Monday, April 26, 2010

රාවණා හා කස්සප

0
රාවණා කියන්නෙ කව්ද? ඉතිහාසය තුල රාවණා හට ඉතිරි වී ඇති හිඩැස, ඔහුට සත්‍ය වශයෙන් ම හිස් 10 [ඔලු 10ක්] සහිතව සිටියේද? දඬුමොණරය යනු කුමක්ද? මේ හැම දේම හා කස්සප අතර ඇති සම්බන්ධය කුමක්ද?... ඔය ආදී අති විශාල ගැටලු ගණනාවක් ඉතිහාසය තුල අපට විසඳා ගන්නට බැරිව තිබෙනවා.. සමහරවිට රාවණා යනු අතීත මනු ගති පිළිබඳ අපට ඉතිරි වී ඇති එකම මොඩලය වන්නටත් පුළුවන්.
ඇත්තට ම රාවණා කියන්නේ කව්ද?

මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක [වසර 10,000 කට පෙර] මහාබාලි [වසර 7,500කට පෙර] රාවණා [වසර 5,000- කට පෙර] ආදී වශයෙනුයි. මේ තිදෙනා අතුරින් රාවණා පිළිබඳව පවතින තොරතුරු ඉස්මතුවන්නේ ඉන්දියානු සාහිත්‍යයේ සඳහන් වන රාවණා තුල පවතින තාක්ෂණික හා යුධ බලය නිසාවෙන්මයි. සාහිත්‍යයේ සඳහන් වන පරිදි, රාවණා හට හිස් දහයක් සහ අත් ගණනාවක් පවතිනවා යැය් කීමෙන් පෙනීයන්නේ, ඔහුතුල තිබූ විවිධාකාර දේ කිරීමට තුබූ නිපුණ තාවය වියහැකියි. එනමුදු අවසානයේ දී මේ තරම් දක්ෂතා තිබූ රාවණා රාමා ගේ [ ඔහු පිළිබඳව මම වෙනම තොරතුරු ගෙන එන්නම්] යටතට පත්වනවා... ඉන්දියානු ජනතාව "දීපාවලී" ලෙස සමරන්නේ අර ඉහත කියූ රාවණාව රාම ගේ යටතට ගැනීමයි.
[රාවණා රාම පිලිබඳව පවතින අරුමැසිවාදී සංස්කරණ අතුරින් වාල්මිකී ගේ රාමායනය ග්‍රන්ථය ප්‍රධාන තැනක් ගන්නවා.]

ආචාරිය ලාල් සිරිනිවාස් හා මිරැන්ඩෝ ඔබේසේකර යන මහත්වරුන් පවසන පරිදිරාවණා පිලිබඳ වූ ඉතිහාස හා භූගෝලීය තොරතුරු එක් රැස් කර බලන කල පශ්චාත් ඓතිහාසික පුරාවිදු සංධිස්ථානයක් වන සීගිරිය යනු.., මීට ශත වර්ශ 50 කට ඉහත දී සාදන ලද රාමායනයේ එන රාවණා ගේ පියරජතුමා වූ කුවේරයා විසූ ආලකමන්දාව ද? යන ගැටළුව මතු කරනවා.

ධූරාවලිය

පොළොන්නරුවේ සිටියා යැයි කියන මහාරිශි පුලස්ති ගේ මුනුපුරා වූ කුවේර ගේ පියා වෙසමුණි යනු මහාරිශි පුලස්ති ගේ වැඩිමහලු දරුවා විය. කුවේර යනු වෙසමුණිගේ පළමු විවාහය වූ බ්‍රාහ්මීන් ගේ රූමත් දියණියක වූ ඉල්ලාවිලා දේවිය ගේ දරුවා විය. පසුව වෙසමුණි ගේ දෙවැනි විවාහය ලෙස කේශිණී පත්විය. කේශිණීට වෙසමුණි ට දාව දරුවන් පස් දෙනෙකු ලැබිණි. ඔවුන් රාවණ, විභීශණ, කුම්භකර්ණ, හේම සහ පුෂ්පික නම් විය.
කාලය ගත වෙත්ම කුවේර, තම පියරජතුමා වූ වෙසමුණි ගේ අභාවයෙන් පසුව සාමකාමීව රට පාලනය කලේ ය. මේ අතර කුවේරගේ දෙටුසහෝදරයා වූ රාවණා තම බලවත් කම ඉහළ යත්ම, ලංකා රාජ්‍යය පිළිබඳ ව සිත් පහළ විය. පසුව, රාවණා ලංකා රාජ්‍යයත්, එහි පිහිටි "ආලකමන්දාවත්", කුවේරගේ අහස්යානය වූ "පුෂ්පිකයත්" තමාට අවැසි බව දැන්වීය. මින් ඉතා කෝපයට පත් වූ කුවේර, රාවණාව ඉහත යෝජනාව ද ප්‍රතික්ෂේප කර පලවා හැරීය. එනමුදු ලෙහෙසියෙන් පරාජයට පත් වන්නට තරම් ලාමක නොවූ රාවණා ස්වකීය ඥාතීන් වූ ‍යක්ෂ ගෝත්‍රිකයන්ව කුවේරට විරුද්ධව මෙහෙයවා ලංකා රාජ්‍යය සියතට ගැනීමට සමත් විය.තවද කුවේරගේ ධනය, මාළිගය සහ අද දඬුමොණරය ලෙස හැඳින්වෙන " පුෂ්පිකය" ද සියතට ගන්නට සමත් විය.

සිවු හෙළය

සමහර ප්‍රකෘතිමත් අතීත වාර්තා පවසන පරිදි., සිංහල ජාතියෙහි උපත සිදුවී ඇත්තේ ප්‍රධාන පෙළපත් හතරක් මුල් කරගෙනයි., ඒ යක්ඛ, නාග, දේව සහ ගන්ධබ්බ යන සිවු පෙළපතයි. තවද ඉහත කී සිවු පෙළපත පැවත එන්නේ මහාරිෂි පුලස්තිට ස්ගෝත්‍රීයව යි. එනයින් ගත්කල සිවුහෙළය යනු හිරු දෙවියන්ට වැදුම් පිදුම් කල එකම රටක එක කොඩියක් යටතේ පාලනය වූ රාජ්‍යයක් බව නොරහසක්. තවද., හිරු සඳු සහිත රාවණ කොඩිය ලංකාවේ පැරණිත ම කොඩිය වනවා. දැනට පවතින සිංහ කොඩි සංකල්පය මෙරටට ආවේ මෙයට ශතවර්ශ 25 කට පෙර පැමිණි විජය කුමරුන් සමඟිනුයි.
රාවණා බලයට පැමිණි වහාම, ඉදිකලා යැයි කියන තම මවුපියන් [වෙසමුණි හා කේෂිණී] සිහිකර තැනූ දෙවොල, අතීතයේ මලවුන් වන්දනාව යක්ඛ ගෝත්‍රය තුල තිබූ බවට සලකුණක් ලෙස හඳුනා ගන්නට පිළිවන්.මේ දෙවොල පන්ඩුකාභය රජ දවස බොදු ආගමික ස්ථානයක් බවට පත් කල බවට සැළකෙනවා. පන්ඩුකාභය රජු යනු, යක්ඛ ගෝත්‍රය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වූ රජ කෙනෙක් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙම ස්ථානය අද වන විට “ඉසුරුමුණිය” ලෙස හඳුන්වන බව සඳහන්..

චිත්‍රකූටද? ආලකමන්දාවද? සීගිරියද?
රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ "මායා දන්නාව" නමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු [වෙසමුණි] ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමය එය හැඳින්වූයේ චිත්‍රකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව "විභීශණ" රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාව ට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන්. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු [ක්‍රි.පූ.437-367] හට රජකම ලබාදෙන්නට උපකාර කල අයගෙන් කෙනෙක්, ඒ පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බැවින්.
තවද, රාවණා වතෙහි කියැවෙන ලෙසට,පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්‍රයා වූ කස්සප කුමරු තම වාසභවන ලෙස චිත්‍රකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා ඇය ද ඉන් පැවතෙන්නියක් නිසාවෙන්. කස්සප රජු යනු චිත්තකූටය රාවණා කල අයුරින්ම ප්‍රතිසංස්කෘත කල හා පවත්වාගෙන ගිය එකම රජතුමා ද වෙනවා.චිත්තකූටයේ [පසුව සීගිරියේ] ඇති ලෝපසිඳු බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ සිවුහෙළයත් එහි ඇති නිල්පැහැති කාන්තාරූපයෙන් පෙන්වන්නේ යක්ඛ ගෝත්‍රය බවත් අනෙක් කාන්තා රූ වලින් දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන ගෝත්‍ර වල නියෝජනය බවත්, අලංකෘත මල් වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා වතෙහි සඳහන්.
සෝපානය හා පුෂ්පිකය [දඬුමොණරය]
තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙනවා.සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන්.
පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්. තවද, සීගිරිය වටා එහි රූප පන්සියයක ට අධික ප්‍රමානයක් චිත්‍රණය කරත් ස්වාභාවික හේතූන් මත කාලයත් සමඟ ඒවා මැකීගොස් ඇතිබව කියැවෙනවා. තව ද රාවණා යනු වෙදකමෙහි මෙන්ම කලාවේ ද කෙල පැමිණියෙකු වන නිසා ඔහුට හිස් දහයක් හා අත් විස්සක් ඇතැයි කීමට හේතුවක් කරගත්තා ද වන්නට පුළුවන්.
කුමක් උවත් රාවණා හෝ කස්සප නිසා හෝ චිත්තකූට හා ආලකමන්දාවෙන් හැඳින්වෙන සීගිරිය ලොව පැරණිතම බලකොටු මාලිගාව වීම වලකන්නට නම් බැහැ.

