-->

Wednesday, October 28, 2009

රාක්ශ

0

රාක්ශ කියන එකනෙ ඔය deamon කියල දාගෙන තියෙන්නේ.
ගෝත්‍රයේ වර්ගය රාක්ශ නෙවෙයි 'රකුස්.'
රැක් + කුස් = රකුස්.

රැක් + කුස් කියන්නේ කුස රැකලා දීපු කොටස. ඒ කියන්නේ ගොවියො.

මොවුන්ගේ ලාංජන වශයෙන් ස්වස්තිකය හා මකරා යොදා ගෙන තිබේ. හිරු දෙවියන් ඇදහු ජනකොටස කළු ගගෙන් උතුරේද, චන්ද්‍ර වංශය ඇදහු ජනකොටස කළු ගගෙන් පහලද ජිවත්වු බවට ඉතිහාසය සාක්ෂි දරයි.
තවද ලංකාවේ නැතහොත් හෙලයේ සිටි ප්‍රබලම රාක්ෂ ග්‍රෝත්‍රික රජු ලෙස රාවණා රජු සැලකේ.


Thursday, October 15, 2009

සිංහලයාගේ වෛද්‍ය විද්‍යාව

0

අද වනවිට ඒ කියන්නේ විසිඑක්වෙනි සියවසේදී සිංහලයා තමනුත් , තමන්ගේ ආගම,ජාතිය පිළිබදවත් සිතන්නේත් , කටයුතු කරන්නේත් මහත්වූ හීන මානයකිනි. ඒත් ඔව්න් දන්නේ නැහැ ලොකයේ අනෙකුත්මහා ශිෂ්ඨාචාර වලට වගේම අපටත් ඒ මහා ශිෂ්ඨාචාර වලට නොදෙවෙනි වූ අනන්‍යතාවයක් තිබෙන බව. අපි ඒ ගැන ටිකක් කථා කලොත් හොදයි කියලා මට හිතුනා, සිංහලයාට අද ඉංග්‍රීසි බේත් නැතුවම බැරිය . කෑම බීම වලටත් වඩා බෙහෙත් පෙති වලට ඇබ්බැහි වෙච්ච ඒත් හැමදාම ලෙඩින් ඉන්න ලංකාවේ මිනිස්සු සිංහල වෙදකම අමතක කර දැමිමේ විපාක විදිමින් සිටිති.ලෝකය තුල මහා ශිෂ්ඨාචාර ගොඩනැගූ සැම ජාතියකටම තමන්ට අනන්‍ය වූ වෛද්‍ය ක්‍රමයක් තිබිණ.

උ.ඉන්දියානු ශිෂ්ඨාචාරය - ආයුර්වේද වෛද්‍ය ක්‍රමය

ද.ඉන්දියානු ශිෂ්ඨාචාරය - සිද්ධායුර්වේද වෛද්‍ය ක්‍රමය

මැදපෙරදිග මුස්ලිම් ශිෂ්ඨාචාරය - යුනානි වෛද්‍ය ක්‍රමය

චීන ශිෂ්ඨාචාරය - චීන කටු චිකිත්සාව

යුරෝපා ශිෂ්ඨාචාරය - ඇලොපති වෛද්‍ය ක්‍රමය

හොමියෝපති වෛද්‍ය ක්‍රමය

හෙලදිව ශිෂ්ඨාචාරය - සිංහල වෙදකම

“සිංහල වෙදකම” වචනෙනම් බොහොම සරලයි . ඒත් සිංහල වෙදකම අපිට පෙනෙන තරම් සරල නැහැ ,

“සිංහල වෙදකමේ ආරම්භය අපි හිතන තරම් ලග පාතකනැහැ.හිමාලයේ ඍෂිවරු ආයුර්වේදය ලොවට හදුන්වා දුන්නේ මීට අවුරුදු 7000 දහසකට පමණ පෙරය.ඒ ආසන්න කාලයේ තමයි අපේ සිංහල වෙදකමේ ආරම්භය සිදුවන්නේ . මොකද ඔය කාලයේ තමයි සුර - අසුර යුද්ධය ඉන්දියාවත් ලංකාවත් අතර සිදුවන්නේ. ඔක තමයි අපේ අය පිළිගන්න අකමැති ඇත්ත. “සිංහල වෙදකම” ගැන අපට පැහැදිලි මූලාශ්‍ර හමුවන්නේ ඊට පසුකාලයකදීය

