ. හෙනකඳයා කියන්නෙ ලංකාවේ ජීවත්වන කුඩා සර්පයෙකුටලු. මන් මේ කියන්න යන්නේ ඒ පිළිබදව නොව හෙලදිවෙන් ලෝකයේ රටවලට ගියා යැයි සැලකෙන වචන කිහිපයකි.

සිංහල භාෂාව පාලි, සංස්කෘත, දෙමළ, ඉංග්‍රීසි… ආදී වූ භාෂා කිහිපයකින් සෑදුන බවට මතයක් ඉංග්‍රීසි පඬිවරුන් හා ඇතැම් භික්‍ෂූන්වහන්සේලා විසින් පිළිගෙන රටට ඉදිරිපත් කර තිබුනි. 1924 දී කුමාරතුංග මුනිදාස පඬිවරයා විසින් වර්තමාන සිංහල භාෂාවට පාදක වී ඇත්තේ හෙල බසෙන් බව සාක්‍ෂි සහිතව ඔප්පුකරන ලදී. මෙහි හෙල බස යනු සිංහල භාෂාවේ මුල් භාෂාව මිස දෙකම එකක් නෙවන බව සැලකිය යුතුය. නමුත් ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් ඊට ඉඩක් නොලැබුන අතර හෙල හවුල ලෙස සංවිධානයක් කුමාරතුංග මුනිදාසයන් ආරම්බ කලහ. සිංහලයාගේ මහාස්‍යයට ලක්වුන එම සංවිධානය, ඇතිවූ බාදා නිසාම 1955 වන විටදී පිරිහී ගියේය. පිරිහුන හෙල හවුල වෙල්ලාල ජයමහ සූරීන් හා අරිසෙන් අහුබුදු සූරීන් ඉදිරියට ගෙන ගියහ.

ලෝකයේ මිනිසුන් ව්‍යාප්ත වීම පිළිබදව මත කිහිපයකි. එය හෙල දිවයිනෙන් ව්‍යාප්ත වූ බවට ප‍්‍රබල මතයකි. හෙල දිව යනූ වර්තමානයේ ලංකාවම නොව එය මූලස්ථානයක් වූ ඔස්ට්‍රේලියාව තරම් විශාල වන්නට ඇතැයි සැලකෙන, ඉන්දියාව හා යාවුන බිමකි. හෙල හා දඹය යන්න කන්දට සමාන පදයන්ය. තැනින් තැන නැගුන කඳු වැඩිමනක් ඇත්තේ ලංකාවේය. හෙල දිව හා දඹදිව යන සමාන පද භාවිත කර ඇත්තේ එකම රටකට බව ඔප්පුවේ. මහාචාර්‍ය ඬේවිඞ් ෆෝලි විසින්ද මෙලෙස තවත් රටවල්, ගංඟා, නගර වල නම් හෙල බසින් අභාශය ලද බවට සාක්‍ෂි ඉදිරිපත් කරන ලදී.

හෙල හවුලේ පණ්ඩිතයන් හා විදේශ ඉතිහාසඥයන් විසින් මෙසේ ඉදිරිපත් කර ඇති වචන කිහිපයක් මෙසේය. මේවායේ අර්ථය, සන්ධි විසන්දි, අක්‍ෂරවින්‍යාස වල නොගැලපීම් තිබීමටපුළුවන. නමුත් ඒවා ශබ්ද කරන ආකාරය අනුව තරමක් සිතා බලන්න.

කා+අපිරි (පිරිනැතිහිස) – අපිරිකා – අප්‍රිකා 1*
නි+ගර (ගෙයක්නැති) – නිග්‍රෝ
පිරි+මිදිය(පූර්ණ මිදීම) – පිරිමිදි – පිරමීඩ
සිංහපුර – සිංගපෝර් (දෙමළ) – සිංගප්පූරුව
නිල්නදිය – නීල් නාහර් (අරාබිබසින්) – නයිල්නදිය (ඉංග්‍රීසිබසින්)
කසුබු – කාශ්‍යප – කාශපියන් – කැසිපියන් (මුහුද) 2*
රමණිය – රාමාණියා – රොමානියා 3*
දැනුබ් ගඟ – ඩිනියුබ් ගඟ 3*
දනව+මාර්ග – ඩෙන්මාර්ක්
අසුර – අස්සූර් 4*
අසුරයන් -ඇසිරියන් 5*
මැද+දෙරණ – මෙඩිටේරියන්
මැද+ගස්+කරය – මැඩගස්කරය
ඇත ඇත – ඇතැන්ස් 6*
පත්තිනි – ඇතීනා – ඇතැන්ස් 6*
හෙලිගො ලෑන්ඞ්, හෙලිගෝ ලෑන්ඞ් බොක්ක 7*
මායා ඉන්කා ශිෂ්ඨාචාරය 8*

1 – නීග්‍රෝ මිනිසුන් සිටි නිසා
2 – හිරණ්‍ය කසුබු ලෙස කි.පූ 26057 දී හෙලදිව රජ කල ප‍්‍රබල රජ කෙනෙකි.
3 – මහාරාවනා රජුගේ බිසව මන්දෝදරී දේවියගේ සොයුරු ‘දැනුබ් කුමරා’ දකුණු යුරෝපයට ගොස් ‘දැනුබ් ගඟ’ ආශ්‍රිතව ‘රමණිය’ යන නගරය පිහිටවන ලදී.
4 – යුප‍්‍රටීස් – ටයිග්‍රීස් ගංඟා ආශ්‍රිත නගරයකි.
5 – යුප‍්‍රටීස් – ටයිග්‍රීස් ගංඟා ආශ්‍රිත වාසය කල ගෝත‍්‍රයක්ය.