Sunday, April 18, 2010

සිහිගිරියෙන් සිහි වන යක්‍ෂ උරුමය

0
මහාචාර්ය නලින් ද සිල්වා

සුර අසුර යුද්ධය ආදිය පිළිබඳව නැවතත් වෙනත් අයුරකින් කල්පනා කිරීමට කාලය පැමිණ ඇත. ඕනෑ ම ඉතිහාසයක්‌ ලියනු ලබන්නේ ජයග්‍රාහකයන් විසින් යෑ
යි කියනු ලැබෙයි. විවිධ පුරාණ ග්‍රන්ථ ලියනු ලැබ ඇත්තේ වෛදිකයන් විසින් බව පැහැදිලි ය. සුරයන් අසුරයන් පැරැදවූ පුවත් මේ ග්‍රන්ථවල බහුල ය. සුරයන් විසින් පරදවනු ලැබූ අසුරයන් සුර ලොවින් පිට කෙරී ඇත. මෙහි දී සිදු වන්නට ඇත්තේ කුමක්‌ ද යන්න පැහැදිලි කර ගැනීමට ඉරානයේ හෝ ඒ අවට හෝ අවුරුදු තුන් හාර දාහකට පෙර සිදු වූයේ කුමක්‌ ද යන්න නැවතත් අධ්‍යයනය කළ යුතු ය. කවුරුන් වුවත් ඉදිරිපත් වී එසේ කරන තුරු අපට කළ හැක්‌කේ ඒ පිළිබඳ අනුමාන කිරීම පමණ ය.

අසුර යන්න අහුරාමස්‌දා සමඟ සංසන්දනය කෙරෙයි. පුරාණ ග්‍ර
න්ථවල අසුරයන් පහත් ජීවීන් ලෙස සැලකුව ද ඉන් ඉහත ලියන ලද ග්‍රන්ථවල සුරයන් හා අසුරයන් සමානත්වයෙන් සැලකේ යෑයි කියනු ලැබේ. ඉන් පැහැදිලි වන්නේ පුරාණ ග්‍රන්ථ ලියා ඇත්තේ සුරයන් ගේ ජයග්‍රහණයෙන් පසුව බව ය. සුර අසුර යුද්ධයෙන් කියෑවෙන්නේ සුරයන් හා අසුරයන් අතර වූ යුද්ධයකට වඩා සුරයන් තම දෙවියන් ලෙස පිළිගත් ජන කොටසක්‌ හා අසුරයන් තම දෙවියන් ලෙස පිළිගත් ජන කොටසක්‌ අතර වූ යුද්ධයක්‌ යෑයි සැලකිය හැකි ය.


අසුරයන් තාවතිංසයෙන් පහතට ඇද දමනු ලැබුයේ ශක්‍ර දේවේන්ද්‍රයන් විසින් යෑයි කියනු ලැබේ. එයට හේතුව අසුරයන් පමණට වඩා සුරාව පානය කිරීම නිසා යෑයි ද කියනු ලැබෙයි. අසුරයන් යනු යක්‍ෂයන් ගේ දෙවියන් ලෙස ගත හොත් හා සුරයන් යනු ආර්යයන් ගේ (වෛදිකයන් ගේ) දෙවියන් ලෙස ගත හොත් සුර අසුර යුද්ධයෙන් කියෑවෙන්නේ යක්‍ෂයන් ආර්යයන් අතින් පරාජය වී තමන් ආර්යයන් සමඟ එකට ජීවත් වූ ප්‍රදේශයකින් පලවා හරිනු ලැබුම යෑයි සිතිය හැකි ය.

මේ එකට ජිවත් වූ ප්‍රදේශය වත්මන් ඉරානය අවට ප්‍රදේශයක්‌ යෑයි සිතිය හැකි ය. පන්නනු ලැබූ යම් පිරිසක්‌ ඉරානයේ ද, තවත් පිරිසක්‌ දඹදිව හා ලංකාවේ ද ලැගුම් ගත්තේ යෑයි සිතිය හැකි ය. ඉරානයේ දී යක්‍ෂ ගෝත්‍රිකයන් අතින් අහුරාමස්‌දා සංකල්පය මෙන් ම දේව සංකල්ප ද වර්ධනය වන්නට ඇත. යක්‌ හෙවත් යාඥ කළ පිරිසක්‌ වූ යක්‍ෂ ගෝත්‍රිකයන් ගෙන් ඇතැමුන් දෙවියන් සමඟ සම්බන්ධකම් පවත්වන්නට ඇති ඉඩකඩ වැඩි ය. දඹදිව හා ලංකාවේ ද පදිංචි වූ යක්‍ෂ ගෝත්‍රිකයන් ද ඉන්ද්‍ර ආදී දෙවියන් සමඟ දිගින් දිගට ම සම්බන්ධකම් පවත්වාගෙන යන්නට ඇතැයි සිතිය හැකි ය.

පසු කලෙක ඉහත කී ප්‍රදේශයෙන් ආර්යයන් ද දඹදිවට සංක්‍රමණය වී ඇති බව පැහැදිලි ය. මේ වන විට යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ ඉන්ද්‍ර, ආර්යයන් ගේ දේවේන්ද්‍ර හෙවත් ශක්‍ර දේවේන්ද්‍ර බවට පත් වී අවසාන යෑයි සිතිය හැකි ය. අසුර යන වචනයෙහි ඇත්ත, ගුණගරුක භාවය ආදී තේරුම් තිබේ යෑයි කියෑවෙයි. එහෙත් සුරයන් ගේ ජයග්‍රහණයෙන් පසුව අසුර හා යක්‍ෂ යන වචනවලට පහත්, අසත්, විරූපී ආදී තේරුම් දෙන්නට ඇත. යක්‍ෂණියන්, යකින්නියන් පැහැපත් රුවැති කාන්තාවන් යෑයි කියෑවෙන බව අපි සීගිරිය ගැන සාකච්ජා කරද්දී පැවසුවෙමු. කාශ්‍යප රජුට තිබූ යක්‍ෂ සම්බන්ධය (මව ගෙන් උරුම වූ) හේතු කොටගෙන සීගිරි චිත්‍රවලින් මූලිකව දැක්‌වෙන්නේ යක්‍ෂ කාන්තාවන් (කුමරියන්) යෑයි අපට විශ්වාස කළ හැකි යෑයි අපි කීවෙමු.

ඉන්ද්‍ර දෙවියන් ගේ භාර්යාව ඉන්ද්‍රdණි වෙයි. අජන්තා බිතු සිතුවම්වල, විශේෂයෙන් ම එහි 17 වැනි ගුහාවෙහි ඉන්ද්‍ර හා ඉන්ද්‍රdණි ගේ සිතුවම් ඇත. ඒ ගුහාවෙහි ම සිංහල වෙළෙන්දා ගේ කතාව ද චිත්‍රයට නැඟී ඇත. ඉන්ද්‍රට හා ඉන්ද්‍රdණිට ආකාරයේ ඔටුනු නොමැති වුව ද සීගිරි කතුන්ට ද යම් ආකාරයක ශීර්ෂ පළඳනා වෙයි. ඉන් කියෑවෙන්නේ මේ කාන්තාවන් එක්‌කෝ කුමාරිකාවන් නැත්නම් බුමාටු හෝ රුක්‌ හෝ යක්‍ෂ දෙවඟනත් විය හැකි බව ය. අහසේ සිටින්නාක්‌ මෙන් ඇඳ ඇති බැවින් ඔවුන් යක්‍ෂ බුමාටු හෝ රුක්‌ හෝ දෙවඟනන් වීමට ඇති ඉඩකඩ වැඩි ය.