ඒ රාවණ රාජ සමය තුලදීය . රාවණ යනු “සිංහල වෙදකමේ විශේෂඥයෙක්” බව ඉතිහාසයේ සදහන් වේ.මෙ පිළිබදව මනෝ වෛද්‍ය මහාචාර්‍ය විජය දිසානායක මහතා මෙසේ කරුණු දක්වා ඇත.

“සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්භාව්‍ය ආයුර්වේද ග්‍රන්ථ කළ පුද්ගලයා මොහු බැව් සමහරු පවසති.

ඔහුගේයයි කියනු ලබන කෘතීන්ගෙන් 4 ක් ප්‍රසිද්ධියට පත්ව ඇත.

1.ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගු “කුමාර තන්ත්‍රය”

2.නාධි ශාස්ත්‍රයට අනුව රෝග නිශ්චය කල හැකි ආකාරය පිළිබද ලියවුන “නාඩි ප්‍රකාශයත්

ඔහු අතින් ලියවුන බව සදහන් වේ .

3. එසේම අර්ක ප්‍රකාශයේ” පරිච්චේද අවසන් වන්නේ පහත වැකියෙනි.

“ලංකාධිපති රාවණ විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි”

4. මෙහුගේ අනිත් වෛද්‍ය ග්‍රන්තය වන්නේ මෝහන ප්‍රතිකාරය හා ගුප්ත විද්‍යාවන් පිළිබදව ලියවී ඇති “ උද්දීය තන්ත්‍රය” වෙයි.

“ධන්වත්තරීගේ ප්‍රධානත්වයෙන් පුලස්ති, නාරද, සහ අසිත යන මුනිවරුන්ගේ සහාය ඇතිව රාවණ නරදේවයන් හිමාලයෙහි පවත්වන ලද ආයුර්වේද සම්මන්ත්‍රණයකට ද සහභාගි වූ බව සදහන් වී ඇත.........”

හිතාගන්නත් අමාරුයි නේද , මෙය දැනගත්ත පළමු අවස්ථාවේ මමත් පුදුමඋනා , අවුරුදු දහස් ගණනක් පැරණි ශිෂ්ඨාචාරයක හෙලයාගේ වෛද්‍ය විද්‍යාව පිළිබද සාක්ෂි හමුවීම.

මේ ගැන මනෝ වෛද්‍ය මහාචාර්‍ය විජය දිසානායක මහතා මෙසේ සදහන් කරයි.

“රාවණ අති ප්‍රාඥ විශිෂ්ඨ වෛද්‍ය වරයකු , මනෝ වෛද්‍යවරයකු සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද පෙන්වා දී ඇත”.

අදින් අවුරුදු 2000 කටත් පෙර ලංකාවේ දරු ප්‍රසූතිකාගාර තිබුනායැයි නූතන අපට සිතන්නට පුළුවන්ද , මහාවංශයේ පැහැදිළිවම සටහන්වෙනවා උන්මාදචිත්‍රාව දරු ප්‍රසූතිය සදහා ප්‍රසූතිකාගාරයට ඇතුළු වූ බව.

“කාලය පැමිණි කල්හි චිත්‍රා කුමරි ප්‍රසවය සදහා වැදුම් ගෙටද ඇතුළු වූවාය”

මින් පෙනෙන්නේ ශිෂ්ඨාචාරයක උපරිම සභ්‍යත්වයකට සිංහලයා මීට වසරදහස් ගණනකට පෙර ලගාවි ඇතිබව නොවේද?