6 – අතීතයේ හෙලදිව වැසියන් අසුරයන්විය. සුරා බොන්නන් සුරයන් විය. සුරයන් සමග වෛරයෙන් පසුවූ දේවයානී නොහොත් පත්තිනි දේවිය තම පුතුන් තිදෙනාට ශිල්ප උගන්වා ප‍්‍රහාරක ගුවන්යානා සාදවා ඉන්දියාව, අෆ්ගනිස්ථානය, ඉරානය. තුර්කිය, හරහා ග්‍රීසිය දක්වාද පහර දුන්නහ. අවසානයක් නොපෙනන බැවින් සක‍්‍රයා විසින් ඇත ඇත යන්න ඇතැන්ස් වූබව හින්දුන්ගේ මතයයි. නමුත් රෝමය සෑදුවේ ඇතීනා දෙවගන බව ග්‍රීසිය අතීතය පවසයි. ඇතීනා යන නමත් පත්තිනි යන්නත් ආසන්න වශයෙන් එකම උච්චාරනයක් ලබාදේ.

7 – ඩෙන්මාර්කයට උතුරින් ඇති දූපතක් හා බොක්කකි. හෙලිගෝ යන වචනයක් ඩෙන්මාර්ක බාසාවේ නොමැත.

8 – මායා අසුර නොහොත් විශ්වකර්ම දේවයා විසින් පාතාලයේ මායා අසුර අධ්රාජ්‍ය බිහි කරන ලදී.

මීට අමතරව අම්මාට බොහෝ රටවල අම්මා, මව යන වචන වල උච්චාරන වලට සමාන වචන පරිහරනය කරයි. විමසිල්ලෙන් බැලූව හොත් තවත් වචන ඕනෑ තරම් ඔබට සොයා ගත හැක. අභ්‍යාවකාශයට පිටසක්වල ජීවීන් සෙවීමට යවන ලද ඇතැම් යානා වල සිංහල හඬ පටි යවන ලද බවට දුසුමාන ආරංචි ඇත. අතීතයේ අසුරයන් පිටසක්වලද පාලනය කල බවට දේවකතා වල සදහන් වීම මෙවාට හේතු වන්නට ඇත. හෙල බසෙන් පාලි, සංස්කෘත, බ්‍රහ්මන, දෙමළ, හින්දි… ආදී භාෂා ගණනාවක් බිහිවී ඇත.

උපුටා ගැනීම

Wednesday, July 14, 2010

කූරගල

0
ලක්දිව රත්නපුර, බලංගොඩ ප්‍රදේශයේ පිහිටි කූරගල කියන්නෙ ලක්වැසි බෞද්ධයන්ට ඉතාමත් වැදගත් තැනක්. ඉතිහාසයේ විවිධ අවස්ථාවන් වලදී කූරගල ගැන අහන්න ලැබෙනවා. විටෙක එය රාවන රජ්ජුරුවන්ගේ ඉන්ද්‍රගිරි පර්වතය ලෙස හැඳින්වෙනවා. වළගම්බා රජ සමයේ රාජ්‍ය පැහැරගත් ආක්‍රමණිකයන්ට විරුද්ධව වළගම්බා රජු කලක් කූරගලදී සේනා රැස් කළේලු. වසර දහස් ගණනක් ඈත අතීතයේ අසුර නායකයන් විසූ අසුර රාජධානියක් කූරගල විය. එමෙන්ම ගෞතම බුදුන් වැඩි දිවාගුහාවද මෙම කූරගල යැයි ඇතැමෙක් පවසති. එහෙත් වර්තමානයේ මෙම පුදබිම මුස්ලිම් ලබ්ධිකයන් විසින් ආක්‍රමණය කර ඇති අයුරු ඉතාම කණගාටුදයකය. (අද වන විට එය නිදහස් කර ගැනීමට කටයුතු කර ඇත.)

ජන ප්‍රවාදයේ එන පරිදි රාවනා රජු හට කදු ශිඛරයන්හි ගොඩනගන ලද ගිරි රාජ්‍යය 7 ක් තිබුනේ යැයි විශ්වාසයක් පවතී. එම රාජ්‍ය අතරම වර්ථමාන කූරගල ද අයත් ව පැවති බව කියවේ. එය නමින් “ඉන්ද්‍රාගිරි රාජ්‍ය” ලෙසින් ප්‍රචලිතය

රාවනා රජු ඉන්දියාවේ සීතා කුමාරිය පැහැරගෙන ඒමත් ඇය සොයාගෙන රාමකුමරු ලක්ෂ්මන් හා හනුමන්තා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බවත් වාල්මිකීගේ රාමායනයේ එන අපූරු කතා වස්තුවකි. මෙම රාම රාවනා යුද්ධයේදී රාවනාගේ අධර්මිෂ්ඨ කුරිරු පාලනය නොරිස්සූ ඔහුගේ මලනුවන් වූ විශීෂන රාමට උදව් කළ බව රාමායනයේ එයි. රාම විසින් රාවනා පරාජය කොට සීතාත් සමඟ යිලි ඉන්දිය‍ාවට යන විට වර්ථමාන කූරගල හෙවත් එවකට ඉන්ද්‍රාගිරි රාජ්‍යය තමන්ට ලබාදුන් උපකාරයන්ට කෘත ගුණ සැලකීමක් වශයෙන් විභීෂනට ප්‍රදානය කළ බවත් සඳහන් වේ. දිවයිනේ දසත විසිරී ඇති ගල්ලෙන් පිහිටි භූමි හා සම්බන්ධව වලගම්බා රජුගේ නාමය ප්‍රචලිතය. කූරගල කන්දේද වලගම්බා රජු සැග වි සිට සේනා සංවිධානය කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