මෙහි දී කිව යුතු වැදගත් කරුණක්‌ වෙයි. බෞද්ධ සාහිත්‍යයෙහි යක්‍ෂ දෙවියන් මුළුමනින් ම අමතක කර නැත. හින්දු සාහිත්‍යයෙහි මෙන් යක්‍ෂ දෙවිවරුන් ගේ තත්ත්වය පහතට දැමීමක්‌ බුදුන් වහන්සේ අතින් සිදු වී නැත. එහෙත් පසු කලෙක වෛදික බලපෑම් හේතුවෙන් මේ දේව ගණයා ගෙන් බොහෝ දෙනකු බුමාටු, රුක්‌ හා වෙනත් එවැනි දෙවියන් ලෙස සැලකෙන්නට ඇතැයි සිතිය හැකි ය. ඒ අතර වෛදිකයන් විසින් ඔවුන් ගේ දේව ගණයට ඇතුළු කරගනු ලැබූ යක්‍ෂ දෙවියෝ ද වෙති. ශක්‍ර දේවේන්ද්‍රයන් පමණක්‌ නො ව පද්මපානී දෙවියන් ද පද්මාවතී හා සරස්‌වතී දෙවඟනෝ ද එසේ වෛදිකයන් විසින් අවශෝෂණය කරනු ලැබ තමන් අතර රඳවා ගැනු ලැබූ දේව ගණයා අතර වෙති.

මෙහි දී සීගිරිය ගැන වචනයක්‌ දෙකක්‌ නො කියා ම බැරි ය. අපේ ප්‍රවාදවල පළ වන්නේ අවසාන වාක්‍ය නො වේ. මේ ප්‍රවාද විටින් විට වර්ධනය වෙයි. අදහස්‌ හා දත්ත ලැබෙන පරිදි ප්‍රවාද වර්ධනය වීම හා වෙනස්‌වීම ප්‍රවාදවල ස්‌වභාවය වෙයි. අප දෙවියන් ගැන අධ්‍යයනය කරන්නට පළමුව සීගිරි කතුන් ගැන සිතුවේ එසේ නිරූපණය වී ඇත්තේ යක්‍ෂ කාන්තාවන් කියා ය. එහෙත් අද අප සීගිරි කතුන් ගැන සිතන්නට පෙලඹෙන්නේ ඔවුන් යක්‍ෂ බුමාටු හෝ රුක්‌ හෝ දෙවඟනන් ලෙස ය.

ගැමුණු රජතුමා රුවන්වැලිසෑය ඉදි කිරීමේ දී ඒ බිමෙහි සිටි රුක්‌ දෙවඟනක්‌ වූ ද එක්‌ ගෝත්‍රයක (යක්‍ෂ වැනි වෙනත් ගෝත්‍රයක - ගාඨ ගෝත්‍රයෙහි) වැඳුම් පිදුම් ලත් රත්නවල්ලී දෙවඟනට ගසින් බැස යන ලෙසට ආරාධනය කළ බවටත් කළගුණ සැලකීමක්‌ ලෙස රත්නවල්ලී දෙවඟන නමින් චෛත්‍යය බැඳීමට එකඟ වූ බවටත් කතා පුවතක්‌ අපේ සාහිත්‍යයෙහි ඇත. රුවන්වැලිය පසුව රුවන්මැලිය හෙවත් ස්‌වර්ණමාලී වුවත් එහි මුල් නම රත්නවල්ලී හෙවත් රුවන්වැලි වෙයි.

එපරිදි ම අද සීගිරියට සිංහගිරිය යෑයි කීව ද එහි මුල් නම සිහිගිරිය වෙයි. ඒ පසුව සීගිරිය ද සිංහගිරිය ද වී ඇත්තේ වෛදික බලපෑම් හේතු කොට ගෙන යෑයි සිතිය හැකි ය. සිහිගිරිය යන්නෙන් මතක්‌ කරන ගිරිය යන තේරුම ගෙන දෙයි. කාශ්‍යප රජුට මතක්‌ කිරීමට හෝ මතක්‌ කර ගැනීමට හෝ අවශ්‍ය වූයේ කුමක්‌ ද? කාශ්‍යප රජු ගේ මව යක්‍ෂ ගෝත්‍රයට අයත් යෑයි කියෑවෙයි. මව ගෙන් ඔහුට උරුම වූ යක්‍ෂ සංස්‌කෘතියක්‌ තිබෙන්නට ඇත. කාශ්‍යප රජුට සිහි කිරීමට අවශ්‍ය වූයේ යක්‍ෂ සංස්‌කෘතිය ද? යක්‍ෂ යටගියාව ද?

අපට සිතෙන්නේ කාශ්‍යප රජු සිහිගිරිය නිර්මාණය කෙළේ යක්‍ෂ සංස්‌කෘතිය සිහිගැන්වීමට කියා ය. ඒ වන විට යක්‍ෂ සංස්‌කෘතිය ක්‍රමයෙන් දුර්වල වනු කාශ්‍යප රජුට හා අනෙක්‌ යක්‍ෂ ප්‍රධානීන්ට පෙනෙන්නට ඇත. ඒ නැති වෙමින් පැවැති යක්‍ෂ සංස්‌කෘතිය එදාටත් පසුවටත් සිහිගන්වනු සඳහා සිහිගිරිය කරවන්නට ඇතැයි ද සීගිරි චිත්‍ර යක්‍ෂ දෙවඟනන් ගේ චිත්‍ර යෑයි ද සිතන්නට ඉඩ ඇත. සීගිරි උද්‍යානයේ සැකැස්‌ම සහ ඉරානයේ (පර්සියාවේ) උයන් සැකැස්‌ම අතර සමානත්වයක්‌ දැකිය හැකි ය. පර්සියාවේ යක්‍ෂ ගෝත්‍රිකයන් වාසය කළ බවට සාක්‍ෂි වෙයි. සිහිගිරිය යක්‍ෂ සංස්‌කෘතිය සිහිගන්වන ස්‌ථානයක්‌ ලෙස අපට දැකිය නොහැකි ද?

මෙහි දී පරණවිතාන මහතා සීගිරි කාශ්‍යප රජු ගැන කියා ඇති මතය අමතක නො කළ යුතු ය. ඒ මහතාට අනුව සීගිරි කාශ්‍යප රජතුමා ජීවත් වී ඇත්තේ කුවේර මෙනි. කුවේර යනු දේවත්වයට පත් යක්‍ෂ ප්‍රධානියෙකි. පරණවිතාන මහතා මෙහි දී යක්‍ෂ සංස්‌කෘතිය අනුව ජීවත් වීමක්‌ ගැන සඳහන් නො කරයි. ඒ මහතා කාශ්‍යප රජු සහ කුවේර ගැන කියන්නේ සංස්‌කෘතික අර්ථයකින් නො වේ. එහෙත් පරණවිතාන මතය අප වෙනත් අයුරකින් වර්ධනය කළ හොත් ඉන් කුවේර ගේ හා කාශ්‍යප රජු ගේ සංස්‌කෘතිය ගැන යමක්‌ කියෑවෙන බව පෙනී යයි.

කාශ්‍යප රජුට අවශ්‍ය වන්නට ඇත්තේ කුවේර මෙන් ජීවත් වනවාට වඩා හැකිතාක්‌ යක්‍ෂ සංස්‌කෘතියෙහි ජීවත් වීමට ය. පරණවිතාන මහතා ඒ බව දැක ඇත්තේ කාශ්‍යප රජු කුවේර මෙන් ජීවත් වී ය යනුවෙනි. සිහිගිරිය යන්න සීගිරිය ලෙස නො ගෙන සිහි කරන ගිරිය ලෙස සැලකී නම් පරණවිතාන මහතාට ද අසන්නට වන ප්‍රශ්නය වනුයේ කුමක්‌ සිහි කිරීමට ද යන්න ය. මෙරට යක්‍ෂ සංස්‌කෘතිය මහසෙන් රජු ගෙන් පසුව ඉතා ම දුර්වල වන්නට ඇතැයි සිතිය හැකි ය. ධාතුසේන රජු ගේ අවධිය වන විට ද යක්‍ෂ සංස්‌කෘතිය යම් පමණකට දුර්වල වී තිබූ බව ද ඒ රජුට දා ව යක්‍ෂ කාන්තාවක ගේ කුසෙන් උපන් කාශ්‍යප රජුට යක්‍ෂ සංස්‌කෘතියට අනුව ජීවත් වීමේ අවශ්‍යතාවක්‌ තිබෙන්නට ඇතැයි ද සිතිය හැකි ය.