මේ අයුරින් පරම්පරාවෙන් පරම්පරාවට පෝෂණය වූ සිංහල වෙදකම මහින්දාගමනයෙන් පසුව ඉන්දියාවෙන් පැමිණි වෛද්‍ය ශ්‍රාස්ත්‍ර සමග සම් මිශ්‍රණය වී ඇත. මේ නිසා පුරාණ සිංහලවෛද්‍යවරුන් සාම්ප්‍රදායික වෙදකමත් ,

ඉන්දියාවෙන් පැමිණි වෛද්‍ය ශ්‍රාස්ත්‍රයන් සහ බුදු දහමේ ආභාසයද එකට මුසු කර සිංහල වෙදකම පිළිබදව “මහා සම්ප්‍රදායක්” ගොඩනගන්නට ඇත. මෙම මහා සමුප්‍රදාය තුල සෞක්‍ය සංරක්ෂණ ක්‍රමයන් සදහා මූලිකත්වය දෙන්නට ඇත. ඒ වගේම වෙදකම එක් පංතියකට හෝ කුලයකට සිමාවීමක් හෙල ශිෂ්ඨාචාරය තුල දැකගත නොහැක. එය පාලකයාගේ සිට පහල සමාජය දක්වා ගමන් ගමන්නේ නිරායාසයෙන්මය .ඒ බව සද්ධර්මාලංකාරයේ සදහන් පහත පුවතින් දැකගත හැක.

“කාවන්තිස්ස රජු විහාරමහා දේවිය සමග තිස්සමහා වෙහෙරට ගොස් ගිලනුන් වහන්සේට බෙහෙත් පිළියෙල කරමින් ..........”

සිංහල වෙදකම පිළිබද වැදගත් මූලාශ්‍ර රැසක් හමුවන්නේ ක්‍රි‍‍:ව 341-370 අතර කාලයේදී ලංකාවේ රජ කල බුද්ධදාස රජුගේ කාලයේදීය. මෙතුමාගේ වෛද්‍ය දැනුම සහ සුවකරණ ලද ලෙඩරෝග පිළිබදව සදහන් කරන්නට ගියහෝත් මෙම ලිපිය ලියානිමකිරීමට මා හට දින දෙකතුනක්වත් ගතවෙනු නියතය. මෙනිසා කෙටියෙන් සදහන් කරතොත් වාත රෝග, ලාදුරු ආදී සුවකිරිමට අපහසු රෝගයන්ටද , මානසික රෝගීන්ටද ඉතා සාර්ථකව වෙදකම් කල මෙතුමා විසින් කරන ලද සැත්කම් වල ස්වභාවය නිසා විශේෂඥ ශල්‍ය‍‍වෛද්‍ය වරයෙක් ලෙසද හැදින්විය හැකිය.මින්සුන්ට පමණක් නොව සතුන්ටද වෙදකම් කරතිබීමෙන් පෙනීයන්නේ හෙල වෙදකම කෙතරම් දුරට සංවිධානය වී තිබුනාද යන්නයි.

මෙතුමා විසින් රචනාකර ඇති “සාරාර්ථ සංග්‍රහය” නම් වෛද්‍ය ග්‍රන්ථය තුලින් අදට වසර 2000 කට පෙර තිබූ සිංහලයාගේ වෛද්‍ය දැනුමේ තරම සිතාගත හැකිය.

බුද්ධදාස රජු සාමාන්‍ය ජනතාවගේත් අවට පරිසරයේ ජිවත් වන සතුන්ගේ සෞකය ආරක්ෂාව සදහා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් යොදවා ඇති අතර එම වෛද්‍යවරුන්ට වැටුප් සදහා ගම් 10 ක ආදායම යොදවාඇති බවත් වංශකථාවල සදහන් වේ.

මින් පෙනෙන්නේ සිංහලයාගේ සැගවුනු ශිෂ්ඨාචාරයේ සභ්‍යත්‍වයයි. මෙතුමා ඖෂධ සහ ශෛල්‍ය උපකරණ ගෙන මහ මග සැරිසරමින් රෝගීන්ට වෙදකම් කළ රජෙක් ලෙස ජනප්‍රවාදයේ සදහන් වේ .

සෞක්‍ය සංරක්ෂණ ක්‍රම ගොඩනැගීම පාලකයන්ගේ අනිවාර්ය රාජකාරියක් ලෙස දැකිය හැක.