මේ කෙසේ වෙතත් කූරගල ඈත අතීතයෙට උරුම කම් කියන බව නම් සක්සුදක් සේ විශ්වාසය. මෙම ඓතිහාසික වැදගත්කම හේතුවෙන් කූරගල වර්ථමානයේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසින් ප්‍රකාශයට පත්කර ඇත. මෙම ස්ථානයට කූරගල යන නාමය පටබැදීමද කුහර සිහිත උමං ගුහාව ‍ෙහ්තු වී ඇත. මෙහි අදුරු ගල් ගුහාව ‍ෙකළවර බාහිරට විවර වන කුහරයකි. මෙම කුහරය හේතුවෙන් මෙම ස්ථානයට “කුහරගල” ලෙසින් ගැමියන් අතර ව්‍යවහරිකව පැවත ඇත. මෙම නාමය පසුව කූරගල වූවේ යයිද විශ්වාස කරති. මෙම කූරගල පිහිටි භූමියේ නටඹුන් වි ගිය අඩි 10 ක් පමණ උසින් යුත් ගඩොලින් නිමවා ඇති චෛත්‍ය මෙන්ම එම ස්ථානයට වයඹ දෙසින් පිහිටි ගිරි හිසක් මතදී නටඹුන් වූ ‍ෙඑතිහාසික නස්ඨාව‍ශේෂ දැකබලාගත හැකිය.


උපුටා ගැනීම
http://sinhalaravaya.com
http://www.ecopalace.lk/artical/kuragala/kuragalass.html
https://dutugemunu.wordpress.com

Tuesday, July 13, 2010

රාවණා යනු කවුද?

0

ශ්‍රී ලංකාව ආර්යයන් ජනාවාසකරණය වීමට පෙර අප රටේ ජනයා ජීවත් වූ බවට සාධක නොමැතිද? නැත. ඕනෑවටත් වඩා මෙරට ජනයා ජීවත් වූ බවට සාධක පුරාවිද්‍යාත්මක මෙන්ම සාහිත්‍යමය සාධකයන්ගෙන්ද සනාථ කර ගත හැකිය. ඉබ්බන් කටුව මෙ
න්ම පොම්පරිප්පු වැනි ස්‌ථානවලින් අප රටේ මැටි කර්මාන්ත තාක්‍ෂණය තිබූ බවට සාධක හමු නොවන්නේද? ලෙණගල, යටහලෙණ, පාහියන්ගල, බටදොඹලෙණ, දකුණේ මිනිහා ගල්කන්ද ආදී ස්‌ථානවල ගල්ලෙන් ආශ්‍රිතව හමුවන පුරාවිද්‍යා සාධක මෙරට ප්‍රාග් ඓතිහාසික ජනයා ජීවත් වූ බවට සාධක සපයයි. මහා වංසය , රාජාවලිය වැනි කෘතීන්හි සඳහන් වන කුවේණි කතා පුවත ද මෙරට ආර්යයන් පැමිණීමට පෙර ජනයා ජීවත් වූ බවට සාධක සපයයි.

බුදුන් සත් සතිය ගත කරන අවධියේදී තපස්‌සු භල්ලු
ක වෙළෙඳ දෙබෑයන් බුදුන්ට විළඳ හා මී පිඬු දන්දී ලබාගත් කේශධාතු මිටක්‌ රැගෙන මෙරටට පැමිණ ගිරිහඬු සෑය ඉදිකරන ලද බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. නමුත් අද අපට මේ ගිරිහඬසෑය හමුවන්නේ නැත. රමණීය ප්‍රදේශයක ඉදිව ඇති තිරිභය වටදාගෙය ආශ්‍රිතව නටබුන් මේ පැරැණි ගිරිහඩු සෑය ඉදිව තිබෙන්නට ඇතැයි සිතිය හැකි ප්‍රදේශයයි මතයක්‌ ඇත.

බෞද්ධ සාහිත්‍යයට අයත් වන වලාහස්‌ස ජාතකය,
ඉන්දීය සංස්‌කෘත ග්‍රන්ථයක්‌ වන දිව්‍යාවදානය, හියුන්සාං හිමියන්ගේ භ්‍රමණ වෘත්තාන්තය, පාහියන් හිමියගේ සීsයෑකි වාර්තාව අප රට තුළ ප්‍රාග් ඓතිහාසික ජනාවාස තිබූ බවට සාධක සපයන සාහිත්‍ය මූලාශ්‍රයන්ය. ඉන්දියාවේ රචිත රාමායනය මෙන්ම මහා භාරතය ද අප රට පිළිබඳ තොරතුරු ලබා දෙන මූලාශ්‍රයන්ය. අප රට පිළිබඳ ඈත අතීතයේදී රචනා වූ මේවා බහුතරයක්‌ විදේශ මූලාශ්‍රයන්ය. මේ අතීතයේ පොතපතය. වර්තමානයේදී ලෝකය පිළිබඳ විවිධ රටවල උගතුන් පර්යේෂණ කොට තිබේ.