අපේ ඉතිහාසය පිළිබඳ කරන අධ්‍යයනයන්හි යක්‍ෂ උරුමය ගැන අප දක්‌වන උනන්දුව කිසිසේත් ම ප්‍රමාණවත් නො වේ. යක්‍ෂ ගෝත්‍රිකයෝ ද්‍රවිඩයෝ නො වූ හ. එහෙත් අපි ඇතැම් විට යක්‍ෂ ගෝත්‍රිකයන්ට ද්‍රවිඩ වර්ගයක්‌ වූ දෙමළ යන්න පටබැඳ ඒ නිසා අවුල් ඇති කරගෙන ඇත්තෙමු. මේ සම්බන්ධ හොඳ ම උදාහරණය එළාර රජු වෙයි. අපි එළාර රජු දෙමළ යෑයි කියමු. එයින් සිදු වී ඇත්තේ ලංකාවේ එළාර යුගයට යන දෙමළ ඉතිහාසයක්‌ ගැන කීමට මහාවංසය යොදා ගැනීම ය. එහෙත් එළාර රජු ජීවත් වී ඇත්තේ යක්‍ෂ සංස්‌කෘතියක ද යන්නත් ඔහු මෙරට ම විසූ යක්‍ෂ රජකු ද යන්නත් සොයා බැලිය යුතු ය.

එළාර රජු ජෛන ආගමිකයකු බවට ද ඇතැම්හු විශ්වාස කරති. ඇතැම් විට එසේ වන්නට ද ඇත. එළාර රජු පිළිබඳව ඇති ප්‍රධාන ම පුවතක්‌ නම් තම යහන් ගැබේ බැඳ තිබී යෑයි කියන ඝණ්‌ඨාර කතාව ය. යහනෙහි බැඳ තිබූ ඝණ්‌ඨාර ගැන උත්තර හෝ දක්‍ෂිණ හෝ භාරතීය සංස්‌කෘතියෙහි අසන්නට නො ලැබේ. එවැනි පුවත් පර්සියානු (ඉරාන) සංස්‌කෘතියෙහි ඇත. යක්‍ෂ ගෝත්‍රිකයන් මේ ප්‍රදේශයෙන් දඹදිවට හා ලංකාවට පැමිණ ඇතැයි කියෑවෙයි.

එළාර රජු එක්‌කෝ පර්සියාවෙන් හෝ අසල ප්‍රදේශයකින් හෝ පැමිණෙන්නට ඇත. නැත්නම් ලංකාවේ ම උපන් යක්‍ෂ කුමාරයකු විය හැකි ය. එළාර රජු සමඟ යුද්ධයට ගිය ගැමුණු කුමරුට මහවැලි ගඟ දිගේ දෙමළ බලකොටු තිස්‌ දෙකක්‌ පරාජය කිරීමට සිදු විණි යෑයි මහාවංශය කියයි. එසේ ගඟ දිගේ බලකොටු තිස්‌ දෙකක්‌ බැඳීමට තරම් දෙමළ බලකායක්‌ ලංකාවට පැමිණියේ කවර දා ද, කා සමඟ ද? මේ කඳවුරු අන් කිසිවකු ගේ නො ව යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ නො විය හැකි ද? එළාර රජු ද මෙරට යක්‍ෂ කුමරකු හෝ පිටින් පැමිණි යක්‍ෂ රජකු නම් හෝ මහවැලිය අවට පදිංචි වී සිටි යක්‍ෂ ගෝත්‍රිකයන් ඔහුට සහාය දීම පුදුමයට කරුණක්‌ විය නොහැකි ය.

උපුටා ගැනුම : http://www.vidusara.com/2010/03/10/feature2.html

Saturday, April 10, 2010

රාජ්‍ය කුමන්ත්‍රණයකින් ඝාතනය වූ රාවන අධිරාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා

0


උපේඣද්‍රමිනික හෙවත් මහා මේඝනාද සෙන්පති තුමා රාවන අධිරාජ්‍යයේ කිරුළ හිමි කුමාරයාය. අනෙක්‌ සියලු සෙන්පතියන් අභිබවා වීරත්වයෙන්, ශක්‌තියෙන් හා යුධ ඥනයෙන් ඔහු ඉදිරියෙන් විය. ඔහුගේ අවසානයෙන් පසු රාම - රාවනා යුද්දය පරාජය වූ බව රාමායනයෙන් සඳහන්වේ.


මහා මේඝනාද, ඉJද්‍රජිත් (රාමායනය) උපේJද්‍රමිනික (රාක්‍ෂ භාෂා), මේඝනාත් යන නම් වලින් හඳුන්වන මෙතුමා රාවනා අධිරාජයාගේ පළමු පුත්‍ර රත්නයයි.



මේඝනාද කුඩා කල සිටම අති දක්‍ෂ යුද ශිල්පියෙක්‌ විය. මොහුගේ ප්‍රධාන ආචාර්යවරයා වූයේ ශ්‍රක්‍ර ගුරු දේවයන්ය. (guru of deities) මොහුගෙන් යුද ඥනය, දේශපාලනය හා ආර්ථික ඥනය ලබාගත් අතර යාග හෝම හා ආගමික පිළිවෙත් උශනා සෘෂිගෙන් ලබාගත්තේය. මේඝනාද කුඩා කල සිටම තම දක්‍ෂතා පිළිsබිඹු කළේය. තම ප්‍රථම සටන වන ඉන්ද්‍ර රාවන සංග්‍රාමයේදී පිය රජුව පරාජයෙන් බේරාගත්හ. සොල්දාදුවන් 5000 ක්‌ වැනි සුළු පිරිසක්‌ සමග සටන් වැද දෙවියන්ගේ අධිපති ඉන්ද්‍රව බැඳ යටත් කළ බව රාමායනයේ හා යක්‍ෂාමූලාශ්‍රවල සඳහන් වේ. ඉන්ද්‍රව නිදහස්‌කර ගැනීමට මහා බ්‍රහ්මයාට මැදිහත්වීමට සිදුවිය. ඉන්ද්‍රව නාඝපාෂයෙන් ගැටගසා තම රියේ දමා පියානන් හට භාරකළේය. මහා බ්‍රහ්මයා ඉන්ද්‍ර නිදහස්‌ කිරීමට කන්නලව් කළ විට මේඝනාද "අමුර්ථය" පැතීය. මෙය සම්ප්‍රදායට පටහැනි බැවින් මහා බ්‍රහ්මයා බලගතු වර කිහිපයක්‌ ලබාදුනි. එයට අමතරව මහා වීර්ය ක්‍රියාවක්‌ කළ ලාබාල කුමරාට ඉන්ද්‍රජිත් (ඉන්ද්‍ර ජයගත්) යනුවෙන් වීරනාමයක්‌ ලබාදුනි. එතැන් සිට තුන් ලොවම ඉන්ද්‍රජිත් ගෞරවයට පාත්‍රවිය.

මේඝනාදට මහා බ්‍රහ්මයා දුන් වරයේ සඳහන් වූයේ "අග්නිහෝම" යාගය පවත්වා යුද්ධයට යන හැම විටම ඔහුට "සහස්‌ග්‍රති" නමැති යුද යානයක්‌ පහළ වන බවයි. අග්නිහෝම යාගයට ගිනි දෙවියන් පිදීම හා වර ලබාගැනීම ඇතුළත් බව සඳහන්ය. මෙම යාගය නිම වූ පසු ඔහුට යානය හා ආයුධ ලැබෙන්නේය.

මෙම යානයේ ගොස්‌ සටන් කරන විට ඔහු අමරණීය වන්නේය. මෙම යානයෙන් සටනට පිවිසි ඔහු දහස්‌ ගණනක්‌ හී සැර (උණ්‌ඩ යවා) අහසේ සිට වළාකුළු අතරින් සතුරා මතට යෑවූ බව
(Gating type gun) සඳහන් වේ. මෙම යානයෙන් අධික රෂ්මිධාරා (Laser) යෑවූ බව සඳහන්ය. රාමායනය හා යක්‍ෂ මූලාශ්‍ර අධ්‍යයනයෙන් හැඟෙන්නේ මෙම වාහනය රසදිය බලයෙන් ක්‍රියාකරන "විමාන" වර්ගයක්‌ බවය. (Mercury vortex engine) ජෙට්‌ වර්ගයේ යානයක්‌ නම් අභ්‍යාවකාශයට යා නොහැක. මහා බ්‍රහ්මයා දුන් වරයේ සීමාවක්‌ විය. යම් කෙනෙක්‌ මෙම යානයට බාධා පමුණු වන්නේද ඔහු අතින් ඉJද්‍රජිත් මියයන බවයි. තවද මහා බ්‍රහ්මයා ඉJද්‍රජිත් මැරිය යුත්තේ අහසේදී බවත් මොහුගේ ඔලුව පොළවට වැටුන හොත් මුලු පොළවම ගිනි ගන්නා බවත් ප්‍රකාශ කළේය. මෙම නිසා ලක්‍ෂමන ඉන්ද්‍රජිත්ගේ හිස කඳෙන් වෙන්කරන කොට වානර නායක "ongkot" (තායි නම) යවා හිස ,ඡ්බ ආeබ ෙa, නම් පූජා භාජනයකට දමා ගත්හ. (තායිලන්ත Ramekion Tales)