මෙ නිසා නගර වල ගම් වල වෙදහල් පිහිටුවීම පිළිබද සාක්ෂි ඉතිහාසය තුල අනන්තවත් හමුවේ .

උපතිස්ස රජු ගැබිණි මව්වරුන්ට , අන්ධයින්ට බෙහෙත් ශාලාද, දන්ත ශාලාවක්ද ඉදිකරවූ බවත් චූල වංසයේ සදහන් වේ.

2 වන සේන රජු , 5 කාශ්‍යප මේ ආදී වසයෙන් සැම පාලකයකුම මෙ සදහා විශේෂ උනන්දුවක් දක්වා ඇති බව පැහැදිලිය.

සිංහල වෙදකම ගැන කථාකරනවිට පරාක්‍රමබාහු රජසමයද ඉතා වැදගත් වේ.

මෙතුමාගේ චරපුරුෂ සේවයේ යෙදවූ අය අතර ගම් නියම් ගම් සැරිසරමින් විවිධ රෝග වලට පිළියම් කළ වෛද්‍යවරුද වී ඇත.

රජතුමා සියගනන් රෝගීන්ගේ වයසට සුදුසු වූ මහා වෛද්‍යශාලාවක් නගරයේ තනවා එහි සියළු උපභෝග පරිභෝග වස්තු තැබවූ බව සදහන් වේ .එසේම සියළු රෝගීන්ට දිවා රෑ දෙකෙහි අවශ්‍ය බෙහෙත් වර්ග ආහාර පාන සපයා ඒවා පිළිබද කටයුතු කිරීමට දැසි දස්සන් යෙදවූ බව සදහන් වේ.

පෝය හතරටම පෙහෙවස් සමාදන් වූ පරාක්‍රමබාහු රජු අමාත්‍යවරුන් සමග රෝහල් වලට ගොස් රෝග විනිශ්චයේ සහ ප්‍රතිකාර ක්‍රමයේ යෙදුනු බව මහාවංශයේ 73 පරිච්ඡේදයේ සදහන් වේ .

වෙද්‍ය මණ්ඩලයේ ප්‍රධානියා “මහ වෙදනා” නමින් හදුන්වාඇත.රෝහල්වල සිටින සෑම රෝගියෙකුටම සේවිකාවක් බැගින් වූ බව සදහන් වේ .

මේ අපි කථාකරන්නේ ඇමෙරිකාවේවත් , එංගලන්තයේවත් , ඉන්දියාවේවත්, සිදුවෙච්ච දෙයක් ගැන නෙමෙයි. මේ කථාකරන්නේ හදිසියකට තුවාලයකටවත් දාන්න බෙහෙත් නැතිවෙන , ඒත් ඇදවල් යටත් නිදාගන්න පොරකන තරම් ලෙඩ්ඩු ඉන්න , තමන් ලගට බේත්ගන්න එන ස්ත්‍රිය දූශනය කරලා බැල්කනියෙන් පහලට තල්ලුකරනත් , තම පංතියේ එවුන් කරන හොද නරක දෙකම සාධාරනීය කිරීමට ඕනෑම මොහොතක ලෙඩ්ඩු බිල්ලට දීලා වැඩවර්ජනය කරන්නට සැදීපැහැදී සිටින වෛද්‍යවරු ඉන්න මේ ශ්‍රී ලංකාවේම අතීතයේ සිදුවු වෛද්‍ය සංරක්ෂණය පිළිබදවයි.