ඇමරිකාවේ නාසා ආයතනය රාම සේතුව පිළිබඳ පර්යේෂණ කර ඇති අතර ඔවුන් පවසන්නේ ලංකාව හා ඉන්දියාව අතර පැරැණි පාලමක්‌ තිබූ බවය. මෙතෙක්‌ හඳුනාගෙන ඇති මිනිසා විසින් තනන ලද පුරාණතම පාලම් මාර්ගය බව නාසා ආයතනයේ විශ්වාසයයි. මෙය අනාගතයේදී වෙනස්‌ වීමට ඉඩ තිබුණත් දැනට පිළිගන්නා සත්‍යය එයයි
. එසේ නම් ඉතිහාසය තුළ එවන් දස්‌කම් නොතිබෙන්නට නොහැකිද? මෙවන් තර්කයක්‌ මතු කරන්නේ නම් මෙරට ආර්යයන්ට පෙර ශිෂ්ටාචාරයක්‌ නොතිබෙන්නට ඇත්ද?

ආර්යයන්ගේ ප්‍රධාන සාහිත්‍යයක්‌ ලෙස රාමායනය හා මහා භාරතය
හඳුන්වාදීමට පුළුවන. රාමායනය රචනා කර ඇත්තේ ක්‍රි. පූ. 04-02 අතර කාලයේ ජීවත් වූවා යෑයි සැලකෙන වාල්මිකීය. නමුත් රාමායනය අවසන් වරට සකස්‌ වී ඇත්තේ ක්‍රි. ව. 5 සියවසේ ගුප්ත යුගයේදීය. ඒ දක්‌වා රාමායණයට විවිධ කතා එකතු වූ බව පෙනේ. රාමායනය තුළ විස්‌තර වන්නේ එක්‌ කතාවක්‌ පමණක්‌ නොවේ. එහි කතාන්තර කීපයක්‌ විස්‌තර කරයි. අයෝද්‍යා නමින් හැඳින් වූ උතුරු ඉන්දීය අගනුවරක්‌ තුළ සිදු වූ රාජකීය කුමන්ත්‍රණයක්‌ පිළිබඳ මෙහි විස්‌තර ඇත. කෝසල රාජ්‍ය පිළිබඳව ද රාමායනයේ විස්‌තර ඇත. සීතා කුමරිය රාවණා රජු විසින් පැහැරගෙන යැම පිළිබඳව ද මෙහි විස්‌තර ඇතුළත්ය. මේ ප්‍රධාන කතා පුවත් දෙකේ එකතුවක්‌ ලෙස රාමායණය හඳුන්වා දීමට පුළුවන. අයෝධ්‍යාව මෙන්ම කෝසලය ද ඉන්දියාවේ ප්‍රදේශ නිසා රාමායණයේ ඇත්තේ ආර්යයන්ගේ ඉන්දියාවේ පිටත තොරතුරු නොවේ.


මහාභාරතය රචනා කර ඇත්තේ වේද ව්‍යාස නමැති පඬිවරයෙකි. මේ කෘතියද ක්‍රි. පූ. 4 සියවසේදී පමණ රචනා වීම ආරම්භ වන්නට ඇතැයි සිංහ හා බැනර්ජි ඉතිහාසකරුවන් ඉන්දීය ඉතිහාසය ෂ කාණ්‌ඩයේ සඳහන් කරයි. රාමායනය මෙන්ම මහා භා
රතයද අවසන් වරට සකස්‌ වී ඇත්තේ ක්‍රි. ව. 5 සියවස්‌ පමණ ගුප්ත යුගයේදීය. මහා භාරතයේ ප්‍රධාන කතාව කුරු හා පාණ්‌ඩව වංශිකයන් තුරු ක්‍ෂේත්‍රය නමැති බිමට අරගල කිරීමයි. ඉන්දීය ඉතිහාසඥයන් බහුතරයක්‌ දෙනා රාමායණයේ එන කතා සාරය සත්‍ය විය හැකි යෑයි විශ්වාස කරයි. එසේ නම් රාමායණය දකුණු ඉන්දියාවේ ආර්ය ජනපද පිහිටුවීම පිළිබඳ තොරතුරු නොවන්නේද? එසේ නම් රාමායණයේ එන තොරතුරු පෙරදිග පඬියන් මෙන්ම අපරදිග පඬියන් ද දැන් පිළිගන්නා සත්‍ය නොවන්නේද?

මේ කෘති දෙකේම එන චරිත විෂ්ණුගේ අවතාරයන් ලෙසද සලකණු ලැබේ. රාමායණයේ එන රාම මෙන්ම මහා භාරතයේ එන ශ්‍රී ක්‍රිෂ්ණාද විෂ්ණුගේ දස අවතාරයන් අතරට වැටේ.

ලලීන්දා සන්නස්‌ගම මහතා සඳහන් කරන්නේ රාමා
යණය වාල්මිකිගේ ආර්යයන්ගේ මුල් බිම පිළිබඳ ප්‍රපංචයක්‌ බවයි. නමුත් මට හැඟෙන්නේ නම් රාමායණය මෙන්ම මහා භාරතය ද පැරැණි ඉන්දියාවට අදාළ සිදුවීම් පෙළ ගස්‌වන මූලාශ්‍රයන් බවයි. අයෝධ්‍යාව, හස්‌තිනාපුරය, ඉන්ද්‍රප්‍රස්‌තය, කුරු ක්‍ෂේත්‍රය, මෙන්ම ලංකා රාජ්‍යයද පෙරදිග තිබූ දෙය අප පෙරදිග සංස්‌කෘතිය, දැනුම, බුද්ධිය පිළිගැනීමට අකැමැති ඇයිද යන්න ගැටලුවකි. ඉතිහාසකරුවන් බොහෝ ප්‍රමාණයක්‌ තම වාර්තාකරණයට ඇතුළත් කර ඇත්තේ ඔවුන් ඇසූදේය. දුටු දේ ඉතාමත් අල්පය. ඔබ ගෙනා තර්කය සාධාරණ නම් රාමායණය පමණක්‌ නොව ලංකාවේ මහා වංශයද පිළිගැනීම තරමක්‌ අපහසුය. ලංකාවේ දුටුගැමුණු පිළිබඳ මහානාම හිමි තොරතුරු වාර්තා කරන්නේ ඔහු මරණයට පත්ව වසර 700 ක්‌ පමණ කාලයක්‌ ගිය විටය. එවිට බොහෝ දේ වෙනස්‌ විය හැකිය.