මෙම සියලු කතා වස්‌තූන්ගෙන් සඳහන් වනුයේ ඉJද්‍රජිත් සුවිශේෂි චරිතයක්‌ බවයි. ඉJද්‍රජිත්ගේ ක්‍රියාකලාපය රාක්‍ෂ පරපුරට වෙනස්‌ වූයේය. ඔහුගේ චාරිත්‍ර හා ඇදහිලි සාම්ප්‍රදායික රාක්‍ෂ ඇදහිල්ලට වෙනස්‌ වේ. මෙය ගැන රාවනා අධිරාජ්‍යා පවා අවලාද නැගූ බව රාමායනයේ සඳහන් වේ. තම බලය වර්ධනයටත් යුද ශක්‌තීන් දියුණු කිරීමටත් කාලය යොමුකිරීම ඉJද්‍රජිත්ගේ ප්‍රධාන කාර්ය විය. පුරාණ මූලාශ්‍ර විශ්ලේෂණයෙන් පෙනීයන්නේ ඉJද්‍රජිත්ගේ හැකියාවන් හා දක්‍ෂකම් ගැන ආරක්‍ෂක ඇමැති වූ විභීෂණට තර්ජනයක්‌ වූ බවයි. ඔහුගේ රාජ්‍ය ගැනීමේ අදහස මුදුන්පත් කර ගැනීමට ලොකුම තර්ජනය වූයේ ඉJද්‍රජිත්ය. මෙම නිසා පිය පුතු අතර ගට්‌ටන ඇතිකිරීම විභීෂණ කළේය. යුද්ධය පැරදවීමට ප්‍රධාන සාධකය වන්නේත් මොහුය. රාම - රාවනා යුද්ධය සම්බන්ධ මූලාශ්‍ර අධ්‍යයනයේදී යුද්ධයේ දුර්වලකම් මනාව පෙනේ. රාවන රජු විභීෂණ මත්තේ රැඳෙමින් ඔහුගේ උපදෙස්‌ පිළිපැදීම ප්‍රධාන දුර්වලකමයි. විශාල හමුදාවක්‌ හා ඉතාම දියුණු රාජ්‍ය පාලන තන්ත්‍රයක්‌ තිබුණු රාවනා හෙළ අධිරාජ්‍යය යුද්ධය කළ ආකාරය සෑහීමකට පත්විය නොහැක. යුද සම්ප්‍රදායක්‌a විදියට ඉදිරිපෙළ සටන් ක්‍රම භාවිත කළ යුතුව තිබිණි. සතුරාගේ දුර්වලම අවස්‌ථාව වන සේනා සංවිධානය වන ස්‌ථානය හා මුහුදු තරණයේදී ප්‍රහාරය කර සතුරා විනාශයට අවස්‌ථාව තිබිණි. සතුරා සංවිධානය වී තම මාලිගය ඉදිරිපිටට පැමිණෙන තෙක්‌ බලාසිටීම හාස්‍යජනක කාරණයකි. විභීෂණගේ පාවාදීම මෙම කරුණු විශ්ලේෂණයේදී මනාවට පැහැදිලි වේ. තම සතුරාගේ හැකියාවන් නොතැකීම රාවන අධිරාජ්‍යා කළ මහා අනුවණකමකි. මෙය ගැන විවාදයේදි ඉJද්‍රජිත් සේනාධිපතිතුමා අසුනෙන් නැගිට සභාවෙන් නික්‌ම ඇත. තම පියාණන් කළ වැරැදිවලට උපකාර නොකොට ඒ ගැන විවෘතව විවේචනය කිරීමට නිර්භීත වූ එතුමා තම අධිරාජ්‍යයට තර්ජනයක්‌ වූ සතුරු හමුදාව සංහාරයට නොපැකිලිව ඉදිරිපත් විය. ඉතාම තරුණ වියේදී පියාගේ සංග්‍රාමවලට නිර්භීතව ඉදිරිපත්ව සටන් පෙරමුණ ගත් මෙතුමා තම සතුරාගේ පවා ගෞරවයට භාජනය විය. යුද්ධය මැද කටයුතු වී තිබුණු අවස්‌ථාවේ අවතීර්ණ වූ මෙතුමා ඉතාම බැරෑරුම් ලෙස සතුරන් පසුබෑමකට ලක්‌කළේ රාම හා ලක්‍ෂ්මන දෙදෙනා නාග පාෂයෙන් බැඳීමෙනි. (භැමරද - එදංසබ) එතුමාගේ යුද දක්‍ෂකම මනාව දැන සිටි විභීෂණ අනපේක්‍ෂිත ප්‍රහාරයක්‌ එල්ල කොට එතුමා ජීවිතක්‌ෂයට පත්කළේය. රාමායනයේ සඳහන් පරිදි අවසන් සටනේදී ලක්‍ෂමන සමග සටන් කොට ඔහුව සිහිසුන් වන ලෙස ප්‍රහාරයක්‌ එල්ල කළේ තම අතේ වූ පූජා උපකරණවලිනි.

ඉන්ද්‍රජිත්ගේ මරණයෙන් පසු යුද්ධයේ අවසානය විය. සතුරු හමුදාවේ බලය රාවන හමුදාව අභිබවා ගියේය. ඉන්ද්‍රජිත්ගේ මරණය හෙළ රාවන රාජධානියේ අවසානයට කටයුතු විය. විභීෂණට රාවනා අධිරාජ්‍යයාගේ මරණින් පසු රජකම ගැනීමට බාධාවල් ඉවත් විය. මෙම ඝාතනය ඉතාම සැලසුම් සහගතව කර ඇත. ඉන්ද්‍රජිත්ගේ අවසානය හා හෙළ අධිරාජ්‍යයේ කඩාවැටීම සම්බන්ධයෙන් වර්තමාන සමාජයට උගත යුතු කරුණු ඇත. කොපමණ බලගතු අධිරාජ්‍යයක්‌ වුවත් දුර්වලකම පැන නැගෙන්නේ අභ්‍යන්තරයෙනි. සතුරාට එම දුර්වලකම ප්‍රයෝජනයට ගත හැක. වර්තමාන දේශපාලන වාතාවරණය මෙයට නිදසුනකි. අභ්‍යන්තර සතුරා පිට සතුරා මෙන් කිහිප ගුණයක්‌ බලගතුය. රාවන රාජධානියේ කඩාවැටීමට එය මුල්විය. අනෙක එවැනි රාජධානියක්‌ නැවත ගොඩගැනීමට ධනය, බලය, ඥනය තිබුණු ඉJද්‍රජිත්ගේ පෙළපත පවා දුර්වල විය.

රාවනගේ මරණින් පසු හෙළ රාජධානිය විභීෂණ අතට පත්විය. මෙම රාජධානිය රාමගේ අයෝධ්‍යා මුල්කොටගත් "කොසොල්" රාජධානියට යටපත්විය. නමුත් විභීෂණ ලංකා රාජධානියටම අධිපති වූ බව පිළිගත නොහැක. ඉන්ද්‍රජිත්ගේ පුතුන් දෙදෙනා වන රවිශෛලාෂ හා කේවේසස්‌ථ (තායි රාමායනයට අනුව යමලිවන්, ගන්යුවක්‌) ගෙන් පරපුර දෙකක්‌ බිහිවිය. විභීෂණ තම මූලස්‌ථානය කැලණියට ගෙන ගිය විට කෑගල්ල ආසනයේ මෙම කුමරු දෙදෙනා විභීෂණ පරදවා තම අත්තම්මා වන මන්දෝදරි අග රැජින බේරාගත් බවත් ඇය අලුත්නුවර පත්තිනි දේවිය ලෙස ජනප්‍රිය වූ බවත් ඇයගේ ආරක්‍ෂාවට අලුත්නුවර දැඩිමුන්ඩ දේවි පත් කළ බවත් හෙළ - රාජ්‍ය අටුවාවේ සඳහන් වේ. ඉන්ද්‍රජිත්ගේ පෙළපත මානැවි, අනුරාධපුර, රිටිගල, සබරගමුව, මොනරාගල, දකුණු පෙදෙස්‌වල පදිංචි විය.