මහා පැරකුම්බා රාජ සමය දේශිය වෛද්‍ය ක්‍රමය සෑම අංශයකින්ම දියුණුව පෙන්වන යුගයක් බව මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ගේ අදහසයි. මෙයට හේතු වන්නේ මහා පැරකුම්බා රජු විසින් කරන ලද විදේශ ආක්‍රමණ වලදී යොදාගන්නා ලද වෛද්‍ය ශිල්ප ක්‍රම නිසාවෙනි. ලංකාවෙන් රාමඤ්ඤ දේශයට යැවූ යුද්ධ සේනාව සමග තියුණු බුද්ධිය ඇති වෙදුන්ද , හෙදියන්ද , සාත්තු කිරීම සදහා දැසි දස්සන්ද ගිය බවත් ඉතා දරුණු විශ පෙවූ ඊතල වලින් ඇතිවන තියුණු වන සුව කිරිමට අවශය බෙහෙත් රැගෙන ගිය බවද සදහන් වීමෙන් පෙනි යන්නේ එකල දේශිය වෙදකම මනාව සංවිධානය වූවක් බවය . මෙසේ හෙල ශිෂ්ඨාචාරය පුරාවට ගොඩනැගුණු සිංහල වෙදකම සෑම විටකම පොදු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් , නිරෝගී භාවය වෙනුවෙන් කටයුතු කරන්නට විය.

මේ බව ‍ඓතිහාසික සාධක තුලින් පැහැදිලි වෙනවා. පණ්ඩුකාභය රජුගේ නගර සංවර්ධන සැලැසුම තුල කැලි කසල ඉවත් කිරීමට සැඩොල් කුලයේ අය 200 කුද ,මෟත ශරීර ඉවත්කිරිමට සහ සොහොන් බිම් මුර කිරිම සදහා තවත් 250 ක්ද යෙදවූ බව සදහන්වේ.

මීට සමකාලිනව භාරතයේද මීට සමාන සෞක්‍ය සංරක්ෂණ ක්‍රම භාවිතා වී ඇති බව පැහැදිලිය.

“යමෙක් වීදියට කුණු කසල දමයිද ඔහු කාසි අටෙන් එකක දඩයකට යටත් වේ .එසේම වීදියකට කසල හෝ ජලය රැස්වන්නට හැරියහොත් ඔහු කාසි ¼ ක දඩයකට යටත් වේ යැයිද ...” ආදී වසයෙන් පනවන ලද මේ නිති ජනතාවගේ සෞක්‍ය සංරක්ෂණය උදෙසා යොදාගන්නට ඇත.

සිංහල වෙදකම පිළිබදව කථා කරන විට එහි වර්ධනයට බුදු දහමින් ලද දායකත්වයද ඉතා වැදගත් වේ . බුදු දහම තුල සෞක්‍යට ඉතා වැදගත් තැනක් ලබා දෙන අතරම සෞක්‍ය සංරක්ෂණ කටයුතු වලදී මනා පිළිවෙලක්ද අපේක්ෂා කරන ලදී . විනය පිටකයේ ඖෂධ කණ්ඩකයේ මේ පිළිබදව සදහන් වේ .

බුදු දහම තුල ‍ලෙඩුන්ට උවැටැන් කරන්නන් සතුවිය යුතු මූලික ගුනාංගයන් කිහිපයක් අංගුත්තර නිකායේ ගිලාන වග්ගයේ දක්වා ඇත.

01. බෙහෙත් නියම කිරීමට හැකිවීම

02.ලෙඩාට ඒ ඒ අවස්ථාවේ දිය යුත්තේ කුමක්ද නොදිය යුත්තේ කුමක්ද නිශ්චිතලෙස දැනගැනීමට හැකිවීම.

03.තණ්හාව නොව හුදු දයාව , කරුණාව පෙරටු කොට ගෙන සේවය කිරීම .

04.රෝගියාගේ මළ මුත්‍ර ආදිය ඉවත් කිරීමේදි පිළිකුලි සහගත නොවීම.

05.වරින් වර රෝගියාට අවශ්‍ය ආගමික අවවාද අනුසාසනා කිරීම .

සිංහල වෙදකමේ හැටියට නිරෝගිබව නැති වීමට බලපාන කරුණු විවිධාකාරය’ පිටතින් පැමිණෙන යක්ෂ,භූත ආදීහු ශරීරයට පිවිසීම’ වා,පිත්,සෙම් යන තුන්දොස් කිපීම’තමන්ට බලපාන ග්‍රහයන්ගේ අනිෂ්ඨ විපාක’ යන්ත්‍ර මන්ත්‍ර ආදියෙන් සිදුවන ප්‍රතිඵල’පෙර කර්මයෙන් සිදුවන දේආදී වසයෙන් බොහෝ කරුණු මෙයට අදාල වේ.මේ නිසා වෛද්‍ය වරයා , නක්ශ්‍රත්‍ර කරුවා යන තිදෙනාගේම කාර්යන් සිංහලයාට වැදගත් විය.