නමුත් අප ඒ සත්‍ය පිළිගනී. එහෙත් රාමායණයේ සඳහන් වන්
නා වූ රාවණාගේ ලංකාපුරය පිළිගැනීමට අප මැළි වන්නේ ඇයි. එයට හේතුව ඓතිහාසික සාධක නොමැති නිසාද? නිකලෝ මකියාවෙලි, රචනා කරන කුමාරයා ග්‍රන්ථයේ කියෑවෙන මත්ස්‍ය න්‍යාය ඉන්දියාවේ ක්‍රියාත්මක වූයේ ක්‍රි. පූ. 06 වන සියවසේදීය. එසේ නම් අප යුරෝපීයන්ට පෙර දේශපාලන වශයෙන් ශක්‌තිමක්‌ නොවූවෝද? කුමාරයා ග්‍රන්ථය කෞටිල්‍යයේ අර්ථ ශාස්‌ත්‍රයේ පිටපතක්‌ විය හැකි බවටද ඉතිහාසඥයන් සැක පහළ කරයි. එය සත්‍යනම් යුරෝපයට දේශපාලන න්‍යාය ලබාදුන්නේද පෙරදිගිනි. සුද්දා වැද්දා වී කැලෑ ගතව සිටිsයදී අප සීගිරිය වැනි ලොව පුදුම කරන නිර්මාණයන් ඉදිකළහ. නමුත් අප එය අගය කරන්නේද? බුදු දහම, ජෛනදහම, හින්දු ආගම, කොන්පියුසස්‌ දහම මෙන්ම කතෝලික දහමද බිහි වන්නේ ආසියාකරය තුළය.

ඉන්දු නිම්න මෙන්ම හොවැංහෝ ශිෂ්ටාචාරය ද පෙරදිග සභ්‍ය
ත්වයන්ය. මේසපෝතේමියාව ආසියාවට නෑකම් කියන සභ්‍යත්වයන්ය. ආසියාව යුරෝපය අභිබවමින් ඉස්‌මතු වූයේ අදින් වසර දහස්‌ ගණනකට පෙර පටන්ය. නමුත් යුරෝපීයන් ආසියාතිකයන්ගේ තිබූ දුර්වලතාවන් ප්‍රයෝජනයට ගෙන ඔවුන් යටපත් කොට ඔවුන්ගේ සභ්‍යත්වය විනාශ කොට තම ලක්‍ෂණයන් පෙරදිග තුළ ස්‌ථාපිsත කළහ. වෙඩි බෙහෙත් භාවිතය, වීදුරු භාවිතය, කඩදාසි භාවිතය මෙන්ම මාලිමාව උපකරණ ද ලෝකයට දායාද වූයේ ආසියාතිකයන්ගෙන්ය. මෙවන් විශිෂ්ට දායාදයන් ලොවට දායාද කළ ආසියාවතුළ අප රටේ බිහි වූ චරිතයක්‌ වන්නේ රාවණා රජුය.

නමුත් ඔහු ඓතිහාසික චරිතයක්‌ බව පෙන්වීමට කිසිම සාධකයක්‌ නැත්තේය. ඒ වෙනුවෙන් අප ඉදිරියේ ඇත්තේ මෙරට ජනයා පරම්පරා ගණනාවක්‌ තිස්‌සේ රැගෙන ආ ජන කතාය. මේවාට බොහෝ දේ එකතු වන්නට ඇත. නමුත් මේවායේ හරය තුළ යම් හෝ වැදගත්කමක්‌ ඇත. ආර්යන් තම වේද සාහිත්‍යය රචනා කළේ අවුරුදු දහස්‌ ගණනක්‌ තිස්‌සේ මුඛ පරම්පරාගතව රැකගෙන ඒමෙන් අනතුරුව ක්‍රි. ව. 5 සියවසේදී පමණය. එය එසේ නම් රාවණා
චරිතය හා සම්බන්ධ ප්‍රවාදයන් ද වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ රැකගෙන ආ ඒවා විය යුතුය. ආර්ය සාහිත්‍ය රචනාවී ඇති නිසා නිවැරැදි නම් රචනා නොවූ රාවණා චරිතයද ඓතිහාසික විය යුතුය.