"ඉන්ද්‍රජිත්ගේ හමුදාව"

ඉන්ද්‍රජිත් යුද හමුදා හා යුද ක්‍රමෝපායේ නිපුනයෙකි. ඔහු සාම්ප්‍රදායික යුද ක්‍රමයෙන් වෙන්ව විශේෂ හමුදා ක්‍රම ප්‍රගුණ කළේය. ඉන්ද්‍රජිත්ගේ හමුදාව ------------ හෝ විශේෂ සේවා බලකායක්‌ ලෙස පවත්වාගෙන ගියේය. මෙම හමුදාව යුද පිටියට පැමිණියේ විශේෂ අවස්‌ථාවකදීය. මෙම හමුදාවට චතුරංග සෙනඟ (අස්‌, ඇත්, රිය, පාබල) ඇතුළත් විය. මොහුගේ හමුදාවේ විශේෂත්වය වූයේ අස්‌ හා පාබල හමුදාවයි. අස්‌ හමුදාවේ යුද පිටියේ ඉතාම ජංගම නැතහොත් වේගයෙන් ඔබ මොබ යා හැකි හමුදාවකි. මෙම හමුදාව මගින් වේගයෙන් ප්‍රහාරයක්‌ දියත් කිරීමටත්, නැවත පසුබැසීමටත්, වෙන දිසාවකින් ප්‍රහාරයක්‌ එල්ලකිරීමටත් හැකිය. වේගවත් ප්‍රහාර සඳහා භාවිත කිරීම අශ්වා රෝහක හමුදාවේ ප්‍රධාන අංගයකි. මෙම වේගවත් ප්‍රහාරය හමුවේ ඔරොත්තු දීමට පාබල හමුදාවට නොහැකි තරම් විය. මෙම කාරණය නිසාම අශ්වා රෝහක ප්‍රහාරය ඉතාම සුලභ ලෙස භාවිත විය. මෙවැනි ප්‍රහාරයක්‌ ඔරොත්තුදීමට සන්නද්ධ පාබල හමුදාව හා දුනුවායන් භාවිතා කළ යුතුය. මෙම හමුදාව පෝලින් කිහිපයකට පෙළගස්‌වා ප්‍රහාරයට මුහුණ දිය යුතුය. අශ්ව හමුදාව පළමු පෙළ හමුදාව වෙත ඇදෙන විට පසුපෙළ දුනුවායන් විසින් ප්‍රහාර කොට එම හමුදාවෙහි වේගය හා ශක්‌තිය දුර්වල කරනු ලබයි. ඉතිරි අශ්වාරෝහක හමුදාව ඉදිරිපෙළ හමුදාවට ළං වන විට දිග තෝමර භාවිතා කොට විනාශ කරනු ලබයි. මෙම ක්‍රමය උතුරු යුරෝපයේ (ප්‍රංශ, බ්‍රිතාන්‍ය) සටන්වලදී බහුලව දක්‌නට විය. නමුත් අශ්වාරෝහක ප්‍රහාරය ඉතාම බිහිසුණු හා වැළැක්‌විය නොහැකි ප්‍රහාර ක්‍රමයක්‌ ලෙස මෑතක්‌ වනතුරු භාවිතා කළේය. මෙම අශ්ව රෝහක ප්‍රහාරය ප්‍රමුඛ අරාබි - කුරුස යුද්ධයේදීත්, මොන්ගෝලින් ප්‍රහාර (ගැන්ජිස්‌ කාන් හා කුබ්යි කාන්) හා රෝම හමුදාව භාවිතා කළේය. (සාමේෂන් අශ්වාරෝහක හමුදාව) නමුත් මෙවැනි ප්‍රහාර ක්‍රමවල නිර්මාතෘ ඉන්ද්‍රජිත් වේ.

ඉන්ද්‍රජිත් මෙම සටන් ක්‍රම භාවිතා කොට තමාට වඩා කීප ගුණයකින් විශාල හමුදාවක්‌ සමග වුණත් සටනට යැමට හැකිවිය. අශ්වාරෝහක හමුදාව සාමාන්‍ය හමුදාවට වඩා වෙනස්‌විය. පාබල හමුදාව හා අශ්වාරෝහක හමුදාව, සාමාන්‍ය රාක්‍ෂ හමුදාවට වඩා වෙනස්‌ ඇඳුම් හා ආයුධ රැගෙන ගියේය. මෙම ඇඳුම් තනා තිබුණේ සතුරු හමුදාවේ මානසිකත්වය බිඳ දැමීමටය. සාමාන්‍යයෙන් යුද මානසිකත්වය බිඳදැමීමට වේගවත් ප්‍රහාරයක්‌ නොසිතන දිශාවෙන් එල්ල කළ යුතුය.

(Lighting Strike) වේගවත් ප්‍රහාරයට මිනිසුන් බියවන්නේ කොතනට වදීද නොදන්නා නිසාය. එලෙසම ප්‍රහාරයක්‌ දියත්කිරීමට අශ්වා රෝහක හමුදාව යොදා ගත හැකිය. මෙම බියවද්දා මානසිකත්ව බිඳදැමීම ඉවහල් වන ඇඳුම් කට්‌ටලයක්‌ ඇඳීමට ඉJද්‍රජිත් විශේෂ හමුදාව යොදාගත්තේය. මෙයට දැනට භාවිතා වන නැටුම් කලාවට සම්බන්ධ වෙස්‌ නැට්‌ටුවාට සමාන වෙස්‌ ඇඳුමක්‌ යොදාගෙන ඇත. දැනට තිබෙන වෙස්‌ නැටුම්වල හා උඩරට නැටුම්වල යොදන ඇඳුම් හා ආභරණ යුද ඇඳුමකට සමානකම් දක්‌වයි. මෙවැනි ඇඳුම් ඇඳ භයන්කාර වෙස්‌ තට්‌ටුවක්‌ ඇඳීමෙන් සතුරු හමුදාවේ මානසිකත්වය බිඳ දමනු ලබයි. පළමුව අශ්වාරෝහක හමුදාව යවා සතුරාගේ යුද මානසිකත්වය බිඳ දමා ඔවුන්ගේ සටන් මෙහෙයුම් බිඳ දමයි. ඉන්පසු සතුරු හමුදාව විසිරෙන විට පාබල හමුදාව යොදා සතුරා විනාශ කරයි. මෙම පාබල හමුදාව කොටස්‌ දෙකකට බෙදිය හැක. එම කොටස්‌ දෙක නම් සැහැල්ලු භටයන් සහ සන්නද්ධ භටයන් පළමු ප්‍රහාරය සන්නද්ධ භටයන් යොදවා සතුරු සටන් භටයන් යොදවා සටන් මෙහෙයුම් විනාශ කරන අතර සතුරු අශ්වා රෝහක හමුදා ප්‍රහාර ව්‍යවර්ථ කිරීමටත් යොදාගනී. ඔවුන්ගේ ප්‍රධාන ආයුධ වන්නේ දිග තෝමරයයි. සැහැල්ලු භටයන් ආත්ම ආරක්‍ෂක ආයුධ ලෙස කඩුව, පලිහ, තෝමරය යගදාව යොදාගනී. මෙම භටයන් සතුරු හමුදාව ලුහුබැඳ කඩු ගැමට යොදාගනී.

ඉන්ද්‍රජිත් විශේෂ හමුදාවේ ප්‍රධාන ආභරණ හා ඇඳුම් ගැන සැලකූ විට භයානක ප්‍රතිරූපයක්‌ නිරූපණය කරයි. ප්‍රහාරයට ප්‍රථම තම යුද මානසිකත්වය වැඩිකර ගැනීමට සතුරාට බැණවැදීම් හා කෑ කෝ ගැසීම් කරනු ලබයි. අශ්වාරෝහක ප්‍රහාරයට ප්‍රථම යුද පිටියේ දූවිලි අවුස්‌සා සතුරු හමුදාවට නොපෙනෙන්නට සලස්‌වයි. මෙම දූවිලි ඇවිස්‌සීම කොළ අතු ඇදගෙන ගොස්‌ සිදුකරයි. සතුරු හමුදාවට කිසිදෙයක්‌ නෙපෙනෙන අතර විශාල ඝෝෂාවක්‌ හා කන් අඩි පැලෙන සක්‌හඬ පමණක්‌ ඇසේ. එකවර අශ්වයන් පිට උඩ යන විරුපී වෙස්‌ මුහුණු බැඳගත් සත්ව හම් පොරවා ගත් රාක්‍ෂ අසරුවන් කෑගසාගෙන පනිනු ලැබේ. මෙසේ ලොමුදැහැගන්වන සුලු ප්‍රහාරයක්‌ දියත් කිරීමෙන් ඕනෑම සතුරු හමුදාවක්‌ විනාශ කිරීමට හැක.