ඒ වගේම ප්‍රතිකාර සදහා ඒඒ රෝග වලට විශේෂඥයන්ද ගම්වල ජීවත්ව ඇත.සර්වාංග වෙදකම,කැඩුම් බිදුම් වෙදකම , වන, ගෙඩි , පිළිකා වෙදකම,විදුම් පිළිස්සීම් උපයෝගී කොටගෙන කෙරෙන වෙදකම,අලි වෙදකම, හරක් වෙදකම ආදී වසයෙන් සාම්ප්‍රදායික වෛද්‍ය ශ්‍රාස්ත්‍රය සෑම ගමකම ස්ථාපනය වී තිබින.

මෙය ඔව්න් ලබන පුහුණුව අනුවද වර්ගීකරනයකට ලක්කිරීම පහසුය.

ගමේ වෙද මහත්තයා

වට්ටෝරු වෛද්‍ය වරයා

භූත වෛද්‍ය වරයා

පාරම් පරික වෛද්‍ය වරයා මෙ ආදී වසයෙන් සිංහල ජන සමාජය වෛද්‍ය වරයාගේ විශේෂඥ භාවයට වැඩි තැනක් ලබා දී ඇති බව පෙනේ .

සිංහල වෛද්‍ය ක්‍රමයට විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රම රැසක් අදත් ශේෂව පවති .ඒ අතර

සර්ප විෂ වෙදකම , අලර්ක (ජල භිතීකා) විෂ වෙදකම, ඇස් වෙදකම, ගෙඩි වෙදකම,කැඩුම් බිදුම් වෙදකම, කෞමාරභෘත්‍යය(ළදරු රෝග) වෙද කම ආදිය ඉන් ස්වල්පයකි.

සිංහල වෙදකමේදී යොදාගන්නා ඖෂධ සංයෝග නුතනයේත් නොමැති තරම්ය. ගුලි,කල්ක,චූර්ණ,ලේහ,ආලේප,කායන්,කසාය,අරිෂ්ඨ, ආසව,තෛල,ආදී ලෙස රැසකි.නාධි ශ්‍රාස්ත්‍රය තුලින් ‍රෝග විනිශ්චය කිරීමද දේශීය වෛද්‍ය ක්‍රමයේ විශේෂ ක්‍රමයක් ලෙස පෙන්වා දිය හැකිය.

එසේම නිල අල්ලා රෝග සුව කිරීම බටහිර වෛද්‍ය විද්‍යාවට අදද සොයාගත නොහැකි වී ඇත.මෙහිදී ශිරෝ රෝග, වාත රෝග, චක්ඛු (ඇස්)රෝග ආදියට සිරුරේ නිල තෙරපීම මගින් ප්‍රතිකාර කරනු ලබයි.මෙ ආදී වසයෙන් සිංහලයා හෙල ශිෂ්ඨාචාරය ගොඩනැගීමේදී නීරෝගී භාවය උදෙසා තමන්ටම අනන්‍ය වූ වෛද්‍ය ක්‍රමයක් ගෙඩනගාගත් අතර ඔව්න් එහි ප්‍රතිපත්තින් තම ජීවිතයත් සමග මුසුකරගෙන නිරෝගී ජිවිතයක් ගතකරන්නට ඇත.

නමුත් අද එම සියල්ල අමතක කරදමා නූතන තාක්ෂණයේ පිහිට සොයන්නට ගොස්,නූතන තාක්ෂණය විසින් සියල්ල කරදෙන තෙක් බලාසිටීම නිසා ඔබත් මමත් සියල්ලෝම සදාකාලික රෝගීන් වී ඇත. මේ අයුරින් අතිත සිංහල ජාතිය වෛද්‍ය සංරක්ෂන ක්‍රම භාවිත කරමින් ඉතා නිරෝගි ජිවිතයක් ගතකර ඇතිමුත් අද සිංහලයා දන්න කියන සියළුම බෙහෙත් වර්ග බීලත් හැමදාම ලෙඩින් ,

සිංහලයන් කෙතරම් නිරෝගි ජාතියක්ද කිවහොත් සමකාලීන යුරෝපීය ශිෂ්ඨාචාරයන් පුදුමයට පත්කර ඇති බවට සාක්ෂි අනන්තවත් දක්නට ඇත.