සන්නස්‌ගම මහතා දක්‌වන ආකාරයට මෙරට හෙළ /අසුර ජනතාවක්‌ ජීවත් වී නැත. එමෙන්ම යක්‍ෂ, නාග, දේව රාක්‌ෂ යන ජන වර්ගයන් මෙරට ජීවත් වූ බවට මෙර
ට ශිලා ලේඛන සාධක නැත. එය සත්‍යයකි. නමුත් පාහියන් හිමි මෙරට ජනයා ජනාවාස කිරීමට හෝ අප රටේ ජීවත් වූයේ යක්‍ෂයන් හා මකරුන් බව වාර්තා කරයි. මහා වංසයට අනුව කුවේණියගේ කතාවට පෙර මෙරට යක්‍ෂයන් ජීවත්වූ බවට බුදුන් මහියංගනයට වැඩම කිරීමේ කතාව පෙන්වා දියහැක. උන් වහන්සේ මහියංගනයට වැඩම කළේ යක්‍ෂයන් දමනය කිරීමටය. නමුත් මේ සිදුවීම් දෙකම සනාථ කිරීමට සාධක නැත. දිව්‍යම දානය නම් කෘතියේ මෙන්ම වලාහස්‌ස ජාතකයේද මෙරට රාක්‍ෂයින් ජීවත් වූ බවට තොරතුරු ඉදිරිපත් කරයි. දිව්‍යාදානය, වලාහස්‌ස ජාතකය මෙන්ම චීන වාර්තාකරුවන්ද අප රට හඳුන්වා ඇත්තේ මැණික්‌ දිවයින හෙවත් රත්නදීප නමිනි. මේ සාහිත්‍ය පොත පතට අමතරව මහා වංශයේ ද මෙරට යක්‍ෂ, නාග, දේව ජන කොටස්‌ ජීවත් වූ බවට සාධක පෙන්වයි.

ඔවුන් යටපත් කොට ආර්යයන් සභ්‍යත්වය පිහිටුවූ විට ඔවුන් මෙරට අඩු වැදගත්කමක්‌ තිබූ ජන කොටසක්‌ වන්නට ඇත. ආර්යයන් ඉන්දු නිම්නය යටපත් කොට
තම සභ්‍යත්වය එහි තහවුරු කළා සේම මෙරටට ආ ආර්යයන් ද ලංකාවේ ක්‍රියාත්මක වූ සභ්‍යත්වය යටපත් නොකරන්නට ඇද්ද? ඉන්දු නිම්න වාසීන් ආර්යයන්ට යටත් වුවද අප ආදි ජනයා ඔවුන්ට යටත් නොවූ බව මාගේ හැඟීමයි. මහාවංසය දක්‌වන ආකාරයට කුවේණියගේ දරු දෙදෙනාගෙන් මෙරට වැද්දන් ආරම්භ වී ඇත. මා සිතන්නේ ආර්යයන්ට යටත් නොවූ මෙරට ජනයා වනගත වීම තුළින් වැදි ජනයා බිහිවන්නට ඇති බවයි.
යන නාම ප්‍රකෘතියන් තුළින් පෙනෙන්නේ අදටත් භාවිතා වන හෙළ නම් අතීතයේ පටන්ම භාවිත වූ බවයි. එසේ නම් සන්නස්‌ගම මහතාණෙනි රාවණාද ඓතිහාසික චරිතක්‌ විය යුතුය.

මේ කතා ගොඩනැඟෙන්නේ නිකම්ම නිකං කරුණු නිසාද මේවා තුළ මොනයම් හෝ සත්‍යතාවක්‌ නැතිද, මහාචාර්ය පරණවිතානයන් හෝ වෙනත් උගතෙක්‌ ප්‍රකාශ කළ පමණින් එය නිවැරැදි ඉතිහාසයයි. අපි පිළිගන්නේ නම් එය අප අපටම කරගන්නා විශාල ගරහා ගැනීමකි.

* කීර්තිමත් විද්‍යාඥයෙක්‌ වූ ආතර් සී. ක්‌ලාක්‌ මහතා මෙරට ඉතිහාසය වසර 2000 වඩා අතීතයකට ගමන් කරන බව පැවසීය.

* රත්නපුර ප්‍රදේශයේ කැණීමකින් මතු වූ වසර 3250 ක්‌ පමණ පැරැණි නිවාසය.

* හෝටන්තැන්නෙන් හමුවී ඇති අදින් වසර 10000 කට වඩා ඉතිහාසයක්‌ ඇති තිරිඟු, බාර්ලි දහයියා පොතු.

* මෙරට අතීතයේ ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රිකයන් පිළිබඳ තොරතුරු කියෑවෙන පංචරක්‌ඛාවලිය මිත්‍යා ග්‍රන්ථයක්‌ද?

* බටහිර ඉන්දීය වෙරළේ කැණීම්වලින් මතු කරගත් අදින් වසර 10000 ක්‌ පමණ පැරැණි අගනුවර කුමක්‌ද?

* නාසා ආයතනය පවා අදටත් පිළිගන්නා රාමසේතුව නිර්මාණය කළේ කවුද?

* වාරියපොල, රාවණාඇල්ල, දොළුකන්ද, රූමස්‌සල, සීතාවක, සීතාඑළිය වැනි වචන හා සම්බන්ධ ජනප්‍රවාද සියල්ලම මිත්‍යාවන්ද?

* දිව්‍යවාදානයට අනුව මෙරටට වෙළෙඳුන් පැමිණීමේදී පියාඹන වලාහක අශ්වයන් මාර්ගයෙන් ආවේ නම් රාවණා රජුගේ යෑයි සැලකෙන දඬු මොණරය මිත්‍යාවක්‌ද?

* රාම රජුට රාවණා රජු පාවාදීමට කටයුතු= කළ විභීෂණ දෙවියන් මිත්‍යාවක්‌ද?

* රාවණා රජු විසින් රචනා කරන ලදැයි කියෑවෙන වෛද්‍ය ග්‍රන්ථයන් මිත්‍යා පොත පතද?

* කළ්‍යාණ නම් පඬිවරයා විසින් රචනා කර ඇති රාජතරංගනියට අනුව එරට ඉතිහාසය ආරම්භ වී ඇත්තේ විභීෂණගෙනි. එහි කියෑවෙන විභීෂණ කවුරුන්ද?