ඉන්ද්‍රජිත්ගේ විශේෂ හමුදාවට විශේෂ පුහුණුවීම් ලබාදී සියලු ආයුධ සමග සටන් කිරීමටත්, අංගම් පොර සටන් කලාවත් පුහුණුවීම් ලබාතිබිණි. මෙය වර්තමානයේ විශේෂ කමාන්ඩෝ බලකායට සමානය. ඔහුගේ හමුදාවේ හැකියාවන් රාමායනයේම සඳහන් වේ. යුද පසුබෑමකදීම ඉJද්‍රජිත්ගේ රාක්‍ෂ හමුදාවේ රාවන හා ඔහුගේ සේනාධිපතියන් බේරාගැනීමට ඉදිරිපත් වී ඇත. ඔහුගේ හමුදාවට දිවා රාත්‍රි දෙකෙහිම සටන් කිරීමට හැකියාව තිබීම විශේෂත්වයකි. මෙම මනාව සංවිධානය වූ විශේෂ හමුදාව මෙහෙයවීමට ඉJද්‍රජිත් පැමිණියේ "සහස්‌ග්‍රාති" නම් යුද රියෙනි. මෙම රියෙන් යුද පිටියට පැමිණි විට ඔහු පැරදවිය නොහැකි බව සඳහන්ය. මෙයට හේතු කිහිපයක්‌ ඇත.

01. ඔහුගේ හමුදාව යුද්ධයට සූදානම්ව යුද පෙරමුණට ගිය පසු යුද පිටියේදී ආයුධ, සටන් ක්‍රම, පුහුණුකරු අතින් අනූන වීමයි.

02. ඉන්Jද්‍රජිත්ගේ යුද හැකියාව

මෙම හේතූන් නිසා ඔහුව සූදානමට පෙර අල්ලාගත යුතුය. රාමායනයේ සඳහන් පරිදි ඉJද්‍රජිත්ව නිකුම්භිලා වනයේදී ප්‍රහාර කොට විනාශ කළේ මේ නිසාය.

ඉJද්‍රජිත්ගේ හමුදාව තවත් ශක්‌තිමත් කිරීමට ගුප්ත විද්‍යා ක්‍රම, යොදාගත් බව පුරාණ සංග්‍රාමවල දිගටම සඳහන් වේ. (සුර - අසුර යුද්ධ, විෂ්ණු - මල්‍යවත්ත යුද්ධය, රාම - රාවන යුද්ධය, මහාභාරත යුද්ධය) නමුත් මෙම සංග්‍රාම දිගටම ගුප්ත විද්‍යාවෙන් කළ බව පිළිගත නොහැකිය. මෙයට හේතු කිහිපයක්‌ වේ. පළමුව ගුප්ත බලවලින් යුද්ද ජය ගැනීමට හැකිනම් විශාල හමුදාවක්‌ නඩත්තුවට අවශ්‍ය නැත. උදා( රාවනා රජුගේ අශ්වරථ හමුදාව මිලියන 60 ක්‌ බව සඳහන්වේ. (රාමායනය - උත්තර කාණ්‌ඩය) මෙපමණ විශාල හමුදාවක්‌ අවශ්‍ය වන්නේ නැත. නමුත් විශේෂ ආයුධ හා ගුප්ත ක්‍රම මෙම යුද්ධයේ භාවිතා කර ඇත. රාම - රාවනා යුද්ධය තුළ විශේෂ ආයුධ භාවිතා කළ තැන් සඳහන් වේ. මෙම ආයුධ ප්‍රධාන සේනාධිපතියන් විසින් භාවිතා කර ඇති අතර සාමාන්‍ය භටයන් සම්ප්‍රදායික ආයුධ යොදාගෙන ඇත. Ceකැsඑස්‌ක ආයුද කිහිපයක්‌ ඉන්ද්‍රජිත් විසින් යොදාගෙන ඇත. ඉJද්‍රජිත්ට ත්‍රි - මුර්ති බලය ඇති අවි ආයුධ තිබිණි. මෙයට අධි බලැති විශ්ව ආයුධ Ceකැsඑස්‌ක වන බ්‍රහ්මස්‌ත්‍රය (බ්‍රහ්ම ආයුධය), පසුජප්පට්‌ටස්‌කත්‍රය (ශිව ආයුධය) හා වෛශනවසත්‍රය (විෂ්ණු ආයුධය) අයිති විය.

මහා බ්‍රහ්මයා විසින් ඉන්ද්‍රජිත් වෙත ඉතා බලගතු ආයුධ ලබාදී තිබිණි. ඉJද්‍රජිත් අල්ලා ගැනීමෙන් පසු ඔහුව නිදහස්‌ කර ගැනීමට පැමිණි බ්‍රහ්මයා විසින් මෙම ආයුධ ලබාදී දෙන ලදී. ඉන්ද්‍රජිත් සම්ප්‍රදායික ප්‍රතිපත්තිවලින් බැහැර ක්‍රියා පටිපාටියක්‌ අනුගමනය කළේය. ඔහු වන්දනා මාන කළේ නලන්දා නීලකුම්බල වනයට අධිපති නීලකුම්බිලා දෙවඟනයි. (කාලි මාතාව) වරක්‌ රාවන අධිරාජයා යුද්ධයක්‌ අවසන් කර පුත් කුමරු සොයන විට නීලකුම්බිලා වනයේ සිංහ හමක්‌ පොරවාගෙන යාච්ඥ පවත්වන මේඝනාද දුටුවේය. මෙය ගැන විමසන විට උශාන මහා සෘෂි පැවැසුවේ මේඝනාද මහා බලසම්පන්න සප්තවිධ යාගය කර ඇති බවයි. (අග්නිෂ්ටොම, අශ්ව මේධ, බහු, සුවර්ණක, රාජසුය, ගෝමේය, වෛණාව හා මණේෂ්වර) මෙම යාගයේ ප්‍රතිඵලයක්‌ හැටියට ඔහුට,

01. අහසින් යන රථයක්‌ - සහස්‌ග්‍රැති.

02. අන්දකාරය මවා පෑමෙන් සටන ජයගත හැකි ක්‍රම.

03. නොනිමෙන හී ඇති හියෝවුරක්‌.

04. පරාජය කළ නොහැකි දුන්නක්‌.

05. අසීමිත සංඛ්‍යාවක්‌ සතුරන් නැසිය හැකි අවියක්‌.

ඉන්ද්‍රජිත්ගේ සාම්ප්‍රදායික නොවන ක්‍රම හා ගුප්ත විද්‍යා ක්‍රියාකාරකම් නිසා ඔහු තම පියා වන රාවනා අධිරාජයාගේ උදහසට ලක්‌වී සිටියේය. මෙයින් වාසියක්‌ අත්කර ගැනීමට විභීෂණට (ආරක්‍ෂක ඇමැතිට) හැකිවිය. පිය පුතු වෙන්කිරීමෙන් තමන්ට රජකම ලබාගැනීමට විභීෂණ තැත් කරන්නට ඇත. හනුමාන් ලංකාපුරයටත් අශෝක වනයටත් ඇතුල් වී සීතා හමුවී ලංකාපුරය ගිනිතැබීම ආරක්‍ෂක විදි විධානවල දුර්වලකමකි. සියලු සෙන්පතියන්ට නොහැකිවුණු දෙය ඉන්ද්‍රජිත් "බුමස්‌ත්‍රය" යවා හනුමන් අල්ලා ගත්තේය. මෙයින් ඉන්ද්‍රජිත්ගේ යුද දක්‍ෂතාව පැහැදිලිවේ. රාම - රාවනා යුද්ධය තුළ මොහු කීප වර්ගයක විශේෂ ආයුධ භාවිත කළේය. ප්‍රධානතම ආයුධය "නාගපෂයයි". මෙයින් රාමා - ලක්‍ෂමන කිහිප විටක්‌ පරාජය කිරීමට හැකිවිය. මෙම විශේෂ ආයුධය නාග විෂවලින් සාදන ලදදකි. මෙය (වහනය කළ විට අංසභාගය සෑදේ. මෙවැනි ආයුධ බොනියෝවල ගෝත්‍රිකයන් වර්තමානය වනතෙක්‌ භාවිතා කරන්නේය. (කලේමාතාන් - ඉන්දුනීසියා)

ඉJද්‍රජිත්ගේ හමුදාව රාවනගේ විශේෂ හමුදාවේ කොටසකි. මෙම හමුදාවේ හැකියාව පැහැදිලි වන්නේ ඉJද්‍රව පරාද කිරීමට 5000 ක සේනාවක්‌ යොදාගැනීමයි. මෙම රාක්‍ෂ හමුදාව ඉතාම දක්‍ෂ පාබල හමුදාවකින් සමන්විතය. මෙම හමුදාව මනාව පුහුණුකර තිබිණි. මෙයට අංගම් පොර කලාව, අවි හරඹ, කඩු සටන්, පොලු හරඹ, අශ්ව රෝහනය, ගුප්ත විද්‍යා ක්‍රම විය. මෙම හමුදාව ඉJද්‍රජිත් යටතේ වූ හමුදාවයි. මෙම හමුදාවේ ආරක්‍ෂක දේවතාවිය වූයේ නීකුම්භිලා දේවතාවියයි. (කාලි මාතාව) ශිව භක්‌තික වූ බ්‍රහ්මන - රාක්‍ෂ රාවනා අධිරාජ්‍ය මෙය අනුමත නොකළහ. මෙම වැඳුම් පිදුම් කරන එක්‌ ස්‌ථානයක්‌ බටහිර වෙරළේ ගල් ගුහාවක වූ බව සඳහන්වේ. මෙම ගුහාව මහා ජල ගැලීම් (රාවනා රජුගෙන් පසු) යට වන්නට ඇත.