මිට අවුරුදු දෙදහසකට(2000) පෙර ලතින් බසින් ලියැවුනු “ ඩී මොරිබස් බ්රැක් මැනෝරම්” නැමැති පොතේ සිංහලයාගේ නිරෝගිකම පිළිබදව සදහන්වන්නේ මෙසේය.

“ලංකාවේ වැසියන් “මැක්‍රෝබයි’ යන නමින් හදුන්වනු ලැබූහයි ‘ස්කොලැවිස්කාස්’ නම්වූ තීබ්ස්හි පඩිවරයකුගෙන් තමාට අසන්නට ලැබිණු බවත් එම නම ඔව්න්ට ලැබි ඇත්තේ , එරට දේශගුණයේ සුබදායක බව නිසා එහි වැසියන්ගේ ආයු කාලය අවුරුදු 150 ක් පමණ වන බැවිනි.”

“අම්බ්‍රෝස්’ නැමැති ලේඛකයෙකු විසින් ලියා ඇති ඉහත වාර්ථාව තුලින් පෙනේන්නේ එදා ලංකාවේ මින්සුන් කොතරම් නිරෝගීව ජීවත් වන්නට ඇද්දැයි කියා නොවේද?

ක්‍රි:පුර්‍ව 1 සියවසේ සිසිලියානු ජාතික “දියෝදරස් සිකියුලස්” නම් ඉතිහාසඥයා සිංහලයා පිළිබදව වාර්ථාකර ඇත්තේ මෙසේය,

“මෙරට වැසියෝ දීර්ඝායු වලදිති.ඔව්න්ට ලෙඩදුක් අඩුය...........”

ලෝක ඉතිහාසය තුල සිංහලයා පිළිබදව සදහන් වන්නේ එලෙසිනි.

අද සිංහලයෝ සිතන්නේ ලොව තිබෙන හොදම ක්‍රමය තියෙන්නේ යුරෝපය ඇතුළු බටහිර රටවල කියාය . එසේ සිතා සිංහලයා තමා පාරම්පරිකව ගෙනා සිංහල වෙදකම සම්පූර්නයෙන්ම අමතකකර දමා ඇත.බටහිර වෛද්‍යක්‍රමය නරකනැත .නූතන සමාජය තුල ඇති චින්තන රටාවට හා තාවකාලික ජීවිතවලට අනුව එය හොදය , නමුත් අප කළයුත්තේ සිංහල බෙහෙත් වට්ටෝරු කුණු කූඩයට දැමීම නොව , එම බෙහෙත් වට්ටෝරු නුතන තාක්ෂනය සමග මුසුකළයුතුයි,එවිට බටහිර ඇලොපති , හෝමියෝපති ක්‍රම වලට වඩා උසස් වෛද්‍ය ක්‍රමයක් පෙරදිගින් සොයාගත හැකිවෙවි.