* හනුමන්තා විසින් ගිනි තබන ලද ලංකාපුරය ලංකාවද නැතිනම් වෙනත් රටක්‌ ද?

* රාවණගේ තවමත් නොනැඟිට්‌ට සොහොයුරු කුම්භකර්ණ යනු කවරෙක්‌ද, ලංකාවේ ගිනිකොණ දිගින් ගලා බසින කුඹුක්‌කන් නදිය කුම්භකර්ණ වෙනුවෙන් නම් කරන ලද්දක්‌ද?

* සීගිරිය හා රාවණා රජු අතර සම්බන්ධයක්‌ නැතිද? විද්‍යාව අනුව සීගිරියේ ජීවත් වූ ආදිම පුද්aගලයන් රාවණා හා කුවේර බව පිළිගන්නේ නැත්ද?

* රාම - රාවණා යුද්ධයේදී සීගිරිය විනාශයට පත් වූ පසු නැවත එය කාශ්‍යප ගොඩනැඟූ බවට ඇති මතය වැරැදිද?

සීගිරි ගලේ රාවණ දෙවි විල සැදුවා

සීගිරි ගලේ විස්‌කම් සිත්තම් කෙරුවා

සීගිරි රුවෙන් මන්දෝදරි දිස්‌වෙනවා

මෙතුන් පදේ මම නිසි ලෙස විසඳනවා

* ඉහත කවියේ කියෑවෙන මන්දෝදරි බිසව හා රාවණා රජු කවුරුන්ද?

* සීගිරිය ප්‍රදේශයේ ඈත අතීතයේ පටන්ම යක්‍ෂ ගෝත්‍රිකයන් වාසය කළ බවට ඒ. සී. ලෝරි මහතා කරන ප්‍රකාශය වැරැදිද?

* කුවේරගේ වාස භවනය කොල්ල කාගත් රාවණා රජු සීගිරිය තම එක්‌ මධ්‍යස්‌ථානයක්‌ ලෙස භාවිත කිරීම වැරදිද?

* සීගිරිය අවට කරන ලද කැණීම්වලින් සීගිරිය අදින් වසර 5000 කට එහා ඉතිහාසයකට හිමිකම් කියන බව ආචාර්ය ශිරාන් දැරණියගල මහතා කරන ප්‍රකාශ බොරුද?

* ලග්ගල හා ඒ අවට සිදු කර ඇති පර්යේෂණ, ජනකතා ආදියේ කියෑවෙන රාවණා හා සම්බන්ධ කතා පුවත් මිත්‍යාවන්ද, ලග්ගල රාවණා රජුගේ තාරකා මධ්‍යස්‌ථානයක්‌ව පැවැති බවට පිළිගන්නා මතය බොරුවක්‌ද?

* අදටත් සංගීතය තුළ භාවිතා වන රාවණා රාගය, රාවණා වීණාව මොනවාද?

* ඉන්දියානුවන් අදටත් හනුමාන් දේවත්යේලා නගන්නේ ඇයි?

මහාචාර්ය පරණවිතාන මහතා ප්‍රකාශ කර ඇති ආකාරයට රාවණා රජු මිත්‍යාවකි. සන්නස්‌ගම මහතා උත්සාහ දරා ඇත්තේ ද එය එසේ වන බව පැවසීමටය. එසේ නම් ඉහත සඳහන් කරුණු හා ඔබ එකඟ වන්නේ ද? පුද්ගලයකු පැවසූ පරිද්දෙන් එය ඉතිහාසය වන්නේ නැත. සීගිරි චිත්‍ර, සඳකඩ පහණ, මිනිසා හා අශ්ව හිස සම්බන්ධයෙන් විවිධ මත ඇත්තේ ඒ නිසාය. නමුත් ඒ සෑම මතයක්‌ බැහැර කිරීම සාධාරණ නැත. රාවණා රජු සම්බන්ධයෙන් ද කිව යුත්තේ එයමය.


සුජීව දිසානායක

උපුටා ගැනීම -
http://www.divaina.com/2010/09/15/badada02.html

Monday, July 12, 2010

ඉසුරුමුණි විහාරය

0

ඉසුරුමුණි විහාරයද අතීතයේ යක්‌ෂ ජන සමාජයේ ප්‍රභාමත් ආගමික පූජා භූමිය
කි.


ඉසුරුමුණි පෙම් යුවළ යනු මහා වෙසමුණි රජු හා කෛකාසි දේවි
යගේ රුව නෙළමින් ලොව ප්‍රථම මවුපිය දේවාලය ඉදි කළ මහා රාවණ අධිරාජ්‍යයාගේ නිර්මාණයක්‌ වේ.


තවද පුරා විද්‍යාවෙන් නිසි අර්ථ නිරූපණයක්‌ කර නොමැති ඉසුරුමුණියේ මිනිසා හා අශ්ව හිස රූපය වෙසමුණි රජුගේ නිර්භය නිදහස්‌ චින්තනය නිරූපණය කරයි.


වෙස්‌සගිරි ප්‍රදේශයද එම ඉපැරැණි යුගයේම නශ්ඨාවශේෂයකි. පසුකාලීන රජවරු මෙම ඉදිකි
රීම් මත යම් යම් ප්‍රතිසංස්‌කරණ හා අලුත් ගොඩනැඟිලි කර ඇතත් ස්‌වභාව ධර්මයට ගරු කළ යක්‌ෂ ජනතාව පරිසර හිතකාමී නගර නිර්මාණකරුවන්ගේ ආරම්භයන් බව එම ප්‍රදේශ සාක්‍ෂි දරයි.