ඉJද්‍රජිත්ගේ අවවාද අනුශාසනා රාවනා රජතෙමේ ඇසුවේ නැත. සීතා පැහැර ගැනීමට ඔහු විරුද්ධ විය. නමුත් යුද්ධය පැමිණි විට නොපසුබටව සටනට විය. ඔහුගේ යුද හැකියා රාමායනයේ සඳහන්වේ. ඉJද්‍රජිත් සටනට ආවේ ඔහුගේ සහෝදරයන් හා කුම්භකරණ සෙන්පති මැරුණු පසුයි. මොහු රාම සමග දින 3 ක්‌ සටන් කළහ.

01. පළමු දිනයේ ඉතාම වේගයෙන් සටන් කළ ඔහු සුශ්‍රිවගේ හමුදාව සමූල ඝාතනය කළේය. ඉන්පසු රාවනා හා ලක්‍ෂමනට හැංගි නොසිට එළියට ඒමට කීවේය. මොවුන් දෙදෙනා නාගපාෂයෙන් බැන්දේය.

02. ඉJද්‍රජිත් මේ දෙදෙනා ජීවත්වන බවට දැනගත් පසු එක්‌කෙනෙක්‌ හරි එදින මරණ බවට දිවුරුම් දිනි. මොහු විදුලියක වේගයෙන් ගොස්‌ ලක්‍ෂමනගේ ඉදිරියෙන් හා පසුපසින් ප්‍රහාර එල්ල කළහ. මොහුට බෙහෙත් කිරීමට රාවන වෛද්‍ය සුසේන (රාජකීය වෛද්‍ය) හනුමන් ඵදමබඑ Dය්ආdය්ර හිමාලයේ සිට ගෙන ආ බව කියයි. නමුත් Saබවසඩස්‌බස ඉදදඑයස ලංකාවේ පුලස්‌ථි ආයුර්වේද කැලෑවලින් ලබාගන්නට ඇත. සුසේන පළමුව බෙහෙත් කිරීමට පැකිලුනත් (සතුරාට) පසුව රාමාගේ වදන් අසා (වෛද්‍යවරයා මිතුරන් නෑ සතුරන් නෑ) ලක්‍ෂමන සනීප කළේය.

03. තෙවැනි දිනයේ ඉJද්‍රජිත් රාම හා ලක්‍ෂමන ජීවතුන් අතර බව දැනගෙන "අග්නිහෝමය" පැවැත්වීමට ගියේය. මේ බව විභීෂණ චරපුරුෂයන් මගින් දැනගෙන එම ස්‌ථානය වැටලීය. ලක්‍ෂමන ආයුධ සන්නද්ධව පැමිණි අතර ඉJද්‍රජිත් යාග පවත්වන උපකරණවලින් සටන් කොට ලක්‍ෂමන සිහසුන් නැතිව වැටිනි. එවිට ආයුධ ගැනීමට යන විට ලක්‍ෂමන ඉන්ද්‍රජිත්ගේ හිස කඳෙන් වෙන් කළ බව පවසයි. ලක්‍ෂමන Aසබාර්sඑරු භාවිතා කළ බව පවසයි. (වැලිමිකි රාමායනය ජය 90 ඩැරිe 70 - උත්තර කාණ්‌ඩය)

ඉන්ද්‍රජිත් සේනාධිනායකයන්ගේ යුද නිපුනත්වය හා ඔහුqqගෙන් රාක්‍ෂ හමුදාවට වුණු සේවය රාමායනයේ සඳහන්ය. ඉJද්‍රජිත්ගේ යුද හැකියාව මනාව අවබෝධ කරගත් රාමා ලක්‍ෂමන වෙත දැන්වූයේ දුෂ්කර කාර්යයක්‌ කළ බවයි. පුතා මැරුණු කල්හි දැන් රාවනාද මැරී ඇතැයි සිතමි. සතුරා මැරීමෙන් අද මම විජයග්‍රාහී ලීලාවෙන් පසුවෙමි. ඔබ ඔහුගේ දකුණත කපා දැම්මෙහිය. එය ඔහුගේ එකම පිළිසරණ විය. රාත්‍රි තුනකින් ඔහුගේ අවසානය සිදුකරන ලදී. අද මම සතුරන් රහිත තැනැත්තෙක්‌ වෙමි. රාවණ තවමත් වෙසෙතත් ගණන් ගතයුතු නැත. පුත්‍රයාගේ ඝාතනය අසා ශෝකජනක වූ නිවසෙන් පිටව යන්නාවූ රාවණ පහසුවෙන් මරා දමන්නෙමි. ලක්‍ෂමන, ඔබ මේ කාර්යය කළ කල්හි සීතාද, පෘථිවියද ලබාගනු ඒකාන්තය. (ශ්‍රී මද්වාල්මිකිගේ රාමායණය - 3 කාණ්‌ඩය - සිංහල අනුවාදය ජී. එස්‌. බී. සේනානායක 8.121) රාමායණය තුළ සතුරන්ගේ ගෞරවයට පාත්‍ර වූ චරිතයක්‌ වූ ඉJද්‍රජිත් ගැන රාමා දැනුවත් වූයේ අග්‍රස්‌ථි මහා සෘෂී ගෙනි. ඔහුට අනුව ඉන්ද්‍රජිත් ලක්‌ රජු වූවානම් රාවන මෙන් කිහිපගුණයක්‌ බලසම්පන්න වන බවයය. ඉන්ද්‍රජිත්ගේ මරණය කන වැකුණු රාවනා තෙමේ සිහිවිසඥ වීමත් ශෝකවීමත් රාමායනයේ සඳහන්ය. එයට අනුව රාවන තම පුත්‍රයා, අනාගත හෙළ - බ්‍රහ්ම/රාක්‍ෂ පෙළපතේ උරුමක්‌කාර හා බලගතු රාක්‍ෂ හමුදාවේ සේනාධිනායක ලෙස හැඳින්වීය.

ඉන්ද්‍රජිත් කුමරුගේ පෞද්ගලික චරිත සම්බන්ධ සාධක දුර්ලභ අතර දැනට ලැබී ඇති තොරතුරු අනුව ඔහු සතුරන්ගේ ගෞරවයට පාත්‍ර වූ රාක්‍ෂ සෙන්පතියකි. ඔහු රාවන අධිරාජ්‍යයාගේ දුර්වලකම් නොකළ සත්‍යවාදී සෙන්පතියෙකි. එම නිසා පිය පුතු අතර කලහා ඇතිවීමට කරුණු විය. නිර්භීත නායකයෙක්‌ වූ ඔහු තම රාජධානිය වෙනුවෙන්, තම අධිරාජ්‍ය වෙනුවෙන්, කුමන කාරණයක්‌ වුවත් තම සේවය කිරීමට ඉදිරිපත් විය. සුලෝචනා දේවිය තම දරුවන් දෙදෙනා වන රවිශෛලාෂ කේවේසස්‌ථි අත හැර තම සැමියාගේ චිතකයට පැන සති පූජාව පැවැත්වීමට තරම් ඔහුට උතුම් කොට සැලකීහ.

මෙම ලිපිය ශ්‍රී මද්දවාල්මිකි රාමායනය, තායි රාමායනය, අංකෝ මූලාශ්‍රය, යක්‍ෂ මූලාශ්‍ර ගන්ථ, ටිබෙටියන් මූලාශ්‍ර. හා තුල්සිදාස්‌ රාමායනය අධ්‍යයනයෙන් සකසන ලදී. ඉදිරියේදී රාමායනය පුරාවිද්‍යා සාධක හා විද්‍යාත්මක පසුබිම් පිළිබඳ දෙවන ලිපියක්‌ ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වෙමි.

මහාචාර්ය වික්‍රමතුංග

උපුටා ගැනීම -http://www.divaina.com/2010/02/24/feature01.html

Tuesday, April 6, 2010

යාක්ශ

0

යකුන් සතු ගුණාංග


  1. ශාරීරික ශක්තිය
  2. බුද්ධිමත්බව
  3. උත්සාහවත්බව
  4. එඩිතර බව
  5. අපරාජිත බව
  6. සුදුස්සන්ට තැන දීම
  7. දුර දැකීම
  8. ධ්‍යාන වැඩීමට හැකියාව හා කැමැත්ත
  9. සංවර බව (සිත කය 2 ම)
  10. කෙලින් කතා කිරීම, වැඩ කීරීම
යාක්ශ = යකඩ වැඩ දැනගෙන සිටිය කම්හල්කරුවො.