උපුටා ගැනීම - http://manojcola.blogspot.com/2008/10/blog-post_30.html


Tuesday, October 6, 2009

රාවණා රජු

1

රාවන කොඩිය

0
රාවන කොඩිය

රාවන රජු දවස සිව් හෙළයේ ජාතික කොඩිය ලෙස භාවිත කරන ලද්දේ ඉර හද සලකුණු සහිත කොඩියකි. එහෙත් රාවනයන්ගේ ඇවෑමෙන් පාලනයට පැමිණි විභීෂණ විසින් සිය සොහොයුරාට ගරු කිරීමක් වශයෙන් රාවන රුව සහිත ධජයක් රාවන කොඩිය ලෙස භාවිතා කල බව සදහන් වෙනවා. කෙසේ වෙතත් විජයාවතරණය දක්වාම ලංකාව පාලනය කල යකුන් විසින් මෙම රාවන කොඩිය, ජාතික කොඩිය ලෙස භාවිතා කල බව සදහන්. රුහුණු, මායා, පිහිටි යනුවෙන් රට තුන් සිංහලය ලෙසින් බෙදුණු විට මෙම රාවන කොඩිය ප්‍රාදේශිය කොඩියක් බවට පත් වුණ බවත්, පසුව කොත්මලේ දිසා කොඩිය බවටත්, අනතුරුව කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ හේවාහැට කොඩිය බවටත් පත්ව අද වනවිට දේවාල කෝවිල් වල භාවිතා වන සාමාන්‍ය කොඩියක් බවට පත්ව ඇත.

නුවරඑළිය (එදා කොත්මලේ දිසාව) දිස්ත්‍රික්කයේ කොඩිය - හිසෙහි ඔටුන්න, දෑතේ දුන්නක් හා ඊතලයක්ද, හිස දෙපසින් ඉර හද සලකුණුද වේ. බෝඩරය වටා පලාපෙති මෝස්තරයකි

රාවන කොඩිය එකම මෝස්තරයක කොඩියක් නොවේ. එනම් නුවරඑළිය (එදා කොත්මලේ දිසාව) දිස්ත්‍රික්කයේ කොඩිය‍ට වඩා ඌව දිසාවේ භාවිතා වූ රාවන කොඩිය හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගනී. නුවරඑළිය දිසාවේ කොඩිය, ගුරු පැහැති පසුබිමකින් යුත් තීරුවක් වැනි උස් වූ කොඩියක් වන අතර එහි තද කහපාට රේඛා වලින් රාවන රජුගේ රුව සිත්තම් කර ඇත. හිසෙහි ඔටුන්නක්ද, දෑතේ දුන්නක් හා ඊතලයක්ද, හිස දෙපසින් ඉර හද සලකුණුද වේ. බෝඩරය වටා පලාපෙති මෝස්තරයකි. මේ අතර ඌව ප්‍රදේශයේ රාවණ කොඩිය දුනු හී අමෝරාගෙන සතුරන් සමග සටනට සූදානම්ව සිටින රාවන රජුගේ යුධ ශිල්ප දැක්වෙන කොඩියකි. එය දෙවි රුවකට සමානය. රුහුණු ප්‍රදේශයේ රාවන කොඩිය වත්මන් කතරගම දෙවිරුව ලෙස සැලකිය හැක. දඩුමොණර වාහනය මයුර රුවින් පිළිබිඹු කරන්නට ඇත. එදා රාවන දේශය පසු කලෙක පද පෙරළියකින් රෝහණ දේශය වූ අතර රාවන දෙවියෝ රෝහණ දෙවියන් වී ඇත. ඒ අනුව කතරගම දෙවියන් හෝ රෝහණ දෙවියන් ලෙස අප බැතිමතුන් අද දක්වා පුද සත්කාර කරන්නේ රාවන රජුගේ රුව සහිත කොඩියට බවත්, කතරගම ඇසළ උළෙල රාම - රාවන බිහිසුණු යුද්ධය සිහිපත් කිරීමට බැතිමතුන් විසින් එදා සිට පවත්වාගෙන එන ජාතික උළෙලක් බවටත් බොහෝ සාධක ඇත. කතරගම ගිනි පෑගීමේ උත්සවය රාවන නිර්මාණයක් වූ අග්නි තන්ත්‍රයේ එන ශාස්‍ත්‍රීය ක්‍රම වලින් බිදක් ක්‍රියාත්මක කිරීමකි. මීට අමතරව, හේවාහැට ජනතාව රාවන කොඩිය යටතේ නුවර රජ පෙරහැරේ ගමන් කල බව ‘මන්දාරම් පුවතේ’ සදහන් වේ. මේ කරුණු සලකා බලන කල රාවන කොඩිය අප රටේ පැරණිම කොඩිය බව විශ්වාස කල හැක.

“ ජගත් කීර්තියට පත් අපේ රාවණ කොඩිය දැන් කෝ”
ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකර
2008/05/01 - ලක්බිම