උපුටා ගැනීම- http://www.sinhalaya.com/network/index.php?topic=4830.0


Tuesday, July 6, 2010

වීරවන රජ(වීරකෝච) - පාතලය

0
හෙළ ශිෂ්ටාචාරයේ තවත් වැදගත් රජෙක්.ඔහුගේ බිසව සුලෝචන විය.වීරවන රජ විසින් අලුතින් ශිෂ්ටාචාර ඇති වු තැන් සඳහා පැරණි ගම්සභා ක්‍රමය ගෙනයන ලදී.දකුණු හා උතුරු ඇමරිකාව මෙම ශිෂ්ටාචාර ඇති වූ වර්තමාන ස්ථානයි.

වීරකෝච රජ (Viracocha) පෙන්නුම් කරන කැටයමක්

එකල
ඇමරිකාව හඳුන්වන ලද්දේ පාතාලය (Pachatata) කියාය.අදටත් පාතාලය නමින් හඳුන්වන දේවාලයක් ටිටිකාකා විල අසල තිබේ.

Temple of Pachatata, Isla Amantani, Lake Titicaca, Peru

අපගේ භාවිතයේ පවතින පාතාල බහිරව රූප උතුරු දකුණු ඇමරිකා ඉන්කා හා ඇස්ටෙක් ශිෂ්ටාචාර වල දැනට හමුවී තිබෙන කැටයම් වලද ඇත

බහිරව රූප සහිත මුරගලක්(ශ්‍රී ලංකාවේ)

බහිරව රූප සහිත මුරගලක් (දකුණු ඇමරිකාවේ පීරු)




ලංකාවේ
වැව් දක්නට ඇති ජලය පාලනය කළ හැකි බිසෝකොටු දකුණු ඇමරිකා ඉන්කා ශිෂ්ටාචාර වල දක්නට ලැබේ. ඇන්ඩීස් කඳු වැටිය දිගේ, ඇළවල් මඟින් ජලය පාලනය සදහා බිසෝකොටු බාධකයක් ලෙස භාවිතා කර ඇත.දකුණු ඇමරිකාවේ පීරු, බොලිවියා,චිලී රාජ්යය(ටිටිකාකා විල අසල ප්‍රදේශය) ඇන්ඩීස් කඳු වැටිය වීරවන රජු විසින් විසින් හෙළ ශිෂ්ටාචාරය ඇති කිරීමට යොදා ගන්නා ලදී.
ලිපි 1
ලිපි 2

අසුර අධිරාජ්යය සමයේදී වීරවන රජු විසින් දකුණු ඇමරිකාව පුරා පීරු, බොලිවියා, ඉක්වදෝරය යන රට වල වැසියෝ තමන් හිරුගේ දරුවන් තවමත් පවසයි.වීරවන රජුට ඔවුන් "වීරකෝච"(Viracocha) නමින් හදුන්වයි. තවමත් දේවත්වයෙහිලා සලකයි.වීරවන රජුගේ පිළිරුවක් අදටත් ටිටිකාකා විල අසල ට්වනකු වල තිබේ.

ටිටිකාකා විල අසල ට්වනකු(Tiwanaku) වීරවන රජුගේ පිළිරුව

ඇස්ටෙක් හි ට්වනකු සදහා ළඟා වියහැකි අභ්‍යවකාශ ගුවන්තොටක්
එදා තිබූ බව මානව විද්‍යාඥයන් පිළිගනී.

ඇන්ඩීස් කඳුකරයේ නැස්කා සානුවේ නැස්කා රේඛා(Nazca lines) නැමැති වගී සැතපුම් 14 ක් පුරා පැතිරුණු ප්‍රදේශය පුරා රේඛා චිත්‍ර අද දක්නට ඇත.

නැස්කා රේඛා ,පේරු

ගුවන්යානා සදහා මාර්ග පථ විද්‍යාඥයන් හදුන්වන්නේ ය.එබැවින් වීරවන රජ සිය ගුවන්යනා භාවිතාකර ඇන්ඩීස් කඳුකරය තරණය කරන්නට ඇති බව විශ්වාසයි
අක්කර 20ක් පුරා පැතිරුණු වීරවන දෙවොල අදත් කඵගලින් හානි නොවී පවතී.

වීරවන දෙවොල

රජුගේසෙල්පිළිමය ද උතුරු ඇමරිකාවේ මායා ශිෂ්ටාචාරය තුලද,දකුණු ඇමරිකා ඉන්කා ශිෂ්ටාචාර වල පවතී.ඉන්කා ශිෂ්ටාචාරයේදී ඔහු "වීරකෝච" (Viracocha)හදුන්වයි.


මායා - අසුර ඉංජිනේරුවා ද මෙහි සිටී.ඔහු විශ්වකර්ම ලෙස හඳුන්වයි.ඇමරිකානු මායා ශිෂ්ටාචාරය විශ්වකර්මයාගේ ගොඩනැගුමකි.

අදත් අප ජනවහරේ පවතින "විශ්වකර්ම වැඩ" යන වචනයේ තේරුම සොයා බැලිමේදී මෙහි සත්‍යය අසත්‍යය තාවය පිරික්සිය හැක.
ඒ හෙළ - අසුර අධිරාජ්‍යයේ ප්‍රතාපවත් වීරවන රජ දවස.

අන්තර්ජාලය හා පොතපත ඇසුරෙන් - චාරක හෙට්ටිආරච්චි

Monday, July 5, 2010

කතරගම කිරිවෙහෙර අභියස

0